29 March, 2017

හිරුණිකා මවක් වීමට සැරසෙයි - ඡායාරූප අන්තර්ජාලයේ

By: Aththa Withthi On: 3/29/2017 07:30:00 PM
  • Let's Get Social
  • පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාලෙන් කාලෙට කාගේත් අවධානය දිනාගන්නා පුවත් මවන්නියක්.

    මේ දිනවල සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා සූදානමින් සිටින ඇය සිය සමාජ ජාල ගිණුම් වෙත නවතම ඡායාරූප කහිපයක් එක් කර තිබෙනවා.

    එම ඡායාරූප පහතින් දැක්වෙයි.


    තව කියවන්න

    නිල් චිත්‍රපට නිපදවන දෙදෙනෙක් මාට්ටු - මඩකලපුව කාන්තාවකගේ චිත්‍රපටයක් නිකුත්කරලා

    By: Aththa Withthi On: 3/29/2017 06:48:00 PM
  • Let's Get Social

  • අසභ්‍ය චිත්‍රපට නිශ්පාදනය කිරීමට සම්බන්ධ තරුණයන් දෙදෙනෙකු මඩකලපුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ජංගම දුරකථනවලින් කාන්තාවන්ගේ ඡායාරූප ලබාගෙන ඒවා යොදා ගනිමින් සැකකරුවන් චිත්‍රපට නිශ්පාදනය කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

    මඩකලපුව ප්‍රදේශයේ කාන්තාවකගේ නමින් මෑතකදී අසභ්‍ය චිත්‍රපටයක් නිකුත්කර ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබුනා.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මංගල උත්සවවල වීඩියෝ පටිගත කරන්නන් බවට ද සඳහන්.

    ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මඩකලපුව පොලිසිය පරීක්ෂණ සිදුකරනවා. (හිරු)
    තව කියවන්න

    අක්කා වගේ වෙන්න කැමති ශනුද්‍රි

    By: Aththa Withthi On: 3/29/2017 03:34:00 PM
  • Let's Get Social

  • යොවුන් රංගන ශිල්පිනියක සේම ගායිකාවක ලෙසද එකසේ ජනප්‍රිය ශනුද්‍රි ප්‍රියාසාද් මේ වනවිට නැවතත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට දායකව සිටින්නීය. ඇය මේ දිනවල නිතර දකින මුහුණක් බවට පත්ව සිටින අතරේ දෙරණ නාළිකාවේ විකාශය වෙන සාරංග මෙන්ඩිස්ගේ ‘දෙවැනි ඉනිම’ ටෙලි නාට්‍යය තුළිනි. 

    කලා කටයුතු සඳහා වැඩි කාලයක් වැය කරන්නට සූදානමින් සිටින ශනුද්‍රි සිය වැඩිමහල් සහෝදරිය වන දිනක්ෂි මෙන් ජනප්‍රිය හා සම්මානනීය රංගන ශිල්පිනියක් වීමට ආසාවෙන් සිටින්නීය.

    “දිනක්ෂි අක්කාට පසුගිය කාලයේදී සම්මාන 5ක් 6ක් හිමිවුණා. ඒ ගැන ගොඩක්ම මට සතුටුයි. මටත් අක්කා වගේම සම්මාන දිනාගැනීමේ ආසාව තියෙනවා. පසුගිය කාලේ කලා කටයුතු මුකුත්ම කළෙ නැහැ. මොකද අධ්‍යාපන කටයුතුවලට වැඩිපුර යොමු වෙලා හිටිය නිසා. 

    දැන් අධ්‍යාපන කටයුතු නිමාකළ නිසා ආයෙත් මේ දවස්වල කලා කටයුතු සමග සම්බන්ධ වෙලා වැඩ කරනවා. ලොකුම ඉලක්කය තමයි ඉතින් සම්මානයක් හිමිවෙන රඟපෑමක් කරන එක.”
    තව කියවන්න

    "තමුසෙ කොහොමද ඕයි මාව වීඩියෝ කරන්නේ" - මහ මග පුරවැසියටන්ට තඩිබාන ලංකාවේ මදාවි පොලිසිය

    By: Aththa Withthi On: 3/29/2017 02:33:00 PM
  • Let's Get Social


  • පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා.

    ඉතින් මේ දිනවල අන්තර්ජාලයේ නාරාහේන්පිට ප්‍රදේශයේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එක්තරා යතුරුපැදි හිමිකරුවෙකු මාර්ගයේ වරදක් කිරීම නිසා ඔහුව නතර කරගෙන දඩයක් ගසන්නට සූදානම් වන අයුරුත් ඔහු එම අවස්ථාවේ තමන් එම වැරැද්ද නොකළ බවට කරන තර්කයකුත් දැක්වෙන වීඩියෝවක් හුවමාරු වෙමින් පවතිනවා.

    මෙහිදී යතුරුපැදිකරු සිදු කලේ වරදක්ද නැද්ද යන්න තොරතුරු අනාවරණය වන්නේ නැහැ.

    කෙසේවෙතත් මෙම වීඩියෝවේ වැදගත් කාරණාව වන්නේ තමන්ට පොලිසියෙන් අසාධාරණ දඩයක් ලැබෙන්නට යන බව සිතා එම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කරන්නට යතුරුපැදිකරු උත්සාහ දැරීමත් එම අවස්ථාවේ එය වීඩියෝගත කිරීමට විරෝධය පා පොලිස් නිලධාරියා කැමරා ෆෝනයට අතින් ගසා පුද්ගලයාටද පහරදීමට තැත්කර වීඩියෝගත කිරීම වළක්වාලනු ලැබීමයි.

    මේ කාලයේ ඕනෑම කෙනෙකුට ජංගම දුරකථන වීඩියෝවක් ඕනෑම මොහොතක ලබාගන්නට තිබෙන පහසුකම තුළ මේ ආකාර වීඩියෝගත කිරීමක් සිදු කිරීම වරදක්වන්නේද නැද්ද යන්න ගැන මේ වීඩියෝව ඔස්සේ සමාජ මාධ්‍ය තුළ දැන් අලුත්ම කථාබහක්ද මතුව තිබෙනවා.

    එහි වීඩියෝවයි මේ.

    තව කියවන්න

    පාසල් ඇඳුමින් පෙම්වතාගේ නිවසට ගිය සිසුවිය ගැන ඇමතුමක්

    By: Aththa Withthi On: 3/29/2017 01:12:00 PM
  • Let's Get Social


  • ඉමදුව කෝඹල ප්‍රදේශයේ සිය පෙම්වතාගේ නිවසට පාසල් නිළ ඇදුම පිටින් ගමන් කරන ලද පාසල් සිසුවියක් සම්බන්ධයෙන් 119 ඇමතුමට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ සිදුකර බව ඉමදුව පොලිසිය පවසයි.

