Showing posts with label Education Science & Tech. Show all posts
Showing posts with label Education Science & Tech. Show all posts

06 June, 2017

පුංචි කාර් සමඟ යක්ෂ මිසයිල

By: Aththa Withthi On: 6/06/2017 05:25:00 AM
  • Let's Get Social

  • ලෝකයේ පුංචිම වාහනය මෙන්ම භයානකම ආයුධය ගැනද පසුගිය සතියේ වාර්තා විණි. පුංචිම කාර් රථය ට්‍රයිඩන්ට් මයික්‍රෝ කාර් ලෙස නම්කර ඇති අතර යාන්තම් අඩි 3ක් පළල වූවකි. අඩි හයක් උසැති මෙය ඕනෑම කුඩා ඉඩක නැවතිය හැකි අතර රථයට දොරවල් නැත. පිටතට යා යුත්තේ වහල එසැවීමෙනි. ආසන දෙකක් සහිත මෙහි උපරිම වේගය පැයට සැතපුම් 38කි. මිල බ්‍රිතාන්‍ය පවුම් 80,000කි. 



    ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුතම විනාශ කළ නොහැකි ආයුධය නිපදවා ඇත්තේ රුසියාවයි. එය අතිධ්වනි මිසයිලයකි. ලෝකයේ මෙතෙක් බිහිව ඇති ප්‍රතිමිසයිල කිසිවකටත් වඩා වේගවත් වූවකි. Zircon නමැති මෙම කෘෘස් මිසයිලය පැයට හැතැප්ම 4600ක් තරම්වූ ශබ්දය පරදවන වේගයකින් ගමන් ගන්නකි. එය ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයකි.

    2018 දී භාවිතයට ගැනීමට තීන්දු කර ඇති මේ මිසයිලය තමන් සතු වීමත් සමඟ රුසියාව ලෝකයේ ප්‍රබලතම රාජ්‍යය බවට පත්වීමට නියමිතය. 


    (deshaya)

    05 June, 2017

    වයාග්‍රා විස්මිත පෙත්තේ ඇත්ත නැත්ත

    By: Aththa Withthi On: 6/05/2017 12:40:00 PM
  • Let's Get Social


  • ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි.

    මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.

    වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.

    දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.

    ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත!

    හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ.

    අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා.

    සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.

    ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine - TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol - Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat - Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.

    තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි.

    වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු.

    උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (deshaya)

    03 June, 2017

    තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව ගැටලුවක් නොවෙයි

    By: Aththa Withthi On: 6/03/2017 05:25:00 AM
  • Let's Get Social

  • සාමාන්‍ය පුරුෂයෙක්ට වෘෂණ කෝෂ 2ක්ම තියෙන්න ඕනෑනේ. නමුත් කලාතුරකින් කෙනෙකුට එක් වෘෂණයක් පමණක් පිහිටා තිබෙන්න පුළුවනි. මේ තත්ත්වය අස්වාභාවික තත්ත්වයක් හැටියට අරගෙන තැවීමට පත්වන අය දක්නට පුළුවනි. මේ අය දැවෙන ප්‍රධාන ගැටලුව තමන් වඳ පුද්ගලයෙක්ය යන හැඟීමයි. ඒ වගේම සමාජය තුළින් මේ අයට එන අපහාස උපහාස කොන් කිරීම නිසා ලොකු මානසික පීඩාවකට ලක්වෙන්නත් පුළුවනි. නමුත්, තනි වෘෂණය වෛද්‍ය විද්‍යාත්මකව නම් ගැටලුවක් නොවෙයි.

    ලිංගික ගැටලු ගැන කතා කරනවිට අපට අහන්නට ලැබෙන තවත් පොදු ප්‍රශ්නයක් වූ මේ ගැනයි අද කතාබහ කරන්නේ. යම් කෙනෙකුට තනි වෘෂණ කෝෂයක් ඇත්නම් දරුවන් හදන්න බැරිද? මේ වැඩේට කෝෂ දෙකම ඕනෑද? විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේට අනුව නම් එහෙම අවශ්‍යතාවක් ඒ කියන්නේ කෝෂ දෙකම අවශ්‍යතාවක් දරුවන් ලැබීම සමග සම්බන්ධ නෑ. තනි වෘෂණයක් ඇතත් එය හොඳින් ක්‍රියාත්මක නම් එය හොඳටම ඇති. වෘෂණයකින් දරුඵල සරු කරන ශුක්‍රානු පමණක් නොව ටෙස්ටොස්ටෙරොන් වැනි හෝර්මෝන වර්ගත් නිපදවනවා. ඒ සඳහාත් එක් වෘෂණයක් හොඳටම ඇති. ඒ කියන්නේ වෛද්‍ය මතය අනුව නම් තනි අතින් අත්පුඩි ගහන්නත් පුළුවනි.

    තනි වෘෂණයක් හිමිවීමට හේතුව ගැනත් පොඩ්ඩක් සොයාබැලිය යුතුයි.

    මවගේ කුස තුළ සිටින විට දරුවාගේ වෘෂණ පිහිටා ඇත්තේ යටිබඩ තුළය. ඉපදී පළමු වසර කිහිපය තුළ ඒවා වෘෂණකෝෂ තුළට ඇතුළු වෙයි. සමහර දරුවන්ගේ මේ වෘෂණ දෙකෙන් එකක් වෘෂණ කෝෂ තුළට නොපැමිණ යටිබඩ තුළම රැඳී තිබෙන්නට හැකියි. Undeicendent testis හෙවත් පහත් නොවූ වෘෂණය ලෙස හඳුන්වන්නේ මෙයයි. මේ විදියට කලක් වෘෂණ උදරය තුළ තිබීමෙන් එහි ක්‍රියාකාරීත්වය නැතිවී යාමට හැකියි. 



    සාමාන්‍යයෙන් වෘෂණ හොඳින් වර්ධනය වීමටත් හොඳින් ක්‍රියාත්මක වීමටත් අපේ සිරුරේ උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක් අවශ්‍යයි. අපේ සිරුරේ සාමාන්‍ය උෂ්ණත්වය ෆැරුන්හයිට් අංශක 98.4 නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශක 37යි. ඒ කියන්නේ සාමාන්‍ය වාතයේ පවතින උෂ්ණත්වයට වඩා ටිකක් ඉහළයි. නමුත් වෘෂණ වර්ධනයට මීට වඩා අඩු උෂ්ණත්වයක් තමා ගැලපෙන්නේ. ඉතින් ඒ සඳහා සුදුසුම තැන වෘෂණ කෝෂයයි. ඒවා සාමාන්‍ය වාතයේ ගැටෙමින් එල්ලෙමින් ඇති නිසා ඒ තුළ උෂ්ණත්වය සිරැරේ අනෙක් තැන්වලට වඩා අඩුයි. මෙය හොඳින් ක්‍රියාකරන හොඳින් වැඩුණු වෘෂණයක් වර්ධනය වීම සඳහා වැදගත්.

    ඉතින් වෘෂණයක් සිරුර තුළම වැඩි කලක් තිබුණොත් එය නිසි ලෙස නොවැඩී විනාශ විය හැකියි. එවිට ශුක්‍රාණු සහ හෝර්මෝන හදන්නට හැකියාවක් නෑ. සමහරවිට මෙය පසුකාලීනව පිළිකා බවට වර්ධනය වන්නටත් හැකියි. අන්න ඒ නිසා තනි වෘෂණ කෝෂයක් ඇතිවිට ඒ ගැන වෛද්‍යවරයකු හමුව පරීක්ෂාවක් කර ගැනීම හොඳයි. නමුත් දරුවන් ලැබීමේ කටයුත්ත සඳහා නම් කිසිම ගැටලුවක් නෑ. ඒ සඳහා නිරෝගී එක වෘෂණයක් හොඳටම ඇති.

    උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (deshaya)

    02 June, 2017

    බර අඩුවීම ලෙඩක්ද? බර අඩුවෙන්න බලපාන සාධක මොනවාද?

    By: Aththa Withthi On: 6/02/2017 05:25:00 AM
  • Let's Get Social


  • ඔබත් අඩු බර එහෙමත් නැත්නම් සිහින් සිරුරක් තියෙන කෙනෙක් නම් ඔබට ඒ සඳහා බලපාන හේතුවට සම්පූර්ණ වෙනස් හේතුවක් වෙනත් කෙනකුට බලපාන්න පුළුවන්.

    මොනවද මේ බර අඩුවෙන හේතු

    ජානමය ගැටලු (poor genetic potential)

    ළමාවියේ සිදුවන වර්ධනයේ දුර්වලතා (poor growth during childhood)

    ආසාදන රෝග (inflectious diseases)

    පෝෂණ ඌනතා (malnutrition)

    අධික ශරීර ව්‍යායාම (excess of excsercise)

    මානසික ආතතිය (mental stress)

    හෝමෝනමය ගැටලු (hormonal problems)

    ජානමය ප්‍රශ්න කියන්නේ මොනවාද?

    අපි හැමදෙනාම හැදිලා තියෙන්නේ මවගේ හා පියාගෙන් ලැබුණ ජානවලින්. ඒ අනුව අම්මා සහ තාත්තා මිටි නම් ඔබත් බොහෝ විට මිටියි. නමුත් ඊට වෙනස් වන අවස්ථා තියනවා. කොහොම නමුත් අපේ උස, බර වගේ දේවල් ඒ වගේ එක දෙයකට සීමාවෙන්නෙ නෑ. ඒ නිසා ඔබ ජාන අනුව මිටි පුද්ගලයෙක් වුණත් ඔබ නියමිත පෝෂණයක් හා අනෙකුත් දේවල් සම්පූර්ණ කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    ළමා කාලයේ බර අඩුවීම බලපාන්නේ කොහොමද?

    අපේ ජීවිතේ වර්ධනයට අනුව වැදගත්ම කාලය තමයි ළමා කාලය. ඊටත් එහා ගියොත් ගර්භනී අවධිය. ඒ කාලයේ ඇතිවන ගැටලු දිගුකාලීනව පවතින්න පුළුවන්.

