28 December, 2016

ගායන ශිල්පී ෂේන් සින් ජනවාරි 5 දක්වා රිමාන්ඩ් - රිය අනතුරේ CCTV වීඩියෝව මෙන්න

By: Aththa Withthi On: 12/28/2016 02:15:00 PM
  • Let's Get Social


  • පසුගිය 24 වන දින අලුයම 3ට පමණ වත්තල ප්‍රදේශයේදී ගායකයෙකු වන ෂේන් සින් ගමන් ගත් වාහනයේ තරුණයින් දෙන්නෙකු ගැටි ජීවිතක්ෂයට පත්විය.

    වාහනයේ ගැටී තරුණයින් අනතුරට පත් වූ පසුව ගායක ෂේන් සිං ඔවුන් දෙදෙනා අනතුරට පත් වී තිබෙනු දැක දැකම පලා ගොස් තිබුණු බවට වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළ විය.

    මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී වත්තල මහේස්ත්‍රාත්තුමිය නියෝග කොට ඇත්තේ ගායක ෂේන් සිං ජනවාරි 5 දක්වා රිමාන්ඩ් කිරීමටයි.


    තව කියවන්න

    එකම රෝහලේ එකම ඇඳේ අත්වැල් පටලාගෙන අවසන් වූ වසර 64ක ආදර කතාව

    By: Aththa Withthi On: 12/28/2016 01:33:00 PM
  • Let's Get Social
  • ආදරය කියන්නේ මහා පුදුමාකාර හැඟීමක්. මේ ලෝකේ හැමෝටම ආදරය කරන්න පුලුවන් වුණත් එකම ආදරයක් වෙනුවෙන් මුලු ජීවිත කාලෙම කැප කරන්න හැමෝටම බෑ.. ඒ වගේ ආදර කතා අද කාලේ හොයාගන්නත් නැති තරම්..

    මේ කියන්න යන්නේ එකම රෝහලේ එකම වාට්ටුවේ එකම ඇඳේදී අවසන් වුණ අවුරුදු 64ක ඉතා සංවේදී ආදර කතාවක් ගැන..

    ඔහු නමින් ට්‍රෙන්ට් වින්ස්ටෙඩ් (88) ඇය ඩොලරස් වින්ස්ටෙඩ් (83).පහුගිය දවසක මේ යුවළ එකම රෝහලේ එකම ඇඳේ ඉද්දි මියගියා පසුව ලොව පුරා මාධ්‍ය මේ දෙන්නාගේ ආදර කතාව ගැන කියලා තිබුණා.

    88 හැවිරිදි ට්‍රෙන්ට්ට අක්මාවේ රෝගයක් වැළඳී තිබුණා. රෝහල් ගතවෙලා මේකට ප්‍රතිකාර ගන්න අතරතුරදී ඔහුගේ ආදරණීය බිරිඳ ඩොලරස්ටත් මොළය ආශ්‍රීත ප්‍රදේශයේ රෝගයක් ඇතිවනවා. ඇයත් ඔහු සිටි රෝහලටම ඇතුළත් වනවා. මේ දෙන්නාගේ ආදරය දකින රෝහල් කාර්ය මණ්ඩළය දෙදෙනාම රෝහලේ එකම ඇඳකට දමනවා.

    කොහොමහරි ටික දවසකට පස්සේ ඩොලරස් මියයනවා. ඇගේ අවසන් හුස්ම නික්මෙන මොහොතේ ට්‍රෙන්ට් ඇගේ අතින් අල්ලාගෙන ඇය දෙස බලාගෙන ඉන්නවා. ඒත් එක්කම වසර 64ක් තිස්සේ තමන්ව රැකබලාගත්ත, ආදරය කළ, සිය ආදරණීය බිරිඳට ඔහු හාදුවක් දෙනවා.

    බිරිඳගේ මරණය වෙලා පැය කිහිපයක් ඇතුළත ට්‍රෙන්ටුත් මිය යනවා.ඔහුට වැළඳිලා තිබුණ රෝගාබාධයටත් වඩා බිරිඳගේ අහිමිවීම ඔහුට දරාගන්න නොහැකි වූ බවයි ඔවුන්ගේ දියණිය මාධ්‍ය වෙත කියලා තිබුණේ.

    ට්‍රෙන්ට් හා ඩොලරස් හමුවෙන්නේ 1950 වසරේ ටෙනීස් වලදි. ටෙනීස් කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්තයක්. එහිදී ඔවුන් දෙදෙනා අතර ආදර සම්බන්ධතාවයක් ඇතිවනවා. කොහොමහරි මේ දෙන්නා හමුවෙලා ටික කලකින්ම ට්‍රෙන්ට් කොරියාවට යනවා. ඒ කොරියානු යුද්ධයට සහභාගී වෙන්න.

    වසර දෙකකට පස්සේ ඔහු නැවතත් ඇමරිකාවට එනවා. ආවට පස්සේ මේම දෙදෙනා විවාහ වෙනවා.ඒ 1952 වසරේදීයි.






    තව කියවන්න

    බඹර පදම එක්ක නිරංජනී තියන ඊළඟ අඩිය මොකද්ද?

    By: Aththa Withthi On: 12/28/2016 12:08:00 PM
  • Let's Get Social


  •  නිරංජනි මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි වගේ?

    හිරු මෙගා ස්ටාර් නිසා මේ දවස්වල ගොඩක් කාර්යබහුලයි.

     ගායිකාවක් විදියටත් නිරංජනි දැන් කලඑළි බැහැලනේ?

    ඔව්. මම බඹර පදම කියලා ගීතයක් රිලීස් කළා.

     නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වෙලා හිටි හැටියේ ගායිකාවක් වෙන අදහසක් ආවේ?

    ඇත්තටම මට ගායිකාවක් වෙන්න තමයි වුවමනාව තිබ්බේ. ගායිකාවක් වෙන්න කලින් මට නිවේදිකාවක්, නිළියක් වෙන්න ලැබුණා. ඊට පස්සේ තමයි ගායිකාවක් වෙන හීනය හැබෑ වුණේ.

     සිංහල ගීතයක් කරන්න හිතුවේ?

    මගේ භාෂාව දමිළ භාෂාව. මම ඒ භාෂාව දන්නවා. මට සිංහල භාෂාවෙන් ගීත කියන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් මම ඉදිරියටත් ගීත ගායනා කරන්න හිතාගෙන ඉන්නෙ. දමිළ ගීතයක් ගයන්නත් ආරාධනාවක් ලැබුණොත් ඒ ගීතයකුත් ගායනා කරනවා.

    කොහොමද නිරංජනි කියන ගායිකාවට ලැබෙන ප්‍රතිචාර?

    ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මම මේ ගීතය නිකමට කරලා බැලුවේ. මම ඊළඟට කරන ගීත ඊට වඩා මහන්සි වෙලා කරන්න හිතාගෙන ඉන්නේ.

     කරන දේ මහන්සි වෙලා කරන රංගන ශිල්පිනියක් වුණාට නිරංජනිව නිර්මාණ අඩු ප්‍රමාණයක දකින්න ලැබෙන්නේ ඇයි?

    ඇත්තටම දමිළ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක සීමාවකට කොටු කරලා තියෙන්නේ. අපිව ගොඩක් වෙලාවට ගන්නේ යුද්ධය පසුබිම් කර ගත්ත නිර්මාණවලට. නැත්නම් දමිළ චරිතවලට. ඉතින් එකම දෙයින් පේන්න මම කැමැති නෑ. ඒකයි මම ගොඩක් නිර්මාණවල පේන්න නැත්තේ. ඒ වගේම නිර්මාණ ගොඩක මාව පේන්න නැති වෙන්න තවත් හේතුවක් තියෙනවා.

     ඒ මොකද්ද?

    අපිට අඩු ගෙවීම්වලට තමයි නිර්මාණවලට කතා කරන්නේ. අපි ලොකු ගණන් ඉල්ලන්නේ නෑ. සාධාරණ මුදලක් අපි ඉල්ලන්නේ. මොකද අපිත් කරන දෙයට උපරිම කැප වෙනවනේ. එහෙම අඩු මුදලට වැඩ කරනවට වඩා වැඩ නොකර ගෙදර ඉන්න එක හොඳයි. ඒකයි මම නිර්මාණ ගොඩක පේන්න නැත්තේ.

     මුදල නිසා හොඳ වැඩක් වුණත් අතහරිනවාද?

    හොඳ චරිතයක් නම් වෙනස් චරිතයක් නම් මම ලැබෙන මුදල ගැන නොහිතා වැඩ කරනවා. නමුත් ඒක හැමදාම කරන්න බැහැ. මේක අපේ වෘත්තියනේ. අපිටත් වගකීම් තියෙනවනේ ඉෂ්ට කරන්න.

     නිළියක් වුණු එක ගැන කලකිරීමෙන්ද ඉන්නේ?

    කලකිරීමක් නැහැ. නිළියක් වීම ගැන සතුටුයි. ඒත් අපේ දක්ෂකම තිබිලත් අපි ඒ දක්ෂකම ලෝකෙට පෙන්නලත් අපිව අඩු මුදලකට ගන්න එක ගැන දුකයි.

     නිරංජනිට ජනප්‍රිය වෙන්න ආසාවක් නැද්ද?

    ඇත්තටම මම කැමැතියි මගේ නම කියපු ගමන් ප්‍රේක්ෂකයන්ගේ හිතේ ආදරයක් ඇති වෙනවා නම්. මට ප්‍රසිද්ධ නොවී ජනකාන්ත නිළියක් වෙන්නයි ඕනේ. හිරු මෙගා ස්ටාර්වලින් මම ජනප්‍රිය වෙයි. මම මට ලැබෙන හැමදෙයින්ම මගේ උපරිම දක්ෂතාව පෙන්වන්න උත්සාහ කරනවා.

     දමිළ ශිල්පීන් රියැලිටිවලට සම්බන්ධ වෙනවා අඩුයි. හිරු මෙගා ස්ටාර්වලට නිරංජනිට ආරාධනා ලැබෙන්න විශේෂ හේතුවක් ඇති?

