Tweet Share Share Share Share Share

FilePhoto
අප පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි කිසිඳු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය රියදුරන් හා නියාමකවරුන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුව හා මරදාන යන ප්‍රධාන දුම්රිය ස්ථානවලින් ආරම්භ වන දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.

මෙම හදිසි වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත් දහස් ගණනක දුම්රිය මගීන් කොටුව දුම්රිය ස්ථානයේදී විරෝධය පළකිරීමත් සමග දුම්රිය ස්ථානයේ උණුසුම් තත්තවයක් ඇතිවුණා.

වර්ජනයට හේතුවී ඇත්තේ එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ගැටලුවක් බවත් නිළධාරීන්ගේ මුරණඩු ක්‍රියාකළාපය මීට හේතුවී ඇති බවත් දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසනවා.

මේ අතර තම ඉල්ලීම්වලට විසඳුම් ලැබෙන තෙක් වර්ජනය අඛණ්ඩව සිදු ඉදිරියට ගෙන යන බවයි දුම්රිය රියදුරු සංගමය පවසන්නේ.



Tweet Share Share Share Share Share

දවසේ පුවත්පත් සහ වෙබ් අඩවි කාටූන්.

Daily newspapers and website cartoons.


Cartoon Cover
Cartoon Cover



Divaina
දිවයින - Divaina


ලක්බිම - Lakbima


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Lankadeepa
ලංකාදීප - Lankadeepa


Mawbima
මව්බිම - Mawbima


රිවිර - Rivira


රිවිර - Rivira


දිනමිණ - Dinamina


Ada
අද - Ada


දෙරණවෙබ්බුවා - Derana Web Buwa


Daily Mirror
ඩේලිමිරර් - Daily Mirror


දඅයිලන්ඩ් - The Island


Cylon Today
සිලෝන්ටුඩේ - Cylon Today


වීරකේසරී - வீரகேசரிகார்ட்டூன் - Virakesari


ටැමිල්මිරර් - தமிழ்மிரர்கார்ட்டூன் - Tamil mirror

Tweet Share Share Share Share Share

අත්අඩංගුවට පත් නාමල් ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට - මග දෙපස ටයර් පිළිස්සෙයි
පොලිස් අත්අඩංගුවට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත මහතා ඊයේ (10) නියෝග කළා.

පසුගිය සිකුරාදා දින (06 වන දා) අධිකරණ නියෝග නොතකමින් හම්බන්තොටදී විරෝධතාවක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට,

# පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ,
# බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර,
# පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක,
# පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර,
# දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ හා
# මේජර් අජිත් ප්‍රසන්න

යන මහත්වරුන්ට ඊයේ පස්වරුවේ හම්බන්තොට පොලීසියට පැමිණී අවස්ථාවේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව අදාළ පිරිස හම්බන්තොට දිසා මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්ත මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නියෝග කළේ, සැකකරුවන් ලබන 16 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස යි.

ඔවුන් අත්අඩංගුවට ගැනීමට සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හේතු වශයෙන්,

# නීති විරෝධී ජනරාශිය,
# පොදු දේපොළ වලට හානි සිදු කරනු ලැබීම,
# පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කිරීම,
# රාජකාරියට බාධා කිරීම,
# අධිකරණ නියෝග කඩ කිරීම

යන චෝදනා 5ක් ගොනු වී තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත් කරනු ලැබූ නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා ඇතුළු පිරිස තංගල්ල බන්ධනාගාරයට රැගෙන ගිය මාර්ගයෙහි ටයර් පුළුස්සා තිබූ අතර ඉන් ගමනා ගමනයට සුළු බාධා ඇතිවුණා.
Tweet Share Share Share Share Share

නාමල් රාජපක්ෂ ඇතුළු 6ක් අත්අඩංගුවට
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සය දෙනෙක් හම්බන්තොට පොලිසිය විසින් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අධිකරණ නියෝග නොතකමින් පසුගියදා හම්බන්තොට ප්‍රදේශයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වීම හේතුවෙන්.

