25 February, 2017

ගැසට් කළ ප්‍රමිතියේ ‘හෙල්මට් ඇත්තේ ‘කොයි කඩේ ද

By: Aththa Withthi On: 2/25/2017 09:42:00 AM
  • Let's Get Social
  • යතුරුපැදි හිස්වැසුම් පැලඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 10ක් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් ආරක්ෂිත හිස්වැසුම්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ පවතිනවා.

    යතුරුපැදිකරුවන් පවසන්නේ ප්‍රමිතියෙන් යුක්ත හිස්වැසුමක් පැලඳිය යුතු බවට ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇතත් වෙළෙඳපොළේ ඇති හිස්වැසුම්වල ප්‍රමිතිය ගැටලූ සහගත බවයි.

    ඉකුත්දා නිකුත් කෙරුණු මෙම ගැසට් පත්‍රයට අනුව යතුරුපැදියක් පදවන තැනැත්තෙකු පළඳින හෝ භාවිත කරන සෑම ආරක්ෂක හිස්වැසුමක්ම ශ්‍රී ලංකා ප්‍රමීතීන්ට අනුකූල විය යුතු වනවා.

    එමෙන්ම හිස්වැසුමෙහි ගුණාත්මකභාවයට අදාළ කරුණු රැසක් ද ඊට ඇතුළත්.

    ආරක්ෂක හිස්වැසුමක වර්ණය පැහැදිලිව පෙනෙන බාහිර මතුපිටින් කිසිදු ආලෝක පරාවර්ථනයක් සිදුනොවන සියයට 90ක්ම තනි වර්ණයකින් යුක්ත විය යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

    මෙවැනි ප්‍රමිතියකින් යුත් ආරක්ෂිත යතුරුපැදි හිස්වැසුම් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබේද යන්න නෙත් නිවුස් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ධර්මවර්ධනගෙන් විමසා සිටියා.

    එහිදී ඔහු සඳහන් කළේ හෙල්මට් 5කට ප්‍රමිති සහතිකය දැනට ලබා දී ඇති අතර ආයතන 12ක් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බවයි.



    _නෙත්ගොසිප්

    අවුරුදු 18 ත් 45 ත් අතර වයස්කරුවන්ට නැගෙනහිර ලිබියාවෙන් පිටවීම තහනම්

    By: Aththa Withthi On: 2/25/2017 09:20:00 AM
  • Let's Get Social
  • නැගනහිර ලිබියාව, වයස 18 ත් 45 ත් අතර පසු වන කාන්තාවන් හා පුරුෂයන් සඳහා රටින් පිටව යාම තාවකාලිකව තහනම් කර ඇතැයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරයි.

    එරට ප්‍රාදේශීය ආරක්ෂක අංශ වාර්තා වලට අනුව මෙවැනි නියෝගයක් පැනවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ජනතාව විදෙස් ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සම්බන්ධ වීම වැළැක්වීමයි.

    කෙසේ වෙතත් මෙම නව නියෝගය එරට ජනතාවගේ විරෝධයට පත්‍ර වී ඇති බව ඔවුන් තවදුරටත් කියා සිටියි.



    _මව්බිම

    බිරියට ආදරේ පෙන්නපු විරාජ් නිළියෝ දෙන්නෙක්ට කැමැත්තෙන්

    By: Aththa Withthi On: 2/25/2017 08:50:00 AM
  • Let's Get Social

  • මේ දවස්වල විරාජ් පරමාදර්ශී සැමියෙක් විදියට ජනප්‍රියයිනේ..?

    ඔය කියන්නේ මම ෆේස්බුක් එකේ දාපු පෝස්ට් එක ගැන වෙන්න ඇති. මම මගේ බිරිය ගැන ෆේස්බුක් එකේ තබපු සටහනක් ගොසිප් සයිට්වලත් පළ වුණා.

    හිටිහැටියේ බිරිය ගැන එවැනි පළකිරීමක් කරන්න හිතුවේ..?

    රැකියාව සහ ෂූටිං නිම කරලා ගෙදර ආපු එක දවසක තමයි මම ඒ පළ කිරීම කළේ. මගේ බිරිය මට ලැබෙන්නේ පාසල් කාලේ ඉඳන් තිබ්බ ආදර කතාවේ ප්‍රතිඵලයක් විදියට. දැන් අපිට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව ඉරුෂි. එයාට අවුරුදු දෙකයි. පුතා රයන්ට වයස මාස දෙකයි. තාත්තා කෙනෙක් වුණාම අම්මා කෙනෙක්ගේ හැඟීමත් තේරුම් ගන්න පුළුවන්. මට හිතුණා මගේ බිරිය මගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න දරුවෝ දෙන්නෙකුත් දීලා කොච්චර කැප කිරීමක්ද කරන්නේ කියලා. මම ඇගේ ඒ කැපකිරීම අගය කරලා ඒ සටහන කළේ.

    ඇත්තටම බිරියට තියෙන ආදරේ පෙන්නන්නද නැත්නම් තමන් ආදරණීය සැමියෙක් කියලා රටට ලෝකෙට පෙන්නන්නද ඕන වුණේ..?

    ඒක එක එක විදියට පේන්න පුළුවන්. මගේ පවුල හොඳ මට්ටමේ තියෙන පවුලක්. ඉතිං මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ඒ අයගේ ජීවිතත් මගේ පවුල් ජීවිතේ වගේ තත්ත්වයකට ගේන්න පුළුවන් නම් ඒක හොඳ දෙයක්. මම මගේ පවුල ගැන මගේ ප්‍රොෆයිල් එකේ පෝස්ට් එකක් දැම්මේ. එහෙම දැම්මත් නොදැම්මත් මම පවුල් ජීවිතය හොඳට ගත කරන වගකීම් දරන පියෙක්. මේ වගේ හැඟීමක් සැමියන්ගේ හිතේ තියෙන්න පුළුවන්. ඒත් මම ඒ හැඟීම සටහනක් විදියට තිබ්බා. ඒකයි වෙනස.

    මේ වගේ දේකින් විරාජ් ජනප්‍රියත්වයද හෙව්වේ..?

    මම මගේ බිරිය කළ සේවය ඇගයුවේ. මම මේ වගේ දේකින් ජනප්‍රියත්වය හෙව්වේ නැහැ. ක්ෂේත්‍රයේ මම ජනප්‍රිය නැතිව ඇති. මම උස මහත නළුවෙක් නෙවෙයි. හැබැයි මම කරපු දේවල්වලින් ප්‍රේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය දිනාගත්තා. ඒ ජනප්‍රියත්වය තියෙද්දි මේ වගේ දේකින් මට ජනප්‍රිය වෙන්න වුවමනා නෑ.

    විරාජ් බිරිය ගැන කරපු පළ කිරීමට දොස් කියපු අයත් හිටියා නේද..?

    බිරිය කැත වුණේ දරුවෝ දෙන්නෙක් මට දීපු නිසා කියලා මම කිව්වා. ඇයගේ රූපය වෙනස් වුණේ මම නිසා. ඒ පළ කිරීම සමහරු විවේචනය කරලත් තිබුණා. බිරිය ගැන කාටවත් තියන්න බැරිවුණු සටහනක් මම තිබ්බේ. මම කියපු දේ ආදරෙන් පිළිගත්ත අයත් හිටියා.

    ඇත්තටම බිරිය කැත වෙලාද..?

    මට පැහැදිලි කරන්න ඕන වුණේ මුල් කාලේ හිටියට වඩා පෙනුමෙන් එයා වෙනස් වෙලා කියලා. කැතවෙලා කිව්වේ ඒකයි.

    බිරියගේ අගය ගොඩාක් දැනිලා වගේ..?

    චතූ කියන්නේ ඉවසීමක් දරාගැනීමක් තියෙන කෙනෙක්. ඇත්තටම මගේ බිරිය දෙවියෝ මට දුන්න තෑග්ගක්.

    විරාජ් සුරූපී රංගන ශිල්පිනියෝ එක්ක ඕන තරම් රඟපාලා ඇති. ඒ කිසිම කෙනෙක් ගැන විශේෂ හැඟීමක් දැනිලා නැද්ද..?

    මම තරුණ රංගන ශිල්පිනියෝ එක්ක වැඩ කරලා තියෙනවා. හැබැයි මගේ වැරැදි හැසිරීම් නැහැ. ලස්සන ලස්සන කොච්චර දේවල් හම්බවුණත් ඒ හැමදේම පස්සේ ඉබාගාතේ දුවන්න බෑ. හැබැයි අපිට තවත් අයගේ විශේෂකම් දැනෙනවා. ඒක ඕන කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් දෙයක්.

