Showing posts with label Celebrities. Show all posts
Showing posts with label Celebrities. Show all posts

30 May, 2017

ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා

By: Aththa Withthi On: 5/30/2017 06:10:00 AM
  • Let's Get Social


  • ‘ආයෙත් වරක්’ ගීතය මේ වනවිට බොහෝ ජනප්‍රියත්වට පත් ගීතයක් වී හමාරය. එම ගීතය ඔස්සේ බොහෝ රසික පිරිසකයන් අතර ජනප්‍රිය වූ සඳුන් පෙරේරා පිළිබඳව පසුගිය කාලයේ බොහෝ පුවත් මැවිණි.

    සඳුන් පෙරේරා කියන්නේ අද ලංකාවේ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක්ද?

    ඔව්, ලංකාවෙ ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ගායකයෙක් බවට පත්වෙලා කියලා මම හිතනවා. ඒක මගේ සිතුවිල්ලක් විතරයි. ඒ නිසා තමයි පසුගිය මාසවල ඉඳන් පෝය දවස හැරෙන්න අනිකුත් දිනවල ප්‍රසංග වේදිකාවලට මම සහභාගි වුණේ.

    ජනප්‍රියත්වට පත් වෙන්න ඉස්සෙල්ලා ජීවිතයේ අමිහිරි කාලයක් ගත කරපු කෙනෙක්නේද?

    අනිවාර්යෙන්ම ඔව්, ජීවිතයේ නොසෑහෙන්න අමිහිරි තැන් තියෙනවා. ඉස්සර සිංදුවක් කියන්න තියෙන ආසාවට නොකා නොබී කිලෝ මීටර් ගණන් රෑ දවල් බලන්නෙත් නැතුව පාරේ වැස්සේ තෙමි තෙමී අනුන්ගේ රේන්කෝට් ඇඳගෙන, අනුන්ගේ කුඩ ඉහළගෙන, ස්ටූඩියෝ ගානේ සිංදු කියන්න චාන්ස් එකක් ඉල්ලගෙන මම බොහෝ තැන්වල ඇවිද්දා. අද ඒ පාරේ මගේම වාහනයකින් යනකොට ලොකු ආඩම්බරයක් දැනෙනවා වගේම අමිහිරි තැන් මතක් වෙනවා. ගොඩක් දුක් වින්දා මේ තැනට එන්න. මම ගොඩක් සල්ලිකාර පවුලක කෙනෙක් නෙමෙයි.

    ‘‘ආයෙත් වරක්’ ගීතය ඔබට ජනප්‍රියත්වයක් ලබා දුන්නේ කොහොමද?

    අදටත් මේ ක්ෂේත්‍රයට එන බොහෝ අය මගෙන් අහපු දෙයක් තමයි &‘අයියෙ, මේකට ගොඩක් සල්ලි ඕන නේද?* කියන එක. ඇත්තටම මේ ගීතය වෙනුවෙන් සහ මේ විධියේ ජනප්‍රියත්වයක් ලබාගැනීම වෙනුවෙන් සතපහක්වත් මම වියදම් කළේ නැහැ. ඒකට අංක එකේ හැකියාව කියන දේ ඕනෙමයි. ඒ වගේම වාසනාව කියන දේ බලපානවා. ඒ සඳහා වෙලාවත් බලපානවා. මම බලන් හිටියා ගොඩාක් කල් මගෙ ඒ වෙලාව එනකම්, මගෙ වාසනාව පෑදෙනකම්. මට වාසනාව ගෙනාව ගීතය ‘‘ආයෙත් වරක්’. ඒ ගීතය මට ආරාධනාවකින් ලැබුණ දෙයක්. ඒක මට ලැබුණ හොඳ අවස්ථාවක් මගේ ජීවිතය වෙනස් කරගන්න. ළහිරු මුදලිගේ, සජිත් වී චතුරංග, ගිහාන් මඩප්පුලි, චන්දන වල්පොල මේ අය එකතුවෙලා මට කරලා දුන්න වැඩක් තමයි ‘ආයෙත්වරක්’ කියන්නේ.

    ‘ආයෙත් වරක්’ ගීතය හිට් කරන්න මුදල් ගෙව්වා කිව්වොත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?

    අනිවාර්යෙන්ම පුළුවන්. මොකද මම එහෙම සල්ලි ගෙව්වේ නැහැ.

    ඔබ වටේ එකතු වූ නවකයන් හා විශාල රසික පිරිසක් සිටිනවා. මේ ගැන මොකද හිතෙන්නේ?

    මම පුංචි කාලේ ඉඳන්ම ගොඩක් ප්‍රසංග බලන්න යනවා. ආර්ටිස්ට්ලා ගැවසෙන තැන්වලට නිතරම යන්න උත්සාහ කරනවා. එතකොට එයාලට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මම දැක්කා. ලංකාවෙ ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච ගායක ගායිකාවන්ට රසිකයින්ගෙන් ලැබෙන ඉහළම ප්‍රතිචාර මම දැක්කා. මට ඕන කළා කවදා හරි දවසක ඒ දේ ලබාගන්න. ඒක එක්තරා විදියක මගේ ආසාවක් කිව්වොත් මම හරි. මොකද අපිට ආසාවල් බලාපොරොත්තු තියෙනකොට තමයි අපි එතනට යන්න වැඩ කරන්නේ. ඒක හිතේ තියාගෙන මම වැඩ කළා. මට ඕන වුණෙත් ඒ දේ ලබාගන්න. අද වෙනකොට එදා මම බලපු ප්‍රසංගවල ගීත ගායනා කරනවා. මම එදා හිටපු තැන අද කට්ටිය ඇවිත් මට ගොඩක් ඉහළ ප්‍රතිචාර ලබාදෙනවා. ඒ වගේම ගොඩක් ආදරය කරනවා.

    ඔබේ අතීතය පිළිබඳව නැවත නැවත කියද්දී ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙන්නේ නැද්ද?

    මම හිතන්නේ මේ හදාගත්ත ප්‍රතිරූපය තව තවත් වර්ධනය වෙන්නයි, ප්‍රතිරූපයට හානිවෙන්නයි බලපාන්නේ අපි කියන කරන දේවල්. නමුත් ඇත්ත කතාව මම මෙතනට ආවේ දුක් විඳලා නම්, මම මෙතනට ආවේ ගොඩක් වෙහෙසක් දරලා නම්, ලැජ්ජාවට පත්වෙලා නම් ඒ අමිහිරි අත්දැකීම් මගේ ජීවිතේ තියෙනවා නම් මම ඒ දේවල් වෙන කෙනෙක් එක්ක බෙදාගත්තාට වරදක් නැහැ. හේතුව මට ලංකාවෙ කතා කරන පිරිසත් එක්ක බොහෝ දෙනෙක් තව බලන් ඉන්නවා මේ ක්ෂේත්‍රයට එන්න සහ ජනප්‍රියත්වයක් ලබාගන්න හෝ ලංකාවෙ හොඳ ගායකයෙක් වෙන්න. ඒ හැමදේටම ගොඩක් ආස කරන පිරිසක් ඉන්නවා. මම හිතනවා මම මේ කියන දේවල් ඒ අයට උත්තේජනයක් වේවි කියලා. මම මේ කියන හැමදෙයක්ම අකුරක් නෑර ඔප්පු කරන්න පුළුවන් හැම සාධකයක්ම මගේ ළඟ තියෙනවා. මාත් එක්ක ඉස්සර හිටිය පිරිස අදටත් මම මේදේවල්වලට උත්තර ඇහුවොත් විවෘතව උත්තර ලබාදෙනවා. සරලවම කියනවා නම් අපි තැනකට ආවේ දුක්විඳලානම් ඒ දේ කවුරුත් ඉස්සරහා කියන්න ලැජ්ජා වෙන්න ඕන නෑ. අපි විඳපු දුක බය නැතිව කියන්න කොන්දක් තියෙන්න ඕන. නමුත් තව දෙයක් කියන්න ඕන, කවදාවත් මම මෙහෙම දුක්වින්දා, මෙහෙම කළා කියලා ඒ දෙයින් තැනක් හදාගන්න මට කිසිම උවමනාවක් නැහැ. මේ දේ එළියට ආවේ රූපවාහිනි නාළිකාවක විකාශය වුණු එක්තරා වැඩසටහනකින්. ඒ වැඩසටහනේදී මනේ අහපු ප්‍රශ්නයකට අදාළව, අම්මාත් එපා කියද්දි දෙයක් කියවුණා. ඒ දේ මම විඳපු දුක්වලින් පුංචිම කාරණාවක් විතරයි. මුලින්ම ලංකාවෙ හොඳ තැනකට යනවා කියලා අධිෂ්ඨානයක් ආව තැන තමයි මම කිව්වේ. ඒ ඇරෙන්න මම විඳපු දුක් කිසිම කෙනෙක්ට තාම කියලා නෑ. ඒ නිසා ඒ දේ කියලා අනුකම්පාවක් ලබාගන්න මට උවමනාවකුත් නැහැ. නමුත් යම්කිසි කෙනෙක්ට ඒක උපකාරී වෙයි කියලා හිතෙන නිසා මම කැමතියි මගෙන් කෙනෙක් ඇහුවොත් ඒ ගැන කියන්න.

    සඳුන් පෙරේරා කියන කෙනා ලංකාවේ ජනප්‍රිය ගායකයෙක් වෙයි කියලා අම්මා කවදාවත් හිතුවේ නැතිව ඇති. ඉතින් ඒ පිළිබඳව අම්මාගෙන් ලැබන ප්‍රතිචාරය මොනවගේද?

    මට වඩා, පාරෙ තොටේ යනකොට මට වඩා ප්‍රතිචාර ලැබෙන්නේ අම්මාට. අම්මාට කතා කරන්නේ ‘අහවල් ගායකයාගේ ‘අම්මා’ කියලා. එහෙම කතා කරනකොට අම්මාට ඊට වඩා ලොකු සතුටක් නැතිව ඇති. ඇත්තටම අම්මා හිතුවෙ නෑ මම ගායකයෙක් වෙයි කියලා. මොකද අම්මා දන්නවා මෙතනට එන්න ගොඩක් අමාරුයි කියලා. මගේ ජීවිතයේ එක තැනකදී උසස් පෙළ අවසන් වෙලා කැම්පස් යන්න ඔන්න මෙන්න ඉන්නකොට මම ලොකු තීරණයක් අරගෙන ජීවිතය වෙනස් කරගන්නවා. එතනදී තමයි මම ගායන ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ. මුලින්ම පද රචකයෙක් විදියට. ඔක්කොම අධ්‍යාපන කටයුතු නවත්වලා අම්මාට අභියෝගයක් විදියට තමයි ක්ෂේත්‍රයට එන්නේ. අම්මාට පිටුපාලා දෙයක් කළා නම් ඒ දේ තමයි අධ්‍යාපනය අතෑරලා ගායනයට පිවිසීම. නමුත් මම හිතනවා එහෙම කරපු දේත් හරිගියා, මට දැඩි විශ්වාසයක් තිබුණා මේක කරනවාමයි කියලා. මම දන්නවා මම ෆේල් වෙන්නේ නැහැයි කියලා. ඒ විශ්වාසය නිසා මට ඒ දේ හරි ගියා. අපි දන්න විදියට අම්මාගේ ආශිර්වාදය නැතිව කිසිම දෙයක් කරන්න බැහැ. නමුත් මට දෙන්න ඕන හැම උදව්වක්ම දුන්නා. මම එදා වගේම අදත් කියනවා අම්මා නිසා මම දිනුවා කියලා.

    සඳුන් පෙරේරා කියන්නේ පෙම්වතෙක්ද?

    ඔව් පෙම්වතෙක්.

    ජනප්‍රියත්වයත් එක්ක තරුණ ගැහැනු ළමයින්ගෙන් විවිධ ප්‍රතිචාර ලැබෙනවා. මේ දේවල් සමග ඔබේ පෙම්වතියගේ ප්‍රතිචාර මොනවගේද?

    මම මේ ක්ෂේත්‍රයට එන්නේ ලොකු රසික පිරිසක් හදාගන්න. ලංකාවෙ පිළිගත්ත, හැමෝම ආදරය කරන ගායකයෙක් වෙන්න. මම මේ ක්ෂේත්‍රයට එන්නේ ඒ දේවල් කරගන්න මිසක්, වෙන දෙයක් හොයාගන්න නෙවෙයි. මගෙ ජීවිතේ අමිහිරි දේවල් කියන්න පුළුවන් නම් මට මේ දේවල් කියන්න බැරිකමක් නැහැ. අපේ ජීවිතේ අපිට ඉලක්කයක් දීලා යම්කිසි කෙනෙක් අපි දුක්විඳින කාලේ ඉඳන්ම අපි ළඟ ඉන්නවානම් මම හිතන්නේ අපි දෙයක් ලැබුනාට පස්සේ ඔවුන්ව අතෑරලා යන එක සුදුසු නැහැ. ඒක ගොඩක් කුහක ක්‍රියාවක් විධියටයි මම දකින්නේ. ඉතිං ඒ නිසා මම හිතනවා තමන්ට ඕන කරන ආදරය, සෙනෙහස ඒ විදියට ලැබෙනවා නම් පිට පාරේ යන්න කිසිම වුවමනාවක් නැහැ. සරලව කීවොත් මම පෙම්වතෙක්. මම මේදේවල් විවෘතව කියන නිසා දෙයියන්ගේ පිහිටෙන් මට රසිකාවියන්ගෙන් තියෙන ආදරය, ආකර්ෂණය අඩුවෙලා නැහැ. මොකද එයාලා විවෘත්තව කතා කරන දේ අගය කරනවා. එයාලා ආදරය කරන්නේ මගේ ගීතවලට, මගේ කටහඬට හා මගේ චරිතයට වෙන්න ඇති.

    සඳුන් පෙම්වතෙක් වෙන්නේ ජනප්‍රිය ගායකයෙක් වෙන්න ඉස්සෙල්ලාද?

    ගොඩාක් කලින්. දුක් විඳින කාලේ ඉඳන්.

    ඔබේ ඉඳිරි කටයුතු එකම රාමුවක් යටතේ නිර්මාණය වෙන දේවල්ද?