    මේ මම සම්බන්ධ වුණු පළමු වැනි රියැලිටි වැඩසටහන. ඒ වැඩසටහනේ ඉන්න එකම දමිළ රංගන ශිල්පිනිය මම. ගොඩක් රියැලිටිවල ශිල්පීන් සම්බන්ධ කර ගන්නේ ජනප්‍රියත්වයත් එක්ක. ඉතින් මම ගොඩක් ජනප්‍රිය නැහැ. මට රියැලිටි වැඩසටහන්වලට ආරාධනා නොකර ඉන්න එක සාධාරණයි. මම හිරු ෂෝවලට යනවා. හිරු එකෙන් මට සම්මානයකුත් ලැබුණා. ඉතින් මට මේ වැඩසටහනට ආරාධනා ලැබුණම සතුටින් භාර ගත්තා. මමත් ආර්යන් කණ්ඩායම එක්ක ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

     මේ දවස්වල පාතාලයටත් බැඳිලනේ ඉන්නේ?

    ඔය කියන්නේ මීදුම් තරණ ටෙලි නාට්‍යය ගැනනේ. මේ නාට්‍යයේ මම නිරූපණය කරන්නේ පාතාලයට සම්බන්ධ චරිතයක්. මම දැනට ටෙලි නාට්‍ය හතරක් කරලා තියෙනවා. මේක මම කළ චරිතවලින් වෙනස් චරිතයක්. මම ඒ වගේ වෙනස් සහ අභියෝගාත්මක චරිත කරන්න කැමැතියි.

     සිනමාවේ වෙනස් වැඩකට ආරාධනා ලැබුණා කියලත් ආරංචියි.

    ඔව් දැනට සිනමාවේ වෙනස් චරිතයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබිලා තියෙනවා.

     පසුගිය කාලේ නිරංජනි සිනමා නිර්මාණයක් නියෝජනය කරලා ජාත්‍යන්තරයටත් ගියානේ?

    මගේ දෙවැනි චිත්‍රපටය "රතු සමනල සිහිනේ". ඒ චිත්‍රපටය තාම ලංකාවේ තිරගත වුණේ නැහැ. ඒත් ඒක ලෝකය පුරාම ජාත්‍යන්තර සිනමා උළෙලවලට තෝරාගත්ත චිත්‍රපටයක්. ඉතින් මටත් ඒ චිත්‍රපටය නියෝජනය කරලා ඉන්දියාවේ සිනමා උළෙලකට සහභාගි වෙන්න ආරාධනා ලැබුණා.

     රංගන ජීවිතය ගැන කතා කළානේ. දැන් පෞද්ගලික ජීවිතය ගැනත් කතා කරමු. දැන්මම එකලාසයක් වෙන්න අදහසක් නැද්ද?

    දැන් තමයි මගේ පීක් ටයිම් එක පටන් ගත්තේ. ඉතින් මට දැන් කලාව වෙනුවෙන් දෙයක් කරන්න ඕන. විශේෂ කෙනෙක් දැනට ඉන්නවා. විවාහයට තාම කාලය ඇවිත් නැහැ කියලා හිතන්නේ. ඒ දේවල් වෙන්න ඕන විදියට සිද්ධ වෙයි.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
    තව කියවන්න

    27 December, 2016

    දකුණු අප්‍රිකානු සංචාරයට පුද්ගලික අභිමතයන් පරිදි ක්‍රීඩකයන් තෝරලා - තේරීම් කමිටු නිලධාරීන් දැඩි කළකිරීමෙන් - ක්‍රිකට් ආයතනයේ ලොකු පෙරැළියක් සිදුවන ලකුණු

    By: Aththa Withthi On: 12/27/2016 10:34:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ ඇතැම් සාමාජිකයන්ගෙන් ක්‍රිකට් තේරීම් කටයුතු සඳහා සිදුකෙරෙනු ඇතැයි කියන අනවශ්‍ය බලපෑම් හේතුවෙන් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් ඉල්ලා අස්වීමට සැරසෙන බවට වාර්තා වේ.

    වැඩිදුරටත් වාර්තා වන පරිදි මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරය සඳහා තම පුද්ගලික අභිමතයන් පරිදි ක්‍රීඩකයන් ඇතුළත් කරන මෙන් ඇතැම් විධායක සභිකයන් ජාතික තේරීම් කමිටුව වෙත අනිසි බලපෑම් එල්ල කරමින් සිටින බවත්, එවැනි බලපෑම් නිසාම ජාතික තේරීම් කමිටු සාමාජිකයන් ඉල්ලා අස්වීම දක්වා වූ මානසික තත්ත්වයකට ඔවුන් තල්ලු වී ඇති බවත් දැනගන්නට ඇත.

    මේ අතර ජාතික ක්‍රිකට් කණ්ඩායමේ විදෙස් සංචාර සඳහා තේරීම් කමිටු සාමාජිකයන් එක් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගත් තීරණයත් සමඟින් තේරීම් කමිටු නිලධාරීන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවත් මේ දිනවල පැවැත්වෙන දකුණු අප්‍රිකානු සංචාරයට මෙන්ම නිමා වූ සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන්ද තේරීම් කමිටු සාමාජිකයන් නොයැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබීමද මෙවැනි ඉල්ලා අස්වීමේ තීරණයක් ගැනීමට තවත් ප්‍රධාන හේතුවක් වන්නට ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ බලධාරීන් සමඟ සාකච්ඡා කොට අවසන් තීරණයකට එළැඹෙනු ඇති බවද පැවැසේ.
    තව කියවන්න

    26 December, 2016

    චන්දනගේ දුව ප්‍රසිද්ධ වේදිකාවට

    By: Aththa Withthi On: 12/26/2016 08:59:00 AM
  • Let's Get Social


  • දුවව හා හා පුරා කියලා ප්‍රසිද්ධ වේදිකාවටගෙනාවා නේද?

    දෙරණ ලිට්ල් ස්ටාර් කියන්නේ අපේ දරුවන්ගේ වැඩසටහනක්. මගේ කණ්ඩායම ඇතුළේ දෙවංගිට වඩා හොඳ ළමයි ඉන්නවා. ඒත් මේ පාර දෙවංගි මේ වේදිකාවේ නර්තනයේ යෙදිය යුතුයි කියන අදහස මට ආවා. ඒ නිසා තමයි ලිට්ල් ස්ටාර් වේදිකාවේ දෙවංගි නැටුවේ. මේක එළියට එන්න සුදුසුම වේදිකාවක්. මුළු ලෝකයක්ම පුංචි දරුවන්ගේ විශ්මයන් දකින වෙලාවේ මගේ දුවගේ විශ්මයන් ටිකක් පෙන්වන්න මට හිතුණා.

    අවුරුදු කීයක් බලාගෙන හිටියද දුවව ප්‍රසිද්ධ වේදිකාවට ගේන්න?

    ඒක මට ගොඩක් කල් ඉඳලා තිබ්බ බලාපොරොත්තුවක්. දැන් දෙවංගිට අවුරුදු දහසයක්. ප්‍රසිද්ධ වේදිකාවල දෙවංගිව නටවන්න අපිට වුවමනාවක් තිබ්බේ නැහැ. අවුරුදු දහසයටම පළමු වැනි වතාවට තමයි දෙවංගි ප්‍රසංග වේදිකාවට ආවේ.

    තාත්තා දුවට එක අඩියක්වත් උගන්නලා නැහැ කියන්නේ ඇත්තද?

    දෙවංගි කිසිම දවසක මගේ රංගායතනයේදී අඩියක්වත් නටලා නැතිව ඇති. එයා නැටුම් ඉගෙන ගත්තේ මගෙන් නෙවෙයි. නර්තනයෙන් මේ තාක් දුර මගේ දරුවා ආවා නම් ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ එයාගේ පාසලේ ගුරුවරුන්ට.

    දුව ප්‍රසිද්ධ වේදිකාවේ නටද්දී මොනවද හිතුණේ?

    මට ඇත්තටම පුදුම හිතුණා. මගේ දුව මෙච්චර ලොකුයි නේද කියලා හිතෙද්දි පුදුම සතුටක් දැනුණා. දෙවංගි පාසලේ 'මාත්‍රා' ප්‍රසංගයේදී නටනව මම දැකලා තිබුණා. මගේ හිතේ තිබුණා කවදහරි දෙවංගි නැට්ටුවෙක් වෙනව කියලා. එයා තව ඉගෙන ගන්න ඕනේ.

    ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙලා නර්තනයේ යෙදෙන්න දෙවංගිගේ අකැමැත්තක් තිබ්බෙ නැද්ද?

    මුලින් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී හිටියා. එයා ආසයි නටන්න. හැබැයි ඒක වැඩිය පෙන්නන්නේ නැහැ. නමුත් මූලික දේ අධ්‍යාපනය. චන්දන වික්‍රමසිංහගේ දුව ප්‍රසිද්ධ වේදිකාවට එන්න නළියන්න වුවමනාවක් නැහැ.

    ලිට්ල් ස්ටාර් වේදිකාවේ නටන්න එද්දිත් චන්දන දුවට නැටුම් කියලා දුන්නේ නැහැලු නේද?

    පීතෘ ස්නේහය අවදි වෙයි කියලා බය නිසා තමයි පැත්තකට වෙලා මගේ වැඩක් බලාගෙන හිටියේ. මම ලස්සනට නැටුම හදලා දුන්නා. පුහුණුකරුවෝ ටික තමයි කට්ටියව පුරුදු කළේ.

    මින් පස්සේවත් දෙවංගි තාත්තගෙන් ශිල්පඉගෙන ගනියිද?

    මම තාත්තා වීම ගැන දෙවංගිට ආඩම්බර වෙන්න පුළුවන්. නමුත් එයා මතක තියා ගත යුතුයි එයා මගේ තවත් එක් ශිෂ්‍යාවක් විතරයි කියලා. දැන් ඉතින් අපි වැඩට බහින්න ලෑස්තියි.