නාමල් රාජපක්ෂ මහතාට අමතරව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ,

# බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර,
# පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක,
# පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර,
# දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරළ හා
# මේජර් අජිත් ප්‍රසන්න

යන මහත්වරුන්.
Tweet Share Share Share Share Share

FilePhoto
COPD හැටියට හඳුන්වන රෝගයක් ඇති බව අපි බොහෝ දෙනා දන්නේ නෑ. නමුත් වැඩිපුරම දක්නට ලැබෙන පෙනහළු ආශ්‍රිත රෝගයක් හැටියට මෙය හඳුන්වන්න පුළුවනි. ඉස්සර මේකට කිව්වේ නිදන්ගත බ්‍රොන්කයිටිස් නැත්නම් එප්සිමා කියලයි. ඒ රෝග තත්ත්ව දෙකම මූලික මට්ටමේ රෝග දෙකක්. වඩාත් දරුණු තත්ත්වයට පැමිණියාම දැන් එය හඳුන්වන්නේ නිදන්ගත පෙනහළු අවහිරතාව හැටියටයි.

නිදන්ගත පෙනහළු අවහිරතාව හටගත්තාම නිසිපරිදි සිරුරට අවශ්‍ය ඔක්සිජන් ලැබෙන්නේ නැතුව යනවා. විශේෂයෙන්ම හෘදයට අවශ්‍ය ඔක්සිජන් සැපයුම අඩුවෙනවා. මේ නිසා හදවතට දෙගුණයක් මහන්සි වෙලා වැඩකරන්න සිදුවෙනවා. ඒක මාරාන්තික තත්ත්වයකට මග පෙන්වනවා. 2015 දී මේ රෝගයට මිලියන 175ක් ලෝකය පුරා ගොදුරුව සිටියා. ඒ හේතුවෙන් මිලියන 32ක් මියගිහින් තියෙනවා. රෝගයට හේතුකාරක වන පාරිසරික තත්ත්වය සහ ඇබ්බැහි ජීවන රටාව වෙනස් කර ගැනීමෙන්ම පමණක් මේ රෝගයට ගොදුරු වීමෙන් වැළැකිය හැකියි.

රෝග ලක්ෂණ

• මාස තුනකට වඩා කල් අල්ලා ඇති කැස්ස.
• නිතර සෙම පිටවීම.
• හුස්ම ගැනීමේ අපහසුතාව. (අමාරුවෙන් හුස්ම ගැනීම)
• නිතර පවතින සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය.
• හුස්ම පිටකිරීම අපහසුවීම.
• පපුවේ තද ගතිය
• හුස්ම ගන්නා විට හඬක් පිටවීම.
• හුස්ම ගැනීමට දෙකට නැමීමට සිදුවීම.

මුලින් කැස්ස සහ සෙම පිටවීම හැර වෙනත් අපහසුතා දක්නට නොලැබෙන නිසා COPD ගැන සැලකිල්ල යොමුවීම අඩුයි. අත් බේත් හෝ ප්‍රතිජීවක හිතූ හැටියට අරගෙන තාවකාලික සහනය සොයා ගියත් නිසි වෛද්‍ය පරීක්ෂණයකින් තොරව සිටියොත් සිදුවන්නේ මෙය දිනෙන් දින බරපතළ වීමයි.

මොනවද හේතු?

• රෝගය ඇතිවන්නේ බොහෝ විට අවුරුදු 40ට වැඩි අයටයි.
• පෙනහළුවල නාල අවහිර වීම සඳහා බලපාන ප්‍රධාන සාධකය දුම්පානයයි.
• ඊළඟට වායුවේ ඇති දූෂ්‍ය ද්‍රව්‍ය සහ අපද්‍රව්‍යයි.

නියමාකාරයෙන් පිරිසුදු කර නැති දූවිලි බැඳුණු විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර වගේම දූවිලි බැඳුණු ජනෙල් දොර තිර නිසි ලෙස පවිත්‍ර නොකළ කොට්ට මෙට්ට උර, පොරවන රෙදි, පරිසරයේ දූවිල්ල, දර ලිප් දුම සහ වාහන දුම, ඇස්බැස්ටස් කෙඳිති බඳු කෘත්‍රිම වායු දූෂක, නගරබදව ජීවත්වීම, රැකියාවේ ස්වභාවය හේතුකොට එම ස්ථානයේදී ඇතිවන දූෂිත වායුවට ගොදුරැ වීම, ගල් අඟුරු පුළුන් ආශ්‍රිත කර්මාන්ත, රෙදිපිළි කර්මාන්ත, කෘෂිකාර්මික කටයුතුවලදී ආඝ්‍රණය වෙන කැඩ්මියම් ප්‍රමුඛ කෘෂි රසායන, වෙල්ඩින් වැඩවලදී නැගෙන දුම මේ සඳහා මූලිකව බලපාන කරුණුය. එසේම ජානමය හේතූන්ද COPD සඳහා බලපාන බව ඔප්පු වී තිබේ. නමුත් එය ඉතාමත් විරලව ඇතිවන්නකි. ජානමය සාධක සහිත ඒ සමඟම පරිසරයේ දූෂිත වායුව ආඝ්‍රාණයට ලක්වන සහ විශේෂයෙන්ම දුම්බොන අය මේ රෝග තත්ත්වයට ඉක්මනින්ම ගොදුරු වෙයි.