    මම කැමති නැහැ, ‘ඉස්සරහට ලොකු වෙනසක් කරනවා. ‘ඇත්තටම ඉදිරියේදී ලොකු වෙනසක් දකින්න ලැබෙනවා වගේ දේවල් කියන්න මම කැමති නැහැ. මම කලිනුත් කියන්නේ, අදත් කියන්නේ හෙටත් කියන්නේ මිනිස්සු ඉල්ලන දේයි මම කරන්නේ. එහෙම නැතිව මේකේ රඳා පැවැත්මක් නැහැ. ඒ නිසා මම කරපු කිසිම ගීතයකට ලැබෙන ප්‍රතිචාර අඩුවෙලා නැහැ. ඉස්සරහටත් ඒ දේ බලාපොරොත්තු වෙන්නම් මම එයාලා ඉල්ලන දේ දෙන්න ඕන. එයාලාගේ ඉල්ලීම මොකක්ද ඒ කාලයට ගැළපෙන ගීතයක් මම ලබාදෙනවා. ප්‍රසංග වේදිකාවේදී ටිකක් විරල වචන දාලා අලුත් වැඩක් කරන්න ආසාවක් තියෙනවා. ඒ වගේම විරහ ගීත නොකර ආදර ගීතයක් කරන්න ආසාවක් තියෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම කනපිට හරවලා වෙනස්ම දෙයක් කරනවා කියලා කියන්න මම කැමති නැහැ. ඒක වෙන්න ඕන කාලෙට, මිනිස්සුන්ගේ ඉල්ලීම අනුව වෙයි.

    ඉදිරි බලාපොරොත්තු ගැනත් කියමු නේද?

    මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුද්දක් වගේ පුංචි කාලයක් ඇතුළත මම දුක්විඳලා බලාපොරොත්තු වුණ හීනවලින් ගොඩාක් ඉෂ්ට කරගත්තා. මට ඒ වගේ දේවල් බොහොම පොඩ්ඩයි තියෙන්නේ ඉෂ්ට කරගන්න. ඒ හැමදේකටම මට උපකාර වුණේ මම හම්බකරගත්ත මගේ රසික රසිකාවියන්. එයාලගෙ ඉල්ලුම තියෙන තාක්කල් ඕනෙම කෙනෙක්ට මේ ක්ෂේත්‍රයේ වැජඹෙන්න පුළුවන්. එයාල ඉල්ලන එයාලගෙ රසවින්දනය දෙනතාක්කල් අපිට ඒ දේවල් ලැබේවි. අපි තේරුම් ගන්න ඕන එයාලා අකමැතිදේවල් කරන කොට අපිට ඒ දේවල් නැතිවෙලා යනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ වෙද්දි ගොඩක් දේවල් ඉෂ්ට කරගෙන ඉවරයි. බලාපොරොත්තු ගොඩක් තියෙනවා. එකක් තමයි මට මගේ අම්මා තාත්තා, අක්කා, නංගී ඇතුළු පවුලේ ඉතිරි හතර දෙනාව මියෙනතාක්කල් සතුටින් තියන්න ඕන. ඒ වෙනුවෙන් කරන්න ඕන හැමදේම මම කරනවා. මගේ ජීවිතයේ ආදරණීය කතාවත් ලස්සනට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.

    ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර (saaravita)

    28 May, 2017

    සනීගේ පුතත් සිනමාවට

    By: Aththa Withthi On: 5/28/2017 06:25:00 AM
  • Let's Get Social

  • ජනප්‍රිය සිනමා නළු සනි ඩියොල්ගේ වැඩිමහල් පුත් කරන් ඩියොල් මේ වනවිට බොලිවුඩ් සිනමාවට පිවිසි සිටියි. ඒ සිය පියාගේම සිනමා නිර්මාණයක් වූ ‘පල් පල් දිල් කා පාස්’ චිත්‍රපටය හරහාය. 

    සූන්දර ආදර කතාවක් ඇතුලත් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන් ඩියොල් විසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

    20 වැනි වියෙහි පසුවන කරන් ඩියොල් ‘පල් පල් දිල් කා පාස්’ චිත්‍රපටයේ පෙනි සිටින්නේ ශ්‍රී දේවිගේ දියණිය ජාන්වි කපූර් හා සායිෆ් අලී ඛාන්ගේ දියණිය සාරා ඛාන් සමගින් බව සඳහන් වේ. 

    මෙම චිත්‍රපටය මේ වසරේ අවසන් භාගයේදී හෝ ලබන වසරේ මුල් භාගයේදී තිරගත කිරිමට නියමිතව ඇත. (saaravita)

    මට මාසයක්ම බත් කන්න දුන්නෙ නැහැ - අන්තිම දවස් වෙද්දි බාගෙට මැරිලා හිටියේ

    By: Aththa Withthi On: 5/28/2017 06:10:00 AM
  • Let's Get Social


  • පසුගියදා ස්පාඤ්ඤයේ පැවැති ලොව හොඳම නිරූපිකාවට හිමි කිරුළ දිනාගැනීමට ශ්‍රී ලාංකික නිරූපිකාවක් වූ චූලක්ෂි රණතුංගට හැකියාව ලැබුණා. ඇය 2014 වසරේදී ලක් රූ රැජින කිරුලද හිමිකරගත් නිරූපිකාවයි. ස්පාඤ්ඤයේ පැවැති International best female model world 2017 තරගාවලියේ කිරුළ දිනා ලංකාවට ආ චූලක්ෂි සමඟ හදසර අපි කතා කළා.

    චූලක්ෂිට මේ තරගාවලියට යන්න අවස්ථාව ලැබුණේ කොහොමද..?
    මේ තරගාවලියට යන්න මට අවස්ථාව ලැබුණේ කවින් හේවාවිතාරණ සහ බ්‍රයන් මහතා විසින් ලංකාවේ නිරූපිකාවන් අතර තෝරා ගැනීමක් කිරීමෙන් පසුවයි. එයාලා තීරණය කරලා තිබුණා 2014 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගැනීෙම් අත්දැකීම් එක්ක මේ තරගාවලියට මාව සුදුසුයි කියලා.

    ඉතා කෙටි කාලයකින් නේද චූලක්ෂි මේ තරගාවලියට සහභාගි වුණේ...?
    ඔව්... ඇත්තටම. ඒ සඳහා මට තිබුණේ මාසයක් වගේ කෙටි කාලයක් විතරයි. තරගාවලියකට මාසයක් කියන්නේ ඉතාම සුළු කාලයක්නේ.
    තරගයට මුහුණ දුන්නේ ලොකු මානසික පීඩනයකින්

    ඔය වෙහෙසකර තත්ත්වයට චූලක්ෂි මුහුණදුන්නේ කොහොමද?
    ඇත්ත. මේක ගොඩක් වෙහෙසකාරී කාලයක් වුණා. මාසේ අන්තිම දවස් හතර පහ තුළදී මමත් ලොකු දෙගඩියාවකින් හිටියේ මේ තරගාවලියට මම යනවද නැද්ද කියලා. ඒ තරමටම පුදුම වෙහෙසක් දැනුණා. ඒ කාලයේදී දවස් ගෙවෙන හැටි මට දැනුණේ නෑ. උදේ පටන් අරගෙන රූ කොහොමද ඉවරවෙන්නේ කියලා මට තේරැණේ නෑ. ඒ තරමටම මහන්සියක් දැරුවා.

    ඒ කැපකිරීම් එක්ක ආහාරත් පාලනය කළාද?
    ඔව්. මම ඒ දවස්වල චුට්ටක් මහතට හිටියා. ඒ නිසා මාසයක් ඇතුළත මම කොහාමද කෙට්ටු වෙන්නේ කියලා මම මගේ ට්‍රේනිං සර්ගෙන් ඇහුවා. එයාගේ තීරණය වුණේ ඒ මුළු මාසයේදීම මට බත් තහනම් කියලා. ඒ මාසෙටම මම බත් කෑවේ නෑ. ව්‍යායාම් කළා. බැඩ්මින්ටන් සෙල්ලම් කළා. ඒ හැමදේමට මට මගේ යාළුවෝ ගොඩක් උදව් කළා.

    ඊට අමතරව මොනවද තව කළේ?
    ඒ කාලයේදී මට නින්දක් නෑ. මානසික පීඩනයකින් තමයි මම මේ තරගයට මුහුණ දුන්නේ. දවස් කීපයකින් මම ලබපු ජයග්‍රහණයක් තමයි මේ.

    අන්තිම දවස් වෙද්දි බාගෙට මැරිලා හිටියේ

    මේ සඳහා බොහෝ රටවල් සහභාගි වුණාද?
    ඔව්... මේක ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ දිනාගැනීමේ තරගාවලිය. ඒ නිසා බොහෝ රටවල් මේ සඳහා සහභාගි වුණා.

    ඒ අතරින් චූලක්ෂිට ලොකුම අභියෝගය වුණේ කවුද?
    එක රටක් කියලා කියන්න බෑ. හැම රටකින්ම ආපු නිරූපිකාවන් එයාලගේ උපරිම දායකත්වය මේකට ලබලා දුන්නා. හැම රටක්ම නියෝජනය කරන්න ආපු හැම නිරූපිකාවක්ම ඇවිල්ලා තිබුණේ මේ කිරුළ මම දිනාගෙන යනවා කියන අදහසිනුයි. ඒ නිසා හැම කෙනෙක්ම මට අභියෝගයක් වුණා.

    මේ සඳහා තිබුණු අංග මොනවාද?
    මේ සඳහා ඇඳුම් විලාසිතා, ඡායාරෑප සඳහා පෙනී සිටින විලාසිතා, බෙස්ට් කැට්වෝක්, සැඳෑ සමය සඳහා විලාසිතා වැනි අංශ නියෝජනය කළා.

    මේ සඳහා චූලක්ෂිට අනුග්‍රාහකයෙක් හිටියද?
    මේ සඳහා සැඳෑ සමයේ විලාසිතා ඇඳුම මයිකල් විජේසූරිය මහතා, දේශීය ඇඳුම් විලාසිතාව හිරාන් මහතා විසිනුත් මීට අමතරව රාජිනී මහත්මියත් LICC සමාගමත් මට උදව් කළා. අනිත් හැම වියදමක්ම දරන්න සිද්ධ වුණේ මගේ පවුලේ අයටයි. මගේ ටිකට් එක පවා මගේ මුදලින් තමයි හොයාගත්තේ. මම ගියේ මගේ රට නියෝජනය කරන්නයි. ඒත්.... ඒකට මට ලාෙකු වියදමක් දරන්නට සිද්ධ වුණා.

    එදා ලොව හොඳම නිරූපිකාවගේ කිරුළ හිමිකර ගනිද්දී මොකද චූලක්ෂිට හිතුණේ?
    ඇත්තටම මට ඒ වෙලාවේ දැනුණේ මගේ පෞද්ගලික හැඟීමක් නොවේ. මම දිනනවා කියන්නේ මගේ රට දිනුව කියන එකටයි. මගේ රට පොඩි රටක්. ඒ තරගාවලියේ හිටපු සමහරු මං ශ්‍රී ලංකාව කිව්වම ඒ රට ළඟද කියලා අහන තත්ත්වයක් තිබුණා. සමහරු මගේ රට ගැන දැනන් හිටියේ නෑ. විශාල රටවල් එක්ක තරග වැදලා මගේ රට ජයග්‍රහණය කරද්දී මට මගේ රට ගැන ලොකු ආඩම්බරයක් ඇතිවුණා. පුංචි කාලයකින් ලොකු වෙහෙසක් දරලා මම ලබපු ජයග්‍රහණය ගැන මගේ ඇස්වලට කඳුළු ආවා. මේ වෙනුවෙන් මගේ ගෙදර අය, යාළුවෝ වගේම බොහෝ දෙනා මට උදව් කළා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.

    ඊළඟ ඉලක්කය මොකක්ද?
    මම රඟපාපු පළවෙනි චිත්‍රපටය දේදුනු ආකාසේ එළිදක්වන්න දැන් ළඟයි. ඒකත් මම හිතනවා මගේ ජීවිතේ වෙනස්ම පැතිකඩක් දකින්න ලැබේවි කියලා. ඉතින් මම ආසාවෙන් කරපු දෙයක් තමයි දේදුනු ආකාසේ කියන්නේ.‍

    ► Text - Dishani / Pic - Internet (deshaya)

    27 May, 2017

    කොටට ඇන්දට අපි නරක නෑ....

    By: Aththa Withthi On: 5/27/2017 05:22:00 PM
  • Let's Get Social

  • ඔයා කවුද...?
    මම උදාරි මහේෂිකා. මම ඉන්නේ කටුනායක. පුංචි කාලේ ඉස්කෝලේ ගියේ මීගමුව හරිශ්චන්ද්‍ර විදුහලටයි. මම දැන් නිරූපණ ක්ෂේත්‍රයේ නියැලිලා ඉන්නවා.

    කොහොමද නිරූපණ ක්ෂේත්‍රයට යොමුවුණේ?
    පුංචි කාලේ ඉඳන්ම මම හරි ආසයි නිරූපණ ක්ෂේත්‍රයට. පුංචි කාලේ පැය ගණන් කණ්ණාඩිය ළඟට වෙලා හැඩ බලනවා. මොඩ්ල් කෙනෙක් වගේ එහාට මෙහාට ඇවිදිනවා. ඉතින් ඒ දේවලුත් එක්ක මොඩ්ල් කෙනෙක් වෙන හීනය තිබ්බා.

    ඒ හීනය හැබෑ වුණේ කොහොමද...?
    ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ මම මේ ෆීල්ඩ් එකට ආවා. මුලින්ම මීගමුවේ තිබුණ ෆැෂන් ෂෝ එකකට සහභාගි වුණා. ඒකෙන් පස්සේ දිගටම මට ආරාධනා ලැබුණා. එහෙම නැතිව මේ දේවල් කාගෙන්වත් ඉගෙන ගෙන නෑ. මම හැමදෙයක්ම තනියම තමයි ඉගෙන ගත්තේ.