    එකට රංගනයට සම්බන්ධ වුණු රංගන ශිල්පිනියන්ගෙන් විරාජ් කාටද වඩාත් කැමැති..?

    මම නයෝමි තක්ෂිලාට කැමැතියි. මොකද ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම විනු සිරිවර්ධනටත් කැමැතියි. ඒ ඇගේ නිහතමානීකමට.

    අරුමවන්තිගෙන් පස්සේ විරාජ් පුංචි තිරයේ තව පියවරක් තියන්න යනවා කියලා ආරංචියි..?

    ඔව්. මම ලිලන්ත කුමාරසිරිගේ "මුතුමාලි" ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒකේ මම නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතය නෙවෙයි. හැබැයි ඒක මාව දැකලා තියෙනවාට වඩා වෙනස් විදියට දකින්න පුළුවන් චරිතයක්. ලිලන්ත කුමාරසිරි තමයි ඉඳුවරී ටෙලි නාට්‍යයෙන් මාව ටෙලි නාට්‍යවලට ගෙනාවේ. ඉතිං මට මේ අවස්ථාවත් ඔහුගෙන් ලැබුණා.

    ටෙලි නාට්‍ය නළුවා කියනවට වඩා විරාජ්ට ලේබල් වැදිලා තියෙන්නේ මියුසික් වීඩියෝවල රඟපාන නළුවා කියලා. විරාජ් ඒකට කැමැතිද..?

    ඔව්. මම ඒක කැමැත්තෙන් භාරගන්නවා. මම මේ වෙනකොට මියුසික් වීඩියෝ එකසිය පනහක විතර රඟපාලා තියෙනවා. මියුසික් වීඩියෝව කියන දේ පහළම මට්ටමේ මනුස්සයාගේ ඉඳන් ඉහළම කෙනා දක්වා බලනවා. පරණ, අලුත් ශිල්පීන්ගේ මියුසික් වීඩියෝවලට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ වැඩේ ජනප්‍රිය කරගන්න මාව පාවිච්චි කරනවා. මට ඒ ගැන සතුටුයි.

    ඊළඟ පියවර සිනමාවද..?

    මගේ අවසාන ඉලක්කය සිනමාව. මම වෙළෙඳ දැන්වීම්, ටෙලි නාට්‍ය, මියුසික් වීඩියෝ කියන මාධ්‍ය තුනේම රඟපානවා. සිනමාවටත් ළඟදීම එකතු වෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    -තිළිණි කෞෂල්‍යා විජේසිංහ_මව්බිම

    24 February, 2017

    කැකිරාවේ කෙල්ලෝ 18 ක් පෙම්වතා අතින් අපයෝජනය වෙලා

    By: Aththa Withthi On: 2/24/2017 07:55:00 PM
  • Let's Get Social


  • පසුගිය වසර තුල කැකිරාව පොලිස් වසම තුල තරුණියන් 18 දෙනෙකු පේ‍්‍රම සම්බන්ධතා හේතුවෙන් අපයෝජනයට ලක් වූ බව වාර්තා වෙනවා. මෙහෙම කියන්නේ කැකිරිවේ පොලිස් ස්ථානාධිපති ජගත් පුෂ්ප කුමාර කැකිරාව බස්තියන් සිල්වා විද්‍යාලයේ සිසු සිසුවියන් දැනුවත් කිරීමේ උත්සවයකදී ඔහු මේ බව කියා සිටියා.

    බොහෝ දෙමාපියන් තම තරුණ දරුවන් පිළිබඳව අවධානයෙන් නොසිටීම මෙවන් විපාක වලට මුල බව පවසන ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ තමන් විසින් පාසල් ළමුන්ට කැකිරාව බස් නැවතුම් පොලේ තැන් තැන් වල රස්තියාදු ගැසීමද තහනම් කර ඇති බවයි.

    ළමුන්ට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ ඇත්තටම ඔවුන් දුර දිග නොහිතා ඇති කර ගන්නා පේ‍්‍රම සම්බන්ධතා නිසයි. පන්ති යනවා ඉස්කෝලේ යනවා කියලා ළමයි ගෙදරින් එනවා. අම්මා තාත්තා හොයලා බලන්න ඕන මෙහෙම ගෙවල් වලින් එන දරුවෝ ඇත්තටම යන්නේ ඉස්කෝලෙටද පන්තියටද කියලා.

    පොලිස් ස්ථානාධිපතිවරයා මෙවන් සෝචනීය තත්ත්වයන්ගෙන් පුංචි පරම්පරාව මුදවා ගැනීමේ එක් පියවරක් ලෙස ත‍්‍රීරෝද රථ රියදුරන්, ෆාමසි සහ තානායම් වල හිමිකරුවන්ද දැනුවත් කර ඇති බවද වැඩිදුරටත් සදහන් කලා. අවුරුදු 18 ට අඩු ළමුන්ට තානායම් කාමර වලට යන්න බෑ. නීතිය ඒකයි. මා ඒ පිළිබඳවද සියඵ දෙනා දැනුවත් කරලා තියෙන්නේ.

    මොනවා වුනත් කැකිරාව පොලිස් ස්ථානාධිපතිතුමාට වගේම අනිත් පලාත් වල පොලිස් ස්ථානාධිපතිවරුන්ටත් මේ සිතුවිල්ලම පහල වුනොත් ඒක ජාතියෙත් රටෙත් මතු පරම්පරාවෙත් වාසනාව වේවි.

    ත‍්‍රිරෝද රථ රියදුරෙකුට සාමාන්‍යයෙන් රු 50 ක දුර හයර් එකට රුපියල් 200 ක් කපා ගන්න හම්බවෙන්නේ මේ වගේ ඉස්කෝලේ කෙල්ලෙක් කොල්ලෙක් කුලී කාමරයක් හොයා ගෙන ත‍්‍රීවිල් එකට නැග්ගොත් තමයි. අද පෙම්වතුන්ට කුලී කාමර හොයන අයට මග පෙන්නන්නන් වෙලා තියෙන්නෙත් සමහර ත‍්‍රීරෝද රථ. රුපියල් 1000 ක විතර කාමරයක් රු 2000 ට විතර පැය 02 ට වගේ කාලයකට හම්බ කර ගන්න තානායම්කරුවෙකුට අවස්ථාව ලැබෙන්නෙත් මේ වගේ පාසල් ජෝඩු ආවොත් තමයි.

    ඒ හින්දා ත‍්‍රීරෝද රථ කරුවන් තානායම් හිමිකරුවන් දැනුවත් කලාට විතරක් මදි. ඔවුන් ඒක ඒ විදියටම පිලිපදිනවද කියලත් නීතිය රකින නිලධාරීන් සොයා බැලිය යුතුයි.

    _ගොසිප්කින්ග්

    ‘එකගෙයි මිනිස්සු’ ජගදීෂ්ට ‍මම අනුකම්පා කරනවා!

    By: Aththa Withthi On: 2/24/2017 05:11:00 PM
  • Let's Get Social
  • මේ දවස්වල සාර්ථක ලෙසින් තිරගතවන ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයේ වලගම්බා රජුගේ චරිතය ඉතා සුසිනිඳු රංගන ශෛලියක් අනුගමනය කරමින් අතිශය සාර්ථක ලෙස රඟන ජනප්‍රිය නළු උද්දික ප්‍රේමරත්න මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශනය වන එකගෙයි මිනිස්සු ටෙලි නාට්‍යය මගින් ඉදිරිපත් කරන්නේ ඊට ඉඳුරාම වෙනස් රංගන ශෛලියක් ඉතින් ලක්බිම ඔන්ලයින් අදහස් කළා උද්දිකගෙන් ඒ ගැන දැනගන්න.

    ‘එකගෙයි මිනිස්සු’ ටෙලි නාට්‍යයේ ඔබ රඟපාන ජගදීෂ් නම් ‘කළු සුද්දා’ගේ චරිතය ගැන මොකද හිතන්නේ?

    නූතන සමාජ ආර්ථිකය විසින් නිර්මාණය කරපු ඔය චරිතය සෝමවීර සේනානායක සූරීන් ටෙලි කතා පිටපත තුළින් විශිෂ්ට විදිහට ප්‍රති නිර්මාණය කරලා තියනවා;

    ජගදීෂ්ගේ චරිතයේ අභ්‍යන්තරය ගැන මොකද උද්දික හිතන්නේ?