    මෙම සිසුවිය ඉමදුවට ආසන්න පළාත් සභා පාසලක ඉගෙනුම ලබමින් සිට ඇති අතර අදාල ඇමතුම ට අනුව ඉමදුව පොලිස් ස්ථානාධිති එච්.වී.කේ උපුල් කුමාර මහතා සහ නිළධාරීන් අදාල පෙම්වතාගේ නිවසට ගොස් ඇති අතර එම අවස්ථාව වන විට පාසල් නිළ ඇදුමෙන් පැමිණි සිසුවිය, පෙම්වතා සහ පෙම්වතාගේ දෙමාපියන් එම නිවසේ සිට ඇත.

    ඔවුන් කිසියම් සාකච්චාවක නිරත වී සිට ඇත.

    පසුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පාසල් සිසුවියගේ ද දෙමාපියන් කැදවා පෙම්වතාගේ ද දෙමාපියන් සමග සාකච්චා කර සිසුවිය දෙමාපියන් වෙත බාර දීමට කටයුතු කර ඇත.

    - ලංකින්ද නානායක්කාර (ඉමදුව සමුහ)
    තව කියවන්න

    මහින්දව අනුකරණය කළ තෝමස් ආදි සිසුවාට එරෙහිව බුකිය පත්තු වූ හැටි - ‘‘කවුරු මොනා කිව්වත් ජනතාව අපි එක්ක නම් එක පයිසෙකට සැලෙන් නෑ අපෙ හාමුදුරුවනේ‘‘ (Photos)

    By: Aththa Withthi On: 3/29/2017 11:01:00 AM
  • Let's Get Social
  • දිවයින පුරා පාසල් බොහොමයක පාසල් මහා ක්‍රිකට් තරඟ එසේත් නැතිනම් බිග් මැච් සහ රථ වාහන පෙළපාලි (පැරඩේ) මේ දිනවල පැවැත්වෙනවා.

    ඒ නිසාම ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයේ හැම තැනම වගේ දකින්න ලැබෙන්නේ මේ අයගේ ඡායාරූප.

    මේ අතරේ මාතර සෙන්ට් තෝමස් විද්‍යාලය ගියපු පැරඩේ එකේ සිදුවුණ සිදුවීමක් මේ වන විට ෆේස්බුක් සමාජ වෙබ් අඩවියේ කතා බහට ලක්වෙමින් තිබේනවා.

    මේකට හේතුව වෙලා තියෙන්නේ අදාළ විද්‍යාලයේ ආදි සිසුන් දෙදෙනෙක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදියට හැඳ පැළදගෙන ඔවුන්ගේ හැසිරීම් අනුකරණය කළ නිසා.

    මේ අයගේ එම ඡායාරූප අන්තර්ජාලයේ ජනප්‍රිය වීමත් සමග සමහරු ඔවුන්ට දොස් කියලා තිබුණා.ඒ විතරක් නෙමෙයි ඇතැම් ෆේස්බුක් පේජ් වල පවා මීට විරුද්ධව කතා කරලා තිබුණා.

    ඒ අතරේ සමහරු මෙය විනෝදයක් කරගෙන තිබුණා.

    කොහොම වුණත් මේ වැඩේ කරපු අය නම් කියලා තිබුණේ විනෝදයට මේ දේ කළ බවත්,කිසිවෙකුට අපහාස කිරීමේ අරමුණෙන් මෙය නොකළ බවත්ය. (nethgossip)























    තව කියවන්න

    විමල්ට දිගටම සේලයින් : ඉල්ලීම් නොතකයි

    By: Aththa Withthi On: 3/29/2017 10:29:00 AM
  • Let's Get Social

  • උපවාස කරමින් සිටියදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද අටවන දිනටත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටින බව වාර්තා වේ.

    මේ හේතුව නිසා වීරවංශ මහතාට සේලයින් දීම දිගටම සිදු කරන බවද රෝහල් ආරංචි මාර්ග කියයි.

    මන්ත්‍රීවරයා මේ වන විට ජලය පමණක් පානය කරන අතර දියර ආහාර පවා කිසිවක් නොගනී.

    බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කල වහාම ජාතික රෝහලට මන්ත්‍රීවරයා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් සූදානමින් සිටිති.

    සෞඛ්‍ය තත්වය පිරිහීලා :


    තමාට ඇප ලබා නොදීම නිසා තව දුරටත් බන්ධනාගාරය තුළ උපවාසයේ යෙදී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගෙන් එම උපවාසය නතර කරන ලෙස බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීම තරයේම ප්‍රතික්‍ෂේප කර ඇත.

    විමල් වීරවංශ මහතා මෙම උපවාසයේ යෙදී සිටියහොත් ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යැමට ඉඩ තිබෙන නිසා උපවාසය නතර කරන ලෙස ඔහුට දැනුම් දුන් බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක්‌ කියා සිටියේය.

    උපවාසය කිරීමෙන් මෙම ප්‍රශ්නයට විසඳුමක්‌ නොලැබෙන බවට බන්ධනාගාර නිලධාරීන් විමල් වීරවංශ මහතාට කරුණු පහදා දුන්නත් ඔහු එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ බව බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය. (srilankamirror)
    තව කියවන්න

    අතුරුදන් වූ පුද්ගලයා පිඹුරු බඩෙන් මතුවෙයි - ඉන්දුනීසියාවම කැළඹූ මීටර් 7 බිහිසුනු පිඹුරා

    By: Aththa Withthi On: 3/29/2017 10:14:00 AM
  • Let's Get Social




  • පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බිහිසුන් පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තාවෙයි.

    25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබුනේ පසුගිය ඉරිදා දිනයේදීය.අතුරුදන් වෙද්දී ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමකය.

    කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති කළ සිදුකල සොයාබැලීමේදී ,ඔහුගේ මිතුරන් හා ගම්වැසියන් මෙම පිඹුරා ඔහුගේ වත්තේ සිටියදී සොයාගෙන ඇත.

    අනතුරුව ඔවුන්ට මතුවූ සැකයක් මත පිඹුරාගේ බඩ කපා බැලීමේදී අක්බාර්ගේ මියගිය සිරුර දැකගැනීමට ලැබී ඇත.