    නිරූපණ ශිල්පිනියක් විදිහට හැම විලාසිතාවක්ම උදාරි කරනවාද?
    අද නිරූපණ ශිල්පිනියක් දිහා බොහෝ දෙනා බලන්නේ අමුතු විදිහකටනේ. මම මට ගැළපෙන විලාසිතා කරනවා. කොටට අඳින්නේ නෑ කියලා මම කියන්නේ නෑ. මට ගැළපෙන ඇඳුම් මම අඳිනවා.

    ඇයි එහෙම වෙන්නේ....?
    අනේ මන්දා. බොහෝ දෙනා කියන්නේ නිරූපණ ශිල්පීන් බොහොමයක් වැරදි කරනවා කියලනේ. ඒත්... එහෙම වැරදි වැඩ කරන්නේ නිරූපණ ශිල්පිනියන්මද කියලයි ප්‍රශ්නේ. කෙනෙක්ට වැරැද්දක් කරන්න නිරූපණ ශිල්පිනියක් වෙන්නම ඕනේ නෑ. අඳින බලන විදිහෙන් සමාජයේ අනිත් අය එක්ක සුහදව කතාකිරීමෙන් බොහෝ දෙනෙක් නිරූපණ ශිලිපිනියන්ව දකින්නේ වැරදියට.

    මේ වෙනකොට නිරූපණ ශිල්පිනියකට අමතරව වෙනත් රුකියාවක උදාරි නිරත වෙනවාද...?
    නෑ... මම වෙනත් රැකියාවක් කරන්නේ නෑ.

    උදාරිට රඟපෑමට ආරාධනා ලැබිලා නැද්ද...?
    ආරාධනා නම් කීපයක්ම ලැබිලා තියෙනවා. ඒත් මම ඒ එකක්වත් බාර ගත්තේ නෑ. මම ඉස්කෝලේදීවත් රඟපාලා නෑ. මට රඟපාන්න පුළුවන්ද බැරිද කියලවත් මම දන්නේ නෑ. නිරූපණය සහ රංගනය කියන්නේ දෙකක්. දැන් බොහෝ අය සින්දුත් කියනවා. නිරෑපණ ක්ෂේත්‍රයේත් ඉන්නවා. රඟපානවා. ඒත්... මම පෞද්ගලිකව ඒ දේට ආස නෑ. ඒ නිසා මම සුපුරුදු විදිහට නිරූපණ කටයුතු විතරක් කරගෙන ඉන්නවා.

    බොහෝ මොඩ්ලින් කරන ගෑනු ළමයි ක්ලබ් යන්න පුරුදු වෙලා....
    මෙහෙමයි. මෙඩ්ලින් කරන අය විතරක් නෙමේ ඔහොම ක්ලබ් යන්නේ. මොඩ්ලින් කරන කෙනෙක් හරිම සුවිශේෂී චරිතයක්. ක්ලබ් එකකට ගියොත් ඒ ක්ලබ් එකේ ඔක්කොම ගෑනු ළමයි මොඩ්ලින් කරන අය නෙමේ. ඒත්... සමස්තයක් විදියට ඇඟිල්ල දිගු වෙන්නේ අර මොඩ්ලින් කරන අයට විතරයි. ඒක හරිම වැරදි අදහසක්නේ. මිනිස්සු හිතන සහ දකින විදිහ නිසයි එහෙම මතයක් ගොඩනැගිලා තියෙන්නේ.

    ගීත රූප රචනාවලට උදාරිට අවස්ථාවක් ලැබිලා නැද්ද?
    ඒ වගේ ඒවාට නම් අනන්තවත් ආරාධනා ලැබිලා තිබෙනවා. ඒත්... ඒ එක දෙයක්වත් මම බාරගත්තේ නෑ. මම ඒවාට ආස නෑ. මම ආස මොඩ්ල් සහ ඡායාරූප ශිල්පයට විතරයි.

    මොනවද තියෙන බලාපොරොත්තු?
    ලංකාවේ මොඩ්ල් කෙනෙක්ට ඉස්සරහට එන්න තියෙන අවස්ථා අඩුයි. අද වෙද්දී ෆොටෝ ටිකක් ගත්ත ගමන් ඕනෑම කෙනෙක් හිතාගෙන ඉන්නේ මොඩල් කෙනෙක් කියලා. ඒත්... මොඩ්ල් කෙනෙක් වෙන්න හැමෝටම බෑ. ඉතින් බලාපොරොත්තුව නිරෑපණ ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්නයි.

    නිරූපණ ශිල්පිනයක් වෙන්න මොනවද තියෙන්න ඕනේ....?
    අද වෙද්දී සින්දු කියන අය නිරූපණ ශිල්පයට එනවා. රඟපාන අය නිරූපණ ශිල්පයට එනවා. ඒත්... ඒක හරියන දෙයක් නෙමේ. තමුන්ට ගැලපෙන දේ තමුන් මුලින් හොයාගෙන යන්න ඕනේ. මොඩ්ල් කෙනෙක් කියන්නේ එකපාර කෙනෙක් දැක්කොත් ආයේ ඒ කෙනා දිහා බලන්න ආකර්ෂණයක් ඇය සතුව තියෙන්න ඕනේ. ඇයට හොඳ උසක්, උසට ගැළපෙන ශරීරයේ හැඩයක් තිබිය යුතුයි. මුහුණේ සුන්දරත්වයට වඩා ඒ ඇඟට ගැළපෙන උසක් තිබීම වැදගත් වෙනවා.

    ► Text - Jayamali / Pic - Malaka (deshaya)

    හර්ෂණ සහ වොල්ගාටත් ඩෙංගු හැදිලා

    By: Aththa Withthi On: 5/27/2017 11:10:00 AM
  • Let's Get Social


  • ජනප්‍රිය රංගනශිල්පීන් යුවළක් වන හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී ඩෙංගුරෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

    කෙසේ වෙතත් මාධ්‍යයට අදහස් දක්වමින් හර්ෂණ බෙත්මගේ පවසා ඇත්තේ දෙදෙනාම මේ වන විට සුවය ලබා නිවෙස වෙත ගොස් ඇති බවයි.

    රසික ආදරය දිනූ මෙම යුවළට ඇත්ත ගොසිප් අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටිමු.

    අමිලා කැමැති පිරිමි - මහින්ද මහත්තයත් ලිස්ට් එකේ

    By: Aththa Withthi On: 5/27/2017 10:57:00 AM
  • Let's Get Social


  • 01.ලලිත් ප්‍රනාන්දු - මගේ බොස්

    මේ ලෝකේ බොහොම හොඳයි කියන වර්ගයේ මිනිස්සු මට හමුවෙලා තියෙන්නේ අතළොස්සයි. හොඳයි කියන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. ඒත් බොහොම හොඳ අය හරිම අඩුයි. ලලිත් ප්‍රනාන්දු කියන්නේ ඒ බොහොම හොඳයි කියන අතළොස්සට අයත් වෙන කෙනෙක්.

    02.එච්.ආර්. ජෝතිපාල

    අදටත් එතුමාගේ ගීත අහනකොට එදා වගේම රස විඳින්න පුළුවන්. ඒ ගීතවල ඊයේ, අද, හෙට කියල වෙනසක් නැහැ. ඒ ගීත සරලයි. නමුත් ආසාවෙන් රසවිඳින්න පුළුවන්. ඔහු එදා මෙදා තුර ලංකාවේ බිහිවුණු විශිෂ්ට ගායකයෙක්. ඒ නිසා මම ඔහුට කැමැතියි.

    03.මගේ තාත්තා

    මට මුලින්ම මුණගැසුණු පිරිමියා ඔහු. සරල ජීවිතයක් ගෙවපු මගේ තාත්තා මට වීරයෙක්. ඔහු අද ජීවතුන් අතර නැහැ. තාත්තගේ හීනයක් තිබුණා මං ගැන දැකපු. ඒ හීනය තමයි මම අද සැබෑ කරගෙන තියෙන්නේ. ඔහු ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්. ලොකු ආදරයක්.

    04.සොමී රත්නායක

    ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. සොමී රත්නායක මහත්මයාගේ රංගන ශෛලියට මම ගොඩක් කැමැතියි. ඒ වගේම ගතිගුණ අතින් ගත්තොත් ඔහු ගොඩක් නිවිච්ච පුද්ගලයෙක්. ඔහු ඉතා සරල මනුස්සයෙක්. ඒ නිසා මම ඔහුට කැමැතියි.

    05.කරුණාරත්න අබේසේකර

    අබේසේකර මහත්තයා ජනප්‍රිය වගේම ප්‍රවීණ ගීත රචකයෙක්. ඒ ගීත හරිම නිර්මාණශීලීයි. සදාකල් පවතින ගීත ගොන්නක් ඔහු නිර්මාණය කළා. ඒ වගේම ඔහු දක්ෂ කවියෙක්. ගුවන් විදුලි නිවේදකයෙක්. හැකියාවන්වලින් පිරිපුන් ඔහුටත් මම කැමැතියි.

    06.පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි

    උන්වහන්සේ අදත් හිටියා නම් කියලා මට හිතෙන වාර අප්‍රමාණයි. උන්වහන්සේ දේශනා කළ බොහොමයක් දේවල් අද වෙනකොට සත්‍ය බවට පත්වෙලා තියෙනවා. අද උන්වහන්සේ නැතත් උන්වහන්සේට මගේ හිතේ තියෙන ගෞරවය හැමදාමත් තියේවි.

    07.එල්ටන් ජෝන්

    මම ඔහුට කැමැති වෙන්න හේතුව තමයි ඔහුගේ ගීත. ඒ ගීතවලට මම ගොඩාක් කැමැතියි. මම ඔහුගේ හොඳ රසිකාවියක්.

    08.මහින්ද රාජපක්ෂ

    මම දේශපාලනයට නම් කැමැතිම නැහැ. නමුත් පුද්ගලයකු වශයෙන් මම මහින්ද මහත්තයට කැමැතියි. අපේ රටේ කුරිරු යුද්ධය අවසන් කරන්න නායකත්වය ගත්තේ ඔහු. ඒ හැරුණම දේශපාලන මට්ටමින්වත්, පෞද්ගලික මට්ටමින්වත් තිබෙන කැමැත්තක් නෙවෙයි ඒක. රටක් ජාතියක් විදියට ගත්තම යුද්ධයේ නිදහස අපි හැමෝටම ලබා දෙන්න ඔහු මුල් වුණා. ඒ නිසා මම ඔහුට කැමැතියි.

    රංජන තන්ත්‍රිගේ (MB WEB)

    26 May, 2017

    යුරේනි නිරුවතින් රඟපාන්න සූදානම් - කොන්දේසි මෙන්න

    By: Aththa Withthi On: 5/26/2017 10:34:00 PM
  • Let's Get Social

  • යුරේනි මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

    සින්දුවක් කළා ”චුයින්ගම වගේ කොල්ලෝ” කියලා . ඉතින් ලගදීම බලාගන්න පුළුවන් වෙයි ලස්සන මියුසික් වීඩියෝවකුත් එක්ක.

    දැන් යන මියුසික් වීඩියෝ වල පොඩි Sex Meaning එකක් තියෙනවා, ඔයාගේ වීඩියෝවෙත් එහෙමද?

    ඒක බලාගන්න පුළුවන් ආපුවම.

    මියුසික් වීඩියෝ වල sex Seen ඇතුලත් කිරීම ගැන යුරේනි මොකද හිතන්නේ?

    අනිත් ඒවා මම දන්නේ නෑ ඉතින් මගේ මතයනම් Art එක Art එකක් වෙන්න අඩ නිරුවත වගේ දෙයක් අවශ්‍යනම් නිර්මාණයට හානියක් නොවෙන්න ලිංගිකත්වය පාවිච්චි කලාට කමක් නෑ.

    ඒ කියන්නේ Art එකක් තියෙනවනම් නිරුවත ප්‍රශ්නයක් නැද්ද?

    නිරුවත කියන්නෙත් Art එකක්නේ, ලෝකයේ හොදම චිත්‍ර ශිල්පියෝ ගත්තත් භාගයක්ම ඔවුන්ගේ චිත්‍ර නිරුවත් නේ. ඒක කොයි නිර්මාණයටත් පොදුයි.

    යුරේනිටත් ඔය කියන විදිහේ හොද Art එකක් තියෙන නිර්මාණයකට කතා කළොත් නිරුවත් වෙනවද?

    ලංකාවෙනම් නිරුවත් වීම පිළිබඳව එක්තරා කොටසකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මොකද මේ රටේ සධාචාරය සංස්කෘතිය කියලා එකක් තියෙනවනේ. අනික මේ රටේ අයට තව කාලයක් යයි ඒ වගේ තැනක ඉදලා කලාව දකින්න.

    චාම් විදියට කලාවට ආපු යුරේනි දැන් අඩ නිරුවත පෙන්නගෙන එන්නේ නිරුවත Market කරන්නද?

    මෙහෙමයි ෂෝට් එකයි ටිෂට් එකයි ඇන්දට ප්‍රශ්නයක් නෑනේ, මොකද අඩ නිරුවත කියන්නේ නිරුවත නෙමේනේ, මමත් ගෙදරට ඇදගෙන ඉන්නේ ෂොට් එකයි ටිෂට් එකයි . එහෙම බැලුවම මමත් අඩනිරුවතින්.

    වෙළද දැන්වීම් වලට වැඩිපුරම අය කරන්නේ යුරේනිලු නේද?

    එහෙම නෑ. මම වැඩිපුර අය කරනවා කියලා මට දැනෙන්නේ මම අනික් අයගේ ගාන දැනගත්තොත් නේ. මම අනුන්ගේ ගණන් හොයන්නෙත් නෑ දන්නෙත් නෑ. මම හැමතිස්සෙම මගේ වටිනාකමට අනුව සාදාරණයි කියලා හිතෙන ගානක් තමයි කියන්නේ.

    මනුරංග එක්කම නිතරම ගමන් බිමන් යන්නේ මනුරංගද බොඩි ගාඩ් ?

    අනේ එහෙම නෑ එයා මගේ හොදම යාළුවෙක් අපි හුගාක්ම සමීපයි. මගේ දුකට සැපට ඉන්න හොදම සමීපතම කෙනෙක් තමා එයා.

    ඔබ පාවිච්චි කරන Sport car එක ව්‍යාපාරිකයෙක් දුන්නා කියන්නේ ඇත්තද?

