02 March, 2017

පාතාලේ නම ගිය ලොව බිහිසුණුම කාන්තාවන් මෙන්න

By: Aththa Withthi On: 3/02/2017 07:18:00 PM
  • Let's Get Social


  • පාතාල ලෝකය ගැන අපි කවුරුත් දන්නවානේ. 

    මේ කාළයේ ඒ ගැන කතා වෙනවා කොහොමත් ටිකක් වැඩියි.

    කොහොම වුනත් අපිට පාතාලේ කියුවම මතක් වෙන්නේ පිරිමි පුද්ගලයින්.

    ඒතේ මේ පහතින් සඳහන් වෙන්නේ ලෙව නම ගිය බිහිසුණුම පාතාල නායිකාවන් පිළිබඳවයි.

    (01) Anna Chapman - Russian



    (02) Anna Gristina - Manhattan



    (03) Charmaine Roman - Florida



    (04) Claudia Ochoa Felix - Mexico



    (05) Enedina Arellano Felix - Mexico



    (06) Fanette Umuraza - Congo



    (07) Griselda Blanco - Colombia



    (08)  Jemeker Thompson - Los Angeles



    (09) Lynette “Squeaky” Fromme - United States



    (10) Maria Licciardi - Italy



    (11) Raffaella D’Alterio - Italy



    (12) Rosetta Cutolo - Italy



    (13) Samantha Lewthwaite - Banbridge



    (14) Sandra Ávila Beltrán - Mexico



    (15) Thelma Wright - South Philadelphia

    බෝල්ට් ප්‍රසිද්ධියේ කෙල්ලෝ එක්ක නැටුව පිස්සුව මෙන්න

    By: Aththa Withthi On: 3/02/2017 05:58:00 PM
  • Let's Get Social
  • උසේන් බෝල්ට් ගැන ඉතිං කවුරුත් දන්වනනේ. ලෝකේ ඉන්න වේගවත්ම මිනිසා ලෙස හඳුන්වන්නේ ඔහු.

    මේ දක්ෂතාත් එක්කම බෝල්ට් ගැන කවුරුත් දන්න දෙයක් තමයි කාන්තා පාර්ශවයට ඇති දැඩි ලැදියාව.

    පසුගිය ඔලිම්පික් උලෙල අතරතුරත් තරුණියක් සමඟ යහන්ගත වූ බවට මුලු ලොවම දැන ගත්තේ එම තරුණිය උසේන් බෝල්ට් සමඟින් කාමරයක සිට ලබාගත් අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කිරීමෙන්.

    කොහොම හරි මේ කතාව බෝල්ට් Trinidad Carnival එකේදී නටපු ලොකු පිස්සුවක් ගැනයි.

    එහිදී ඔහු කෙල්ලෝ එක්ක එක එක ඉරියව් වලින් අමුතු විදියට නටලා.

    මේ පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයි.































    අශියා ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක කරපු අමතක නොවන වැඩේ (Video)

    By: Aththa Withthi On: 3/02/2017 03:43:00 PM
  • Let's Get Social


  • නිරූපණ ශිල්පිණි අශියා දසනායක මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවනවා.

    එම සංචාරය අතර තුර ඇය Sky Diving නම් වූ ත්‍රාසජනක ක්‍රීඩාවක නිරතවී තිබෙනවා.

    ඕස්ට්‍රේලියාවේ Gold Gold Coast Skydive ආයතනයේ දී ඇය ලද එම අත්දැකීම දැක්වෙන වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කිරීමටද කටයුතු තිබෙනවා.

    එම වීඩියෝව පහතින්.


    සිල් රෙදි නඩුව ‍පොදු දේපළ පනතින් ඉවත් කොට සාපරාධී සාවද්‍ය පරිහරණය යටතේ විභාගයට සලකා බලන්නැයි නියෝග

    By: Aththa Withthi On: 3/02/2017 10:28:00 AM
  • Let's Get Social

  • හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඊයේ (01) කොළඹ මහාධිකරණයේ නඩුවට පෙනී සිටීමෙන් අනතුරුව අධිකරණ භූමියෙන් පිටව ගිය අයුරු. | (ඡායාරූපය : සස්සඳ ලියනාරච්චි)

    සිල් රෙදි සම්බන්ධ නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති ‍පොදු දේපළ පනත යටතේ ගැනෙන චෝදනාව ඉවත් කොට දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන සාපරාධී සාවද්‍ය පරිහරණය චෝදනාව යටතේ නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට හැකිද යන්න සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඊයේ (01) නීතිපතිවරයාට නියෝග කළේය.

    නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්ති පාර්ශ්වය විසින් නැගුණු ප්‍රශ්නයක් මුල් කරගෙන විනිසුරුවරයා මෙලෙස නියෝග කර සිටියේය.

    අදාළ නඩුවේ විත්තියේ සාක්ෂි ලබා දුන් හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග මහතාගේ සාක්ෂි මෙහෙයවූ නීතිඥ කාංචන රත්වත්තේ මහතා අසනු ලැබූ ප්‍රශ්නවලට සාක්ෂිකරු මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

    ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ ගිණුමක් තියෙනවා තැ‍ප්‍රොබෙන් ශාඛාවේ. ඒ ගිණුම් අංකය මතක නෑ. මිලියන 600ක් එම ගිණුමට ප්‍රේෂණය කළා. නිල ගිණුම් විවෘත කිරීම, අත්සන් කිරීම මුදල් රෙගුලාසි 301, 321 යටතේ පැහැදිලිව සඳහන් වෙනවා. ගිණුමේ මුදල් තැන්පත් කිරීම, තැන්පත් මුදල් වැය කිරීම පැහැදිලිව දැක්වෙනවා. මේ නිල ගිණුම ජනාධිපති ‍ලේකම් කාර්යාලයේ පවතින්නේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ සිට.

    කොමිෂන් සභා රැස්වීමට එක් සාමාජිකයෙක් හැර අනෙක් සාමාජිකයින් සහභාගි වුණා. කිසිම අවස්ථාවක කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මුදල් ගෙව්වේ නෑ. මෙම සිද්ධියට සම්බන්ධ සිල්රෙදි කිසි විටෙකත් මට ලැබිලා නෑ. ඒ වගේම කිසිම මුදලක් මට ලැබි නෑ. මෙම නඩුවේ සාක්ෂි ලබා දුන් ජයලත්ගේ සුමතිපාල, මොහොමඩ් හාජි අන්වර් යන අය මං හඳුනන්නේ නෑ. මොවුන්ට වවුචර් ලබා දෙන විටවත් හමුවෙලා නෑ.