    මෙම පිඹුරා මීටර් 7ක් පමණ දිග යැයි විදෙස් වාර්තා පවසයි. (nethgossip)







    තව කියවන්න

    ගම හාමිනේට රඟපාලා සම්මානත් ගත්තා - නිරෝෂන් දික්වැල්ල

    By: Aththa Withthi On: 3/29/2017 09:17:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සතු වූ ලෝපතල ක‍්‍රීඩකයා කුමාර සංගක්කාර ක‍්‍රිකට් පිටියට අවතීර්ණ වූයේ මහ නුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඉන්පසුව ඔහු සමාජයීය ක‍්‍රිකට් තරග සඳහා නියෝජනය කළේ කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයයි. වමතින් පිත්ත හැසිරවූ ඔහු කඩුළු රැුකීමේ කාර්යයෙහි නිරත විය. වත්මනෙහි ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන නිරෝෂන් දික්වැල්ල ක‍්‍රීඩකයාද එලෙසින් ත‍්‍රිත්වයෙන් පැමිණ, එන්.සී.සී. සමාජය නියෝජනය කරමින්, ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූයේ කඩුළු රකින්නෙකු ලෙසය. ලෝ පූජිත වූ සංගාගේ ක‍්‍රීඩාශීලි රිද්මය රැුගෙන වත්මනෙහි ක‍්‍රිකට් පිටිය හැඩ කරන නිරෝෂන් දික්වැල්ල ‘‘සඳැල්ල’’ කතා බහකට එක් වූ මොහොතකි මේ.

    නිරෝෂන් කියන්නද? දික්වැල්ල කියන්නද?

    දැන් යන විදියට නම්, දික්වැල්ල කියන නම හොඳයි. පාසල් කාලයේදී නම් වැඩි දෙනෙක් කතා කළේ නිරෝෂන් කියලයි. ඒත් අද හැමෝම කතා කරන්නෙ ‘‘දික්වැල්ල’’ කියලයි.

    නම දික්වැල්ල වුණාට එන්නෙ මහනුවරින්, කොහොමද ඒක සිද්ධ වුණේ?

    අපේ පවුල් පසුබිම ගත්තොත් සීයා ආච්චිගෙ වගේම අපේ පවුලේ අය පැවත එන්නෙ නුවරින්. වාසගම දික්වැල්ල වුණාට මම දන්නා තරමින් දකුණේ නෑදැයින් නැහැ. අනාගතයේදී මට පහත රටින් නෑදැයෙක් හමුවේවි කියලා හිතනවා.

    ඒ කියන්නෙ සහකාරිය දකුණෙ කෙනෙක් කියන එකද?

    නැහැ, නැහැ, එහෙම කෙනෙක් නැහැ.

    ශ්‍රී ලංකා කණ්ඩායමේ අය කතා කරන්නෙ ‘‘දිකා’’ කියලා නේද?

    ඔව්.

    ත‍්‍රිත්වයේදී ඔබ ‘‘විශේෂිත’’ චරිතයක් වුණා. එහෙම නේද?

    ඇත්තෙන්ම ක‍්‍රිකට් නිසා තමයි එහෙම වුණේ. 13න් 15න් සහ 17න් පහළ සියලූම කණ්ඩායම් නියෝජනය කළා. ඒ නිසා පාසලේ බොහෝ දෙනෙක් මාව හඳුනා ගත්තා. ඒ එක් එක් අවස්ථාවලදී කැපී පෙනුණ දක්ෂතා පෙන්වීම ඊට හේතු වුණා.

    මම අහන්නෙ ක‍්‍රිකට් ගැන නෙවෙයි. පාසලේදී දැණුම-මිනුම ආදී තරගවලට සහභාගී වීම නිසා වඩා ප‍්‍රකට වුණා නේද?

    හොඳ කථිකයෙක් වුණා නේද? කතා කරන්න නම් දක්ෂ වුණා. කථික තරගත් දැණුම මිනුම තරග සඳහාත් මගේ නිවාසය සඳහා ඉදිරිපත් වුණා. ඒකත් එක් හේතුවක් තමයි.

    ඒ නිසා බොහෝ ජයග‍්‍රහණ එහෙමත් ලබා ගත්තා නේද?

    සම්මාන, සහතික කීපයක් ලබා ගත්තා. නමුත් වැඩිපුරම වගේ ජීවිතය ගෙවුණේ ක‍්‍රිකට් සමගයි.

    පාසල් සංගීත කණ්ඩායමේ හිටියා කියලත් ආරංචියි?

    අනේ මට වාදනය කරන්නත් ගයන්නත් බැහැ.

    එතකොට පාසලේදී නාට්‍යවල රඟපෑවෙත් නැද්ද?

    පාසලේදී නාට්‍ය කීපයක රඟපෑවා.

    ‘‘ගම හාමිනේ’’ ලෙස චරිතයක් රඟපාලා සම්මානයකුත් ලබාගත්තාලූ? නේද?

    අපේ පාසල පිරිමි පාසලක්නෙ. ඉතින් නාට්‍යයක් කරද්දී කාන්තා චරිත රඟපෑමට සිද්ධ වුණෙත් පිරිමි නළුවන්ටයි. එක්තරා අවස්ථාවක මම පාසලේ නාට්‍යයක ගම හාමිනේ ලෙස රඟපෑවා. ඒ වෙනුවෙන් හොඳම රංගනය සඳහා සම්මානයක් පවා ලබා ගත්තා.

    ‘‘ත‍්‍රිත්වයේදී’’ සංගා ගැන මතකය මොන වගේද?

    මම පාසලට ඇතුළත් වුණේ 97 දී විතර. ඒ වන විට කුමාර සංගක්කාර මහතා පාසලින් ඉවත්වෙලා. නමුත් පාසලට ආ අවස්ථාවලදී මට ඔහු හමුවූ අවස්ථා තිබුණා. ජාතික කණ්ඩායමට ඒමට පෙර, කුමාර, මහේල, ඩිල්ෂාන් ක‍්‍රීඩා කළ තරග නැරඹීමට මම පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයට වගේම කොළඹ පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයටත් පැමිණි අවස්ථා තිබුණා. ඒ තරමටම මම ආසා කළා. වාසනාවකට පසුව ඉක්මනටම ශ්‍රී ලංකා කණ්ඩායමට ක‍්‍රීඩා කිරීමේ වාසනාව මට ලැබුණා.

    පාසලෙන් ඉවත්වන විටම ඔබට ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුණෙ ‘‘එන්.සී.සී.’’ ක‍්‍රීඩා සමාජයටයි. සංගා ක‍්‍රීඩා කළෙත් එම ක‍්‍රීඩා සමාජයටයි. මොකද හිතෙන්නෙ ඒ ගැන?

    ඒ වෙනුවෙන් අවස්ථාව ලැබුණෙ සම්පත් පෙරේරා පුහුණුකරු නිසයි. එතුමා තමයි මාව ඊට යොමු කළේ. මගේ වාසනාවට සංගා ඇතුළු ප‍්‍රවීණයින් රැසක් භක්‍ක්‍ එකේ හිටියා. වයස 19 දී ඇවිත් ඒ අය එක්ක ක‍්‍රීඩා කරන්නට ලැබීම ලොකු වාසනාවක් වුණා.