    අනේ එහෙම කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න. මම මුනගැහෙන්නම් ඒ වගේ පරිත්‍යාගශීලි කෙනෙක් ඉන්නවනම් , එහෙම පිං වැඩ කරන කෙනෙක් ඉන්නවනම් මගේ ඊලග වාහනයට Help එකක් ගන්නත් පුළුවන්නේ.මේ Car එකනම් මම ගත්තේ ගොඩක් දුක් විදලා මහන්සි වෙලා හම්බ කරලා.

    ලෝකේ ඉන්න හොදම අධ්‍යක්‍ෂවරයා ලංකාවේ ඉන්න හොදම නිෂ්පාදකයා එක්ක චිත්‍රපටයක් ලංකාවේ රූපගත කරනවා කියමුකෝ, ඉතින් යුරේනිට ආරාධනා කරනවා ඒකෙ නිරුවතින් රගපාන්න,

    චිත්‍රපටය රූගත කරන්නේ මෙහෙනම් පෙන්නන්නෙත් මෙහෙනම් බැහැ කියනවා, Los Angeles වල කරනවනම් මම යනවා. මොකද මෙහෙට නිරුවත magic එකක් වුණාට එහෙට නිරුවත උසස් කළා නිර්මාණයක්. ඒක තේරුම් ගන්න මෙහෙ සමහරුන්ට හුගාක් කල් යයි.

    ඒ කියන්නේ ලංකාවේ නිරුවතින් බෑ, පිටරටක පුළුවන්?

    මේකයි පිටරට ප්‍රේක්ෂකයා වෙනස්, Hollywood චිත්‍රපටයකට ආරාධනා කලොත් සලකා බලනවා.

    තරුෂි ආයෙත් මවක් වෙන්නයි සූදානම

    By: Aththa Withthi On: 5/26/2017 12:24:00 PM
  • Let's Get Social



  • කාලෙකට පස්සේ ආයෙත් පුංචි තිරයට එකතු වෙලා නේද?

    ඔව්. මම හරියට අවුරුදු තුනකට පස්සේ තමයි අලුත් වැඩක් භාර ගත්තේ. මම මගේ පුතා ලැබෙන්න ඉද්දී තමයි රංගනයෙන් ටිකක් අෑත් වුණේ. දැන් පුතාටත් අවුරුදු දෙකක්. ඉතින් මම හිතුවා ආයෙත් රංගනයට එකතු වෙන්න.

    කොහොමින් කොහොම හරි දැන් ඔබ ආයෙත් මවක් වෙන්නනේ සූදානම?

    ඔව්. ඔව්. මීට අවුරුදු දෙකකට කලින් මේ වෙද්දි මම මාස අටක ගැබිනියක්. ඉතින් මට ආයෙත් මාස අටක ගැබිනියක් වෙන්න ලැබුණා. ඒ සැබෑ ජීවිතයේදී නෙවෙයි. රංගන ජීවිතයේදී. මම මේ දවස්වල සම්බන්ධ වෙන ටෙලි නාට්‍යයේ තමයි මම මවකගේ චරිතයක් නිරූපණය කරන්නේ.

    හැබැයි සමහරු හිතුවේ ඇත්තටම තරුෂි ආයෙත් මවක් වෙන්න සූදානම් වෙනවා කියලා නේද?

    ඔව්. ඔව්. ගොඩක් කට්ටිය මට කතා කරලා සුබ පැතුවා. මට කතා කළා, මැසේජ් කළා ගොඩාක් අය.

    ඇත්තටම පුංචි පුතාගේ තනියට තවත් සාමාජිකයෙක් ගේන්න අදහසක් නැද්ද?

    එහෙම සැලසුම් කරගෙන නම් නැහැ. හැබැයි බලාපොරොත්තුවක් නැතිව නෙවෙයි. ඒ දේවල් ලැබෙන විදියට බලනවා.

    සැබෑ ජීවිතයේ මවක් වුණු තරුෂිට මේ චරිතය කොයි තරම් සුවිශේෂී වුණාද?

    මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහහතක් විතර වෙනවා. ඉතින් මම ලොකු කාලයක් පෙම්වතියගේ චරිතය කළා. මම විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සේ මට නැවත පුංචි තිරයේ මවක් වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ නිර්මාණයට මමත් ගොඩක් කැමැතියි. ඉතින් කැමැත්තෙන්ම වැඩේ භාර ගත්තා.

    කාලෙකට පස්සේ වැඩ කරන්න හිතුවේ දැන් හිහඬ වෙලා හිටියා ඇති කියලා හිතුණ නිසාද?

    ඇත්තටම මම රංගනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න හිතුවෙ නැහැ. මම විශ්වාස කරන විදියට අපේ ජීවිතය අයිති විශේෂ තැන් තියෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. මම රංගනය හොයා ගෙන ආවේ නෑ. රංගනය කියන්නේ, මට ලැබිච්ච ආශීර්වාදයක් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකකින් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හැදුවා. මට රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්න බැරි වුණා. විවාහ වුණාට පස්සෙත් හස්බන්ඩ් ටිකක් අකැමැති නිසා මම ටිකක් රංගනයෙන් අෑත් වුණා. ඒත් අපිට උරුම දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැනේ.

    රංගනයට නිවාඩු දුන්න කාලෙත් තරුෂිට වැඩවලට ආරාධනා ලැබෙන්න ඇතිනේ?

    ඔව්. මට ආරාධනාවල අඩුවක් තිබ්බේ නැහැ. මට ආරාධනා ලැබුණු නිර්මාණ හතරක් විතර මට අතහරින්න වුණා.

    ආයෙත් රංගනයට එකතු වුණාට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

    ඉස්සර නම් එයා ටිකක් ඒකට අකමැතියි. හැබැයි ලැබුණු චරිතය ගැන තේරුම් කළාම එයා අකැමැති වුණේ නැහැ. එයා කැමැති නැත්තේ මම ගොඩක් කාර්යබහුල වෙනවාට. නමුත් එයා දන්නවා මම පරිස්සමට තෝරලා බේරලා ඒ දේවල් කරනවා කියලා.

    රංගනයට ආවා කියලා තරුෂි පුතා වෙනුවෙන් ඉටු කරන වගකීම් මඟහැර ගන්නෙත් නැතිව ඇති?

    මම ඒ වගකීම් අතහරින්නේ නැහැ. මගේ පුතා ළඟ මගේ අම්මා ඉන්නවා. පුතා මටත් වඩා අම්මට ආදරෙයි. එයාට ආදරේ නම් උපරිම ලැබෙනවා. මම ෂූටිං එන්නෙත් පුතාගේ කෑම බීම ටික හදලා. මට ෂූටිං තියෙන්නේ කොළඹනේ. ඉතින් මම මට විවේකය ලැබෙන හැම වෙලාවෙම පුතාව බලන්න ගෙදර යනවා.

    දැන් තරුෂි ඉස්සටත් වඩා තෝරා බේරා ගැනීම් කරනවාද?

    ඔව්. ඉස්සර නම් දුර පළාත්වලට ෂූටිං යන්න වුණත් භාරගන්නවා. හැබැයි දැන් මම වැඩක් භාර ගනිද්දී ගොඩක් දේවල් හිතනවා. දුර තියෙන නිර්මාණයකට වුණත් යන්නේ ගොඩක් දේවල් ගැන හිතලා. ඉතින් මට කලබලයක් නැහැ. මේ ආවා වගේම හො¼ද නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

    තරුෂි කර කර හිටපු මිල්ලෑවේ වලව්වට මොකද වුණේ?

    මගේ පිටපතකට අනුව තමයි ම්ල්ලෑවේ වලව්ව නිර්මාණය වෙන්නේ. මගේ යාළුවෝ කිහිප දෙනෙක් තමයි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. නමුත් අධ්‍යක්ෂවරයාට තියෙන කාර්යබහුලත්වය එක්ක ටෙලි නාට්‍ය සම්පූර්ණයෙන් කෙරිලා නැහැ. ඒ නිසා මට ආයෙත් ඒ වැඩේට අත ගහන්න වෙනවා. ඒ වැඩේට වගකීමෙන් මැදිහත් වෙන්න ඕන නිසා මම සමහර ලැබුණු වැඩ පවා මඟ හැරියා.

    සැමියා ඉන්නේ විදේශ ගතවනේ. තරුෂිත් විදේශ ගත වෙයිද?

    නවතින්නම බලාගෙන විදේශ ගත වෙන්න සූදානමක් නැහැ. මම එහේ ගිහින් එන්න යයි. හස්බන්ඩ් වුණත් පුළුවන් වෙලාවට ලංකාවට එනවා. රැකියාව ගැනත් හිතන්න ඕනෙනේ.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

    2011 විශ්‍රාම ගියත් තාම වැඩ පෙන්නන - සනත්ගේ වීඩියෝවට බංග්ලාදේශය කියන කතාව...!!! (Photos)

    By: Aththa Withthi On: 5/26/2017 10:38:00 AM
  • Let's Get Social


  • සනත් ජයසූරිය හා සම්බන්ධයෙන් වූ වීඩියෝව මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. දැන් එය ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ජනතාව අතරද හුවමාරු වන බව වාර්තා වේ.

    බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධ Bangladesh Troll Cricket නම් ෆේස්බුක් පිටුව පළ කල ඇති පහත දැක්වෙන ප්‍රකාශණය හරහා මේ වීඩියෝව බංග්ලාදේශ ජාතිකයින් අතර පැතිර යන බව නම් නිසැකවම පැවසිය හැක.


    25 May, 2017

    බූඩිගේ අලුත් චිත්‍රපටය 'නිම්නයක හුදෙකලාවේ' පුංචි කෙල්ල දැන් ලොකුයි

    By: Aththa Withthi On: 5/25/2017 11:22:00 AM
  • Let's Get Social



  • කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?

    මේ දවස්වල චන්ද්‍ර ධර්මප්‍රිය අන්කල්ගෙ ධවල මායාවී නාට්‍යයෙයි, ලක්ෂ්මන් පුෂ්පකුමාර අන්කල්ගෙ අලුත් නාට්‍යයකයි වැඩ කරනවා.

    ඊට අමතරව සති අන්තයේ ධ්ඊව් එකේ රෑ අටට විකාශය වෙන 'සියත් අරම' කියලා නාට්‍යකත් මම ඉන්නවා.

    රචිනි සිනමා තිරයෙනුත් මේ දවස්වල කලඑළි බැහැලනේ?

    මම සම්බන්ධ වුණු නිම්නයක හුදෙකලාව චිත්‍රපටය දැන් තිරගත වෙනවා. මම අවුරුදු දහයෙදී විතර තමයි ඒ චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඒත් චිත්‍රපටය එළියට එනකොට මට අවුරුදු විස්සක් වෙලා.

    ප්‍රවීණ රංගන ශිල්පීන් පිරිසක් එක්ක වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ?

    රවීන්ද්‍ර රන්දෙනිය අන්කල් වගේ ගොඩක් ප්‍රවීණ අයත් එක්ක තමයි මම වැඩ කළේ. ඒක මට ලොකු සතුටක්.

    රචිනිට ඔවුන්ගෙන් මොන වගේ සහයෝගයක් ද ලැබුණේ?

    එයාලගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. එයාලා මට හරිම ආදරෙයි. සෙට් එකට ගියාම බයක් දැනෙන්නෙ නැහැ. අනික එයාලගෙන් මම හුඟාක් දේවල් ඉගෙන ගත්තා. දෙබස් කියද්දි වුණත් මම අලුත් දේවල් ඉගෙන ගත්තා.

    පළමුවෙනි සිනමා අත්දැකීමේ අමතක නොවන මතකත් ඇති?

    'නිම්නයක හුදෙකලාව' චිත්‍රපටයේ එක සීන් එකක් තිබුණා සෞම්‍ය අන්කලුයි මමයි දුවන එකක්. අන්කල් හයියෙන් දුවද්දී මාව එක තැනක වැටෙනවා. වැටිලා මගේ කකුල තුවාල වුණා. ඒ මාක් එක තවමත් මගේ කකුලේ තියෙනවා.

    රචිනි කියන්නේ රංගනයට එන්න ලොකු කැමැත්තකින් හිටපු කෙනෙක්ද?

    මම ඇත්තටම ආසයි රඟපාන්න. මගේ අම්මිගෙත් ආසාවක් තිබුණා ඒ ගැන. අම්මි තමයි මට මේ තැනට එන්න පාර හදලා දුන්නේ.

    රචිනිට ක්ෂේත්‍රයේ ‍ෙදාරගුළු හැරෙන්නේ කොහොමද කියලත් කියමු?

    රොජර් සෙනෙවිරත්න අන්කල් අපේ තාත්තිගෙ හොඳ යාළුවෙක්. එයා දවසක් අම්මිට කෝල් කරලා කියලා තිබුණා ඩ්‍රාමා එකකට පොඩි දුවක් හොයනවා ඉන්ටවිව් එකට මාව එක්කගෙන එන්න කියලා. ඒ ඉන්ටවිව් එකෙන් තමයි මට රංගනයට එන්න අවස්ථාව ලැබුණේ. මවු දෙව්දුව කියන ටෙලි ඩ්‍රාමා එකට තමයි මම ඒ විදියට සම්බන්ධ වුණේ. එතකොට මට අවුරුදු හයයි.

    සමහර අය රංගන ක්ෂේත්‍රයට එන්න බය වෙනවා. ඔයාට එහෙම බයක් තිබුණෙ නැද්ද?

    නෑ. මොකද මම අවුරුදු හයෙන්නෙ ෆීල්ඩ් එකට ආවේ. ඉතින් මට කරන්න බැරි චරිත ලැබුණේ නැහැ. අනික මම කට්ටිය හඳුනනවා. එයාලාත් මට හරිම ආදරෙයි. ඉතින් මට බයක් එහෙම දැනුණෙ නැහැ.

    දැන් මුළු කාලයම රංගන කටයුතුවලටද වෙන් කරලා තියෙන්නෙ?

