02 February, 2017

පුජා නිළිකමට සමු දෙයි

By: Aththa Withthi On: 2/02/2017 09:22:00 AM
  • Let's Get Social


  • ලංකාවේ ඉපදිලා ඉන්දියාවෙන් නමක් හදාගෙන ආයෙමත් ලංකාවට ඇවිත් නිළියක් හැටියට ශිල්ප දක්වපු පුජා උමාශංකර් පහුගිය දා විවාහ වුණා. මේක පුජාට ආදරේ කරන අයට අලුත් ආරංචියක් නෙමෙයි.

    මේ දවස් වල සරිගම චිත්‍රපටිය තුලින් බොහෝ දෙනාගේ කතාබහට ලක්වන චරිතයට පන පොවන පුජා අපේ රටේ හැමෝම ආදරේ කරන නිලියක්. කොහොමවුණත් මේ දින වල පුජාගේ විවාහයේ රසමුසු තැන් කතා වෙනවා වගේම මේ සොඳුරු නිළියගේ කලා කටයුතු පිලිබඳ හොයා බලන්නත් බොහෝ දෙනා උනන්දු වෙනවා.

    ඉතින් පුජා කියනවලු විවාහ වුන නිසා ටික කාලයක් රඟපෑමෙන් ඉවත් වෙලා විවාහ ජිවිතයට මුල් තැන දීලා නිදහසේ ඉන්න තීරණය කළා කියලා. ඉතින් පවුල් ජීවිතය නිසා ටික කාලයක් නිහඬව ඉන්න පුජා ආයෙමත් හොඳ නිර්මාණයකින් අපිට දකින්න ලැබේවි.

    _ගොසිප්කින්ග්

    ඩීමෝ යළිත් “සේවා විශිෂ්ඨත්ව 2016" ජාත්‍යන්තර සම්මානය හිමිකරගනී

    By: Aththa Withthi On: 2/02/2017 08:59:00 AM
  • Let's Get Social

  • Daimler AG, වියට්නාමයේ Mercedes-Benz හා එක්ව වාර්ෂිකව සංවිධානය කරන Mercedes-Benz සේවා සම්මාන උළෙලේදී (SEAward) “සේවා විශිෂ්ඨත්ව 2016 “ සම්මානය යළිත් වරක් හිමිකරගැනීමට ඩීමෝ සමත්වෙයි. මෙම සම්මාන උළෙල 2016දෙසැම්බර් මාසයේ වියට්නාමයේ හෝ චිමිං නගරයේදී පැවැත්විණ. Daimler AG විසින් 2005වසරේ සිට අඛණ්ඩව වාර්ෂිකව පවත්වන මෙම SEAward උළෙල සඳහා ශ්‍රී ලංකාව ඇතුළ අග්නිදිග ආසියානු රටවල Mercedes-Benz හි නියෝජිතයින් 85දෙනෙකුට අධික පිරිසක් සහභාගි වෙයි.

    මෙම සම්මාන උළෙල Mercedes-Benz හි නියෝජිතයින් සඳහා වන දිරිමත් කිරීමේ වැඩසටහනක් වන අතර එහි ඉලක්කය වන්නේ වඩා හොඳ සේවාවක් සැපයීම තුළින් පාරිභෝගිකයා තෘප්තියට පත්කිරීමයි. මේ සඳහා මලයාසියාව, තායිලන්තය, වියට්නාමය, බෘනායි, පිලිපීනය, සහ ශ්‍රී ලංකාව ආදී රටවල Mercedes-Benz අලෙවි නියෝජිතයින් සහභාගි වෙයි.

    SEAward හි වාර්ෂික ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීමට අමතරව මෙම වැඩසටහන එක් දින වැඩමුළුවකින්ද සමන්විත වන අතර එම වැඩමුළුව වියට්නාමයේ හෝ චිමිං නගරයේදී පැවැත්විණ. මෙවර මෙම වැඩසටහන සඳහා ඩීමෝ සමාගම නියෝජනය කරමින් එහි මගී වාහන සේවා අංශයේ සාමාන්‍යධිකාරි තරංග ගුණවර්ධන මහතා සහභාගි වූ අතර පාරිභෝගික සේවා උපරිම මට්ටමින් පවත්වාගෙන යාම පිළිබඳ කලාපීය වශයෙන් අත්දැකීම් හුවමාරු කර ගැනීම ද මෙම සමුළුවේදී සිදු කෙරිණ.

    Mercedes-Benz හි මෝටර් රථ ජාත්‍යන්තර වෙළඳ හා අලෙවි ප්‍රධානි සහ අග්නිදිග ආසියානු, මැද පෙරදිග,අප්‍රිකා සහ ලතින් ඇමරිකානු කලාපයේ අලෙවියෙන් පසු සේවා ප්‍රධානි වෝනර් ස්මිත් මෙහිදී අදහස් දක්වමින් සියළුම අලෙවි නියෝජිතයින් වෙත සිය ස්තුතිය පිරිනමමින් Mercedes-Benz වෙනුවෙන් ඔවුන් සිදුකළ මෙහෙවර ඇගයීමට ලක් කළේය.දිශාවන් තුනකට යොමු වූ තරුවක් දැක්වෙන Mercedes-Benz සළකුණ ඔසවා තැබීම සඳහා සෑම සේවකයෙකුම සිය උපරිම දායකත්වය සහ කැපවීම දක්වා ඇති බව ද හෙතම සඳහන් කලේය. ඉදිරි අලෙවි ඉලක්ක සහ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ වෝනර් ස්මිත් මහතා පෙන්වා දුන්නේ පාරිභෝගික තෘප්තිය මත අලෙවිය රඳා පවතින බවයි. කලාපීය වශයෙන් පාරිභෝගික සබඳතා තීව්‍ර කරගැනීමේ වැඩසටහන් පැවැත්වීමේ අවශ්‍යතාව ද හෙතෙම මෙහිදී පැහැදිලි කලේය.

    වසර ගණනාවක් පුරා අලෙවිය සහ අලෙවියෙන් පසු සේවය පිළිබඳව පාරිභෝගික විශ්වාසය දිනාගත් Mercedes-Benz සමාගම ගතවු වසරවල වාර්තාගත අලෙවියකට හිමිකම් කියයි. වසර 130කට වඩා පැරණි සමාගමක් වන Mercedes-Benz සමාගම 2016වසර වන විට අලෙවි කර ඇති වාහන සඛ්‍යාව මිලියන 2.08ඉක්මවා ගොස් තිබේ. මෙය මෝටර් රථ නිෂ්පාදන සමාගමක් එම තත්වය අත්පත් කරගත් මුල්ම අවස්ථාවයි.

    SEAward වාර්ෂික සම්මාන උළෙල ආරම්භ වූයේ කලාපීය වශයෙන් අලෙවි සහ අලෙවියෙන් පසු සේවා ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා දක්වන අලෙවි නියෝජිතයින් ඇගයීමේ වැඩසටහනක් වශයෙනි. එමෙන්ම පාරිභෝගික සේවා පිලිබඳව අලෙවි නියෝජිතයින් දිරිමත් කරලීම ද මෙහි තවත් අරමුණකි. ඇගයීමේ වැඩසටහනේ ජයග්‍රාහකයින් තෝරා ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මඟින් සම්මත ක්‍රමවේදයක් අනුව අලෙවි නියෝජිතයින් වෙත ලකුණු ලබාදීම සිදුකරයි. අලෙවියෙන් පසු පාරිභෝගික තෘප්තිමත් භාවය (After-Sales Customer Satisfaction Score (CSI), Net PromoteScore (NPS), Net Promoter Score (NPS), අළුත්වැඩියා කිරීම් නිවැරදිව සිදුකිරීම, සේවා පහසුකම් වල තත්වය, නියෝජිත කාර්ය මණ්ඩලයේ විනීත භාවය, අළුත්වැඩියා කිරීම් සඳහා සාධාරණ මිළ ගණන් යනාදි කරුණු සඳහා වෙන වෙනම ලකුණු ලබාදීමකින් පසු මේ සඳහා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.

    _ලක්බිම

    කොළඹ - හලාවත - එස්.එස්.සී ජය ලබයි

    By: Aththa Withthi On: 2/02/2017 08:40:00 AM
  • Let's Get Social


  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටය යටතේ පසුගිය සතියට අදාළව පැවැති තරගවලින් ජයග්‍රහණය හිමිකර ගැනීමට කොළඹ (සී.සී.සී), හලාවත හා එස්.එස්.සී ක්‍රීඩා සමාජ සමත්වූ අතර රාගම හා ද්‍රවිඩ සංගම් අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය.

    මේ ජය සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිල සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 63.730ක් සමගිනි. හලාවත පිල ලකුණු 62.250ක් සමගින් දෙවැනි තැනද, එස්.එස්.සී (55.255) තෙවැනි තැනද හිමිකරගෙන සිටී.

    මේ වනවිට කොළඹ පිලේ රොන් චන්ද්‍රගුප්ත පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට සමත්ව ඇත්තේ තරග 8කදී ලකුණු 827ක් රැස්කරමිනි. නිපුන් කරුණානායක (බ්ලුම්ෆීල්ඩ්) ලකුණු 824ක් සමගින් දෙවැනි තැන පසුවෙයි.

    පන්දු යවන්නන් අතර පෙරමුණ ගැනීමට හලාවත ක්‍රීඩා සමාජයේ මලින්ද පුෂ්පකුමාර සමත්ව සිටින්නේ කඩුලු 67ක් දවා ගනිමිනි.

    කොළඹ කඩුලු 3කින් දිනයි

    කොළඹ කණ්ඩායම එන්.සී.සී කණ්ඩායමට එරෙහිව පී.සරා ඕවල් පිටියේ පැවැති තරගයෙන් කඩුලු 3ක ජයක් හිමිකර ගැනීමට සමත් විය. මේ සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ පිලට හැකි විය.

    එන්.සී.සී පළමු ඉනිම - 200 (ඕවර 49) (ළහිරු ගමගේ 52/4) සහ දෙවැනි ඉනිම - 332 (ඕවර 85.4) ඇන්ජලෝ පෙරේරා 108 (උෂ්මාන් ඉෂාක් 47/3)

    සී.සී.සී පළමු ඉනිම - 293 (ඕවර 78.2) රොන් චන්ද්‍රගුප්ත 108, වනිඳු හසරංග 59 (තරිඳු කෞෂාල් 71/4, ලෂිත් ඇඹුල්දෙණිය 110/4) සහ දෙවැනි ඉනිම - 240/7 (ඕවර 81.2) මාධව වර්ණපුර 54 (ලසිත් ඇඹුල්දෙණිය 85/5)

    හලාවතට ඉනිමක ජයක්

    කෝල්ට්ස් පිල සමග තරගයෙන් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක හා ලකුණු 7ක ජයක් අත්විය.

    අරෝෂ් ජනෝද්ගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් කෝල්ට්ස් පළමු ඉනිම ලකුණු 150කට සීමාකළ හලාවත ක්‍රීඩක‍යෝ පළමු ඉනිමට ලකුණු 196ක් රැස් ක‍ළහ. පන්දු යැවීමේදී අරෝෂ් ලකුණු 38කට කඩුලු 7ක් දවා ගත්තේය. මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවට කෝල්ට්ස් දෙවැනි ඉනිම සීමා කළ හලාවත ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 7කින් තරගයේ ජය හිමිකර ගත්හ. කෝල්ට්ස් පිලට දෙවැනි ඉනි‍මේදී ලබාගත හැකිවූයේ ලකුණු 39ක් පමණි. කෝල්ට්ස් දෙවැනි ඉනිම බිඳ දමමින් දක්ෂ පන්දු යැවීමක නිතරවූ මලින්ද පුෂ්පකුමාර ලකුණු 3කට කඩුලු 4ක් දවාගත් අතර මදූක ලියනපතිරණගේ ලකුණු 2කට කඩුලු 3ක් හා ඉසුරු උදාන ලකුණු 9කට කඩුලු 3ක් දවා ගත්හ.

    කෝල්ට්ස් පළමු ඉනිම - 150 (ඕවර 46.5) (අරෝෂ් ජනෝද් 38/7) සහ දෙවැනි ඉනිම - 39 (ඕවර 13.4) (මලින්ද පුෂ්පකුමාර 3/4, මදුක ලියනපතිරණගේ 2/3, ඉසුරු උදාන 9/3)

    හලාවත පළමු ඉනිම - 196 (ඕවර 49.5) (අකිල ධනංජය 11/3, ඉෂාන් ජයරත්න 46/3)

    එස්.එස්.සී ට කඩුලු 10ක ජය

    එස්.එස්.සී පිල කඩුලු 10ක ජයක් හිමිකර ගත්තේ කෝල්ට්ස් පිටියේදී යුද හමුදාව පරදවමිනි.‍ යුද හමුදාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 228 ට පිළිතුරු ලෙස එස්.එස්.සී පිල ලකුණු 323ක් රැස්කළ අතර ලකුණු 95ක් පිටුපසින් දෙවැනි ඉනිම ඇරැඹු යුද හමුදාව ලකුණු 106කට දැවී ගියේ එස්.එස්.සී පිලට ලකුණු 12ක ඉලක්කයක් ලබාදෙමිනි.

    යුද හමුදා පළමු ඉනිම - 228 (ඕවර 67.3) ඩිල්ෂාන් ද සොයිසා 74 (සචිත්‍ර සේනානායක 43/4, කසුන් මදුසංක 29/3) සහ දෙවැනි ඉනිම - 106 (ඕවර 37.3) (විමුක්ති පෙරේරා 16/4, දසුන් ශානක 21/3)

    එස්.එස්.සී පළමු ඉනිම - 323 (ඕවර 81.5) දසුන් ශානක 91, චරිත් අසලංක 50 (සීකුගේ ප්‍රසන්න 84/3) සහ දෙවැනි ඉනිම - කිසිවකු නොදැවී 12 (ඕවර 1)

    ද්‍රවිඩ සංගම්-රාගම

    ද්‍රවිඩ සංගම් හා රාගම පිල අතර ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ අතර පළමු ඉනිමේ ජය රාගම පිල සතු විය.