    ‘‘සංගා සහ ඔබ’’ එකට ක‍්‍රීඩා කරලා තියෙනවද?

    එක්තරා අවස්ථාවක බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයකදී ඔහු සමග මටත් ක‍්‍රීඩා කරන්න ලැබුණා. අපි දෙන්නාම එදා ශතක ලබා ගත්තා.

    ඔබ විලාසිතා ගැන බොහොම උනන්දුලූ නේද?

    අනිවාර්යයෙන්ම එය හොඳ දෙයක් කියලයි මට හිතෙන්නෙ.

    සිංදු කියන්න බැහැ කිව්වට සිංදු අහන්න හරි ආසලූ නේද?

    අපි තරගයකට යද්දි වුණත් විවේකයක් ලැබුණොත් අපි කරන්නෙ ගීත අහන එක තමයි. එක්කෝ අපේ ශ්‍රී ලංකා ටීම් එකේ අය එකතු වුණාම ගීත ගයන අවස්ථා එහෙමත් තියෙනවා. ඩිල්ෂාන් මුණවීරට, මිලින්ද සිරිවර්ධනට හොඳට ගයන්න පුළුවනි. ඒ වගේම මිලින්දට වාදනය කරන්නත් පුළුවනි. කොහොමටත් ගිටාරයකුත් කණ්ඩායමට තියෙනවා. මම ඉතින් ගීත අහන එක තමයි කරන්නෙ.

    ඩිල්ස්කූප් එක දැන් ඔබත් ගහනවනෙ? දැන් ඒකට කියන්නේ මොන ස්කූප් කියලද?

    ඒක ඇත්තටම ඩිල්ෂාන් අයියා ගෙනා පහරක්. පසුව බොහෝදෙනා ඒ පහරට යොමුවුණා. දැන් මම ඒ පහර ගහද්දී ‘‘දිකාස්කූප්’’ කියලා සමහරු කියනවා.

    වෙලාවකට ප‍්‍රතිවාදී කණ්ඩායම්වල ක‍්‍රීඩකයින් එක්ක ඔට්ටු වෙන්නත් යනවා වගේ අවස්ථා දැකලා තියෙනවා. ඔබ කොහොම කෙනෙක්ද?

    ප‍්‍රතිවාදී කණ්ඩායමේ පන්දු යවන්නන් පන්දු රකින්නන් පන්දු යැවීමේදි මාව මෙල්ල කරන්න හදන එකටවත්. වචනයෙන් මෙල්ල කරන්න හදන එකටවත් මම ඉඩ දෙන්නෙ නැහැ. එයාලට වඩා මම අණසක පතුරවන්න ඕනෑ කියලයි හිතන්නෙ. පිත්තෙන් උත්තර දෙන්න මම නිතරම සූදානම්. ඒ අවස්ථාව පරාජය කිරීමට තමයි මම ක‍්‍රියා කරන්නෙ. මම කොහොමටත් මාව විශ්වාස කර ගෙන ක‍්‍රීඩා කරන කෙනෙක්. ඒ විශ්වාසය මත කණ්ඩායමට හැකි උපරිමය නෙළාදීම මගේ අරමුණයි.

    සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ (saaravita)
    තව කියවන්න

    එදා මට අමානුෂික ලෙස "නවක වදය" කළ කැළණිය විශ්ව විද්‍යාලය අද මා ප්‍රණාමයට පාත්‍ර කරයි

    By: Aththa Withthi On: 3/29/2017 08:19:00 AM
  • Let's Get Social


  • ප්‍රවීණ රංගන වේදිනී යශෝධා විමලධර්මට කැළණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර ගෞරව ප්‍රණාමයකින් පිදුම් ලබා තිබෙනවා.

    ඇයට මේ ගෞරව ප්‍රණාමය පුද කර ඇත්තේ කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංසදය විසිනුයි.

    එසේම ඒ ගෞරව සම්මානය වෙනුවෙන් ඇය සිය ෆේස්බුක් ගිණුමේ යොදා තිබුණේ මෙවැනි සටහනක්.

    'එදා මට අමානුෂික ලෙස වද හිංසා (නවක වදය) කළ, මා විශ්ව විද්‍යාලයෙන් නෙරපන්නට සහ මාගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්නට වෙර දැරෑ කැළණිය විශ්ව විද්‍යාලය, මගේ ආදරණීය පියාණන් සහ මේ දේශයට වටිනා ගුරැවරයෙකු අකාලයේ අහිමි කළ කැළණිය විශ්ව විද්‍යාලය අද මා ගෞරව ශාස්ත්‍ර ප්‍රණාමයට පාත්‍ර කරයි.

    ජීවිතය පුදුමාකාරය..

    අද මට කැළණිය විශ්ව විද්‍යාලය පුද කළ මේ ශාස්ත්‍ර ගෞරව ප්‍රණාමය මගේ ගෞරවනීය පියාණන්ට උපහාරයක් වේවා..

    මේ ගෞරව ප්‍රණාමය නිමිත්තක් කොට ගෙන විශ්ව විද්‍යාල සංස්කෘතියෙන් අමානුෂික නවක වදය තුරන් කරන්නට දැන්වත් ශක්තිමත් පියවර ගනු ඇතැයි මගේ ඒකායන ප්‍රාර්ථනයයි..!


    තව කියවන්න

    එෆ්.බී.අයි. පොලිසියේ පරීක්‌ෂණවලින් පසු ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවෙයි - ජෝන් ෂිලිස්‌ටර්

    By: Aththa Withthi On: 3/29/2017 07:51:00 AM
  • Let's Get Social

  • ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් පහකිරීම සඳහා විමර්ශනයක්‌ පැවැත්වේ. මේ බව එරට ජාතික බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියකු වූ ජෝන් ෂිලිස්‌ටර් හෙළිකර ඇත.

    ට්‍රම්ප් රුසියාව සමඟ සබඳකම් පැවැත්වීම ගැන ඇමෙරිකානු බලධාරීන් විමර්ශනයක්‌ පවත්වන බව ඔහු තවදුරටත් අනාවරණ කර තිබේ.