    මම නීතිය පැත්තෙන් අධ්‍යාපනය හදාරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ. ඒ අතර රංගන කටයුතුවලටත් කාලය වෙන් කරලා තියෙනවා. මම ගිය අවුරුද්දේ උසස් පෙළ කරලා දැන් ටපඥඥ එකේ ඉන්න නිසා රංගන කටයුතුවලට වෙන් කරන්න කාලය තියෙනවා.

    රංගනයට ද අධ්‍යාපනයටද වැඩිපුර බරක් දෙන්න හිතන්නේ?

    ඉගෙනීම් කටයුතු වගේම රංගනයේ යෙදෙන්නත් කැමැතියි. රංගන ක්ෂේත්‍රයේ ඉදිරියටම යන්න දැන් ලොකු අවස්ථාවක් තියෙනවා. දෙකම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න තමයි බලපොරොත්තු වෙන්නේ.

    පුංචි තිරයටද සිනමාවටද වැඩිපුර කැමැති?

    දෙකටම ගොඩක් ආසයි. සිනමාවට ටිකක් වැඩිපුර ආසයි. මොකද ටඪතථ එකක් කරනවා කියන එක නාට්‍යයක් කරනවට වඩා ටිකක් වෙනස්නෙ. දෙපැත්තෙන්ම හොඳ චරිතයක් ලැබුණොත් භාර ගන්නවා.

    රචිනිගේ රංගන කටයුතුවලට පවුලෙන් මොන වගේ සහයක්ද ලැබෙන්නේ?

    තාත්ති නම් ලංකාවේ නැහැ. ඒ නැති වුණත් නිතරම ඛ්චතත කරලා හොයලා බලනවා. ඉතින් අම්මියි, තාත්තියි, නංගියි තමයි මට හුඟාක් උදවු කරන්නෙ.

    ආදරේ කියන මාතෘකාව ගැන කතා කරන්න දැන් වයස සුදුසුයිද?

    එහෙම ආදරයක් තවම නම් නැහැ. දැන්ම පටන් ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. අනික මට ඒකට තව ගොඩක් කල් තියෙනවා.

    ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන් (MB WEB)
    ඡායාරූපය -අශාන් ගමගේ

    24 May, 2017

    දුලීකා හා සුජීවගේ බලාපොරොත්තුවක් ඉටු වෙලා

    By: Aththa Withthi On: 5/24/2017 06:10:00 AM
  • Let's Get Social


  • දුලීකා මාරපනත් සුජීව ප්‍රියලාලුත් කලා ක්ෂේත්‍රයට අලුත් යමක් එක් කරන්නට නිතරම උත්සාහ ගන්නා යුවළක්. ලෝරන්ස්ගේ මනමාලි සමඟ රට වටේ ගිය මේ දෙන්නා දැන් තවත් අලුත්ම භූමිකාවකට පණ පොවන්න සූදානම් වෙන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා.

    මේ ගැන තොරතුරු සොයා බලන්න ඕන කියලා අපි හිතුවා. ඒ හින්දම අපි දුලීකව සම්බන්ධ කර ගත්තා. ‘මේ දවස්වල මමත් සුජීවත් වෙහෙසෙන්නේ අපි දෙදෙනා එක්ව නිර්මාණය කරන්නට සූදානම් වෙන නවතම චිත්‍රපටය වෙනුවෙන්. එහි පුර්ව නිෂ්පාදන කටයුතු සැලැසුම් කරගෙන යනවා. එනිසා අවිවේකී කාලයක් තමයි ගත කරන්නේ. කාලයක සිටම සුජීවගෙත් මගෙත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා චිත්‍රපටයක් නිර්මාණය කරන්න. එය ඉටු කරගන්න තමයි දැන් සූදානම් වෙන්නේ.

    මෙය අධ්‍යක්ෂණය කරන්නේ සුජීව. මම චිත්‍රපටයේ ප්‍රඩක්ෂන් එකේ සියලුම කටයුතු සොයා බලමින් සහාය වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ නිෂ්පාදිකාව මගේ සහෝදරියක් වෙන කල්‍යාණි රණවක.

    නෝත් වෙස්ට් ප්‍රඩක්ෂන් එකක් ලෙස මෙය නිර්මාණය වෙනවා. තවම මේ චිත්‍රපටයට නමක් යොදා නැහැ. නමක් යෝජනා මට්ටමේ පවතිනවා. ඒ තමයි ‘සුපර්ණා‘මේ චිත්‍රපටයේ කතා තේමාව වුණේ ස්වභාවික පරිසරය රැක ගැනීම පිළිබඳවයි. මේ ඔස්සේ දේශීය සංස්කෘතිකාංග සඳහා වටිනාකමක් ලබා දෙන්නට අපි උත්සාහ දරනවා.

    මේ චිත්‍රපටය පවුලේ හැමදෙනාටම එකට හිද රසවිදින්ට පුළුවන් ලෙසයි නිර්මාණය වන්නේ. ගැලරියෙන් දුරස් වූ ගැලරියේ විසිල් හඬ යළිත් වරක් ගැලරියට රැගෙන එන්නයි අපි උත්සාහ කරන්නේ.

    23 May, 2017

    ලිංගික ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා - සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න

    By: Aththa Withthi On: 5/23/2017 10:39:00 AM
  • Let's Get Social


  • නිරෝෂා පෙරේරා ගැන ඔබට මොන වගේ හැඟීමක්ද තියෙන්නේ. මතුපිටින් ඔබ දකින නිරෝෂාට වඩා වෙනස්ම චරිතයක්ද ඇගේ හදවත තුළ සැඟවී සිටින්නේ. මේ කතා බහ තුළින් ඔබට නිරෝෂාගේ ජීවිතයේ සැඟවුණු තැන් වගේම ඇගේ අභ්‍යන්තරය ගැනත්මනා අවබෝධයක් ලබාගත හැකියි.

    “ඉරෝෂයි නිරෝෂයි“, ‘නිරෝ ඇන්ඩ් ද ස්ටාර්ස්’, “ෂෝ ටයිම් විත් නිරෝ’, “හැපි අවර් විත් නිරෝ” මේ හැම වැඩසටහනකටම නම දා ගන්නේ ජනප්‍රිය වෙන්නද?

    (හිනැහී) ඔය කිසිම වැඩසටහනකට මගේ නම යොදන්න කියලා මම ඒ නාලිකාවලටවත් නිෂ්පාදන අංශවලටවත් කිසිම බලපෑමක් කරලා නැහැ. මගේ නම ඒ වැඩසටහනට ආලෝකයක් එකතු කරනවා ඇති. ඒක වෙන්න ඇති මගේ නමින්ම මගේ වැඩසටහන් කරන්නේ.

    මේ හැම වැඩසටහනක්ම විනෝදාත්මක වැඩසටහන්. ශාස්ත්‍රීය වැඩසටහන් කරන්න දැනුමක් නිරෝෂාට නැද්ද?

    මගේ දැනුම ගැන ආත්ම විශ්වාසයක් මට තියෙනවා. ගොඩක් අය යම් හැදෑරීමක් කරන්නේ ඒ තුළින් රැකියාවකට යන්න. ගණකාධිකරණය හදාරන අය බැංකුවලට යනවා. විද්‍යාව හදාරලා වෛද්‍යවරු වෙනවා. මම දැනුම එකතු කරගනිමින් අධ්‍යාපනය ලබමින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. ලැබෙන විවේකය මොකක් හෝ හැදෑරීමක් කරන්නයි මම උත්සාහ කරන්නේ. මම මහ ලොකු වැඩ ගොඩක් භාරගන්නේ නැහැ. “සෙවණැලි“ හා “කන්දක් සේමා” චිත්‍රපට කරලා ඉවරයි. මේ දවස්වල මම ටිකක් විවේකී සුවයෙන් ඉන්නේ. දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නය මොකක්ද දන්නවාද? විවේකීව ගෙවන මේ දින කිහිපය තුළ හදාරන්නේ මොනවාද කියන එක.

    මේ වන විට නිරෝෂා හදාරලා තියෙන්නේ මොනවාද?

    මම ඉගෙන ගත්ත දේවල් මාධ්‍යයට කියන්න මම කැමැති නැහැ. ඒත් අහපු හින්දා මම කියන්නම්. මම බැ‍ලේ, උඩරට නැටුම්, බටහිර නර්තනය, ඉන්දියන් නැටුම් හදාරලා පියානෝ, ගැටබෙර, යක්බෙර වාදනය හදාරලා තියෙනවා. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ හා ජපන් භාෂා හදාරලා තියෙනවා. ඊට අමතරව සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව හදාරලා තියෙනවා. භරත නාට්‍යයම් ස්පැනිෂ් හා ඉතාලි භාෂා දෙක තරමක් දුරට හදාරලා තියෙනවා.

    නිරෝෂා මනෝ විද්‍යා උපදේශකවරියක් විදියට කටයුතු කරනවා කියන එක නම් හැමෝම දන්නේ නැහැ නේද?

    ඉස්කෝලෙ යන කා‍ලේ ඉඳන් යාළුවෝ එයාලට ප්‍රශ්නයක් ආවාම කියන්නේ මටයි. නිරෝෂාට ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියලයි හැමෝම කියන්නේ. ඒ හින්දාමයි මට හිතුණේ මනෝ විද්‍යාව හදාරන්න. මම මනෝ විද්‍යා උපදේශනය දෙනවා තමයි. හැබැයි සතයක්වත් අය කරන්නේ නැහැ. දන්න අඳුනන අයටයි උපදෙස්. මා සොයා එන අයටත් මම දෙනවා. හැබැයි අනාගතේ දවසක මම වෘත්තීය මට්ටමේ මනෝ විද්‍යා උපදේශකවරියක් වෙන්නත් බැරි නැහැ.

    මනෝ විද්‍යා උපදේශනය වෙනස්ම අත්දැකීම් රැසක් නිරෝෂාට ඇති?

    මනෝ විද්‍යා උපදේශනයේදි ප්‍රධානතම දේ තමයි තමන් ළඟට එන අයගේ රහස්‍යභාවය රැකීම. තමන්ගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කරපු අයටත් මම උපදෙස් දීලා හිත් හදලා තියෙනවා. ගොඩක් තරුණ ළමයින්ට තියෙන්නේ ලිංගික ප්‍රශ්න. ගෑනු ළමයි එක්ක විවෘතව ඒ ගැන කතා කළත් මාත් එක්ක කෙළින් ඒ වගේ දේවල් කතා කරන්න පිරිමි ළමයි එන්නේ නැහැනේ. ඒ නිසා ඒ වගේ ප්‍රශ්න දීර්ඝව ලියලා දෙන පිරිමි ළමයි ඉන්නවා. සමහර වෙලාවට හරිම සුළු ප්‍රශ්න මහ ලොකු ප්‍රශ්න කරගෙන විඳවන අයත් ඉන්නවා.

    ජනප්‍රිය චරිත තමන්ගේ මානසික ගැටලුවලට විසඳුම් ගන්න නිරෝෂා ළඟට ඇවිත් නැද්ද?

    මට ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැහැ.

    ඔයාගේ නංගි ඉරෝෂා දැන් පේන්න නැත්තේ ඇයි?

    එයා අපේ පවු‍ලේ ව්‍යාපාර බලා ගන්නවා. මටත් වඩා රඟපෑමේ ආරාධනා ඉරෝෂාට එනවා. ඒත් එයා රඟපාන්නයි නිවේදනයටයි වැඩි කැමැත්තක් නැහැ.

    නිරෝෂයි ඉරෝෂයි තවම තනිකඩයි. විවාහ වෙන්න කියලා අම්මා බලපෑම් කරන්නේ නැද්ද?

    මට නම් බලපෑම් අඩුයි.බොහෝ විට මට කලින් ඉරෝෂා විවාහ වෙයි.

    ඒ කියන්නේ ඉරෝෂට පෙම්වතෙක් ඉන්නවා....?

    මගේ පෞද්ගලිකත්වයවත් මාධ්‍යයට කියන්න අකමැති මම ඉරෝෂාගේ විවාහය ගැන කොහොමද කියන්නේ. ඒ ගැන එයාගෙන් අහන්න.

    එහෙනම් නිරෝෂාගේ විවාහය ගැන කතා කරමු

    හෙට මම විවාහ වෙන්නත් පුළුවන්. සදාකාලිකව තනිකඩව ඉන්නත් පුළුවන්.

    ඇයි ඒ දෙගිඩියාව?

    කෙනෙකුගේ බිරිඳ වෙලා එයාටම ජීවිතේ කැප කරනවා කියන්නේ ලොකු දෙයක්. මගේ හැමදේම අතෑරලා ඒ වගේ කැප කිරීමක් කරන්න නම් එයා මට සුවිශේෂ කෙනෙක් විය යුතුයි. මොන හේතුවක්ද මන්දා ඒ තරම් සුවිශේෂී කෙනෙක් මට හමුවෙලාම නැහැ. එහෙම කෙනෙක් හමුවුණොත් මේ හැමදේම දාලා එයාගේ බිරිඳ වෙනවා.

    නිරෝෂාට පෙම්වතෙක් නැහැ කියලද ඔය කියන්න හදන්නේ?

    (හිනැහී) මේ වෙනකොට නම් ඒ වගේ කෙනෙක් නැහැ.

    ප්‍රේමවන්තයෙක් ඉඳලා තියෙනවාද?

    මේ කතාව මම කාටවත් නොකියපු රහසක් අද වන තුරු මගේ හිතේ විතරයි තිබුණේ. ඒ රහස මම කියන්නම්. තවමත් සැබෑම සැබෑ ප්‍රේමවන්තයා මගේ ප්‍රථම ප්‍රේමයයි. එයාට විතරයි මම ආකර්ෂණය වුණේ. අනිත් හැමෝම මට ආකර්ෂණය වෙලා මගේ පස්සෙන් ආපු අය. ඒ අයව මම අදටත් ගණන් ගන්නේ නැහැ.