හඳුනාගැනීම සහ ප්‍රතිකාර

ඉතාමත් පහසුවෙන් සිදුකරන පෙනහළු පරීක්ෂාවක් මගින් මේ තත්ත්වය කලින්ම හඳුනාගත හැකිය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සෑම රෝහලකම ලය රෝග සායනවල තිබේ. වෛද්‍ය නියමය පරිදි ප්‍රතිකාරවල යෙදීමත්, තමන්ගේ ජීවන රටාව පරිසරය නිසි ලෙස සකසා ගැනීමත් මගින් මෙය නිට්ටාවටම සුවකරගන්නට හැකියි.

I සුගත් පී. කුලතුංගආරච්චි (දේශය)
Tweet Share Share Share Share Share

national-olympic-committee
ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්ට එරෙහි සටන!
ජාතික ඔලිම්පික් කමිටුව තම පිය උරුමයෙන් ලැබුණු බූදලයක් ලෙස සලකමින් වසර අටක කාලයක් ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටින මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව ජාතික ක‍්‍රීඩා සංගම් 11ක අත්සනින් යුත් ලිපියක් පසුගිය සතියේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කර තිබුණි. එම ක‍්‍රීඩා සංගම් 11 එහිදී පැමිණිලි කර ඇත්තේ වසර හතරකට පමණ පසුව නොවැම්බර් මස 9 වැනිදාට කැඳවා ඇති ජාතික ඔලිම්පික් කමිටුවේ විශේෂ මහ සභාවේ න්‍යාය පත‍්‍රය ලේකම්වරයාගේ තනි මතයට සකස්කර ඇති බවයි.

එම න්‍යාය පත‍්‍රයේ ලේකම්වරයාට අවශ්‍ය කරුණු කීපයක් පමණක් සාකච්ඡා කිරීමට යොදාගෙන ඇති බවත් ලේකම්වරයාගේ අත්තනෝමතික පාලනය පිළිබඳව කරුණු වීමසීමේ අවස්ථාව ලබාදිය යුතු බවත් ක‍්‍රීඩා සංගම් පවසයි. ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් වාර්තාවල විනිවිදභාවය පිළිබඳව ගැටලු ඇතැයි ක‍්‍රීඩා සංගම් නියෝජිතයෙක් ‘දේශය’ට පැවසීය.

මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ පසුගිය වසර කීපයක විදේශ සංචාර සඳහා වැය වූ මුදල් සහ තවත් වියදම් රැසක් පිළිබඳව ප‍්‍රශ්න කිරීමට ක‍්‍රීඩා සංගම් නියෝජිතයෝ සූදානමින් සිටිති. ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් සංඛ්‍යාව 26 ක් වන අතර එහි සංගම් හයක සාමාජිකත්වය පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් පවතී.

නැවත ලේකම් ධූරයට තරග කිරීමට සූදානමින් සිටින මැක්ස්වෙල් ද සිල්වා මහතාට මෙම ලිපිය මේ වනවිට කණේ පහරක් බවට පත්ව තිබේ. ඉතිරි ක‍්‍රීඩා සංගම්වලින් හතරක් ද ස්වාධීනව සිටින බව දැනගන්නට තිබේ. නව ක‍්‍රීඩා සංගම් හයකට ද ඡන්ද අයිතිය ලබාදීමේ සූදානමක් ද පවතින බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් නිලවරණය 2009 වසරේ පවත්වා ඇති අතර ඒ හේතුවෙන් එහි නිලවරණය මෙම වසර අවසන්වීමට පෙර පවත්වන ලෙස අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව දැනුම්දී ඇතැයි ද වාර්තා වේ.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව කළ විමසුමේදී එහි සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා පැවසුවේ වැඩ කරන කෙනාට චෝදනා එල්ල කිරීම අසාධාරණ බවයි.