    යුරෝපා රටවල ජීවත්වෙන අපේ සමහරු ඒ සමාජ සංස්කෘතික රටාවේ මතුපිට ස්වරූපය ආටෝපකාරී විදිහට අපේ සමාජය හමුවේ ඉදිරිපත් කරනවා. ඒ ප්‍රධාන වශයෙන් තමන් ගේ ජීවිතයේ යහපැවැත්ම වෙනුවෙන්. එක ගෙයි මිනිස්සු ටෙලි නාට්‍යයේ ජයදීෂ් බටහිර සංස්කෘතික රටාවේ පොත්ත විතරක් ආටෝපකාරී ලෙස අපේ සමාජයට ඉදිරිපත් කරමින් නොයෙකුත් ලෞකික ලාභ අපේක්ෂාවන් ලුහුබඳින කෙනෙක් විදිහටයි මම දකින්නේ.

    ඔබේ රඟපෑම පැත්තකින් තියලා අපි හිතමු ජගදීෂ් කියන්නේ මේ සමාජයේ ජීවත් වෙන ඇත්තම චරිතයක් කියලා; මොකක්ද උද්ධිකගේ හිතේ ජගදීෂ් පිළිබඳව ඇති වෙන වැටහීම?

    ඇත්තෙන්ම මේක වර්තමාන සමාජ ආර්ථික ක්‍රමයේ නොවිධිමත් බව මතින් නිර්මාණය වන අතුරුපළයක්. අපේ වර්තමාන සමාජ - ආර්ථික රටාව මීට වඩා සවිමත් හා ස්ථාවර මට්ටමක තිබුණා නම් ජගදීෂ්ලා වැනි මාදිලි සමාජයේ නොතිබෙන්න ඉඩ තිබුණා.

    නමුත් මම හිතනවා දෙමාපියන් ගැනවත් සම්මත සදාචාරය ගැනවත් තැකීමක් නොතකන ජගදීෂ් වගේ අයගෙන් සමාජයට අයහපත් බලපෑමක් ඇති වෙනවා කියලා.

    නොවිධිමත් සමාජ ආර්ථික පසුබිමක් තුළ සංස්කෘතික සහ සදාචාර සෝදාපාළුවක් ඇතිවීම වලක්වන්න බැහැ තමයි.

    ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් ඉතා සංයමශීලී රඟපෑමක් ඉදිරිපත් කළ ඔබ මේ ටෙලි නාට්‍යයේ එක්තරා අන්දමක අධි රංගනයක් සඳහා යොමු කළේ අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ‍ශිවගුරුනාදන් නේද?

    ශිවා අයියා කවදාවත් එහෙම කරන කෙනෙක් නෙවෙයි. එයා කරන්නේ තිරකතා පිටපත බලලා ඒකට වඩාත්ම සුදුසුයි කියලා එයා තීරණය කරන නළුවාට හෝ නිළියට ඒ චරිතය බාරදීලා; සාර්ථකත්වයක් ලබා ගන්න අධ්‍යක්ෂක වරයෙක්. එහෙම නැතුව එයා කිසිම දවසක නළුවන්ට නිළියන්ට තමන් රඟපාන චරිත ‘කොටලා පොවන්න’ හදන්නේ නැහැ; කොහොම වුණත් ජගදීෂ් කියන්නේ තමන් ජීවත් වෙන සමාජය හමුවේ ව්‍යාජ ආටෝපයක් මවා පාන වෙනස් ආකරයක; වියුක්ත (Abstract) චරිතයක් නේ. ඉතින් ඒවගේ චරිතයක් නිරූපනය කිරීම සඳහා මට තියෙන්නේ දෙබස්, භාව ප්‍රකාශන (expressions) සහ අංග චලන කියන මාධ්‍ය තුන විතරයි. ඒ හින්දා ඒක අධි රඟපෑමක් හැටියට යමකුට පෙනුණත් ඇත්තෙන්ම ඒක අධි රඟපෑමක් නෙවෙයි. එහෙම තමයි ඒ චරිතයේ හැටි.

    අවසන් වශයෙන් කියන්න උද්දික ඔය ජගදීෂ් කියන සැබෑ චරිතයට ආදරය කරනවද? වෛරකරනවද?

    මම කරන්නේ ඔය දෙකම නෙවෙයි.

    එහෙනම්?

    මම ජගදීෂ් මාදිලියේ මිනිසුන් සමාජයෙන් යටපත් කරගෙන හිදින අසරණකම මුල් කොට ඔවුන්ට අසීමාන්තිකව අනුකම්පා කරනවා.



    -තිලක් සේනාසිංහ_ලක්බිම

    අමුතුම ආකාරයේ ලොම් සහිත අසාමාන්‍ය මුහුදු ජීවියෙකු පිලිපීන වෙරළට ගොඩ ගසයි

    By: Aththa Withthi On: 2/24/2017 04:50:00 PM
  • Let's Get Social
  • ලොම් සහිත අමුතුම ආකාරයේ මුහුදු ජීවියෙකු පීලිපීන කැග්ඩයිනෝ වෙරළට ගොඩගසා තිබේ.

    මේ වන විට බොහෝ දෙනෙක් මෙම සත්වයා නැරඹීමට හා සෙල්ෆි ජායාරූප ගැනීමට ඩිනකට් දූපත වටා එක් රොක් වන බව දැනගන්නට ලැබේ.

    මෙම සත්වයා අඩි 20 පමණ දිගු යැයි කියනු ලැබේ.

    මෑතකදි සිදුවූ භූමිකම්පාව නිසා මෙම සත්වයා වෙරළට ගසා එන්නට ඇතැයි ඔවුන් සැක පහළ කරයි.

    තවද භූමිකම්පාවත් සමග අසාමාන්‍ය මුහුදු ජීවින් ගණනාවක්ද ඒ අවට දූපත්වල වෙරළ තීරයන්ට ගොඩගසා විත් තිබේ යැයි වාර්තාවේ.













    _නෙත්ගොසිප්

    කිම්ව පරද්දන අලුත්ම තරුව මෙන්න

    By: Aththa Withthi On: 2/24/2017 04:23:00 PM
  • Let's Get Social


  • කිම් කාර්ඩිෂන් කියන්නේ කවුරුත් දන්න තරුවක්නේ. ඉතිං කිම් ගොඩක් ප්‍රසිද්ධ වන්නේ ඇයට තියෙන පිරිපුන් සහ හැඩකාර ශරීරය නිසයි. 

    නමුත් ඒ ඇය විසින් එම ශරීරයේ හැඩය සහ පිරිපුන් බව වැඩිකරගෙන තියෙන්නේ ඖෂධ වර්ගවලින් බව කවුරුත් දන්නා දෙයක්. අද අපි කියන්නේ කායවර්ධන නිරූපණ ශිල්පිනියක් ගැනයි.

    ඇය නමින් ඩොලී කැස්ට්‍රෝයි. ඇය පිළිබඳව මේ දිනවල විදෙස් මාධ්‍ය අවධානය යොමුවෙලා තියෙන්නේ ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ අනුගාමිකයන් මිලියන 05කට වැඩි සංඛ්‍යාවක්, ට්විටර් ගිණුමේ ලක්ෂයකට අධික රසික පිරිසක් සහ ඇයගේ ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 18කට අධික පිරිසක් ඇයට එකතු වීම නිසාවෙන්. 

    මැය මේ වනවිට සමාජ වෙබ් අඩවිවල බොහෝ ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ ඇයගේ ශරීර නිසාවෙනි.

    කෙසේ නමුත් මැය මේ වනවිට අධික මිලක් අය කරන කායවර්ධන නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වයි.




    _ගොසිප්කින්ග්

    කාන්තා යෝනි ශ්‍රාවයෙන් බියර් නිෂ්පාදනය කරයි

    By: Aththa Withthi On: 2/24/2017 03:45:00 PM
  • Let's Get Social


  • නෙදර්ලන්ත සමාගමක් විසින් කාන්තාවන්ගේ ශරීරයෙන් නිකුත්වන යෝනි ශ්‍රාවය යොදාගනිමින් නිෂ්පාදනය කළ බියර් වර්ගයක් හදුන්වා දී තිබෙනවා.

    චෙකොස්ලෝවැකියානු නිරූපිකාවක් යොදාගනිමින් මෙම බියර් වර්ගය නිෂ්පාදනය කරනු ලබන අතර ඒ සඳහා ඉහළ ඉල්ලුමක්ද පවතින බව වාර්තා වී තිබෙනවා.