    තරගයේ පළමු පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිල ලකුණු 318ක් වාර්ත කළේය. එහිදී දිනෙත් තිමෝද්‍ය හතරේ පහර 9ක් හා හයේ පහරක් සමගින් පන්දු 216කදී ලකුණු 113ක් හා තරංග පරණවිතාන පන්දු 221කින් ලකුණු 109ක් වාර්තා කළහ.‍

    ළහිරු මිලන්ත පන්දු ලකුණු 144ක් හා ජනිත් ලිය‍නගේ ලකුණු 130ක් වාර්තා කරමින් රාගම පළමු ඉනිම ලකුණු 506ක් දක්වා ඉදිරියට ගෙන ගියහ. මිලන්ත පන්දු 314කදී හතරේ පහර 10ක් හා හයේ පහර 2ක් එල්ල කළ අතර ලියනගේ හතරේ පහර 11ක් හා හයේ පහර 2ක් එල්ල කරමින් පන්දු 296කට මුහුණ දුන්නේය.

    ද්‍රවිඩ සංගම් පළමු ඉනිම - 318 (ඕවර 101.5) දිනෙත් තිමෝද්‍ය 113, තරංග පරණවිතාන 109 (අමිල අපෝන්සු 43/3, චතුර පීරිස් 57/3) සහ දෙවැනි ඉනිම - 146/6 (ඕවර 40) දිනෙත් තිමෝද්‍ය 51 (අක්ෂු ප්‍රනාන්දු 82/3)

    රාගම පළමු ඉනිම - 506/7 (ඕවර 183) ඉනිම අත්හිටුවන ලදි. ළහිරු මිලන්ත 144, ජනිත් ලිය‍නගේ 130, රොෂේන් සිල්වා නොදැවී 86, සමීර ද සොයිසා 52 (චාමික කරුණාරත්න 120/4)

    පළඟ ශූරතා වටය

    පළඟ ශූරතා වටය යටතේ පැවැති තරග 3ම ජය පරාජයෙන් තොරව නිමාවට පත් වූ අතර පළමු ඉනිමේ ජය වාර්තා කිරීමට බී.ආර්.සී, මුවර්ස් හා සැරසන්ස් කණ්ඩායම් සමත් විය. මේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රසාද ලකුණු 48.310ක් ලබාසිටින සැරසන්ස් පිල සමත්ව ඇති අතර දෙවැනි ස්ථානය බී.ආර්.සී (41.420) පිලට හිමිව තිබේ.

    මේ තරගවලදී යශෝද් ලංකා (ගාල්ල), රුමේෂ් බුද්ධික (බී.ආර්.සී), පැතුම් මදුසංක (බදුරලිය) හා ගමිඳු කනිෂ්ක (සැරසන්ස්) ශතක වාර්තාකළ අතර පන්දු යැවීමෙන් දිනුක හෙට්ටිආරච්චි (බී.ආර්.සී) හා මලිත් ද සිල්වා (බ්ලූම්ෆීල්ඩ්) පන්දු යැවීමෙන් දස්කම් දැක්වූහ.

    ගාල්ල-බී.ආර්.සී

    ගාල්ල පළමු ඉනිම - 407 (ඕවර 126.5) යශෝද් ලංකා 167, ඩිල්හාන් කුරේ 82 (දිනුක හෙට්ටිආරච්චි 158/7)

    බී.ආර්.සී පළමු ඉනිම - 447/6 (ඕවර 123) රුමේෂ් බුද්ධික 116, ලිසුල ලක්ෂාන් 88, චානක විජේසිංහ නොදැවී 74, තිලකරත්න සම්පත් 56, භානුක රාජපක්ෂ 51

    බ්ලූම්ෆීල්ඩ්-මුවර්ස්

    බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - 152 (ඕවර 49.3) (ප්‍රමෝද් මදුවන්ත 5/3) සහ දෙවැනි ඉනිම - 201/4 (ඕවර 47) ළහිරු ජයකොඩි 60, නිසල් ෆ්‍රැන්සිස්කෝ 51

    මුවර්ස් පළමු ඉනිම - 371 (ඕවර 89.4) පබසර වඩුගේ 72, ප්‍රමෝද් මධුවන්ත නොදැවී 70, ශානුක දුලාජ් 56, සචිත්‍ර පෙරේරා 52 (මලිත් ද සිල්වා 148/6)

    සැරසන්ස්-බදුරලිය

    බදුරලිය පළමු ඉනිම - 302 (ඕවර 91.4) පැතුම් මදුසංක 110 (කසුන් රජිත 78/3, සුරාජ් රන්දීව් 107/3)

    සැරසන්ස් පළමු ඉනිම - 321/6 (ඕවර 87) ගමිඳු කනිෂ්ක 130, උමේෂ් කරුණාරත්න 64 (ඩිලේෂ් ගුණරත්න 48/3)

    -නිරෝෂාන් ප්‍රියංකර_දිනමිණ

    මගේ චිත්‍රපට කාටවත් දෙවැනි වෙන්න හදන්නේ නෑ

    By: Aththa Withthi On: 2/02/2017 08:15:00 AM
  • Let's Get Social


  • මේ දිනවල තිරගතවන සරිගම චිත්‍රපටය ඉතාමත් ආකර්ෂණීය සිනමා සිත්තමකි. තිරගත වන අනෙක් චිත්‍රපටවලට තරගයක් දෙමින් තිරගත වෙන සරිගම චිත්‍රපටයේ නවතම තොරතුරු දැන ගන්න අපි සම්බන්ධ කර ගත්තේ චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සෝමරත්න දිසානායකවයි.

    සරිගම තිරගත වෙනවා.කොහොමද ප්‍රතිචාර?

    චිත්‍රපටය මුදාහැරිය දවසේ ඉඳලාම ප්‍රතිචාර වර්ධනය වෙමින් තියෙනවා. ඒක තමා මගේ චිත්‍රපටයට තියෙන හොඳම ප්‍රතිචාරය. එන්න එන්නම ප්‍රතිචාර වැඩිවෙනවා.
    තවත් චිත්‍රපට කිහිපයක් තිරගත වෙනවා.

    සරිගමට ලොකු තරගයක් දෙන්න වෙලාද?

    සරෝජා සිට සරිගම දක්වා මගේ චිත්‍රපටවල තරගයක් තිබුණා. ඒ තරගයට මම හොඳින් මුහුණ දුන්නා. පෙර වතාවල වගේම තමා මගේ චිත්‍රපටය සාර්ථකව තිරගත වෙනවා. මිනිස්සු බලනවා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

    මේ දවස්වල තිරගත වන චිත්‍රපට අතරේ ඔබේ චිත්‍රපටය තියෙන තැන කොතැනද?

    මගේ චිත්‍රපටය පළමුවැනි තැන තියෙනවා කියලා බය නැතිව කියන්න පුළුවන්. මම මගේ දේ දෙවැනි කරන්න හදන්නේ නැහැ. එහෙත් මම කියන්නේ නැහැ මාව අභිභවා යන්න කාටවත් බැහැ කියලා. මම ආසයි මාව කවුරුහරි අභිභවා යනවාට. ඒක තමයි වෙන්නත් ඕන.

    ඒ කියන්නේ ඔබේ චිත්‍රපටය සාර්ථකයි කියන එකද?

    නිර්මාණයක් හැටියට දැනට තියෙන ප්‍රතිචාර මත මගේ චිත්‍රපටය සාර්ථකයි කියලා හිතනවා. මේක මගේ හොඳම නිර්මාණය කියලත් කියන්න පුළුවන්. සූරියඅරණ සහ සිරි පැරකුම් එක්ක බලද්දී ලාභය නම් අඩුයි. සිරි පැරකුම් චිත්‍රපටය මේ කාලය වෙනකොට මීට වඩා දෙගුණයක් ආදායම් ලැබුවා. ආදායම් පැත්ත නැතිව බැලුවොත් නිර්මාණයක් විදියට මගේ චිත්‍රපටය සාර්ථකයි.

    අනෙක් චිත්‍රපට අභියෝගයක් නොවේද?

    නැහැ. චිත්‍රපට හදනකොට මම ඕවා ගැන හිතන්නේ නැහැ. නමුත් චිත්‍රපටය පෙන්වන එක තමයි අභියෝගය. චිත්‍රපටය හරියට පෙන්න ගත්තා නම් අභියෝගය ජය ගත්ත වෙනවා. ඉස්සර නම් චිත්‍රපට හදන එකනෙ අභියෝගය. මිනිස්සු ඇවිත් බලලා යනවා. ඒත් දැන් එහෙම නැහැ. කොහොම වුණත් මට අනෙක් චිත්‍රපට අභියෝගයක් නෙවෙයි.
    සමහර චිත්‍රපට පෝලිමේ තියෙද්දී

    ඔබේ නිර්මාණවලට නම් පෝලිම අදාළ වෙන්නේ නෑ නේද?

    නිර්මාණයක් කරනව නම් කලාත්මක බව වගේම මිනිස්සු එය රස විඳින්නත් ඕනෑ. ගොඩක් අය හිතන්නේ සිනමාව කියන්නේ මුදල් උපයන්න හොඳ මාර්ගයක් කියලා. එහෙම හිතලා එන අය තමා පාඩුයි කියලා පස්සේ කියන්නේ. එන අය සිනමාව කියන කලාව ගැන දැනගෙන එන්න ඕනෑ. නැත්නම් සාර්ථක වෙන්න බැහැ. සමහර චිත්‍රපට තියෙනවා කලාත්මක ඒවා. ඒවා පාඩු වුණත් කලාත්මකයි. කලාත්මකත් නැති වාණිජ වටිනාකමකුත් නැති ඒවා නිසා තමයි චිත්‍රපට පෝලිමක් හැදිලා තියෙන්නේ.

    ඔබේ චිත්‍රපටයේ නළු නිළියෝ ප්‍රචාරණ වැඩවලට සහාය දෙනවද?

    ලැබෙන සහයෝගය හොඳයි. පොඩි ප්‍රශ්නයක් තිබුණා. චිත්‍රපටය තිරගත කරන්න ළං වෙද්දීම පූජා විවාහ වුණා. ඒ නිසා ඇයට මඳක් නිදහස අවශ්‍ය වුණා. ඒ හැර අනෙක් සියලුම අයගේ පූර්ණ සහාය තවමත් නොඅඩුව ලැබෙනවා.

    නළු නිළියන්ගෙන් ලැබෙන සහාය අවශ්‍යද චිත්‍රපටය දුවන්න?

    අත්‍යවශ්‍යම නැහැ. එහෙම අවශ්‍ය අය ඉන්නවා. හැබැයි මගේ චිත්‍රපටවලට එහෙම අවශ්‍ය නැහැ. මගේ චිත්‍රපටවලට අවශ්‍ය හොඳ අන්තර්ගතයක් විතරයි. කලින් මගේ චිත්‍රපටවල ගොඩක් හිටියේ පොඩි ළමයිනේ. ඒ අය තරු නෙවේනේ. ඒ චිත්‍රපට මම පෙන්නුවේ ඒ ළමයින්ව ප්‍රචාරක වැඩවලට යොදාගෙන නෙවෙයි. සිනමාරූපී බවට තමා මම මුල්තැන දුන්නේ. බලන්න එන්නෙත් ඒ සිනමා රූපී බව නිසා. එහෙම නැතිව නළු නිළියන්ව ප්‍රචාරණ වැඩවලට යොදාගෙන නෙවෙයි.

    ඉදිරි වැඩ මොනවද?

    ජංගි හොරා චිත්‍රපටයේ රූගත කිරීම් ඉවර කළා. ඒ චිත්‍රපටය මේ වසරේ මැද වෙද්දී පෙන්වන්න පුළුවන්. තවත් චිත්‍රපට පිටපත් කිහිපයක් තියෙනවා. නමුත් ඒවාට අත ගහන්න තව ටික දවසක් යයි.

    (අකිලා නදිශානි_මව්බිම)

    ඩොල්ෆින් මත්ස්‍යයකුට කමිසයක් අන්දවලා

    By: Aththa Withthi On: 2/02/2017 07:43:00 AM
  • Let's Get Social


  • කමිසයක් අන්දන ලද ඩොල්ෆින් මත්ස්‍යයකු සොයමින් බටහිර ඕස්ට්‍රලියාවේ වෙරළාරක්ෂක නිලධාරීන් මෙහෙයුමක් දියත් කර තිබේ. පසුගිය දිනෙක දකුණු දිග පර්ත් නගරයෙන් කිලෝමීටර එකසිය හැත්තෑවක් පමණ දුරින් එම ඩොල්ෆින් මත්ස්‍යයා පිහිනමින් සිටියදී සංචාරකයකු දැක ඇති බවට තොරතුරු ලැබුණු බව ඔස්ට්‍රේලියාවේ වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    සංචාරකයා විසින් සුදු පැහැති කමිසයක සිර වූ ඩොල්ෆින් මත්ස්‍යයාව සිය කැමරාවේ සටහන් කර ගෙන පසුව බලධාරීන් වෙත ලබා දීමට කටයුතු කර ඇත. ඕස්ට්‍රේලියා නීතියට අනුව විශේෂ අවසරයකින් තොරව ඩොල්ෆින් සහ තල්මසුන්ගේ ස්වභාවික ජීවන චර්යාවට බාධා කිරීම තහනම්ය. 

    යම්කිසි පුද්ගලයෙකු විසින් හිතාමතා ඩොල්ෆින් මත්ස්‍යයාට කමිසයක් අන්දවා ඇති බව සංචාරකයා විසින් ඉද්ර්පත් කර ඇති ඡායාරූප වලින් පැහැදිලි වන බව වන ජීවි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමගින් එම සත්ත්වයාගේ ශ්වසන ක්‍රියාවලියට බාධා වී ඇති බවට සැක කරන බව ද වනජීවී බලධාරීහු පවසති.

