Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

27 May, 2017

මොරටුවේ සරනේලිස්ට අවුරුදු 104යි

By: Aththa Withthi On: 5/27/2017 05:10:00 AM
  • Let's Get Social

  • හතර පෝයට සිල් ගනී ඉහෙන් බහින රෝගත් නෑ.

    කෙනෙකුට වසර සීයයකට වඩා ජීවත්වීමට ලැබෙන්නේ නම් එය භාග්‍යකි. එය වඩාත් කැපී පෙනෙන්නේ කිසිඳු රෝගයක් නැතිව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත්වීමට හැකියාව ලදහොත්ය.

    මොරටුව, ඉඩම, චාල්ස් ද සොයිසා පෙදෙස, අංක 16 සමනළ නිවෙසේ පදිංචි හේවානැදුන්ගොඩගේ සරනේලිස් මහතාද එවැනි අයෙකි. 104 වැනි වියේ පසුවන ඔහු අදටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන්නෙකි. සරනේලිස් මහතා 1913 දෙසැම්බර් මස 11 වන දා මෙළොව එළිය දකින්නේ මාතර තිහගොඩ ගමේය. 

    ගමේ විදුහල වූ තිහගොඩ විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඔහු එම සුන්දර ගම අතහැර මොරටුව වෙත පැමිණෙන්නේ 1938 වසරේදීය. එවිට ඔහුට වයස 25ක් වූ අතර ඔහු නතර වන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන දියෝනිස්ගේ කාමරයේය. දියෝනිස් කොළඹ වාරායේ රැකියාවක් කළ අයෙකි. මොරටුවට පැමිණීමෙන් පසු තම සහෝදරයාගේ සහය ද ඇතිව සරනේලිස් කුඩා වෙළෙඳාමක් පටන් ගත්තේය.

    1945 ජනවාරි 01 වැනි දා මාතර මාලිම්බඩ පදිංචි කංකානම්ගේ ගිමාරා කරුණාවතී මෙනවිය සමඟ සරනේරිස් විවාහ වන්නේය. මේ දෙපළට දාව දූ දරුවන් 10 දෙනෙක් ලැබෙන අතර කරුණාදාස, ධනපාල, නන්දරත්න, සිරිසේන, ගුණසේන, දයානන්ද, චන්ද්‍රසිරි, රත්නසිරි පිරිමි දරුවන් වන අතර අනුලාවතී හා අමරාවතී ගැහැණු දරුවන්ය. මෙයින් ගුණසේන මියගොස් ඇති අතර අනිත් දරුවන් ජීවත් වේ. මුණුපුරු මිණිපිරියන් සංඛ්‍යාව 52කි. මේ වන විට ගිමාරා කරුණාවතී මහත්මිය රෝගී තත්ත්වයෙන් පසුවන අතර ඇයගේ වයස 96කි

    ඉතාමත් හොඳ බෞද්ධයකු වූ සරනේරිස් මහතා සෑම පෝයටම සිල් සමාදන් වේ. කිසිදා මත්පැන් හෝ දුම්වැටි පාවිච්චි කර නොමැති සරනේලිස් මහතා අවුරුදු 104ක් වෙලත් තමන් නිරෝගීව සිටින්නේ ඒ නිසා යැයි කියා සිටී. සරනේලිස් මහතා - මට අවුරුදු 104යි. මගේ බිරියට 96යි. ඇය රෝගීව ඇඳේ සිටින්නේ නමුත් මගේ දරුවන් සියලුදෙනා අපි දෙන්නට හරි ආදරෙයි. මේ මහලු වයසෙදිත් අපි දෙන්නට හොඳට සලකනවා. 

    අපි දෙන්නා බොහොම දුක් මහන්සි වෙලා තමයි මේ දරුවෝ 10 දෙනා ලොකු මහත් කරලා සමාජයට දායාද කළේ. මට මතකයි දරුවන් කුඩාකල ගෙදර කිරි හරක් ඇති කරා ඉන් පසුව සිල්ලර කඩයක් දමා ගත්තා. ඒ කාලේ මොරටුව ප්‍රදේශයේ එතරම් ගෙවල් නෑ. දරුවන්ට සෙල්ලම් කිරීමට විශාල ප්‍රදේශයක් තිබුණා දැන්නම් ජනාකීර්ණ වෙලා. ඒ කාලේ වෙසක් බලන්න කොළඹට ගියේ පයින්. මා දේශපාලනය කළේ නැතත් වාමාංශික අදහස් සහ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමක් තිබුණා. එන්. එම්.පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි නායකයන් මගේ වීරයන්.

    සරනේලිස් මහතා මොරටුව හොරේතුඩුව ශ්‍රී සංඝිකාරාම පුරාණ මහ විහාරයේ (නා ගහ වරාය විහාරස්ථානයේ) පැරණිම දායකයෙකි. ඔහුට වසර 100 පිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයෙන් හා මොරටුව ඉඩම ජේෂ්ඨ පුරවැසි සංවිධානයෙන් සමරු පළකයන් පිළිගන්වා ඇත. 

    තම මවුපියන් නොසලකා හැර පාරේ දමා යන කාලයක සරනේලිස් මහතාගේ දූ දරුවන් තම මවත් පියාත් වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරමින් ඔවුන් දෙදෙනා රැකබලා ගැනීම ආදර්ශවත් කටයුත්තක් වේ. බාල පුතුණුවන් වන රත්නසිරි මහතාගේ නිවසේ මේයුවළ පදිංචි වී සිටින අතර රත්නසිරි මහතා හා ඔහුගේ බිරිය වන දිස්නා මහත්මිය මේ දෙපළට කරන සත්කාර ප්‍රශංසනීය වේ.

    රාවතාවත්ත සමූහ - රෝහණ ද සිල්වා (dinamina)

    26 May, 2017

    දවසේ කාටූන් - 2017.05.26

    By: Aththa Withthi On: 5/26/2017 09:30:00 PM
  • Let's Get Social
  • දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

    Watch to cartoons of the day, visit our Cartoons page.























    හර්ෂ උඩුගුවනේ සිට ලොවටම හෙළිකල ජනපතිගේ සරල බව

    By: Aththa Withthi On: 5/26/2017 04:26:00 PM
  • Let's Get Social


  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සරළබව දැක්වෙන ජායාරූපයක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමන් මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන් යානයක සාමාන්‍ය මගියෙකු අසල වාඩි වී පොතක් කියවමින් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ෆේස්බුක් සමාජජාලයට එක්කර තිබුනා.

    අදාළ ඡායාරූපය සහ ෆේස්බුක් සටහන පහතින්.

    හුංගම බටඅත කතුන් දෙදෙනාගේ අභිරහස් ඝාතනය

    By: Aththa Withthi On: 5/26/2017 01:47:00 PM
  • Let's Get Social


  • මහත් ආන්දෝලනයට තුඩුදුන් හුංගම, කපුවත්තගෙදර, බටඅත ප්‍රදේශයේ ජීවත්වූ පස්මස් ගැබිනියක් වූ යමුනා ප්‍රියදර්ශනී සහ ඇයගේ මව අබිරහස් ලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඝාතකයාගේ බව සැලකෙන රුවක් චිත්‍රයට නඟා තිබේ.

    ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ තොරතුරු මත පොලිස් චිත්‍ර ශිල්පියකු විසින් මෙම රුව චිත්‍රයට නඟා ඇත.
    ඉකුත් මැයි 02 වැනිදා පෙරවරුවේ සිය නිවෙස තුළදී මෙම ඝාතනය සිදුවිය.