    පුතාට කොණ්ඩය කපන්න යැයි කීවාම තාත්තා මඟ රැක සිට විදුහල්පතිට පහර දීලා

    By: Aththa Withthi On: 2/24/2017 03:28:00 PM
  • Let's Get Social
  • ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියකු හා ඔහුගේ සහෝදරයකු විසින් පෙරේදා (22දා) පස්වරුවේ පහරදී ඇති බව පෝද්දල පොලිසිය පවසයි.

    එම සිසුවාට කොණ්ඩය කපාගෙන එන ලෙස අවවාද කිරීම නිසා විදුහල්පතිවරයාට සිසුවාගේ පියා හා ඔහුගේ සහෝදරයකු විසින් පහරදී තිබේ. විදුහල්පතිවරයා පෙරේදා පස්වරුවේ කහදුවත්ත හන්දියට පැමිණි අවස්ථාවේ මේ පහරදීම වී ඇති බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

    විදුහල්පතිවරයාට පහරදීම සම්බන්ධව ඊයේ උදෑසන පාසල් දරුවන්ගේ මවුපියන් හා ගුරුවරුන් අතරද උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතුණි. පාසල අවට රැඳී සිටි මවුපියන් විදුහල්පතිවරයාට පහරදීම හෙළා දකිමින් පෝස්ටර්ද අලවා තිබිණි.

    පහරදීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පියා සහ ඔහුගේ සහෝදරයා ඊයේ (23දා) පොද්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ උදෑසන ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් වස්තුහේවා මහතා පාසලට පැමිණ පහරදීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වී ඇති බව මවුපියන්ට හා ගුරුවරුන්ට ප්‍රකාශ කළේය. එම නිසා පාසලේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙස ඔහු ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පෝද්දල පොලිස් ස්ථානාධිපති රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.



    -ගාල්ල _ ලලිත් රුහුණගේ, කේ.ඒ. එස්. කුමාර සහ අක්මීමන - තේජා සිංහබාහු_මව්බිම

    ආබාධිත දැරියකට අතවර කරමින් සිටියදී ත්‍රීවීල් රියැදුරෙක් අත්අඩංගුවට

    By: Aththa Withthi On: 2/24/2017 03:16:00 PM
  • Let's Get Social
  • කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් ළමයින් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක ගෙන යනු ලැබූ 13 හැවිරිදි ආබාධිත බාල වයස්කාර දැරියක් ත්‍රිරෝද රථය තුළදී එහි රියැදුරා විසින් අපයෝජනයට ලක්කරමින් සිටින අවස්ථාවේදී සැකකාර රියැදුරා අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි.

    විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත දැරිය සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසුව ත්‍රිරෝද රථයේ නංවාගෙන තවත් ළමයින් පිරිසක් ඉගෙනුම ලබන තවත් පාසලක් ආසන්නයට යන බවත්, අනෙක් සිසුන්ගේ පාසල අවසන් වනතුරු බාල වයස්කාර දැරිය ත්‍රිරෝද රථයේ රඳවාගෙන අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවූ බව කඹුරුපිටිය පොලිසිය පවසයි. සැකකරු 54 හැවිරිදි දෙදරු පියෙකි.

    දැරිය සිය මවුපියන් භාරයේ වෛද්‍ය පරීක්ෂණයන් සඳහා රෝහලට ඇතුළත් කර ඇත. කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. යූ. ජයශාන්ත මහතාගේ උපදෙස් පරිදි කඹුරුපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. පී. සරත් ශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.



    -මාතර - දර්ශන කොඩිතුවක්කු_මව්බිම

    කාමරේදී මං දැකපු දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා - ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා

    By: Aththa Withthi On: 2/24/2017 03:00:00 PM
  • Let's Get Social
  • ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා...

    දුව රෝස මලක් වගේ හැඩකාර කෙල්ලෙක්..

    අම්මා වගේම තාත්තා තමන්ගේ දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න මොන තරම්නම් කැපකිරීම් කරනවද., දුක් විදිනවද.

    ඒත් ඒ දුක, වේදනාව හදුනන්නේ නැති දරුවෝ කරන වැඩ නිසා අම්මා තාත්තට සැනසීම වගේම සතුටත් නැතිවෙලා යනවා.

    වැරදි ඇසුරවල් නිසා ජීවිතේ විනාශ වෙලා සපිරිගෙට යන්න සිද්ධවුණු දියණිය නිසා තවමත් දුක් විඳින තාත්තා කෙනෙකුගේ හෙළිදරව්වකි මේ.

    මට දරුවෝ මහ ගොඩක් හිටියේ නැහැ. මට හිටියේ එක දරුවයි. එයත් ගෑනු දරුවෙක්.

    මං මේ දුව හදාගන්න පුදුම දුකක් වින්දා. මං මෙහෙම හිටියට හොඳ රස්සාවක් කරපු කෙනෙක්.

    මං විවාහ වුණේ ගෙදරින් ආපු යෝජනාවකට. අපේ පවුලේ මම විතරයි.

    කසාද බැඳලා අවුරුදු තුන හතරක් ගතවුණා. ඒත් බිරිඳට දරුවෙක් ලැබෙන පාටක් තිබුණේ නැහැ.

    අපි දෙන්නයි මගේ අම්මයි හැම දේවාලයකටම ගියා. පුළුවන් තරම් බාර හාර වුණා දරුවෙක් ලැබෙන්න කියලා.

    අපි අනුරාධපුරේ ගියා. කතරගම ගියා. දළදා මාලිගාවට ගියා. මේ හැම තැනටම පුද පූජා කෙරුවා.

    හොඳයි කියන හැම දොස්තර මහත්තයෙක් ම වගේ හමුවුණා. මේ ඔක්කෝම කරන්න පටන් අරගෙන අවුරුදු පහකට විතර පස්සේ මගේ බිරිඳට දරුවෙක් ලැබෙන ලකුණු පහළ වුණා.

    ඒත් ඒ වෙනකොට මගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැහැ.

    බිරිඳගේ අම්මයි නංගියි අපේ ගෙදර නතර වෙලා හිටියේ. ඒ කාලේ මට මතක හැටියට බිරිඳට වයස අවුරුදු තිස් නවයක් විතර ඇති.

    මං එයාට වඩා අවුරුද්දයි වැඩිමල්. දුව ලැබෙන්න ආ දා ඉඳලා බිරිඳ අසනීපයෙන් හිටියේ. දරුවා ලැබෙන්න ඇවිත් මාස හතරක් විතර වෙද්දී බිරිඳට හොඳටම අසනීප වුණා.

    ප්‍රෙෂර් වැඩිවුණා. දොස්තර මහත්තුරු බයවුණා බිරිඳ ගැන.

    ඒ නිසා ඒ ගොල්ලෝ දරුවගේ වයස සම්පූර්ණ වෙන්නත් කලින් සිසේරියන් සැත්කමකින් දරුවව ගත්තා.

    දරුවා නිරෝගී කෙනෙක් වුණේ නැහැ. ඒ නිසා මං හිතුවේ අපිට දරුවා නැතිවේවි කියලා. ඒත් මට නැතිවුණේ මගේ බිරිඳ.

    බිරිඳගේ මරණයෙන් පස්සෙත් දරුවා මාස දෙකක් විතර හිටියේ රෝහලේ.

    මාස දෙකහමාරකට තුනකට විතර පස්සේ අපිට දරුවව දුන්නා ගෙදර ගෙනියන්න කියලා. මං දන්නෑ මට ඒ වේලාවේ දැනුණේ සතුට ද දුක ද කියලා. මං හරියට ඇඬුවා.

    බිරිඳගේ නංගියි අම්මයි මගෙත් එක්ක නතරවුණා. නංගි විවාහවෙලා හිටියේ නැහැ. එයා මගේ දරුවට අම්මා කෙනෙක් වුණා.

    අපි මේ දරුවව ඉතාම ආදරෙන් හදාගත්තා. ඒත් දරුවා ටික ටික ලොකු වෙනකොට අම්මා නංගිවත් අරගෙන ගමට ගියා.

    අම්මට ඕන වුණේ නංගිව වෙනත් කෙනකුට බන්ඳලා දෙන්න. ඒත් ගමේ ගිහිල්ලා ටික දවසකින්ම නංගි ආයෙමත් ගෙදර ආවා.

    ඒත් අම්මා ආවේ නැහැ. ගමේ මිනිස්සු එක එක කතන්දර කියනවා කියලා මට ආරංචිවුණා. අපේම නෑයෝ වුණත් එහෙමයි. මං අන්තිමට හිතාගත්තා ගේ ඉඩම් විකුණලා වෙන කොහෙට හරි යන්න.