    ඊට වග කිව යුතු පුද්ගලයා නීතියේ රැහැනට හසු වුවහොත් ඔහුට ඇමරිකානු ඩොලර් තුන් දහසක පමණ දඩයක් නියමවනු ඇති බව ඕස්ට්‍රලියාවේ වනජීවි දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

    -බී. බී. සී

    01 February, 2017

    ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවක් කණ්ඩායම හැර යයි!

    By: Aththa Withthi On: 2/01/2017 10:59:00 PM
  • Let's Get Social


  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා භෞත චිකිත්සක ලෙස කටයතු කළ ස්ටීව් මවුන්ට් සිය සේවය නිමවා යළිත් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යෑමට නියමිතය.

    ඔහු අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිය අවසන් සේවාව ලබාදුන්නේය.


    ගම්පහ ටියුෂන් සිසුසිසුවියන්ට “අනඟ සුව” අවන්හල්

    By: Aththa Withthi On: 2/01/2017 09:07:00 PM
  • Let's Get Social


  • බොහෝ දෙනකු කතා කිරීමට තබා සිතීමටවත් අකමැති සහ ඇතමුන් විසින් හිතාමතාම යටගසා ඇති මාතෘකාවක් වන ගම්පහ ටියුෂන් සිසුන්ගේ ලිංගික උප සංස්කෘතිය පිළිබඳව විවෘත මට්ටමින් මූල්වරට අදහස් පළ කරන ලද්දේ ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතාය.

    ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඉහත සඳහන් කරුණු පිළිබඳව තමන් දන්නා ‘තිත්ත ඇත්ත’ ප්‍රකාශ කිරීම ඔස්සේ විවෘත සමාජ කතිකාවකට මඟ පෑදෙන බවකි. එමෙන්ම මෙම අර්බුදය පිළිබඳව එම සිසු සිසුවියන්ගේ දෙමාපිය වැඩිහිටියන්, ගම්පහ නගරයේ උපකාරක පන්ති පවත්වන ආචාර්ය ප්‍රජාව සේම නීතිය ක්‍රියාත්මක කරන අංශ දැනුවත් කිරීමෙන් මෙම සදාචාර අර්බුදය පිටු දකින උපාය මාර්ග සෙවිය හැකි බව ද හිටපු නගරාධිපතිවරයා අවධාරණය කරයි.

    නව යොවුන් වියත් සමඟ තරුණ සිත් සතන් තුළ අනුරාගය පිබිදීම අතිශය සාමාන්‍ය ජෛව විද්‍යාත්මක සංසිද්ධියකි. විස්මයට කරුණ වනුයේ ඒ වයසේ නව යොවුන් වියේ තරුණයන් තුළ එවන් ආවේග පිබිදී නොතිබුණහොත් පමණි. එහෙත් ඔවුන් තුළ එලෙස පිබිද එන ස්වභාවික ආවේගයන් හට සීමා මායිම් පැනවීම ඕනෑම සංස්කෘතියක් මගින් යම් යම් ප්‍රමාණයන්ගෙන් සිදු කරනු ලබන්නකි. 

    අප රටේ වුවද මෙම සීමා මායිම් පැනවීම සමාජ තලයන් අනුව වෙනස් වන බව පැහැදිළිව දැකිය හැක. ඒ අනුව සමාජ ශාලා සංස්කෘතියකට හිමිකම් කියන නාගරික ඉහළ සමාජයේ තරුණ තරුණියන්ට ඇති “ශිෂ්ටාචාරයේ වල්මත්වීම”ට ඇති හැකියාව අප රටේ සුවිසල් සමාජතලය වන පොදු මධ්‍යම පාන්තික දරුවන්ට හිමිවිය යුතු යැයි සිතීම සමාජයේ සදාචාර මට්ටම ශිඝ්‍රයෙන් පහළට ඇද හෙළන්නකි.

    ටියුෂන් පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ තරුණියන් ප්‍රේම සබඳතාවයන් සඳහා යොමු වීමේ අරුමයක් නොමැති අතර එම ටියුෂන් පන්ති වලට සහභාගීවන සිසුන් තම ප්‍රේමය අනුරාගය සහ ලිංගිකත්වය මුල්කොට සිදු කරනු ලබන චර්යාවන් පිළිබඳ අධ්‍යයනය කිරීම සමාජ විද්‍යාත්මකවද වැදගත් වෙයි.

    ප්‍රේමයෙන් වෙළෙන තරුණ යුවලක් මඳ වේලාවක් විවේකීව හා සුවපහසු ලෙස පෙම් පිළිසඳරේ යෙදීම පිණිස වන ස්ථානයන් අතර “අවන්හලට” ලොව පුරා ප්‍රමුඛ තැනක් හිමිවෙයි. මේ තත්වය ගම්පහ ටියුෂන් සිසු සිසුවියන්ට ද එක සේ පොදු වන අතර අපගේ මාතෘකාව වන ඔවුන්ගේ ලිංගික උප සංස්කෘතිය හා එම අවන්හල් අතර ඇති සබැඳියාවන් අනාවරණය කරගැනීමට ද මෙම විමසුමේ දී අපට හැකිවිය. සැබැවින්ම මෙම තත්වය දැකිය හැක්කේ ගම්පහ නගරයේ ඇති අවන්හල් සිය ගණනින් අතලොස්සක පමණක් බවද සියල්ලටම පෙර පැවසිය යුතුව තිබේ.

    අප එසේ නොකීවහොත් එය සදාචාරාත්මක ලෙස ව්‍යාපාරික කටයුතු මෙහෙයවන ගම්පහ නගරයේ සියළු භෝජනාගාර සහ අවන්හල් වෙත එල්ල කෙරෙන බලවත් අසාධාරණයක් වනු ඇත.

    නමුත් අප මේ පවසන ගණයේ අවන්හල් වලට පැමිණෙන්නවුන් සඳහා පනවා ඇති ආසනවලට අමතරව තවත් විශේෂ ආසන විශේෂයක් තිබේ. ඒවා ඇත්තේ එහි වෙන් කළ ඝන චතුරශ්‍ර (Cube) තුළය. සාමාන්‍යයෙන් පවුල් වශයෙන් හෝ යුවලක් වශයෙන් වෙන්ව ආහාර පාන ගැනීමට කැමැත්තවුන් සඳහා මෙවන් ඝන චතුරශ්‍ර සකසා තිබීම ලොව පුරා අවහන්හල් වල දක්නට ලැබෙන පොදු ලක්ෂණයකි. එහෙත් අප මේ පැවසීමට යන අවන්හල් වල ඇති ඝන චතුරශ්‍ර ඒවා තුළට පිවිසෙන පෙම්වතුන් පෙම්වතියන් හට ඊට වඩා වෙනත් අරමුණු ඉටු කර ගැනීමට ඉඩ සලසා දෙන ඒවාය.

    අපගේ නිරීක්ෂණ වලට අනුව එම ක්‍රියාවලිය සිදුවන්නේ මෙලෙසිනි.

    ගම්පහ නගරයේ හෝ ඒ ආශ්‍රිතව පිහිටි මෙවන් අවහන්හලක ඝන චතුරශ්‍රයකට පිවිසෙන පෙම් යුවලකට එතුළ සිට තමන් කැමති කෑම බීම ඇනවුම් කළ හැක. නිදසුනක් ලෙස ඔවුන් සුළු කෑම වර්ග (Short eats) සහ සිසිල් බීම ඇනවුම් කළේ යැයි සිතමු. දෙදෙනා සඳහාම ඒ ආහාර පාන වෙනුවෙන් ගෙවිය යුතු නියමිත මුදල ‍රුපියල් එකසිය පනහක් යැයිද සිතමු. එහෙත් ඔවුන් එම කෑම බීම ගන්නා මුවාවෙන් පැයක පමණ කාලයක් එතුළ ගත කළහොත් එම රුපියල් එකසිය පනහේ ගාස්තුවට තවත් රුපියල් සියයක් එකතුවනු ඇත. ඒ ඔවුන්ට එම ඝන චතුරශ්‍රය තුළ නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීමක් වශයෙනි. 

    එමෙන්ම අපගේ නිරීක්ෂණය අනුව ඇතැම් අවන්හල් වල මෙම නිදහස කොතරම් ලබා දෙන්නේ ද කිවහොත් ඒවායේ පිවිසුම් දොරටු දොර රෙදිවලින් ආවරණය කොට තිබේ. ඇත්ත ඇති සැටියෙන් ම කිවහොත් ඒ එම තරුණ තරුණියන්ට අර්ධ වශයෙන් ලිංගිකව හැසිරීමට ඉඩ කඩ විවර කරමිනි. නමුදු තමන් නගරාධිපතිවරයාව සිටි කාලයේ පොලිසියේද සහය ඇතිව මෙබඳු ස්ථාන නිරතුරු පරීක්ෂාවට ලක් කොට එවැනි අවකල් ක්‍රියා වැලැක්වීමට මහත් වෙහෙසක් දැරූ බව හිටපු නගරාධිපතිවරයා කියයි. ඒ අතර එලෙස රහසිගතව අයුතු ලෙස මුදල් ඉපැයූ සෑම අවන්හලක්ම පරීක්ෂා කිරීමට තමන්ට සහ පොලිසියට ඉඩ නොලැබෙන්නට ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

    තවත් තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න...

    ප්‍රසංග පෙරේරා - ජා ඇල_ලක්බිම

    සනෝජාගෙන් පිරිමින්ට චාන්ස් එකක්

    By: Aththa Withthi On: 2/01/2017 07:28:00 PM
  • Let's Get Social


  • සනෝජා කියන්නේ කාන්තා පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයේ ඇල්ම බැල්ම ආදරය දිනා ගත්ත අපේ රටේ ඉන්න ප‍්‍රවීන නිළියක්. කියනදේ පොල්ලෙන් ගැහුවා වගේ කෙලින් කියන සනෝජා පහුගිය දවසක කියපු කතාවකින් ඔන්න ආයෙමත් පුරුෂ පක්‍ෂයේ අවධානයට ලක් වෙලාලූ. 

    හැබැයි ස්ත‍්‍රී පක්‍ෂයෙන් නම් ඒකට යහපත් ප‍්‍රතිචාර නෑ වගේලූ. කොහොම උනත් සනෝජාගේ මේ කතාව අපේ රටට මොන තරම් ගැලපෙනවාද කියලා නම් ඔයාල තමයි හිතලා බලන්න ඕන.

    - කතන්දරය මේකයි. ලංකාවේ විවාහ සම්බන්ධ නීති රාමුව වෙනස් කරන්න එයාට චාන්ස් එකක් ලැබුනොත් එක පිරිමියෙකුට ගෑණු දෙන්නෙක් කසාද බදින්න පුඵවන් විදියට ඒ නීතිය හදනවා කියලා සනෝජා කියන්නේ. 

    ඉතින් මේ කතාවට පිරිමි පක්‍ෂය අත් දෙකම උඩට උස්සලා හුරේ දැම්මත් කාන්තා පාර්ශවය නම් බොහෝ විට දත්මිටි කාලා ප‍්‍රතිචාර දක්වයි කියලත් හිතෙනවා. හැබැයි එක ගෑනු කෙනෙක්ට පිරිමි දෙන්නෙක් බදින චාන්ස් එක නම් දෙන්න හොද නෑ කියලත් සනෝජා කියලා තියනවා.

    - විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතාවලත් අවුලක් නෑ වගේම ගැහැනියකට කන්‍යාභාවය වැදගත් නෑ කියලත් ගණිකා වෘතිය නීති ගත කලානම් ඒකෙත් අවුලක් නෑ කියලත් කියලා තියනවා.

    කොහොම වුනත් මේ කතාවට අපේ රටේ අළුත් පරම්පරාව කොහොම ප‍්‍රතිචාර දක්වයිද කියලත් ඕන්න අපි නම් දන්නේ නෑ.

    -gossipking

    රුසියාවටත් එහා ගිය ලංකාවේ ගණිකා ජාවාරම

    By: Aththa Withthi On: 2/01/2017 07:04:00 PM
  • Let's Get Social


  • රුසියාව ගැන මහා උජාරුවෙන් කතා කරන රුසියාවේ ජනාධිපති පුටින් ඊයේ පෙරේදා තවත් උජාරු කතාවක් කිව්වා එයාගේ රට ගැන. මගේ රට තමයි හොඳම ගණිකාවන් ඉන්න රට. පුටින් ඕන්න ඔය කතාව මහත් උජාරුවෙන් කිව්වේ සමහර විට එයා අපේ රටේ පත්තර එහෙම නිකමටවත් බලන්නේ නැති නිසා වෙන්න ඇති.

    පුටින් එහෙම කිව්වට පහුගිය දවස් වල කොළඹ පැත්තේ පොලිසි වලින් ගණිකා නිවාස වටලපු වාර අනන්තයි. ශරීරය විකුනලා සල්ලි හම්බ කරන මේ බිස්නස් එකේ අඵත්ම වැටලීම කොම්පඤවීදියේ පොලිස් වසමේදී ඊයේ සිද්ධ වුනා. හැබැයි මේ වැටලීම කලේ මරදාන පොලිසියෙන්.

    අවුරුදු 18 ඉදලා අවුරුදු 26 දක්වා වයස් වල සුන්දර සුරූපි තරුණියෝ 10 දෙනෙක් මේ වැටලීමේදි පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඒත් එක්කම මේ ගණිකා නිවස පවත්වාගෙන ගියපු පිරිමි දෙන්නෙකුගෙත් දෑත් වලට විලංගු වැටුනා.