    පොලිස් කණ්ඩායම් පහක් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

    චිත්‍රයේ සඳහන් පුද්ගලයාට සමාන හැඩරුව හා සමාන ලක්‍ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දුරකතන අංක: 
    # ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි/තංගල්ල කොට්ඨාසය 071-8591488, 
    # සහකාර පොලිස් අධිකාරි/තංගල්ල 071 8591495
    # ස්ථානාධිපති/හුංගම 071 8591492

    චාමර අමරසූරිය (By mawbima)

    6 සිට 13 වසර තෙක් ලිංගික සෞඛ්‍ය විෂයක් එයි

    By: Aththa Withthi On: 5/26/2017 01:23:00 PM
  • Let's Get Social


  • ළමා අපචාර, ලිංගික හිරිහැර හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම් වැළැක්වීමේ පියවරක් වශයෙන් 6 ශේ්‍රණියේ සිට 13 ශේ‍ර්ණිය දක්වා පාසල් ළමයින්ට ලිංගික ප්‍රජනන සෞඛ්‍ය විෂය ඉගැන්වීමට පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කරයි.

    නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ විෂය ඉගැන්වීම සඳහා බස්නාහිර පළාතේ ගුරුවරුන් පුහුණු කිරීම ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම ආංශික කාරක සභාවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ප්‍රකාශ කළාය.

    මේ විෂයය ඉගැන්වීම සඳහා 'පාසල් ළමුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ' අත්පොතක්ද සම්පාදනය කර ඇත.

    ඒ ඒ ශේ්‍රණි හා පන්තිවලට ගැළපෙන විෂය කරුණු අත්පොතේ පෙළගස්වා ඇති බවත් සිසුන්ගේ වයස් මට්ටම සහ ඔවුන් ලබන අත්දැකීම් අනුව ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි විෂය පාසල්වල ඉගැන්වීමට බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

    අධ්‍යාපන අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් සමඟ එක්වී අත්පොත සකස් කර ඇති බවද වෛද්‍ය තුසිතා විජේමාන්න පැවැසුවාය.

    කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපතිනිය එසේ ප්‍රකාශ කරන ලද්දේ එම කාරක සභාවේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01 හි ඊයේ (25දා) පවත්වන ලද වැඩමුළුවේදීය.

    කතානායක කරු ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේද සහභාගිත්වයෙන් වැඩමුළුව පැවැත්විණි. ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ අත්පොත මෙහිදී කතානායකවරයාට පිළිගන්වනු ලැබීය.

    දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා (mawbima)

    සිය පාසලේම රෑ එළිවෙනකම් ලිංගිකව හැසිරුනු 15වේ පෙම්වතා සහ 14රේ පෙම්වතිය

    By: Aththa Withthi On: 5/26/2017 01:04:00 PM
  • Let's Get Social

  • වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන වයස අවුරුදු පහළොවක් වූ සිසුවෙක් තලාතුඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඉකුත් 20 වැනි දින නගරයේ පෞද්ගලික පංතියකට පැමිණ ඇති ඇය පංතිය නිමවීමෙන් පසු පෙම්වතා හමුවට ගොස් ඇත. ඔහුද පෞද්ගලික පංතියකට සහභාගි වී පැමිණ ඇති අතර තමන් දෙදෙනාම ඉගෙනුම ලබන පාසල වෙත ගොස් තිබේ.

    එසේ කතාකරමින් සිටියදී රෑ බෝවී ඇති අතර දෙදෙනාම පාසල් ගොඩනැගිල්ල තුළ රැය පහන් කර තිබේ.

    පසුදා අලුයම 3.45ට පමණ මොවුන් දෙදෙනා වික්ටෝරියා ජලාශය නැරඹීමට යාම සදහා පටත්ව තිබේ.

    මයිලපිටිය ප‍්‍රදේශයේ තම දියණිය තරුණයකු සමග සිටිනු දැක ඇති ඇයගේ පියා බසයෙන් බැසවිත් දියණිය හා තරුණයා කැටිව පොලීසියට පැමිණ තිබේ.

    තලාතුඔය පොලීසිය මගින් මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉකුත් 21 වෙනි දින මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රෝහිණී ගමගේ මහත්මිය විසින් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියමකර මවුපියන් වෙත ඔහු මුදාහැර ඇති අතර බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.

    තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අමරජිත් රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    තරුෂි ආයෙත් මවක් වෙන්නයි සූදානම

    By: Aththa Withthi On: 5/26/2017 12:24:00 PM
  • Let's Get Social



  • කාලෙකට පස්සේ ආයෙත් පුංචි තිරයට එකතු වෙලා නේද?

    ඔව්. මම හරියට අවුරුදු තුනකට පස්සේ තමයි අලුත් වැඩක් භාර ගත්තේ. මම මගේ පුතා ලැබෙන්න ඉද්දී තමයි රංගනයෙන් ටිකක් අෑත් වුණේ. දැන් පුතාටත් අවුරුදු දෙකක්. ඉතින් මම හිතුවා ආයෙත් රංගනයට එකතු වෙන්න.

    කොහොමින් කොහොම හරි දැන් ඔබ ආයෙත් මවක් වෙන්නනේ සූදානම?

    ඔව්. ඔව්. මීට අවුරුදු දෙකකට කලින් මේ වෙද්දි මම මාස අටක ගැබිනියක්. ඉතින් මට ආයෙත් මාස අටක ගැබිනියක් වෙන්න ලැබුණා. ඒ සැබෑ ජීවිතයේදී නෙවෙයි. රංගන ජීවිතයේදී. මම මේ දවස්වල සම්බන්ධ වෙන ටෙලි නාට්‍යයේ තමයි මම මවකගේ චරිතයක් නිරූපණය කරන්නේ.

    හැබැයි සමහරු හිතුවේ ඇත්තටම තරුෂි ආයෙත් මවක් වෙන්න සූදානම් වෙනවා කියලා නේද?

    ඔව්. ඔව්. ගොඩක් කට්ටිය මට කතා කරලා සුබ පැතුවා. මට කතා කළා, මැසේජ් කළා ගොඩාක් අය.

    ඇත්තටම පුංචි පුතාගේ තනියට තවත් සාමාජිකයෙක් ගේන්න අදහසක් නැද්ද?

    එහෙම සැලසුම් කරගෙන නම් නැහැ. හැබැයි බලාපොරොත්තුවක් නැතිව නෙවෙයි. ඒ දේවල් ලැබෙන විදියට බලනවා.

    සැබෑ ජීවිතයේ මවක් වුණු තරුෂිට මේ චරිතය කොයි තරම් සුවිශේෂී වුණාද?

    මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහහතක් විතර වෙනවා. ඉතින් මම ලොකු කාලයක් පෙම්වතියගේ චරිතය කළා. මම විවාහ වෙලා අම්මා කෙනෙක් වුණාට පස්සේ මට නැවත පුංචි තිරයේ මවක් වෙන්න ආරාධනාවක් ලැබුණා. ඒ නිර්මාණයට මමත් ගොඩක් කැමැතියි. ඉතින් කැමැත්තෙන්ම වැඩේ භාර ගත්තා.

    කාලෙකට පස්සේ වැඩ කරන්න හිතුවේ දැන් හිහඬ වෙලා හිටියා ඇති කියලා හිතුණ නිසාද?