    බිරිඳගේ නංගි ගෙදර ඇවිත් අවුරුද්දකට විතර පස්සේ අපි ගේ ඉඩම් විකුණුවා. පිට පළාතකට පදිංචියට යන්න ගිය අපි ඊට කලින් අපේ විවාහය ලියාපදිංචි කෙරුවා.

    බිරිඳගේ නංගිගේ නම සෞම්‍යා. අපි දරුවත් හදාගෙන බොහොම සතුටෙන් හිටියා.

    දරුවගේ පපුවේ සිදුරක් තිබුණා. ඒක වෛද්‍යවරුන්ට පෙන්නුවට පස්සේ දරුවව ශල්‍යකර්මයකට ලක් කෙරුවා.

    ඊට පස්සේ දූට තිබුණු හුඟාක් ලෙඩ සුව වුණා. මට ඕනවුණේ දුවට හොඳට උගන්නන්න.

    දුවව අපි කොළඹ ලොකු ඉස්කෝලෙකට යැව්වා. සෞම්‍යා තමයි මුලින් ම දුවව ඉස්කෝලේ අරගෙන ගියේ.

    මං හිතුවේ නැහැ සෞම්‍යා කිසිම දවසක මාව දාලා යාවි කියලා.

    ඒත් සෞම්‍යා දුවව ඉස්කෝලේ අරගෙන යද්දි මඟදි හමුවෙච්ච කා එක්ක හරි යාළුවුණා.

    සෞම්‍යා එයත් එක්ක යන්න ගියා. මගේ දුවයි මමයි ආයෙමත් තනිවුණා. සෞම්‍යා නැති පාළුව දුවට දරා ගන්න බැරි වුණා.

    ඒත් මං ආයෙමත් විවාහයක් ගැන හිතුවේ නැහැ.

    දුවයි මමයි බොහොම සහයෝගයෙන් හිටියට මට තනියම දුවගේ කටයුතු කරගන්න අමාරු වුණා.

    මම දුවව නේවාසිකාගාරයක නතර කෙරුවා. මටත් නොදැනිම මගේ දුව ලොකු වුණා.

    සාමාන්‍ය පෙළ විභාගයට ලියනකොට මගේ දුව බොහොම හැඩකාර කෙල්ලක්, හරියට රෝස මලක් වගෙයි. මං දූ ගැන හරිම ආඩම්බරයෙන් හිටියේ.

    මං හිතුවා දුව හොඳට ඉගෙන ගනීවි කියලා. විභාගයෙන් පස්සේ දුව ගෙදර ආවා.

    තාත්ති මං ගෙදරට යාළුවෙක් ගෙන්න ගන්නවා... මට මෙහෙ තනියම ඉන්න කම්මැලියි.

    දුව එහෙම කියලා එයාගේ යාළුවෝ දෙන්නෙක්ව ගෙන්න ගත්තා. ඒ අයගෙන් එක දරුවෙක් ගැන මං හොඳටම දන්නවා.

    ඒ දරුවගේ තාත්තා මගේ යාළුවෙක්. කොහොම හරි මේ දරුවෝ තුන්දෙනා ගෙදර හිටියා.

    මං දවල් දවසේ කන්තෝරුවේ හිටියේ. දරුවෝ කරන්නේ මොනවද කියලා මං හරියට දැනගෙන හිටියේ නැහැ.

    විශේෂයෙන් ම මට මගේ දූ ගැන අවිශ්වාසයක් තිබුණේ නැහැ. ඒත් අපි දරුවෝ ගැන විශ්වාස කෙරුවට දරුවෝ අපිව විශ්වාස කරලා තිබුණේ නැහැ. ආදරය කරලා තිබුණේ නැහැ.

    මං දවසක් ගෙදර එද්දි අපේ ගේ ළඟ මෝටර් සයිකලයක් නතර කරලා තිබුණා. මං බැලුවේ පුදුම වෙලා. සාලේ හිටපු දූගේ යාළුවෙක් ගෙට දිව්වේ ඔන්න තාත්තා එනවා කියාගෙන.

    මං ගෙට ගියේ පුදුම තරහකින්. ඒත් දූගේ කාමරේදී මං දුටුව දෙයින් මගේ ඇස් අදහාගන්න බැරිවුණා.

    කිසිම තාත්තා කෙනෙක්ට එවැනි දෙයක් දකින්න ලැබෙන්න එපා කියලා මං ප්‍රාර්ථනා කරනවා. මේ හැමදේම දුටුවට පස්සේ මං යකෙක් වගේ වුණා.

    ගේ අස්සේ හිටපු කොල්ලා පැනලා දිව්වා. මං දූගේ යාළුවන්ව ඒ අයගේ මවුපියන්ට එන්න කියලා බාර දුන්නා.”

    දුව හිටියේ මත්වෙලා වගේ. අර ගෑනු දරුවොත් ඒ වගේමයි. මට හිතාගන්න බැරි වුණා මෙයාලට මොකද වෙලා තියෙන්නේ කියලා. මං දුවව දොස්තර මහත්තයෙක් ළඟට එක්කගෙන ගියා. එතකොට තමයි දැනගත්තේ දූ කුඩුවලට ඇබ්බැහිවෙලා කියලා.

    මං දුවව ගෙදර එක්කගෙන ආවා. මං හිතාගත්තා සතියක් විතර ගෙදර ඉන්න.

    දුවව ආදරෙන් බලා ගත්තා. හැම තිස්සෙම මං දුවව මගේ ඇස් මට්ටමේ තියාගන්න උත්සාහ කළේ. ඒත් දුව හැමවිටම මාව මඟ හරින්න බැලුවේ.

    තනියම කල්පනා කරනකොට පුදුම වේදනාවක් මගේ හිතට දැනෙන්න ගත්තා.

    ඒත් ඒ දුක කියා ගන්න කෙනෙක් මට හිටියේ නැහැ. කාටවත් කියන්නත් බැහැ. සතියක් විතර යනකොට දුව සාමාන්‍ය තත්ත්වයට ආවා.

    ඒත් දුව හැදුනේ නැහැ. දවසක් මම බඩු ගේන්න ටවුමට ගියා.

    එදා හැන්දෑවේ දුව නිදියගෙන හිටපු නිසා මං එයාව ගෙදර තියලා ගියේ. ඒත් මම ටවුමට ගිහිල්ලා එනකොට දුව ගෙදර හිටියේ නැහැ.

    මං පිස්සුවෙන් වගේ හැමතැනම දුවව හෙව්වා. මාස ගාණක් යනතුරු මට දුවව හොයාගන්න බැරිවුණා.

    මේ අතර මම රස්සාවෙන් විශ්‍රාම ගියා. මගේ හිතේ අමාරුව කියාගන්න කෙනෙක් හිටියේ නැහැ. මං දුවගේ යාළුවන්ගේ ගෙවල්වලට ගියා. ඒත් දුව ඒ කොහේවත් හිටියේ නැහැ.

    මම හැමදාම පන්සල් ගියා. මගේ දරුවා ආරක්ෂා කරලා දෙන්න කියලා..

    බෝධිය නාවලා ප්‍රාර්ථනා කළා. කොහොමහරි අවුරුද්දකට විතර පස්සේ පොලිසියෙන් අපේ ගෙදරට ආවා. ඔවුන් ආවේ මට දුව ගැන තොරතුරක් අරගෙන.

    මං දන්නෑ... ඇයි දුව පොලිසියට මගේ විස්තර දුන්නේ කියලා..

    මං දුව බලන්න ගියා. දුව පුදුම විදිහට වෙනස් වෙලා හිටියේ. බංකුවක වාඩිවෙලා හිටපු දුව මගේ කකුල් දෙක ළඟ වැටිලා අඬන්න ගත්තා.

    මට මගේ පුංචි කෙල්ලගේ උණුසුම දැනුණේ හුඟ කාලෙකට පස්සේ...

    ඒත් දුවව උසාවි ඉදිරිපත් කළාට පස්සේ එයාට දඬුවම් නියම වුණා. වැරැදි හැටියට තිබුණේ අනාචාරයේ හැසිරීම, මත්ද්‍රව්‍ය භාවිතය, සොරකම් කිරීම.

    මම හැම මාසෙකම ඇවිත් දුවව බලලා යනවා. දුව දැන් හැදිලද කියන්න මං දන්නෑ. ඒත් එයා මොන දේ කළත් මගේ දරුවනේ.