    අම්බලන්ගොඩ, සීදුව, මතුගම, වේයන්ගොඩ, තිස්සමහාරාම වගේ විවිධ පලාත් වල පදංචිකාරියෝ මේ රස්සාව කරලා අත්අඩංගුවට පත්වුනා. සමහරු විවිධ රැකියාවල් හොයා ගෙන ඇවිල්ලා කපටි කෛරාටිකයන්ට අහුවෙලා මේ වෘත්තියට යොමු වෙලා තිබුනා. නිළියෝ, මොස්තර නිරූපිකාවෝ වෙන්න හිතන් ගමෙන් නගරයට ආපු ගෑණු ලමයිත් මේ මඩගොහොරුවට අහුවෙලා හිටියා. කොහොම වුනත් මොන හේතුවෙන් කොළඹට ආවත් මේ අයගේ රැකියා ස්ථානය වෙලා තිබුනේ මේ ගනිකා නිවස.

    රුසියාව තියන් ඉන්න මේ රෙකෝඞ් එක අපේ රට කැඩුවොත් පුටින්ට දුක හිතෙයි ඔන්න ඒකට අපිට කරන්න දෙයක් නෑ.

    -gossipking

    අවුරුදු 10 කට කළින් ඇතිවුණු හිත් අමනාපකම නිසා වෙඩි උණ්ඩයෙන් අවසන් ගමන් ගිය පළතුරු ප්‍රියන්ත

    By: Aththa Withthi On: 2/01/2017 05:50:00 PM
  • Let's Get Social

  • රෑ එකතුවෙලා වැලි චමින්දගේ ගෙදරදී බිව්වා...

    සුදු මල්ලි කිව්ව තැනට ගියාම වෙපන් එකක් ගෙනත් දුන්නා..

    වීරත්වය යනු සතුරු බලවේග වලට සෘජුව මුහුණ දීමය. හඳුනාගත නොහැකි ලෙස ගොස් නිරායුද අයකු වෙඩි තබා හෝ කපා කොටා ඝාතනය කිරීම නිවට භාවයට එක් උදාහරණයකි.

    මෙවැනි පිරිසක් පසුගිය දෙසැම්බර් මාසයේ අම්බලන්ගොඩ වෙඩි තබා සිව් දෙනකු ඝාතනය කළහ.

    ඉන් පළමු සිදුවීම ත්‍රිත්ව ඝාතනයකි. අම්බලන්ගොඩ පොලිස් වසමේ ඉඩම්තොට ප්‍රදේශයේ වෙළෙඳසලකදී නිරායුද දරුපවුලකට වෙඩි තබා ඝාතනය කළ අතර වෙඩි උණ්ඩ පහක් තබා මරා තිබු පුංචි පුතුගේ වයස අවුරුදු හතරහමාරකි.

    මේ තිදෙනා ඝාතනය සඳහා ටී - 56 අවිත් රිවෝල්වරත් තුන හතරක් පමණ රැගෙන පුද්ගලයන් හය දෙනකු පමණ පැමිණ තිබු අතර එල්ල කළ වෙඩි උණ්ඩ සංඛ්‍යාව තිස් දෙකකි.

    ඊට සතියකට පසු මිටියාගොඩ දී පලතුරු වෙළෙන්දකු වෙඩි තබා මරා දමන අතර ඔහු ද නිරායුද අයෙකි.

    මෙලෙස පිට පිට නිරායුද පුද්ගලයන් හතර දෙනකු වෙඩි තබා මරා දැමු මෙම කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනකු අත්අඩංගුවට ගැනීමට අම්බලන්ගොඩ පොලිසියට හා ඇල්පිටිය නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකයට හැකිවිය.

    නිරායුද පුද්ගලයන් මරා දැමිමට එකතු වූ තවත් කිහිපදෙනකු මේ වන විට ප්‍රදේශය හැර පලා ගොසිනි. පොලිසිය ඔවුන් සොයා මෙහෙයුම් වල නිරතව සිටින අතර ඉදිරියේදී මේ අපරාධ කල්ලි සහමුලින්ම උපුටා දැමීම පොලිසියේ ඒකායන අරමුණ වී ඇත.

    මෙරට ක්‍රියාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු මේ වනවිට වළ පල්ලේය. ඒ.... කල්ලි කල්ලි අතර ඇති වූ ගැටුම් හා පොලිසිය සමඟ ඇති වු ගැටුම් හේතුවෙනි. සමහර අපරාධකරුවන් මෙරටින් පලා ගොසිනි. තවත් පිරිසක් සිරගෙදරය.

    සිරගෙදර යනු වර්තමානය වන විට අපරාධකරුවන්ට කදිම තෝතැන්නකි.

    අපරාධකරුවන් එළියේ සිටින්නේ පන බයෙනි. ඒ... කොයි වෙලාවක හෝ තමා කළ පව් තමා පසු පස එන බව දන්නා නිසාය. විරුද්ධ කල්ලියකින් එල්ල විය හැකි ප්‍රහාර මෙන්ම පොලිසියට කොටුවීමේ සම්භාවිතාව ද වැඩි බැවින් කට්ටි පනිමින් සිටීමට එළියේ සිටින අපරාධකාරයන්ට සිදුව ඇත.

    එහෙත් .... ඇතුළේ සිටින අපරාධකාරයන්ට මරණ බියක් නැත. ඒ... ඇතුලේ ආරක්ෂාව තිබෙන බැවිනි. එලෙසම එළියේ සිටින තම සහචරයන් සංවිධානය කොට අපරාධ කරවීමටද කිසිම අපහසුවක් නැත.

    ඒ දවසේ පැය විසිහතර පුරාම ජංගම දුරකථන ක්‍රියාත්මකව තබා ගත හැකි නිසාත්, එයින් ඕනෑම වේලාවක කතා කිරීමට කාගේ වත් අවහිරයක් හිරගෙදර නොමැති නිසාත්ය.

    අම්බලන්ගොඩ, ඉඩම්තොට පදිංචිව සිටි තිරිමාදුර ඉන්දික කුමාර ද සොයිසා බිරිය අගම්පොඩි දේවිකා ද සොයිසා සහ තිරිමාදුර රන්දික ඒෂාන් ද සොයිසා යන තිදෙනාත්, මීටයාගොඩ පදිංචිකරුවකු වූ හික්කඩුව පල්ලිය ගුරුගේ විපුල ප්‍රියන්ත නොහොත් පලතුරු ප්‍රියන්ත ලෙසින් කවුරුත් දන්නා පලතුරු ව්‍යාපාරිකයාත් වෙඩි තබා ඝාතනය කිරීම බන්ධනාගාරය ඇතුලේ නියෝග සහ සැලසුමකට අනුව ක්‍රියාත්මක වූ බව මේ වන විට ඔප්පු වී අවසානය.

    සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් සුදුමල්ලී සහ ඔහුගේ බාල සහෝදරයකු වන සොබනාහන්දි සනත් ද සිල්වා නොහොත් රාජු යන දෙදෙනා ඇතුලේ සිට ජංගම දුරකථන උපයෝගී කරගනිමින් මෙම ඝාතන සැලසුම් කළ බවත්, ඔවුන් එලෙස මෙම සිව්දෙනා මරා දමන්නේ ඔවුන්ගේ වැඩවලට එරෙහි විම නිසා බව පරික්ෂණ වලදි හෙළි වි ඇත.

    ඉන්දික සොයිසා ඇතුලු පවුලේ සියල්ලෝම වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස ඉන්දිකගේ පවුලේ ළඟම ඥාතීන් සිටීම පුදුමයක් ලෙස දුටුවද එය පුදුමයක් නොවන බව මේ වන විට ඔප්පු වී අවසානය.

    ඉන්දිකගේ ජීවනෝපාය වුයේ වෙළෙඳාමයි. සුපිරි වෙඳෙසලක ස්වරූපය ගත් මෙම කුඩා වෙළෙඳසළ ඉදිකර තිබුණේ ඉන්දිකගේ මවුපියන් පදිංචි ඉඩමේම එම නිවෙසට යාබදවය.

    ඉන්දිකගේ පියා ටික දිනෙක සිට ඉන්දිකගෙන් රුපියල් දසලක්ෂයක මුදලක් ඉල්ලමින් සිටි බවට තොරතුරු හෙළි වී ඇත. ඒ... ඉන්දික ගමේ පන්සලේ හිමිනම සමඟ හෙළිකළ තොරතුරු කිහිපයක් නිසාය.

    පන්සලේ ප්‍රධාන මෙන්ම ක්‍රියාශීලී දායකයෙක් වූ ඉන්දික පසුගිය පෙරහැර සමයේ ඊට උදව් උපකාර කිරීමට එතරම් මහන්සියක් ගත්තේ නැත.

    හිමිනම ඒ පිළිබඳ විමසු විට ඉන්දික පවසා තිබුණේ සිය පියා රුපියල් ලක්ෂ දහයක් ඉල්ලන බවත් එතරම් මුදලක් ලබා දීමට තමාට හැකියාවක් නොමැති බැවින් තම දැඩි අසහනයට පත්ව සිටින බවත්ය.

    ඉන්දිකගේ වෙළෙඳසලේ සී.සී.ටී.වී. කැමරා ක්‍රියාත්මකය. එහි හාඩ් ඩිස්ක් එක සහ ස්ක්‍රිනය සවිකර තිබුණේ ඉන්දිකගේ මවුපියන් පදිංචි නිවෙසේය. දෙසැම්බර් මස හතරවැනිදා රාත්‍රියේ දී ඉන්දික සමඟ ගෝරියකට පැටලුන පියා සී.සී.ටී.වී. කැමරාවේ සියලුම ස්විච් විසන්ධිකොට තිබුණේ “උඹේ මේවා උඹ අරගෙන පලයං” යැයි කියමිනි.

    ඊට පසුදින එනම් පස් වැනිදා රාත්‍රියේ ඉන්දිකගේ වෙළෙඳසලට ඇතුලු වූ අවිගත් පිරිසක් ඉන්දික බිරිය මෙන්ම දරුවා ද වෙඩි තබා මරා දැම්මේය.
    සිද්ධියෙන් අනතුරුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී හෙළිවුයේ ස්විච් සියල්ලම විසන්ධි කර තිබු බැවින් කිසිවක් රූගතව නොමැති බවයි.

    ඊට සතියකට පසු එනම් දෙසැම්බර් මස දොළොස් වැනිදා මිටියාගොඩ නගරයේ පළතුරු වෙළෙඳසලේ සිටියදී ප්‍රියන්ත වෙඩිතබා මරා දමන අතර මෙම ඝාතන සිද්ධි දෙකම එකම කල්ලියක් විසින් සිදුකරන්නට ඇති බව පොලිසියේ අදහස විය.

    ඇල්පිටිය නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය ද අම්බලන්ගොඩ පොලිසියේ අපරාධ අංශය ද එක්කොට මෙම අපරාධ කරුවන් සෙවීමේ මෙහෙයුම් දියත් කිරීමට කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා කටයුතු කළේය.

    ඒ අනුව නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ඇරැඹී මුලික පරීක්ෂණ වලදී හෙළිවුයේ ඉන්දිකගේ මස්සිනා වන රංජීත් යන අය සිරගෙදර සිටින ජයලත් සමඟ ජංගම දුරකථනයෙන් දිගින් දිගමට කතා බහ කර ඇති බවයි.

    ඒ අනුව රංජිත් අත්අඩංගුවට ගන්නා අතර දිගින් දිගටම කළ මෙහෙයුම් වලින් අනතුරුව මෙම ඝාතන ද්විත්වයට සම්බන්ධ පුද්ගලයන් හත්දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.

    කැලණිය, ගෝණවල, පමුණුවිල අංක 28 ඒ ලිපිනයේ පදිංචි ලක්ෂමන් හෙංගෙදරගේ නොහොත් රංමහත්තයා (36) මීටයාගොඩ, මහවත්ත පාර ලිපිනයේ පදිංචි බෙන්තර මල්ලවාරච්චි රොහාන් මංගල නොහොත් පොඩි රෝහණ (24), වලල්ලාවිට ලේ දොළ ලිපිනයේ පදිංචි ප්‍රසාද් හර්ෂ කුමාර (27) කහව, වේරගොඩ, දුවවත්ත ලිපිනයේ පදිංචි කාරියවසම් බ්‍රැන්ඩිගොඩ ගමගේ (45) හික්කඩුව, කලුපේ නවාගන්නාකොළවත්ත ලිපිනයේ පදිංචි දේවමුනි චින්තක මදුරංග (24) දේවමුණි විජිත ආනන්ද සොයිසා නොහොත් රංජිත් (36) (ඝාතනය වූ ඉන්දිකගේ මස්සිනා) සහ මීටියාගොඩ, මහවත්ත අංක 287 ලිපිනයේ පදිංචි මහරඹගේ මදුශංඛ නොහොත් ගුලියා (21) අත්අඩංගුවට පත් හත්දෙනා වේ.

    මොවුන්ගෙන් හෙළිකරගත් තොරතුරුවලට අනුව කැළණියේ තාවකාලිකව පදිංචිව සිටින රංමහත්තයා අඟුලාන - කිරිබත්ගොඩ බසයක රියැදුරෙකි. ඔහු වටා එක් රොක්ව සිටින කොන්දොස්තර සහ බස්ලෝඩ් කරන තරුණයන් එකතුකරගෙන ඇතුලේ සිටින ජයලත්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යයි. ඊට අමතරව ජයලත්ගේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන මනුෂ්‍ය ඝාතනවලටද සහාය ලබා දෙයි.

    රංමහත්තයාගෙන් දීර්ඝ ලෙස කළ ප්‍රශ්න කිරීමේදී උතුරුපිටිගල පිහිටි ඔහුගේ නිවෙස පිටුපස සඟවා තිබු මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයා ගැනීමට හැකිවිය.

    ටී - 56 ගිනි අවියක් සොයා ගන්නේ පොඩි රෝහණ යන අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු වලට අනුවය. ඉඩම්තොට ත්‍රිත්ව ඝාතනය සඳහා ටී - 56 ගිනි අවි සහ පිස්තෝල කිිහිපයක් භාවිත කර ඇති බවට ඔප්පු වී ඇතත් අත්අඩංගුවට පත් සැකකරුවන් එම ත්‍රිත්ව ඝාතනයේ වගකීම භාර ගැනීමට ඉදිරිපත්ව නැත. එහෙත්... එම ත්‍රිත්ව ඝාතනයට රංමහත්තයා මෙන්ම රංජීත් සහභාගි වී ඇති බව පොලිසිය සාධක සහිතව ඔප්පු කරගෙන ඇත.