“මැක්ස්වෙල් තමයි වැඩ කළේ. දැන් ඔය කෑ ගහන කාටවත් වැඩ කරන්න වෙලාවක් තිබුණේ නෑ. ඔලිම්පික් කමිටුවෙන් හැමදේම කරගත්තු පිරිසක් බොරුවට කෑ ගහනවා”

“අපි නත්තලට පෙර නිලවරණය තියෙනවා. මැක්ස්වෙල්ට චෝදනා තිනෙවා නම් පරදවන්න පුළුවන් වෙන්න එපැයි. නමුත් මම නැවත ඔලිම්පික් කමිටුවට එන්නෙ නෑ. මේක අතහරිනකන් මට ඉවසිල්ලක් නෑ” යැයි හේමසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ සත්‍ය වශයෙන්ම තමන්ට චෝදනාවක් හෝ නොමැති බවයි.

“ඔලිම්පික් කමිටුව කියන්නේ මගේ පෞද්ගලික ආයතනයක් නොවෙයි. ඔලිම්පික් කමිටුවේ සභාපතිතුමාව දැනුවත් කර තමයි මම සියලුම දේවල් කළේ. මම නිවැරදිව වැඩ කරලා තියෙනවා.”

“ඇත්ත වශයෙන්ම ජාතික ක‍්‍රීඩා සංගම් 11 ක් මට විරුද්ධව අත්සන් කරලා නෑ. ඉදිරියේදී එවා හෙළිවෙයි. ගිණුම් වාර්තා අහන්න ඕනේ මගෙන් නොවෙයි. මූල්‍ය කමිටු සභාපතිවරයාගෙන්” යැයි සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි නිලවරණයේදී ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකු වන ඩයන් ගෝමස් මහතා ලේකම් ධූරයට තරග කිරීමට බොහෝදුරට ඉඩ ඇති බවට වාර්තා වේ.

I සටහන: යොහාන් භාසුර (දේශය)
Tweet Share Share Share Share Share

FilePhoto
වසර ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් කිසිදු ප්‍රතිඵලයක් නොලත් හෙයින් උතුරු කොරියාව සමඟ ගනුදෙනු කිරීමේදී "හරියන්නේ එකම ක්‍රමයක් පමණක්" බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් මෙම අනතුරු ඇඟවීම කරමින් ඔහු තවදුරටත් එහි සඳහන් කර ඇත්තේ වසර 25ක් තිස්සේ ජනාධිපතිවරුන් උතුරු කොරියාව සමඟ සාකච්ඡා කර ඇති නමුත් ඉන් පලක් නොවූ බවය.

ඔහු ප්‍රකාශ කරන පරිදි "හරියන එකම ක්‍රමය" කුමක්දැයි ජනාධිපති ට්‍රම්ප් විසින් පැහැදිලි කරනු ලැබ නැත.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන අරඹයා දෙරට අතර වාග් සංග්‍රාමයක් සිදුවෙමින් පවතින අතර උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම නතර කරන ලෙසට ඇමරිකාව බල කරමින් සිටී.

දුර විහිදුම් මිසයිලයකට සවි කළ හැකි හයිඩ්රජන් බෝම්බයක් මෑතකදී තමන් අත්හදා බැලූ බවත් එය සාර්ථක වූ බවත් උතුරු කොරියාව පවසයි.

ඇමරිකානු ජනතාවගේ සහ කලාපීය මිතුරන්ගේ ආරක්ෂාව පතා උතුරු කොරියාව විනාශ කර දැමීමට පවා තමන් සුදානම් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබුණි.

'ප්යෝන්ග්යෑන්' පාලනය විනාශ කරන බවට තර්ජනය කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් හඳුන්වා දෙන ලද්දේ "සිය දිවි නසා ගැනීමේ ගමනක යෙදී සිටින රොකට් කාරයකු" හැටියටයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තර්ජනයට කිම් ජොන් අන් විසින් පිළිතුරු දෙන ලද්දේ "ගින්දර සමඟ සෙල්ලම් කරන වියරු මහල්ලා හීලෑ කර ගන්නැයි" කියා සිටිමිනි.

තමන් සතු න්‍යෂ්ටික අවි අගයමින් ඒවා තම ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා පවතින බව "බලසම්පන්න හමුදා ශක්තියක්" ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

එම වාර්තාවල තව දුරටත් සඳහන් වන්නේ තම න්‍යෂ්ටික අවි හේතුවෙන් "එක්සත් ජනපද අධිරාජ්‍යවාදීන්ගේ න්‍යෂ්ටික තර්ජනයෙන් කොරියානු සහ ඊසානදිග ආසියානු කලාපයේ සාමය සහ ආරක්ෂාව" තහවුරු වන බව උතුරු කොරියානු නායකයා පැවසූ බවය.