    ඒ කියන්නේ තාත්තාගේ ප්‍රසංගවලදී දුවත් දකින්න ලැබෙයිද?

    තෝරා බේරාගෙන දෙවංගි ඒවට සම්බන්ධ වෙයි. අපි පොඩි ටෙස්ට් එකක් කරලා බැලුවා විතරයි. මගේ නර්තන කණ්ඩායමේ හැමෝම දෙවංගිට බොහොම ආදරෙන් ඉගැන්නුවා.කසාද බඳින්න කියලා අපේ කණ්ඩායමෙන් අයින් වෙලා ගිය අය පවා එදා ඒ ප්‍රසංගයේදී දෙවංගි වෙනුවෙන් නැටුවා.

    අපි දෙවංගිව ජනප්‍රිය වේදිකාවක දැක්කේ පළමු වැනි වතාවට?

    ඔව්. පළමු වැනි පාරට තමයි මම ඒ වගේ ලොකු ස්ටේජ් එකක නැටුවේ. ලයිසියම් එකේ කොන්සර්ට් එකක් තියෙනවා මාත්‍රා කියලා. මම ඒකෙදි නම් නටලා තියෙනවා.

    තාත්තාගෙන් එක නැටුම් අඩියක්වත් ඉගෙන ගෙන නැහැ කියන්නේ ඇත්තද?

    ඔව්. මම තාත්තගේ ඩාන්සින් ක්ලාස් නම් ගියේ නැහැ. එකම එක දවසක් ගියා. ඊට පස්සේ නතර වුණා. මම පාසලෙන් තමයි ඊට පස්සේ නැටුම් ඉගෙන ගත්තේ.

    සවනි ශේශාධි_මව්බිම

    ඡායාරූප - රුවන් වල්පොල
    තව කියවන්න

    25 December, 2016

    සාමය සතුට පිරි බැතිබර නත්තලක් වේවා...!!!

    By: Aththa Withthi On: 12/25/2016 12:00:00 AM
  • Let's Get Social
  • ලැබූ නත්තල
    ලෝක වාසී සියල්ලන්ටම 

    සාමය සතුට පිරි බැතිබර
    නත්තලක් වේවා...!!!


    තව කියවන්න

    24 December, 2016

    බත්තරමුල්ලට කඩුවෙලට යන්න කෝච්චියක් - කොළඹ ප්‍රදේශ හතකට දුම්රියන් යවන අලුත්ම සැළැස්ම

    By: Aththa Withthi On: 12/24/2016 09:25:00 PM
  • Let's Get Social
  • කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කඩිනම් විකල්ප ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

    ඒ අනුව ඉදිරියේදී කෙටි දුර ගමන් සඳහා දුම්රිය සේවාවන් හඳුන්වා දීමට නියමිතයි.

    කොළඹ නගරයට රථ වාහන ඇතුළු වන ප්‍රධාන ස්ථාන හතක සැහැල්ලු දුම්රිය සේවය ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

    බොරැල්ල, කොට්ටාව, බත්තරමුල්ල, කඩුවෙල, මරදාන, මට්ටක්කුලිය, පෑලියගොඩ, දෙමටගොඩ, කඩවත, බම්බලපිටිය, කිරුළපන ආදී නගර ආවරණය වන පරිදි එය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    මේ අතර කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීමට සහ පොල්ගහවෙල සිට කුරුණෑගල දක්වා ද්විත්ව මාර්ගය ඇති කිරීමත් තීරණය වී තිබෙනවා.

    තව කියවන්න

    ප්‍රංශ කිරුළක් ශ්‍රී ලාංකික තරුණියකට

    By: Aththa Withthi On: 12/24/2016 08:52:00 PM
  • Let's Get Social
  • ප්‍රංශයේ මේ වසරේ පැවැති මිස් එලිගන්ට් ප්‍රාන්ස් කිරුළ ශ්‍රී ලාංකීය තරුණියකට හිමිව ඇත. සබරිනා ගනේෂභවන් නමැති ශ්‍රී ලාංකීය තරුණිය මේ කිරුළ හිමිකරගත් අයුරු.

    තව කියවන්න

    ට්‍රම්ගේ දුවට ප්ලෙන් එකේදී සද්දේ දැමූ අයෙකුට හමුදාවෙන් කළ වැඩේ

    By: Aththa Withthi On: 12/24/2016 08:00:00 PM
  • Let's Get Social


  • ට්‍රම්ප්ගේ දුවට ප්ලේන් එකේ සද්ද දැමූ පුද්ගලයෙකුව හමුදාවෙන් ඇවිත් හොඳ පාඩමක් උගන්වලා තියෙනවා. එම වීඩියෝව පහතින් බලන්න.


    තව කියවන්න

    මහේල ඉතිහාසයේම නොකළ දෙයක් නවසීලන්ත පිටියේදී කළ හැටි

    By: Aththa Withthi On: 12/24/2016 07:23:00 PM
  • Let's Get Social

  • නවසීලන්තයේ පැවැත්වෙන සුපර් ස්මෑෂ් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන පළමු වරට පන්දුවාර විස්සයි විස්ස තරගයකදී පන්දු යවා තිඛෙනවා.

    ඒ, නොදර්න් කණ්ඩායම සමග ඊයේ පැවති තරගයකදීයි.

    සෙන්ට්‍රල් කණ්ඩායම නියෝජනය කරන මහේල ජයවර්ධන එම තරගයේදී එක් පන්දුවාරයක් පමණක් යවා ඇත්තේ ලකුණු 15කටයි.

    මහේල මෙහිදී පිත්තෙන්ද දස්කම් දක්වමින් පන්දු 36කදී ලකුණු 64ක් වාර්තා කළා.

    කෙසේ වෙතත් මෙම තරගයේදී මහේල නියෝජනය කළ කණ්ඩායම ලකුණු 10කින් පරාජයට පත්වුණා.
    තව කියවන්න

    ලොව උසම නත්තල් ගස ගිනස් වාර්තා පොතේ ලියෙවෙයි ද?

    By: Aththa Withthi On: 12/24/2016 06:50:00 PM
  • Let's Get Social

  • නත්තල් දවසේ රාත්‍රී දොළහට දුප්පත් ගව මඬුවක බිහිවුණු සාමයේ කුමාරයාගේ මේ අසිරිමත් උපත ලොව පුරා සිටින කිතුණු බැතිමතුන් සමරන්නේ මහත් ආදරයකින්. භක්තියකින්. නත්තල කියන්නේ කිතුණු බැතිමතුන්ට ප්‍රීති මංගල්‍යයක්. මේ නත්තල් මංගල්‍යයේදී විවිධ නිර්මාණ සැරසිලිවලින් නිවෙස්, දේවස්ථාන අලංකාර කරන්නේ නත්තලේ අසිරිය විදහා පාමින්.

    නත්තල් සැරසිලි අතරින් ප්‍රධාන තැනක් ගන්නා නිර්මාණයක් තමයි නත්තල් ගස. සීතල උඳුවප් මාසයේ ආරම්භයත් සමඟ සෑම කතෝලික නිවෙසකම පුංචි හෝ නත්තල් ගසක් ඉදි කෙරෙනවා. එහෙත් නත්තල් ගස ඉදිකිරීම නිවෙස්වලට පමණක් සීමා වෙලා නෑ. 

    අද වන විට ලෝකයේ විවිධ රටවල, විවිධ නගරවල අලංකාර නත්තල් ගස් ඉදිවෙනවා. මේ විදිහට නත්තල් ගස් නිර්මාණය වෙද්දී ඒ අතරින් කීපයක් ගිනස් වාර්තා පොතටත් ඇතුළත් වුණා. 2009 වසරේ මෙක්සිකෝවේ ඉදිකර තිබූ උසකින් යුතු නත්තල් ගස දැනට ඉදිකර ඇති උසම කෘත්‍රිම නත්තල් ගසට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියනවා.

    එහෙත් ඔබ මේ දකින්නේ ලොව ඉදිකර ඇති උසම කෘත්‍රිම නත්තල් ගසයි. මෙය ඉදිකර තිබෙන්නේ අපේම රටේ වීම මෙහි ඇති විශේෂත්වයයි.

    කොළඹ ගාලු මුවදොර (Galle face) පිටියේ ඉදිකර තිබෙන මෙම යෝධ නත්තල් ගසේ උස මීටර් 114ක්. ජී. අයි. යකඩ පයිප්පවලින් සැකිල්ල නිමාකර, කුකුළු දැල්වලින් ආවරණය කර එහි පයිනස් මල් එල්ලා, ඇති මෙම යෝධ නත්තල් ගස එල්ඊඩී විදුලි බුබුළු ලක්ෂ 5 කින් පමණ රාත්‍රියට අලංකාර කෙරෙනවා.

    ලෝක වාර්තාවක් පිහිටවූ මෙම නත්තල් ගස ඉදිකරන්නට මුල් වූයේ බෞද්ධයන් පිරිසක් වීමත් මෙහි විශේෂත්වයක්. ඒ පිළිබඳව අදහස් දැක්වූයේ සුසන්ත අත්තනායක මහතා. ඔහු අර්ජුන රණතුංග සමාජ සත්කාර පදනමේ සභාපති ලෙස කටයුතු කරනවා.

    “අපි මෙම නත්තල් ගස ඉදිකිරීම ආරම්භ කිරීමට සිතුවේ සුවිශේෂී කෘතගුණ දැක්වීමක් ලෙසයි. අපි දැනට වසර 5ක් පමණ කාලයක් ප්‍රයිමුවර් රියැදුරන් ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැයකට රුපියල් 300 ක වැනි දෛනික වැටුපකට සේවය කළා. 