    එම ත්‍රිත්ව ඝාතනයේ චෝදනාව ප්‍රතික්ෂේප කළ ද පලතුරු ප්‍රියන්තට ඝාතනයට තමන් සම්බන්ධ බව අත්අඩංගුවට පත් වූ සැකකරුවන් හය දෙනාම පාපොච්චරණය කර ඇත. එහෙත්.... ඝාතනයට අවශ්‍ය වට පිටාව සැකසීම තමන් විසින් සිදුකළ නමුත් වෙඩි තැබුවේ වෙනත් අයකු බවත් ඔහු පිළිබඳ එතරම් තොරතුරු තමන් නොදන්නා බවත් අත්අඩංගුවට පත් වූ පිරිස පවසා තිබිණි. එම ඝාතන සැලසුම ජයලත් නොහොත් සුද්දාගේ බවත්, පලතුරු ප්‍රියන්ත ඝාතනය කිරීමේ අවශ්‍යතාව තිබුණේ ද සුද්දාට බවත් අත්අඩංගුවට පත් පිරිස පවසා ඇත.

    මෙම ඝාතන සඳහා උපයෝගී කරගත් ටී - 56 ගිනි අවිය මෙම කල්ලියේ සාමාජිකයකු වු ප්‍රසාද් අතට පත්වන්නේ කෑගල්ලේ පදිංචි අයකුගෙනි.

    “නොවැම්බර් මාසේ දවසක ඇතුලේ ඉඳලා සුදුමල්ලී මට කෝල් කරලා කිව්වා කෑගල්ලට ගිහින් ටී - 56 වෙපන් එක අරගෙන එන්න කියලා. මම රෙන්ට් කාර් එකක් අරගෙන යාලුවෙක් එක්ක කෑගල්ලට ගියා. සුදුමල්ලී යන්න කිව්ව තැනට ගියාම පුද්ගලයෙක් ඇවිත් බෑග් එකක් දාලා වෙපන් එක ගෙනැත් දුන්නා. ඒ කවුද කියලා දන්නේ නෑ.”

    “මම වෙපන් එක ගෙනත් කුලීයට ඉන්න ගෙදර හංගලා තිව්වා. ඊට පස්සේ ජයලත් කෝල් කරලා කිව්වා ආපහු රෙන්ට් ඒ කාර් එකක් අරගෙන වෙපන් එක තෙලිකඩ වැලි චමින්දගේ ගෙදරට ගෙනියන්න ඒක රෙපයාර් කරගන්න ඕන කියලා. කාර් එක රෙන්ට් එකට අරගෙන දුන්නේ කැලණියේ පැත්තේ ඉන්න සුදුමල්ලිගේ යාලුවෙක්.”

    “අපි ඒ කාර් එකේ වෙපන් එකත් දාගෙන වැලි චමින්දලාගේ ගෙදරට ගියා.

    “පෝද්දල කාසිදෙසියේ රාළයි, සැලුන් රංගයි එහේට ඇවිත් හිටියා. ඒ දෙන්නා මම ගිය කාර් එකෙන් වෙපන් එකත් අරගෙන තිස්සමහාරාමෙට ගියා රෙපයාර් කරගන්න. ඒ ගියේ කොස්ගොඩ අපරාධ කරලා දැන් තිස්සමහාරාමේ ඉන්න රනා ළඟට”

    “වෙපන් එක හදාගෙන ඊට පහුවෙනිදා රාළයි, රංගයි. වැලිචමින්දගේ ගෙදරට ආවා. මමත් කලින් දවසේ වළල්ලාවිට ගෙදර ඉඳලා වැලිචමින්දගේ ගෙදරට ගියා. පස්සේ සුදුමල්ලි කෝල් කරලා කිව්වා. ෆුල්ෆේස් හෙල්මට් දෙකකුයි, ජැකට් දෙකකුයි ගන්න කියලා. රංගයි රාළයි ගිහින් කඩෙන් ඒවා අරගෙන ආවා. අපි කට්ටියම රෑ එකතුවෙලා වැලි චමින්දගේ ගෙදර දී බිව්වා. වැඩේ කරන්න තිබුණේ ඊට පහුවෙනිදාට” ප්‍රසාද් එලෙස කරුණු හෙළි කළේය.

    පොඩි රෝහණ යනු මත්කුඩට තදින් ඇබ්බැහි වූ තරුණයෙකි. මෙම ඝාතනයේදී තමාට පැවරී තිබු කාර්යය භාර්ය ඔහු විස්තර කළේය.

    “සුද්දා අයියා මට දෙසැම්බර් එකොලොස් වෙනිදා හවස කොල් කරලා කිව්වා පොඩි වැඩක් තියෙනවා ලෑස්තිවෙලා ඉන්න කියලා. වැඩේ මොකක්ද කියලා කිව්වේ නෑ. වැඩේ ඉවර වුණාම මත්පෙති පැකැට් දෙකක් දෙනවා කියලත් කිව්වා”

    පොඩි රෝහණ එලෙස පාපොච්චරණය යෙදුණේ මත්පෙති නොමැතිව තමාට වැඩිවේලාවක් සිටිය නොහැකි බවද පවසමිනි.

    ජයලත් නොහොත් සුද්දා කළ දැනුම් දීමට අනුව දෙසැම්බර් මස දොළොස්වැනිදා උදේ ප්‍රසාද් ඇල්ටෝ කාරයේ නැඟී වැරැල්ලාන ඉන්ධන පිරවුම්හළ අසලට යන්නේ ටී - 56 ගිනි අවියද රැගෙනය.

    ඒ ... වෙඩි තැබීම සිදුකරන පුද්ගලයා එම ස්ථානයට පැමිණෙනු ඇති බවත්, ඔහු “මේ සුදුමල්ලිගේ කට්ටිය” දැයි අසනු ඇති බවත් ඔහු මෝටර් රථයෙන් වේරගොඩට රැගෙන යන ලෙසටත් ජයලත් කළ දැනුම්දීමට අනුවය. වේරගොඩදී පොඩිරෝහණ මෝටර් රථයට ගොඩවිය.

    ඒ වනවිට ජයලත්ගේ දැනුම් දීමට අනුව වැලිචමින්ද පල්සර් වර්ගයේ යතුරුපැදියකින් ගොස් අතුරලිය ගල්දුව ආරන්‍යයට යන පාලු මාර්ගය අසල නතරව සිට ඇත.

    මෝටර් රථයට ගොඩ වූ පිරිස පලතුරු ප්‍රියන්තගේ වෙළෙඳසල දෙසට යන්නේ වෙඩික්කරුට පලතුරු වෙළෙඳසල පෙන්වීමට සඳහාය.

    එය පෙන්වන්නේ පොඩි රෝහණ විසිනි. වෙළෙඳසල පසුකරගෙන ඉදිරියට ඇදුන මෝටර් රථය ටික දුරක් ගොස් නතර විය. ඉන් බැසගත් වෙඩික්කරු පලතුරු වෙළෙඳසලට යන්නේ වෙඩි තබා මරා දැමීය යුතු පුද්ගලයා හරි හැටි හඳුනාගැනීම සඳහාය.

    ඔහු වෙළෙඳසලට ගොස් කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක් මිලදී ගෙන මෝටර් රථයට ගොඩවන අතර එය අකුරල දේවාලයට යන මාර්ගය දිගේ ගමන් කරන්නට විය.

    පසුව වැලි චමින්ද යතුරුපැදිය නවතාගෙන සිටී ස්ථානයට මෝටර් රථය ළඟා වන අතර මෝටර් රථයේ තිබු ව්‍යාජ අංක තහඩු දෙකක් යතුරුපැදියට සවිකරන්නේ එම ස්ථානයේදීය.

    පොඩි රෝහණට යතුරුපැදිය පැදගෙන යාම පැවරෙන අතර ඔහුත් වෙඩිකරුත් මෝටර් රථයේ රැගෙන ආ ෆුල්ෆේස් හෙල්මට් දමා ජැකට් පැළඳ යතුරුපැදියට ගොඩ වන්නේ ටී - 56 ගිනි අවිය වෙඩික්කරු ජැකට්ටුව ඇතුළේ සඟවා ගැනීමෙන් අනතුරුවය.

    “ ගල්දුව ආරන්‍ය පාරේ ඉඳලා කුලීගොඩ පාරට ඇවිත් පුෂ්පාරාම පන්සල පාරෙන් මීටියාගොඩ කහව පාරට දාලා මීටියාගොඩට ගියා. මීටයාගොඩ හන්දියෙන් හරවලා කඩේ ඉස්සරහ බයික් එක නැවැත්තුවා. වෙඩි තියපු එක්කෙනා තුවක්කුව අතට අරන් බහිද්දී කඩේ ඉස්සරහ හිටපු ප්‍රියන්ත එක දැක්කා. එයා බයවෙලා කඩේ ඇතුළට දිව්වා. අරයත් තුවක්කුව අරගෙන පස්සෙන් ගිහින් දොර ළඟදී ප්‍රියන්ත එක ෂොට් එකක් තියලා ආපහු ආවා. මොකද එක වෙඩි පාරක් තිබ්බට පස්සේ වෙපන් එක ලොක් වෙලා”

    “මිනිහා දුවගෙන ඇවිත් බයික් එකේ වාඩිවුණා. මම බයික් එක පැදගෙන කාර් එක නවත්තලා තිබුණ තැනට ගියා. එතැන එහායින් පාලු ගෙයක් තිබුණා. ඒක පිටිපස්සේ දෙකයි දෙකේ කොන්ක්‍රිට් වලක් තිබුණා. වෙඩිතියපු වෙපන් එක කාර්එකේ තිබුණ මල්ලක දාලා ඔතලා අර වලට දාලා කොන්ක්‍රිට් ලැල්ලෙන් වහලා කොළ රොඩු උඩට දාලා වැහුවා. වැලි චමින්ද බයික් එක අරගෙන ගියා. මමයි වෙඩි තියපු එක්කෙනයි කාර් එකට නැගලා හික්කඩුවෙන් බැස්සා”

    “ඊට පස්සේ සුද්දා අයියා කෝල් කරලා කිව්වා මටයි වෙඩි තියපු එක්කෙනාටයි බස් එකෙන් පානදුරේට යන්න කියලා. කාර් එක හයිවේ එකෙන් පානදුරේට ගෙනියන්න කිව්වා. අපි බස් එකෙන් පානදුරේට ගියා. පානදුරේදී මට කුඩු පැකට් දෙකක් ලැබුණා”

    ඊට පස්සේ ආපහු ප්‍රසාද් එකක් කාර් එකේ මමයි වෙඩි තියපු එක්කෙනයි හයිවේ එකෙන් මාතර පැත්තට යද්දී වෙඩි තියපු එක්කෙනා ඉමදුව හරියේදී කිව්වා මාව ඉමදුවෙන් දාලා යන්න. මට මෙහේ ෂේප් වෙලා ඉන්න පුලුවන් කියලා.

    මමයි ප්‍රසාදුයි මිරිජ්ජවිල අපේ නංගිලාගේ ගෙදර ගිහින් ඉන්දෙද්දී සුද්දා අයියා දවස් දෙකකට පස්සේ කෝල් කරලා කිව්වා කිරිබත්ගොඩ යන්න කියලා. අපි කිරිබත්ගොඩ රංමල්ලිගේ ගෙදර ගිහින් ඉඳලා දවස් තුනකට පස්සේ මම ආපහු ගමට ආවා.

    ඒ වෙද්දී මම කේස් පහකට විතර වරෙන්තුවෙලයි හිටියේ.” පොඩි රෝහණ එලෙස පාපොච්චරණය කළේය.

    පලතුරු ප්‍රියන්ත මරා දැමීමට තරම් ජයලත්ට තිබු වෛරයද මෙම පරීක්ෂණ වලදී හෙළිවිය. ඒ... මීට වසර දහයකට පහළොවකට පමණ ඉහත දී පලතුරු ප්‍රියන්ත සහ ජයලත්ගේ පියා අතර ඇති වූ ආරවුලක දී ප්‍රියන්ත පියාට පහර දී තුවාල සිදුකිරීමට පලි ගැනීමක් බවය.

    මෙම ඝාතන ද්විත්වයේ පරීක්ෂණ වලදී රංජීත් සතුව තිබී රිවෝල්වරයක් ද පොලිසිය විසින් සොයාගනු ලැබීය.

    එලෙසම අත්අඩංගුවට ගත් ටී - 56 ගිනි අවියේ දෝෂයක් පවතින අතර එක වරකට එක් උණ්ඩයක් පිටවීමෙන් අනතුරුව එය ලොක් වන බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

    එලෙසම ජයලත්ගේ තවත් සැලසුමක තොරතුරු ද මේ වනවිට හෙළි වී ඇත.

    ඒ.... ඉදිරියේ දී අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාතාල චණ්ඩියා වීමට ජයලත් අර අඳින බවය මෙම සියලු තොරතුරු පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත. ජයලත් නොහොත් සුද්දාගේ සැලසුම් ව්‍යාර්ථ කොට අපරාධ කරුවන් මුලිනුපුටා දැමීම සඳහා පොලිසිය මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කොට ඇත.

    පැනගිය සැකකරුවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

    _හිරුගොසිප්

    වයස අවුරුදු 61 බැලු බැල්මට කියන්න බෑ

    By: Aththa Withthi On: 2/01/2017 05:15:00 PM
  • Let's Get Social


  • විලාසිතා සඟරා පිටු තුළින් අවුරුදු 40 ඉක්මවූ මෝස්තර නිරූපිකාවක් දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතරකිනි. වයසට යෑම ලොව ඇති ඉතාමත්ම ස්වාභාවික සිදුවීමක් වූවත් බොහෝදෙනා එහි ඇති සුන්දරත්වය නොදැකීම කනගාටුදායක කරුණක්.