    මං බොහොම අමාරුවෙන් හදාගත්ත මගේ කෙලි පොඩිත්ත මෙහෙම හරි දකින්න ලැබීම මට සැනසිල්ලක්.


    _හිරුගොසිප්

    ළඟ ළඟම එන නොකියා 3310 ලොක්කාගේ නවතම තොරතුරු පිටවේ (Photos)

    By: Aththa Withthi On: 2/24/2017 02:27:00 PM
  • Let's Get Social
  • නොකියා සමාගම විසින් 2000 වසරෙදී වෙළඳපොළට හඳුන්වාදුන් නොකියා 3310 දුරකතනය නැවත වරක් වෙළදපොළට නිකුත් කිරීමට එම සමාගම තීරණය කර තිබෙන බව මේ මස මුලදි ප්‍රකාශයට පත්විණ.

    යුරෝ 59කට එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 9440ට මෙම දුරකථනය මිල කර තිබෙන බවයි එහිදී අණාවරණය වුනේ.

    ජංගම දුරකතන ඉතිහාසයේ වෙනසක් කළ මෙම දුරකතනයේ බැටරි කාලය හා දෘඩ භාවිතයට යොදා ගත හැකි හෙයින් බෝහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් දුරකත්නයක් විය.

    කෙසේ වෙතත් මෙම දුරකථනයේ ඇතුළත් වන නවතම විශේෂාංග පිළිබඳ මේ වන විට තොරතුරු අණාවරණය වේ.

    ඒ අනුව මෙම දුරකථනය පෙර එකට වඩා සිහින්වන බවයි දැනගන්නට ලැබෙන්නේ.

    පෙර දුරකථනයේ තිබූ මොනෝක්‍රෝම් තිරය වෙනුවට වර්ණවත් තිරයක් මෙම දුරකතනයේ පැවතියත් එය බැටරි ආයු කාලයට බලපෑමක් නොවන බවයි ඔවුන් සඳහන් කරන්නේ.

    එමෙන්ම රතු කොළ සහ කහ යන වාර්ණයන්ගෙන් හැඩ ගැන්වූ නවතම හැන්ඩ් සෙට් එකක්ද මේ වෙනුවෙන් නිකුත් වේ.

    මේ මස අවසානයේ බාසිලෝනාහි පැවැත්වෙන Mobile World Congress හිදි මෙම දුරකතනය පිලිබඳ නවතම තොරතුරු එළි දැක්වීමට නියමිතව තිබේ.




    _නෙත්ගොසිප්

    ගාලු මුහුදේ පාවෙමින් තිබූ අමුතුම ආරක පිළිම කිහිපයක් ධීවරයෙකුට හමුවේ (Photos)

    By: Aththa Withthi On: 2/24/2017 01:25:00 PM
  • Let's Get Social
  • මහ මුහුදේ ගෝනියක දමා පාවෙමින් තිබූ අමුතු ආරක පිළිම එකොළහක්‌ (11) පෙරේදා (22 දා) ගාල්ලෙන් මුහුදු ගිය ධීවරයකුට හමුවී තිබේ.

    අහුන්ගල්ලේ පදිංචි එම ධීවර කාර්මිකයා එම පිළිම වහන්සේලා එකොළොස්‌ නම අහුන්ගල්ල පුරාණ ක්‍ෂෙත්‍රාරාමාධිපති, බළපිටිය විහාරාධිපති සංගමයේ ලේකම් ආපොළ මංගල හිමියන් වෙත එම විහාරස්‌ථානයට පැමිණ භාරදී තිබේ.

    එම පිළිම වහන්සේලා මධ්‍යම හා කුඩා ප්‍රමාණයේ ඒවා ලෙස පෙනේ.

    පිළිම සියල්ල ලීයෙන් අඹා ඇති අතර සීවලී මහ රහතන් වහන්සේ දානය වළඳන ආකාරය රූපණය කෙරේ.

    එහෙත් සියලු පිළිම අහස දෙසට හැරී සිටින ආකාරයෙන් විකෘති ස්‌වරූපයෙන් නිර්මාණය කොට තිබේ.



    _නෙත්ගොසිප්

    23 February, 2017

    හමුදා සෙබළෙකුට පෙම් බැඳ නයිට් ක්ලබ්වල මුදලට විකිණුනු යුවතියකගේ කඳුළු කතාවක සුන්දර අවසානය

    By: Aththa Withthi On: 2/23/2017 05:58:00 PM
  • Let's Get Social
  • ‘‘එකෙක් කරපු වැරදි වැඩෙන් මුළු ආමි එකටම බැනලා වැඩක් නැහැ නංගී...“

    ‘‘මම ගයාන් වෙනුවෙන් නොකළ දෙයක් නැහැ..“

    අප රටේ ආදරය නිසා අතරමන් වන කාන්තාවන් ගැන නිතර නිතර පුවත් ඇසෙනවා. මේ එවැනි තරුණියක් ගැන කියැවෙන අනුවේදනීය කතාවක්. ගමන ඇරඹී බසය මද වේලාවකින් නුවර කඩුගන්නාව පසුකරමින් ඉදිරියට ඇදෙයි. මා ළඟ සිටි තරුණියක් වරින් වර අත් ඔරලෝසුව දෙස බලන්නට වූවාය.

    පැයක් පමණ ගෙවී යද්දී බසය තේ කඩයක් ළඟ නතර කළේය.

    “මෙතන ගොඩක් වෙලා ඉන්නවද දන්නේ නැහැ.” ඇය මා දෙස බලමින් කීවාය.

    “එච්චර වෙලාවක් යන එකක් නැහැ”

    බසයෙන් බැස ගත් මා හෝටලයට ගොස් මිලට ගත් “ස්මැක්” බෝතලයක් ඇය වෙත දිගු කළේය. ඇය මා දෙස බලා සිනහවක් පෑවාය.

    “බොහොම ස්තූතියි...”

    “ඕක බීලා ඉක්මනට බෝතලය දෙන්න”

    බසය යළි පණ ගැන්විණි. කෑගල්ල හරහා වරකාපොළට එද්දී ඇය මා සමඟ බොහෝ හිතවත් වූවාය.

    “එයා හත වෙනකොට කොළඹ බස් ස්ටෑන්ඩ් එකට එනවා කිව්වා අයියේ....”

    “එයා කිව්වෙ... ඔයාගේ මහත්තයාද...?”

    “ඔව්... එයා ආමි එකේ....”

    ටිකෙන් ටික මා සමඟ සුහද වූ ඇය තව තවත් දෑ මා සමඟ කීවාය. ඇගේ කතාව අහන්නට මට ද ඕනෑකමක් තිබිණ.

    “මම වෙලාවට ගියේ නැත්නම් එයාට තරහ යයි....”

    ඇගේ කතාව මට ඇති කළේ ප්‍රහේළිකාවකි. ඇය කියන්නේ කුමක්දැයි මට නොතේරේ.

    “ඒ කිව්වේ...”

    “ඒක දිග කතාවක් අයියේ...”

    “ඉතින් කියන්නකෝ බලන්න”

    මා එසේ කියද්දී ඇගේ දෙනෙත් කඳුළෙන් පිරී ගියාය. ඇය යළි හිස ඔසවා මා දෙස බැලුවාය.

    “ගයාන් මට හම්බ වුණේ නුවරදි එයා පෙරහැරේ ඩියුටි දාලා හිටියා. මම ගෙදර කට්ටියත් එක්ක පෙරහැර බලන්න ගියා. එයා මට එයාගේ ටැලිෆෝන් නොම්මරේ දුන්නා”

    “අපි නිතර ටැලිෆෝන් එකෙන් කතා කළා..... පස්සේ එයා අපේ ගෙදර ආවා... අපේ අම්මලත් කැමති වුණා. මගේ තාත්තා නැහැ. තාත්තා නැති වෙලා තියෙන්නේ මම පොඩි කාලේදි...”

    ඇය කතාව කියාගෙන ගියාය. පුංචි පුතා තවමත් තද නින්දේය.

    “අපි දෙන්නා හරිම සතුටෙන් හිටියේ. මම ගයාන් වෙනුවෙන් නොකළ දෙයක් නැහැ. එයා නුවර ඇවිත් සති දෙක තුන මාත් එක්ක නැවතිලා යනවා. එයා මට කිව්ව කසාද බැඳලා අපි නුවරම ඉඳිමු කියලා”

    “ඔය අතරේ තමයි මට මේ පුතා ලැබෙන්න හිටියේ. දරුවට මාස හතක් විතර යද්දි එයා ගැන මට ආරංචියක් ලැබුණේ නැහැ. අන්තිමට එයා මට කිව්වා එයාට නිවාඩු ගන්න බැහැ කියලා. ජීවිතේ ගැනත් දැන් විශ්වාසයක් නැහැ. එයාගේ යාළුවෝ හුඟ දෙනෙක් යුද්ධයෙන් මැරුණා කියලා කිව්වා...”