    මෙම නඩුවේ සාක්කි ලබා දුන් වටිනාපහ සෝමානන්ද හිමි සම්බන්ධීකරණ ‍ලේකම් ලෙස කටයුතු කළා. ආගමික විහාරස්ථානවල අඩුපාඩුවලට ජනාධිපතිතුමාගේ මැදිහත්වීමට අනුග්‍රහය දක්වනවා. අරලියගහ මන්දිරයේ ‍පෝය දින පැවැත්වෙන ධර්ම දේශනාවට උන්වහන්සේගේ දායකත්වය ලැබෙනවා. සිල් රෙදි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මම වගේම ජනාධිපතිතුමාත් උන්වහන්සේට දන්වා තිබුණා ස්වාමිනි,

    මෙපමණ සංඛ්‍යාවක සිල්රෙදි ප්‍රමාණයක් අවශ්‍යයි කියලා උන්වහන්සේ දැන්නුවා. ජනාධිපති විශේෂ මූලාරම්භන අරමුද‍ලේ මුදල් වැය කිරීමට මට හැකියාව තියෙන්නේ ජනාධිපතිතුමාගේ අනුමැතිය මතයි. අවස්ථා කිහිපයකදී හිටපු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා විශේෂ මූලාරම්භන ගිණුමෙන් මුදල් අරගෙන කරන්න කියලා.

    2014 වර්ෂයේ ඔක්තෝබර් 30 වන විට ජනාධිපතිවරණයත් තියෙනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. සය අවුරුදු දිවුරුමත් තියෙන නිසා මා දැනගෙන හිටියේ නෑ ඒ සම්බන්ධ නිල දැනුම්දීමක් දෙනකම් මං දන්නේ නෑ.

    ජනාධිපතිතුමා ලබා දුන් නියෝගය නීත්‍යනුකූලයි කියලා අප හිතනවා. ඒ නියෝග මහජන සුබසිද්ධිය උදෙසා කරනු ලබන නියෝගයක්. ජනාධිපතිතුමා 2014 මාර්තු මාසයේ එම නියෝගය ලබා දුන්නේ.

    පසුගිය ජනාධිපතිවරණ සමයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදලින් රුපියල් මිලියන 600ක සිල් රෙදි සඳහා වෙන් කළ බවට අධි චෝදනා ලැබූ හිටපු ජනාධිපති ‍ලේකම් ලලිත් වීරතුංග මහතා සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණයේ පෙනී සිටියහ.

    වර්ෂ 2014 ඔක්තෝබර් 30 වැනි දා හෝ 2015 ජනවාරි මස 05 වැනි දින අතර කාලය තුළදී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන හයසියයක මුදලක් 1996 අංක 27 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතින් සංශෝධිත 1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදනවලට පටහැනිව සිල් රෙදි ලබා දුන් බවට නීතිපතිවරයා විසින් චෝදනා 3ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

    -කවින්ධ්‍යා පෙරේරා-_රිවිර

    බංග්ලාදේශ - ශ්‍රී ලංකා සභාපති කණ්ඩායම අතර තරගයක් අද

    By: Aththa Withthi On: 3/02/2017 10:05:00 AM
  • Let's Get Social
  • සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ටෙස්ට් තරගය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වනවා.

    බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස මුෂ්ෆිකර් රහීම් කටයුතු කරනු අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ දිනේෂ් චන්දිමාල්.

    දෙරට අතර තරඟ දෙකකින් සමන්විත පළමු ටෙස්ට් තරඟය මේ මස හත්වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.


    _හිරු

    දැවෙන විහඟුන් යළිත් ජගත් අවධානයට

    By: Aththa Withthi On: 3/02/2017 09:43:00 AM
  • Let's Get Social

  • දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) යළිත් ජගත් අවධානයට සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) මාර්තු මස 10දින සිට 19 වන දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැත්වෙන 15වන අන්තර්ජාතික සිනමා උළෙල සහ මානව හිමිකම් සමුළුව සිනමා උළෙලේ (International Film Festival and Forum on Human Rights in Geneva - FIFDH) තරගකාරි අංශයට තේරී තිබේ.

    පසුගියදා ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ (Oscar) සහ ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Awards) සම්මාන උළෙලේ හොදම චිත්‍රපටිය ලෙස සම්මාන ලැබු මූන්ලයිට් (Moonlight) ඇතුළු තවත් ප්‍රභල චිත්‍රපට හතක් සමග දැවෙන විහඟුන් චිත්‍රපටය සිනමා උළෙලේ හොදම සිනමා කෘතිය සදහා තරගවැදීමට නිර්දේශ වී තිබේ.

    දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු ස්විස්ටර්ලන්ත දර්ශනය මර්තු 12වන දිනට යෙදී තිබේ. මේ අතර දැවෙන විහඟුන් චිත්‍රපටය ඉතාලියේ 27වන අප්‍රිකා ආසියා ලතින් ඇමෙරිකා සිනමා උළෙලේ (African, Asian and Latin American Film Festival) තරගකාරි අංශයටද තේරී තිබේ. ඉතාලියේ මිලානෝ නගරයේ පැවැත්වෙන සිනමා උළෙල මාර්තු මස 19වන දින සිට 27 දින තෙක් පැවැත්වේ. මාර්තු 23 දින දැවෙන විහඟුන් චිත්‍රපටයේ පළමු ඉතාලියානු දර්ශනය පැවැත්වේ.

    -mirrorarts

    හේමාල් ගේ අලුත් එකක්

    By: Aththa Withthi On: 3/02/2017 09:25:00 AM
  • Let's Get Social

  • මේ හේමාල් රණසිංහ ගේ අලුත් Photoshoot එකක්.

    PHOTOGRAPHED BY DEVA JAYAWARDHANE
    LOCATION @ STUDIO COLORS
    ©STUDIO COLORS COMMERCIAL PHOTOGRAPHY +94 777 968 089


    -mirrorarts

    ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙයි?

    By: Aththa Withthi On: 3/02/2017 09:05:00 AM
  • Let's Get Social
  • ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකාව ඉවත්වීමට අදහස්‌ කරන බව වාර්තාවේ. මෙයට හේතු වී ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ඒක පාක්‌ෂිකව කටයුතු කරන බවට ඇමරිකාව චෝදනා නැගීමය.

    ඊශ්‍රායලය සම්බන්ධව මානව හිමිකම් කොමසාරිස්‌ කටයුතු කරන්නේ ඊශ්‍රායල් විරෝධී පිළිවෙතක්‌ බවටද ඇමරිකාවේ මතය වී ඇත.

    ඇමරිකාව මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වූවොත් එම කවුන්සිලයට ලැබෙන අරමුදල් ද නතර වේ.

    මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියා කලාපය ගැන ඊශ්‍රායලයද දැඩි විරෝධතාවයක්‌ එල්ල කර තිබේ.