    එෆ්. බී. අයි. පොලිසිය සහ ඇමෙරිකානු කොන්ග්‍රසය එම පරීක්‌ෂණ සිදුකරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

    මෙම පරීක්‌ෂණයේ ප්‍රතිඵලවලින් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් පහවන බව ද ෂිලිස්‌ටර් තවදුරටත් දක්‌වා තිබේ. (divaina)
    තව කියවන්න

    28 March, 2017

    දුර්වල පන්දු යැවුවොත් ගුටි ෂුවර්

    By: Aththa Withthi On: 3/28/2017 10:08:00 PM
  • Let's Get Social

  • නුවන් කුලසේකර, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නොමැකෙන සටහන් කීපයක් සටහන් කළ ක‍්‍රීඩකයෙක්. කුලසේකර අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය ද ඔහු හිමිකරගෙන සිටියා. ටෙස්ට් පිටියෙන් සමුගෙන සිටින මෙම දකුණතින් වේග පන්දු යවන්නා මේ වන විට එක්දින සහ විස්සයි20 තරගවලට සහභාගි වෙනවා. මෙම සතියේ ‘හදසර ක‍්‍රිකට් තරුව විශේෂාංගයට අපි එක්ක ක‍්‍රිකට් පිලේ වඩාත් නිහතමානී ක‍්‍රීඩකයෙක් ලෙස නුවන් කුලසේකරයි. නුවන් එක්ක අපි කතා කළේ එයා කැමතිම වේග පන්දු යවන්නන් ගැනයි.

    ඔබ වඩාත් කැමති විදේශීය සහ දේශීය වේග පන්දු යවන්නන් කවුද?

    මම පොඩි කාලේ ඉඳලම කොදෙව් හිටපු වේග පන්දු යවන්නකු වන කර්ට්ලි ඇම්බ්‍රොස්ට කැමතියි. ඒ මොකද කිව්වොත් ඔහු ක‍්‍රීඩා කරන ආකාරය, ඒ වගේම ඔහුගේ වේග පන්දු යවන්නකු ලෙස දැවැන්ත ශරීරිය මගේ හිතට වැදිලා තිබුණා.

    ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යවන්නන්ගෙන් රවී රත්නායක සහ රුමේෂ් රත්නායක යන ක‍්‍රීඩකයෝ පන්දු යවනවා බලන්න මම කැමතියි. ඒ ක‍්‍රීඩකයෝ පන්දුව දෝලනය කරන ආකාරය ඒ වගේම පන්දුව දෝලනය සඳහා පතිත කරන ස්ථානය වගේ දේවල් ගැන මම විශේෂ අවධානයක් යොමු කරනවා.

    මෑත කාලයේදී වාස් අයියා (චමින්ද වාස්) සහ ලසිත් (ලසිත් මාලිංග) යන පන්දු යවන්නන්ට මම ගොඩක් කැමතියි.

    ඔබ ජාතික කණ්ඩායමට පැමිණීමට පෙර අනුකරණය කළ ක‍්‍රීඩකයෙක් ඉන්නවද?

    එහෙම කෙනෙක් කියලා විශේෂයක් නෑ. මම අනුකරණය කළේ නෑ. ඔවුන්ගෙන් ඇතැම් දේවල් ලබාගත්තා. වසීම් අක‍්‍රම්, වකාර් යුනිස්, බ්‍රේට් ලී සහ ජේම්ස් ඇණ්ඩසන් වැනි ක‍්‍රීඩකයන් පිළිබඳව අවධානය යොමු කළා.

    පන්දුව දෝලනය කරන ආකාරය වගේ දේවල් තමයි ලබාගත්තේ.

    ශ්‍රී ලංකාවේ තරුණ වේග පන්දු යවන්නන් ගැන අදහස කොහොමද?

    අපිට පසුගිය වසර පහක පමණ තුළ තරුණ හොඳ වේග පන්දු යවන්නන් රැසක් ඉන්නවා. විශේෂයෙන් වයස 19 න් පහළ පිලෙන් දක්‍ෂ පන්දු යවන්නන් දෙන්නෙක් ආවා. ළහිරු කුමාර හොඳින් ක‍්‍රීඩා කරනවා. අසිත ප‍්‍රනාන්දු ටෙස්ට් සංචිතයේ සිටියා. ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්. ඒ ක‍්‍රීඩකයන්ට පුළුවන් වසර දෙකක් විතර යන විට ජාත්‍යන්තරට ඉතාමත්ම හොඳින් අනුගත වෙන්න.

    ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයෙක් වන ඔබගෙන් තරුණ ක‍්‍රීඩකයන් උපදෙස් ලබාගත් අවස්ථා තිබෙනවද?

    අනිවාර්යෙන්ම. මම කිසිඳු පැකිලීමක් නැතුව මගේ රටේ හෝ වෙනත් රටක හෝ ක‍්‍රීඩකයකු මගෙන් කිසියම් දෙයක් ඇහුවොත් කියලා දෙනවා. මම ඉගෙනගත්තු දේ කියලා දෙන්න මම වඩාත් කැමතියි.

    පුහුණුවීම්වලදී අපේ යොවුන් ක‍්‍රීඩකයෝ මගෙන් පළමු ඕවර 10 පන්දු යවන විට සහ අවසන් ඕවර යවන විට කරන වෙනස්කම් පිළිබඳව අහනවා. මම ඉතාමත්ම කැමැත්තෙන් මගේ අත්දැකීම් ලබා දෙනවා.

    ඔබට පන්දු යැවීමට වඩාත් අසීරු පිතිකරුවකු ඉන්නවද?

    ජාත්‍යන්තර තලයේ ක‍්‍රිස් ගේල්, විරේන්ද්‍ර සෙවැග්, ඇඩම් ගිල්ක‍්‍රිස්ට් වැනි පිතිකරුවන්ට පන්දු යැවීම අසීරුයි. මොකද ඒ පිතිකරුවන්ට දුර්වල පන්දුවක් යැවුවොත් ගැලවීමක් ලැබෙන්නේ කලාතුරකින්. සෙසු පිතිකරුවෝ සහ මේ සුවිශේෂි පිතිකරුවෝ අතර වෙනස ඒකයි. දුර්වල පන්දු යැවුවොත් ගුටි කන්න තමයි වෙන්නේ.

    මෑතක සිට පුහුණුවීම්වලදී නිරෝෂන් දික්වැල්ලට පන්දු යැවීම අසීරුවෙලා තියෙනවා.

    ඔබට දැන් වයස 34 ක් ක‍්‍රීඩාවේ අනාගතය ගැන හිතලා තියෙනවද?

    ඒක ඉතින් එහෙම කියන්න බෑ. ඒක කරන්න වෙලාවක් එයි. මම හිතපු නැති වෙලාවක ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට ආවා. හොඳින් පන්දු යැව්වා. දැනුත් උපරිමයෙන් ක‍්‍රීඩා කරනවා. අද ද හෙට ද කියලා කියන්න බෑ. (saaravita — Text — Yohan / Pic-internet) 
    තව කියවන්න

    වඳවී ගිය ‘ටස්මේනියන් කොටි‘ කිසිවෙකුගේ ඇස නොගැටෙන පෙදෙසකින් මතුවූ හැටි (PHOTOS)

    By: Aththa Withthi On: 3/28/2017 09:37:00 PM
  • Let's Get Social
  • වඳවී ගියේ යැයි පැවසූ ‘ටස්මේනියන් කොටි‘ පවුලක් තමා දුටු බව උතුරු ක්වීන්ස්ලන්ඩිහි පුද්ගලයෙකු විසින් අණාවරාණය කර තිබේ.