    61 වියැති ප්‍රංශ ජාතික Yazemeenah Rossi මෙම ප්‍රවාහය තුළ උඩුගං බලා පිහිනන්නියකි.

    බොහෝ දෙනා අවුරුදු 16දී නිරූපණ ශිල්පයට පාතබද්දී ඇය විලාසිතා වෘත්තීය ආරම්භ කළේ වයස 28 දීයි. නිරූපණ ශිල්පයේදී ඇය යම් පමණකවත් සාර්ථකත්වයක් ලබන්නේ අවුරුදු 45 දීයි. නමුත් ඇයගේ වයස-නොපෙනෙ පෙනුම හා කැපී පෙනෙන සුදු කෙස් ඇයව විලාසිතා ලෝකය වෙත වෙනත් කවරදාටත් වඩා අවැසි වී ඇත.

    යෞවනයේ උල්පතෙන් ස්නානයකලා වැනි දිදුළන රැළි රහිත සම සහ අලංකාර රිදී පැහැති කෙස් කළඹේ රහස ඔලිව් තෙල් සහ sugar scrub පමණක් බවයි ඈ පවසන්නේ. යෝගා සහ අඩු මේද ආහාර වර්ග සිරුරේ හැඩය පවත්වාගැනීමට උදව්වන බවත් ඈ පවසනවා. ආදරණීය මිත්තනියකවන ඈ වයස කිසි විටකත් ලස්සනට සිටීමට බාධාවක් නොකරගතයුතු බවත් සඳහන් කරනවා.

    Marks & Spencer, JD Williams, Dreslyn සහ Land of Women වැනි ඉහළ ගණයේ විලාසිතා ආයතන සඳහා අස ඇය නැතිවම බැරි මුහුණක් බවට පත්ව තිබෙනවා.

    උනන්දුව, උද්යෝගය ඇත්නම් වයසත් සමඟ වඩාත් ලස්සනවන්නට හැකි බවට ඈ හොඳම නිදසුනක් නොවේද?

    උපුටා ගැනීමකි.



    පිස්‌සු වට්‌ටලා කාමරයකට අරගෙන යනවා - බේබද්දෙක්‌ එක්‌ක හයිරං අල්ලන අපිට ඉතුරු වෙන්නෙ සොච්චම විතරයි

    By: Aththa Withthi On: 2/01/2017 04:32:00 PM
  • Let's Get Social

  • හැම නයිට්‌ ක්‌ලබ් එකකම කෙරෙන්නේ එකම දේ. කස්‌ටමර්ට පොවලා, නටවලා පිස්‌සු වට්‌ටලා පහළ හරි උඩ හරි කාමරයකට දක්‌කන එක තමයි. ඒකට ඉතිං කෙල්ලො සූර වෙන්න ඕනා. ලිකර්, බයිට්‌වලට, කාමරයට, ඇතුළට යන අපිට වෙන, වෙනම කැෂියර්වලින් අය කර ගන්නවා. පාළු කාමරයක්‌ ඇතුළේ බේබද්දෙක්‌ එක්‌ක හයිරං අල්ලන අපිට අන්තිමට ඉතුරු වෙන්නෙ ඒ මනුස්‌සයා දීලා යන සොච්චම විතරයි.

    එකත් නැති නම් අරක්‌කු ගඳයි මහන්සියයි විතරයි. කස්‌ටමර් කෙනෙක්‌ එක්‌ක කාමරයකට ගියාම කමිෂන් එක ටිකක්‌ වැඩියි. එහෙමයි කියලා අපිව විකුණලා ගන්න පන්දාහ, හය දාහයෙන් බාගයක්‌ අපිට දෙන්නෙ නෑ. සීයට ගානයි. ඒක ක්‌ලබ් එකෙන් ක්‌ලබ් එකට වෙනස්‌ වෙනවා…”

    ඇයගේ කතාවට දැහැන්ගතව සිටින අපිට කාලය ගෙවී යැම නොතේරෙන සේය. දැන් අප ඇයගේ පුංචි නවාතැනට පැමිණ හෝරාවකටත් වැඩිය. දවස ආලෝකවත් වීමට තව වැඩි කාලයක්‌ නැත. එහෙත් ගලා යන කතාව මැද අප කිසිවකුට ඈනුමක්‌ හෝ නොයන තරම්ය. ඇය විසින් පිළිගැන්වූ උණුසුම් කෝපි කෝප්පය ද අපගේ කතාවට මහත් උත්තේජනයක්‌ වූ බව නොකිවමනාය. ඇය මෙන්ම ගමන් සගයා වූ ත්‍රිරෝදකරු නම් ගම්වලින් දැන හැඳිනගැනීම මට පමණක්‌ සීමා වුවද, කතාව ඉදිරියට රැගෙන යැමට ඇය ‘කැරොකේ අක්‌කා’ යනුවෙන් ද ත්‍රිරෝදකරු ‘ආටා මල්ලි’ යනුවෙන් මන:කල්පිත නම්වලින් හැඳින්වීම මගේ කැමැත්තය. නැවත අපි ඇය කියන කතාවට සවන් දී සිටිමු.

    ”දැන් ගොඩක්‌ම නයිට්‌ ක්‌ලබ්වල කස්‌ටමර්ට හරි එයත් එක්‌ක එන කිහිප දෙනාට කැමැති විදිහට අවශ්‍ය ගානට කෙල්ලො අරගෙන වීඅයිපී රූම් එකක්‌ බුක්‌ කරගන්න පුළුවන්. වෙන අය නෑ. ඒ කිහිපදෙනයි අපියි විතරයි. ඩාන්ස්‌ කරලා, කාලා බීලා හිතේ හැටියට සතුටු වෙන්න පුළුවන්. බිල ටිකක්‌ ඩබල් වෙනවා. වීඅයිපී ගියහම අපිට ටිකක්‌ වැඩියෙන් බොන්න වෙනවා. ඒත් µන් එක වැඩියි. සම්තින් එකත් වැඩියි. නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන හැම කෙල්ලෙක්‌ම හොඳට සිගරැට්‌, අරක්‌කු බොනවා. සමහර අය මත්ද්‍රව්‍යයත් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම මත් පෙති වර්ග. ඒ ලෝකෙට ඕන විදිහට කෙල්ලො වෙනස්‌ වෙනවා.

    සිගරැට්‌, අරක්‌කු නැතිව නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන්න බෑ. ඒක අපේ වෘත්තියේම කොටසක්‌. නයිට්‌ ක්‌ලබ් එක ඇතුළේදී අපිට තියෙන්නේ කස්‌ටමර්ට සිගරැට්‌, අරක්‌කු විකිණීම. එක කරන්න ඕන පානියෙන්. වැඩියෙන් අරක්‌කු, සිගරැට්‌ විකුණන්න ඕන නිසා එයාගේ ඇඟ දැවටීගෙන තොඳොල් වෙලා කස්‌ටමර් ගන්න බෝතලයෙන්, සොට්‌ එකෙන් වැඩි ප්‍රමාණයක්‌ අපි බොන්න ඕනෑ. කට ගාවට බිව්වත් හොඳ සිහියෙන් ඉන්න ඕන නිසා නිතරම ශක්‌තිජනක පානය බෝතලයක්‌ තොල ගානවා. ක්‌ලබ් එකේ තියෙන ඉස්‌තරම්ම වර්ගයේ බයිට්‌ වර්ග ගන්න කියලා කස්‌ටමර්ලව පොළඹවනවා. අපි මොනවා කෑවා, බිව්වත් බිල ගෙවන්නේ අපිව තුරුලු කරගෙන ඉන්න කස්‌ටමර්ලාම තමයි. ශක්‌තිජනක බෝතල් කොච්චර බිව්වත් එළිවෙනකොට කෙල්ලන්ට කෙළින් ඉන්න බැරි තරමට වැඩියි. සමහර කෙල්ලන්ව නිර්වස්‌ත්‍රයෙන් පාරේ ඇවිද්දුවත් දන්නේ නෑ…”

    ”මේ ෆීල්ඩ් එකට මුලින්ම එන සමහර කෙල්ලො අරක්‌කු සිගරැට්‌ අතින්වත් අල්ලලා නෑ. ඒ වුණාට නයිට්‌ ක්‌ලබ් එකේ වැඩට ආපු පළමු දවසේම කෙල්ලට බොන්න වෙනවා. සමහර කෙල්ලො සොට්‌ එක අරගෙන ටික වේලාවක්‌ යනකොට හතරගාතේ දාලා වැටිලා ඉන්නවා. පව් ඉතිං… ඊට පස්‌සේ එකීට මොනව වෙනවාද කියලා කෙල්ල දන්නෙ වෙරි හිඳිලා ඇඟ රිදෙනකොට. ඒත් අලුතින් වෙන්න දෙයක්‌ නෑ. ඔක්‌කොම සෙල්ලම් ටික කරගෙන නැති නම් ක්‌ලබ් එකට කෙල්ලව හඳුන්වා දෙන අය බලහත්කාරයෙන් සෙල්ලං කරලා තමයි නයිට්‌ ක්‌ලබ් එකකට කෙල්ලෙක්‌ව බස්‌සන්නේ. සමහර කෙල්ලො ‘මේ අපායේ ඉන්න බෑ’ කියලා මුලදි පැනලා යන්න හදනවා. ඒත් ගැලවීමක්‌ නෑ. මුලින්ම නයිට්‌ ක්‌ලබ් එකකට එන කෙල්ලෙක්‌ව එළියට දාන්නේ මාසයක්‌ දෙකක්‌ ගියාට පස්‌සෙ. ඒ කාලය හිරේ ඉන්නවා වගේ තමයි. සතියක්‌ දෙකක්‌ යනකොට කෙල්ල ගානට අරක්‌කු සිගරැට්‌වලට වගේම හැම දේකටම පදම් වෙනවා…”

    ”ගමේදී වන්නමක්‌වත් නටලා නැති කෙල්ලො ක්‌ලබ් එක ඇතුළේදී හින්දි නිළියො වගේ ඩාන්ස්‌ කරනවා. ඇඟ ඇතුළේ ඉන්න නැට්‌ටුක්‌කාරිව, කාමය අවුස්‌සලා ගන්නේ අරක්‌කු සහ සල්ලි. ඒ දෙක එකතු වුණාට පස්‌සෙ කෙල්ලට මොනව වෙනවද කියලා එකී දන්නෙත් නෑ. ඊට පස්‌සෙ කෙල්ල කස්‌ටමර් ළඟ කුරු, කුරු ගාන පූස්‌ පැටියෙක්‌ වගේ තමයි. වෙනස තියෙන්නෙ පූසා දෙන දේ කාලා ඇඟේ වෙලෙනවා. නයිට්‌ ක්‌ලබ් පූසි කස්‌ටමර්ට කවනවා. ඒත් කෙල්ලො නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන්නේ ජීවත් වෙන්න ක්‍රමයක්‌ නැති නිසයි. එක කෙල්ලෙක්‌වත් රස්‌සාව ගැන සතුටින් කතා කරන්නේ නෑ. ඒත් ගමේ ගාමන්ට්‌වල බැණුqම් අහගෙන දවසම කඹුqරලා මාසෙ අන්තිමට ගන්න දහ පහළොස්‌දාහට වඩා නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන කෙල්ලො හම්බ කරනවා. නයිට්‌ ක්‌ලබ්වලයි, ගාමන්ට්‌වලයි කියලා වෙනසක්‌ නෑ. ගාමන්ට්‌වල ඉහළට යන්නයි, ක්‌ලබ්වල වැඩියෙන් හම්බ කරන්නයි කරන්න තියෙන්නෙ එකම දෙයයි.

    නයිට්‌ ක්‌ලබ්වල වැඩ කරන කෙල්ලන්ගේ ජීවිත අරක්‌කු සිගරැට්‌වලටම පිච්චිලා යනවා. ක්‌ලබ් එක විවෘත කරපු මොහොතේ ඉඳලා වහනකම් ඇතුළ සිගරැට්‌ දුම්වලින් පිරිලා. අපි හුස්‌ම ගන්නේ සිගරැට්‌ දුම. ජීවිතය කෙටියි. ලෙඩ දුක්‌ වැඩියි. ඒ වගේම තමයි නයිට්‌ ක්‌ලබ් ඇතුළේදී තියෙන අවදානම. හිටපු ගමන් කස්‌ටමර්ලා මරා ගන්නවා. එක කෙල්ලව බෙදාගන්න බැරිවත් ගහ මරා ගන්න අවස්‌ථා තියෙනවා. ඒවට මැදිවෙල අනන්තවත් කෙල්ලෝ තුවාල වෙනවා. මටත් එහෙම අත්දැකීම් දෙකක්‌ තියෙනවා. එක සිද්ධියකට මුහුණ දෙන්න වුණේ දෙහිවල නයිට්‌ ක්‌ලබ් එකක වැඩ කරන කාලේ. ඒකත් වුණේ කෙල්ලෙක්‌ව බෙදාගන්න බැරිව…’

    ”ඒ කෙල්ල හරිම ලස්‌සනයි. බෝල ගෙඩියක්‌ වගෙයි. කවුරුහරි එකෙක්‌ අමාරුවේ දාලා ‘දෙන්නත් එක්‌ක කොළඹ ගිහින් ජොබ් එකක්‌ කරලා සල්ලි ටිකක්‌ හම්බ කරගෙන කසාද බදිමු’ කියලා කෙල්ලව කොළඹ ගෙනත් තියාගෙන ඉඳලා නයිට්‌ ක්‌ලබ් එකකට විකුණලා කොල්ලා පැනලා ගිහිල්ලා. පොළොන්නරුව පැත්තෙ කෙල්ලෙක්‌. පවුලේ කෙල්ලොම තුන් දෙනෙක්‌. සතෙක්‌ කාලා තාත්තා නැති වෙලා. අම්මා කුලී වැඩ කරලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. මේ කෙල්ල පවුලේ දෙවෙනියා. ක්‌ලබ් එකට එනකොට අවුරුදු දාහතයි. ඒ ක්‌ලබ් එකේ ලොකු තැන ඉඳලා වටේ ඉන්න උනුqත් මාසයක්‌ දෙකක්‌ රෑ දවල් තියාගෙන ඉඳලා තමයි කෙල්ලව ක්‌ලබ් එකට අතහැරියේ. ඊට පස්‌සෙ ක්‌ලබ් එකේ වැඩ කරන අයියලත් නංගිව හොඳට බලා ගත්තා. කෙල්ලට කරන්න දෙයක්‌ නෑ. උගුලකට පැටලිච්ච සතෙක්‌ වගේ කවුරුහරි බේරගන්නකම් ඉන්නවා.

