ඔව්. ‘දේදුනු ආකාසේ’ කියන්නේ මගේ ප්‍රථම චිත්‍රපටය. ප්‍රියන්ත කොළඹගේ වැනි දැවැන්තයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා. ලංකාවේ ගොඩක් අයට මේ වගේ අවස්ථා ලැබෙනවා අඩුයි. ඉතින් මටයි චුලක්ෂිටයි මේ ලැබිච්ච අවස්ථාව ගැන ඇත්තටම ගොඩක් සතුටු වෙනවා.
ප්‍රියන්ත අයියා ඔඩිෂන් එක තිබ්බ වෙලාවේ ලිස්ට් එකේ මුලින්ම හිටියේ මම. අපිටත් ඉස්සෙල්ලා ක්ෂේත්‍රයට ආපු මොඩ්ල්ස්ලා, නිළියෝ ඒ ඔඩිෂන් එකට ආවා. මාව තේරෙයිද නැද්ද කියලා දෙගිඩියාවකින් මාත් හිටියේ. ගොඩක් දෙනෙක් අතරින් තමයි මාවයි චුලක්ෂිවයි මේ චිත්‍රපටයට තෝරගත්තේ. මගේ පළමුවැනි චිත්‍රපටයෙන් මට ලැබුණේ ලොකුම අවස්ථාවක්.
ඔව්. මම රංගනයට එන්න කැමැත්තෙන් හිටියා. මට ඩ්‍රාමාවලටත් ආරාධනා ලැබුණා. හැබැයි මම ඒවට සම්බන්ධ වුණේ නැහැ. මම ෆිල්ම්වලට සම්බන්ධ වෙන්න කැමැත්තෙන් හිටියේ. මොකද චිත්‍රපටවල හැමදාම පේන්නේ නෑ. ඉඳලා හිටලා තමයි තමන් ආදරය කරන චරිත පේන්න ඉන්නේ. චිත්‍රපටවලට සම්බන්ධ වෙන එක මගේ චරිතයටත් හොඳයි කියලා හිතුවා.
හරියට බැලුවොත් හැම පැත්තෙන්ම දක්ෂ ලෙස රඟපාන්න පුළුවන් නළුවෙක්ට දැන් ඉන්නේ හේමාල්නේ. එයා එක්ක රඟපාන්න කැමැත්තක් තිබ්බේ නෑ කිව්වොත් බොරුවක්. පළමුවැනි චිත්‍රපටයෙම එයත් එක්ක රඟපාන්න ලැබීම වාසනාවක්. එයාගෙන් ලොකු සහයෝගයක් අපිට ලැබුණා.
මට උපතින්ම නර්තන හැකියාව තිබ්බා. මම පාසලේදිත් නර්තනය කළා. නර්තනය මට දෙයියෝ දුන්නු හැකියාවක්. ඒ හැකියාව මට වාසනාවක්. ඒ වගේ හැකියා හැමෝටම හම්බවෙන්නේ නැහැ. ඒ නිසා මම ඒ හැකියාවෙන් කැපිලා පේනවා. මට දෙයක් ඉගැන්නුවොත් මට ඒක ඉක්මනින් අල්ල ගන්නත් පුළුවන්.
මමයි චුලක්ෂියි හොඳ යාළුවෝ. අපි දෙන්නට තිබ්බ චරිත දෙක දෙවිදියක්. චුලක්ෂි එයාගේ චරිතයෙදි සාර්ථක වුණා. අනෙක් නිළියන් එක්ක බලද්දි එයා හොඳ තැනක ඉන්නවා. අපේ ලංකාවේ සම්මාන ගත්ත අලුත් රංගන ශිල්පිනියන්ටත් වඩා චුලක්ෂි දක්ෂයි. චුලක්ෂිට මට තරම් නර්තනය බැහැ. මම නර්තනයෙදි එයාට වඩා ඉදිරියෙන් ඉන්නවා. හැබැයි අපි අතර තරගයක් තිබ්බේ නැහැ.
ඒ දුන්න ලිප් කිස් එක ගොඩක් ලොකු ලිප් කිස් එකක් නෙමෙයි. බොලිවුඩ්, හොලිවුඩ් චිත්‍රපටවල ඒ වගේ දර්ශන ඕන තරම් තියෙනවා. ලංකාවේ කමර්ෂල් චිත්‍රපටවලත් එවැනි දර්ශන තියෙන්න ඕන. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම ඒ දර්ශනය ප්‍රතික්ෂේප කළේ නෑ. ඩිරෙක්ටර්ට අවශ්‍ය දේ මම කළා.
ඔව්. මට තව ෆිල්ම් දෙක තුනකට කතා කළා. දැනට ෆිල්ම් දෙකක් භාරගෙන තියෙනවා.
චිත්‍රපට කර්මාන්තය හොඳයි. මම හිතනවා මට ගොඩක් දුර යන්න පුළුවන් වෙයි කියලා. මගේ පෙනුමේ අඩුවකුත් නැහැ. මට වෙනස් ෆීචර්ස් තියෙනවා. මට හොඳට ඩාන්ස් කරන්නත් පුළුවන්. මට ඕන චැලේන්ජ් එකක් භාරගෙන කරන්න පුළුවන්.
ලස්සන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මිනිස්සු අතරට ගෙනියන්න ලස්සන කෙනෙක් තෝරගන්නේ. ඉන්දියාවේ නම් ඇඟේ හැඬ, ලස්සන මේ හැම දේම තියෙන රංගන ශිල්පිනියන් ඉන්නවා. හැබැයි ලංකාවේ එහෙම අය දකින්නේ නෑ. මමයි චුලක්ෂියි මොඩ්ල්ස්ලා වෙලා ඉඳලා තමයි රංගනයට ආවේ. ඒ නිසා අපේ හදන්න දෙයක් නැහැ.
ඔව්. මමයි චුලක්ෂියි හරි විදියට මේ ක්ෂේත්‍රයට ආවේ. අපිට වරැද්දක් කියන්න බෑ. ඇඳුම් අඳින්න ඕනේ කොහොමද, මූණේ මොන පැත්තද කැමරාවට ලස්සන, ශරීරයේ හැඩය පවත්වාගන්නේ කොහොමද කියලා අපි දන්නවා. අපි මීට කලින් රඟපාලා නැති වුණත් ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂවරයා අලුත් දෙන්නෙක් චිත්‍රපටයට දාන්න අභියෝගයක් ගත්තා. ගොඩක් ඩිරෙක්ටර්ස්ලා මොඩ්ල්ස්ලට තැන දෙනවා අඩුයි. චිත්‍රපට බලන අයත් නිතර දකින නිළියන් දකින්න කැමැති නැහැ. ඉතින් අලුත් වුණත් අපි චිත්‍රපටයට අපේ දායකත්වය දුන්නා.
මම වාණිජ චිත්‍රපටවල රඟපාන්න කැමැතියි. කොමඩි චිත්‍රපටවලට නම් මම ඒ තරම් ආස නැහැ. මම ලේසියෙන් දෙයක් භාරගන්නේ නෑ. රඟපාන නළුවා කවුද, ඩිරෙක්ටර් කවුද කියන හැම දේම බලලා තමයි මම දෙයක් භාරගන්නේ.
මම නිරුවත් වෙන්නේ නැහැ. සාමාන්‍ය දුරට දේවල් කරන්න පුළුවන්. නිරුවත් දර්ශන ලංකාවේ කරන්න බෑ. කරන්න පුළුවන් තරමේ දේවල් වුණත් රඟපාන නළුවා, නිර්මාණය, චරිතය මේ හැම දේම හිතලා කරන්නේ.