    _දිවයින

    01 March, 2017

    IS නායකයා පරාජය පිළිගනී! - මරාගෙන මැරෙන්න නැතිනම් පලා යන්න.. කාන්තාවන් 72දෙදෙනා ඔබ එනතුරු බලා සිටියි

    By: Aththa Withthi On: 3/01/2017 05:35:00 PM
  • Let's Get Social
  • අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බග්දාදි තම සංවිධානය ඉරාකයේදී පරාජයට පත්වූ බව පිළිගෙන තිබෙන බව ඉරාක මෙන්ම විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තාකර තිබෙනවා.

    මෙහිදී ඔහු සිය සටන්කාමීන්ට පවසා ඇත්තේ පලායන ලෙස හෝ මරාගෙන මැරෙන ප්‍රහාර මගින් සියදිවි නසාගන්නා ලෙසය.එම සියලු දෙනාට දෙව්ලොවදී කාන්තාවන් 72 දෙනෙකු ලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබෙනවා.

    අයි එස් නායකයාගේ කතාවක් දැක්වෙන හඬ පටයක් අයි එස් අයි එස් උපදේශකවරුන් හා දේවගැතිවරයන් වෙත ඊයේ දිනයේදී ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    ඉරාක හා ඇමරිකානු හමුදාවන් මේ වන විට මොසුල් නගරයේ මුදාගැනීමට ඉතිරිව තිබූ අවසන් ප්‍රධාන මාර්ගයේත් බලය අත්පත් කරගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.



    -nethgossip

    අම්මා අප්පා පටලවාගත් රේඩියෝ නිවේදකයා

    By: Aththa Withthi On: 3/01/2017 04:18:00 PM
  • Let's Get Social


  • රේඩියෝ නිවේදකයින් කියන්නේ බොහෝ දෙනෙක්ට සමීප කොට්ඨාශයක්නේ.

    ඇතැම් විට මොවුන්ට ඇතැම් පාර්ශවයන්ගෙන් විවිධ චෝදනාත් එල්ල වනවා.

    මේ පහතින් තියෙන්නේ රේඩියෝ නිවේදකයෙක්ට වැරදීමක් සිදුවන අවත්ථාවක් සම්බන්ධයෙන් සැකසූ වීඩියෝවක්.

    ඔස්කාර් උණූසුම් කරමින් (අඩ) නිරුවතින් පැමිණි නිළිය (Video)

    By: Aththa Withthi On: 3/01/2017 03:49:00 PM
  • Let's Get Social
  • ලොවම බලා සිටි 2017 ඔස්කාර් සම්මාන උළෙල පසුගිය දා නිමාවට පත්වුණේ තවත් වසරක් කතා කරන්න කතා රැසක් මවමින්.

    එහිදී සියල්ලන්ගේ අවධානය දිනාගනිමින් සුරූපි නිළියක් අඩ නිරුවත් ඇදුමකින් සැරසී පැමිණි පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

    Blanca Blanco නමැති සූරෑපි ජනප්‍රිය ශිල්පිණියයයි මෙලෙස අඩ නිරුවතින් පැමිණ සිටියේ.









    දින 9ක චාරිකාවකට ටොන් 506ක බඩු තොගයක් සමග සවුදි රජු ඉන්දුනීසියාවට

    By: Aththa Withthi On: 3/01/2017 02:02:00 PM
  • Let's Get Social

  • දින 9ක චාරිකාවක් සඳහා සවුදි රජතුමා අද ඉන්දුනීසියාවට පැමිණීමට නියමිතය.

    කෙසේ වෙතත් මෙම චාරිකාව සඳහා ඔහු ටොන් 506ක බඩු භාන්ඩ ගෙනැවිත් තිබෙන බව වාර්තාවෙයි.

    සල්මාන් බින් අබ්දුල්සිස් රජුගේ මෙම භාණඩ තොගය අතරට Mercedes-Benz s600 වර්ගයේ ලිමොසින් මෝටර් රථ දෙකක්ද ඇතුළත්ව තිබේ.

    අමාත්‍යවරුන්, කුමාරවරුන් අතුලු 800ක පිරිසක් ඔහු සමග මෙහි පැමිණෙන බව කියති.

    මේ අතරින් ටොන් 63 බඩු භාණ්ඩ ගුවනින් ගෙන ඒමට නියමිතව තිබේ.

    ඔහුගේ මෙම බඩු භාන්ඩ තොගය වෙනුවෙන් සේවකයන් 500 යොදා තිබෙන බවද කියැවෙයි.

    සවුදි රජෙක් ඉන්දුනීසියාවේ සංචාරය කරන්නේ වසර 46ට පසුවයි.

    ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින්නේද ඉන්දුනීසියාවෙයි.

    පසුගිය 2015 වසරේ ඔහු ඇමරිකාවේ සංචාරයක නිරත විය.

    එහිදීද අධි සුඛෝපභෝගි මෝටර් රථ, රත්තරං කන්නාඩි, රත්තරං මේස, රත්තරං ලාම්පු, රත්කරං රාක්ක ඔහු විසින් රැගෙන විත් තිබුණි.




    -nethgossip

    ‘සමයං‘ ඝාතන සිද්ධියේ තවත් තොරතුරු - අංගොඩ ලොක්කාත් සහභාගි වෙලා - බන්ධනාගාරයෙන් ඔත්තුව දීලා

    By: Aththa Withthi On: 3/01/2017 01:03:00 PM
  • Let's Get Social
  • පාතාල නායකයකු බව කියන “රනාලේ සමයං” ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීම සඳහා යොදාගත් බවට සැක කරන සුදු පැහැති වෑන් රථයේ තිබී ඝාතකයන්ගේ බවට සැක කරන ඇඟිලි සටහන් 27 ක්‌ පොලිසිය මගින් ඊයේ (28 වැනිදා) සොයාගෙන ඇත.

    වෙඩි තැබීම සඳහා පැමිණි පාතාල කල්ලිය පලාගිය වෑන් රථය මොරගහහේන ප්‍රදේශයේ දමාගොස්‌ තිබියදී පොලිසිය මගින් ඊයේ පෙරවරුවේදී සොයාගෙන තිබේ.

    ඝාතකයන්ගේ බවට සැක කරන ඇඟිලි සටහන් සහ ලේ පැල්ලම් කීපයක්‌ හමුවී ඇත්තේ එම වෑන් රථයේ තිබියදීය.

    පොලිසිය මගින් සොයාගන්නා ලද වෑන් රථය ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් එකක්‌ බව පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී තිබේ.

    එම වෑන් රථය කුලී ගමනක්‌ යන මුවාවෙන් ලබාගෙන මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බව ද පොලිසිය අනාවරණය කරගෙන ඇත. මෙම වෑන් රථය පැහැරගත් බවට සීදුව පොලිසිය වෙත පැමිණිල්ලක්‌ ද ලැබී තිබිණි.