    ක්වීන්ස්ලෑන්ඩිහි සංචාරක ක්‍රිකයකරුවෙකු වන බ්‍රයන් හොබ්ස් පවසන්නේ ටස්මේනියන් කොටි වැනි සත්වයන් කිහිප දෙනෙකු තමා ක්වීන්ස්ලන්ඩ්හි කිසිවෙකු පය නොතබන ප්‍රදේශයක් වන කේප් යොර්ක්හිදි දුටු බවයි

    පිරිමි සත්වයෙකු, ගැහුනු සත්වයෙකු හා පැටවුන් දෙදනෙකු ඇතුලු කොටි පවලුක්ම තමා දුටු බව ඔහු විදේස් මාධ්‍ය වෙත පවසා තිබේ.

    ටස්මේනියන් කොටි 1930 වසරෙන් පසුව මෙලොවින් වඳවී ගියේ යැයි වාර්තා පළවී තිබුණි. - nethgossip






    තව කියවන්න

    විමල්ගේ උපවාසය අතරතුර කළ ‘හොර වැඩක් මාට්ටු වෙයි‘ - බුද්ධි අංශ පරීක්ෂණත් ඇරඹෙයි

    By: Aththa Withthi On: 3/28/2017 08:45:00 PM
  • Let's Get Social

  • පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ රුධිර සාම්පලයක්‌ බැහැරට ගෙන ගොස්‌ පෞද්ගලික රසායනාගාරයකින් පරීක්‌ෂා කළේ කෙසේ දැයි සෙවීම සඳහා බන්ධනාගාර බුද්ධි අංශය ඊයේ (27 දා) පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

    මෙම රුධිර සාම්පලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මඟින් බන්ධනාගාර රෝහලෙන් පිටතට ගෙන යන්න ඇතැයි සැක කරන බව බන්ධනාගාර ඉහළ නිලධාරියෙක්‌ පැවසීය.

    බන්ධනාගාර කොමසාරිස්‌ නිශාන් ධනසිංහට ලැබුණු පැමිණිල්ලක්‌ මත මෙම පරීක්‌ෂණය ආරම්භ කර තිබේ.

    බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන ඕනෑම රෝගියකුගේ ලේ පරීක්‌ෂාවක්‌ සිදු කෙරෙනුයේ බන්ධනාගාර රෝහලේදී බවත්, රුධිර පරීක්‌ෂාවක්‌ කිරීමට පහසුකම් නොමැති අවස්‌ථාවකදී බන්ධනාගාර කොමසාරිස්‌ හෝ බන්ධනාගාර අධිකාරිවරයාට ඒ පිළිබඳ දැනුම් දී බන්ධනාගාර රියකින් බන්ධනාගාර නිලධාරියකු භාරයේ අදාළ රුධිර සාම්පලය ජාතික රෝහල වෙත යෑවීම නිසි ක්‍රමවේදය බවත් එම නිලධාරියා කියා සිටියේය. -nethgossip
    තව කියවන්න

    කිංග්ස්වුඩ් පැරඩ් එකේ ඔක්කොම එලියෙදාන් ගිය යුවතිය (Photos)

    By: Aththa Withthi On: 3/28/2017 08:10:00 PM
  • Let's Get Social


  • පසුගිය දිනවල දිවයින පුරා පිහිටි පාසල් ගණනාවක Parade’s පැවැත්වුණා.

    මේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ Parade එකෙහි විශේෂ අවස්ථා දැක්වෙන ඡායාරූප එකතුවකි.

    එය නම්කර තිබුනේ Randles Vroom ’17 ලෙසයි.

    එක්තරා යුවතියක් මුළු ශරීරයටම එලියට දමාගෙන මෝටර් රථයේ කවුළුවේ වාඩිවී ගමන් කර දසුනක් එහිදී කැමරාවට හසුවී තිබුනේ මෙලෙසයි.










    තව කියවන්න

    ආණ්ඩුවට එරෙහිව සියලු බෞද්ධ සංවිධාන එක්වේ

    By: Aththa Withthi On: 3/28/2017 07:27:00 PM
  • Let's Get Social

  • ජාතික බලවේග නියෝජනය කරමින් වෙන් වෙන්ව කටයුතු කරන සියලු බෞද්ධ ආගමික සංවිධාන එක්‌කර වත්මන් ආණ්‌ඩුවට එරෙහි එක්‌ ප්‍රබල බෞද්ධ සංවිධානයක්‌ ස්‌ථාපිත කිරීමට තීරණය කළ බව පැවිදි හඬ සංවිධානයේ සභාපති මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (27 වැනිදා) පැවසූහ.

    මෙය බෞද්ධ සංවිධාන දහයක්‌ පහළොවක්‌ අතර සංවිධාන රැසක එකමුතුවක්‌ බවත් එය උත්සව සමයෙන් පසු එළිදක්‌වන බවත් පැවසූ උන්වහන්සේ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදය ඇතිව මෙහි කටයුතු සිදුකරන බවත් භික්‍ෂුන් වහන්සේලා පන්දහසක්‌ පමණ එක්‌ ස්‌ථානයකට වැඩම කර තීන්දු රැසක්‌ ගන්නා බවත් කියා සිටියහ.

    වත්මන් රජයේ රටේ සම්පත් පුද්ගලික අංශයට ලබාදීම, බුද්ධි අංශ දඩයම් කිරීම, රටට එරෙහි ව්‍යවස්‌ථාව ආදියට එරෙහිව එක්‌ බලයක්‌ ගොඩනගන බවත් උන්වහන්සේ කීහ.

    මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ ඊයේ එම අදහස්‌ පළ කළේ නාරාහේන්පිට අභයාරාමයේ පැවැති මාධ්‍ය හමුවකදීය. (nethgossip)
    තව කියවන්න

    'රාජපක්ෂලාගේ කොමිස්' : RDA අධ්‍යක්ෂවරයකුට මරණිය තර්ජන ?

    By: Aththa Withthi On: 3/28/2017 12:34:00 PM
  • Let's Get Social

  • දිගින් දිගටම එල්ලවූ මරණිය තර්ජන හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA ) ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු සේවයට නොපැමිණ සැඟවී සිටින බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ.