    ඇත්තටම මම රංගනයෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙන්න හිතුවෙ නැහැ. මම විශ්වාස කරන විදියට අපේ ජීවිතය අයිති විශේෂ තැන් තියෙනවා. ඒවා අපිට වෙනස් කරන්න බෑ. මම රංගනය හොයා ගෙන ආවේ නෑ. රංගනය කියන්නේ, මට ලැබිච්ච ආශීර්වාදයක් මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකකින් ක්ෂේත්‍රයෙන් අයින් වෙන්න හැදුවා. මට රංගන ක්ෂේත්‍රයෙන් අයින් වෙලා ඉන්න බැරි වුණා. විවාහ වුණාට පස්සෙත් හස්බන්ඩ් ටිකක් අකැමැති නිසා මම ටිකක් රංගනයෙන් අෑත් වුණා. ඒත් අපිට උරුම දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැනේ.

    රංගනයට නිවාඩු දුන්න කාලෙත් තරුෂිට වැඩවලට ආරාධනා ලැබෙන්න ඇතිනේ?

    ඔව්. මට ආරාධනාවල අඩුවක් තිබ්බේ නැහැ. මට ආරාධනා ලැබුණු නිර්මාණ හතරක් විතර මට අතහරින්න වුණා.

    ආයෙත් රංගනයට එකතු වුණාට සැමියාගේ අකැමැත්තක් නැද්ද?

    ඉස්සර නම් එයා ටිකක් ඒකට අකමැතියි. හැබැයි ලැබුණු චරිතය ගැන තේරුම් කළාම එයා අකැමැති වුණේ නැහැ. එයා කැමැති නැත්තේ මම ගොඩක් කාර්යබහුල වෙනවාට. නමුත් එයා දන්නවා මම පරිස්සමට තෝරලා බේරලා ඒ දේවල් කරනවා කියලා.

    රංගනයට ආවා කියලා තරුෂි පුතා වෙනුවෙන් ඉටු කරන වගකීම් මඟහැර ගන්නෙත් නැතිව ඇති?

    මම ඒ වගකීම් අතහරින්නේ නැහැ. මගේ පුතා ළඟ මගේ අම්මා ඉන්නවා. පුතා මටත් වඩා අම්මට ආදරෙයි. එයාට ආදරේ නම් උපරිම ලැබෙනවා. මම ෂූටිං එන්නෙත් පුතාගේ කෑම බීම ටික හදලා. මට ෂූටිං තියෙන්නේ කොළඹනේ. ඉතින් මම මට විවේකය ලැබෙන හැම වෙලාවෙම පුතාව බලන්න ගෙදර යනවා.

    දැන් තරුෂි ඉස්සටත් වඩා තෝරා බේරා ගැනීම් කරනවාද?

    ඔව්. ඉස්සර නම් දුර පළාත්වලට ෂූටිං යන්න වුණත් භාරගන්නවා. හැබැයි දැන් මම වැඩක් භාර ගනිද්දී ගොඩක් දේවල් හිතනවා. දුර තියෙන නිර්මාණයකට වුණත් යන්නේ ගොඩක් දේවල් ගැන හිතලා. ඉතින් මට කලබලයක් නැහැ. මේ ආවා වගේම හො¼ද නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

    තරුෂි කර කර හිටපු මිල්ලෑවේ වලව්වට මොකද වුණේ?

    මගේ පිටපතකට අනුව තමයි ම්ල්ලෑවේ වලව්ව නිර්මාණය වෙන්නේ. මගේ යාළුවෝ කිහිප දෙනෙක් තමයි ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන්නේ. නමුත් අධ්‍යක්ෂවරයාට තියෙන කාර්යබහුලත්වය එක්ක ටෙලි නාට්‍ය සම්පූර්ණයෙන් කෙරිලා නැහැ. ඒ නිසා මට ආයෙත් ඒ වැඩේට අත ගහන්න වෙනවා. ඒ වැඩේට වගකීමෙන් මැදිහත් වෙන්න ඕන නිසා මම සමහර ලැබුණු වැඩ පවා මඟ හැරියා.

    සැමියා ඉන්නේ විදේශ ගතවනේ. තරුෂිත් විදේශ ගත වෙයිද?

    නවතින්නම බලාගෙන විදේශ ගත වෙන්න සූදානමක් නැහැ. මම එහේ ගිහින් එන්න යයි. හස්බන්ඩ් වුණත් පුළුවන් වෙලාවට ලංකාවට එනවා. රැකියාව ගැනත් හිතන්න ඕනෙනේ.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

    හංසවිලක්' ඩිජිටල් වෙයි

    By: Aththa Withthi On: 5/26/2017 11:23:00 AM
  • Let's Get Social

  • 'හංසවිලක්' ඩිජිටල්කරණය කළා. හංසවිලක් වෙනුවෙන් කළ ඒ වෙනස ගැන මුලින්ම කතා කරමු?

    ඔව්. ජාතික චිත්‍රපට සංස්ථාවේ නිගමනයක් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව චිත්‍රපටයත් මගේ හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණා. ඒ අනුව තමයි මෙය ඩිජිටල්කරණය කරන්නේ.

    රේඛාව කියන්නේ ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටය. ඒ වටිනාකම රේඛාවට හිමි වෙද්දී හංසවිලක් හිමිකරගෙන තිබුණේ මොනවගේ වටිනාකමක්ද?

    රේඛාව සහ හංසවිලක් චිත්‍රපට දෙකම ඩිජිටල්කරණය කරන්න සුදුසුයි කියලා නිගමනය කර තිබුණේ මේ චිත්‍රපට සිංහල සිනමා ඉතිහාසයේ හැරවුම් ලක්‍ෂ්‍යයන් වූ නිසා. රේඛාව හැඳින්වූයේ ලංකාවේ නිර්මාණය වූ ප්‍රථම චිත්‍රපටය කියලා. මගේ හංසවිලක් චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ 1980දී. ඒතාක් තිබුණු සිනමා ගමන් මඟෙහි විශාල වෙනසක් හංසවිලක් චිත්‍රපටයෙන් ඇති කළා. විවිධ විචාරක අදහස් චිත්‍රපටය වෙනුවෙන් පළවුණා. ඒ අතරෙදි රෙජි සිරිවර්ධන 'හංසවිලක්' ලාංකේය සිනමාවේ සන්ධිස්ථානයක් ලෙස නම් කළා. ඒ වටිනාකම් නිසා තමයි හංසවිලක් චිත්‍රපටයත් ඩිජිටල්කරණය කරන්න තෝරාගෙන තිබුණේ.

    'හංසවිලක්' කියන්නේ ඔබේ පළමුවැනි චිත්‍රපටය. ඔබට අදහසක් තිබ්බද කවදා හෝ චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න?

    චිත්‍රපටයක් සංරක්‍ෂණය කරන්න ඒ වගේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. හංසවිලක් චිත්‍රපටයේ නිෂ්පාදක මියගියාට පස්සේ ඇල්බට් ජයසිංහයන්ගේ බිරියගෙන් මම චිත්‍රපටය මිලදී ගත්තා. විශාල මුදලකට නොවුණත් මගේ පළමුවැනි චිත්‍රපටය මම අමාරුවෙන් මිලදී ගත්තා. ඩිජිටල්කරණයට විශාල වියදමක් යනවා. මම චිත්‍රපටය ඩිජිටල්කරණය කරන්න හිටියා නම් මියයනතුරු ඒක කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ.

    චිත්‍රපටය නැවැත තිරයට ගේනවද?

    ඔව්. තව මාස හතරකින් පහකින් චිත්‍රපටය සිනමාහල් කිහිපයක තිරගත කරනවා.