    මුලදි මම පුළුවන් තරම් උත්සාහ කළේ කෙල්ලව පන්නගෙන ගිහින් ගෙදරට භාර දෙන්න. හරි ගියේ නෑ. කෙල්ලගේ ලස්‌සන ඒකිගේ ජීවිතේ අවාසනාවටම හිටියා. ටික දවසක්‌ යනකොට එකී එක්‌ක ඉන්නම කස්‌ටමර්ලා එන්න පටන් ගත්තා. ක්‌ලබ් එකේ ආදායම වැඩි වෙනකොට කෙල්ලට වැටුණු බැරියර් වැඩි වුණා. පස්‌සෙ ඒකිව පන්නගෙන යන අදහස මම අතහැර දැම්මා. ඔහොම ඉන්නකොට දවසක්‌ මුලින් ආපු කොල්ලො දෙන්නෙක්‌ ඒ කෙල්ලවයි තව කෙල්ලෙක්‌වයි අරගෙන පැත්තකට වෙලා විනෝද වෙවී හිටියා. ඊට පැයකට විතර පස්‌සෙ කෙල්ලව හැමදාම ගන්න සෙට්‌ එකක්‌ බැස්‌සා…”

    ”මේ අපේ කෙල්ල. මේකිව අපිට දීපල්ලා” කියලා අර කොල්ලො දෙන්නට පොඩි සත්තමක්‌ දැම්මා.

    ”කොල්ලො නිශ්ශබ්දව ඉඳලා ඇස්‌වලින් කතා කරලා කෙල්ලට යන්න කිව්වා. අපි හැමෝම හිතුවා කේස්‌ එක එතැනින් ඉවරයි කියලා. ඒ සිද්ධිය වෙලා පැය භාගයක්‌ ගියේ නෑ. කොල්ලෝ පහළොවක්‌ විතර ආවා. කෙල්ලව ඉල්ලගෙන ආපු සෙට්‌ එකේ එකෙකුටවත් නැඟිටින්න දෙන්නෙ නැතුව ගැහුවා. බවුන්සර්ලටවත් නතර කරගන්න බැරි වුණා. එකම යුද පිටියක්‌. එකෙක්‌ ටේබල් එකක්‌ උස්‌සලා විසි කාලා. ටේබල් එකේ වීදුරු ලෑල්ල කැඩිලා කෑල්ලක්‌ ඇවිත් මගේ වම් අතේ වැදිලා කැපුණා. මම දවස්‌ තුනක්‌ ඉස්‌පිරිතාලෙත් හිටියා. එදා එළියට පැන්න ගමන් ඒ කෙල්ල මිසින් වුණා. ඊට පස්‌සෙ වෙන ක්‌ලබ් එකක වැඩ කරද්දී මට හම්බ වුණා. ඒ වෙනකොට කෙල්ල මටත් වඩා ඇඩ්වාන්ස්‌. වෙනම කාමරයක්‌ අරගෙන නතර වෙලා ජීවිතය හොඳටම එන්ජෝයි වෙනවා. කෙල්ල හොඳට හම්බ කළා. ඒත් ඉතුරු කරන බවක්‌ පෙනුණේ නෑ. උපදෙසක්‌ දීලාවත් ගොඩ ගන්න බැරි තත්ත්වයට වැටිලා හිටපු නිසා මම කෙල්ලව අතහැරලා දැම්මා…”

    ”අනිත් සිද්ධිය වුණේ කොල්ලුපිටියේ නයිට්‌ ක්‌ලබ් එකකදී. එතැන වුණේ එළියේ ගැටුමක්‌ ක්‌ලබ් එක ඇතුළේදී ඇවිලී යැමක්‌. එදා නම් ක්‌ලබ් එක ඇතුළ සම්පූර්ණයෙන්ම කුඩු පට්‌ටම් වුණා. කොහොමහරි බවුන්සර්ලා හයිරන් අල්ලලා දෙපැත්තේම අය එළියට දාලා ක්‌ලබ් එක වැහුවා. එළියේදී වෙඩිත් තියා ගත්තා. වැඩ කරපු කෙල්ලො තුන් හතරදෙනකු ගැටුමට මැදිවෙලා ඉස්‌පිරිතාලෙත් හිටියා. මට නම් ඉස්‌පිරිතාලේ ඉන්න වුණේ නෑ. බෙහෙත් දාගෙන ගෙදර ගියා. ක්‌ලබ් එක අරින්න මාසයක්‌ විතර ගියා. ඒ මාසෙම මම ගෙදරට වෙලා හිටියා…”

    ”මේ ජොබ් එකේදි ඒ වගේ සිද්ධි සාමාන්‍යයි. ඒවට බය වෙලා මේ ජොබ් එක කරන්නත් බෑ. නයිට්‌ ක්‌ලබ් ඇතුළේ තෙම්පරාදු වෙන්න, වෙන්න ජීවිතේට ලැබෙන අත්දැකීම් වැඩියි. අපිට මුණගැහෙන සමහර කස්‌ටමර්ලා බොහෝම ගුණයහපත්. ක්‌ලබ් එක ඇතුළේදී වුණත් උමතුවෙන් හැසිරෙන්නෙ නෑ. අපිට කරදර කරන්නෙත් නෑ. අපෙන් ගන්න සේවයට අන්තිමේ හොඳ ගෙවීමකුත් කරලයි යන්නේ. එහෙම අයගේ ෆොටෝ අපේ හිතේ ඇඳිලා තියෙන්නෙ. එහෙම කස්‌ටමර්ලා ක්‌ලබ් එකේ දොරෙන් ඇතුළු වෙනකොටම කෙල්ලො බදාගෙන පිළිගන්නේ. නැති නම් අපේ ඕනෑකමට නම්බර් එක දීලා ආයිත් එනකොට කෝල් කරලා එන්න කියනවා. එහෙම කස්‌ටමර්ලා එළියේදී මීට්‌ වෙන්න කතා කළත් දෙපාරක්‌ හිතන්නෙ නෑ එන්න කියන තැනකට යනවා. ඒ මිනිස්‌සුන්ගෙන් කරදරයක්‌ වෙන්නේ නෑ කියලා අපිට විශ්වාසයි.

    කොහොමත් අපි විකිණෙන එකේ හොඳ මනුස්‌සයෙක්‌ එක්‌ක ඉඳලා කීයක්‌ හම්බ වුණත් සතුටින් යන්න පුළුවන්. තව සමහර කස්‌ටමර්ලා ඉන්නවා බිව්වට පස්‌සෙ හැසිරෙන්නෙ පිස්‌සො වගෙයි. ළඟට ගන්න කෙල්ලට දස වද දෙනවා. බලෙන් අරක්‌කු පොවනවා. අරක්‌කු වීදුරුවලට හොරාට මත් පෙති දාලා දෙනවා. උන්ට ඕන අපිට වැඩි වුණාට පස්‌සෙ යට ඇඳුම් ගලවලා අපිව නටවන්න. එහෙම නටනකොට අපේ පපුව අස්‌සට සල්ලි කොළ දානවා. එක එක දේවල් කරනවා. වැඩි වෙලා සැටිවල වැතිරිලා හිටියොත් ඇඟට අරක්‌කු, වතුර වක්‌කරලා රස විඳිනවා. ඒවා උමතු රෝග. වැඩියෙන්ම ඔය වැඩ කරන්නෙ මදාවි කොල්ලො. ක්‌ලබ් ඇතුළට ඒ වගේ කස්‌ටමර්ලා ඇතුළු වෙනවා දැක්‌කම කෙල්ලො හැංගෙනවා.

    නයිට්‌ ක්‌ලබ්වලට ගොඩක්‌ම එන්නේ ජීවිතය හොඳට එන්ජෝයි කරන මිනිස්‌සු. සුළු ප්‍රමාණයක්‌ තමයි උමතු රෝගීන් එන්නේ. එහෙම සෙට්‌ එකකට කොටු වෙච්ච දවසට එළිවෙනකොට සෝපාවක්‌ උඩ දොයිය පතං තමයි. කිසිම සම්තින් එකකුත් නෑ. වෙරි හිඳුනට පස්‌සෙ ඇඟේ අමාරු හොඳ කරගන්න තවත් කීයක්‌ හරි වියදම් කරන්න ඕනා…” කැරෝකේ අක්‌කාගේ කතාවට විරාමයක්‌ නැත.

    උපුටා ගැනීමකි.

    රු. 30 පාකිං ටිකට් එකට වියරු වැටුණු රියදුරෙක් පොලු මුගුරු වලින් පන්නා පන්නා පහර දුන් හැටි (Video)

    By: Aththa Withthi On: 2/01/2017 01:24:00 PM
  • Let's Get Social

  • වාහන නවතා තැබීමේ ගාස්තුව ඉල්ලූ පුද්ගලයෙකුට රියදුරෙකු විසින් පහරදෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබෙනවා.

    එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහල පුද්ගලයා පවසන ආකාරයට මෙහි වාහන නවතා තැබීමේ ගාස්තුව රුපියල් 30කි.

    වැල්ලවත්ත ප්‍රදේශයේදී මෙය සිදුව තිබෙනවා.කෙසේ වෙතත් මෙසේ පහරදුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



    -nethgossip

    ඉඩම ලියා නොදුන් තරහට 86 මවගේ බෙල්ල කපා මරලා

    By: Aththa Withthi On: 2/01/2017 11:22:00 AM
  • Let's Get Social
  • ඉඩම නොදුන්නා යැයි පවසා තුන්වැනි පුතා ඊයේ (31දා) පෙරවරුවේදී සිය මවගේ බෙල්ලට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පින්දෙණිය පොලිසිය කියයි.

    මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, අටාල, බෝයගොඩ, හාලියද්ද ජනපදයේ පදිංචිව සිටි ඒ.ඩී. පොඩිනා නමැති හත්දරු මවකි.

    ඝාතනයට ලක්ව ඇති කාන්තාවගේ සැමියා මියගොස් ඇති අතර ඇගේ දෙවැනි දරුවාද මීට සතියකට පමණ ඉහතදී මියගොස් ඇත. සිය දියණිය සමඟ නිවෙසේ පදිංචිව සිට ඇති මෙම මවගේ වයස අවුරුදු 86කි.

    සැකකාර ඇගේ තෙවැනි පුතා විවාහ වී සිටින අතර ඔහුට දරුවන් තිදෙනෙකි. නීති විරෝධී මත් ද්‍රව්‍ය පෙරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන් මීට මාසයකට පමණ ඉහතදී රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැමිණ ඇත. සැකකරු නිතරම සිය මව සහ සහෝදරිය පදිංචි නිවෙස හා ඉඩම ලියා දෙන ලෙස ඉල්ලා ඇති අතර නිවෙස හා ඉඩම ලියා නොදුන් නිසා කීප අවස්ථාවකදීම මව සමඟ අඬදබර වී ඇත.

    පෙරේදා (30දා) පෙරවරුවේ යළි සැකකරු මවට බැන තර්ජනය කර ඇත. පසුව මව දියණිය සමඟ පින්දෙණිය පොලිසියට ගොස් පැමිණිල්ලක් කර ආපසු නිවෙසට පැමිණ තිබේ. පැමිණිල්ල සම්බන්ධයෙන් පින්දෙණිය පොලිසියේ නිලධාරියෙක් පෙරේදා (30දා) සවස විභාග කිරීමට පැමිණිලිකාරියගේ නිවෙසට පැමිණ ඇත. ඒ අවස්ථාවේ මව හා දියණිය නිවෙසේ නොසිටි නිසා පසුදින පොලිසියට පැමිණෙන ලෙස අසල්වැසි කාන්තාවකට දැනුම් දී ඇත.

    ඒ අනුව මෙම කාන්තාව සිය දියණිය සමඟ පින්දෙණිය පොලිසියට යෑමට නිවෙසින් පිටත්ව මීටර් 100ක් පමණ යමින් සිටියදී සැකකරු පැමිණ මවගේ බෙල්ල පිහියකින් කපා දමා ඇත. පසුව දියණිය සිය මව උස්සාගෙන රෝහලකට රැගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු යළි පිහියෙන් සහෝදරියගේ හිසට හා අත්වල ඇඟිලිවලටද කොටා ඇත. පසුව ඇය මව දමා දිව ගොස් ඇති අතර අසල්වාසීන් විසින් ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. මව එම ස්ථානයේදීම මියගොස් ඇති අතර දියණිය කෑගල්ල මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඝාතනයට ලක්වී ඇති කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (31දා) කෑගල්ල මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබිණි. සැකකරු පලා ගොස් ඇත. පින්දෙණිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පද්මපෙරුම මහතාගේ උපදෙස් පරිදි උප පොලස් පරීක්ෂක තෙන්නකෝන්, පොලිස් සැරයන්වරුන් වන තිලකසේන (29263), සේනාධීර (29154), මහගම (11293), පොලිස් කොස්තාපල් අක්මීමන (37456) යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.