උතුරු කොරියාව විසින් සිදු කරන ලද න්‍යෂ්ටික පිපිරවීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ කඩ කිරීමක් බව චීනයත් පිළිගනියි.

ඒ අතරම 'යුදමය ප්‍රතිචාරයක් නොව සාමකාමී විසඳුමක් වෙනුවෙන්' පෙනී සිටින චීනය 'අර්ධද්වීපය ව්‍යාකූල හෝ යුදමය තත්වයකට ඇද වැටීමට ඉඩ නොතබන' බවත් කියා සිටියි.

පසුගිය මාසය මුලදී උතුරු කොරියාව විසින් අත්හදා බලන ලද හයවැනි සහ මෙතෙක් ඔවුන් විසින් සිදු කරන ලද විශාලතම න්‍යෂ්ටික පිපිරවීමෙන් අනතුරුව උතුරු කොරියාවට එරෙහිව ගෙන ආ නව සම්බාධක මාලාවකට එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලැබුණි.

එම සම්බාධක 'එකහෙලාම ප්‍රතික්ෂේප කරන' බව කියා සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පෙනී සිටින උතුරු කොරියානු තානාපති හැන්තායි සොන් (Han Tae Song) ඒවා විග්‍රහ කළේ 'නීතියට පටහැණි විසඳුම්' හැටියටයි. (බීබීසී)
Tweet Share Share Share Share Share

parliament
2018 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, පසුගියදා අමාත්‍ය මණඩලය ඉදිරිපත් කළ මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982 ක් බවයි.

එමෙන්ම රාජ්‍ය ආදායම ලෙස බිලියන 2175 ක් ගණන් බලා ඇති අතර විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ අයවැය වාර්තාව නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයවැය සඳහා මහජන අදහස් සහ යෝජනා ඔක්තෝම්බර් 18 වනදා දක්වා භාරගන්නා බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේය. (දිනමිණ)
Tweet Share Share Share Share Share

FilePhoto
බදුල්ල දිස්ත්‍රික්කය දැන් දිවයිනේ නාය අවදානම වැඩියෙන්ම ඇති දිස්ත්‍රික්කය බවට පත්ව තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (නායයාම් පර්යේෂණ) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්සගේ වචනයෙන්ම කියනවා නම් ඒ අවදානම මෙසේය.

මේ දිස්ත්‍රික්කයේ නාය අවදානම තක්සේරු කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. අධි අවදානම් මධ්‍ය අවදානම් හා අඩු අවදානම් කියලා. ඒ විදියට ගත්තම අධි අවදානම් සහ මධ්‍ය අවදානම් කියන ප්‍රදේශ තමයි ජනතාවට ඇත්තටම ජනතාවට වැඩි අවදානමක් වැඩිපුරම පවතින්නේ. ඒ ප්‍රමාණය 50කට වැඩි ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රික්කයේ තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි ඇත්තටම වැඩිපුරම නාය අවදානමට භාජනය වෙයි කියලා බලාපොරොත්තු වන දිස්ත්‍රික්කය.

බදුල්ල වැඩිම නාය අවදානම වියහැකි දිස්ත්‍රික්කය බවට පත්වූයේ කෙසේද? ඊට වගකිවයුත්තේ කව්ද? - මේ ජයතිස්ස මහතා දුන් පිළිතුරය.

නායයාම් අවදානම අවම කරනවා කිව්වාම ප්‍රධාන වශයෙන් ලංකාවේ භූමි පරිවහන රටාව නිසා තමයි මෙච්චර පිරිසක් නායයාම අවදානමට භාජනය වෙලා තියෙන්නේ. ඒක මිනිසුන් විසින් අක්‍රමවත් විදියට භූමිය පරිහරණය කිරීම සහ නිසි සැලසුමකින් තොරව පදිංචිවීම ඒ නිසා හැම තැනම අපි බැලුවොත් දියුණු රටක වගේ නොවෙයි අපේ රටේ හැම කඳු බෑවුමකම මිනිසුන් පදිංචිවෙලා ඉන්නවා. එතකොට ඒ අවදානම කළමනාකාරණය අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක යටතේ කරන්න වෙනවා. එකක් තමයි දැනට පදිංචි වෙලා සිටින මිනිසුන්ගේ අවදානම අවම කරන්නේ කෙසේද කියන එක. අනෙක තමයි එතනින් ඉදිරියට මේ අවදානම අවම කරන පරිදි අපේ සංවර්ධන කටයුතු කරන්නේ කොහොමද කියන එක.