    දීර්ඝකාලීන ආසාදන රෝග?

    අපට ක්ෂුද්‍ර ජීවීන් මගින් ලෙඩක් හැදුණාම අපේ ශරීරයට ඊට එරෙහිව සටන් කරන්න වෙනවා. එතකොට අපේ වර්ධනයට ති‍ෙයන ශක්තිය ඒ සඳහා වැය වෙනවා. ඒ නිසා අපේ බර අඩුවෙනවා. උදාහරණයක් විදියට ක්ෂය රෝගය ගන්න පුළුවන්.

    පෝෂණ ඌනතා කියන්නේ මොනවාද?

    අපි හැමෝම දන්නවා අපේ ආහාර වේල සමබර ආහාර වේලක් විය යුතුයි කියලා. ඒ කියන්නේ ඒකෙ නියමිත තරම් කාබෝහයිඩ්‍රේට් (carbohydrate), ප්‍රෝටීන (protein), මේදය (fat), විටමින (vitamins), ඛනිජ ලවන (minerals) හා ජලය (water) තිබිය යුතුයි. එහෙම නැත්නම් අපේ වර්ධනය බාල වෙනවා.

    අධික ව්‍යායාම?

    ව්‍යායාම කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට වගේම වර්ධනයටත් අත්‍යවශ්‍ය දෙයක්. ඒත් අධික ව්‍යායාම නිසා අපේ ඇඟේ තියන ගබඩා කරපු සියලු ශක්තිය නැති වෙනවා. වර්ධනය දුර්වල වෙනවා.

    මානසික ආතතිය බලපාන්නේ කොහොමද?

    අපි අධික මානසික ආතතියෙන් ඉන්න විට කෝටිසොල් (Cortisol) වගේ අපේ සමහර හෝමෝන අධිකව ස්‍රාවය වෙනවා. මේ නිසා අපේ ශක්තිය දහනය වෙලා වර්ධනය අඩු වෙනවා.

    හෝමෝනමය ගැටලු බලපාන්නේ කොහොමද?

    හෝමෝන කියන්නේ අපේ ශරීරයේ බොහෝ දේ පවත්වාගන්න වැදගත් වන දෙයක්. සමහර හෝමෝනවල අඩු වැඩිවීම් නිසා වර්ධනය අඩු වෙනවා.

    උදාහරණයක් විදියට වර්ධක හෝමෝන (GH), ලිංගික හෝමෝන (sex hormones), වගේ දේවල් සඳහන් කරන්න පුළුවන්. (deshaya)

    31 May, 2017

    සියවස් 2 ක තාක්‍ෂණය දෙමුහුන් කළ නවතම ෆූජිෆිල්ම් කැමරාව

    By: Aththa Withthi On: 5/31/2017 05:25:00 AM
  • Let's Get Social


  • ෆූජිෆිල්ම් නව කැමරාව ඔබ ගන්නා ඡායාරූප එවෙලේම එහි ඇති එල්.සී.ඩී. තිරමුහුණේ සංස්කරණය කර, එවෙලේම කැමරාවෙන්ම මුද්‍රණය කරගත හැකි වන ලෙස නිමවා ඇත්තේ 20 වන සියවසේදීය. එහි ගත් ක්ෂණික ඡායාරූප මුද්‍රණයත්, වර්තමානයේ ඉන්ස්ටග්‍රෑම් ෆිල්ටර්වල භාවිතයෙන් ඩිජිටල් සංස්කරණයත් එකට බද්ධ කර ක්ෂණික ප්‍රතිඵල පාරිභෝගිකයාට ලබාගත හැකි ආකාරයට නිමවා තිබෙනවා.

    පසුගිය බදාදා රාත්‍රියේ නිව්යෝර්ක් නුවරදී ෆූජිෆිල්ම් නම් සුප්‍රසිද්ධ ජපන් සමාගම මෙම SQ10 නමැති කැමරාව ලොවට හඳුන්වා දුන්නා. ඩොලර් 280 කට මිල නියම කර ඇති අතර කැමරාවට යොදන පටල 10 පැක් එකක් ඩොලර් 17 ක් මිල වෙනවා.

    ෆූජිෆිල්ම් ක්ෂණික ඡායාරූප මුද්‍රණය කළ හැකි කැමරාවක් මුල්වරට 1998 හඳුන්වා දුන් අතර ඒවා මිලියන 25 කට වඩා අලෙවි වී තිබුණා.

    21 වන සියවසේ වැඩිවියට පැමිණි පරම්පරාවේ සාමාජිකයන් ඩිජිටල් ඡායාරූපකරණය මත ඇති දැඩි වුණු බැවින් ඔවුන් දැන් මෙම පැරණි ක්ෂණික කැමරා භාවිතයට රුචියක් දක්වනවා. ඒ හේතුවෙන් ෆූජිෆිල්ම් කැමරාවල අලෙවිය වසරින් වසර වැඩි වී ඒවාට දැන් හොඳ ඉල්ලුමක් වෙළඳපොළේ ඇති වී තිබෙනවා. (MB WEB)

    30 May, 2017

    දුම්වැටියේ හානිය නූපන් දරුවාගේ අක්මාවටත්

    By: Aththa Withthi On: 5/30/2017 09:36:00 PM
  • Let's Get Social


  • දුම්පානය හේතුවෙන් නූපන් දරුවාගේ අක්මාවට හානි සිදුවන බව නවතම පියවි සෛල (stem cell) පර්යේෂණයකින් තහවුරු වෙයි.

    රසායන ද්‍රව්‍ය බොහොමයක මිශ්‍රණයක් දුම්වැටියක පවතින අතර ඒවා මව්කුස සිටින දරුවාගේ අක්මාවේ වර්ධනයට හානි පමුණුවන බව විද්‍යාඥයින් සොයා ගෙන තිබේ.

    මව්වරුන් දුම්බීමේ දී කුස තුළ සිටින දරුවාට ඉන් ඇතිවන බලපෑම සොයා බැලීම සඳහා විද්‍යාඥයෝ කලල පියවි සෛල (embryonic stem cells) යොදා ගත්හ.

    මෙම පර්යේෂණය මෙහෙයවනු ලැබ ඇත්තේ බ්‍රිතාන්‍යයේ එඩින්බරා විශ්ව විද්‍යාලය විසිනි.

    මෙහිදී හෙළිදරව් වී ඇති තවත් වැදගත් කාරණයක් වන්නේ දුම්වැටියක ඇති රසායනික මිශ්‍රණයේ බලපෑම කලලයේ ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වන බවය.

    රසායන ද්‍රව්‍ය 7000ක්

    එමෙන්ම දුම්වැටියක ඇති රසායන ද්‍රව්‍ය වෙන වෙනම ගත්කළ ඉන් ඇතිවන හානියට වඩා වැඩි හානියක් එම රසායන ද්‍රව්‍ය එකට මිශ්‍රවූ දුම ශරීරගත වීමෙන් කලලයට සිදුවන බව විද්‍යාඥයෝ පවසති.

    සිගරැට්ටුවකින් පිටවන දුම මව්කුස තුළ ඇති කලලයට හානිකර බව මීට පෙර සිට දැන සිටි නමුත් එහි හානිය සවිස්තරාත්මකව අධ්‍යයනය කිරීමට මෙම අධ්‍යයනයෙන් අවස්ථාව ලැබී තිබේ.

    දුම්වැටියක රසායන ද්‍රව්‍ය හත් දහසක් පමණ අඩංගුවන බව විද්‍යාඥයෝ පවසති.

    එම රසායන ද්‍රව්‍ය සම්මිශ්‍රණය වීමෙන් කලලයට ඇතිවන හානිය දරුවාට දීර්ඝ කාලීනව බලපානු ඇති බව මෙම පර්යේෂණ වාර්තාවේ සඳහන් වෙයි. (බීබීසී )

    සැලකිලිමත් වන්න මේ පලතුරුත් ඇඟට ගුණයි

    By: Aththa Withthi On: 5/30/2017 05:25:00 AM
  • Let's Get Social

  • පලතුරු යනු සිරුරට විටමින් සහ ඛණිජ ලවණ සැපයීමේදී ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන ආහාර කාණ්ඩයක්. සමහරු ආහාර වේලක අනිවාර්ය අංගයක් විදියට පලතුරක් එක්කර ගත්තත්, තවත් සමහරු ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බොහෝ දෙනා පිටරටින් ගෙන්වන, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ පලතුරු කෙරෙහි ලොල් බවක් දක්වනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ ජීවත් වන අපට, අපේ රට තුළදීම සපයා ගන්න පුළුවන්, ඉහළ පෝෂණ ගුණයක් සහිත පලතුරු වර්ග බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ ඉන් කිහිපයක්.

    * කෙසෙල්

    කෙසෙල් කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම වශයෙන් වගා කෙරෙන, ඒ වගේම ඉතා ම බහුල වශයෙන් පරිභෝජනයට ලක් වන ජනප්‍රිය පලතුරු වර්ගයක්. කෙසෙල් ආහාරයට ගැනීම මඟින් ශරීරයට යම් කැලරි ප්‍රමාණයක් වගේම, විටමින් B6 සහ විටමින් C ලබාගන්න පුළුවන්. ඒ වගේම කෙසෙල්වල අඩංගු තන්තු මඟින් මළබද්ධය වැනි තත්ත්ව මඟ හරවනවා. කෙසෙල් ආහාරයට ගැනීමෙන් ආහාර පිළිබඳ යම් සංතෘප්තතාවක් ලබා දෙන නිසා, ඔබට බර අඩු කර ගැනීමට අවශ්‍ය නම්, ඒ ඉලක්කය වෙත ළඟා වෙන්නත් කෙසෙල් උපකාරී වෙනවා. බොහෝ කෙසෙල් ප්‍රභේධවල පොත්ත ඉදුණු අවස්ථාවලදී කහ පැහැයක් ගන්නවා. ඒත්, රත් කෙසෙල් නමින් හැඳින්වෙන කෙසෙල් ප්‍රභේධයේ පොත්ත රතු දුඹුරු පැහැයට හුරුයි.