    සිංහල සිනමාව හා බැඳුණු තරුණ පරම්පරාවට හංසවිලක් ඒ යුගයේ වෙනස් අත්දැකීමක් ගෙනාවා නේද?

    ඒ කාලේ ලක්‍ෂ දෙකහමාරක වියදමකින් තමයි මම චිත්‍රපටය හැදුවේ. ඒ යුගය නියෝජනය කළ තරුණ පරම්පරාව මේ චිත්‍රපටය සැලකුවේ අපූරු චිත්‍රපටයක් විදියට. එය ලොකු වටිනාකමක් වුණා. චිත්‍රපටය ඩිජිටල්කරණය කළාට පස්සේ ගොඩක් අය චිත්‍රපටය නැරඹුවා. ඒ වෙලාවේ ජැක්සන් ඇන්තනී කිව්වා මේ චිත්‍රපටය බලන් ඉඳලා තමයි අපි එළියට ආවේ කියලා.

    චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කරද්දී ඔබ හිතුවද ඔබේ පළමුවැනි සිනමා නිර්මාණයම සිංහල සිනමාවේ යම් ලකුණක් තියන නිර්මාණයක් වෙයි කියලා?

    චිත්‍රපටය හදද්දී මට ඕන වුණේ එතෙක් නිර්මාණය නොවූ ආරක චිත්‍රපටයක් නිර්මාණය කරන්න. ඒ වෙද්දි මම විදේශීය, දේශීය චිත්‍රපට නරඹලා පෝෂණය වෙලා තිබ්බා. විශේෂයෙන්ම පෝලන්ත සිනමා කලාව හැදෑරීම හරහා ප්‍රබන්ධයක් නොවන චිත්‍රපටයක් කරන්න තමයි මම උත්සාහ කළේ. පෞද්ගලික ජීවිතය ඇතුළේ අත්දැකීමක කම්පනය තමයි සිනමා නිර්මාණයක් විදියට එළියට එන්නේ.

    ඔබ බලාපොරොත්තු වුණු වෙනස ඔබට අත්දකින්නටත් පුළුවන් වුණා නේද?

    ඔව්. මම චිත්‍රපට නරඹනවා. ඉතිං මම උත්සාහ කළා මේ චිත්‍රපටයේ හැම රූප රාමුවකම සිනමා රූපී බව ආරක්‍ෂා කරගන්න. කතාව ගොඩනැඟීම, චරිත හැසිරීම ආදී සෑම දෙයකින්ම සිනමාරූපී බව පෙන්වන්න උත්සාහ කළා. ස්වර්ණා මල්ලවආරච්චි, වසන්ති චතුරාණි, හෙන්රි ජයසේන ඇතුළු රංගන පිරිස එයට උපරිම දායකත්වය ලබා දුන්නා.

    ඔබත් 'හංසවිලක්හි' රංගනයෙන් දායක වෙනවා. මේක අහම්බයක් කියන්නේ ඇත්තද?

    ඔව් ඒක අහම්බයක්. මම මේ චිත්‍රපටයේ රඟපාන්න හිටියේ නැහැ. නමුත් එයට විශේෂ නළුවෙක් හොයා ගන්න බැරි වුණු නිසා මම එහි රංගනයටත් සම්බන්ධ වුණා. කොහොම වුණත් මගෙන් චිත්‍රපටයට හානියක් වෙලා නැහැ. මම වෙනත් නළුවෙක් හරහා කර ගන්න හිටපු දේ මම මං ලවා කර ගත්තා.

    මොකක්ද ඔබේ සිනමාකරණයේ අරමුණ?

    මනුස්ස ජීවිතය විවරණය කිරීම තමයි ප්‍රධාන අරමුණ. කුහක සදාචාර කල්පනා ලෝකය සිදුරු කිරීමත් අරමුණක්.

    ඔබ පෞද්ගලික අත්දැකීම් සිනමා නිර්මාණයට යොදා ගන්නවා. එහි විශේෂත්වයක් තියෙනවද?

    මට අනුන්ගේ ජීවිත පාදක කරගන්න ඕන නෑ. ලැබූ අත්දැකීම් මත පදනම්ව මම නිර්මාණ කරනවා. ඒ හරහා සමාජය වෙන තැනකට ගෙන යන්න, සමාජය ප්‍රබෝධවත් කරන්න. ප්‍රඥාවන්ත කරන්න තමයි මගේ නිර්මාණවලින් මම උත්සාහ දරන්නේ.

    ඔබ හංසවිලක් හරහා කතා කළ තේමාව එදාට වඩා අදට යෝග්‍ය වෙලා තියෙනවා නේද?

    චිත්‍රපටයෙන් කතා කරන පසුබිම අද තව තව වර්ධනය වෙමින් පවතිනවා. කලාවේ අරමුණ වෙන්නේ ඒ දේවල් තව තව පවත්වාගෙන යන්න අනුබල දෙන එක නෙමෙයි. එය සහමුලින්ම අතුගා දැමීම. මම සංස්කෘතික පිස්සන්ට නෙවෙයි නිර්මාණ කරන්නේ.

    ඔබේ අනෙක් චිත්‍රපටත් ඩිජිටල්කරණය කරන්න අදහසක් තිබෙනවද?

    මම කළ නිර්මාණ ඩිජිටල්කරණය කරන්න කියලා නිෂ්පාදකවරුන්ට කියලා තියෙන්නේ. සුද්දිලාගේ කතාව ඩිජිටල්කරණය කරන්න බන්දුල ගුණවර්ධනයන් කටයුතු කරනවා කිව්වා. භව දුක සහ භව කර්මත් ඩිජිටල්කරණය කරන්න කියලා එය නිෂ්පාදනය කළ ස්වාමින් වහන්සේ දෙනමගෙන් මම ඉල්ලා සිටියා. තුන්වැනියාමයත්, වසන්ත ඔබේසේකරගේ දඩයම සහ පළඟැටියෝ චිත්‍රපටයයත් ඩිජිටල්කරණය කරන්න කියලා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවෙන් ඉල්ලීමක් කළා. මගේ චිත්‍රපට විතරක් නෙමෙයි ආරක්‍ෂා කළ යුතු චිත්‍රපට සංරක්ෂණය කරන්න මෙවැනි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක්.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ

    2011 විශ්‍රාම ගියත් තාම වැඩ පෙන්නන - සනත්ගේ වීඩියෝවට බංග්ලාදේශය කියන කතාව...!!! (Photos)

    By: Aththa Withthi On: 5/26/2017 10:38:00 AM
  • Let's Get Social


  • සනත් ජයසූරිය හා සම්බන්ධයෙන් වූ වීඩියෝව මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. දැන් එය ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ජනතාව අතරද හුවමාරු වන බව වාර්තා වේ.

    බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධ Bangladesh Troll Cricket නම් ෆේස්බුක් පිටුව පළ කල ඇති පහත දැක්වෙන ප්‍රකාශණය හරහා මේ වීඩියෝව බංග්ලාදේශ ජාතිකයින් අතර පැතිර යන බව නම් නිසැකවම පැවසිය හැක.


    25 May, 2017

    දවසේ කාටූන් - 2017.05.25

    By: Aththa Withthi On: 5/25/2017 09:30:00 PM
  • Let's Get Social
  • දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

    Watch to cartoons of the day, visit our Cartoons page.






















    නිරුවත් වීඩියෝ නඩුව පොලිසියට විසඳන්න බෑ - නඩුව මහේස්ත්‍රාත් අධිකරණයකදී

    By: Aththa Withthi On: 5/25/2017 07:55:00 PM
  • Let's Get Social


  • අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙනවා.

    පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබූ අතර අද වනවිටද එවැනි බරපතල සිදුවීමක් වාර්තා වනවා.

    අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය කේ. කරුණාතිලක සඳහන් කර තිබුණා.

    කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

    "එවැනි වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ ධර්මතාවන්හි දුර්වලතාවන්. සමාජ විද්‍යාත්මකව මෙය අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. (ධර්මතා රහිත වීම) ලිංගික චර්යාව හා සම්බන්ධ ගැටලුවක්‌ නිසා මෙය ලිංගිකමය වශයෙන් අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. අනෝමීය තත්ත්වයක්‌ යනු මිනිසුන්ට තමන්ගේ අදාළ සමාජ අවශ්‍යතාව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක්‌ නැති බව පෙන්නුම් කිරීම.

    මේ සිද්ධියේදී ලිංගිකව හැසිරුණු දෙපළ වගේම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැරිය පුද්ගලයා ද අසාමාන්‍ය ගති පැවතුම් ඇත්තෙක්‌. ඒ පුද්ගලයා තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයකට ගරු කිරීමක්‌ කරන්නේ නෑ. ඒ තුළින් අසරණ වෙන්නෙ අසාමාන්‍ය ලෙස ලිංගිකව හැසිරුණු දෙපළ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය එසේ සමාජගත කිරීම තුළින් සමාජය තුළ ඔවුන්ට ඇති රැකවරණය ගැන විශාල ගැටලුවක්‌ මතු වෙනවා. එය ධර්මතා රහිතවීමකටත් වඩා ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්‌.

    එය බරපතල වරදක්‌. ඒ වගේම මේ තුළින් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය චර්යා රටාවලට සමාජය තුළ යම්කිසි ඉඩක්‌ ඇති බවයි. එයත් අතිශය බරපතල තත්ත්වයක්‌. සමාජය තුළ මෙවැනි සිද්ධි සිදුවෙනවා කියන්නේ යහපැවැත්මට බරපතල හානිදායක තත්ත්වයක්‌. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් මේ සිද්ධියට අදාළ පුද්ගලයන් ගැන සොයා බලන්න ඕනෑ." යනුවෙනුයි.

    මේ අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

    ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

    එමෙන්ම 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.

    1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකි බවයි නීතිවේදීන් පවසන්නේ.

    එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතු අතර එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා.

    එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකි අතර තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වනවා.

    මෙය රුපියල් මිලියන කීපයක වන්දියක් වීමට ද පුළුවන.

    අවුරුදු 18ක තරුණියක් කන්‍යා භාවය වෙන්දේසි කරයි (Photos)

    By: Aththa Withthi On: 5/25/2017 07:20:00 PM
  • Let's Get Social


  • තමන්ට අවශ්‍ය දේවල් ඉටුකරගන්න ඕන නිසා සමහරක් පුද්ගලයින් තමන් සතු විවිධ දේවල් විකුණනවා.

    ඒත් තමන්ගේ කන්‍යාභාවයම විකුණා තමන්ට අවශ්‍ය කරන දේවල් ඉටුකරගන්න පහුගිය කාලේ තරුණියන් කිහිපදෙනෙකුම කටයුතු කළා ඔයාලට මතක ඇති.

    මේ වන විට ඒක රැල්ලක් කරගෙන තියෙනවා. අපි එහෙම කියන්න හේතුව තවත් තරුණියක් ඒ වැඩේම කරන්න හදන නිසයි.

    වයස අවුරුදු 18ක වන ඇගේ නම කිම්.

    ඕස්ට්‍රේලියානු සහ ජර්මානු සම්භවයක් සහිත මේ තරුණිය තමන්ගේ කන්‍යා භාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන්න තීරණය කරලා තියෙනවා.

    ඒ ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලකටයි.

    ඇය මේ විදිහේ වැඩක් කරන්න හේතුව තමයි රොමෙනියානු නිරූපිකාවක් වන Aleexandra Khefren.

    තායිවානයේ සමලිංගිකයෝ පෝරුවට සමීප වෙති

    By: Aththa Withthi On: 5/25/2017 12:57:00 PM
  • Let's Get Social

  • pic - Reuters

    සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරයි.

    එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇත.

    තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවය.

    එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබා දී තිබේ.

    කෙසේ නමුත් මෙම අධිකරණ තීරණය අනුව නව නීති සම්පාදනයට හෝ පවතින නීති වෙනස් කිරීම සඳහා තායිවානයේ පාර්ලිමේන්තුව කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න තවමත් පැහැදිලි නැති බව එරට දේශපාලන විශ්ලේෂිකා සින්ඩි සුයි පවසන්නීය.

    සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරති.

    වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසයි.

    තායිවාන අධිකරණය මෙම තීරණයට එළැඹියේ, කලාපය තුළ සිටින සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.
    දඬුවම්

    පසුගිය දා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙන ලදී.

    මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

    එමෙන්ම ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙකු බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පසුගිය දා වාර්තා විය.

    අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරට පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. (බීබීසී )

    මාමායි බෑණයි නිසා දරුවෙක් බිහිකළ 14 හැවිරිදි දැරිය

    By: Aththa Withthi On: 5/25/2017 12:45:00 PM
  • Let's Get Social

  • වසර කිහිපයක් තිස්සේ දෙදෙනෙකුගෙන් දුෂණය වූ වයස අවුරුදු 14 ක දැරියක් දරුවෙකු බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

    තමිල්නාඩුවේ කාන්ජි පුරම් ප්‍රදේශයේ ජිවත් වන අදාළ දැරිය මෙලෙස වසර ගණනක් තිස්සේ දුෂණය වී ඇත්තේ සිය මාමා සහ ඔහුගේ බෑණා අතින් බවයි සඳහන් වෙන්නේ.

    මෙම දැරිය ගැබිනියක් බව දැනගත් ඇයගේ ඥාතීන් එය සමාජයට සගවා ඇති අතර කෙසේවෙතත් මීට සතියකට ඉහතදී එම දැරිය දරුවා බිහිකර තිබෙනවා.

    මේ සම්බන්ධව දැරිය ප්‍රතිකාර ලැබූ රෝහල විසින් පොලිසිය දැනුවත් කර ඇති බවත් පසුව පොලිසිය විසින් අදාළ පුද්ගලයෙන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

    අදාළ දැරිය සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තාකර තිබෙන්නේ. (hirunews)

    සරම උස්සගෙන කාන්තා වැසිකිළියට එබිකම් කළ පුද්ගලයාට අත් වූ ඉරණම

    By: Aththa Withthi On: 5/25/2017 12:29:00 PM
  • Let's Get Social

  • කාන්තාවක් වැසිකිලියට ගිය පසු ඒ අසල සරම උස්සාගෙන එම වැසිකිලියට එබිකම් කර අවුරුදු 50 වයසැති අයෙකු අසල්වැසි තරුණයෙකුගේ පහර කෑමට ලක් වි මිය යෑමේ සිද්ධියක් අද (25) කෑගල්ල මූලස්ථාන පොලිසියට වාර්තා වී තිබෙනවා.

    අද උදෑසන 119 දුරකථන අංකයට පොලිස් හසිදි ඇමැතුම් අංකයට ලැබුණු පණිවිඩයකින් කියවි ඇත්තේ අඹන්පිටිය පරදෙනිය මාර්ගයට ආසන්න පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවයි.

    මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 50 ක් වයසැති පුද්ගලයෙක්.