    ඒ කාලයේ අපි එවකට තිබුණු රජයෙන් ඉල්ලීම් කළා අපේ සේවය ස්ථිර කර දෙන ලෙස. අපේ මෙම පිරිස 62ක්. අපි කොටුව දුම්රිය පොළ ළඟ විරෝධතා ව්‍යාපාරයක පවා නිරත වුණා. නමුත් කිසිම කෙනෙක් ඊට ඇහුම්කන් දුන්නෙ නෑ. ඊට පස්සෙ 2015 රජය වෙනස් වෙලා අර්ජුන රණතුංග මැතිතුමා වරාය ඇමැති ලෙස පත්වුණා. අපි සියලුම දෙනා එතුමා මුණගැසිලා අපේ ගැටලුව ඉදිරිපත් කළා. 

    එතුමා සානුකම්පිතව බලලා එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡා කළා අපට සිදුවී තිබුණු අසාධාරණය ගැන. නමුත් අධ්‍යක්ෂ මණ්ඩලය දැඩි සේ විරුද්ධ වුණා. නමුත් කැබිනට් අමාත්‍යවරයකු ලෙස එතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපේ රැකියා ස්ථිර කිරීමට කැබිනට් අනුමැතිය අරගත්තා. ඒ අනුව අපේ රැකියා ස්ථිර වුණා. ඉතින් අපි ඊට කළගුණ සැලකීමක් ලෙස තමයි මේ වගේ නිර්මාණයක් කිරීමට පෙලඹුණේ.

    අපි රියැදුරන් හැටියට හිටියට විවිධ කලා හැකියාවන් තිබෙනවා. ඒවායින් රටට කීර්තියක් ගෙන දෙන ලෙස මේ නිර්මාණය අපි කරනවා. මේ අතරින් ප්‍රමුඛස්ථානය ගන්නේ එච්. ඩී. මහින්ද නානායක්කාර. ඔහුට මෙවැනි නිර්මාණයක් බය නැතුව කරන්න පුළුවන් හැකියාවක් තිබෙනවා. ඔහු සමඟ ඔහුට පිටුපසින් ඉඳගෙන සියලුම සහයෝගය ලබා දෙමින් තමයි අපි මේ නිර්මාණය කළේ.

    අපිට මේ වගේ දෙයක් කරන්න මුදල් බලය, රාජ්‍ය බලය නෑ. නමුත් මේ වගේ දෙයකට ඒ දෙකම අවශ්‍යයි. විශේෂයෙන් ගෝල්ෆේස් පිට්ටනිය වගේ තැනක් ගන්න අවසර ඕනමයි. අපිට ඊට අවසරය ලබා දෙමින් ඒ හැම දෙයක්ම කරන්න ඇමැතිතුමාගේ ආශිර්වාදය ලැබුණා. ඒ සමඟම මෙම නත්තල් ගසේ සංවිධායක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් මංගල පී. ගුණසේකර මැතිතුමා. එතුමාගේ අනුදැනුම මත තමයි අපි හැම දෙයක්ම කළේ. අපි දහදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තමයි මෙතැන මූලික කටයුතු කරන්නේ.

    ඒ තමයි මහින්ද නානායක්කාර, සුසන්ත අත්තනායක, භාග්‍ය කේ බණ්ඩාර, එල්. කේ. බී. රත්නායක, චන්දික ප්‍රසාද්, ශාන්ත ජූඩ් ද මැල්, සම්පත් ගුණරත්න, එස්. හර්ෂරත්න, එච්. ජී. ඩී. සුසන්ත සහ ආර්. එම්. එන්. රාජපක්ෂ කියන පිරිස.

    අපි දහදෙනාගෙන් 09 දෙනෙක්ම බෞද්ධයෝ. ජූඩ් ද මැල් පමණයි කතෝලික කෙනෙකුට ඉන්නෙ. අපි 62 ‍ගෙන් ඉතිරි සියලුම දෙනාත් උපරීම සහයෝගය ලබා දුන්නා. ඔවුන් හැම දෙනාම රාජකාරි කටයුතුවලට පාඩුවක් නොවෙන්න ස්වෙච්ඡාවෙන් පැමිණ මෙහි වැඩ කටයුතු කළා.

    තවත් විශේෂ දෙයක් කියන්න ඕන. මේ නිර්මාණයට අපි වරාය අධිකාරියෙන් ඇණ මුරිච්චියක දෙයක්වත් අරගෙන නෑ. දොඹකර, වෑල්ඩින් ප්ලාන්ට් ආදිය කිසිම දෙයක් නත්තල් ගහ වෙනුවෙන් යොදවාගෙන නෑ.”

    එහෙත් මෙවැනි දැවැන්ත නිර්මාණයකට අතිවිශාල මුදලක් වැය වෙයි. මෙය එක් කෙනෙක්ගෙ ධනස්කන්දයකින් කළ දෙයක් නෙමෙයි. මේ සඳහා විවිධ ආයතන විවිධ සංවිධාන අපිට ආධාර කරලා තියෙනවා. ප්‍රධාන ලෙසම අපට වියදමක් ගිහින් තියෙන්නෙ ජී. අයි. යකඩ බටවලට සහ දැල්වලට පමණයි. විශේෂයෙන් මිනිස් ශ්‍රමය මිල කරන්න බෑ. අපි සියලුම දෙනා මීට දායක වෙන්නෙ ස්වෙච්ඡාවෙන්. කිසිම මුදලක් බලාගෙන නෙමෙයි. ඒ වගේ ම දවල් රෑ නැතුව නිදි වරාගෙන, අව්වේ පිච්චී පිච්චී ඔවුන් වෙහෙස වුණේ අපේ රටට - අභිමානයක් ලබා දෙන්න.

    තවත් විශේෂ දෙයක් කිව යුතුයි. අපි මේ කටයුත්තට මුල පිරුවේ පසුගිය අගෝස්තු මාසයේ. ඒත් අගරදගුරු තුමාගේ නියෝගයට ගරු කරලා අපිට දවස් 6ක් වැඩ කටයුතු නතර කරන්න සිදුවුණා. ඒ වන විටත් සෑහෙන්න වැඩ අවසන් කර තිබුණු නිසා අපට හරිම සිත් රිදීමක් වෙලා හිටියේ. ඒ නිසා අපි කිසි කෙනෙක් ගියේ නෑ මෙතැනම හිටියා. ඒත් අපි එක කොළ කෑල්ලක්වත් ඇහින්දෙ නෑ මොකද උන්වහන්සේගේ නියෝගයට පිටින් අපි වැඩ කරනවා කියලා කවුරුහරි කිව්වොත් හොඳ නැති නිසා. අන්තිමේ ගරු අගමැතිතුමා මැදිහත් වෙලා අපිට මේ කටයුත්තට අවසර ලැබුණා.”

    මෙම යෝධ නත්තල් ගස ඉදිකිරීම සඳහා ජි. අයි. පයිප්ප දහසක්, කුකුළු දැල් රෝල් 200ක් පමණ ද ගසේ කඳ සකස් කිරීම සඳහා අඩි 14 1/2 ලොරි තට්ටු 10ක් පමණ පිරවූ පිට පලු ද වැයවී තිබේ. ගස සැරසීම සඳහා පයිනස් මල් ලක්ෂ 15ක් පමණ යොදාගෙන ඇති අතර, නත්තල් ගස අලංකාර කිරීම සඳහා බල්බ් ලක්ෂ 5ක් පමණ ද යොදාගෙන තිබේ.

    ගසෙහි වට ප්‍රමාණය වට අඩි 76ක් පමණ වන අතර මෙහි යකඩ බර ටොන් තිහක් පමණ වෙයි. මෙම යෝධ නත්තල් ගස දැක ගැනීම සඳහා විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීම සඳහා සංචාරක හෝටල් වෙන් කරවාගෙන ඇතැයි වාර්තා වන අතර, ලොව උසම නත්තල් ගස සඳහා ගිනස් වාර්තාව හිමි රට ලෙස ශ්‍රී ලංකාව ලෝකයේ තව තවත් බැබළෙනු ඇත.

    මෙම නත්තල් ගස ඉදිකිරීමෙන් පසු ලැබෙන ද්‍රව්‍යමය ආධාර අනාථ නිවාසවලට සහ වැඩිහිටි නිවාසවලට ලබා දීමට කටයුතු කරන බවත්, ලැබෙන සියලුම මූල්‍යමය ආධාර ජනාධිපති වකුගඩු අරමුදලට ලබා දීමට ද කටයුතු කරන බව පැවසීම නත්තලේ සැබෑ අරුත යථාර්ථයක් බවට පත්කිරීමක් වනු ඇත.

    ඉඳුනිල් වීරරත්න_ගොසිප්කින්ග්
    තව කියවන්න

    පද්මාව කසාද බැඳපු රෑ තමයි තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත කියලා

    By: Aththa Withthi On: 12/24/2016 06:09:00 PM
  • Let's Get Social


  • මගේ කකුල් අල්ලලා පද්මා වැන්දා...

    ආයෙමත් දරුවෙක්.. පද්මා දවසක් හැන්දෑවක මට කිව්වා...
    මම දැක්කා මගේ කිරි එකට පද්මා වහ දානවා...


    අද ලෝකේ මොන තරම් ආදරේ ගැන කතා කළත් ආදරේ වෙනුවෙන් කැපකිරීම් කළත් එක මොහොතකින් ඒ හැමදේම වෙනස් වෙලා යනවා.

    කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා කියන දේ සැබෑවක් වෙන කතාපුවතක් අද අපි ඔබට කියන්න හිතුවා.

    තමන් පණටත් වඩා ආදරේ කරපු තමන්ගේ බිරිඳ නිසා ජීවිතේ විනාශ වුණු තරුණයෙකුගේ හෙළිදරව්වකි මේ.

    “මං ආසයි මට ගෙදර යන්න තියෙනවා නම්. ඒත් ඉතිං කොහොම කියලා ගෙදර යන්නද ? දඬුවම නියම කරලා තියෙන්නේ එල්ලලා මරන්නනේ.”

    ඔහු පවසන්නේ ශෝකී හඬිනි. මහතුන්නේ වයස අවුරුදු හැටහතටත් වඩා වැඩියි. මැදිවියේදී කළ මිනීමැරුමක් නිසා කල්දේරම් බත් කන්නට වීම පිළිබඳව ඔහුට ඇත්තේ පසු තැවිල්ලකි.