    * තැඹිලි


    තැඹිලි කියන්නේ පානයක් වශයෙන් සපයා ගත හැකි, ශ්‍රී ලාංකේයයන් අතර ජනප්‍රිය පලතුරක්. උණුසුම් දිනවලදී විජලනය වීම වළකා, ශරීරයට සිසිලසක් ලබා ගැනීම සඳහා බොහෝ විට මෙය පානයක් ලෙස භාවිත කෙරෙනවා. ඒ වගේම, තැඹිලි වතුරවල ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක්, එන්සයිම වර්ග සහ ප්‍රති ඔක්සිකාරක සංඝටක අන්තර්ගතයි. තැඹිලි වතුරේ අන්තර්ගත ඛණිජ ලවණ මඟින්, රුධිර පීඩනය අඩු කරන බවත්, වකුගඩුවල යහ පැවැත්මට දායක වන බවත් පැවසෙනවා. ඒ වගේ ම, දියර වශයෙන් පහසුවෙන් අවශෝෂණය කළ හැකි ආකාරයෙන් පවතින නිසා, ජීර්ණය අපහසු පුද්ගලයන්ට අතිරේක පෝෂණ පානයක් ලෙසත් මෙය ලබා දිය හැකියි.

    * නෙල්ලි

    නෙල්ලි ඉතාමත් ගුණදායක පලතුරක් වුණත්, බොහෝ අය අතර එතරම් ප්‍රසිද්ධ නැත්තේ තිත්ත රස නිසයි. ඒත්, ආයූර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී බහුලව භාවිත කරන නෙල්ලි, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීමට විශාල දායකත්වයක් සපයනවා.ඒ, ශරීරයට හිතකර අධි ඝණත්ව ලිපිඩ ප්‍රමාණයේ අගය වෙනස් නොකර, ශරීරයට අහිතකර, අඩු ඝණත්ව ලිපිඩ ප්‍රමාණය අඩු කිරීම මඟිනුයි. ඒ වගේම, දියවැඩියාව, පිළිකා, අජීර්ණ, හන්ධිපත් රුදාව ආදී රෝගවලට ප්‍රතිකාර කිරීමේදීත්, ආයූර්වේදයේ නෙල්ලි යොදා ගන්නවා.ඒ වගේම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට, ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට, ආහාර ජීර්ණය පහසු කරවීමට, වයස්ගත වීමත් සමඟ සමේ ඇතිවන ලප කැලැල් ඉවත් කරවීමට මෙන් ම, කාන්තාවන්ට ඇති වන ඔසප් වේදනාව අඩු කිරීමටත් දායක වෙනවා.

    * දෙළුම්

    දෙළුම්, ඉතාමත් ඉහළ ඖෂධීය වටිනාකමකින් යුත් පලතුරක්. විටමින් C සහ විටමින් K යන විටමින් වර්ගත්, පොටෑසියම් යන මූලද්‍රව්‍යයත්, ස්වභාවික තන්තුත් ප්‍රධාන වශයෙන්ම දෙළුම්වල අඩංගු වෙනවා.නිරක්ති තත්ත්ව මඟ හැරීමට, නොමේරු දරු උපත් ඇති වීමේ අවදානම අඩු කිරීමට, පිළිකා වැළඳීමේ අවදානම අඩු කිරීමට මෙන් ම, සම නීරෝගී සහ දිදුලන බවට පත් කිරීමට මේ පලතුර සමත්කම් දක්වනවා.

    * වරකා

    පලතුරක් ලෙස වැඩි ජනප්‍රියත්වයක් උසුලන්නේ නැහැ. මෙහි ඇති ආවේණික පැණි රසය නිසා ඇතැමුන් මෙය පලතුරක් වශයෙනුත් ආහාරයට ගන්නවා. මෙහි ඇති වාසිදායකම කාරණය, ඉතාමත් අඩු වියදමකින් සහ පහසුවෙන් සොයා ගත හැකි වීමයි. පෝෂ්‍ය පදාර්ථ විදිහට කාබෝහයිඩ්‍රේට, විටමින් සහ ඛණිජ ලවණ මෙන් ම, තන්තු බොහෝ ප්‍රමාණයකුත් මෙහි අන්තර්ගතයි. වරකාවල අඩංගු තන්තු මඟින් ආහාර ජීර්ණය ක්‍රමවත් කර, මළබද්ධය ඇති වීම වළක්වනවා. ඒ වගේ ම, ආන්ත්‍රික පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. සමේ නිරෝගී භාවය දිගටම පවත්වාගෙන යාමටත්, වයස්ගත පෙනුම අඩු කර වීමටත් මෙය සමත්. එසේ ම, වරකා මඟින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමත් සිදු වෙනවා.

    මිල අධික ආනයනික පලතුරුවලට වඩා, අපට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මේ වගේ සරල පලතුරු වර්ග අතුරුපස විදියට ආහාර වේලට එකතු කර ගැනීමෙන්, ආහාරයේ වටිනාකම වැඩි වනවා වගේම, සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමටත් එය හේතුවක්.

    යශෝදා ඉන්දීවරී (dinamina)

    28 May, 2017

    ගොටුකොළ දිවඔසුව

    By: Aththa Withthi On: 5/28/2017 05:25:00 AM
  • Let's Get Social


  • ලංකාවේ අපට ගොටුකොළ අමුතු දෙයක් නොවේ. ගොටුකොළ මැල්ලුම, ගොටුකොළ කැඳ අපේ ආහාර අතර ඉස්සර නම් මුල්තැන ගෙන තිබූ දෙයක්. දැන් දැන් නැවතත් අපේ ආහාර සංස්කෘතියේ, ජීවන රටාවේ ඇති වෙමින් පවතින වෙනසත් එක්ක ගොටුකොළවලට හොඳ ඉල්ලුමක් උදාවෙලා තියෙනවා. මේ නිසා ගොටුකොළ වල ඇති ගුණය ගැන අපි පොඩ්ඩක් කතා කළොත් හොඳයි කියලා හිතුණා.

    අපේ රටේ පැරැන්නන් ගොටුකොළ හැඳින්වූයේ දීර්ඝායුෂ ලබාදෙන මොළය මතකය, නුවණ වඩවන සොබාවික දිව්‍ය ඖෂධයක් හැටියටයි. නමුත් ගොටුකොළවල ඇති විස්මිත ගුණ සමුදාය එපමණක්ම නොවේ. දීර්ඝායුෂ ලබාදීම ගැන ගොටුකොළවලට ඇත්තේ ඉතා පැරැණි වාර්තාවක්. දිනපතා ආහාරයට තමන් ගොටුකොළ අනිවාර්යයෙන්ම එක්කර ගත් නිසා අවුරුදු 256ක් ජීවත්වීමට හැකිවූ බවට චීනයේ ශාඛ විද්‍යාඥයකු හා ආගමික ගුරුවරයකු වන ලී සින්ග් යූඒන් සටහන් කර තිබෙනවා.

    මතක ශක්තිය වැඩි කිරීමටත්, මොළයේ සෛල නැවත වර්ධනයටත්, ස්නායුක හා රැධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වා ගැනීමටත්, ආහාර ජීර්ණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව පවත්වාගෙන යාමටත්, ශරීරයේ තුවාල සුවවීමේ වේගය ඉහළ දැමීමටත් ගොටුකොළ සමත් බව සොයාගෙන තිබෙනවා.



    නුවණ වර්ධනය කරගන්නත්, මතකය වැඩිකර ගන්නත් කියාපු බේත ගොටුකොළ බව නවීන පර්ෙය්ෂණ මගිනුත් සනාථවෙලා තියෙනවා. කිසිම අතුරු ආබාධයක් රහිතව මොළේ වැඩෙන්න කියාපු බේත ගොටුකොළ බව සනාථ කළ එක පර්ෙය්ෂණයකදී දිනපතා පිටිකළ ගොටුකොළ ග්‍රෑම් භාගයක් භාවිතයට ගත් දරුවන්ගේ මතක ශක්තිය දැනුම අවධානය ඒකාග්‍රතාව මාස 06න් ඉහළ ගිය බව සනාථ වෙලා තියෙනවා. ගොටුකොළ තුළ අඩංගු රසායන මගින් මොළයේ අර්ධ දෙක අතර කටයුතු සක්‍රීය කරන බවයි වාර්තා වී ඇත්තේ.

    ගොටුකොළ භාවිතාව මගින් ස්නායු අග්‍ර හොඳින් වර්ධනය වන බවත් ඒ නිසාම ශරීරයේ පූර්ණ ක්‍රියාකාරීත්වය ඉහළ යන බවත් සනාථ වී හමාරයි. ඒ වාගේම අවපීඩනය හෙවත් විශාදය, කාංසාව, නින්ද නොයාම වගේ අද සමාජයේ බහුල රෝග රැසකට හොඳම බේත ගොටුකොළයි.

    හොඳ රුධිර සැපයුමක් සිරැර පුරා පවත්වා ගන්නටත්, රුධිරයට පෝෂණය සැපයීමටත් ගොටුකොළ සමත්. මේ නිසා හොඳ අඛණ්ඩ ඔක්සිජන් සාන්ද්‍රනයක් සහ අත්‍යවශ්‍ය පෝෂණ සැපැයුමක් ශරීරයට ලැබෙන නිසාම ශරීරයේ තරුණ බව රැකදීමට එයට හැකියි.