    හදිසි ඇමැතුම අනුව පොලිස් කණ්ඩායමක් අංක 5, පරදෙනිය ජනපදය, අඹන්පිටිය ප්‍රදේශයට ගොස් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා. එහිදි එම ගම්මානයේම 19 හැවිරිදි තරුණයෙකු පොලිසියට භාර වි ඇති අතර පසුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටිනවා.

    මෙම මිය ගිය පුද්ගලයා එම ගම්මානයේ නිවසක කුඩා කල සිට හැදි වැඩි ඇති අතර එලෙස හැදි වැටි ඇත්තේ පරදෙනිය ජනපදයේ කාන්තාවක් ලගයි.

    නමුත් මෙම මිය පුද්ගලයා කාන්තාවන්ගේ යට ඇදුම් සොරෙන් ගෙනයාම , කාන්තාවන් නාන තොටවල් සහ ලිං අසල සොරෙන් සැගවි බලා සිටිම වැනි ක්‍රියාවන් සිදු කර ඇති අයෙක් බව ප්‍රදේශවාසීන් පවසනවා.

    මෙම පුද්ගලයා වැසිකිලියකට ගිය කාන්තාවගේ ක්‍රියාවන් නිරික්ෂණයට සරම උස්සා අසභ්‍ය ලෙස හැසිරෙනු දැක ඊට හදිසි අවේගයක් ඇති කර ගත් තරුණයා විසින් ඔහුට සිදු කරන ලද පහර දිමක් නිසා මිය ගිය බව පොලිසියට දැනට ලැබි ඇති තොරතුරු අනුව පැහැදිලි වන බව කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

    තරුණයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තමන් විසින් මිය යන්නට පහර දිමක් සිදු නොකරන ලද බවයි. පාද වලට පමණක් පහර දුන් බව ද ඔහු කියා සිටිනවා.

    ඒ අනුව ඔහු විසින් මෙම ක්‍රියාව සිදු කළේද වෙනත් අයෙකු සිදු කර පහර දිමක් ද යන්න සොයා බැලිමය පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇති බවද පොලිසිය පවසනවා. (hirunews)

    26 February, 2017

    මැතිව්ස් යළිත් ඉවතට !

    By: Aththa Withthi On: 2/26/2017 10:29:00 AM
  • Let's Get Social
  • ආබාධිත තත්ත්වය හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් බංග්ලාදේශය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මැතිව්ස් එම තරගාවලියට එක්වන බවට පසුගියදා වාර්තා පළව තිබුණා.

    ලබන 28 වනදා එම සංචාරයට සහභාගීවන කණ්ඩායම නම් කිරීමට නියමිතව තිබෙනවා.



    _නෙත්

    29 January, 2017

    “එපා එන්න කියලා - මොකෝ මැණිකෙ කීවේ”

    By: Aththa Withthi On: 1/29/2017 04:35:00 PM
  • Let's Get Social


  • නිමලෙ ජෝතිපාල උන්නැහේගේ සින්දුවක් ගායනා කොරමින් අබිලිංගෙ කඩේට ගොඩ උනා. අබිලිංගෙ මායියා ගස්සගෙන කඩේ ඇතුළට ගියා.

    අබිලිං කට ඇරගෙන ටීවී පෙට්ටියේ වාදයක් දිහා බලාගෙන. කඩේට බඩු ගන්ඩ ආපු උදවිය බක්කිඔල මොනවක්කත් ම නැති හින්දා හැරිලා යද්දි නිමලෙගෙ කොලුවා ලූණු සිවිඔලට පිඹිනවා.

    “හැබැහැට නිමලෙ මොන හේතුවකට ද නුගේගොඩට එන්ඩ එපා කියන්ඩ ඇත්තෙ?

    “එතුම ද?”

    “ඔව් ඔව් එතුමා තමයි”

    “පහුගිය දවස්ඔල නියඟය දුරුවෙලා වහින්ඩ කියලා ජයපිරිත් එහෙම සජ්ජායනා කොළානෙ. ඉතිං ඒකෙ පොරතිපල විදියට වහියි කියලා හිතලා. මැති ඇමතිවරුන්ට හෙම්බිරිස්සා හැදු‍ණොත් පෙරළිය කොරන්ඩ කෙනෙක් නැතුව යන හින්දා වෙන්ඩැති”

    “හද්දෙයියනේ! එතකොට මහජනයා තෙමෙන්නැද්ද”

    “ඔව්වට එන්නෙ වැහි පිට වැහි දාහක් වැස්සත් මී හරක් වාගෙ පදං වෙලා ඉන්න දේසප්‍රේමියො නෙවැ. ඒ හින්දා පුරස්නයක් නෑ”

    “ඒක නං පිළිගන්ඩ බෑ. ඕකෙ වෙන මොකක් හරි හොරයක් තියෙනවා”

    “ජනතා පීඩනේට මැදිවෙලා උන්නැහෙලගෙ වාහන එහාට මෙහාට කර ගන්ඩ බැරිවෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”

    “ඒකට ඉතිං පොලිස්සියෙ මහත්තුරු ඉන්නවනෙ. එහාට මෙහාට කරලා දෙයි”

    “මැති ඇමතිවරු ඔක්කොම ආවොත් ආණ්ඩුව පෙරළෙයි කියලා බයට අනුකම්පාවට වෙන්ඩ බැරි ද? එතුමා පොරොජාතන්තරේ ගරු කරන උත්තමයෙක් නෙවැ.”

    “ඒක නං කොහොමවත් වෙන්ඩ බෑ. පෙරළෙනකං නින්දක් නැතිව නෙ ඉන්නෙ”

    “ආණ්ඩුවෙ ඇමතිකං ගත්තා කියලා මහජනතාව පහර දෙයි කියන බයට වෙන්ඩ බැරි ද?”

    “මේ සිරිලංකාවෙ කවද්ද ඇමතිවරුන්ට ගැහුවෙ. ඇමතිවරු ගැහුවා මිසක්. ලණුඔලින් බැන්දා මිසක්.”

    “මම දන්නවා එපා එන්න කියපු කාරණේ”

    අබිලිං මැද්දට පැන්නා.

    “කොහොමද දන්නෙ? හැබෑට ම මොකද්ද හේතුව?”

    “මේ දවස්සොල උන්නැහේට රටපුරා පංසල්ඔල සංගාවාස විවුර්ත කොරන්න ආරාදනා ලැබෙනවා”

    “ඉතිං?”

    “බුද්දාගමට යි රට ජාතියට යි තියන ආදරේ හින්දා එව්වට නොයා ඉන්නෙ නෑ”

    “ඉතිං?”

    “නුගේගොඩ රැස්සීම දවසෙත් සංගාවාස විවුර්ත කෙරිල්ලක්”

    “ඉතිං?”

    “ඉතිං එතුමා ඒ වැඩේට යනවා. නුගේගොඩට පුතා එවනවා. මැති ඇමතිවරුන්ට එන්ඩ එපා කිව්වෙ ඒකයි. තමුන්නැහෙ නැති රැස්සීමට අපට එන්ඩ කීවෙ මොකද කියලා ප්‍රස්න කරයි කියන බයට”

    නිමලෙ ආයෙ වතාවක් එපා එන්න කියලා සින්දුව ගායනා කොළා. ඒක තමුන්ට නෙමේ අනුන්ට කියපු එකක් බව තේරිල ද කොහෙද අබිලිංගෙ මායියා මල් හිනාවක් දාගෙන එළියට ආවා.

