Showing posts with label Celebrities. Show all posts
Showing posts with label Celebrities. Show all posts

06 June, 2017

කට නිසා රහල්ට වෙච්ච දෙයක් - පේජ් කරන කොල්ලෝ තමයි පන්න පන්න පහර ගැහුවේ - ඔවුන්ට ගරු කරනවා

By: Aththa Withthi On: 6/06/2017 11:26:00 AM
  • Let's Get Social

  • එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.

    මොකක්ද රහල් මේ කරගත්තේ?

    ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.

    වැඩසටහනේදී රහල්ගේ කටින් පිටවුණු වචන නොහිතා පිට කරපු වචන කියලා අත පිහිදා ගන්න බැහැ නේද?

    මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්. මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.

    ඒ කියන්නේ රහල් පිළිගන්නවද වුණේ වැරැද්දක් කියලා?

    ඔව්. මම වැරැද්දක් කළොත් සමාව ගන්නවා. මම මගේ ෆේස්බුක් එකෙනුත් සමාව ගත්තා වුණු දෙයට. මං ගැන දන්න අය මම කොහොම පුද්ගලයෙක්ද කියලා දන්නවා. මින් ඉදිරියට මගෙන් ඒ වගේ දෙයක් සිද්ධ නොවන තැනට මම කටයුතු කරනවා.

    මාළුවා නහින්නෙත් කට නිසා කිව්වලු. කොහොමින් කොහොම හරි රහල් වැඩ වරද්ද ගත්තෙත් කට නිසා නේද?

    කට නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මම ඒ වෙලාවේ හිටපු මානසිකත්වය වෙන්නත් පුළුවන්.

    ඒ වෙලාවේ හිටපු මානසිකත්වය කියලා කිව්වේ?

    මම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න කලින් නිදිමරලා හිටියේ. මේ ඉන්ටවිව් එක ගන්න මොහොතෙත් මම ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච අයට උදවු කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් එදා මගේ අතින් නොවිය යුතු දෙයක් සිද්ධ වුණා. පළපුරුදු නිවේදකයෙක් නම් ඒ අවස්ථාවේදී ලස්සනට වචන ගළපන්න තිබ්බා. පළපුරුද්දක් නැති නිසා වැරැදි ප්‍රකාශයක් මගෙන් පිට වුණා.

    බැරි දේවල් කරන්න ගිහින් අනාගත්තා කියලා දැන් හිතෙනවද?

    මෙහෙමයි. මම මාස හතක් ඒ වැඩසටහන ඉදිරිපත් කළා. සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අභියෝගය මම ඉටු කළා. මම හැමෝම එක්ක මිත්‍රශීලීව තමයි ඒ වැඩසටහන කළේ. ඒත් එදා ඒ ප්‍රේක්ෂිකාවකගෙන් ආව දුරකතන ඇමතුමට මම පිට කළ වචන වැරැදියි. හැබැයි ඒ හිතාමතා ප්ලෑන් කරලා ගත්ත දුරකතන ඇමතුමක්ද කියලත් හිතෙනවා. නමුත් වෙච්ච දේ වෙලා ඉවරයි.

    රහල් සැබෑ ජීවිතෙත් ඔය වගේ පුංචි දෙයටත් තරහා අරගන්න නාහෙට අහන්නේ නැති චරිතයක්ද?

    එක එක පුද්ගලයා වෙනස්නේ. අසාධාරණයන් වෙද්දී මම ටිකක් හැඟීම්බරයි. ඒ වගේම මම සංවේදී. තරහා යන ගොඩක් අය සංවේදී. කොහොම වුණත් මේ වුණා වගේ වැරැද්දක් ඉදිරියේදී සිද්ධ නොවෙන්න මම වගබලා ගන්නවා. මම පොළාවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. වැරැද්දක් වුණා නම් ඒක හදා ගන්නත් ඉඩ ලැබෙන්න ඕන.

    කට වරද්දගත්ත නිසා දැන් රහල්ට විවේචන ගොඩකට මුහුණ දෙන්නත් වෙලා නේද?

    ඔව්. එල්ල වුණු හැම විවේචනයක්ම මම තනියෙන් විඳදරා ගත්තා. මව්බිමෙන් කතා කරලා මේ වෙච්ච දේ අහද්දි තමයි මට කඳුළු ආවේ. මට දුකයි මේ වෙච්ච දේ ගැන. හැබැයි මම මේ සිද්ධ වුණු දේවල් ජීවිතයට හොඳ පාඩමක් කර ගන්නවා.

    රහල්ගේ පැත්තට කතා කරන්න හිත මිත්‍රයන්වත් හිටියේ නැද්ද?

    මං වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියා. ඒ අය මං වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි ඒ අයටත් සමහරු අසභ්‍ය වචනයෙන් කතා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඒ මිත්‍රයන්ට කිව්වා මං වෙනුවෙන් පෝස්ට් එකක්වත් දාන්න එපා කියලා.

    මේ වෙච්ච සිද්ධියෙදි මාධ්‍ය ආයතනයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද රහල්ට ලැබුණේ?