    ප්‍රහාරය එල්ල කර පලාගිය සන්නද්ධ පිරිස මොරගහහේන ප්‍රදේශයේ අතහැර දමා තිබෙන ගබඩාවකදී ඔවුන් ඇඳ සිටි පොලිස්‌ ඇඳුමට සමාන ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳගෙන යන්නට ඇතැයි සාක්‍ෂි ලැබී තිබේ.

    එම අතහැර දැමූ ගබඩා සංකීර්ණ ගොඩනැඟිල්ලේ තිබී හිස්‌ මත්පැන් බෝතල් කීපයක්‌ ද පොලිසියෙන් සොයාගෙන ඇති අතර ප්‍රහාරයෙන් පසු හෝ ඊට පෙර ඔවුන් එම මත්පැන් පානය කර පලායන්නට ඇති බව පොලිසිය සැක කරයි.

    මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් 9 ක්‌ යොදවා ඇත.

    එමෙන්ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් ද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනමම පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

    ‘සමයා’ ඇතුළු පාතාල පිරිස ඝාතනය සඳහා පැමිණි සන්නද්ධ පුද්ගලයන්ට බන්ධනාගාරය තුළින් තොරතුරු ලැබුණාදැයි සොයා බලාගෙන යයි.

    පොලිසිය මෙතෙක්‌ සිදුකළ විමර්ශනවලින් හෙළිවී ඇත්තේ මෙම ඝාතන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයා සහ ඔහුගේ කල්ලිය විසින් සිදුකර ඇති බවයි.

    අංගොඩ ලොක්‌කාගේ සහ සමයාගේ පාතාල කල්ලි අතර වසර ගණනක්‌ තිස්‌සේ පවත්නා ගැටුම්වල ප්‍රතිඵලයක්‌ ලෙස මෙම ඝාතන සිදුවී ඇති බව පොලිස්‌ විමර්ශනවලින් හෙළිවී තිබේ.

    මෙම ප්‍රහාරය සඳහා අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයා පෞද්ගලිකවම සහභාගි වී ඇති බවට ද පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.

    ප්‍රහාරය සඳහා ටී 56 ගිනි අවි 6 ක්‌ පමණ යොදාගන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

    මෙම ප්‍රහාරය එල්ල කර සන්නද්ධ පිරිස පලාගිය මාර්ගය දෙපස නිවාසවල සහ වෙළෙඳසල්වල ඇති සී. සී. ටී. වී. කැමරා පොලිසිය විසින් ඊයේ පරීක්‍ෂා කළ ද වැදගත් යමක්‌ සොයාගැනීමට නොහැකි වී ඇත.

    ප්‍රහාරය එල්ල කළ ඝාතකයන් මේ වන විට හඳුනාගෙන සිටින අතර ඉදිරි දින කීපයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.



    -nethgossip

    කැන්ගරුවන්ට එරෙහිව තණතිළි වෙනස් කළාට ඉන්දියාවට නඩු - තීරණය ලාංකිකයෙකු අතේ!

    By: Aththa Withthi On: 3/01/2017 11:05:00 AM
  • Let's Get Social
  • සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර පුනේ හි පැවැති පළමු ටෙස්ට් තරඟයට යොදාගත් මහාරාස්ට්‍ර ක්‍රීඩාංගණයේ තණතීරුව දුර්වල තණතිරුවක් බවට එම තරඟයේ තරඟ තීරක ලෙස කටයුතු කළ ක්‍රිස් බොඩ් චෝදනා කර තිබෙනවා.

    තණ තීරුවක් දුර්වල වීමට බලපාන කරුණු හතරක් පවතින අතර එහිදී නියමිත දඟ කැවීමට වඩා වැඩි දඟ කැවීමක් පෙන්වන අයුරින් තණ තීරුව වෙනස් කිරීම ඉන්දියාවට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

    මෙම තරඟයේ බිඳ වැටුණු කඩුලු 40න් කඩුලු 31ක්ම දවා ගත්තේ දඟ පන්දු යවන්නන් විසින් වන අතර තරඟය ලකුණු 333කින් ජයගත්තේද සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමයි.

    මෙම චෝදනාවට පිළිතුරු දිම සඳහා ඉන්දියාවට දින 14ක කාලයක් ලබා දී ඇති අතර ඒ සඳහා ඉන්දියාව ලබාදෙන පිළිතුර ඇඟයීම සඳහා අයි.සී.සී. ප්‍රධාන තරඟ තීරක රංජන් මඩුගල්ලේ විසින් හා අයි.සී.සි. සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් විසින් සිදු කිරීමට නියමිතය.

    යම් හෙයකින් ඉන්දියාව මෙම චෝදනා සඳහා වරදකරු වුවහොත් අවවාදයක්, ඩොලර් 15000ක් නොඉක්මවන දඩයක් හෝ ඒ දෙකම පැනවෙනු ඇත. තණ තීරු වෙනස් කිරීම පිළිබඳව ඉන්දියාවට අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල වී තිබේ.



    -nethgossip

    ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්න එක අමාරු දෙයක් - අපිට ඒ දේවල් ඉවසන් ඉන්න වෙනවා

    By: Aththa Withthi On: 3/01/2017 10:16:00 AM
  • Let's Get Social

  • විනෝදාංශයක් ලෙස නිරූපණ ක්‍ෂේත්‍රයට පිවිසි ඇය, ක්‍ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට සැරසෙන කාවින්ද්‍යා මධුෂානි ඇගේ ඉදිරි කලා කටයුතු පැවසීමට ‘සාරවිට’ සමගින් මෙලෙස සම්බන්ධ වූවාය.

    මුලින්ම ඔයාව හඳුන්වලා දුන්නොත්?

    මම කාවින්ද්‍යා මධුෂානි. මගේ ගම රත්නපුරේ. මම මගේ විනෝදාංශය විදිහට මෝස්තර නිරූපණය කරනවා.

    දැන් කොයි කාලේද නිරූපණයට ආවේ?

    දැනට අවුරුද්දක් විතර වෙනවා.

    ඇයි නිරූපණයට ආවේ?

    අනිත් හැම ගෑනු ළමයෙක් වගේ මමත් පොඩි කාලේ ඉඳලා අදහසක් තිබුණා මෝස්තර නිරූපණ ශිල්පිනියක් වෙන්න. ඒ වගේම ඒ අංශයෙන් ඉදිරියට යන්න. ඒ නිසා තමයි මං නිරූපණ ක්ෂේත්‍රයට ආවේ.

    ගෙදරින් අවසර දුන්නාද?