    "මම එයා වෙනුවෙන් බෝධි පූජා තිබ්බා. යුද්ධෙ ඉක්මනට ඉවර වෙන්න කියලා. එයාට කිසිම හිරිහැරයක් වෙන්න එපා කියලා දෙවියන්ට කිව්වා...” ඇය එසේ කියමින් ඉකි ගසන්නට වුවාය.

    එහෙත් ඉන් පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ඇයට නොලැබුණි. දරු ගැබ ද එන්න එන්නම මෝරා ආවේ කිසිවක් සැඟවිය නොහැකි ලෙසිනි. වේදනාවෙන් බරිත වූ ඇය කුස ද දරාගෙන දෙවියන් බුදුන් ඉදිරියේ වැඳ වැටුණේ හැකි ඉක්මනින් තම පෙම්වතාට තමා බලන්නට එන්නට අවස්ථාව උදා කර දෙන ලෙස යදිමිනි. ඒත් ඒ කිසිවක් ඇය පැතූ ලෙස ඉටු නොවිණි.

    “මට පුතා ලැබුණා . ඒත් එයා ගැන කිසිම ආරංචියක් නැහැ. සමහර අය කිව්වා එයා යුද්ධයේදි මැරෙන්න ඇති කියලා..., ඒත් මම ඒවා විශ්වාස කළේ නැහැ. මම හැම තැනම එයාව හෙව්වා. එයා එවපු ලියුම්වල තියෙන විස්තර අරගෙන මම කොළඹ ගියා... එතැනින් විස්තර දැන ගත්තා. එයා මුලතිව් පැත්තේ ඩියුටි ඉන්නවා කියලා ඒ අය කිව්වා...

    ඇය සිය උත්සාහය අත් නොහැරියාය. හමුදාවේ උසස් නිලධාරින්ට සිය දුක් ගැනවිල්ල කියමින් ඔහු කෙසේ හෝ මුණ ගස්සවා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් ඉදිරියේ හඬා වැළපුණාය.

    එහෙත් ඒ කිසිවක් ඉටු නොවීය. අවසානයේ ඇය දරුවා සමඟ තනිවුවාය. ලැජ්ජාව විඳ දරාගත නොහැකි තැන ඇය දරුවාද රැගෙන කොළඹ පදිංචි සිය මිතුරියකගේ බෝඩිම් කාමරයට ආවාය. දරුවා රැකබලා ගැනීම සඳහා කැරෝකේ සමාජ ශාලාවක නළගනක් සේ රැකියාවක් කළාය. මාස දෙක තුනක් ගත වෙද්දී ඇය එම රැකියාවට හොඳින් පුරුදු පුහුණු වූවාය. සම්පත් ඇය හඳුනා ගන්නේ එතැනදීය. ඔහු ද හමුදා සෙබළෙකි. ගයාන් නිසා තමා දරුවා සමඟ මේ තත්ත්වයට පත් වූ බව ඇය සම්පත්ට කීවාය. ඉන් සම්පත්ගේ හදවත උණු විය. ඒ ගයාන් මෙන් තමාද යුද සෙබළෙකු වූ නිසාය. සම්පත් ද යුද්ධයෙන් තුවාල ලැබු ආබාධිත සෙබළෙකු විය. ඒ නිසා ඔහුගේ පෙම්වතිය ඔහු හැර ගොසිනි. ඇගේ කතාව ඇසූ ඔහුට ඇය කෙරෙහි කිසියම් අනුකම්පාවක් මෙන්ම ආදරයක් ද ඇතිවිය.

    “දැන් දුක් වෙලා වැඩක් නැහැ. ඔයාට මම ඉන්නවනේ අපේ එකෙක් කරපු වැරදි වැඩෙන් මුළු ආමි එකටම බැනලා වැඩක් නැහැ නංගී”

    සම්පත් ඇය සමඟ ඇති කරගත් හිතවත්කම වැඩිකල් නොගොස් සෙනෙහසක් බවට පෙරළිණි. ඇයත් ඔහුත් පෙමින් වෙළුණේ එළෙසිනි.

    “සම්පත් මාව කසාද බඳින්න පොරොන්දු වුණා. එයා එයාගේ පඩිය පවා මට දුන්නා. මගේ ගැන එයාගේ අම්මලාටත් කියලා තිබුණා. මාවත් දරුවත් බාර ගන්න එයා කැමති වුණා...”

    බසය කොළඹට ආසන්නව ඇත.

    “දැන් ඔයා කොහේද යන්නේ...?”

    මම ඇගෙන් විමසූවෙමි.

    “එයා අද ඉඳන් දවස් දහයක් නිවාඩු... එයා මට කොළඹට එන්න කිව්වා. අපි යනවා එයාලගේ මහ ගෙදර...”

    “ඒ කොහේද...?”

    “මාතර...”

    ඇය සතුටින් කීවාය.

    “හොඳයිනේ...”

    මම ද පෙරළා කීවෙමි.

    “ඔයාට දැන් ගයාන් මතක් වෙන්නේ නැද්ද?”

    “මගේ හිතේ එයා නැහැ අයියේ. මගේ මුළු ජීවිතයම සම්පත් අයියා වෙනුවෙන් කැප කරලා ඉවරයි. එයා මාවත් දරුවත් බාරගන්න කැමති වුණ එක කොච්චර ලොකු දෙයක් ද . ඒක කොච්චර පරිත්‍යාගයක්ද නේද අයියේ...”

    ඇය යළිත් ඔරලෝසුව දෙස බැලුවාය. මෙතෙක් වෙලා නිදා සිටි පුංචි පුතු අවදි වී ඇත.

    “මෙයාටත් එයා ආදරෙයිද?”

    “ඔව් අයියේ... එයා අම්මලාට කියලා තියෙන්නේත් දරුවා එයාගේ කියලා”

    “මටත් ආසයි ඔයාගේ අලුත් මහත්තයා බලන්න.” මම කීවෙමි.

    “දැනටමත් එයා ස්ටෑන්ඩ් එකට ඇවිත් ඇති”

    බසය නැවතුමේ නතර විය. දරුවා ද වඩාගත් ඇය බසයෙන් බැස කඩිසර ගමනින් ඇවිද ගියාය. මම ඇය දෙස බලා සිටියෙමි. බස් නැවතුමේ කණුවකට බර වී සිටි ඔහු සිය පෙම්වතිය අත සිටි පුංචි පුතා දෑත් එක්කොට සිය තුරුළට ගත්තේ මහත් සෙනෙහසකිනි.



    _හිරුගොසිප්

    සමලිංගික විවාහවලට අවසර දිය යුතුයි - ආක්ෂාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය

    By: Aththa Withthi On: 2/23/2017 05:12:00 PM
  • Let's Get Social


  • නිවේදිකාවක් මෙන්ම රංගන ශිල්පිණියක් වන ආක්ෂා සුදාරි ගැන විවිධ කාලවල විවිධ කථා පැතිරෙනවානේ.

    මේ කියන්නේ ඇය පුවත්පත් සාකච්ඡාවකදී කියපු අලුත්ම කතාවක් ගැන.

    සමලිංගික විවාහවලට නීතියෙන් අවසර දෙනවානම් ඇය වඩාත්ම කැමතියි කියලා තමයි ඇය එහිදී කියලා තියෙන්නේ .

    ඒ වගේම තමයි කලා ක්ෂේත්‍රයේ ඇයගේ හොඳම යෙහෙළිය වන්නේ මේනකා මධුවන්තිලු.

    රිළා මවට නිවුන් දරු උපතක්

    By: Aththa Withthi On: 2/23/2017 04:27:00 PM
  • Let's Get Social
  • පොළොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයට නුදුරු ප්‍රදේශයේ ජීවත්වන රිළා මවකට නිවුන් දරු උපතක් සිදුව තිබේ.

    මෙම දරු දෙදෙනා ජීවත් කරවීමට රිළා මව දැඩි වෙහෙසක් දරමින් සිටී. රිළා මවකට මෙවැනි නිවුන් දරු උපතක් සිදුවීම හා එය දැකගැනීමට හැකිවීම දුර්ලභ සිද්ධියක් බව වනසත්වවේදීහු කියති.