    _සිළුමිණ

    23 January, 2017

    ගයත්‍රි පැහැපත් වුනේ මෙහෙමයි

    By: Aththa Withthi On: 1/23/2017 03:19:00 PM
  • Let's Get Social

  • ගයාත්‍රි රූපයෙන් දෙස් විදෙස් ජය ලැබූ අවස්ථා ගැන කතා කරලාම මේ කතාබහ පටන් ගනිමු ...

    මම පළමු වතාවට ඒ විදියේ අන්තර්ජාතික තරගයකට ගියේ පහුගිය නොවැම්බර් මාසේ. ඒ තරගය තමයි “මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ් 2016” තරගය. රටවල් 20ක විතර තරගකාරියෝ ඒ තරගයට ඇවිල්ලා හිටියා. මට ඒ තරගයෙන් “ මිසිස් ටැලන්ට්” කියන ටයිටල් එක ලැබුණා. ලංකාවේ තරග නම් රාශියක් ජයග්‍රහණය කරල තියෙනවා. අවුරුදු කුමාරි තරග 10කට වැඩියෙ දිනල තියෙනවා. ඊට අමතරව “සිරස රූ රැජින” වුණා. “මිස් ශ්‍රී ලංකා 1995” තරගයේදී “මිස් ෆොටෝජෙනික්” වුණා.

    වයස කියන්නේ කැමතිද .. ?
    දැන් ඉතින් අපි නව යොවුන් තාරුණ්‍ය පහුකරපු අය

    ගයාත්‍රිගේ ලොකු දුවට දැන් වයස කීයද .. ?
    අවුරුදු 18 යි .

    අවුරුදු 18 ක දුවෙක් ඉන්න ගයාත්‍රි කොහොමද මෙතරම් ලස්සනට ඉන්නේ.. ?
    හිත පිරිසිදුව සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඉබේම රූපය ලස්සන වෙනවා. ඒ වගේම හොඳ ආහාර රටාවක් තිබිම, හොඳට ජලය පානය කරන එක රූපයට බලපානවා.

    රූපලාවන්‍ය වැදගත් නැද්ද .. ?
    වැදගත් ... මමත් රූපලාවන්‍ය ශිල්පිනියක්. මගේ රූපය ගැන වගේම මගෙන් රූපලාවන්‍ය කටයුතු කරගන්න එන අයගේ රූපය වැඩි දියුණු කරන්නත් මම කටයුතු කරනවා.

    ඒ වගේ දේවල් සඳහා ඖෂධීය ප්‍රතිකාර ක්‍රමත් අනුගමනය කරනවාද?
    සම පිරිසිදු කරන්න ෆේෂල් කරන විට යම් යම් දේවල් භාවිතා කරනවා. ඒ හැරුණම අනුමත කළ නොහැකි ඖෂධීය ප්‍රතිකාර ක්‍රම නම් අනුගමනය කරන්නේ නෑ..

    කළු අයට සුදුවන්න සුදු අයට රන්වන් පාට වෙන්න යම් යම් ඖෂධීය ක්‍රම අනුගමනය කරන අය ගැන අපි අහල තියෙනවා .. ?
    ඒවායින් සිදුවන අතුරු ප්‍රතිඵලත් අහලා ඇතිනේ..ආයුෂ අඩු කරන දේවල් මම නම් අනුමත කරන්නේ නෑ.. මම ඒවගේ දේවල්වලට විරුද්ධව කතා කරන කෙනෙක්.

    ඒත් ගයාත්‍රි රන්වන් පාට වෙලා ඉන්නේ ඒ වගේ ඖෂධීය ක්‍රම හින්දද කියල සමහරු අහනවා ....
    මගෙනුත් ඔය ප්‍රශ්නෙ අහපු අය ඉන්නවා. මම උපතින්ම සුදු කෙනෙක්. හැබැයි මම ඉස්සර ගොඩක් කෙට්ටුයි. දැන් මහතයි. කෙට්ටු කෙනෙක් මහත් වෙද්දි සම ඇදෙනවා. එතකොට හිටියට වඩා ටිකක් පැහැපත් වෙනවා. ඒ වගේම ෆේෂල් කිරීම් වගේ දේවල්වලින් මම සම පිරිසිදුව තියාගන්නවා. ඒ හින්දා මම හිටියට වඩා සුදු ඇති. ඒත් මම හිතන්නෙ නෑ මම අධික සුදකින් යුතු කෙනෙක් කියලා.

    හැමෝම මේ සුදු ගැන කතා කරන්නේ කළු කෙල්ලෝ ලස්සන නැද්ද ..?
    ඕස්ට්‍රේලියාවේ පදිංචි මගේ ඥාති දියණියක් ඉන්නවා. එයා කළු කෙල්ලක්. ඒත් ඒ රටේ එයාට ලොකු ආකර්ෂණයක් තියෙනවා. එයා හරි ලස්සන කෙල්ලක්. අනික සුදු හම තියෙන අයගේ හමේ තියෙන ලප කැලැල් පැහැදිලිව පෙනෙනවා. ඒත් කළු හමේ ලප කැලැල් පෙනෙන්නේ නෑ.. මම නම් සුදු කෙල්ලන්ට වඩා ලස්සන කළු කෙල්ලෝ අනන්තවත් දැකල තියෙනවා.

    ඒ වුණත් අන්තර්ජාතික රූ රැජින තරගවලදි කළු හමට වඩා සුදු හමට විශේෂත්වයක් දක්වනවා..
    මම ඒක පිළිගන්නේ නෑ. කළු ජාතික කාන්තාවන් පවා ඒ වගේ තරගවලදී කිරුළු පැළැන්දූ අවස්ථා තියෙනවා.

    ඒත් කළු කෙල්ලෝ සුදු වෙන්න යම් යම් ඖෂධ පාවිච්චි කරලා නැති ලෙඩ හදාගත්තට සුදු කෙල්ලෝ කළු වෙන්න හදපු අවස්ථා ගැන අපි අහල නෑ ..
    ඒක ඒ අයගේ ආකල්ප අනුව සිදුවන දෙයක් . සුදු කියන්නෙයි ලස්සන කියන්නෙයි දෙකක් මිස එකක් ‍නෙවෙයි. “මම කළුයි” කියල හීනමානයක් ඇති කරගෙන විහිං පසුගාමී වෙනව නම් ඒක එයා හිතන විදිය. අනික ඔය රූපය කියන දේට නිරෝගී බවයි හිතේ සැහැල්ලුවයි අත්‍යවශ්‍ය බව ගොඩක් අය හිතන්නෙ නෑ.. හිතේ කනස්සල්ලක් තියෙනව නම් රෝගී නම් එයා තුළ පෙනෙන්නේ මලානික පෙනුමක්. හිතේ සතුටින් සැහැල්ලුවෙන් ඉන්න නිරෝගී අය තුළ ජවසම්පන්න බවක් ප්‍රබෝධමත් පෙනුමක් තියෙනවා. ලස්සන වෙන්න සුදුද කළුද කියන එක කිසිම ප්‍රශ්නයක් ‍නෙවෙයි.