    ගොටුකොළ ගැන සඳහන් වෙන තවත් වාර්තාවකට අනුව එහි ඇති සුවකිරීමේ ගුණය දැන් තහවුරු වී තියෙනවා. ඒ අනුව ගොටුකොළ හෙපටයිටිස්, උදරයේ තුවාල, පාචනය, උණ. ඇදුම, අපස්මාරය, මානසික වෙහෙස නසන අතරම සිපිලිස් කියන සමාජ රෝගයටත්, සොරයිසිස් හෙවත් පොතු කබර සමේ රෝගය සුවකරන ආලේපයක් ලෙසත් ක්‍රියාකරනවා. ඒ හැර අමෙරිකාව හා යුරෝපය තුළ ගොටුකොළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීමේ රෝගයට සාර්ථක ඖෂධයක් ලෙස භාවිත කෙරෙනවා. ගොටුකොළ තුවාල සුව කිරීමේ හැකියාවෙන්ද යුක්තයි. හන්දිපත් රුදාව නැති කිරීමටත් සමේ රෝග නැසීමටත් එයට හැකියි. අපිට පුරුදු මැල්ලුම්, කැඳ වුණාට වෙනත් රටවල ගොටුකළ පිටි, පෙති, තේ, සිරප් වගේම ක්‍රීම් බඳු ආලේපන හැටියටත් රෝග සුවකාරකයක් හැටියට භාවිත වෙන බව ඔබ දැන සිටියාද?

    ගොටුකොළ ග්‍රෑම් 100ක් තුළ අඩංගු පෝෂණ ගුණය මෙන්න.

    ශක්තිය කිලෝ කැලරි 3.7
    ප්‍රෝටීන් ග්‍රෑම් 2.1
    මේදය ග්‍රෑම් 0.5
    පිෂ්ඨය ග්‍රෑම් 6.0
    කැල්සියම් මිලිග්‍රෑම් 224
    පොස්පරස් මිලිග්‍රෑම් 32
    යකඩ මිලිග්‍රෑම් 68.8
    විටමින් C මිලිග්‍රෑම් 6.8

    ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ කියන්නා වාගේ ගොටුකොළ වුණත් දිගට භාවිතාව හොඳ නෑ. සාමාන්‍යයෙන් සති හයකට වරක් සති දෙකක පරතයක් ඇතිව භාවිතා කළයුතු බවයි බටහිර වෛද්‍ය පර්ෙය්ෂකයන්ගේ මතය. විශේෂයෙන්ම අක්මාවේ අමාරු ඇති අයට සමහර ඖෂධ ගන්නා අයට, පිළිකා රෝග ඉතිහාසයක් ඇති අයටත් ගොටුකොළ භාවිත කරන විට වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

    සුගත් (deshaya)

    27 May, 2017

    සිහින් නිමාවකට සංයුක්ත කළ ප්‍රබල පරිගණක බලය

    By: Aththa Withthi On: 5/27/2017 05:25:00 AM
  • Let's Get Social

  • ලැප්ටොප් පරිගණක වල පරිණාමය සලකා බැලූ විට පැහැදිලිවම පෙනෙනා කරුණ වන්නේ ඒවායේ ප්‍රබලත්වය මෙන්ම හැකි තරම් සිහින් නිමාවකින් යුතුව මෙම උපාංග නිෂ්පාදනය කිරීමද ලැප්ටොප් නිර්මානපක්කයින් විසින් එක හා සමාන ප්‍රමුඛතාවයන් ලෙසින් සලකන බවයි.

    විශේෂයෙන්ම එක් වෙළඳ නාමයක් මගින් සිහින් නිමාවකින් යුතු උපාංගයක් නිකුත් කිරීමත් සමගින්, තරගකාරී අනෙක් වෙළඳ නාමයන් උත්සාහ කරන්නේ තමන්ගේ මීළඟ ලැප්ටොප් උපාංගය හැකිනම් වඩාත් සිහින් නිමාවකින් යුතුව නිෂ්පාදනය කිරීමටත්, අනෙක් තරගකාරී උපාංගයන්ට වඩා වැඩි පරිගණක දෘඩාංග බලයක් ඊට ඇතුළත් කිරීමටත් වේ.

    මීට දින කිහිපයකට පෙරාතුව ප්‍රමුඛතම ලැප්ටොප් නිෂ්පාදකයෙකු වන HP සමාගම මගින් තම ලැප්ටොප් පරිගණක පෙළ සඳහා යාවත්කාලීනයන් ගණනාවක් නිවේදනය කරන ලදී. කෙසේ නමුත් මේවායින් බොහෝ දෙනෙකුගේ ඇස් යොමුවූ උපාංගය වූයේ HP Spectre X2 හි යාවත්කාලීන කළ සංස්කරණය වූ 2017 HP Spectre X2 උපාංගයයි.

    මෙය Surface Pro උපාංගය සඳහා හොඳ තරගයක් දිය හැකි, වඩාත් හොඳ තරගකරුවෙකු බව පැහැදිලිවම පෙනී යන අතර, වඩාත් ප්‍රබල ලැප්ටොප් උපාංගයක් HP මගින් නිකුත් කරන තුරු තරගයේ ඉදිරි පෙළ ‍රැකගෙන සිටීමට හැකියාවක්ද මෙයට තිබේ.

    මින් පෙර HP Spectre X2 ලැප්ටොප් උපාංගයට තිබූ බරපතළ ගැටළුවක් වූයේ එයට ක්‍රියාත්මක විය හැකි වූයේ Core M ප්‍රොසෙසරයන් සමගින් පමණක් වීමයි. මෙය සාමාන්‍ය පරිශීලකයෙකුට ගැටළුවක් නොවූවත්, ඉහළ මට්ටමේ වැඩකටයුතු සඳහා දෘඩාංග හැකියාවන් ඉහළින් බලාපොරොත්තු වන පරිශීලකයින් සඳහා එය සිත් කළකිරවන ගැටළුවක් වී තිබිණි.

    කෙසේ වුවත් මෙම වසරේ යාවත්කාලීන කළ 2017 HP Spectre X2 ලැප්ටොප් උපාංගය මගින් මේ සඳහා පිළියම් යොදා ඇති අතර, මිලිමීටර 13.2 ක ප්‍රමාණයේ සිහින් බඳක් සහිත පරිගණකය බලගැන්වීම සඳහා Seventh-gen Core i මධ්‍යම සැකසුම් ඒකකයක් ස්ථාපනය කොට තිබේ. සැබවින්ම මෙය ලැප්ටොප් උපාංගයක් ලෙසින් හැඳින්වීම නිවැරදි නොවේ. මෙය ලැප්ටොප් උපාංගයක් බවට පෙ‍රැළිය හැකි ටැබ්ලට් උපාංගයක් යැයි කීම වඩාත් නිවැරදි නිර්වචනයයි.

    කෙසේ නමුත් පැරණි Spectre X2 උපාංගයට වඩා, යාවත්කාලීන කළ 2017 HP Spectre X2 උපාංගය වඩාත් වෘත්තිය මට්ටමේ ලැප්ටොප් එකක් ලෙසින් පෙනී යයි. එයට අමතරව මෙය කදිම drawing tablet උපාංගයක් ලෙසින්ද භාවිත කළ හැකි වීම, චිත්‍ර ශිල්පීන් හෝ කාටූන් ශිල්පීන් වැනි නිර්මාණකරණයේ යෙදෙන්නන්ට සුභ ආරංචියක් වනු ඇත.

    මෙම 2017 HP Spectre X2 ටැබ්ලට් උපාංගය ලැප්ටොප් එකක් බවට පරිවර්තනය කිරීම සඳහා කළ යුත්තේ සිහින්ව නිමාකොට ඇති සම්පූර්ණ ප්‍රමාණයේ යතුරු පුවරුව, චුම්බකිත අල්ලු මගින් ටැබ්ලට් එකට සවි කිරීමයි. එසේම මෙහි පසුපස කික්-ස්ටෑන්ඩ් එකක්ද ඇති අතර, එයින් වඩාත් පහසුවෙන් යතුරු ලියන කටයුතු වුවත්, චිත්‍ර ඇඳීමේ කටයුතු වුවත්, චිත්‍රපටයක් නැරඹීම වැනි කටයුත්තක් වුවත් සිදු කිරීමට හැකියාව තිබේ.

    මෙහි අඟල් 12.3 ක තිරය ලැප්ටොප් උපාංගයක් සඳහා ප්‍රමාණවත් නොවේ යැයි කෙනෙකුට හැඟී යා හැකි වුවත්, මෙය ටැබ්ලට් උපාංගයක් ලෙසින් සැලකීමේදී ඊට වඩා වැඩි තිර මට්ටමක් භාවිතය කරදරකාරී වනු ඇත.

    මෙහි තිරයේ විභේදනය 3,000x2,000 ප්‍රමාණයේ වන අතර, සමාගම පවසන ආකාරයට මේතාක් දුරට HP සමාගම මගින් නිර්මාණය කොට ඇති දීප්තිමත්ම තිරය 2017 Spectre X2 උපාංගය සඳහා භාවිත කොට ඇත. එය නොතකා බැලුවද, 2017 Spectre X2 උපාංගයේ තිරයේ සුපැහැදිලි තාවය සහ දීප්තිමත් වර්ණ පරාසය ඉතාමත් විශිෂ්ට මට්ටමක ඇති බව කීමට හැක.

    මෙහි ඇති අනෙකුත් දෘඩාංග හැකියාවන් සම්බන්ධයෙන් විස්තර කරන්නේ නම්, Intel Iris graphics ග්‍රැ‍ෆික් ප්‍රොසෙසරයක් මෙහි තිබේ. ගිගාබයිට් 16ක ‍රැම් මතකයක් සහ ටෙරාබයිට් 1 ක SSD අභ්‍යන්තර මතකයක් මෙහි තිබේ. එසේම උපාංගය සිසිල් කිරීම සඳහා ද්විත්ව සිසිලන පංකා පද්ධතියක් පිහි‍ටුවා ඇති අතර, Bang & Olufsen ස්පීකර පද්ධතියක්ද මෙහි තිබේ.

    මෙහි USB Type-C පෝට් දෙකක්ද ඇත. මෙයට අමතරව එක් වරක් මෙහි බැටරිය ආරෝපණය කිරීමෙන් පැය අටක් දක්වා උපාංගය ක්‍රියාත්මක කිරීමටද හැකියාව තිබේ. මෙහි ඇති fast-charging හැකියාව සමගින් එය විදුලියට සවි කොට මිනිත්තු 30ක් තුළදී උපාංගයේ බැටරිය 50%ක් දක්වා ආරෝපණය කිරීමටද හැකියාව ඇත.