    අනිවාර්යයෙන්ම මගේ අම්මා, අයියා තාත්තා මේ හැමෝම මට උදවු කරනවා. එයාලා මං ළඟින්ම ඉඳන් මට හරි පාර පෙන්නලා දෙනවා. ඒ නිසා ගෙදරින් කිසිම බලපෑමක් වුණේ නැහැ. මම මේ ක්ෂේත්‍රයට එනවට.

    මොකද හිතෙන්නේ මේ ක්ෂේත්‍රය ගැන?

    මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නවා කියන එක ගොඩක් අයට අමාරු දෙයක්. හැබැයි මොළෙ පාවිච්චි කරලා ඉන්නවා නම් ගොඩක් දුර ගමනක් ඕනම කෙනෙක්ට යන්න පුළුවන්.

    ගොඩක් අය කියන දෙයක් තමයි දක්ෂයන්ට මේ ක්ෂේත්‍රයේ ස්ථානයක් නැහැ කියලා? ඒ ඇත්තද?

    ටිකක් විතර ඇත්ත.

    එහෙම වෙද්දී කලකිරීමක් ඇති වෙන්නේ නැද්ද?

    ඇත්තටම මේ ක්ෂේත්‍රයේ ඉන්නකොට ගොඩක් ඉවසන්න වෙනවා. මේ ක්ෂේත්‍රයේ ඉන්න ගොඩක් ප්‍රසිද්ධ අය කාලයක් තිස්සේ ඉඳන් තමන්ගෙ නම හදාගෙන ඉදිරියට ආව අය. දක්ෂ අයට ඉදිරියට එන්න දෙන්නේ නැහැ කියලා කලකිරීමක් කිරීමක් ඇති වුණත් අපිට ඒ දේවල් ඉවසන් ඉන්න වෙනවා.

    ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

    මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දවසක ලංකාව නියෝජනය කරලා ලංකාවට ජය අත්කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.

    කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

    අනිවාර්යයෙන්ම, විශේෂයෙන්ම මගේ අම්මා, අයියා, ලක්මි අක්කා, ෆෙරෝස් අයියා, නිරූපණය ගැන මට අවබෝධය ලබා දීපු ගුරුවරයා බ්‍රයන් ක්‍රේකෝවන්‍, අර්ජුන් සේනානායක, විශ්ව පෙරේරා, නිලූ සේනානායක, ශානිකා අක්කා සහ මෝතිල අයියා මේ හැමෝම මට උදවු කරනවා ඉදිරියට එන්න.

    -ඩිලාන් ක්‍රිෂාන්ත-saaravita

    හේරත්ගේ සවියට තවත් වමත් දඟයෙක්‌

    By: Aththa Withthi On: 3/01/2017 09:31:00 AM
  • Let's Get Social

  • බංග්ලාදේශය සමග තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය සඳහා රංගන හේරත්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංයුතිය සඳහා වමත් දඟ පන්දු යවන මලින්ද පුෂ්පකුමාරව පළමු වරට ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කිරීමට සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට්‌ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට්‌ තරගාවලිය 3-0 ක්‌ ලෙස පරාජය වීමෙන් පසු නායක ඇන්ජලෝ මැතිව්ස්‌ ආබාධයක්‌ හේතුවෙන් ඉවත්වීම නිසා ස්‌ථානයක්‌ සොයමින් සිටි අසේල ගුණරත්නව එම ස්‌ථානයට ආදේශ කොට ඇත. මීට අමතරව ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාද කණ්‌ඩායමෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට නිරෝෂන් දික්‌වැල්ලව කණ්‌ඩායමට එක්‌කර තිබේ.

    අවසන් වූ පළමු පෙළ ප්‍රිමියර් ලීග් ක්‍රිකට්‌ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූ මලින්ද පුෂ්පකුමාර එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග පැවැති තරග තුනකදී කඩුලු 27 ක්‌ බිඳ දැමීම හේතුවෙන් ටෙස්‌ට්‌ සංචිතයට ඇතුළත් කර තිබේ. අදාළ කඩුලු 27 න් 13 ක්‌ම මලින්ද විසින් පෙරේදා දඹුල්ලේදී අවසන් වූ සිව්දින තරගයේදී ලබා ගත්තේය.

    29 හැවිරිදි මලින්ද පුෂ්පකුමාර කොළඹ ලුම්බිණි විදුහලේ ආදි සිසුවකු වන අතර ඔහු චිලව් මේරියන්ස්‌ ක්‍රීඩා සමාජය නියෝජනය කරනු ලබයි. පළමු පෙළ තරග 99 කදී කඩුලු 558 ක්‌ දවාගෙන ඇති මලින්දගේ කඩුල්ලක්‌ ලබා ගැනීමේ සාමාන්‍ය 19.85 ක්‌ ලෙස සටහන් වේ. තුන් ඉරියව් ක්‍රීඩකයකු වන මොහු පළමු පෙළ අර්ධ ශතක හතරක්‌ සමග මුලු ලකුණු 1542 ක්‌ ලබා ඇත.

    ආරම්භක පිතිකරු කෞෂාල් සිල්වාට ස්‌ථානය අහිමි වී ඇති අතර ඔහුට එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග තරගාවලියේදීද අවස්‌ථාවක්‌ හිමි නොවුණි. කුසල් පෙරේරා දිගින් දිගටම අසාර්ථකවීම හේතුවෙන් ඔහුටද ස්‌ථානය අහිමිව තිබේ.

    මේ අතර අතිරේක ක්‍රීඩකයකු ලෙස කිත්රුවන් විතානගේ නම් කර තිබේ. එංගලන්ත "ඒ" කණ්‌ඩායම සමග පැවැති දෙවැනි සිව්දින තරගයේදී ලකුණු 185 ක්‌ ලැබූ සදීර සමරවික්‍රමව අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් නොකිරීම විශේෂත්වයකි.

    බංග්ලාදේශ කණ්‌ඩායම සමග පළමු ටෙස්‌ට්‌ තරගය ලබන 7 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැන්න ලබන 15 වැනිදා පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ සංචිතය

    රංගන හේරත් (නායක), නිරෝෂන් දික්‌වැල්ල, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, උපුල් තරංග, අසේල ගුණරත්න, මලින්ද පුෂ්පකුමාර, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, සුරංග ලක්‌මාල්, විකුම් සංජය, ඩිල්රුවන් පෙරේරා සහ ලක්‍ෂාන් සඳකැන්.