    ඒ දසුන "මව්බිම" කැමරාවේ මෙසේ සටහන් විය.



    -තමන්කඩුව - ගාමිණී ඔබේසේකර_මව්බිම

    ‘ඔය කැලෑවට යන්න!! මේ ඉන්දියාවද? පිළිකුල්සහගතයි ‘- සුද්දෝ කැලේට යවන සීගිරි සේවකයෝ

    By: Aththa Withthi On: 2/23/2017 03:00:00 PM
  • Let's Get Social
  • සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සදහා නොමිලේ ලබාදී තිබෙන වැසිකිලි කැසිකිලි දෙකේම වලවල් උතුරා යාම නිසා සංචාරකයන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.

    විදේශීය සංචාරක වාහන නැවතුම්පල පිහිටි සිගිරිය මොරගමුල වැසිකිලි පද්ධතිය පිරිමි වැසිකිලිය වසා දමා තිබේ .

    සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට එන විදේශිකයන්ට එහි සිටින සේවකයකු කියා සිටින්නේ ‘කැලෑවට යන‘ ලෙසය .

    ඇතැම් විදේශිකයෝ බැන වදින අතර තවත් පිරිස ‘මේ ඉන්දියාවද‘ යන්න විමසති .

    එම ස්ථානයේ වැසිකිලි වලවල් උතුරා ප්‍රදේශය පුරා දුර්ගන්ධය පවතී .

    එම ස්ථානයේ විවෘතව පවතින ‘කාන්තා වැසිකිලියට ඇතැම් පිරිමි බලෙන් යන අතර‘ කාන්තාවන් පිරිමින් අතර ගැටළුද පැනනගින බව සංචාරක මග පෙන්වන්නෝ කියති .

    අනෙක් වැසිකිලිය පිහිටා ඇත්තේ සිගිරිය නැරබීමට ‍ප්‍රවේශපත්‍ර ලබාදෙන ස්ථානය ආසන්නයේය .එය විවෘතව පැවතියද වැසිකිලි වලවල් උතුරා ප්‍රදේශය පුරා දුර්ගන්දය පවතින අතර වැසිකිලිය පිටුපස අපද්‍ර‍්‍ය දොරේ ගලන ආකාරය දැකගත හැකිය .

    එසේ උතුරන අපද්‍ර‍්‍ය සහිත ජලය කසුප් රජු කරවූ බව කියන මඩ දියාගලට ගලායනු දැක ගත හැකිය ,මඩ දිය අගලේ ජලය එකතු වන්නේ අනුරාධපුර නගරය ආසන්නයෙන් ගලා බසින මල්වතු ඔයටය .මල්වතු ඔයේ ආරම්භය සිගිරියෙනි .

    සිගිරිය පාලනය වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගිනි ,එක් විදේශිකයකු සිගිරි නැරඹීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදලට රු 4500ක මුදලක් ගෙවිය යුතුය ,දේශීය සංචාරකයකු රු 50ක මුදලක් ගෙවිය යුතුය .

    වැසිකිලි මේ තත්වයට පත්ව ඇත්තේ මේ දිනවල විශාල වශයෙන් විදේශිය සංචාරකයන් පැමිණීමත් සමග වැසිකිලි වලවල් පිරිම නිසාවෙන් බවත් වලවල් ඉවත් කිරීම් සිදු කරනු ලබන ගලී රථයට මිට පෙර ඉවත් කරන ක්‍රියාවලියට ගෙවීම් ප්‍රමාදය නිසා බවය .එම හි‍ඟය රුපියල් 45000කට ආසන්න බව දැනගන්නට තිබේ .

    සිගිරිය නැරබීම සදහා දිනකට 1500කට අධික සංචාරකයන් පිරිසක් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සේවකයෝ කියති .

    එහෙත් මේ සංචාරකයන්ගෙන් ලබාගන්නා මුදලට හෝ පහසුකම් සැලසීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට නොහැකිවීම විසා ‘විදේශීය සංචාරකයෝ රට පිළිබඳව දැඩි පිළිකුල ප්‍රකාශ කරන බව‘ සංචාරක මග පෙන්වන්නෝ කියති .

    මේ තත්වයන් ගැන විමසීම සදහා අප සීගිරියේ මධ්‍යම සංස්කෘතික අරමුදල ව්‍යාපෘති කළමනාකාර උපුල් ශාන්ත පැවසුවේ ගෙවීම් කිරීම සදහා අවශ්‍ය අනුමැතිය 22 දින ලැබී තිබෙන බවය .

    මේ ස්ථාන වල අලුතින් වැසිකිලි පද්ධතිය ඉදිවෙමින් පවතින බවය .මල්වතු ඔයට ගලායන අප ජලය නැවතීමට තමන් වහාම පියවර ගන්නා බව කිවේය , එක දිගටම ගලි රථ යොදාගෙන වැසිකිලි වලවල් ඉවත්කිරීම සිදු කල බවද කිවේය .








    _නෙත්

    හැටතුන් වියේදී දරුවෙකු බිහි කර ‘ලාංකික කාන්තාව’ ඩුබායි රෝහලේ සිට කී කතාව

    By: Aththa Withthi On: 2/23/2017 01:26:00 PM
  • Let's Get Social
  • හැටතුන් හැවිරිදි වියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ ඩුබායි නගරයේ රෝහලකදී දරුවෙකු බිහිකළ බව වාර්තා වනවා.

    එරට පළවන ගල්ෆ් නිව්ස් පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ මෙවැනි වසයකදී දරුවෙකුට බිහි කිරීම හැකිවීම පිළිබඳව තමා මෙන්ම තම පවුලේ අය ඉතාම සතුටට පත්වන බවයි.

    සිසේරියන් සැත්කමකින් එලෙස උපත ලබා ඇත්තේ කිලෝ ග්‍රෑම් 2.25 ක් බරැති නීරෝගි ගැහැණු දරුවකු බව එම පුවත්පත් වෙබ් අඩවියේ සඳහන් වනවා.

    අදාළ ලාංකික කාන්තාව සහ ලාංකික ස්වාමිපුරුෂයා ඉන්දියාවේ චෙන්නායි නුවරදී දරුඵල සරුගැන්වීමේ සායනික ක්‍රමවේදය මත ඩුබායි හි මෙම දරුවා බිහි කර තිබෙනවා.
    මෙම කාන්තාවගේ පළමු විවාහයෙන් ඇයට දරුවන් දෙදෙනෙකු සිටින අතර ඇය අවසන් වරට දරු උපතක් සිදු කර ඇත්තේ මීට වසර 13කට පෙරයි.



    _නෙත්ගොසිප්

    අවසන් ජය ගිලිහී ගිය හැටි මෙන්න

    By: Aththa Withthi On: 2/23/2017 12:59:00 PM
  • Let's Get Social

  • ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තුන්වන පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගත් උපුල් තරංග පළමුවෙන් පන්දුවට පහර දෙන්නට ඔස්ට්‍රේලියානුවන්ට ආරාධනා කළා.

    ඔවුන් නියමිත පන්දුවාර 20තුළ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 187 ක්.

    ලකුණු 188 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18ක් තුළ සියල්ලන් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 146 ක් පමණයි.

    මෙම තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත්තේ ඇඩම් සැම්පා.

    අසේල ගුණරත්න තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තා.

    ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ ශූරතාව දිනාගත්තේ තරග 2 - 1 ක් ලෙසින්.

    ඊයේ තරඟයේ විශේෂ අවස්ථා පහතින්.



    _හිරු

    බස් රථයක නොසැලකිලිමත් ධාවනයෙන් සිදුවූ භයානක අනතුර

    By: Aththa Withthi On: 2/23/2017 12:22:00 PM
  • Let's Get Social


  • බස් රියදුරෙකුගේ නොසැලකිල්ල හේතුවෙන් සිදුවන අනතුරක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    මෙම අනතුර තායිලන්තයේ මහමර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

    බස් රථයක් එක්වරම වම් පසට හරවා ගමන් කිරීම හේතුවෙනුයි මෙම අනතුර සිදුවන්නේ.

    අදාළ බස් රථය එහිදී ඉදිරිපස යතුරු පැදියක ගැටෙන අතර එහි සිටි පුද්ගලයන් ජීවිත බේරෙන අයුරු එම ස්ථානයේ ගමන් කළ තවත් වාහනයක සවිකර තිබූ කැමරාවක සටහන්ව තිබුනේ මේ අයුරින්.



    _හිරු