ඇත්තටම මෙවැනි පෙර සූදානම් නිරික්ෂණයක් ඉකුත් බදාදා බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි ක්‍රියාත්මක විය. බදුල්ල, බණ්ඩාරවෙල, හපුතලේ, හල්දුම්මුල්ල, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල, සොරණාතොට, මීගහකිවුල, කන්දකැටිය, ලුණුගල, පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නාය අවදානම ඇති ග්‍රාම නිලධාරි වසම් 67 කදීය. මහියංගය උල්හිටිය ආශ්‍රිත ප්‍රදේශයේ සහ බදුල්ල මුතියංගණය අසල බදුලුඔය ආශ්‍රිත සුමනතිස්ස ගම ප්‍රදේශයේදී පැවැත්වුණේ ගංවතුර උවදුරේදී ජීවිත රැකගන්නා අයුරු අවබෝධ කරන පෙරහුරුය. දිවයිනේ එකම දිනක එකම මොහොතක සිදුවන මෙම පෙරහුරු එකට ඒකාබද්ධ කිරීම සිදුවුයේ ප්‍රථමවරට බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසන්නේය. මෙහෙයුම් මැදිරිය ක්‍රියාත්මක වූයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිටය.

සමස්ත භූමිෙයන් 69% කට දැඩි අවදානමක්

බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.එස්.එල්. සේනාධීර, අධ්‍යක්ෂ (පෙරහුරු) සුනිල් ජයවීර, අධ්‍යක්ෂ (හදිසි මෙහෙයුම්) බ්‍රිගේඩියර් අතුල රත්නායක, බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදය කුමාර යන මහත්වරු ඇතුළු නිලධාරින් පිරිසක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය මෙහෙයුම් මැදිරියේ සිට මෙම වැඩසටහන මෙහෙයවද්දී කොළඹ ජාතික ආපදා මෙහෙයුම් මධ්‍යස්ථානය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ ප්‍රදේශීය මෙහෙයුම් මධ්‍යස්ථානවල කටයුතු සජීවී ලෙස වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙහෙයුම් මැදිරියට දැකගත හැකිවිය. නිරීක්ෂණය සිදුවූයේ එහි සිටය.

දිස්ත්‍රික්කයේ වඩාත්ම දුෂ්කර පෙරහුරුව වෙත යාමට අපට අවශ්‍යවිය. ඒ සොරණාතොට කීනකැලේවත්තේ පහළ කොටසයි. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදයකුමාර මහතාගේ උපදෙස් මත සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැබ්රථයක් අපේ ගමනට ලබා දුන්නේය. කන්දේගෙදර දක්වා පහසුවෙන් යාහැකි වුවත් ඉන් ඔබ්බට විශාල ප්‍රපාතයට බසින කීනකැලේ මාර්ගයේ කැබ් රථයද ගමන්කළේ අසීරුවෙනි. මාර්ගය එතම්ම අබලන්ය. එක් දෙසකින් දර්ශනය වූයේ නාරංගල කඳුමුදුන හා ඒ කඳුවැටියයි.

භූ විද්‍යාඥයන් පවසන්නේ නායයාමට එකම විකල්පය නාය සමඟ ජීවත්වීම බවය.

පැයක පමණ වූ අසීරු ගමනකින් පසු අපි නාරංගල කඳු පාමුල පිහිටි කීනකැලේ ජනාවාසයට ළඟාවීමු. පෙර සූදානම සඳහා එම ජනතාවගේ තිබුණේ ලොකු උනන්දුවකි. කුඩා ළමුන් තිදෙනෙක් තුවාලකරුවන් සේ හැඩගන්වා සිටියහ. නාය යන ස්ථානය ගැමියන් විසින් සකස් කර තිබුණේ කූඹුරක් මඩ කර ගස් කොළන් ඒ තුළට කපා දමමිනි.

වසර කීපයක‍ට පෙර මෙම ජනාවාසය ඉස්මත්තේ විශාල නායයාමක් සිදුව ඇති නමුත් ජීවිත හානි සිදුවී නොමැති බව වැඩිහිටියෙක් කීවේය. මෙහි පාසැල් දරුවන් කි. මි. 3ක් පාගමනින් ප්‍රධාන මාර්ගයට ගොස් එතැනින් බස්රථයක් ගෙන යන්නේ කන්දේගෙදර විද්‍යාලයටය. එම දරුවන් කීවේ කිලෝමීටර් 6ක් බස්රථය නැතිනම් කිලෝමීටර් 10 ක් ඒ පාසල් යාම සඳහා ගත කිරීම නිසා දැඩි මහන්සියක් ඇතිවන බවයි. ගෙදරදි කරන්න පවරන ඉස්කෝලෙ වැඩ කරන්නත් බැහැ හරිම මහන්සියි. වැසි දවසට ඉස්කෝලේ යන්නෙත් නැහැ. එම දරුවෝ පැවසූහ.