    බොහෝ විට වඩාත් විශාල ලැප්ටොප් පරිගණකයන්ට හුරුවී සිටිනා පරිශීලකයින් මෙම උපාංගය එතරම් සාදරයෙන් පිළිගනු ඇතැයි බලාපොරොත්තු විය නොහැක. එසේ වුවත් අඟල් 12.3ක තිරය සහ මිලිමීටර් 13.2 ක සිහින් ප්‍රමාණයේ බඳක් සහිත 2017 Spectre X2 උපාංගයේ ජංගම හැකියාව සහ හුරුබුහුටි බවත් සමගින් එක් තැන්වූ ප්‍රබල පරිගණක බලය සම්බන්ධයෙන් සිතා බැලීමේදී, නිර්මාණ කාර්යයන්හි යෙදී සිටින්නන් මෙන්ම ව්‍යවසායකයින්ද ඇතුළු වෘත්තිකයින් මෙයට ආකර්ෂණය වනු ඇතැයි සිතිය හැක.

    එමෙන්ම මෙම සියලු ගුණාංගයන් එක්තැන් වූ 2017 Spectre X2 උපාංගයේ බදු රහිත මිලද රුපියල් 150,000 ඉක්මවන බැවින්, මෙය මිලදී ගැනීම සඳහා උනන්දු වනු ඇත්තේ මෙහි ප්‍රබලත්වයෙන් සම්පූර්ණ ප්‍රයෝජනය ගැනීමට සිතනා වෘත්තිකයින් පමණක් වනු ඇති බවද ප්‍රවේසම් සහගතව උපකල්පනය කිරීමට හැකිවනු ඇත.



    (පැතුම් පුංචිහේවා - ada)

    23 May, 2017

    දෘෂ්‍යාබාධිතයන්ට සැරයටියක් තනා ලෝකයම දිනූ මාවතගම තාරක

    By: Aththa Withthi On: 5/23/2017 05:55:00 AM
  • Let's Get Social

  • තාරක දිල්ෂාන් කුමාර හේරත් මාවතගම මධ්‍ය මහා විද්‍යාලයේ 9වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන රටක් වටින දරුවෙකි. මෙම දරුවා පසුගිය දිනෙක ලංකාවේ නව ලෝකයේ රන් අකුරින් සටහන් කිරීමට කටයුතු කළේය. ඒ මැ‍ලේසියාවේ පැවැති ජාත්‍යන්තර නව නිපැයුම් හා තාක්ෂණ ප්‍රදර්ශනයේත් (International inventors Technology Exeibition - ITEX 2017) රටවල් පනස් තුනක තරගකරුවන් දෙසිය තිස්හය දෙනෙකු (236) පරදවා මෙරටට රන් පදක්කම් එකක් නොව තුනක්ම ලබා දෙමිණි. මෙම තරගාවලියේ කනිෂ්ඨ අංශයේ රන් පදක්කම මෙන්ම හොඳම නිර්මාණයට හිමි සම්මානයද තරගාවලියේ ප්‍රථම ස්ථානයද හිමිකර ගත්තේ තාරක දිල්ෂාන් විසින්. ලොවක් මවිත කළ මෙවැනි අවිශේෂී දක්ෂතාවයන් දැක් වූ තාරක තවමත් පසුවන්නේ දාහත් වැනි වියේය.

    තාරුක දිල්ෂාන් මෙකී තරගාවලි සඳහා ඉදිරිපත් කළ නිර්මාණය වන්නේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් භාවිතා කරන සුදු සැරැටියක්. එය උසස් තාක්ෂණයෙන් ‍පොහොසත් වූවකි. එය අද කා‍ලේ හැටියට ස්මාර්ට් සැරැටියක් යැයි පැවැසීම වරදක් නෙවේ. තම නිර්මාණය පිළිබඳ තාරුක පද ගැළපුවේ මෙලෙසිනි.
    අපේ ගමේ දෘශ්‍යාබාධ සහිත පුද්ගලයින් සතර දෙනෙකු සිටියා. ඉන් එක් අයෙකු මිය ගියා. ඒ වෙලාවේ මම හිතුවා මේ අයට උපකාරවන නිපයුමක් නිර්මාණය කරන්න අවශ්‍යයි කියලා. ඒ අනුව තමයි සුදු සැරැටිය මම නිර්මාණය කළේ.

    ඔහු ප්‍රථමයෙන්ම ඔහුගේ නිර්මාණය ඉදිරිපත් කරනුයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගෙ සහයත් නිපැයුම් 2016 තරගාවලිය සඳහායි. එහිදී ඔහු ඉදිරිපත් කළ අංශයෙන් කලාප, පළාත් හා සමස්ත ලංකා ප්‍රථමයා වීමට ඔහුට හැකි විය. එකී ජයග්‍රහණය ඔහුට මැ‍ලේසියාවේ ක්වාලාලම්පුර් තරගාවලියට යාමට මග පෑදෙන්නේය.
    තාරක විසින් සැරැටිය නිර්මාණයේදී ප්‍රධාන වශයෙන් කිරීමට උත්සාහ කර ඇත්තේ වටපිටාවේ පිරිසට මේ පැමිණෙන්නේ දෘශ්‍යාබාධ සහිත අයකු බව හැඟවීමටය. එහිදී විශේෂයෙන් රාත්‍රියේදී ඉදිරියෙන් අන්ධ පුද්ගලයකු පැමිණෙන බව හැඟවීමට සැරැටියට රතු පාට බල්බයක් සවිකර ඇති. ඊට අමතරව ලුමිනස් වර්ණයෙන් කහපාට පටිවලින් සැරැටිය සැරසීමට ඔහු කටයුතු කරගෙන ඇත.

    එනිසා පසුගියදා විදුලිබල අක්‍රිය වුවද සැරැටිය හඳුනාගැනීමට අවට සිටිනා අපට හැක. මේ විදිහෙ දෙයක් රියදුරකු දුටු විට අනිවාර්යෙන්ම වාදනයක් බව හඳුනාගන්නවා ඒ අනුව රථයේ වේගය පාලනය කිරීමට ඔහුට හැකි වෙනවා. 

    ඉදිරියෙන් බාධකයක් තිබෙන බව අන්ද පුද්ගලයින්ට දැන ගැනීම සඳහා මම සංවේදකයක් (Sencer) එකක් සැරයැටියට හයි කළා. එහිදී බාධකයක් ඇති විට සැරැටිය දෙදරීමටක ලක් වෙනවා. එහිදී දෘශ්‍යාබාධ සහිත පුද්ගලයාට බාධකය හඳුනා ගන්නවා. දෘශ්‍යාබාධ සහිත අයට රාත්‍රී දහවල වෙන්කර හඳුනා ගන්න හැකියාව නැහැ. මම ඔවුනට එය අවබෝධ කරගැනිමට ක්‍රම වේදයක් සැරැටියට ඇතුළත් කළා. එහිදී බොත්තමක් තද කිරීම තුළින් එය හඳුන්වා දෙනවා. දහවල නම් This is Sun time රාත්‍රිය නම් This is Night time යනුවෙන් පටිගත කළ පාඨයක් වාදනය වෙනවා. උදව්වක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට එහි තිබෙන්නේ බොත්තමක් එබිම පමණයි.

    ස්විචය නවතන තුරාම Please help me යනුවෙන් පටිගත කළ පාඨකයක් වාදනය වෙනවා. මේ හැම දෙයක්ම මම අදාළ ලෙස සැලැසුම් කරලා (Programme) තියෙනවා. ඒවාගේම මේ සැරැටිය යටට බෝල හයිකරලා තිබෙනවා. එහිදී මෙය රැගෙන යන්නට ඉස්සීමකින් තොරව එහාට මෙහාට කිරීමේ හැකියාවත් තිබෙනවා.

    තාරුක නිර්මාණ්‍ය කළ සැරැටිය නැවත විදුලි බලය ආරෝපණය (Recharge) කිරීමේ හැකියාව ඇති බැටරියකින් සමන්විතය. එකවරක් පූර්ණ ලෙස ආරෝපණය කිරීමෙන් පැය දෙකක් නොකඩවා භාවිතා කළ හැකි වේ. එයට අමතරව භාවිතා නොකරන විට විදුලි සැපයුම විසන්ධි කර තැබිමේ හැකියාව මෙහි ඇත.

    තාරක දිල්ෂාන්ගේ මෙකී සියලු දක්ෂතා හඳුනා ගත්තේ මාවතගම මධ්‍ය මහා විදුහ‍ලේ තාක්ෂණ විෂය උගන්වන ගුරුවරයා වන කේ.බි.එස්. නන්දන කුමාරය.

    තාරක පුතා 7 වසරේ ඉගෙන ගන්නා විට තනියම කැරකෙන වෙසක් කූඩුවක් හැදුවා. මම එදා තමයි මේ පුතාගේ දක්ෂතාවය හඳුනා ගත්තේ ඒ අනුව තමයි මූලික තරගය සඳහා මේ පුතාව පාසල් මට්ටමින් මම ඉදිරියට යැවීමට පියවර ගත්තේ..

    තාරුක පුතු පිළිබඳ ගෘහණියක වන මව ශිරෝමි ලියනආරච්චි පවසන්නේ මෙසේය.

    අපේ ගෙදර දඟම දරුවා. ‍පොඩි කා‍ලේ හරිම දඟයි. මුරණ්ඩුයි. ඒ වාගේම හරියට තරහා යනවා. ‍පොඩි කා‍ලේ කෑම මේසේ පුටු හයම කැඩුවා. ඒත් දැන් ගතිය ටිකක් අඩුවෙලා. කවදාවත් නැහැ බැහැ කියන වචන පුතාගේ කටින් පිට වෙන්නේ නැහැ. හැම විටම බලන්නේ ඉදිරියටම යන්න. අවුරුදු උත්වයකට ගියත් තෑගි ගොඩක් අරගෙන තමයි ගෙදර එන්නේ. පාස‍ලේ 2 වසරේ ඉගෙන ගන්න කොට එයාට මහණ වෙන්න ඕන කියලා මුරණ්ඩු වුණා. නමුත් පසුව එය මග හැරිලා ගියා. දැන් පුතා ඒ තරමටම තැන්පත් දරුවෙක්.