    -අසේල විතාන-_දිවයින

    හඳුනා ගත්තොත් ඔබ මා - බඹරු ඇවිත් මඟින් Matrix කියවීම

    By: Aththa Withthi On: 3/01/2017 09:06:00 AM
  • Let's Get Social

  • 1999 වර්ෂයේ තිරගත වූ The Matrix නම් චිත්‍රපටයේ කතා තේමාවට අනුව මිනිස් වර්ගයා වහල් බන්ධනයට ලක් කළ පරිගණක යන්ත්‍රයක් ඇත. ප්‍රධාන කොම්පියුටරයක වැඩසටහනක් ක්‍රියාත්මක සඳහා අවශ්‍ය ‘ශක්තිය’ ලබා ගැනීම සඳහා මිනිස් වර්ගයා භාවිත වන බවට වූ කතන්දරයක් මේට්රික්ස් චිත්‍රපටය තුළ දිග හැරෙයි. මිනිස් බැටරිවල මනෝලිංගික ක්‍රියාකාරිත්වයෙන් උත්පාදනය වන ශක්තිය මඟින් කොම්පියුටර යන්ත්‍ර ක්‍රියාත්මක වෙයි. මිනිසුන් යථාර්ථය තුළ තම තමන්ගේ රාජකාරිවල හොඳින් නිරතව සිටියදීම විශාල පරිගණකයක් ඔවුන්ව වහලුන් බවට පත් කර ඇත. මේ මෙට්රික්ස් හි ලෝකය තුළ මිනිසුන් තම ‘වහල්භාවය’ විමුක්තියක් ලෙස අවබෝධ කරගෙන සිටිති.

    මිනිස් වර්ගයා වහල්භාවයට බැඳදමන ෆැන්ටසි වර්ග 2ක් ඇත. පළමුවැන්න වන්නේ මහා බලසම්පන්න ව්‍යුහ හෝ ආධිපත්‍යයෝ මිනිස් වර්ගයා වහලූන් බවට පත් කරගෙන සිටියි යන ප්‍රවාදයයි. කෙටියෙන් කිවහොත් කවදා හෝ අතීතයේ දවසක නිදහසේ සිටි මනුෂ්‍ය වර්ගයා දැන් අදෘශ්‍යමාන බලවේගයක් විසින් යටපත් කරනු ලැබ ඇත. මෙයින්ම ඇති වන අතුරු අදහස වන්නේ මේ මහා බලවේගය විනාශ කළ හැකි සුපිරි මිනිසෙක් අප අතරින්ම බිහි වේවි යන්නය. එකිනෙකට විෂම වුවත් හිට්ලර් සහ ස්ටාලින් නම් සුපිරි වීරයන් අපට අවශ්‍ය මේ නිසාය.

    සමාජය මෙහෙයවන ලක්ෂණ

    දැන් අපි අපේ මූලික ප්‍රශ්නය වෙතට නාභිගත වෙමු. කොම්පියුටරයට ශක්තිය ලබා ගැනීමට වෙනත් විවිධ විකල්ප මාර්ග තිබිය දී (උදා - විද්‍යුතය) මිනිසාගේ ශක්තිය ඊට අවශ්‍ය වන්නේ මන්ද? මේ සඳහා පිළිතුරක් සෙවීමට අප සිංහල චිත්‍රපටයක් වන ‘බඹරු ඇවිත්’ (1978 අධ්‍යක්ෂණය - ධර්මසේන පතිරාජ) අවධානය යොමු කරමු. සුචරිත ගම්ලත් මහචාර්යවරයා මෙම චිත්‍රපටයට අදාළව ගොඩනඟන කතිකාව මෙලෙස සාරාංශගත කළ හැකිය.

    ”වික්ටර් ධීවර ගම්මානය ආක්‍රමණය කිරීමත් සමඟම මුදාහැරෙන රුදුරු විපත්ති මාලාව එම ගම්මානයේ වාසය කරන්නන්ට පෙනී යන්නේ අහම්බෙන්, ගහෙන් ගෙඩි එන්නාක් මෙනි. එසේ නමුදු අදෘශ්‍යමානව පසුබිමෙහි සැඟවී තිබෙන කිසියම් නියාම ධර්මයක් විසින් ඒ සියල්ල පාලනය කරනු ලබන බවක් ඔවුන්ට ඉවෙන් මෙන් හැඟී යයි. ඔවුන්ට ඉවෙන් මෙන් හැඟෙන මේ නියාම ධර්මය කුමක්ද?” (මේ අදෘශ්‍යමාන පරාරෝපිත බලවේගය කුමක්ද?)

    දීර්ඝකාලීනව මෙන්ම කෙටිකාලීනව අප අත්විඳින තියුණු සමාජ - දේශපාලනික ප්‍රශ්නවලට හේතූන් අපගේ චින්තනයට බාහිරින් ලෝකයක ඇති බව පෙන්වීම මේ වන විට පුරුද්දකි. මෙම පුරුද්දට අනුව වාස්තවික බල රටාවක නිශ්චිත ලක්ෂණ විසින් සමාජය මෙහෙයවෙයි. මෙවැනි නිශ්චිත ලක්ෂණ සමූහයක් මෙලෙස ප්‍රසාරණය කළ හැකිය.

    (A) ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත පෙවීම්.
    (B) CIA කුමන්ත්‍රණ සහ NGO කුමන්ත්‍රණ (බොහෝ විට මෙවැනි මතිභ්‍රම ‘දිවයින’ ඉරිදා සංග්‍රහය ඔබට පිළිගන්වයි)
    (C) කොටි ත්‍රස්තයන්ගේ බළල් අතක්. (හෙළ උරුමය, බොදු බල සේනා යනාදි සංවිධානවල සිතීමේ පුරුද්ද මෙමඟින් අනාවරණය වෙයි)
    (D) ළඟ ළඟ එන තෙවැනි ලෝක යුද්ධය
    (E) වාමාංශික පක්ෂවල උපාය මාර්ගික සැලසුම්වල අතාර්කිකභාවය.

    ඉහත අප දක්වා ඇති කරුණු මඟින් අපි දෛනිකව අත්විඳින කටුක සමාජ - දේශපාලනික අර්බුදවලට හේතුව එක අතකින් බාහිර කරන අතර, දෙවනුව එයට ආත්මීය ලක්ෂණ උරුම කිරීම ද ප්‍රකට ලක්ෂණයකි. ඒ අනුව සාමකාමීව විසඳා ගැනීමට තිබූ උතුරේ ගැටලුව මේ තරම් ප්‍රසාරණය වූයේ ප්‍රහාකරන්ගේ අභ්‍යන්තර කෲරකමක් හේතුවෙනි. ලෝක සමාජවාදී ව්‍යාපාරය අපගමනයකට ලක් වූයේ ස්ටාලින්ට කුඩා කාලයේ දී ඔහුගේ පියා තට්ටමට වේවැලකින් පහර දුන් නිසාය. ජේ. ආර්. ජයවර්ධන ආර්ථිකය විවෘත කරන ලද්දේ ස්ත්‍රී ලෝලියෙක් නිසාය. සමසමාජ පක්ෂයට රාජ්‍ය බලය ලබා ගැනීමට නොහැකි වූයේ එන්.එම්. පක්ෂ සාමාජිකාවන් ඇඳට ගත් නිසාය. විජේවීර 71 කැරැල්ල මෙහෙයවූයේ ලිංගික අවරෝධනයක් සහ යූඑන්පීය ඔහුගේ පියාට පහර දුන් නිසාය. මේ දක්වා සඳහන් කරන ලද ලැයිස්තුව මඟින් ප්‍රකාශ කරන ලද්දේ නිදහසින් පසු අපගේ චින්තනය සිතන්නට හුරු පුරුදු වී ඇති ආකාරයයි.

