අනුරාධපුර බන්ධනාගාරයේ බන්ධනාගාර ගත කර සිටින හිටපු එල්ටීටීඊ සමාජිකයන් තිදෙනෙක් තමන් නිදහස් කරන්නැයි ඉල්ලා උපවාසයක් අරඹා තිබෙනවා.
මෙලෙස උපවාසනයක නිරත වන්නේ සුලක්‌ෂණ්, රාසතුරෙයි සහ ගනේෂන් නමැති හිටපු කොටි ක්‍රියාකාරීන් තිදෙනාකුයි.
ඔවුන් තරාවෙඩිපායි කොටි කඳවුරේ සිරගත කර සිටි නාවික භටයන් 18 ක් සහ හමුදා භටයන් 6 ක් වෙඩි තබා මරා පුළුස්‌සා දැමීමේ බිහිසුණු අපරාධයට සම්බන්ධවූවන් බවත්, එම සෙබලුන් වෙඩි තබා මරා පුළුස්‌සා දැමූ ස්‌ථානයද සොයාගෙන ඇති බවත්, ත්‍රස්‌ත මර්දන ආරංචි මාර්ග හෙළි කරන බව මුද්‍රිත මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මොවුන් නිදහස් කරගැනීමට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංවිධානයේ සභාපති ක්‍රිෂ්ණාවිනස් සහ ලේකම් ජැක්‌සන් සහ සූලක්‌ෂන් නැමැති හිටපු ත්‍රස්ත සාමාජිකයාගේ සොහොයුරිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවා හමු වී ඇති බවයි මුද්‍රිත මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනේ.
මේ අතර මේ සම්බන්ධයෙන් වන නඩු විභාගය අනුරාධපුර අධිකරණයෙන්, වවුනියාව අධිකරණයට මාරු කර දෙන ලෙසද මොවුන්ගේ ඉල්ලීම් වලින් එකක්.
කෙසේ වෙතත් එලෙස ඉල්ලීමක් සිදුකරන්නේ එ් ඔස්සේ ඔවුන්ට යම් වාසියක් හිමිවන නිසාදැයි සමාජ ජාල ඔස්සේ ප්‍රශන්කර තිබීම විශේෂත්වයක්.