    හැමෝම ඒ කාලේ මට කිව්වා ඔය කසාදෙ කරගන්න එපා අමාරුවේ වැටිලා දුක් විඳින්න වෙයි කියලා. ඒත්... මං ඇහුවේ නැහැ. කසාදෙ තමයි මට මගේ ජීවිතේ නැති කෙරුවේ.”

    මහතුන් එසේ පැවසුවේ සුසුමක් හෙළමින් ය.

    මහතුන් එවකට රාජ්‍ය ආයතනයක සුළු සේවකයකු ලෙස කටයුතු කළේ ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු විසිහතරක් පමණ වන්නට ඇත.

    ඔහු බොහෝවිට යහළුවන් ගේ නිවෙස්වලට ගියේ ඔවුන්ගේ නිවෙස්වල විදුලිය සම්බන්ධ වැඩකර දීමට ය.

    මහතුන්ට පද්මා හමුවූයේ ඒ ගිය ගමනකදී ය.

    මම පද්මලාගේ ගෙදර වයරින් වැඩක් කෙරුවා. පද්මා හරි හැඩකාරයි. නමුත් ගමේ මිනිස්සු කවුරුත් කැමති වුණේ නැහැ මම පද්මට ආලවන්තකම් පානවට.

    අඩුම තරමේ පද්මගේ තාත්තලාවත් කැමති වුණේ නැහැ මම එයාව කසාද බඳිනවට.

    අයි එහෙම අකැමති වුණේ ?

    පද්මා ඇහැට කනට පේන හැඩකාර කෙල්ලක් වුණාට එයාගේ චරිතය ඒ තරම් හොඳ නැහැලු.

    ඒත් මං ගමේ අය කියපු දේවල් විශ්වාස කළේ නැහැ. ඒ වෙනකොට පද්මට මංගල යෝජනා කිහිපයක්ම ඇවිත් තිබුණා.

    මනමාලයෝ කිහිපදෙනෙක්ම ඇවිත් බලලා ගිහිල්ලත් තිබුණා.

    නමුත් ඒ එකක්වත් හරි ගියේ නැත්තේ ගමේ අය පද්මා ගැන කියලා ඒ අයට ලියුම් කරදහි යවලා තිබුණ නිසා. ඔය අතරේ තමයි මම පද්මා එක්ක යාළු වුණේ.

    අඩුම තරමේ අපේ ගෙදරින්වත් පද්මට කැමති වුණේ නැහැ. හැමෝම කිව්වේ ඔච්චර ලස්සන ගැහැනියක්ව උඹට පරිස්සම් කරන්න බැහැ කියලා.

    ඒත් ඉතිං ඒ වෙනකොට මම පද්මට වහ වැටිලා හිටියේ. ඒ නිසා කවුරු මොනවා කිව්වත් පද්මා ගැන මගේ හිතේ තිබුණ අදහස වෙනස් කරන්න කාටවත් බැරිවුණා.

    මම පද්මව කසාද බැන්දා. කසාද බැඳලා ගෙනිච්ච පළවෙනි දවසේ තමයි මට තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත බව.

    පද්මා මගේ කකුල් දෙක ළඟ වැටිලා හැඬුවා. මම පද්මට සමාව දුන්නා. ආයේ කිසිම දවසක වරදක් කරන්න එපා කියලා. මම පද්මගේ ගමේම නතර වුණා. ඒකට අපේ ගෙවල්වලින් කැමති වුණේ නැහැ.

    ගමේ අය කියපු තරම්ම පද්මා නරක නෑ කියලා මට සතියක් දෙකක් යනවිට තේරුණා.

    ඒ නිසා මටම එයාව දාලා ගමෙන් පිට වෙලා යන්න එතරම් බයක් තිබුණෙත් නැහැ. මම සති කිහිපයකට පස්සේ ගමෙන් පිට රස්සාවකට ගියා.

    ඒ වෙනකොට මං රජයේ රස්සාවට සමුදීලා හිිටයේ. පද්මා බලන්න මම සතියකට දෙකකට වතාවක් ගමට ආවා.

    ඒ ආවමවත් එයාගේ කිසිම වෙනසක් තිබුණේ නැහැ. පද්මගේ තාත්තා අපිට දීපු ඉඩම් කෑල්ලේ මම පුංචි ගෙයක් හැදුවා.

    ඒ ගෙයි එක කාමරයකුත් සාලයකුත් කුස්සියකුත් තිබුණා. පද්මා ගෙදරදොරේ වැඩට හරිම දක්ෂයි. අපි විවාහ වෙලා වසරක් විතර යනවිට අපිට දරු පැටියෙක් ලැබුණා.

    ඊට අවුරුදු දෙකකට විතර පස්සේ තවත් දරුවෙක් ලැබුණා. ඒ ලැබුණෙ දුවෙක්. දරුවෝ දෙන්නයි පද්මයි ගමේ ඉන්දැද්දී මම ගෙවල් වයරින් කරන්න ගියා.

    ඒත් එක සති අන්තයක මම ගෙදර ඒද්දී ගමේ මනුස්සයෙක් මට කිව්වා පරිස්සමින් ගෙදර යන්න කියලා. මම ඒ වෙලාවේ ඒ ගැන හිතුවේ නැහැ.

    නමුත් ඒ කියපු දේ මගේ හිතේ තිබුණා. මම සතියක් දෙකක් ගමේ නතර වුණා. මට පද්මගේ වෙනසක් දැනෙන්න ගත්තා.

    “ආයෙමත් දරුවෙක්” පද්මා දවසක් හැන්දාවක එහෙම කිව්වා.

    “කොහොමද එහෙම වුණේ ?”

    මම තනියම එහෙම හිතුවා. මං පද්මගෙන් මොකුත්ම අහන්න ගියේ නැහැ. ඒත් වෙනදා නැති දැඟලිල්ලක් මම පද්මගෙන් දැක්කා. පද්මා හැමවෙලේම බැලුවේ මාව මඟහරින්න.

    “පුතේ උඹ මේ ගෙදර නාවට කමක් නැහැ.”

    පද්මගේ තාත්තා දවසක් මට එහෙම කිව්වා. මං ඒ ඇයි කියලා ඇහුවම තමයි තාත්තා මට විස්තරේ කිව්වේ.

    ඒ වෙනකොටත් පද්මා ගමට ආව ගිය කිහිපදෙනකු සමඟම යාළු මිත්‍රකම් පවත්වලා තියෙනවා. තාත්තා වගේම තවත් කිහිපදෙනෙක් මා එක්ක ඔය බව කිව්වා.

    මම හැන්දාවක පද්මගෙන් ඒ ගැන ඇහුවා. පද්මා මගේ ඇගට කඩාගෙන පැන්නා.

    “ඔව් මම යාළුයි තමයි තමුසෙ ගමේ ඉන්න එකක්යැ. මම මිනිස්සු එක්ක යනවා තමයි.”

    පද්මා මගෙත් එක්ක හොඳටම රණ්ඩු වුණා. මං පද්මගෙ කොණ්ඩෙන් ඇදලා අරගෙන එයාගේ කම්මුලට පහර දෙක තුනක් දුන්නා.

    එයා ඒ රෑ කළුවරේම පොලිසියට ගියා. මමත් ගියා. ඒත්.. පොලිස් පොතේ කිසිම පැමිණිල්ලක් ලියා ගත්තේ නැහැ.

    පොලිසියේ මහත්තුරු මට කිව්වේ ලොක්කෝ ඔය ගෑනිව ඇතෑරපන් උඹට කවදා හරි ඔය ගෑනි නිසා හිරේ ලඟින්නයි වෙන්නේ කියලා. ඒත් මං එදායින් පස්සෙත් පද්මා එක්ක එක ගෙදර හිටියා. ඒත් ඒ ගෑනි මට කළේම හතුරුකම්.

    මගේ දරුවෝ දෙන්නා ගැන බලන්න ඕන නිසා මං හම්බකරලා ගෙනල්ලා දුන්නා. ඒත් ඒ ගෑනි කළේ ම හතුරුකම්.

    “මං උඹව මරණවා..”දවසක් අපි දෙන්නා රණ්ඩු වෙද්දී පද්මා මගේ මූණටම කිව්වා.

    මං හිතුවේ එයා නිකමට එහෙම කියනවා කියලා. ඒත් ඒක බොරුවට කියපු එකක් නෙවෙයි කියලා මට දැනුණේ පස්සේ.

    “ඒ කොහොම ද?”

    පද්මගේ තාත්තා මට කිව්වා පුතේ උඹ මේ ගෑනිව අතහැරලා පලයං නිකම් අමාරුවේ වැටෙන්නේ නැතිව කියලා.

    ඒත් මට මගේ දරුවො දාලා යන්න ලෝභ හිතුණා. ඒ ඔක්කෝටම වඩා කවුරු මොනවා කිව්වත් මං පද්මාට ඇත්තටම ආදරේ කළා.

    නමුත් අපි අතරේ නිතර නිතර ආරවුල් ඇති වුණා. මං කොච්චර මඟ හැරලා හිටියත් පද්මා සමහර වෙලාවට මගෙත් එක්ක බලෙන්ම කතාවට ඇවිත් රණ්ඩු වුණා.

    එයා මං ගේන සල්ලි සතයක් නෑර එයාගේ අතට ගත්තා. දවසක් රාත්‍රියේ පද්මා කවදාවත් නැති විදිහට මගේ ළඟට ආදරයෙන් තුරුළු වෙන්න ආවා.

    “අපි හැම දේම අමතක කරමු”

    එයා මට තුරුළු වෙලා එහෙම කිව්වා. ඊටත් ටික වෙලාවකට පස්සේ පද්මා මට කිරි එකක් හදාගෙන එන්න කියලා කුස්සියට ගියා.