මේ ජනයා වත්තේ කම්කරුවන්ය. නැතිනම් කුලීකරුවන්ය. ගමේ ඇති අඩුපාඩු දේශපාලනඥයන්ගේ දෙසවන් වලට නොඇසෙන්නේය. බදුල්ල දිස්ත්‍රික්කයටම මෙන්ම කීනකැලේටද දිගුකාලයක් පැවතියේ නියඟය බව ජනතාව පැවසූහ. වැස්ස නිර්මාණය කිරීම සඳහා තරුණයෙක් ටකරන් වහළට නැගී සිටියේ වතුර බාල්දියක් අතැතිවය රූපවාහිනි මාධ්‍යවේදීන්ගේ කැමරාව ඒ දෙසට යොමුවෙද්දී වහළේ සිටි තරුණයා ටකරම දිගේ ජලය ගලා එන්නට සැලැස්වූයේ වැස්ස නිර්මාණය කරමිනි. තවත් තරුණයෙක් ලැයිම ඉදිරියේ සවිකර ඇති වර්ෂාමාපකය පරික්ෂා කළේය. ඒ සමගම තවත් තරුණයෙක් හක්ගෙඩියක් අතට ගත්තේ ඔහුට ලැබුණ සංඥාවක් අනුවය. විශ්මයකි ඔහු හක්ගෙඩිය පිඹිත්ම මහා වර්ෂාවක් ඇත්තටම ඇද හැලෙන්නට විය.

හක් හඬේ අනතුරු නාදයට තම නිවෙස්වලින් එළියට බැස ගත් ජනතාව පස්ස නොබලා දුවන්නට වූහ. ඔවුන් අත කුඩා මල්ල බැගින් තිබිණ. පුහුණුවේදී ලද උපදෙස් මත එහි තමන්ගේ බේත් වර්ග, හැඳුනුම්පත්, වටිනා ලිය කියවිලි හා ස්වර්ණාභරණ වැනි වටිනා දේ දමාගෙන තිබිණ. නාය යන ලෙස සකස් කළ ස්ථානයේ වැටී සිටි කුඩා ළමුන් තිදෙනා ගම්වැසියන් කීපදෙනෙකු විසින් ඔසවා ගොඩට ගත්තේ ලතෝනි දෙමිනි. ටික වේලාවකින් පැමිණ යුදහමුදා සෙබළුන් දෙදෙනෙක් ළමුන් දෙදෙනා රුගෙන දිවගියේ කුඩා විහාරස්ථානයට ඇති ඉතා ‍කුඩා ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ අවතැන් කඳවුර වෙතය. එහිදී දරුවන්ට ප්‍රථමාධාර දෙනු ලැබීය.

මේ කටයුත්ත නිරීක්ෂණය සඳහා ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජයවීර මහතා සහ නිලධාරින් කීපදෙනෙක් පැමිණ සිටියහ. 150 ක් පමණ වූ අවතැන් වූවන්ට තබා 15 දෙනෙකුටවත් වැස්සට නොතෙමී සිටීමට නොහැකි කුඩා ගොඩනැගිල්ල ප්‍රමාණවත් නොවූ බැවින් මහවැස්සේ තෙමි තෙමී අවතැන් වූවෝ ගත කළහ. මෙහි කූඩාරම් කීපයක් ඉදිකර තිබුණත් සැබෑ ලෙසම මේ ගමට ප්‍රජාශාලාවක් හෝ වෙනත් ඉඩ පහසුකම් ඇති ගොඩනැගිල්ලක් නොමැතිකම කොතරම් අඩුවක්දැයි සිතිණ.

භූ විද්‍යාඥයන් පවසන්නේ නායයාමට එකම විකල්පය නාය සමඟ ජීවත්වීම බවය. අපට පුදුම හිතෙන ඒ කතාව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ (නායයාම් පර්යේෂණ) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ය භූ විද්‍යාඥ ගාමිණි ජයතිස්ස මහතා පැහැදිලි කරන්නේ මෙසේය.