    තාරකට ඇත්තේ මෙම හැකියාව පමණක් නොවෙයි. ඔහු ඉගෙනීමටද දක්ෂ දරුවෙකි. ඔහු කරාටේ කොළ පටි හිමිකරුවෙකි. ගමේ පන්ස‍ලේ ශිෂ්‍ය සමිතිවල නිලතල රැසක් හොබවන ඔහු වොලිබෝල් හා ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වෙයි. ඔහු අවසානයේ ඔහුට උදව් කළ සැමට ස්තුති කිරීමට අමතක නොකළේය.

    ඔහුගේ පියා වන වසන්ත කුමාර හේරත් සුළු ව්‍යාපාරිකයෙකි. නමුත් පුතුට තිබෙන අනාගත බලා‍පොරොත්තු ඉටු කිරීමට යම් යම් අපහසුතා ඔහුට නැතුවාම නොවේ. මේ හේතුව නිසාම තාරුක මෙවැනි ඉල්ලීමක් සැමගෙන් ඉල්ලා සිටියේය.

    'මට රට යන්න ආසාව තිබුණා. අද මම එය ඉටුකරගත්තා. ඒ වාගේම මම හරිම ආසයි. රාජකීය, ආනන්ද නාලන්ද හරි ධර්මරාජ, කිංස්වුඩ් වගේ පාසලකට ගිහිල්ලා මගේ දැනුම තවත් වර්ධන කර ගැනීමට. ඒ සඳහා මා මේ වගේ පාසලකට ඇතුළත් කරගන්නවා නම් මට තවත් ඉදිරියට ගොස් තවත් නව නිර්මාණ කිරීමේ හැකියාව තිබෙනවා. මට අවශ්‍ය නිවැරදි දැනුම පමණයි. ශක්තිය මා සතුව පවතිනවා. මේ දරුවාගේ අහිංසක බලා‍පොරොත්තුව සරිකිරීමට හැකි නම් අනාගත විද්‍යාඥයකු අපි සතුවනවා නොඅනුමානයි.

    ශිරෝමි රත්නායක (lakbima)

    22 May, 2017

    කංජායුධ ක්‍රීඩාව ජංගම දුරකතනයට

    By: Aththa Withthi On: 5/22/2017 11:58:00 AM
  • Let's Get Social

  • කලකට ඉහතදී පරිඝනක ක්‍රීඩාවක් ලෙස ශ්‍රී ලංකාවේ පරිඝනක ක්‍රීඩා ලෝලීන් අතර ඉතා විශාල ප්‍රසාදයක් දිනාගනු ලැබූ “කංජායුධ” නුදුරේදීම ජංගම දුරකතන ක්‍රීඩාවක් ලෙස එළි දැක්වීමට නියමිත බව වාර්තා වේ.

    ඇරිමැක් තාක්ෂණ සමාගමේ නිශ්පාදනයක් වන මෙම ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකීකයින්ගේ දායකත්වයෙන් නිපදවා ඇති අතර පුරාණ ශ්‍රී ලංකාවේ යුධ හරඹ සහ කතා තේමාවන් පාදක කරගනිමින් නිර්මාණය කර තිබේ.

    මේ දිනවල එම පරිඝනක ක්‍රීඩාව ජංගම දුරකතනවල ක්‍රීඩාකල හැකි මට්ටමෙන් සකස් කරමින් සිටින බව එම සමාගමේ අභ්‍යන්තර ආරංචිමාර්ග අප වෙත වාර්තා කලා. (mirrorarts)

    19 May, 2017

    දිනකට කොපමණ විටමින් ඒ අවශ්‍යයද...?

    By: Aththa Withthi On: 5/19/2017 05:25:00 AM
  • Let's Get Social


  • වයස අනුව පුද්ගලයකුගේ විටමින් ඒ අවශ්‍යතාව වෙනස්ය. මේ ඔබගේ වයස අනුව විටමින් ඒ ලබාගත යුතු ප්‍රමාණයයි.



    (deshaya)

    පිකාසෝ ගේ 'හිඳ සිටින කත' ඩොලර් මිලියන 45කට අලෙවි වෙයි

    By: Aththa Withthi On: 5/19/2017 05:10:00 AM
  • Let's Get Social

  • ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් අදින ලද සිතුවමක් නිව්යෝක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 45කට අලෙවි වී තිබේ.

    පි මෙසේ අලෙවි වී තිබේ “ෆෙම් අසීස්, රෝබ් බ්ල” එනම් නිල් පැහැ ගවුමෙන්, හිඳ සිටින කත නම් ලද මෙම සිත්තම Femme Assise, Robe Bleu (Seated Woman in Blue Dress) පිකාසෝගේ ආදරවන්තියක් වන ඩොරා මාර්ගේ සිතුවමක් ලෙස සැලකේ.

    ඩොරා හා පිකාසෝ අතර ඉතාමත් සමීප බැඳීමක් පැවතුණ බවත් මෙම චිත්‍රය 1939 වසරේදී සිතුවම් කර තිබෙන බවත් සඳහන් වෙයි.

    ඒ වනවිට පිකාසෝ 58 වැනි වියෙත් දොරා 31වැනි වියෙත් පසුව තිබේ.


    (mirrorarts)

    17 May, 2017

    මාසික වේදනාවට, බඩේ පිළිකාවට, දියවැඩියාවට, කියාපු බේත පැපොල්

    By: Aththa Withthi On: 5/17/2017 05:55:00 AM
  • Let's Get Social


  • ලංකාවේ අපට සුපුරුදු සහ බහුලව දක්නට ලැබෙන පළතුරක් වන ගස්ලබු හෙවත් පැපොල් තුළ අඩංගු ඉහළ පෝෂණ ගුණය ගැන මේ විස්මිත කරුණු ඔබ දැන සිටියාද?

    • විටමින් සරුසාර පෝෂණය

    පැපොල්වල කැලරි ප්‍රමාණය අඩුවේ. එය විටමින් A වලින් සරුසාරය. එසේම ඉදුණු පැපොල් කෑල්ලක් තුළ විටමින් C ද බහුලය. විටමින් Bවල අත්‍යවශ්‍ය කාණ්ඩ ගණනාවක්ම එහි අන්තර්ගතය.

    ෆෝලික් අම්ලය, තයමින් හෙවත් B1, රයිබෝ ෆ්ලෙමින් හෙවත් B2, පැන්ටෝතෙනික් අම්ලය හෙවත් B5 සහ පිරිඩොක්සින් හෙවත් B6 එලෙස අන්තර්ගත ද්‍රව්‍ය වේ.

    ඒ හැර පැපොල් යනු ඉහළ කෙඳිති ප්‍රමාණයක් සහිත ආහාරයකි. ඒ තුළ මැග්නීසියම් පොටෑසියම්, තඹ මෙන්ම විටමින් K ද අන්තර්ගතය.

    • ඇසට ගුණයි

    විටමින් A සරුසාර නිසාම, එය ඇසට ගුණදායකය. වයසත් සමග ඇතිවන මාංශපේශි දුර්වලවීම සහ දිරාපත්වීම අවම කිරීමට මේ තුළ අඩංගු සේසැන්තීන් සහ ලුටින් සමත්ය.

    • ප්‍රතිශක්තිය ඉහළ දමයි

    විටමින් C, විටමින් A, සරු නිසාම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රබෝධමත්ව ක්‍රියාත්මකව තබයි. මේ නිසා පැපොල් රෝගාබාධවලින් වැළකීමටද උපකාරයකි.

    • බඩවැලේ පිළිකා නසයි

    කෙඳිතිවලින් සාර නිසා බඩවැල් තුළ පිළිකා කාරක රැඳීම වළක්වයි. පැපොල් තුළ සරු විටමින් C, විටමන් E, බීටා කැරොටින්, ෆෝලේට් ආදිය පිළිකා නාශක ගුණයෙන් අනූනය.

    • හෘද රෝගවලට ගුණයි

    ප්‍රතිඔක්සිකාරක වන බීටා කැරොටින් සහ ලයිකෝපින් මෙන්ම විටමින් C සහ E ආදිය නිරෝගී නහර පද්ධතියක් පවත්වා ගැනීමට ආධාර වන්නේ කොලෙස්ටරෝල් ඉවත් කිරීමෙනි. ෆෝලීක් අම්ලය මගින් හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමද සිදුවෙයි. පැපොල්වල අන්තර්ගත කෙඳිති නරක කොලෙස්ටරෝල් LDL අඩු කිරීමට ආධාරයකි. පැපොල් තුළ පොටෑසියම් සරු නිසා රුධිර පීඩනය සහ ස්පන්දනය නිරෝගීව තබා ගැනීමටත් එය ආධාරයකි. ඉදුනු පැපොල්වලටත් වඩා අමු පැපොල්වල පොටෑසියම් බහුලයි.

    • දීප්තිමත් සමක්

    ප්‍රතිඔක්සිකාරක වන විටමින් C සහ E මෙන්ම කැරොටිනොයිඩ නිසා සෛල වයසට යාම වළක්වයි. මෙනිසා සමරැලි වැටීම දුර්වර්ණ වීම නවතියි.

    • දියවැඩියාවට ගුණයි

    පැණි රස වුණත් මෙහි ඇත්තේ අඩු ග්ලූකෝස් ප්‍රමාණයකි. මේ නිසාම එය දියවැඩියාව ඇති රෝගීන්ට ගුණදායකය. මෙහි ඇති ස්වභාවික ප්‍රතිඔක්සිකාරක ගුණයද සමබල පෝෂණයකට උපකාරයකි.