    මම වාඩිවෙලා හිටපු තැනට කුස්සිය හොඳට පේනවා. මම පද්මා කිරි හදන දිහා බලාගෙන ඉන්න විටයි දුටුවේ එයා කිරි එකට තව මොනව ද දානවා.

    මම හිමින්සීරුවේ පිටිපස්සෙන් ගිහින් බැලුවා. පද්මා කිරි එකට වහ දාලා.

    පද්මා කිරි වීදුරුවත් අරගෙන මා ළඟට ආවා. මට උහුල ගන්න බැරි තරහක් ආවා.

    මම හංගගෙන තියාගෙන හිටපු කැත්තෙන් පද්මාට ගැහුවා.

    එක පාරක් නෙමෙයි දෙතුන් පාරක්ම ගැහුවා. පද්මගේ කෑගැහිල්ලට දරුවෝ ඇහැරුණා.

    “එපා තාත්තේ එපා...” කියලා දුව කෑගැහුවා. මම ඒ රෑම කැත්තත් අරගෙන පොලිසියට ගියා.

    සිදුවූ සියල්ල විස්තර ඇතිව කිව්වා. ඒත් පොලිසියෙන් මම කිව්ව දේ පිළිගත්තේ නැහැ.

    “ලොක්කෝ අපි උඹට කිව්වනේ ඔය ගෑනි හරියන්නේ නැහැ කියලා.”

    පද්මගේ තාත්තා පොලිසියේ දී උසාවියේ දී කිව්වේ මම පද්මා මැරුවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ කියලා.

    ඒත් දුව සාක්ෂි දුන්නා. මම පද්මට කැත්තෙන් කොටනවා දැක්කා කියලා.

    මම හිරගෙදරට නියම වුණා. දරුවො දෙන්නව පද්මගේ තාත්තා බාරගත්තා. දැන් මගේ දරුවෝ ලොකු ඇති. ඒත්.. ඒ අය මාව බලන්න එන්නේ නැහැ.

    උන් හොඳින් ඉන්නවා නම් මට ඒ හොඳටම ඇති.

    _හිරුගොසිප්
    තව කියවන්න

    බිත්ති හතරකට කොටුවුණු අපේ ආදරේට තහංචි දාන්න කවුරුත් හිටියේ නැහැ

    By: Aththa Withthi On: 12/24/2016 05:31:00 PM
  • Let's Get Social
  • "එයා තදින් හුස්ම ගන්නා බව මට තේරුණා"

    "මගේ මුළු ජීවිතේම වුණේ එයා. ඒ නිසයි එයාගේ කැමැත්තට ඉඩදුන්නේ"


    අවංකවම ආදරේ කරන සිත් දෙකක් එකට එකතුවුණාම ඒ දෙන්න වෙන් කරන්න බැහැනේ. ඒ වගේම වෙනත් පිරිසක් ඇවිත් ඒ දෙන්නව වෙන් කරන්න හැදුවොත් පෙම්වතුන් හරි ඉක්මනට තීරණ ගන්න එකත් අද සමාජේ දකින්න ලැබෙන දෙයක්.

    ඉතින් ඒ වගේ පෙම්වතාගේ මව්පියන් විසින් මරණ තර්ජන කරලා වෙන් කරන්න හදපු පෙම්වතියක් අද හුදෙකලා වෙලා. ඒ වුණත් ඇය කසාද බැඳලා.

    නමුත් ඒ බැඳපු කෙනා විදෙස්ගතවෙලා. එක්කෙනකුට ආදරේ කරලා තව කෙනෙක් කසාද බඳින්න වෙන එක ප්‍රශ්න ගොඩක් ඇති කරන දෙයක්.

    ඒ වගේ ප්‍රශ්න කන්දකට මුහුණ දුන් කාන්තාවත් තම මව්පියන්ගේ සොහොන්කොත් දෙක දිහා බලාගෙන සුසුම් හෙලන්නේ ඇයගේ කුළුඳුල් ආදරය ගැන සිහි කරමින්. එවැනි පුවතක් සතිඅන්ත පුවත්පතක මෙලෙස සටහන්වෙලා තිබුණා.

    මේ කියන තරුණිය ඉගෙන ගන්න හරිම දක්ෂ කෙනෙක්.ඇය පාසල් ගියේ ගමේ ඉස්කෝලෙට. ඉතින් මේ කාලේ වෙද්දී ඇයගේ මව ලණු අඹරලා තමයි මේ පවුල ජීවත් කරවලා තියෙන්නේ.

    මේ ගම් පාළාතේ කුල ක්‍රමය කියනදේ පැතිරිලා තිබ්බ නිසා තනුජාලාගේ පවුලේ අයත් වැටිලා තිබුණේ අඩු කුලේ පැත්තට. මේ කුලවත්කම තනුජාගේ ජීවිතේට ගොඩක් බලපෑම් කරලා තිබුණා.

    " අද මගේ ජිවිතේ මැරී මැරී ජීවත් වෙන්නේ මේ කුල ක්‍රමය නිසා. අපි පොඩි කාලේ සැපට දුක් වින්දා. අම්මා උදේ ඉඳලා ලණු අඹරද්දී තාත්තා කුලී වැඩ කරලා තමයි අපිව ජීවත් වුණේ.

    ඒ ගොල්ලෝ ගොඩාක් දුක් වින්දා අපිව ලොකු මහත් කරන්න.ගමේ අය ගොඩාක් දෙනෙක් මට කිව්වේ සුද්දී කියලා.මම ඒ තරම් ලස්සනයි.අම්මයි මමයි පාරේ යද්දී හරියට අක්කයි නංගියි වගේ.

    ඒ අම්මත් මම වගේම ලස්සන නිසා.මම ගමේ අවුරුදු කුමාරි තරගෙට ඉදිරිපත්වුනත් අපේ තිබුණු කුල ක්‍රමය ඒ දේවල් වලට හරස් වුණා.

    අපේ ඉස්කෝලේ හිටිය ඇහැට කනට පෙන ලස්සනම කෙල්ල මම.අපේ නැතිබැරිකම කුලය වැනි දේවල් නිසා අපේ පවුලේ අයට හොඳට ඉගෙන ගන්න බැරිවුණා."

    "අපේ පන්තියේ ඉගෙන ගත්ත තව පිරිමි ළමයෙක් හිටියා, එයා ගොඩක් හොඳ කෙනෙක්. එයා තමයි මගේ හදවත සොරගත්ත ආදරේ.

    එයයි මමයි අතරේ ලොකු හිතවත්කමක් ඇතිවෙලා තිබුණා. එනිසා ඉස්කෝලේ ගොඩක් දෙනෙක් හිතුවේ අපි දෙන්නා යාළුවෙලා උන්නේ කියලා. ඒ වුණත් යාළුකමක් ඇරෙන්නට වෙන දෙයක් තිබුණෙත් නැහැ.

    ඒ වුණත් එයා එක දවසක් මගෙන ඇහුව්වා එයාට ආදරේද කියලා. නමුත් අමන් එදා එයාට වචනයක් දුන්නේ නැහැ.හැබැයි මගේ හිතේ කියාගන්න බැරි ලොකු ආදරයක් එයාට තිබුණා."

    එහෙම පටන් ගන්න ආදරේ මේ දෙන්නගේ හිත්වල විතරයි තිබුණේ. ඒ නිසා මේ දෙන්නා දවසක් ගමට වඩා ඈතින් තිබුණු පන්සලකට ගිහින් තිබුණා. එදා තමයි මේ දෙන්නගේ ආදරේ හරියටම පටන් ගන්නේ.

    "එදා මගේ අත් දෙක අල්ල ගත්ත එයා ආදරේ කියනකම්, අද අත් දෙක අතාරින්නෙ නම් නැහැ. කියලා එයා මට කිව්වා. ඒ වුණත් මම ඒ අත් දෙක ගසලා දාලා එයාගෙන් ටිකක් ඈතට ගිහින් මන් බැලුවේ එයාගේ අස් දෙක දිහා.

    මට එදා ගොඩාක් දුක හිතුණා. මම එයා ළඟට ගිහින් එයාගේ අත් දෙක අල්ලාගෙන ඇහුව්වේ කවදාවත් මම තනි කරන්නේ නැහැ නේද කියලා.

    එයා මාව ළඟට අරගත්තා. එයා තදින් හුස්ම ගන්නා බව මට තේරුණා. එයා මට එදා කිව්වා අපිව වෙන් කරන්න කාටවත් බැහැ කියලා. ඒ වගේම එයා ඒ වචනේ ඉටුකළා."

    ඕනෑම දෙන්නෙක් ඒ වගේ පණට පණ මෙන් ආදරය කරද්දී කොහෙන් හරි ප්‍රශ්න එනවානේ. ඉතින් මේ දෙන්නාගේ සම්බන්ධෙට තනුජාගේ පෙම්වතාගේ ගෙදරින් කමතිවුණේ නැහැ. පාසල් කාලෙදිම ගෙවල් වලට ආරංචිවෙලා තිබුණා.

    මේ නිසා තනුජට මරණ තර්ජන ඇවිත් තිබුණා. ඒ වගේම තනුජාගේ මව්පියනට සහ සහෝදරයන්ට පහර දීලා තිබණු අතර ගෙදරට ඇවිත් පහර දීලත් තිබුණා.

    ඒ නිසා තනුජාගේ අම්මයි තාත්තයි කිව්වේ මේ සම්බන්ධෙ නතර කරන්න කියලා. නමුත් ඒ ආදරේ නතර කරන්න බැරි වුණා. මේ දෙන්නා හොරෙන් ආදරේ කරන ගමන් ඉගෙන ගත්තත් සරසවි වරම් ලබන්න තරම් වාසනාව ලැබුණේ නැහැ.

    ඒ නිසා තනුජාගේ පෙම්වතා හමුදාවට බැඳෙනවා. මේ කාලේ යුධ ගිනි ඇවිලුන කාලේ නිසා තනුජා හිටියේ හරිම බයෙන්. නමුත් දවසක් නිවාඩුවට ගෙදර එන්න අවස්ථාවක් තනුජාගේ පෙම්වතාට ලැබුණා.