    තිලකසිරි ගාල්ලගේ නමැති ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වෙත එසේ මරණිය තර්ජන එල්ලවී ඇත්තේ, පසුගිය රාජපක්ෂ පාලන සමයේ ඉඳිකළ මුලටියන - කොටපොල මාර්ගයට අදාළ රුපියල් කෝටි ගණනක් අමතර මුදලක් වංචනික අකාරයෙන් ලබාගැනීමට බලධාරීන් කිහිපදෙනෙකු ගන්නා උත්සාහයට එකඟ නොවීම නිසාය.

    තම ජිවිතයට යම් අනතුරක් වුවහොත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානින් ඊට වගකිව යුතුව ඇතැයි ඔහු එම ආයතනයේ ඉංජිනේරු වෘත්තිය සමිතියට මේවනවිට ලිඛිතව ම දැනුම්දී ඇත.

    මුලටියන - කොටපොල මාර්ගය ඉඳි කිරීම සඳහා රුපියල් බිලියන 2.2 ක මුදලක් ඇස්තමේන්තු කර තිබී ඇති අතර
    කැටික් (CATIC) චීන සමාගම එහි කොන්ත්‍රාත්කරු ලෙසත් ශ්‍රී ලංකාවේ 'මාඝා' ඉංජිනේරු සමගම දේශීය නියෝජිතයා ලෙසත් කටයුතු කර තිබේ.

    එහෙත් එම ව්‍යාපෘතියට රුපියල් බිලියන 3.8ක් වැයවී ඇතැයි පවසමින්, රාජපක්ෂ පාලනයේ ප්‍රබලයකුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා අමතර මුදලක් ගැනීමට කටයුතු යොදා තිබුනද රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටීම නිසා එම අසාර්ථකවී ඇත.

    කෙසේවුවද එම අමතර ලබාදීම සඳහා ආයතනයේ බලධාරීන් කිහිප දෙනෙකු මෙවන විට බලවත් උත්සහයක් දරමින් සිටින අතර, ඊට අදාල ලිපිවලට අත්සන් කරන්නැයි එම ව්‍යාපෘතිය බාරව සිටි ප්‍රධාන ඉංජිනේරුවාවූ ගාල්ලගේ මහතාට පසුගිය කාලයේ දිගින් දිගටම බලපෑම් එල්ලවී තිබේ.

    කුප්‍රකට රාජපක්ෂලාගේ ගාමිණී ?


    මාර්ග සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු වන ආර්.එම්. ගාමිණී නමැති අය එසේ බලපෑම් කල ප්‍රධාන පුද්ගලයා ලෙස සැලකේ.

    රාජපක්ෂ පාලනයේ සිට අතිශයින් දුෂිත නිලධාරියකු ලෙස සැලකෙන මොහු මේවනවිට යහපාලන ආණ්ඩුවේ බලධාරීන්ටද තම ග්‍රහණයට ගෙන ඇති අතර, චීන සමාගම් හරහා සිදුකෙරෙන අධිවේගී ව්‍යාපෘති සියල්ල තමන් යටතට ගෙන තිබේ.

    බලධාරීන්ට චීන කොමිස් මුදල් පමණක් නොව වෙනත් අකාරයෙන් සතුටු කිරීම් ද සිදුකරන මොහු ඒ හරහා මේවනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (ව්‍යපෘති) තනතුර අත්පත් කර ගැනීමට මානබලමින් සිටියි. ඒ ඔහුට වඩා සුදුසුකම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 07 දෙනෙකු සිටියදීය.

    මහාමාර්ග ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ලබා දීමේ දී වත්මන් ආණ්ඩුව පෙර පැවති ආණ්ඩුවටත් වඩා අන්ත දූෂිත අන්දමින් ක්‍රියා කරන බව දූෂණ විරෝධී පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දීමෙන් පසුව, මොහු විසින් සිදුකර ඇති වංචා දුෂණ පිළිබඳව ද ජනාධිපති කාර්යාලය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භකර ඇති අතර එහි විමර්ශන වාර්තාව ලබන සතියේ FCID ය වෙත බාරදීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකු 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය. (srilankamirror)
    තව කියවන්න

    සැමියා පිටරට - පාළුව තනිකම මකා ගන්න කළේ - එයා අහයි දැන් නැටුවා ඇතිද කියලා

    By: Aththa Withthi On: 3/28/2017 11:52:00 AM
  • Let's Get Social

  • නටන්න ගයන්න රඟන්න හැමෝටම බැහැ. ඒත් නිරෝෂා තලගල කියන්නේ ඒ හැමදේකටම දක්ෂ කෙනෙක්. ඇගේ ඒ අපුරූ හැකියාවට හැමෝම ආදරේ නිසා ඇය ගැන කතා කරන්න හිතුවා. මේ නිරෝෂා ඇය ගැන හිරු ගොසිප් එක්ක කළ සංවාදයයි.

    නිරෝෂා තලගල මේ දවස්වල රංගන කටයුතු එක්ක කාර්යබහුල වෙලාද..?
    ටෙලිනාට්‍ය කිහිපයක්ම රූගත කරනවා වෙනවා මේ දවස්වල. තවත් කිහිපයක් විකාශය වෙනවා. අප්‍රේල් මාසයේ සම්පූර්ණයෙන්ම රූගත කිරීම් නතර කරන්න හිතාගෙන ඉන්නවා. අප්‍රේල් මාසයේ නටන්න කාලය වෙන් කරලා තියෙනවා.

    අප්‍රේල් මාසයේ විතරද නටන්නෙ..?
    අප්‍රේල් මාසයේ නටන්න මුල්තැන දීලා තියෙනවා. හැම අවුරුද්දෙම අප්‍රේල් මාසයේ සංගීත ප්‍රසංග වේදිකාවල මගේ කණ්ඩායමත් එක්ක නටන්න ආරාධනා වැඩිපුර ලැබෙනවා. ඒ නිසා අප්‍රේල් මාසයේ රඟපාන එක නතර කරලා නර්තනයේ යෙදෙනවා. අනිකා කලෙට තෝරා ගත්ත ප්‍රසංග වලට විතරයි සම්බන්ධ වෙන්නේ.

    හැමෝම කියන්නේ නිරෝෂා තලගලට නටන්න පුළුවන් නිසා තමයි රඟපාන්න ලැබුණෙ කියලා..?
    නටන්න පුළුවන් නිසා රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මට ඒ කාලෙත් රඟපාන්න පුළුවන්. මගේ සැමියාගේ උවමනාවටයි ආසාවටයි තමයි මම රඟපෑමට ආවේ. මුලින්ම වෙළඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඒ වෙළඳ දැන්වීම් ප්‍රසිද්ධ වුණු නිසා මට රඟපාන්න ආරාධනා ලැබුණා.