    කොච්චර ලස්සන උනත් ගයාත්‍රි පහුගිය කා‍ලේ ටෙලි නාට්‍යවල එක දිගට තරුණ නළු නිළියන්ගේ අම්මා වුණා..
    මෑත කාලයේ ඉන්දියානු ටෙලි නාට්‍යවලට ලොකු අවධානයක් යොමුවුණා. ඒ නාට්‍යවල අම්මල තාත්තල ගෙදරටත් බොහොම විචිත්‍රවත් විදියට ඇඳල ඉන්න ලස්සන තරුණ අය. අපේ ටෙලිනාට්‍යවලටත් ඒ බලපෑම ආවා. තරුණ ලස්සන අය අම්මල තාත්තල වෙද්දි නව යොවුන් පිරිස පෙම්වතුන් වුණේ ඒ හින්දා. මටත් ඒ තත්ත්වය බලපෑවා. ඒත් දිගටම ඒ තුළ කොටු වෙන්න බැරි හින්දා මම ටෙලි නාට්‍ය 10 ක් විතර ප්‍රතික්ෂේප කළා. අවුරුදු 10කට පස්සේ මම “නීල පලිඟු දිය” ටෙලි නාට්‍යයේ ගිරිරාජ්ගෙයි දූලීකගෙයි ලොකු දුව විදියට රඟපෑවා. ඒකේ මගේ නංගියි මල්ලියි වන්නේ ඉෂාරා සඳමිනියි දෙනුවනුයි. මගෙ පෙම්වතා ධම්මික.

    මීට පස්සේ දිගටම රඟපාන්නේ කෙල්ලගෙ චරිතද.. ?
    එහෙම නෑ.. වැදගත් වන්නේ රඟපාන චරිතය මොකක්ද කියන එක. කෙල්ලද අම්මද කියන එක ‍නෙවෙයි. මම පහුගිය කා‍ලේ චිත්‍රපට 3ක්ම රඟපෑවා. ඒ හැම එකකම කෙල්ල වුණේ නෑ.. විකට චිත්‍රපටයකුත් ඒ අතර තියෙනවා.

    සරල සුන්දර චිත්‍රපටයක මල් ගස් වටේ දුවන පෙම්වතියගේ චරිතයට ආරාධනා ලැබුණොත් .. ?
    එහෙම ආරාධනාවක් ලැබුණොත් නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. මම අවුරුදු 18ක දුවෙක් ඉන්න අම්මා කෙනෙක්.

    ආරියවංශ කුලතිලක_ලක්බිම

    වෙන්න ගිය ලොකු අනතුරක් නූලෙන් බේරුණ හැටි

    By: Aththa Withthi On: 1/23/2017 02:06:00 PM
  • Let's Get Social

  • වෙන්න ගිය ලොකු අනතුරක් නූලෙන් බේරුණ හැටි පහත වීඩියෝවන්,

    ගෙදරට බොරු කියලා නාන්න ගිය සිසුන් 5න් 3ක් මහවැලි ගඟට බිලි

    By: Aththa Withthi On: 1/23/2017 01:55:00 PM
  • Let's Get Social


  • පාසල් යන බව පවසමින් ගම්පොළ ඇත්ගාල මහවැලි ගඟේ දුන්හිඳ ප්‍රදේශයේ දිය නෑමට ගොස් දියේ ගසා ගෙන ගිය පාසල් සිසුන් තිදෙනකුගේ මෘත ශරීර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් විසින් ඊයේ (22දා) සොයාගෙන ඇත.

    මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ උලපනේ උඩගම සරණපාල මහා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනකු බව පොලිසිය පවසයි.

    ජීවිතක්ෂයට පත්වූ ගමපොළ ඇත්ගාල ප්‍රදේශයේ පදිංචි චාමර සන්දීප සෙනෙවිරත්න (13), එම ප්‍රදේශයේම පදිංචි තුම්පනේ මුදලිගෙදර තේමිය (13) සහ ගම්පොළ, උලපනේ පදිංචි මැදගෙදර මුදියන්සේලාගේ ගයාන් අමිත් (13) යන තිදෙනා තවත් ඔවුන්ගේම මිතුරන් දෙදෙනකු සමඟ මෙලෙස දිය නෑමට ගොස් ඇත.

    එකම පන්තියේ මෙම මිතුරන් පස්දෙනා මවුපියන්ට බොරු පවසා පෙරේදා (21දා) මෙලෙස දියනෑමට ගොස් ඇති බවද පොලිසිය පවසයි.

    දියනාමින් සිටියදී මිතුරන් තිදෙනකු දියේ ගසා ගෙන ගොස් ඇති අතර ඉන් දිවි බේරා ගත් අනෙක් මිතුරන් දෙදෙනා පසුව නිවෙස්වලට පැමිණ ඇත.

    අනෙක් සිසුන් දෙදෙනා නිවෙස්වලට ගියද සිද්ධිය පිළිබඳව මවුපියන්ට පවසා නොමැති අතර රාත්‍රි 9ට පමණ එම සිද්ධිය දැනගත් මවුපියන් සිය දරුවන් සෙවීම ආරම්භ කොට ඇත.

    ගම්පොළ නාවලපිටිය මාර්ගයේ ඇත්ගාල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 3ක් පමණ පාගමනින් මෙම දුන්හිඳ ස්ථානයට යා යුතු අතර රාත්‍රියේ මේ දරුවන් සොයා ගැනීමට නොහැකි වී තිබේ. ඊයේ (22දා) පෙරවරුවේ ගම්පොළ පොලිසිය මඟින් නාවික හමුදාවට මේ බව දැන්වීමෙන් පසුව ඔවුන් කොළඹ සිට ගම්පොළට පැමිණ තිබේ.

    එතෙක් ප්‍රදේශයේ තරුණ හා වැඩිහිටි පිරිස් මේ මළ සිරුර සොයා ගැනීමට දැඩි වෙහෙසක් ගත්තද ගැඹුරු වළක මොවුන් දියේ ගිලී තිබීම නිසා එය අපහසු විය.

    මේ සිසුන් පස් දෙනා ගඟේ ඉහළ කොටස නැරැඹීම සඳහා ගඟදිගේ ඉහළට යමින් සිටියදී එක් සිසුවකු ගලකින් ලිස්සා දියට වැටී තිබේ.

    ඔහු බේරා ගැනීම සඳහා පිළිවෙළින් සියලු දෙනා දියවළට පැන ඇති අතර ඉන් තිදෙනකු මෙසේ ගිලී ඇති බව පරීක්ෂණ පවත්වන ගම්පොළ පොලිසිය අනාවරණය කර ගෙන තිබේ. මියගිය සිසුන්ගේ මවුපියන් පවසනුයේ මේ සිසුන් පාසලේ වැඩක් ඇති නිසා පාසලට යන බව පවසා නිවෙස්වලින් ගිය බවයි.

    මහවැලි ගඟේ දිය නෑමට ගිය බව කිසිවකුත් නොදන්නා බවත් දරුවන් අතුරුදන් වූ බව දැන රාත්‍රි කාලයේ ප්‍රදේශයේ සෑම තැනකම සොයා බැලූ බවත් ඔවුහු පවසති.

    උඩගම පාසලේ විදුහල්පතිතුමිය වූ ඩී.ජේ. සී.කේ. ගොඩකුඹුර මහත්මිය මෙසේ පැවැසුවාය.

    ළමයින් තිදෙනා අප පාසලේ 9 වසර ඉගෙනුම ලබන අය. ඔවුන් පාසලේ හොඳට හිටියා. ඉගෙනුමටත් හොඳයි. පාසලට ළමයින්ට එන්ට කියලා තිබුණේ නෑ. කවුරුත් තම තමන්ගේ ළමයින් පිළිබඳව සැලකිල්ලෙන් සිටියානම් මෙවැනි විපත් වන්නේ නෑ.

    ගොඩගත් මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත යැවීමට කටයුතු යොදා තිබිණි.

    ගම්පොළ පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

    -චාමර අමරසූරිය, ගම්පොළ - මාධව බණ්ඩාර_මව්බිම