    (දමුණුපොළ - චමින්ද ජයලත්, කෑගල්ල - බණ්ඩාර මද්දුමගේ_මව්බිම)

    ට්‍රම්ප්ට බ්‍රිතාන්‍යට ආරාධනා කිරීමත් සමග මහ රැජින අපහසුතාවට!

    By: Aththa Withthi On: 2/01/2017 11:05:00 AM
  • Let's Get Social
  • බ්‍රිතාන්‍ය අගමැතිනිය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘රාජ්‍ය සංචාරයක්’ සඳහා ආරාධනා කරනු ලැබීම මගින් බ්‍රිතාන්‍ය මහ රැජින අපහසු තත්වයකටපත්කර ඇති බව බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් රිකිට්ස් සාමිවරයා සඳහන් කර තිබෙනවා.

    බීබීසීයට අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යංශයේ හිටපු ස්ථිර ලේකම් රිකිට්ස් සාමිවරයා මේබව සඳහන් කර තිබුණා.

    එරිකිට්ස් සාමිවරයා සඳහන් කර ඇත්තේ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු බලයට පත්වී වසරක් ගතවීමට පෙර බ්‍රිතාන්‍යයේ ‘රාජ්‍ය සංචාරයකට’ ආරාධනා කිරීම පෙර නොදුටුවිරූ දෙයක් බවයි.

    සාමාන්‍ය නිල සංචාරයකට වඩා රාජකීය පිළිගැනීමක් රාජ්‍ය සංචාරයකදී ලැබෙන අතර එහිදී රටට පැමිණෙන නායකයා මහ රැජින විසින් පිළිගනු ලැබීම අනිවාර්ය වනවා.



    _නෙත්

    2016 වසරේ හොඳම ලාභ ලැබූ චිත්‍රපටය

    By: Aththa Withthi On: 2/01/2017 10:26:00 AM
  • Let's Get Social


  • 2016 වසරේ බොලිවුඩ් තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් උපයාගත් චිත්‍රපටය බවට අමීර් ඛාන්ගේ ‘දංගල්’ චිත්‍රපටය තේරී පත්ව ඇත. මේ වනවිටද තිරගත වෙන මෙම චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඉන්දීය රුපියල් කෝටි 750කට ආසන්න මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත. 

    එය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 380ක මුදලක් උපයාගෙන ඇති අතර, එහි ලාභ උපයා ගැනීම 320%ක ප්‍රතිශතයක් පෙන්නුම් කර තිබේ.

    මෙම චිත්‍රපටය පසුව පසුගිය වසරේ තිරගත වූ චිත්‍රපට අතරින් හොඳම ලාභයක් පෙන්වා ඇත්තේ සෝනම් කපූර් රඟපෑ ‘නිර්ජා’ චිත්‍රපටයයි. එහි ලාභ උපයා ගැනිම 260%ක ප්‍රතිශතකයක් පෙන්වා තිබේ. 

    සල්මාන්ගේ ‘සුල්තාන්’ අමිතාබ්ගේ ‘පින්ක්’, ආක්ෂේගේ ‘එයාර් ලිෆ්ට්’ හා ‘රස්තම්’ ෂාරුක්ගේ ‘ඩියර් සින්දගි’ හා ටයිගර්ගේ ‘භාගි’ චිත්‍රපට අනෙකුත් ලාභ ලැබූ චිත්‍රපට වේ.

    -saaravita

    නැගෙනහිර යුක්රේනයේ යුද ගැටුම් නිසා සිවිල් වැසියන්ට දැඩි බලපෑම්

    By: Aththa Withthi On: 2/01/2017 09:57:00 AM
  • Let's Get Social
  • නැගෙනහිර යුක්රේනයේ පවතින යුද ගැටුම් උග්‍රවීම හේතුවෙන් සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්වී තිබෙනවා.

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ අවතැන්ව සිටින සිවිල් වැසියන්ට ආහාරපාන මෙන්ම ජීවත් වීමට අවශ්‍ය ස්ථාන සොයා ගැනීම පවා මේ වන විට උග්‍ර අර්බුදයක් වී ඇති බවයි.

    එමෙන්ම යුක්රේන පුරා පවතින අධික ශීත කාලගුණය ද අවතැන් පිරිස් වෙත ඍජුවම බලපෑම් එල්ල කර තිබෙනවා.



    _හිරු

    අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟයේ සිදුවන වෙනස ?

    By: Aththa Withthi On: 2/01/2017 09:07:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන එක්දින තරඟය අද දකුණු අප්‍රිකාවේ ඩර්බන් හිදී ආරම්භවීමට නියමිතයි.

    අද තරඟයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන්ට වැඩි වගකීමක් පැවරෙන බවයි ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන් පෙන්වා දී ඇත්තේ.

    මේ අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා ප්‍රකාශ කර ඇත්තේ කිසිදු පීඩනයකින් තොරව අද පැවැත්වෙන දෙවන තරඟයට සිය කණ්ඩායම මුහුණ දෙන බවයි.

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පළමු එක්දින තරගය පැවැත්වුණේ පෝට් එළිසබත්හිදී.

    එම තරගය කඩුලු 8 කින් ජය ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

    මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒමේ අභියෝගය ද සමගින්.

    දෙවන එක්දින තරගය පැවැත්වෙන්නේ ඩර්බන් නුවර කිංග්ස්මීඩ් ක්‍රීඩාංගණයේදී.

    මීට පෙර මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරගයකදී එකිනෙකා හමුවි ඇත්තේ එක් වරක් පමණයි.

    2003 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව පැවැති එම තීරණාත්මක තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු සම වීමෙන් අවසන් වුණා.

    අද තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම තණතීරුව නිරීක්ෂණය කිරීමෙන් පසු තීරණය කිරීමට නියමිතයි.

    කෙසේ වෙතත්, දඟ පන්දු වන්නන්ට සහ දක්වන තණතිලිලක් කිංග්ස්මිඩ් ක්‍රීඩාංගණයේ බලාපොරොත්තු වීම අපහසු බැවින් ජෙෆ්රි වැන්ඩර්සේ අද තරගයට ක්‍රීඩා නොකිරීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

    එසේ වුවහොත් තුන් ඉරියව් ක්‍රීඩක සචිත් පතිරණට හෝ චතුරංග ද සිල්වාට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි ඩර්බන් නුවරින් වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා දෙවන එක්දින තරගය අද මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.

    _හිරු

    ගංගුගේ හිත රිදුණේ ඇයි?

    By: Aththa Withthi On: 2/01/2017 08:37:00 AM
  • Let's Get Social


  • ගංගු මේ දවස්වල රංගනයෙන් දකින්න ලැබෙන්නෙ නෑ නේද?ඒ මොකද?

    ඔව්. දැන් ඉතින් කොහොමත් වැඩ කෙරෙන්නෙ නැහැනේ. මේ දවස්වල ඉන්ඩස්ටි්‍ර එකෙත් වැඩ අඩුවෙන්නෙ කෙරෙන්නෙ.

    ඒ කියන්නේ කලාවේ පසුබෑමක් ඇතිවෙලා කියලා ගංගු හිතනවද?

    ඔව්. මම මේක දකින්නේ කර්මාන්තයක් විදියට. මේ කාලේදි නිර්මාණ කෙරෙන්නේ අඩුවෙන්. මේ කර්මාන්තය ඉහළ නඟින කාල, පහළ බහින කාල තියෙනවා. තව අවුරුදු දෙක තුනකින් මේ තත්ත්වය වෙනස් වෙන්නත් පුළුවන්. දැන් නම් කලාවට තියෙන්නේ හරිම අඩු තත්ත්වයක්. මේ විදියට ගියොත් කලාවට තියෙන අවශ්‍යතාවත් නැතිවෙලා යනවා.

    මෙහෙම කියන්නේ ගංගුට අවස්ථා නොලැබෙන නිසා නෙවෙයිද?

    නැහැ. මම කොහොමත් නිතර පේන්න හිටිය කෙනෙක් නෙවෙයි. මම වැඩ කරන්නෙ අඩුවෙන්. මම අවුරුද්ද පුරා වැඩ කරන කෙනෙක් නෙවෙයි. හැමෝම ජනප්‍රියත්වය පස්සෙ යන්න බලන්නේ. ඒත් මම නම් කැමැති හැම වෙලාවෙම ටිකක් කල් අරන් නිර්මාණවලට සම්බන්ධ වෙන්න.

    ගංගුට ක්‍ෂේත්‍රය ගැන කලකිරිලා කියලත් ආරංචියි. මොකක්ද ඒ කතාව?

    මම මේවා ගැන පත්තරවල කතා කරන්න කැමැති නැහැ. ඒක අවශ්‍ය නැහැ.

    නිළියක් වුණාම ගොඩාක් අයගේ ආදරය, ජනප්‍රියත්වය ලැබෙනවා. ගංගුට මේක දැනෙන්නේ කොහොමද?

    මට දැනෙන විදියට ලංකාවේ නිළියන්ව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. සමාජයේ ජනප්‍රියත්වයක් තිබුණට කාගෙවත් පිළිගැනීමක් නම් නැහැ. මම අත්දැකීමෙන් කියන්නේ. ඉස්සර නම් කලාවට වගේම කලාකරුවන්ටත් පිළිගැනීමක් තිබුණා. දැන් ගෞරවයක් නැති වෘත්තියක් වෙලා. ඒක ඇත්තටම කනගාටුවට කාරණයක්.

    ඒ විදියට කලාවට ගරුත්වයක් නැතිවෙන්න හේතු වුණේ මොනවද?

    ඒකට එක හේතුවක් කියන්න බැහැ. මුලින්ම අපි නියැළෙන වෘත්තිය ආරක්‍ෂා කරගන්න අපි දැන ගන්න ඕන. ඒකට අගෞරව කළොත් ඒකෙ ප්‍රතිඵලය විඳින්න වෙන්නෙත් අපිටමයි. කලාව කියන්නේ සාමූහික දෙයක්නේ. එක් කෙනෙක්ගේ වරද අනිත් අයටත් බලපෑමක් වෙනවා. මේක බලපාන්නේ නිළියන්ට විතරක් නෙවෙයි. කලාවට සම්බන්ධ වෙලා වැඩ කරන හැමෝටම එහෙම බාල තැනක් තමයි තියෙන්නේ.

    තමන් හරි විදියට ඉන්නවා නම් කතා හැදෙන්නේ නෑ නේද?

    මේක ජනප්‍රිය මාධ්‍යයක්නේ. ඒත් එක්කම කලාව කියන්නේ සාමූහික වැඩක්. ඒ නිසා කීපදෙනෙක්ගෙ හැසිරීම් නිසා ඒක හැමෝටම බලපානවා. කලාවේ ඉන්න අයව දකින්න මිනිස්සු කැමැති වුණාට දැන් අපිව ගණන් ගන්නේ නැහැ.

    මේ නිසාද ගංගු දැන් සිනමාවෙනුත් අෑත්වෙලා ඉන්නේ?

    ඒක නිසා නෙවෙයි. මම අන්තිමට හොරා පොලිස් චිත්‍රපටය කළා. ඊට පස්සේ නම් මම සිනමාවේ වැඩ කළේ නැහැ. අනිත් එක මම වැඩ කරන්න කලින් ඒවා කිය කිය ඉන්න කැමැති නැහැ. මම අනිත් අයට වඩා වෙනස් කෙනෙක්. මම කවුද කියලා මට පැහැදිලි කරන්නත් බැහැ.

    ගංගු අනිත් අයට වඩා වෙනස් කියන්නේ ඇයි?

    මේකයි මම ෆොටෝවල පෙනී ඉඳලා ආව ආර්ටිස්ට් කෙනෙක් නෙවෙයි. මම මෙතැනට ආවේ වැඩ කරලා. මාව විශ්වාස කරන කලාව ඇතුළෙ මම ඉන්නේ. මම නිර්මාණ කරන්නේ නිදහසේ. දිගින් දිගටම පෙනී ඉන්නත් මම කැමැති නැහැ.

    -ශාලිකා රංගනී සමරදිවාකර_මව්බිම

    දෙදරු මවට හමුදා විනයාරක්ෂකගෙන් අතවර - වීඩියෝත් කරලා - බිය ගන්වා මුදල් අරන්

    By: Aththa Withthi On: 2/01/2017 08:07:00 AM
  • Let's Get Social
  • වරකාපොළ, ඇත්නාවල ප්‍රදේශයේ දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික හිරිහැර කරමින් එම අවස්ථාව වීඩියෝ ගත කරගෙන තමන් සන්තකයේ තබාගනිමින් වරින්වර එම කාන්තාව බිය ගන්වා මාසිකව මුදල් ඉල්ලූගත් මුලතිව් යුදහමුදා කඳවුරට අනුයුක්ත විනයාරක්ෂක නිලධාරියකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රොෂාන් සේනාරත්න මහතා පවසයි.

    නීති විරෝධී මත්පැන් සොයන මුවාවෙන් නිවෙසට තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවෙසේ සිටි මෙම දෙදරු මව කාමරයකට රැගෙන ගොස් බලහත්කාරයෙන් මුදල් ඉල්ලා බියගන්වා අතවරයකට ලක්කර ඇති බවට හමුදා භටයාට එරෙහිව වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

    හමුදා නිලධාරියා මේ කාන්තාව බිය ගන්වා ඔහුගේ බැංකු ගිණුමකට බලහත්කාරයෙන් මුදල් තැන්පත් කරවාගෙන ඇති බවටද තොරතුරු අනාවරණය වේ.

    නිවෙසට අනවසරයෙන් ඇතුළු වී සිටීම හේතුවෙන් ඉකුත් 15 වැනි දින මෙම යුද හමුදා නිලධාරියාට එම නිවෙසෙහි ගෘහ මූලිකයා වූ අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා පහරදීමක් සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

    පහරකෑමට ලක්වූ යුද හමුදා නිලධාරියා ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
    වරකාපොළ පොලිසියද මේ සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබේ.



    (චාමර අමරසූරිය_මව්බිම)