    නිරෝෂාගේ දීගෙ කැඩුණා කියලා පහුගිය කාලේ ආන්දෝලනාත්මක කතාබහක ඇතිවුණා නේද..?
    ඔව්.. මම මගේ සැමියාව අතඇරලා ගියා කියලයි කතාවක් පැතිරුණේ. ඒ කතාව අහලා මටයි සැමියටයි හිනා ගියා. දුකක් නම් හිතුණෙම නෑ.. ඒකෙන් අපි ඇස්වහ කටවහ දුරු කර ගත්තා.

    කලාව නිසා කාර්යබහුල වෙනකොට කලා කටයුතුවලින් ඈත් වෙන්න කියලා සැමියා නීති දාලා නැද්ද..?
    එයා මට කවදාවත් එහෙම කියන එකක් නැතිවෙයි. එයා විදේශ රටක ඉන්නෙ. හෙට අනිද්දම ලංකාවට එනවා. එයා පිටරට හිටපු නිසා පාළුව තනිකම මකා ගන්නත් එක්ක තමයි මම කාර්යබහුල වෙලා වැඩ කළේ. මං මහන්සි වෙලා වැඩ කරද්දි මහන්සි නේද කියලා අහනවා. නර්තනය කියන්නෙ මගේ ආත්මය වගේ දෙයක්. මම නටන එක නතර කරන දවසට එයා අහයි දැන් නැටුවා ඇතිද කියලා. එතකල් නටන්න වෙයි. රඟපාන එක එපා කිව්වොත් මං පොඩ්ඩක් අවුල් වෙයි. එයානේ රඟපාන්න යන්න කිව්වෙ. එයා එපා කිව්වොත් ඒ ගැන හිතලා බලනවා. කොහොම නමුත් මැයි මාසෙන් පස්සෙ අලුත් ටෙලිනාට්‍ය භාර ගන්නෙ නැතුව ඉන්නත් පොඩි කල්පනාවක් තියෙනවා.

    සැමියා ගෙදර නෑ කියලා පවුලේ වැඩකටයුතුවලින් මග ඇරිලා ඉන්නවද..?
    මගේ සැමියා අසේල ප්‍රියදර්ශන. මම දැන් ඉන්නෙ එයාගෙ ගෙදර. එයාගේ ගෙදර අය අසේල නැතිවුණත් මට හොඳට සලකනවා. හැම දෙයක් ගැනම හොයලා බලනවා. අපි විවාහ වෙලා අවුරුදු 8 ක් වෙනවා. මේ කාලය පුරාවට මගේ අම්මා තාත්තා වගේම ඒ ගෙදර අයත් මා එක්ක ඉන්න නිසා තවම මට ඒ ප්‍රශ්නය ඇති වෙලා නැහැ.

    පුංචි පවුල සම්පූර්ණ කර ගන්න එකද ඊළඟ බලාපොරොත්තුව..?

    එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. ඒ බලාපොරොත්තුව මෙච්චර කල්ගියේ අපි දෙන්නා ස්ථාවර වෙනකං. අපි දෙන්නා විවාහ වෙනකොට අපි ස්ථාවර වෙලා හිටියෙ නැහැ. ඒත් දැන් අපි ස්ථාවර වෙමින් සිටිනවා. ඒ නිසා ඒ ගැන හිතන්න පුළුවන් දැන්.
    තව කියවන්න

    පොළොවේ පයගහලා ඉන්න "සජිතගේ - බුවී" මෙන්න

    By: Aththa Withthi On: 3/28/2017 11:24:00 AM
  • Let's Get Social

  • සජිත අනුත්තර යනු කළා පවුලකින් ලංකාවට ලද මහඟු දායාදයකි.

    ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය කළාකරුවකු වන ජැක්සන් ඇන්තනි මහතා සහ කුමාරි මුණසිංහ මහත්මියගේ පවුලේ බඩපිස්සා වන ඔහු ඉතා නිහතමානී චරිතයකි.

    පසුගිය දනක ඔහු සිය පෙම්වතිය ගැන රූපවාහිණී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් පැවසුවා.

    එහිදි ඔහු කියා සිටියේ කොණ්ඩෙ වවාගෙන රැවුල වවාගෙන මං විදිහටම ඉන්න මට මුණගැහුනු ගැලපෙනම කෙනා ඇය බවයි.

    ඇයට ආදරේට "බුවී" ලෙස ආමතන බවත් සජිත පැවසුවා.

    සජිතගේ අවංක ආරයට අපේ සුභ පැතුම්.


    තව කියවන්න

    එක විශාඛා - දෙක මහාමායා - තුන ආනන්ද - සාමාන්‍ය පෙළ දක්ෂයන් මෙන්න

    By: Aththa Withthi On: 3/28/2017 10:57:00 AM
  • Let's Get Social


  • අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2016 හොඳම ප‍්‍රතිඵල ලාභින්ගේ නාම ලේඛනයද විභාග දෙපාර්තමේන්තුව මීට නොබෝ වේලාවකට පෙර නිකුත් කළා. 

    ඊට අනුව හොඳම ප‍්‍රතිඵලලාභීන් දස දෙනාගෙන් හත් දෙනෙකුම කාන්තා පාසල්වල ඉගෙනුම ලබන්නන්. මෙම ප‍්‍රතිඵල ලාභින් දස දෙනාම නගරයේ පාසල්වල ඉගෙනුම ලබන්නන් වීම ද විශේෂත්වයත් වනවා.

    පළමු ස්ථානය ලබා ගෙන ඇත්තේ කොළඹ විශාඛා බාලිකා විද්‍යාලයේ අනුකි චමත්කා පැසකුවෙල්.

    මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එස්. එම්. මුණසිංහ දෙවන ස්ථානය ලබා ගෙන තිබෙනවා.

    තුන්වන ස්ථාන ලබා ගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ආර් එම් සුගත් රවිඳු සහ මාතර රාහුල විද්‍යාලයේ දිමුත් ඕෂධි මිරිස්සගේ.

    හතරවන ස්ථානය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ එච් බී පබසරා මලිති කුමාරි හිමිකර ගෙන තිබෙනවා.

    කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ ඩි. එම්. රනුමි දිසරණි නානායක්කාර, ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ඒ. දම්සරා මේධාවි සහ යාපනය හින්දු විද්‍යාලයේ ඒ. අභිනන්දන් පස්වන ස්ථාන ලබා ගෙන තිබෙනවා.

    හය වන ස්ථාන ලබා ගෙන ඇත්තේ ගාල්ල සවුත්ලන්ඞ් විද්‍යාලයේ රන්දිණි ද සිල්වා සහ මාතර සුජාතා විද්‍යාලයේ ඊ ඒ යසාරා උමාෂියි. (නෙත්)
    තව කියවන්න