    • මාසික වේදනාවට සහනය

    කාන්තාවන්ගේ මාසික ශුද්ධිය ඇති දිනවල පැපොල් වැඩියෙන් ආහාරයට ගතහොත් එය ඒ දිනවල ඇතිවන වේදනාව සමනයට ආධාරයක් වෙයි. පැපොල් තුළ ඇති එන්සයිම සරු බව මගින් මේ ප්‍රතිලාභය හිමිකර දෙයි. (deshaya)

    16 May, 2017

    මධු සමයේ දී ඇති වන කොන්දේ වේදනා සුළු කොට තකන්න එපා

    By: Aththa Withthi On: 5/16/2017 06:10:00 AM
  • Let's Get Social

  • 2005 වසරේ, එවකට වයස අවුරුදු 25ක් වූ සඳමාලි විවාහ වූයේ වසර දෙකක පේ‍්‍රම සම්බන්ධතාවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. මධුසමය දින රාත‍්‍රියේ හදිසියේම ඇයට කොන්ද ප‍්‍රදේශයේ වේදනාවක් හට ගැනුණි. එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් වූ බැවින් ඒ පිළිබඳව ඇය කලබල වූයේ හෝ වැඩිදුර සළකා බැලූවේ හෝ නැත. 

    විවාහයෙන් පසු රැකියාවේ සුපුරුදු රාජකාරී කටයුතු සහ ගෙදරදොර වැඩකටයුතු අතර ඇයට මෙම කොන්දේ වේදනාව පිළිබඳව මතකයක් පවා නොතිබිණි. නැවත වරක් ඇයට මේ ආකාරයට කොන්දේ වේදනාවක් හට ගැනුණේ විවාහයෙන් මාසයකට පමණ පසු රාත‍්‍රියක දීය. 

    ඒ තම සහකරු හා යුගයහනේ සබඳතා පවත්වන අතරතුරය. එවරද එය ඇති වී නැති වී ගිය ආකාරයේ කොන්දේ වේදනාවක් පමණක් වූයෙන් වැඩිදුර සළකා බැලීමේ අවශ්‍යතාවක් නොතිබිණි. තුන් වන වරට සඳමාලිට මෙම වේදනාව ඇති වුයේ කාර්යාලයේ සේවය කරමින් අතරතුර ය. ඒ මොහොතේ ඇයට පෙර දෙවතාවක් ඇති වී නැති වී ගිය මෙම වේදනාව පිළිබඳව මතක් වුව ද මෙවර එය ඇති වී නැති වී ගිය වේදනාවක් නොවූයෙන් ඒ පිළිබඳව කල්පනා කරන්නට වූවා ය. මේ අවස්ථාවේ කොන්දේ වේදනාව අඩු වූයේ පැය කාලකට පමණ පසුව ය.

    මාස දෙකක් තුළ තුන් වතාවක් හටගත් ඇගේ කොන්දේ වේදනාව දරුණු වන්නට පටන් ගත්තේ ඇය පළමුවරට ගැබ් ගැනීමෙන් පසුව ය. දරුවා බිහි කරන තාක් මාස හයක් වැනි කාලයක් තුළ මෙම වේදනාව නොනවත්වාම පැවතුණි. දරු උපතින් පසු මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු හමු වූ සඳමාලිට වෛද්‍ය පර්යේෂණ කීපයකට මුහුණ දෙන්නට සිදුවිය. 

    අවසාන වශයෙන් ඇයට දැන ගන්නට ලැබුණේ ඇගේ කොන්දේ වේදනාව ඇති වීමට හේතුව කොඳු නාරටියේ ඇති වූ ක්ෂණික ගැස්සීමක් බව ය. මෙය සුව කළ නොහැකි තත්වයක් බවත්, වියපත් වීමත් සමග වේදනා නාශකවලින් යම් ආකාරයක සුවයක් ලබා ගැනීම විනා නිට්ටාවට සුව කළ නොහැකි තත්වයක් බවත් දැන ගන්නට ලැබුණි.

    මෙම රෝගී තත්වය බහුල වශයෙන්ම ඇති වන්නේ කාන්තාවන්ට නොව පිරිමින්ට ය. එයට හේතුව අනුරාගී ක‍්‍රියාවලියේ දී කාන්තාවන්ට වඩා පිරිමින්ගේ කොඳු නාරටිය ප‍්‍රදේශය තරමක ගැස්සීමකට ලක් වන බැවිනි. නමුත් එය කාන්තාවන්ට වුවද ඇති විය හැකි තත්වයකි. සාමාන්‍යයෙන් මෙම තත්වය සහිත පිරිමින් සියයට 7ක් ද කාන්තාවන් සියයට 2ක් ද ලෝකයේ සිටින බව වෛද්‍ය මතයයි. කොඳු නාරටියේ ඕනෑම ස්ථානයක ඇතිවන වේදනාවන් පළමුව දැනෙන්නේ කොන්ද ප‍්‍රදේශයට ය. 

    නමුත් අනුරාගී හැසිරීම්වලදී සිදුවන හදිසි ගැස්සීම් තත්වයන් නිසා කොන්දේ ඇතිවන වේදනාවන් එකවර ඇති නොවන්නා සේම එය එකවර පිටතට එන්නේ ද නැත. එසේම එකවර සුව වන්නේ ද නැත. මෙය හඳුනාගත් මුල් අවස්ථාවේ ම නිසි ලෙස ප‍්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කර ගත හැකි වුව ද බොහෝ දෙනෙකු මූලික අවස්ථාවේ දී ම වෛද්‍ය උපදෙස් සඳහා යොමු නොවේ. එයට හේතුව එය ඇති වී නැති වී යන ආකාරයේ වේදනාවන් බැවින් ඔවුන් ඒ පිළිබඳව වැඩි සැළකිල්ලක් නොදැක්වීමය.

    මේ නිසා අනුරාගී හැසිරීමක දී හෝ එවන් හැසිරීමකින් පසුව එකවර ඇති වී නැති වී යන ආකාරයේ කොන්දේ වේදනාවක් ඇති වුවහොත් නැවත එසේ වේදනාවක් ඇති වීමට පෙර වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමෙන් වියපත් වන විට ඇති වන කොන්දේ අපහසුතාවලින් මිදිය හැකි බව අවධාරණය කළ යුතු වේ.

    දුලංජලී මුතුවාඩිගේ (lakbima)

    ලොකු වෙන්න බෙහෙත් නෑ

    By: Aththa Withthi On: 5/16/2017 05:40:00 AM
  • Let's Get Social


  • ලිංගයේ ප්‍රමාණය පිළිබඳ සමහරුන් තුළ මතුවන ගැටලුව ගැන අපි ගිය සතියේ ආරම්භ කළ කතාබහට තවත් කරුණු කිහිපයක් එක්කර ගැනීමට මේවර අපි විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ ගමගේ හට ආරාධනා කළා. විශේෂයෙන්ම කෙනෙකුගේ ස්වභාවික ලිංගේන්ද්‍රිය වඩාත් ලොකු කරගන්න වර්ධනය කර ගන්න තියෙනවා යැයි කියන ඖෂධ වර්ග ගැනයි අපි ඇසුවේ. ඇත්තටම එබඳු වර්ධනාලේප, පෙති, කරල්, සැත්කම් තියෙනවාද?

    මේ වගේ ඖෂධ ගැන පුරසාරම් දොඩන්නේ වෙළඳ දැන්වීම්වලින් තමා. සාමාන්‍යයෙන් කෙනෙක් වැඩිවියට ළංවූ විට දක්නට ලැබෙන ද්විතියික ලිංගික ලක්ෂණ වර්ධනය කරගැනීමටත්, හෝමෝන ඌනතා නිසා ඇතිවන ගැටලු සඳහාත් ප්‍රතිකාර කරන අවස්ථා තියනවා. ටෙස්ටොස්ටෙරොන් පුරුෂ හෝර්මෝනය අඩු අයට එය ලබාදෙන අවස්ථා තියෙනවා. නමුත් එබඳු ඌනතාවක් නැති සාමාන්‍ය අයට ඒ හොර්මෝනය දීලා වැඩක් නෑ. හෝර්මෝන ගත්තාය කියලා ඒ අයගේ ප්‍රමාණයේ වෙනසක් වෙන්නෙත් නෑ. මේ නිසා කියන්න ඕනෑ ඔය දැන්වීම්වල ඇති වර්ධනාලේප, පෙති, කරල්, කුඩු ගැන විශ්වාසය තියන්න එපා කියලයි.

    දැන් ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණු කියන සැත්කම් මගින් ප්‍රමාණය විශාල කරගන්න පුළුවන්කමක් තියෙනවාද කියලා බොහෝ දෙනා විමසනවා. ඒ ගැන තත්ත්වය කෙබඳුද?

    මේ වගේ සැත්කම් අමෙරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල සිදුවෙනවා. ඒ වගේම අලුතෙන්ම සාදාදෙන අවස්ථාත් තියෙනවා. නමුත් මේවා මිල අධික ප්ලාස්ටික් සැත්කම් ගණයට අයත් ඒවායි. ඉතින් මේ අධික මිල ගෙවා කරන සැත්කම සාමාන්‍ය ජීවිතයට මුහුණ දෙන්නට නොහැකි අය සඳහා ඇති පිළියමක් පමණයි. ඒක හැමෝටම අවශ්‍ය නෑ.