    ආරියවංශ කුලතිලක (lakbima)

    ඡායාරූප - මීෂා ගුණවර්ධන

    22 May, 2017

    බිරිඳ තවත් පිරිමියෙකු සමග යහන්ගත වෙලා ඉන්නවා දැකපු එක ගැන සාරංග පින්තූරයක් එක්ක FB දාලා

    By: Aththa Withthi On: 5/22/2017 11:54:00 PM
  • Let's Get Social


  • ඊයේ (21) ටෙලි නළු සාරංග දිසාසේකර සිය ෆේස් බුක් ගිණුමේ හුවමාරු කළ අනියම් ඇසුරක් අතටම හසුවන සැමියෙකු බිරිය ගැන කියන සිතිවිලි ඇතුළත් පෝස්ටුව සහ සාරංගගේ හා උමාලිගේ පෙම්හබය බිඳීයාම ගැන පැතිරුණ ආරංචි අතර සම්බන්ධයක් ඇති බවට කතා බහක් මතුව තිබේ.


    එම පෝස්ටුවටම ගැලපෙන ඡායාරූපයක්ද සාරංග ඇතුළත් කර තිබිණි.

    සාරංග ඊයේ Facebook හි පළ කළ පෝස්ටුව පහතින්.



    ගීතා අක්කේ ඔබ නවතින්න දේශපාලනය ඔබේ නගරය නොවේ - රන්ජන් ඔබට දිනන්නත් පුලුවන් - මදු මාදව අරවින්ද

    By: Aththa Withthi On: 5/22/2017 09:25:00 PM
  • Let's Get Social

  • දෙරණ ස්ටාර් සිටි අවසන් තරඟයෙන් ජයග්‍රහණය කළේ ප්‍රවීණ රංගන ශිල්පිනි පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මියගේ පිළයි.

    ඇය සමඟ අවසන් මහා තරඟයට තරඟ වැදුනේ සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියා ලෙස සම්මානයට පාත්‍රවුනු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනයායක මහතාගේ පිළයි.

    අවසන් මහා තරඟය නැරඹීමට පැමිණි ගායන ශිල්පී මදු මාදව අරවින්ද මහතා ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතා පැරදී ගීතා කුමාරසිංහ මහත්මිය දිනනවාට ඔහු කැමති බවයි.

    කෙසේ වෙතත් තරඟයෙන් පසු ඔහු සිය ෆෙස්බුක් ගිණුමට සටහනක් එක්කොට තිබුණා. එම සටහන පහතින්.


    ගීතා ඔබ නවතින්න,

    රන්ජන්ව එවන්න.....

    රන්ජන් රාමනායක

    නම් වූ ඔබට

    මා ලියන ප්‍රථම සහ,අවසන් ලියුම.....................

    එදා අපි සහෝදරයෝ...

    මිතුරෝ.... ඒ මොකක් වත් නැති උනත්.....

    අපි හතුරෝ නෙවෙයි.....

    මේ ලිපිය ලියන්නේ ඔබෙන් උත්තර බලා ගෙන නෙවෙයි.... නමුත් ඔබ මෙය කියවාවි....

    අපි එකට මිතුරන් සේ තියෙන විදිහට සීමිත සහ අසීමිතව සිනා සෙමින් ජීවිතය හොයපු යුගයක.... මා දුටු සුන්දරම මිනිසෙක් ඔබ.

    ඒ ගැන විවාදයක් නෑ....ඒත් මෙය කියන්නම වෙනවා.....

    ඔබ පැරදුනේ නෑ... ඊයේ ඔබම ඔබව පැරැද්දුවා. දෙරන එය කල විදිහ.... කෙටි පනිවිඩ එන තැනට ගිය බැවින් මම දුටුවා..

    ඔවුන් එය ඉතාම විනිවිදව සාදාරනව එය කලා.

    ඇතුල් වෙද්දි රතු පලසෙදි මාදව මල්ලී ඇහුවා...මදු අයියේ, මොකක්ද ඔබේ අදහස කියලා.....

    මම කිව්වා මාගේ සුන්දර සහෝදරිය ගීතා ජයගත යුතුයි... මගේ සුන්දර සහෝදරයා රන්ජන් පරාජය විය යුතුයි කියලා...

    මම කිව්ව නිසා නෙවෙයි...ඔබ පැරදුනේ....

    ගීතාගේ පිල දක්ශ නිසා පමනක් නෙවෙයි ඔබ පැරදුනේ.... ඔබ සහ ඔබේ දක්ශ පිලත් ඔබත් නෙවෙයි ඔබව පැරද්දුවෙ....

    ඔබව පැරද්දුවෙ ඔබෙ කට.....

    ඇත්ත කතා කරන්න ආස මට පාඩු උනත් මන් ඇත්ත කියනවා....

    ගීතා කුමාරසිංහ යනු ආදරනීය සහෝදරියක්, රන්ගන ශිල්පීනියක් ...රට බේරාගත් නායකයා වෙනුවෙන් පෙනී සිටිය මවක්...

    හැබැයි... හැමෝම ඇගේ මූනට නොකියන කතාව මට පාඩු උනත් මම කියනවා...

    පබා වගේම...

    අනර්කලී වගේම...

    මාලනී අක්කා වගේම.....

    ගීතා කුමාරසිංහ අක්කා මට දේශපාලන චරිතයක් නෙවෙයි... මම කැමති නෑ ඇය දේශපාලනය කරනවට.මහින්ද මහත්තයට කැමති හැමෝම මට දෙශපාලකයන් නෙවේ.

    ඇයට ඊයේ ...ඇගේ නගරයේ තෑගි ලැබුනා.

    ඔබෙත් නගරය...තම කලාව...

    ඔබ පමා උනා වැඩියි... මහින්ද මහත්තයාව දේශපාලනිකව විවේචනය කරන්න ඔබට අයිතියි... ඒත් මදක් හිතන්න.....

    ඔබ කියපු සමහර කතා.... හරි මදි...

    ඔබ රන් සමනලයෙක් ....ඔබ පට්ට පිරිමියෙක්.

    ඔබ බාග පිරිමියෙක් නෙවෙයි මම දන්න තරමින්.

    දේශපාලුව න් කල නොයුතු ...තක්කඩි කතා ඔබෙන් මිනිසුන් බලා පොරොත්තු උනේ නෑ....

    ඔබ එහෙම නොකලත් ඔබට මිනිස්සු ආදරේ කලා.....

    ප්‍රියමනාප රන්සමනලයෝ,

    ඔබ මහින්ද මහත්තයගේ....ගම්මන් පිල මහත්තයාගේ ශරීර කොටස් ගැන කියපු කතා ඔබට ගැලපෙන් නෑ... ඔබ එහෙම ප්‍රබාකරන් කියන සක්කිලියට, සිවාජිලින්ගම් කියන නපුන්සක බල්ලට කීවනම්.... ඔබ එක්ක පක්ශ විපක්ශ හැමෝම ඉදියි...

    මදක් නවතින්න....

    කවුරු හරි අහයි ඇයි මේක බුකියේ ලියන්නේ කියල..අපි දෙන්න ආයේ කතා කරන එකක් නෑ.

    එක උත්සවයකදි අපි ඒක ගිවිස ගත්තා...

    මම ගිවිසුම් කඩන් නෑ...ඔබට කඩන්න දෙන්නෙත් නෑ.

    ඒත් ඔබ කරන සමහර සටන් වලට මම ප්‍රියයි.

    මම ඇත්තක් කියන්නේ....

    මහින්ද මහත්තයගෙනුයි,ගම්මන් පිල මහත්තය ගෙනුයි මම ඇහුවා ඔබ එක්ක තරහද කියලා..ඔවුන් දෙදෙනාම හිනා උනා...

    "රන්ජන් ඔය එක එක දේ කිව්වට හිතේ නෑ කිව්වා... "ඔවුන් පියවරු.... ඔබ පිරිමියෙක්...

    ඒ නිසායි මෙය කියන්නේ...

    ගීතා ට කලාවෙ නගරය බාර දීලා.... එන්න රන් සමනලයෝ....

    කතා කරමු ලෝකේ ගැන...

    මාර්ටින්ග් ලූතර් ගැන..ඕශෝගැන...

    මවොසේතුන් ගැන... චේ ගැන....

    ඔවුන්ගේ වෘශන කෝශ ගැන කතා කරන්න

    නපුන්සකයන් ට දෙමු... දරුවො ඉන්න ඕනේ නෑ පිරිමියෙක් වෙන්න... දරුවො ඉන්න ඕනේ නෑ තාත්තෙක් ගේ ආඩම්බරය රකින්න...

    ඔබ පිරිමියෙක් නිසයි මේ කියන්නේ.

    ඔබට හෙට අනතුරක් කලොත්...මම එනවා ලෝකේ කොහේ හිටියත් මට පුලුවන් වේගෙන්...ඔබ දන්නව මහින්ද මහත්තයත් කඩා ගෙන එයි ..

    ඒ නිසා ඉතිහාසයේදී මිතුරන් ලෙස...අයියෙක් ලෙස ,මිනිස්සුන්ට ආදරේ කරන්න...ගෑනුන්ට ගරුකරන්න කියා දුන් ඔබ....

    ඔය යන පාර වෙනස් කරන්න...

    නැත්තම් ඔබට ගැලරියේ විසිල් පාර ඇසෙයි...

    ඔබ දියවෙනන පටන් ගත් බව ඔබට ඇසෙන එකක් නෑ..තවමත් පමා නෑ....

    පාලම යටදී පැරදුනේ one short නෙවෙයි...

    ඔබේ වචනයෙන්ම කියනවා නම්.

    ඔබේ තිරින්ග නැති කට..ඔබ වටේ ඉදන් ඔබ හරි කියනකොට හරි කියන පිරිස...

    ඔබට වරදිනදා.... sorry කියා ඔබ හැර යයි..

    මහින්ද මහත්තයටත් එහෙම උනා...

    සිරිසේන මහතාටත් හෙට එහෙම වෙනවා...

    ඊයේ ඔබ පරදින්න පැතූ මම...

    හෙට ඔබ දිනනවා දකින්න ආසයි..

    විජය කුමාරතුන්ගයන් මෙන්...තාර්කිකව කතා කරන්න... දෙශපාලන විවේචන ඔබේ තුවක්කුවෙ උන්ඩ කර ගන්න.....

    නැත්තම් පාලම උඩදී ත් ඔබ පරදියි.

    සුන්දර ගීතා අක්කේ... ඔබ නවතින්න කලාවේ... දේශපාලනය ඔබේ නගරය නොවේ..

    තරහ වෙන්න එපා මහින්ද පිලේ නම් මෙය කියවන ඔබ... ඒ මට දැනෙන ඇත්ත. සමහර විට මම වැරදි ඇති...එත් මට මම හරි.

    ඔබට මින් පසු මම ජීවිතේට ලිපියක් ලියන් නෑ.

    ඔබ පරදින්න ඕනේ කිව්ව නිසා...

    ඔබට දිනන්නත් පුලුවන් මිනිස්සුන්ගේ පපු කියලා කියන්න මට අයිතියක් තියෙනවා.

    පිලිතුරු බලාපොරොත්තු නොවෙමි.

    රන්ජන් ඔබ හැරෙන්න...

    ඔබේ පක්ශයේ ඉන්න....

    යකඩ පිහාටු වලින් පියාබන්න රන්සමනලයෝ..

    නැත්තම් දන්නෙම නැතිව ඔබ

    සමනලයෙක් නෙවෙයි...

    දලබුවෙක් වෙයි....

    -මදු මාදව අරවින්ද-

    දේදුනු ආකාසෙන් එන සුරූපිනිය (Photos)

    By: Aththa Withthi On: 5/22/2017 12:12:00 PM
  • Let's Get Social

  • ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා නිර්මාණ දේදුනු ආකාසේ ළඟදීම තිරයට එන බවක් තමයි ආරංචිය. මේ වෙනකොට එහි පූර්ව ප්‍රචාරක පටයත් කළ එළි බැහැලා.

    හැබැයි දේදුනු ආකාසේ තවත් කාරණාවක් නිසා සුවිශේෂීයි. ඒ එම චිත්‍රපටයේ රංගනයෙන් එක්වන සරාඟිනිය නිසා. ලංකාව පමණක් නො⁣ව මුළු ලෝකයම වසඟ කළ මේ සුරූපිනිය තමයි මේ වසරේ ලෝකයේ හොඳම නිරූපිකාව වුන චූලක්ෂි .

    එහි කිසිම විවාදයක් නෑ. චූලක්ෂි කියන්නෙ අපූරු උසක් හිමි තැනැත්තියක්. ඒ වගේම උන්මාදනීය ශරීර රටා. කතා කරන ඇස් වගේම ආසියානු ළඳුන් ගේ සමේ පැහැය. මේ හැමදෙයක්ම එකට දායාද වුන ඇය ලෝකය උමතු කරන එක පුදුමයක් වෙන එකක් නැහැ.

    චූලක්ෂි කියන්නෙ ලංකාවෙන් බිහිවු රූපරාජිණියක් කියල හැමෝම දන්නවානේ. ඉතිං ඇය රංගනයෙන් එකතු වෙන දේදුනු ආකාසේ බලලම අපට කියන්න පුළුවන් වෙයි රංගනයේ ඇගේ හැකියාව කොහොමද කියල.



    (mirrorarts)

    ඒ වගේ නෑනා කෙනෙක් හිටිය නම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා - රවීන්

    By: Aththa Withthi On: 5/22/2017 06:10:00 AM
  • Let's Get Social

  • මේ දවස්වල රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතර දැඩිව කතාබහට ලක්වුණු චරිතයක් තමයි ”අනුහස්” කියන්නෙ. සතියේ දවස් පහේම දෙරණ නාළිකාවේ රාත‍්‍රී 8.25 විකාශය වන ”දෙවැනි ඉනිම” ටෙලිනාට්‍ය ඔස්සේ ඔබේ ආලින්දයට ගොඩවන ඔහු අහිංසක පෙම්වතෙක්, කීකරු දරුවෙක් සහ ආදරණීය පුද්ගලයෙක් විදියට කොයි කා අතරත් ප‍්‍රශංසාවට ලක්වී තිබෙනවා.ඒ ආදරණීය චරිතයට පණපොවන අපූරු පුද්ගලයා තමයි රවීන් කනිෂ්ක. ගායකයෙක් ලෙස කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ වුණු ඔහු පසු කලෙකදී ඒ ඔස්සේ නිවේදනයටද රංගනයටද එකතුවෙන්නෙ ඔහුගේ දක්ෂතාවයන් තවතවත් පිළිබිඹු කරමින්. ඒ ආදරණීය චරිතයට ආදරය කරන ඔබ වෙනුවෙන්ම මෙවර රවීන් කනිෂ්ක ගැන කතා කරන්නට සඳැල්ලෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා. මේ ඔහු සමඟ කළ සාකච්ඡාවක සටහනක්.