    අප නැවතත් අපගේ උදාහරණය දෙසට හැරෙන්නේ නම් ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ පිළිබිඹු වන ධීවර ගම්මානයේ දෛවය තීන්දු කරන බලවේගය වන්නේ ප්‍රාග්ධනය යි. මෙම ප්‍රාග්ධනය රූපකාර්ථවත් කරන්නේ වික්ටර් නම් තරුණයාය. ඇන්ටා ප්‍රමුඛ ගැමියන් ප්‍රජාවක් ලෙස සමතුලිතව පවතින විට ඊට බාහිරින් එන වික්ටර් විසින් ගමට හුවමාරු වටිනාකම් සබඳතා එන්නත් කරනු ලබයි. එමඟින් ධීවර ගම්මානය අලුත් වටයකින් ප්‍රතිවිරෝධවලට ලක් වෙයි. මෙම අලූත් ධ්‍රැවීයකරණය මහාචාර්ය ගම්ලත් අලංකාර ලෙස පහත පරිදි විග්‍රහ කරයි. (ඇන්ටාට වඩා ධීවරයාට හොඳ මිලක් වික්ටර් ලබා දෙන බව ගම්ලත් නිරීක්ෂණය නොකරයි.)

    බඹරු ඇවිත් ගිය උතුර

    ”ප්‍රාග්ධනයෙන් සන්නද්ධ වූ වික්ටර් දැවැන්ත පරිමාණයෙන් ධීවරයන් සූරා කෑමට වන් කල්හි ඔහුත් ගම්මානයත් සමඟි කළ නොහැකි බලවේග දෙකක් බවට පත් වෙයි. මේ බලවේග දෙක අතර විරසකය පෙන්වීමට අධ්‍යක්ෂවරයා අප අතරට වීරසේන නමින් වූ සුළු-ධනේශ්වර මනෝරාජික සමාජවාදියෙක් ගෙන එයි. ඔහු සිතන්නේ බුද්ධිය මෙහෙයවා මේ පරස්පර බලවේග දෙක සමඟි කළ හැකි බවයි. එය කළ නොහැකිය. මේ නිසා ඔහු මේ බලවේග දෙකෙන්ම කොන් වී, පිටස්තර වී, හුදෙකලාභාවයේ ගිලී මැකී යයි.
    වික්ටර් වැඩ පටන් ගන්නේ හෙලන් සහ සිරිල් අතර පවත්නා අව්‍යාජ ආදරය තිරශ්චීන ආකාරයෙන් බිඳීමෙනි. වැල්ලෙහි ගෙවන දුක් දොම්නස්වලින් පිරි ඒකාකාරී ජීවිතයෙන් හෙම්බත් වන හෙලන් ‘වික්ටර්’ නම් පුරුෂ යානයෙහි නැඟී නගරයට සැපත් වී යස ඉසුරු ලැබුමට පතයි. 

    හෙලන්ගේ මේ සුන්දර පැතුම නමැති කල දැක වළ ඉස ගන්නා වික්ටර් ඇයව රැවටිල්ලෙන් විනාශ කරයි. වංචාවට ගොදුරු වන ඇය තම සාම්ප්‍රදායික පෙම්වතා වන සිරිල්ව මඟහරියි. එයින් ජනිත වන වියෝවෙන් සිරිල් මිය යයි. මෙයින් ඇන්ටා මුදලාලි දණ්ඩෙන් පහර ලත් නාගයකු සේ කිපෙයි. සමාජ ගැටුම අවසන් වන්නේ ඝාතනාවලියකින් පසුවය”

    චිත‍්‍රපටය විචාරයට ලක් කරන ගම්ලත් අතින් මඟහැරී යන නිරීක්ෂණයක් මෙලෙස ස්ථානගත කළ හැකිය. චිත‍්‍රපට කතාවට අනුව අවසානයේ ධීවර ගම්මානයෙන් වික්ටර්, නාවික හමුදාව සහ වීරසේන නම් සුළු-ධනේශ්වර චින්තකයා පිට වී යයි. ඒ වෙනුවට පොලීසිය ගමට අවතීර්ණ වෙයි. දැනට උතුරේ සමාජයෙන් ත‍්‍රිවිධ හමුදාව ඉවත් වී ඇති අතර සමාජ ප‍්‍රතිවිරෝධතා පාලනය කිරීමට පොලීසිය ආදේශ වී ඇත. පැරණි තාලයේ රැඩිකල් සහ විප්ලවවාදී ඊරොස් නායක බාලකුමාර් ද ඝාතනය වී ඇත. (දකුණේ සමාජයේ දී වීරසේනට CTB බසයක නැඟී ගමෙන් පිට විය හැකි අතර උතුරේ දී මෙම භූමිකාව ඝාතනයට ලක් වෙයි).
    ඉහත තත්ත්වය කවි බසකින් ගම්ලත් පහත පරිදි අලංකරණය කරයි.

    ”වික්ටර් නගරය බලා පෙරළා යයි. එහෙත් හෙලන් කැටුව නොවේ. ‘හෙලන්’ පරක් තෙරක් නැති, ඉමක් කොනක් නොදිස්නා ගිනියම් වැලි කතර මැද තනි වෙයි. ඇයට පත් වූ දසාව පොදුවේ ගැමියන්ට පත් වූ දසාවේ සංකේතයකි. (මෙය ඉසප්‍රියාට අත් වූ ඉරණම මඟින් දෙමළ ජනයාට උරුම වූ දසාව සංකේතවත් කරයි - අවධාරණය මගේ) මෙතැන් පටන් අකාරුණික ස්වභාව ධර්මයේ පීඩනයට අතිරේකව ධනේශ්වරයේ ද ඔවුන්ගේ රාජ්‍ය යන්ත්‍රයේ ද පරපීඩනය ගැමියන් මත නිර්දය ලෙස යොදනු ඇත.