“ප්‍රධාන වශයෙන් නායයාම් අවදානම වැඩිවීමට කාරණා 3 ක් තියෙනවා. එකක් තමයි නායයන ප්‍රදේශවලට ජනතාව සංක්‍රමණය වීම. ඒක විපතක් විදියට දැනෙන්න ගන්නවා. නායක් ගියාම අනෙක් කාරණය තමයි ඒ ප්‍රදේශවලට සංක්‍රමණය වූ ජනතාව නාය යාමේ සම්භාවතාවයන් වැඩිවන ක්‍රියාදාමයන්හි නිරත වීම, ඒකෙන් නාය යාමේ ප්‍රවණතාවය වැඩිවෙලා තියෙනවා. අනික තමයි පරිසර විපර්යාසය හේතුකොට ගෙන වර්ෂාපතනයේ තීව්‍රතාවය වෙනස් වෙලා තියෙනවා. ඉස්සර අවුරුද්දක් පුරා මිලිමීටර් තුන් දහසක් හම්බවුණානම් සමහර අපට දැන් ඒ අපට දවසකට මිලිලීටර් තුන්සීය හාරසීය වගේ ලැබෙන අවස්ථා තියෙනවා. ඒ පිරිස අතරින් අපි ඇත්තටම ජනතාව විශේෂයෙන් බිය වියයුතු කාරණයක් නැහැ. අධි අවදානම් හා මධ්‍ය අවදානම් කියන කොටස් දෙක යටතේම විවිධ ආකාරයෙන් නායයාම් අවදානම් අවම කිරීමේ වැඩපිළිවෙළිවල් ක්‍රියාත්මක කිරිම අපි සැලසුම කරල තියෙනවා.

ඒ යටතේ නායයාම් සමග ජීවත්වීම, නායයාම් ස්ථාන හඳුනාගෙන එම ස්ථාවලින් පුද්ගලයන් ඉවත් කිරීම, නායයාම් ව්‍යවුහාත්මක ක්‍රමවේද මගින් පිළිසකර කර නායයාම් අවදානම අඩුකිරීම, ප්‍රජා මූලික දැනුවත් කිරීම විවිධ වැඩසටහන් ය‍ටතේ මේ සියලු පවුල්වල නායයාමේ අවදානම අවම කරල ජනතාවට ජීවත්වීමට පුළුවන් වූ පරිසරයක් සකස් කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරියේම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවෙනවා. යැයිද ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඇත්තටම නාය සමඟ ජීවත්විම හැර විකල්පයන් මේ මිනිසුන්ට නැත. හේතුව නම් භූ විද්‍යාඥයන්ම කියන පරිදි දිස්ත්‍රික්කයේ භූමියෙන් 69ක් අස්ථාවරය.

 බදුල්ලේ පාලිත ආරියවංශ (දේශය)
Tweet Share Share Share Share Share

assault-on-hambantota-protesters
FilePhoto
හම්බන්තොට පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය අතරතුර පොලිස් නිලධාරියෙකුගේ පහරකෑමට ලක්වූ තරුණයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ මාතර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ එම තරුණයා මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

පසුගිය සිකුරාදා හම්බන්තොට පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රැගෙන යමින් සිටි මෙම තරුණයාට සහකාරී පොලිස් අධිකාරීවරයෙකු විසින් පහරදෙන ආකාරය දක්නට ලැබුණි.

විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සෙසු පිරිස සමඟ මෙම තරුණයා ද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ඔහු පසුව ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් අනතුරුව එම තරුණයා වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහරෝහලට මාරු කර යවා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


හම්බන්තොට විරෝධතාවයේ පහරදීම ගැන මානව හිමිකම් කොමිසමෙන් විමර්ශන

හම්බන්තොට පැවති ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාව අතරතුර දී සහකාර පොලිස් අධිකාරිවරයෙකු විසින් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

එම කොමිසමේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ සිද්ධිය පිළිබද මෙතෙක් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

එසේවුව ද අදාළ පහරදීම දැක්වෙන වීඩියෝපට සමාජ ජාල හා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ පැමිණිල්ලක් ඉදිරිපත් නොවුණ ද ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සිට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් අදාළ විමර්ශනය ආරම්භ කරන බව නීතීඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේය.

මේ අතර අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එලෙස පහරදීම බරපතල ගැටළු ඇති කරන්නක් බැවින් අදාළ පහරදීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජාතික පොලිස් කොමිසම පොලිස්පතිවරයාට ඊයේ(7) දැනුම්දී තිබුණි.



(දෙරණ)
Powered by Blogger.