    ඇයි මේ තරම් අහිංසක?

    අනුහස්නෙ... රවින් නෙමෙයිනෙ නේද?

    ඔව්. ඔව්. අනුහස් තමයි

    ඒ ඉතින් කතාවෙ එන හැටියට අහිංසකකම කියන එක අනුහස්ට උරුම දෙයක්. මම ඒක කතාවෙ චරිතය පුරාවට අරන් යනවා.

    අනුහස් වගේ රවීන් අහිංසක නැද්ද?

    රවීන්ටත් අනුහස්ගෙ සමානකම් 75% වගේ පිහිටලා තියෙනවා.

    ඒ චරිතෙ රවීන්ට කොහොමද දැනුණෙ?

    ඇත්තටම මට සමහර තැන්වල රඟපාන්න දෙයක් නෑ. මොකද මගෙ චරිතයට ගොඩක් සමීපයි. මගෙ ජීවිත කතාවෙ සමහර අවස්ථාත් ඒ වගේමයි. ඒත් ඉතින් ටිකක් බරපතළ චරිතයක් අහිංසකකම ඇතුළෙ දඩබ්බරකමකුත් තියාගෙන තමයි රඟපාන්න තියෙන්නෙ. ටිකක් අමාරු වැඩක්.

    අනුහස්ගෙ ආදරේ බලාපොරොත්තුවෙන් ගෑනු ළමයි ඉන්නවා වගේ රවීන්ගෙ ආදරේත් බලාපොරොත්තුවෙන් ඉන්න ඇය ඇති නේද?

    ඒක මම හරියට දන්නෙ නෑ. ඉතින් මොකද මට කියලා නෑනෙ අනේ. එහෙම ඇති පුද්ගලයො විදියට මම දන්නෙ නෑ.

    රවීන්ට සැබෑ ජීවිතේ නෑනලා නැද්ද?

    ඉන්නව ඉන්නවා.

    ඒ නෑනලාගෙන් රවීන්ට කරදරයක් නැද්ද?

    නෑනෙ. තිබුණනම් නියමයි.

    දෙව්මි නෑනාගෙන් නම් අනුහස්ට හරි කරදරයි නේද?

    ඔව් අනේ. ඒත් ඒ වගේ නෑනා කෙනෙක් හිටිය නම් කොච්චර ෂෝක්ද කියලා හිතෙනවා.

    ඒ නෑනාගෙ ආදරේ මොන වගේද?

    ඒ ආදරේ මැද්දෙ තැනක තියෙන ආදරයක්. සහෝදරකමේ ආදරයකුත් නෙමෙයි. පෙම්වතියගෙ ආදරෙත් නෙමෙයි. ඒක දෙපැත්තෙ ඉඳන්ම විඳින්න පුළුවන් ආදරයක්.

    ඒ වුණත් ඒ නෑනගෙ ආදරේ ප‍්‍රතික්ෂේප කිරීමක් වගේ නේද තියෙන්නෙ?

    නෑනාගෙ ආදරේ ප‍්‍රතික්ෂේප වෙන්නෙ මේ කාරණා මත පොඩි කාලෙම තමන්ගෙ තාත්තා ඒ පුතාව දාලා ගියාට පස්සෙ අනුහස් හැදෙන්නෙත් ඔහුගෙ පවුල වෙන්නෙත් අම්මගෙ අයියගෙ පවුලෙ කට්ටිය, මාමාට තමයි තාත්තා කියන්නෙත්. එතැනදී මගෙ සහෝදර සහෝදරියො වෙන්නෙ මාමාගෙ දරුවො දෙන්නා. ඒ කියන්නෙ මගෙ නෑනයි. මස්සිනායි. එහෙම වුණාම නංගි ගැන ඒ වගේ හැඟීමක් ඇතිවෙන්න විදියක් නෑනෙ. එහෙම හැඟීමක් ගැන හිතනකොටත් පව් වගේ නෙ එහෙම වුණාම.

    රවීන්ට සැබෑ ජීවිතේ එවැනි දේකට මුහුණදෙන්න වුණා නම්?

    එහෙනම් ගොඩක් හොඳයි. ඒත් ඉතින් එහෙම අද්දැකීමක් නෑ. නමුත් මම ඒ අද්දැකීම මේ කතාව තුළින් විඳිනවා. ඇත්තටම මේ වගේ සිදුවීමක් වුණා නම් මේ හැඟීමම තමයි දැනෙන්නෙ.

    රවීන්ට වැඩිපුර ප‍්‍රතිචාර ලැබෙන්නෙ ගෑනු ළමයින් ගෙන්ද?

    එහෙම විශේෂයක් නෑ. බාල, මහළු, තරුණ හැමෝගෙන්ම හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

    ඒවගේ ප‍්‍රතිචාර ලැබෙද්දි මොකද හිතෙන්නෙ?

    මම කලින් ගායකයෙක් නෙ. ගායකයෙක් වෙලා ඉද්දි වගේ නෙමෙයි දැන්. ඊට වඩා වෙනස් ප‍්‍රතිචාර ලැබෙන්නෙ. ගායකයෙකුට වඩා රංගන ශිල්පියෙකුට තියෙන ආකර්ෂණය වෙනස්. ඒ වෙනස මම ගොඩක් අත්විඳිනවා මේ ටෙලිනාට්‍ය හරහා. අනුහස් චරිතයට ගොඩක් දෙනෙක් ආදරෙයි. ඒ ආදරේ අනුහස් හරහා මාත් විඳිනවා.

    ඒ සතුට කොහොමද?

    මම කවදාවත් කැමරාවක් ඉදිරියේ ජොලියටවත් රඟපාපු කෙනෙක් නෙමෙයි. රංගනය කියන දේ මම පොඩි කාලෙවත් කරලා නෑ. ඉතින් මම මේ ටෙලිනාට්‍ය හරහා අද්දැකීම් ගොඩක් ලබාගත්තා. ඒක ජීවිතේට ගොඩක් වටිනවා. ඒ වගේම පේ‍්‍රක්ෂකයින්ගෙ ආදරේත් මම මේ දවස්වල උපරිමයෙන් විඳිනවා.

    ඒ ලැබෙන ප‍්‍රතිචාර එක්ක ජනතාවගේ නළුවා වෙන්න අදහසක් නැද්ද?

    මෙහෙමයි. අපි කරන දේකට ඇගයීමක් ලැබෙනව නම් කවුද අකමැති. මමත් පෘතග්ජන මනුස්සයෙක් විදියට මම කරපු දේ හොඳයි නම්, චරිතය හරියට කළා නම් දැනෙන්න කළා නම් ඒ දේට මම සුදුසුනම් විතරක් ඇගයීමට පත්වෙනව නම් මම කැමතියි.

    මේ ඔබේ පළමු රංගනය නෙ. මේ තරම් කතාබහකට ලක්වෙයි කියලා හිතුවද?

    ඇත්තටම මගෙ හිතකවත් තිබුණෙ නෑ. මට හිතුණෙ මේ නිර්මාණයෙන් පස්සෙ මට කොච්චර බැණුම් අහන්න වෙයිද කියලා. මොකද හුරු නැති කෙනෙක් විදියට මේ දේවල් කරන්න යද්දි මිනිසුන්ගෙ දෝෂදර්ෂණයට ලක්වෙන්න වුණොත්. ඒ බය තමයි හිතේ තිබුණෙ.

    රවීන් ක්ෂේත‍්‍රයට එන්නෙ ගායකයෙක් විදියට, එතැනින් පසුව නිවේදකයෙක් වුණා. දැන් රංගන ශිල්පියෙක් වෙලා ඒ විදියට කලා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කරන්න ලැබීම ගැන මොකද හිතෙන්නෙ ?

    පුංචි නිහතමානි ආඩම්බරයක් වගේම සතුටක් තියෙනවා. මොකද එහෙම අවස්ථාවක් ලේසියෙන් කෙනෙකුට ලැබෙන්නෙ නෑ. මම පූරුවෙ කරපු පිනකට සහ අම්මා, තාත්තා උපතින් දුන්නු හැකියාවන් ටිකක් තියෙනවා. ඒවගෙන් ප‍්‍රයෝජන ගන්න මට අත හිත දෙන්න හොඳ හිත තියෙන මිනිස්සු ටිකක් හමුවුණා. ඒ මගේ වාසනාවට. ඒ හැමදේකම ප‍්‍රතිඵලය තමයි මම අද මේ භුක්ති විඳින්නෙ.

    පොඩි කාලෙත් ඒ දක්ෂතා තිබුණාද?

    ටික ටික තිබුණා. මම ඒ දක්ෂතා ඒ කාලෙ වැඩිය එළියට දැම්මෙ නෑ. ඒ වගේම මම ඒ කාලෙ හරි ලැජ්ජයි. එත් දැන්නම් ලැජ්ජාවක් නෑ.

    ඒ කියන්නෙ ලැජ්ජා බය ගිහින්ද ?

    නෑ නෑ. එහෙම නෙමෙයි, ඉස්සර මම මුළු ගැන්විලා හිටපු චරිතයක්. අද ඉන්න විදියෙ විරුද්ධ පදේ තමයි ඉස්සර.

    එතකොට දැන් රවීන්ව රූපවාහිනියෙ දකිද්දි පුදුම හිතෙනවද මේ මමමද කියලා?

    ඇත්තටම දැන් ඉන්නෙ ඉස්සර හිටපු රවීන් නෙමෙයි වෙන කෙනෙක්. හිතන පතන දෙයින්, කතාබහෙන්, හැසිරෙන විදියෙන් ඒ හැමදේකින්ම සියදහස් ගුණයකින් වෙනස් වෙලා. දැන් ඉන්න කෙනා ඉස්සර ඉඳන් හිටිය නම් කොච්චර හොඳද කියලා හිතෙනවා.

    පෙම් ජවනිකා රඟපාද්දි එහෙම ලැජ්ජාවක් දැනෙන්නෙ නැද්ද ?

    අපෝ ලැජ්ජයි. පට්ටම ලැජ්ජයි. ඉස්සර වගේ නෙමෙයි දැන් ත්‍දරඅ්රා කිව්වට ඒ වගේ ජවනිකා රඟපාද්දි ලැජ්ජාව තියෙනවා. ඒවගේ දේවල්වලට ලැජ්ජාව තිබුණත් ප‍්‍රශ්ණයක් නෑ. මොකද ලැජ්ජාව නැතිව ඒවා කරද්දිත් අවුල්නෙ.

    ඒ වගේ ජවනිකා යද්දි ගෙදරදි අම්මලා එක්ක ටීවි බලද්දි ඒවා දකිනවනෙ එතකොට මොකද හිතෙන්නෙ?

    අම්මෝ.... එතකොට ඊට වඩා ලැජ්ජයි. විලි ලැජ්ජයි අනේ. ඒත් ඉතින් ඒවා ඇක්ෂන්, කට් කියන සීමාව ඇතුළත කරන වැඩක් විතරනෙ.

    අපිට දැනෙන විදියට නම් රවීන් පෙම් ජවනිකා රඟපාන්නෙ පේ‍්‍රමයේ අද්දැකීම් පරිපුර්ණ කෙනෙක් වගේ. සැබෑ ජීවිතේ ඒ අත්දැකීම් ලබලා තියෙනවාද ?

    මෙහෙමයි. ආදරේ කියන්නෙ කොයි වගේද? මොනවගේ හැඟීමක්ද කියන දේ මම විඳලා තියෙනවා. ඒ අද්දැකීම් ප‍්‍රයෝජනයට අරගෙන රඟපාලාත් තියෙනවා.

    ආදරේ පළමු අද්දැකීම වින්දෙ අවුරුදු කීයෙදි වගේද?

    ඒක හරියට කියන්න අමාරුයි. මගේ ජීවිතේ වැඩි හරියක් මම කළේ අත්හදා බැලීම්. මම ආදරේ ගැන තනියම කරපු පර්යේෂණ තිබුණා. ඒවගෙන් දැනගත්තු දේවල් තමයි. ඒ ඇරෙන්න මට තවමත් ඒ ගැන දැනුමක්, පළපුරුද්දක් නෑ.

    රවීන් දිගින් දිගටම රියලිටි වේදිකාවෙ හිටියනේ. ඒ ගැනත් කතා කරමු ?

    මම පෙනී සිටින අවසාන රියැලිටි වැඩසටහන තමයි මේ. මෙතැනින් එහාට මම රියැලිටි වේදිකාවෙ දකින්න ලැබෙන්නෙ නෑ.

    රියැලිටි අත්දැකීම කොහොමද ?

    මාව චරිතයක් කළෙත් රියැලිටියක්, ඒ චරිතය ඉදිරියට ගන්න උදව් වුනොත් රියැලිටියක්. නමුත් එතැනින් එහාට මගෙ ජීවිතේ රියැලිටියකට භාරදෙන්න අවශ්‍ය නෑ. මම මගෙ ජීවිතේ එතැනින් එහාට මගෙ විදියකට සැලසුම් කරගෙන යනවා.

    රවීන් ගායනය, නර්ථනය, රංගනය, ක‍්‍රිකට් ඒ හැම අංශයකින්ම දක්ෂතා පෙන්වපු කෙනෙක්නෙ? ඊට අමතරව කුස්සියෙ වැඩත් පුළුවන් කියන්නෙ ඇත්තද ?

    කව්ද අප්පේ.... ඕවා කියන්නෙ....

    ඇයි තේ හදන්න එහෙම ගෑනු ළමයින්ට කියලා දෙන්නෙ?

    තේ එකක් හදන එකනම් මහදෙයක්ද අනේ. ඇත්තටම මට උයන්න පොඩි හැකියාවක් තියෙනවා. පොඩි කාලෙදි තනියම උයාගෙන කාපු අවස්ථාත් බොහොමයි. අදටත් මට කෑම එකක සුවඳින් කියන්න පුළුවන් ඒ කෑමට වැඩි මොනවාද? අඩු මොනවාද? කියලා හොඳ ආහාර ලෝලියක් විදියට.