    රටාවකින් තොරව අහම්බයෙන් සිදු වන සෙයක් පෙනී ගිය ක්‍රියාදාමය ප්‍රාග්ධනය විසින් හසුරුවනු ලබන විධිමත් ක්‍රියාදාමයක් බව මෙසේ විශද වෙයි.”

    ගම්ලත්ගේ චිත්‍රපට විග්‍රහය තුළ ඇති මූලික දෝෂය කුමක්ද? Matrix නම් පරිගණකයට මිනිස් බැටරි අවශ්‍ය ඇයි? ඒ සඳහා පරිගණකයට මිනිස් බැටරියට වඩා යථාර්ථවාදී ශක්ති ප්‍රභවයන් ඕනෑ තරම් ඇති බව අපි මීට පෙරත් සඳහන් කළෙමු. තත්ත්වය උඩුයටිකුරු වන්නේ Matrix පරිගණකය පැත්තේ සිට නොව මිනිස් බැටරි පැත්තේ සිට තත්ත්වය විග්‍රහ කරන විටය. මේ විග්‍රහය සඳහා සාම්ප්‍රදායික මානවවාදය කොහෙත්ම සුදුසු වන්නේ නැත. ආයුධ සන්නද්ධ ආයතනවල සේවය කරන අයගේ පැත්තෙන් ගත් විට ‘සමාජ ගැටුම්’ අනිවාර්යයෙන් සිදු විය යුතුය. නැත්නම් ඉතිහාසය තුළ ඔවුන්ට ජීවිකාව අහිමි වෙයි.

    යථාර්ථයේ වහලුන් නොවෙමු


    Matrix පරිගණක වැඩසටහනට (මෙයට දැන් අලුතින් Facebook හෝ Twitter යන මෘදුකාංග දෙක ද ඇතුළත් කළ යුතුය) වඩ වඩා ප්‍රසාරණය වීමට මිනිස් විඳවීම් අවශ්‍යය. Matrix සහ වික්ටර් යනු මිනිසුන්ගේ අභ්‍යන්තරික විඳවීම් (මේවා විවිධ අශ්ලීල සහ විදග්ධ ෆැන්ටසි හරහා විද්‍යමාන වෙයි* ද්‍රව්‍යාත්මක කරන රූපකය. (Metaphors) අප අන්ධ වන්නේ මෙම රූපක ඊට හිමි පැවැත්මට අදාළ ඉන්ධන වාස්තවික තත්ත්වයක් හරහා ලබා ගන්නවා යැයි අනුමාන කරන තැනේදීය. නමුත් සත්‍ය තත්ත්වය වන්නේ මෙහි ප්‍රතිවිරුද්ධ පැත්තය. Facebook, Twitter, Google වික්ටර් නම් ප්‍රාග්ධනයේ විවිධ නාමපද විශාලනය වන්නේ, සමාජ බලවේග වන්නේ මිනිස් ආත්මයේ විඳවීම් ආර්ථිකය හරහාය. අප අපගේ විඳවීම් Facebook මත ලිවීම නවතා දැමූ විගස Facebook මිය යයි. අප ප්‍රාග්ධනය ගැන පරිකල්පනය කිරීම නවතා දැමූ වහාම ‘ප්‍රාග්ධනය’ මිය යයි. එයට ශක්තිය දෙන්නේ අපගේ මානසික ශක්තියයි. 

    Matrix සහ වික්ටර් වෙතට ආරෝපණය කරන අපගේ මානසික ශක්තිය වඩ වඩා පුළුල් කරන විට අප අවට ඇති සමාජ යථාර්ථය වඩ වඩා ‘තත්‍ය-සමාන’ (Virtualization) වෙයි. එනම් අප අවට ඇති සමාජ යථාර්ථය වඩ වඩා තත්‍ය සමාන වන්නේ අපගේ මානසික ශක්තිය උරාගෙන මිස බාහිර බලවේග හරහා නොවේ. මෙම සත්‍යය අප විසින් වඩ වඩා හෙළා දකින්නට දකින්නට පසු සිදු වන්නේ අප මෙම තත්‍ය-සමාන යථාර්ථයේ (එනම් Facebook, Matrix, වික්ටර්) අකර්මණ්‍ය, උදාසීන ගොදුරු බවට පත් වීම පමණි. මෙම තත්ත්වය විපරිතභාවය නම් කාසියේ දෙපැත්තයි. එහි එක පැත්තක් යථාර්ථය තත්‍ය සමාන කරයි. අනෙක් පැත්ත එම තත්‍ය සමාන යථාර්ථයේ වහලූන් බවට අපව පත් කරයි. 

    අපට බාහිරින් පවතින ප්‍රාග්ධනයේ විවිධ රූපකවලට අපගේ විනෝදය ලබා දීම ප්‍රතික්ෂේප කළ වහාම එම රූපක ද අතුරුදන් වෙයි. ඒ අනුව විවේචනය විය යුත්තේ Matrix හෝ වික්ටර් නොවේ. විචාරය විය යුත්තේ වික්ටර්ට හුළං ගසන හෙලන්ගේ වේදනාත්මක සතුටයි. ‘හඳුනා ගත්තොත් ඔබ මා’ මෙසේ නිවැරැදි විය යුතුය. අනෙකා මගේ කැඩපතයි. මා හට සංගතභාවය ලබා දෙන මෙම ආත්මරාගී කැඩපත පළමුව විනාශ කළ යුතුය.

    -දීප්ති කුමාර ගුණරත්න-mirrorarts

    ජනතාව නියඟයෙන් පීඩා විඳිද්දී ජනපති මුගාබේ 93 වැනි උපන් දිනය සමරයි

    By: Aththa Withthi On: 3/01/2017 08:42:00 AM
  • Let's Get Social

  • සිම්බාබ්වේ ජනතාව නියඟයට මුහුණ පා ඇති අවස්‌ථාවක ජනාධිපති රොබට්‌ මුගාබේ සිය ආධාරකරුවන් සමඟ එක්‌ වි 93 වැනි උපන් දිනය සමරා ඇත.

    මුගාබේ තම ආධාරකරුවන් අමතමින් තමාට තව කොතෙක්‌ කලක්‌ ජීවත්විය හැකිදැයි නිශ්චිත ලෙස පැවසිය නොහැකි බව කීවේය.

    ඔහුගේ මෙම දැවැන්ත උපන්දින සාදයට බොට්‌ස්‌වානා, නැම්බියා ඇන්ගෝලා සහ සැම්බියා යන රටවල ආධාරකරුවන්ටද ඇරයුම් කර තිබුණි.

    මේ අතර අයහපත් තත්ත්වයන් මත රාජකාරි කටයුතු කිරීමට සිදුවීම නිසා සිම්බාබ්වේ වෛද්‍යවරු වැඩවර්ජනයක්‌ අරඹා ඇත.

    _දිවයින