    ඉතින් මේ දෙන්නා හොරෙන් වගේ එදා තිබුණා.කාලෙකින් හමුවෙච්ච මේ දෙන්නා එදා ගොඩක් දුර ගිහින්.

    "එදා බිත්ති හතරකට කොටුවුණු අපේ ආදරේට තහංචි දාන්න කවුරුත් හිටියේ නැහැ. එදා අපි අපේම ලෝකෙක පැය ගණනක් තනිවුණා. මගේ මුළු ජීවිතේම වුණේ එයා. ඒ නිසයි එයාගේ කැමැත්තට ඉඩදුන්නේ.

    එදා එයා අයෙත් නිවාඩු ඉවරවෙලා ගියා, එක දවසක් ආරංචිවුනා එයා එක්ක තවත් කිහිපදෙනෙක් යුද්ධෙදි නැතිවෙලා කියලා.

    එදා මට දරාගන්න බැරි දුකක් තමයි ආවේ. නමුත් එයා බේරිලා කොළඹ ජාතික රෝහලට ආවා කියලා ආරංචියක් ආවා. නමුත් එයාගේ කකුල් දෙකම් අහිමිවෙලා තිබුණේ. ඒ වුණත් මගේ ආදරේ වෙනසක් වුණේ නැහැ."

    ඇයගේ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබද්දී ඇයට හමුවෙන්න යන්න නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. කාලයක් ගතවෙද්දී තනුජාගේ මවිපියන් විසින් එයාලගේ ඥාති පුතෙකු යෝජනා කරලා තිබුණා.

    නමුත් තනුජා ඒ යෝජනාවට අකමැතිවුනත් ඇයගේ මව්පියන් සියදිවි හානිකරගන්න බව පැවසු නිසා ඇය ඒ යෝජනාවට කැමතිවෙලා. නමුත් කාලය ගතවෙලා යද්දී මේ දෙන්නට දරුවෝ හිටියේ නැහැ. මේ නිසා සැමියාගේ තනුජට අහන්න ලැබුණේ බැනුම් විතරයි.

    "අපි දෙන්නම ගියා වෛද්‍යවරයෙක් හමුවෙන්න. ඒ වාර්තා අනුව එයා තමයි දුර්වලවෙලා තිබුණේ. ඒ නිසා එයා රට ගියා. ඒ වුණත් එයාගේ ගෙදරින් මට පල නොකියා පළා බෙදුවා.
    මේ නිසා මම එයාට කියලා ගෙදර ආවා. එයා කිව්වා ඔයා කැමති තීරණයක් ගන්න කියලා. ඒ නිසා මම ගෙදර ආවේ මගේ පරණ ආදරේ පටන්ගන්න හිතාගෙන.

    එයාගේ කකුල් දෙක නැතිවුණත් එයාව පුළුවන් විදියට බලාගන්නවා කියලා හිතාගත්තා.නමුත් එකට අපේ අම්මලා කැමති නැහැ. ඒ නිසා රට ඉඳලා එවන් සල්ලි වලින් පොඩි ගෙයක් හදාගෙන ඉන්නවා.

    අද මගේ ළඟ තනියට ඉන්නේ මේ අම්මගෙයි තාත්තගෙයි සොහොන් කොත් දෙක විතරයි.මගේ ආදරෙත් මට නැහැ. මං කසාද බැඳපු කෙනත් අද මට නැහැ. මගේ අයියා විතරයි මම බලන්නවත් එන්නේ"

    විවාහය කියනදේ කවදාවත් කොලයකට අත්සන් කරලා ගොඩනගාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දේවල් හදවතින්ම එන්න ඕන. ඒ ආදරය හමුවෙනකම් ඇයගේ ගමන් යන බවයි ඇය අවසන් ලෙස සඳහන් කළේ.


    _හිරුගොසිප්
    තව කියවන්න

    මඩකළපුව මුහුදෙන් හමුවුණේ අතුරුදන් වුණු MH 370 යානයේ කොටසක්ද?

    By: Aththa Withthi On: 12/24/2016 03:55:00 PM
  • Let's Get Social
  • ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් මඩකළපුව - කලවංචිකුඩි, කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයට ගොඩගසා තිබුණා.

    එලෙස හමුවූ කොටස මේ වන විට පරීක්ෂණ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය භාරයේ පවතිනවා.

    කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.

    අදාළ ගුවන්යානා කොටසේ ඡායාරූප පහතින්.











    තව කියවන්න

    අධිකරණ ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළමින් ‘රවිරාජ් ඝාතනයේ තීන්දුව’ පාන්දර 12.35ට දුන්න හැටි

    By: Aththa Withthi On: 12/24/2016 03:12:00 PM
  • Let's Get Social
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බුද්ධි අංශ නිලධාරීන් තිදෙනා ඇතුළු විත්තිකරුවන් පස්දෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළ නඩුව අවසන් වූයේ අද අලූයම 12.35ට පමණය.

    මෙම අවස්ථාව ලංකාවේ නීති ඉතිහාසයේ වාර්තාවක් වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ.

    ජූරි සභාවක් ඉදිරියේ විභාගවූ නඩුවක් එක් දිනක් තුළ දීර්ඝතම කාලයක් විභාග කළ අවස්ථාව ලෙස මෙය ඇතැමුන් හඳුන්වන අතර මීට පෙර බදුල්ලේදී රාත්‍රී 11.30වන තුරු එවැනි නඩුවක් විභාගයට ගෙන තිබෙනවා.

    ඊයේ (23) උදෑසන 10.00ට නඩුව විභාගයට ගත් අතර පැමිණිල්ලේ සහ විත්තියේ දේශණ සහ කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලකගේ දේශනය ද පැවැත්වුණේ මෙම දිනය තුළදීයි.

    මෙහිදී විත්තිකරුවන් නිවැරදිකරුවන් ලෙසට ඒකමතිකව නිගමනයකඑළඹි බව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත ජූරි සභාවේ සභාපතිවරයා මහාධිකරණයේදී ප්‍රකාශ කළා.

    මෙම නඩුව අධිකරණ නිවාඩු කාලසීමාව ද නොතකමින් අඛණ්ඩව විභාගයට ගැනීමද විශේෂත්වයක්.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් 2006 වසරේ නොවැම්බර් මස 10වෙනිදා නාරාහේන්පිට ප්‍රදේශයේදී ඝාතනය කෙරුණා.

    තව කියවන්න

    22 December, 2016

    මෛත්‍රි ගැන නරක අනාවැකියක් ෆේස්බුක් දැමීම ගැන සයිබර් අපරාධ අංශය නිහඬලු

    By: Aththa Withthi On: 12/22/2016 08:40:00 PM
  • Let's Get Social
  • වත්මන් ජනාධිපතිවරයා ලබන වසරේ (2017) ජනවාරි 26 වැනි දිනට පෙර මිය යන බවට එක්තරා ජේ‍යාතිෂවේදියකු සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ අනාවැකි සහිත වීඩියෝ පට පිටුපස ජේ‍යාතීර්වේදය ඉක්මවා ගිය කුමන්ත්‍රණකාරි ඝාතන සැලැස්මක් තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා පවසයි.

    මේ සිද්ධිය සම්බන්ධයෙන් තමා මුලින්ම රහස් පොලිසියේ සයිබර් අපරාධ අංශයට පැමිණිලි කළද ඊට තවමත් නිසි ප්‍රතිචාරයක් නොලැබුණ නිසා පෙරේදා (19දා) තමා පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බවද ඔහු සඳහන් කෙළේය.

    මීට පෙර ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයකු සම්බන්ධයෙන් මෙවැනි තර්කයක් ඉදිරිපත් කර නැතැයි පැවැසූ හෙතෙම, මියයනසුලු අසනීපයක් වැලඳුණු කෙනෙක් කිසියම් වෛද්‍යවරයෙක් ළඟට ගියත් ඒ පුද්ගලයාට ඒ බව කියන්නේ නෑ. 

    එහෙම නැත්නම් ඒ බව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන්නේ නෑ. 

    එහෙත් ජනාධිපතිවරයා ලබාදීල තියෙන නිදහස ඇතුළේ මේ ජේ‍යාතිෂවේදියා ඉතාමත් නින්දිත විදියට මේ ප්‍රචාරය ගෙනියන බවත් පෙන්වා දුන්නේය.



    පහන් විජේසේකර_මව්බිම
    තව කියවන්න

    බුවල්ලෙක් වගේ පූසෙක්

    By: Aththa Withthi On: 12/22/2016 08:21:00 PM
  • Let's Get Social
  • Alzheimer රෝගයෙන් පෙලෙන පුද්ගලයෙකු විසින් සිය සුරතලා වුනු බළලෙකුට සලකන එක අතහැරලා.

    ඒ ඉතින් ඔහුට සලකන්න විදිහක් නැතිකමට.

    අවුරුදු ගානක් තිස්සේ මේ විදිහට නොසලකාහැරීමට ලක්වුණු බලලා මයිල් වලින් වැහිලා ගිහින්.

    පස්සේ මේ සත්ත්වයව සත්ව හිමිකම් සුරැකීමේ සංගමයකින් බේරාගෙන.

    අලුත් පෙනුමකුත් දීල.

    දැඩිව ලෝම වැවෙන මේ බලල් වර්ගය නිතර සුපරික්ෂාකාරීව බලා  නොගත්තොත් මේ විදිහට මවිල්වලින් වැසී යාම සාමාන්‍යයි කියලයි වාර්තා වෙන්නේ.







    තව කියවන්න

    හැරී කුමරුගේ ආදරවන්තිය මාලිගයට රිංගයි

    By: Aththa Withthi On: 12/22/2016 07:55:00 PM
  • Let's Get Social
  • බ්‍රිතන්‍ය මහ රැජනගේ මීළඟ මිනිපිරිය වීමට සූදානම් වන Meghan Markle මේ දවස්වල එංගලන්තයට ඇවිත්.