    සමහරු හිතනවා ප්‍රමාණය ලොකු වුණාම ලොකු ආකර්ෂණයක් ලැබෙනවා කියලා. සාමාන්‍යයෙන් විවාහවෙලා දරුවකු ලබාගන්න මේ ප්‍රමාණය කියන සාධකය කිසිසේත් බලපාන්නේ නෑ. කුඩා අය ලොකු කරගන්න හිතනකොට ලොකු අය පීඩාවට පත්වෙලා ඉන්නවා. තමන්ට කාන්තාවක් හා එක්වන්නට බැරිවෙයි කියලා. සාමාන්‍යයෙන් කාන්තාවගේ ශරීරය අවශ්‍ය අන්දමට ප්‍රසාරණයට ලෑස්තියි. දරුවෙකුගේ හිසක් එළියට එන්නට තරම් එය ප්‍රසාරණය වීමට සමත්. ඉතින් සාමාන්‍ය ලෝකයේ ඊට වඩා ලොකු ප්‍රමාණයේ ලිංගේන්ද්‍රියක් ගැන මෙතෙක් නම් වාර්තා වෙලා නෑ. කොටින්ම කියන්න ඕනෑ මේ ප්‍රමාණය කියන සාධකය කිසිසේත්ම ප්‍රීතිමත් විවාහ ජීවිතයකට අදාළ නැති සාධකයක් කියලයි. ඒ වගේම මේ අවයවයට විතරක් නොවේ මුළු ශරීරයේම වර්ධනය මනාව පවත්වා ගන්න නම් හොඳ සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීමයි වැදගත්. පළතුරු එළවළු වැඩි සමබල ආහාර ගැනීම, අවශ්‍ය තරම් ජලය පානය, දිනපතා ව්‍යායාම, හොඳ නින්දක් ලැබීම, මත්පැන් දුම්වැටිවලින් තොර ජීවිතයක් ගත කිරීම, මේ තමා රහස්. (deshaya)

    09 May, 2017

    ලිංගික ආශ්වාදයට ආඳෙකු යොදාගෙන - අන්තර්ජාලය කැළඹූ වීඩියෝව

    By: Aththa Withthi On: 5/09/2017 05:25:00 AM
  • Let's Get Social

  • ලිංගික ආශ්වාදය උදෙසා ආඳෙක්ව යොදාගත් පුද්ගලයෙකු සිදුවූ අපූරූ සිදුවීමක් පිළිබඳව වාර්තාවනවා. මෙය වාර්තාවන්නේ චීනයෙන්.

    මෙම පුද්ගලයා තම ලිංගික ආශ්වාදය උදෙසා ආඳෙක්ව යොදාගත් අවස්ථාවක එම සත්වයා ඔහුගේ ශරීරය තුලට ගොස් තිබෙන අතර සැත්කමක් මගින් එම ආඳා ශරීරයෙන් ඉවත්කරන අයුරු දැක්වෙන වීඩියොවක්ද අන්තර්ජාලයේ දැක්වෙනවා.

    අන්තර්ජාලයට නිකුත් වු මෙම වීඩියෝව අන්තර්ජාලය කැළඹීමට සමත්ව තිබෙන අතර පැය 24ක් ගතවෙන්නටත් පෙර මෙම වීඩියෝව මිනිසුන් 50,000ක් ඉක්මවා නරඹා ඇති බවයි වාර්තාවන්නේ.

    වෛද්‍යවරයා විසින් එම ආඳා බඩ තුලින් එලියට ගන්නා ආකාරය වීඩියෝ ගතකර අන්තර්ජාලයට මුදාහැර ඇති අතර ඒ වනවිටත් මෙම සතා පණ පිටින් ඇඹරෙමින් සිටින ආකාරය එම වීඩියොවේ දක්නට ලැබෙනවා.
    අදාළ වීඩියෝව සහ ඡායාරූප පහතින් බලන්න.

    08 May, 2017

    ශ්‍රි වික්‍රම රාජසිංහ මිනීමරුවෙක් නෙමෙයි - මද්දුම බණ්ඩාර ඇහැලේපොළ කුමාරිහාමි කතා බොරු - මානව විද්‍යාඥයෙකුගේ ආන්දෝලනාත්මක හෙළිදරව්ව

    By: Aththa Withthi On: 5/08/2017 12:01:00 PM
  • Let's Get Social


  • ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

    ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය.

    චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.

    ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය.

    පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය(Dutthagamini and the Buuddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.

    විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR SRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

    ‘ද ඩූම් කිංන් ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?

    දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හොටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා.

    මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි. ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ.

    ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව.

    මේ කරණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා.

    ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?

    මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බෙබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජරුවන්ගේ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගන්ද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ.

    රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

    මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි.

    ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි.

    ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද ?

    1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා.

    එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා.

    මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම.

    ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා.

    මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?

    පෙරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි.

    ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buuddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා. ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා.

    නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන.

    මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?

    අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්.

    (THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය සම්බන්ධයෙන් කියැවීමක් එළඹෙන 17වනදා සවස 03:00ට BMICH හි දී පැවැත් වීමට කටයුතු යොදා ඇත. ඔහුගේ අදහස් පිළිබඳව ඔබ තුළත් යම් කුකුසක් ඇතිවුණි නම් එදිනට ඔබත් ඇවිත් යන්න එන්න.)

    රසික කොටුදුරගේ
    (උපුටාගැනීම සිළුමිණ පුවත්පතෙනි)

    06 May, 2017

    සිසුවෙකු හදපු පුදුම හිතෙන තනපටය

    By: Aththa Withthi On: 5/06/2017 02:23:00 PM
  • Let's Get Social

  • පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි.

    18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ සිය මිතුරන් තිදෙනාගේ ද සහය ඇතිව නිපදවන ලද මෙම තනපටය නම් කර ඇත්තේ ‘ඉවා බ්‍රා’ නමිනි.

    පිළිකාවක් ඇතිවීමට හේතුසාධක විය හැකි වෙනස්වීමක් පියයුර තුළ ඇතිවේනම් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ හැකියාවක් මෙම තනපටයට ඇති බව ඔවුහු පවසති.

    තවමත් මූලාකෘතියක් වශයෙන් පමණක් පවතින මෙම නිෂ්පාදනයට, ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වන ලෝක සම්මාන උළෙලේ පළමු ත්‍යාගය හිමි විය.

    මෙම තනපට අත්හදා බැලීමේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල මේවනවිටත් තමන්ට ලැබී ඇති බව එය නිපදවූ ශිෂ්‍යයෝ පවසති.

    මෙම තනපටය ක්‍රියා කරන්නේ කෙසේද?

    කාවකට හේතුවිය හැකි ගැටිත්තක් වේනම් එය කරා වැඩි රුධිර ප්‍රමාණයක් පැමිණීම හේතුවෙන් ඒ අවට සමේ උෂ්ණත්වය ඉහළ යා හැකිය.

    තනපට තුළ සවිකර ඇති ජීව සංවේදක මගින් මෙම උෂ්ණත්ව වෙනස ග්‍රහණය කෙරෙනු ඇත.

    නිවැරදි මිනුම් ලබාගැනීම සඳහා කාන්තාවන් විසින් මෙම තනපට අවම වශයෙන් සතියකට විනාඩි 60 - 90 අතර කාලපරාසයක් ඇඟ ලා සිටිය යුතු වේ.

    කෙසේ නමුත් මෙහි නිරවද්‍යතාව සනාථ කිරීම සඳහා තවමත් නිසි අත්හදා බැලීමක් සිදුකර නොමැත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් මහා බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනයේ ඇනා පර්මන් කියා සිටියේ විද්‍යාත්මකව අත්හදා බැලීමක් සිදුකර නොමැති තාක්ෂණයක් මත යැපීම සුදුසු නොවන බවය.

    කෙසේ නමුත් 18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ මෙම විශේෂ තනපටය නිපදවීමට වෙහෙසී ඇත්තේ සිය මවට පියයුරු පිළිකාවක් වැළඳීම හේතුවෙනි.

    එය කල්තබා විනිශ්චය කරගැනීමට වෛද්‍යවරයා අසමත් වීම හේතුවෙන් සිය මවගේ පියයුරු යුවළම ඉවත් කරන්නට සිදුවී තිබේ.

    පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත බවට විශ්වාස කෙරෙන මෙම විශේෂ තනපට ලබන වසරේ වෙළඳපලට නිකුත් කළහැකි බව මෙම නවයොවුන් නිමැවුම්කරුවෝ පවසති.

    05 May, 2017

    චැට් කරන්න කෙල්ලෙක් නැද්ද - චාටර් නොවී චැට් කරන්න මෙන්න නියම බඩුවක්

    By: Aththa Withthi On: 5/05/2017 03:16:00 PM
  • Let's Get Social


  • ඔබට කතාබහ කිරීමට කිසිවෙකුත් ලඟ නැති අවස්ථාවකදී ඔබේ ස්මාට්ෆෝනයේ ඩිජිටල් සහායකයෙකු සමගින් හෝ කථා කිරීමට ඇත්නම් එය කෙතරම් වටිනු ඇතිද? එසේ නම් A-BOT යනු ඒ සඳහා ගැලපෙනම යෙදුමක් ලෙසින් හැඳින්විය හැක. සාමාන්‍යයෙන් කෘත්‍රිම බුද්ධියක් ඇති ලෙසින් පෙනෙනා චැට් බොට් යෙදුම් පවතින්නේ බොහෝ ප්‍රාථමික අවධියක යැයි කීම බොරුවක් නොවේ.

    කෙසේ නමුත් මේවා අතුරින් වඩාත් සාර්ථක චැට් බොට් යෙදුම් වලට ඔබ සමගින් වඩාත් අර්ථාන්විත පිළිසඳරක යෙදීමට හැකියාව තිබේ. මෙම A-BOT යෙදුමද එයින් එකකි. මෙයට ඔබ සමගින් සරල කථාබහක යෙදීමට හැකි වූවත්, එයින් සිදුවන්නේ ඔබ අසනා දෙයට පිළිතුරු සැපයීම පමණක් නොවේ. එය ඔබෙන්ද ප්‍රශ්න අසනු ඇත.

    ඔබ විනීතව පිළිතුරු දෙන්නේ නම් ඔබ විනීත පුද්ගලයෙකු බව එය නොවලහා ඔබට පවසනු ඇත. එසේම ඔබ සමගින් විහිළු කථාවක් බෙදාගෙන ඔබ හා සිනහසීමටද එයට හැකියාව ඇත. කොටින් පවසන්නේ නම් ඔබ උදාසීනව සිටින මොහොතක ඔබේ මිතුරා වන්නට යෙදුමට හැකිවනු ඇත.

    Click Here to Download


      -ada