    මොනවද හොඳටම හදන්න පුළුවන්?

    පරිප්පු, සම්බෝල, සැමන් තෙල්දාලා, පපඩම් බදින්න ඒවගේ පොඩි පොඩි දේවල් පුළුවන්.

    ඇත්ත ජීවිතේ තේ හදන්න කියලා දෙන්න කෙනෙක් ඉන්නවාද?

    ඇත්ත ජීවිතේ ඉතින් තේ හදන්න කියලා දිදී ඉන්න කෙනෙක් වැඩක් නෑනෙ. මොකද තේ එකක් වත් හදන්න පුළුවන් වෙන්න ඕනෑ නෙ ළඟින් ඉන්න. තවම නම් ඉතින් කව්රුත් නෑ. නිශ්චිත කෙනෙක් හමුවුණාම කියන්නම්කො.

    මේ හැමදේටම අමතරව රවීන්ගෙ අපි නොදකින සැඟවුණු කුසලතා තියෙනවද?

    අනේ නෑ. තිබුණු සැඟවුණු කුසලතා ඔක්කොම මේ වෙද්දි එළියට දාලා තියෙන්නෙ.



    ධනු විජේරත්න (saravita)

    21 May, 2017

    “ප්‍රේම ජවනිකා රඟපාන්න පට්ටම ලැජ්ජයි” - දෙවෙනි ඉනිමේ අනුහස් කිව්ව කතාව

    By: Aththa Withthi On: 5/21/2017 12:18:00 PM
  • Let's Get Social


  • දෙරණ නාලිකාවේ විකාශය වන “දෙවැනි ඉනිම” නාට්‍යයේ අනුහස් කියලා කියන්නේ මේ වෙනකොට ලොකු කුඩා කා අතරත් ජනප්‍රිය චරිතයක්.

    විශේෂයෙන්ම තරුණියන් අතර.

    අනුහස්ගේ චරිතයට පනපොවන්නේ රවීන් කණිෂ්ක.

    ඔහු සති අන්ත පුවත්පතකට ප්‍රේමය පිළිබඳව මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

    ආදරේ පළමු අත්දැකීම වින්දේ වයස අවුරුදු කීයෙදි විතරද?

    ඒකනම් හරියට කියන්න බෑ. මගේ ජීවිතේ මම වැඩි හරියක්ම කලේ අත්හදා බැලීම්. මම ආදරේ ගැන තනියම කරපු පරීක්ෂණ තිබ්බා. ඒවායෙන් දේවල් දැන ගත්තා. ඒ ඇරෙන්න මට ඒ ගැන තාම දැනුමක් නෑ. පළපුරුද්දක් නෑ.

    පෙම් ජවනිකා රඟපානකොට එහෙම ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද?

    අපෝ…ලැජ්ජයි.. පට්ටම ලැජ්ජයි. ඉස්සර වගේ නෙමෙයි. දැන් ෆෝවර්ඩ්. ඒ වගේ දේවල් රගපාද්දි ලැජ්ජාව ඕනේ. මොකද එහෙම නැත්තම් ඒකත් අවුල්.

    ඒ ජවනිකා අම්මලත් එක්ක ටි.වී එකේ බලද්දී ඇතිවන හැඟිම කොහොමද?

    අම්මෝ…එතකොට ඊට වඩා ලැජ්ජයි. විලිලැජ්ජයි අනේ. ඒත් ඉතිං ඇක්ශන් කට් කියන සීමාව ඇතුලේ විතරනේ.

    රවීන්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන ගෑනු ළමයි නැද්ද?

    ඒක මම හරියට දන්නේ නෑ. කවුරුත් මට කියලා නෑනේ.

    රවීන්ට නෑනලා නැද්ද?

    ඉන්නවා ඉන්නවා…

    එයාලගෙන් කරදර නැද්ද?

    නෑනේ. තිබුනනම් මරු.

    රියැලිටි අත්දැකීම කොහොමද ?

    මාව චරිතයක් කලේ රියැලිටි වැඩසටහන. නමුත් එතනින් එහාට මගේ ජීවිතේ රියැලිටියකට බාරදෙන්න මම සුදානම් නෑ. ඒක මම සැලසුම් කරනවා.

    ආදරේ ගැන කලකිරිලා නෑ - හේමාල් රණසිංහ

    By: Aththa Withthi On: 5/21/2017 12:05:00 PM
  • Let's Get Social


  • හේමාල් රණසිංහ කියන්නේ වර්තමානයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් කීවොත් නිවැරදියි. මේ දිනවල තිරගත වන බන්ධනය චිත්‍රපටය නිසාම ඔහු ගැන හැමෝම කතා වෙන නිසා අපිත් හේමාල්ට කතා කළා.

    ඉතින් හේමාල් කොහොමද ජීවිතේ?
    හොඳයි.

    අලුත් චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
    ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ ගැන සතුටක් තියෙන්නේ.

    මේ චරිතය අනෙක් චරිතවලට වඩා වෙනස් කීවොත්?
    ඔව්. කොහොමත් මම චරිත තෝරා බේරාගෙන තමයි රංගනයේ යෙදෙන්නේ. මේ චරිතය වෙනස් නිසා තමයි හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ.

    ප්‍රථම වතාවට නේද පියෙක්ගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ? මොන වගේද ඒ ලැබුණු අත්දැකීම?
    වෙනත් චිත්‍රපටයකටත් පියෙකුගේ චරිතයෙන් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා. නමුත් මට ඒ දේ විශේෂ අත්දැකීමක්. මොකද පූර්ණ වශයෙන් ඒ ළමයින්ට අවධානය දෙන්න වෙනවා. මගේ උපරිමයෙන් ඒ චරිත කළා කියන විශ්වාසය මට තියෙනවා.

    ඒ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා විශ්වාස කරනවාද?
    ඔව්. මම සාධාරණයක් කළා. ඒ ගැන ප්‍රේක්ෂකයන් හරියට තේරුම් ගනීවි.
    සිනමාවට වගේ ටෙලි නාට්‍යවලටත් දිගුකාලීනව සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?
    ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. ඒත් සම්බන්ධ වෙන්න අදහසක් නම් කොහෙත්ම නෑ.

    පුංචි කා‍ලේ ඉඳන්ම හේමාල් හීන දැක්කේ නළුවෙක් වෙන්න. අද ඒ හීනේ හැබෑවක් වෙලා. ඒ ගැන මොකද හිතෙන්නේ?
    ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ. මොකද මේ ගමන එන්න මම ගොඩක් කැපවුණා. ඒ නිසා ආපස්සට හැරිලා බලද්දි තියෙන්නේ මහන්සියේ තරමට ප්‍රතිඵල තියෙනවා කියලා.

    කොහොමද ප්‍රවීණයන්ගෙන් හේමාල්ට ලැබෙන ප්‍රතිචාර?
    හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා. ඔවුන්ගෙන් ගුරුහරුකම් වගේම ආදරයත් නොඅඩුවම ලැබෙනවා. ඇත්තටම ඒ ගැන විශාල තෘප්තියක් තියෙනවා.

    රංගන ශිල්පියෙක් ලෙස හේමාල්ට ලැබෙන වටිනාකම ගැන තෘප්තිමත්ද?
    ඒ ගැන කියන්න අවශ්‍ය නෑ. ඔය දේ අද හැමෝම දන්න දෙයක්. ඒ නිසා ඒ ගැන කතා කරන්න කැමැත්තක් නෑ.

    රංගනය ගැන හැදෑරීමක් කරනවාද?
    විශේෂ හැදෑරීමක් කරන් නෑ. නමුත් මට පුළුවන් විදිහට මම රංගනය ගැන ස්වයං අධ්‍යයනයක යෙදෙනවා.

    නිරූපණයට තවමත් ආරාධනා ලැබෙනවාද?
    දිගටම ආරාධනා නම් ලැබෙනවා. ඒත් නිරූපණයට නැවත එකතු වෙන්න නම් කැමැත්තක් නෑ.
    නිරූපණයෙන් ඈත්වුණා කියලා දුකක් නෑ.

    අද නිරූපණ ක්ෂේත්‍රයෙන් රංගන ක්ෂේත්‍රයට එකතු වෙන පිරිස වැඩිවෙලා තියෙනවා. ඒ ගැන හේමාල්ගේ අදහස මොකක්ද?
    ඕනෑම ක්ෂේත්‍රයකින් අද රංගනයට එකතු වෙනවා. ඔවුන් දැනගන්න ඕන ගමන සාර්ථක කරගන්න. ඒ වගේම වෘත්තියට ගෞරවයක් ලැබෙන විදිහට වෘත්තියේ නියැළෙන්න ඕන කියලයි මම හිතන්නේ.

    විවාහය කල් යන්නේ ආදරය ගැන කලකිරීමක් තියෙන නිසාද?
    එහෙම නම් ආදරය ගැන කලකිරීමක් නෑ. නිසි වෙලාවට ඒ දේවල් සිදුවේවි. එතකන් මම කලබල වෙන්නේ නෑ.

    තිළිණි කරුණාරත්න (rivira)

    නාමල්ට සහ රෝහිතට නිවුන් දරුවන්

    By: Aththa Withthi On: 5/21/2017 11:26:00 AM
  • Let's Get Social


  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පිය පදවිය සඳහා සූදානම් වන බව දැක්වෙන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබෙනවා.

    රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ පළකල ඡායාරූපයක ඔහු සහ නාමල් නිවුන් දරුවන් අතේ දරා සිටින අතර “Prepping for fatherhood” යනුවෙන් සටහනක් යොදා තිබෙනවා.

    අදාළ ඡායාරූපය පහතින්.

    "අනිත් අයගෙ මත නිසා වෙනස් කරගන්න එපා " - පිරිමියෙක් වගේ කියලා කතා අහපු දිල්රුක්ෂි ඇමරිකාවේත් කප් ගහලා

    By: Aththa Withthi On: 5/21/2017 10:13:00 AM
  • Let's Get Social

  • ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කායවර්ධන තරගාවලි තුනකම විවිධ ශූරතා දිනා ගැනීමට ශ්‍රී ලාංකික කාන්තාවක් සමත්ව සිටිනවා.

    ඒ, දිල්රුක්ෂි සොලමන් ආරච්චියි.

    දිල්රුක්ෂි 2003 වසරේ ඇගේ නැගණිය ද සමග මෙරටින් ඇමෙරිකාව බලායන්නේ වැඩිදුර අධ්‍යාපනයටය.

    එහිදී ඇය ස්වයංව කායවර්ධනය පිළිබඳව හැදෑරීම කරගන යන්නේ හුදු විනෝදාංශයක් ලෙසය. පසුව ඇයට ලැබෙන ආරාධනයකට අනුව ඇය කාන්තා කායවර්ධන අංශයේ තරගාවලි සඳහා ඉදිරිපත් වීමට කටයුතු කර තිබෙනවා.

    “මගේ පදිංචිය කිරිබත්ගොඩ. අපේ පවුලෙ හය දෙනෙක්. මම දෙවැනියා. මම උසස් පෙළ හදාරන්න ගියේ ගම්පහ සිද්ධාර්ථ මහ විද්‍යාලයට. හැබැයි එහෙදී ක්‍රීඩා අංශයට ඒ තරම් උනන්දු නොවුණට පසුව ඒ පැත්තට උනන්දු වුණේ අයියගෙ පසුබිමත් එක්ක. අයියට කායවර්ධන පුහුණු ආයතනයක් තිබුණා. ඒකෙ ලබපු පුහුණුව මම ඇමෙරිකාවේදිත් දිගටම පවත්වාගෙන ගියා. ගිය අවුරුද්දෙ එහෙ තිබුණා ව්ඛි හරිකේන්බේ චැම්පියන් ෂිප්-2016 කියලා කායවර්ධන තරගාවලියක්. මම ඒ තරගාවලියට ඉදිරිපත්වෙලා පදක්කම් 3ක් හිමිකරගත්තා. මේකට තරගකාරියන් 150 විතර ඉදිරිපත් වුණා." තමන්ගේ ජයග්‍රහණ ගැන ඇය සඳහන් කළේ එලෙසයි.

    දිල්රුක්ෂි NPC Lee banks Natural Championships 2017 තරගාවලියේදී බිකිනි (Bikini) සමස්ත අංශයේ ජය සහ Class A අංශයේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති අතර Masters over 35 අංශයේ ප්‍රථම ස්ථානයද එහිදී ඇය දිනාගැනීම කැපී පෙනෙන සිදුවීමක් වනවා.

    “National Body Building Championship තරගාවලියට ඉදිරිපත්වෙලා මම ප්‍රථම ස්ථානයත් හිමිකරගත්තා. ඒක හරිම වැදගත් වෙන්නේ කිසිම උත්තේජකයක් ලබාගන්න බැහැ. එහිදී පළවෙනියා වෙන්න කාණ්ඩ හතරක් දිනන්න ඕනෑ.මම ඇමෙරිකාවට ගියේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා. ඒ අතරතුර මම විනෝදාංශයක් ලෙසයි මේ කටයුත්තට ඉදිරිපත් වුණේ. මුල් දවස්වල මගෙ ෆේස්බුක් එකේ මේ පින්තූර දැක්කම පිරිමියෙක් වෙන්න හදන්නෙ ඇයි කියලා සමහර අය කොමෙන්ට්ස් දාලා තිබුණා.

    මම ඒවායින් පසුබැසීමට ලක්වුණේ නෑ. මම අධ්‍යාපන කටයුතුවලින් ඉදිරියට ගිහින් ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියාවක් කරනවා. ඒ වගේම විවාහ ජීවිතයේ වගකීම් මම නොපිරිහෙළා කරනවා. මට අවුරුදු තුනක බබෙක් ඉන්නවා. ඒ සියල්ලත් සමග ශක්තිමත් කාන්තාවක් කියන එක මගේ කටයුතුවලට පහසුවක්.මම නං ලංකාවෙ තරුණියන්ට කියන්නේ කොයි වෙලාවකවත් තමන් කැමැති දෙයක් කරන්න යද්දී අනිත් අයගෙ මත නිසා වෙනස් කරගන්න එපා කියලා” යනුවෙන් ඇය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.