    ඒ විතරක් නෙවෙයි හැරී කුමාරයත් එක්ක එකතු වෙලා බකින්හැම් මාලිගාවේ නත්තල් ගසට සැරසිලිත් කරන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

    එම මාධ්‍ය වාර්තාවලට අනුව නත්තලෙන් පසු සති අන්ත සාදයේදී බ්‍රිතාන්‍ය මහ රැජන සහ Meghan Markle හමුවීමටද නියමිතව තිබෙනවා.

    නමුත් එදිනට කේට් කුමරිය සහභාගි නොවන බවද පවසා තිබෙනවා.

    මෙම සාදයේදී බ්‍රිතාන්‍ය මහ රැජන සමඟ විශේෂ කතාබහක යෙදීමට Meghan දැන් සිටම සූදානම් වන බව මාධ්‍යයේ අදහසයි.




    තව කියවන්න

    O/L පේපර් එකේ එක කොටස ලියාලා කොල්ලත් එක්ක ගිහින්

    By: Aththa Withthi On: 12/22/2016 07:12:00 PM
  • Let's Get Social

  • සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ අධ්‍යාපන කටයුතුවල වැදගත් කඩඉමක්නේ.

    ඉතින් ඒ වැදගත් සන්ධිස්තානය ගැන කිසිම වටිනාකමක් නැතුව ගිය සිසුවියක් පිළිබඳව මතුගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

    අදාළ සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර පසුගිය දින පැවති චිත්‍ර විෂය සඳහා පෙනී සිටීමට සූදානම්ව තිබෙනවා.

    නමුත් එම සිසුවිය අදාළ විෂය සඳහා සහභාගී නොවී සිය පෙම්වතා සමඟ ගොස් ඇති බව වාර්තාවෙනවා.

    අදාළ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසට පිළිතුරු සැපයූ සිසුවිය විභාග මධ්‍යස්ථානය අසලට පැමිණි තරුණයෙකු සමඟ පැන ගොස් ඇති බව සඳහන්.

    අදාළ තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අතර සිසුවිය නිල ඇඳුමින් තමයි ඒ තරුණයා එක්ක ගිහින් තියෙන්නේ.

    මේ සිසුවිය තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන්ගෙන ඇති අතර ඇයගේ මව්පියන් එම සම්බන්ධයට අකමැතිවෙලා.

    සිසුවියගේ මව්පියන් විසින් සිසුවිය පාසලට රැගෙන එම සහ රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණේ එම ප්‍රේම සම්බන්ධය නිසයි.

    මේ සිද්ධිය වූ දවසේ මව්පියන් විසින් සිසුවිය පාසලට රැගෙන ඇවිත් ආපසු ගොස් ඇති අතර චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස අවසන් වූ කාලයේදී අදාළ තරුණයා සමඟ පැන ගිහින් කියලා තමයි ආරංචි වුණේ.

    එම තරුණයා සිසුවිය ඔහුගේ මිතුරෙකුගේ නිවසට රැගෙන ගොස් ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිස්විය වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල් ගතකර තිබෙනවා.
    තව කියවන්න

    රයිනි සද්ද බද්ද නැතුවම වෙඩින් එකට ලෑස්තියි

    By: Aththa Withthi On: 12/22/2016 06:40:00 PM
  • Let's Get Social


  • රයිනි මේ දවස්වල කාර්යබහුල වෙලානේ?

    ඔව්. මේ දවස්වල වැඩිපුරත් එක්ක කාර්යබහුල වෙලා ඉන්නේ.

    ඔච්චරටම කාර්යබහුල වෙලා ඉන්නේ වෙඩින් එකට ලකලැහැස්ති වෙන නිසා වෙන්න ඇති නේද?

    ඔව්. ඔව්. අපේ වෙඩින් එක ළඟ නිසා මේ දවස්වල ඒ වැඩවලට එහෙට මෙහෙට යනවා. අඛිලගෙයි, මගෙයි, අම්මලා, තාත්තලා පිටරට නිසා එයාලා කරන වැඩත් ගොඩක් අපි දෙන්නටම කර ගන්න වුණා.

    ගොඩක් අය වෙඩින් එක ලෝකෙට අඬබෙර ගහලා කරද්දී රයිනියි - අඛිලයි වැඩි සද්ද බද්ද නැතිව වෙඩින් එකට ලෑස්ති වෙන්නේ?

    ඇත්තටම අපේ වෙඩින් එක ළඟයි කියලා ගොඩක් අය දන්නේ නෑ. අපි එහෙම අපේ වෙඩින් එක ළඟයි කියලා හැමතැනම කියන්නෙත් නෑ. අඩු ගාණේ වෙඩින් එකට ලෑස්ති වෙනවා කියලා අපි ෆේස්බුක් පෝස්ට් එකක්වත් දාලා නැහැ. අපේ වෙඩින් එක සිම්පල් විදියට කෙරෙන්නේ.

    එතකොට ක්‍ෂේත්‍රයේ අයටත් නොකියද වෙඩින් එක ගන්නේ?

    ඇත්තටම අපි පවුලේ අය, ඥාතීන් එක්ක විතරයි අපේ විවාහ මංගල්‍ය සමරන්න හිතාගෙන හිටියේ. හැබැයි මගේ වෙඩින් එක තමයි අපේ පවුලේ සිද්ධ වෙන පළමුවැනි වෙඩින් එක. තාත්ති මට වැඩිපුරත් එක්ක ආදරෙයිනේ. ඉතින් එයාලා ළඟින්ම ඇසුරු කරන අයට කියන්න එපා කියලා ආත්මාර්ථකාමී වෙන්න මට බෑ. ඒ නිසා අම්මිගෙයි, තාත්තිගෙයි යාළුවොයි පවුලේ ඥාතීන් එක්කයි තමයි විවාහ මංගල්‍යය සමරන්නේ. ඇත්තටම මේක ෂෝ එකට කරන විවාහ මංගල්‍යයක් නෙවෙයි. ක්ෂේත්‍රයේ යාළුවෝ දෙතුන් දෙනාටයි වෙඩින් එක කිව්වේ.

    ක්‍රිස්තියානි සම්ප්‍රදායේ හැටියටද විවාහ මංගල්‍යය සිද්ධ වෙන්නේ?

    පල්ලියේ චාරිත්‍ර වගේම පෝරුවේ චාරිත්‍රත් සිද්ධ වෙනවා.

    රයිනියි අඛිලයි ඡ්මඥදබ ර්ථීතචද කරන නිසා තමන්ගේ වෙඩින් එක සැලැසුම් කර ගන්න අපහසු වෙන්නෙ නැතිව ඇති නේද?

    ඔව්. අපේ වෙඩින් එකේ සෙටිබෑග් එක පෝරුව වගේ හැමදේම ඩිසයින් කළේ මම. වෙනදා අපි ඉවෙන්ට් ප්ලෑන් කරන්නේ අනිත් අයට ඕන විදියටනෙ. ඉතින් මගේ වෙඩින් එකේදි අපිටම ඕනෑ විදියට ඒ දේවල් කර ගන්න පුළුවන් වුණා.

    වෙඩින් එකට අයියයි, අක්කයි එයිද?

    අක්කිට නම් එන්න විදියක් නෑ. මොකද එයා දැන් ප්‍රෙග්නට්. අයියටත් නිවාඩු ගන්න බැරි කතාවක් කියනවා. හැබැයි සර්ප්‍රයිස් එකක් විදියට එයා එයි කියලා හිතෙනවා. මොකද එයා සර්ප්‍රයිස් කරන්න කැමැතියි.

    වෙඩින් එක ළඟ වුණාට රයිනි කලා කටයුතු මිස් කර ගන්නේ නෑ නේද?

    නැහැ. මට මගේ ජොබ් එක මිස් කර ගන්න බෑ. කොහොමත් මම වැඩ ගොඩක් එකට කරන කෙනක් නෙවෙයි. මම කරනවා නම් එක වැඩක් වුණත් හරියට කරන කෙනෙක්. ඒ නිසා කරන වැඩෙත් මිස් කර ගත්තොත් ඒක පාඩුයි.

    මේ දවස්වල රයිනි කරන්නවත් බෑ කියලා හිතපු දේවල් ගොඩක් කරලා පෙන්නන්න පටන් අරගෙනනේ?

    මමවත් හිතුවේ නෑ මට කොමඩි ඇක්ට් කරන්න පුළුවන් කියලා. මම කොල්ලෙක් විදියට රඟපෑවා. හින්දි නිළියක් විදියටත් රඟපෑවා. අපි වෙනදා කරපු වැඩවලට රසිකයන්ගෙන් ලැබෙන ලකුණු අපි එළිපිට දැක්කෙ නෑනේ. නමුත් අපිට දැන් එළිපිට ලකුණු ලැබෙනවානේ. ඒ නිසා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා.

    තව ටික දවසකින් රංගනයටත් ආරාධනා ලැබෙයිද දන්නේ නෑ නේද?

    රංගනයට වඩා නර්තනයට ආරාධනා ලැබෙයි කියලා හිතෙනවා. මගේ ඩාන්සින් ටීචර්ත් කියනවා ඔයා ලස්සනට නටනවනේ ඒක නිසා කෙට්ටු වෙන්න කියලත්. කොහොම වුණත් මේ අත්දැකීම ගන්න තමයි මම මෙගා ස්ටාර්වලට සම්බන්ධ වුණේ.

    රයිනිගේ අලුත් ගීතයක් ළඟදි අහන්න ලැබෙන එකක් නැද්ද?

    මේ දවස්වල ගොඩක් වැඩ නිසා අලුත් ගීතයක් කරන වැඩ කල්ගියා. කොහොම වුණත් ජනවාරි අන්තිම වෙද්දි මගේ අලුත් ගීතයක් රසිකයන් අතරට ගේන්න හිතාගෙන ඉන්නවා.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම
    ඡායාරූප -අසන්ත ගමආරච්චි
    තව කියවන්න