    මේ වෙනකල් මාධ්‍ය අයතනයෙන් මුකුත් කිව්වේ නැහැ.

    රහල් ඉදිරියේදී නිවේදන කටයුත්තෙන් ඉවත් වෙයිද?

    මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා. ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන.

    රහල්ට ඔය වැටුණු තැනින් ගොඩ එන්න පහසු වෙයිද?

    මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම අමාරුවෙන් මේ තැනට ආවේ. නමුත් මම වැටුණා. මාව වැට්ටුවා. මුළු සමාජයම මාව පෑගුවා. ඒ ගැන කිසිම තරහක් නෑ. ඉස්සරහට හොඳ වැඩ කරගෙන ජීවත් වෙනවා. අමාරුවෙන් හරි ආයෙත් නැඟිටිනවා.

    ඉදිරියේදී කරන කියන දේවල් ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද?

    අනිවාර්යයෙන්ම. මම ඒ දේවල් හදාගන්නවා. එදා වුණු දේ ආයෙත් වෙන එකක් නැහැ. මම මේ වෙලාවේ දෙයක් කියන්න ඕන.

    ඒ මොකක්ද?

    සමාජ මාධ්‍යවල පේජ් කරන ඇඩ්මින්වරු ගැන දෙයක් කියන්න ඕන. ඒ අය ගොඩක් දක්ෂයි. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙනියන්න ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

    රහල්ට පන්න පන්න ගැහුව පේජ් ඇඩ්මින්වරුන්ගේ ඔළුව අතගාන්නද ඔය ලෑස්ති වෙන්නේ?

    නෑ. නෑ. ඒ පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි. පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා.

    ලැබුණු පබ්ලිසිට්යත් අරගෙන රහල් ගීත එකපිට එක ජනප්‍රිය කරගන්නත් උත්සාහ ගනියිද?

    ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක්, ඵථඵ වලින් ආපු ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ. මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

    05 June, 2017

    තනියම හිටියත් ඉන්නෙ සතුටින්

    By: Aththa Withthi On: 6/05/2017 11:41:00 PM
  • Let's Get Social

  • ”නිනෝ ලයිව් චිත‍්‍රපටය හරහා මේ දිනවල පේ‍්‍රක්ෂකයන්ට සමීපවන නිනෝ අරලිය අප කවුරුත් දන්නා දක්ෂ රංගන ශිල්පියෙකි. මෙම චිත‍්‍රපටය පසුගිය 26 වැනි දා සිට සිනමාහල්වල තිරගත වීම ඇරඹුණි. කාලෙකින් පෙනී සිටින මොහු මෙම චිත‍්‍රපටයේ හා ඔහුගේ සැබෑ ජීවිතයේ තතු පිළිබඳ පැවසීමට සඳැල්ල අප හා එක්වූයේ මෙලෙසිනි.

    නිනෝ ලයිව් චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ ?

    මේ චිත‍්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ රියැලිටි වැඩසටහනක් මුල්කරගෙන. රියැලිටි වැඩසටහන් අපේ රටට හඳුන්වලා දෙන්නේ මීට වසර 10 කට විතර කලින්. මේ චිත‍්‍රපටය කරලත් දැන් අවුරැුදු 8 ක් විතර වෙනවා. ලංකාවේ ටෙලිවිෂන් මාධ්‍යයන්ට රියැලිටි තරග හඳුන්වලා දුන්න කාලේ දීම තමයි මේ චිත‍්‍රපටයත් නිර්මාණය වෙන්නේ. වසර 8 කට පස්සේ මේ චිත‍්‍රපටය දැන් තිරගත වෙනවා. මේ කාලේ වෙනකොට හැම කෙනෙක්ම වගේ රියැලිටි වැඩසටහනක් කියන්නේ මොකක්ද කියන එක හොඳට දන්නවා. මීට වසර 8 කට විතර කලින් පෙන්නුවානම් පේ‍්‍රක්ෂකයන්ට මේ චිත‍්‍රපටය තේරැුම් ගන්න අපහසු වෙන්නත් ඉඩ තිබුණා. වර්තමානය වන විට පේ‍්‍රක්ෂකයන් රියැලිටි තරග නරඹලා ඒ පිළිබඳ කරැුණු කාරණා හොඳට දන්නවා. ඒ නිසා පේ‍්‍රක්ෂකයන්ට මේ චිත‍්‍රපටය ආදරයෙන් වැලඳගනියි කියලා මම හිතනවා.

    චිත්‍රපටය තිරගත වෙන්න මෙච්චර කාලයක් ගතවුණේ ඇයි ?

    හේතු මොනවද කියලනම් මම දන්නේ නැහැ. චිත‍්‍රපටය කළාට පස්සේ මේ චිත‍්‍රපටය ඉක්මනට පෙන්නන්න තමයි අපි උත්සාහ කළේ. නමුත් යම් යම් කරැණු නිසා මේ චිත‍්‍රපටය තිරගත වෙන්න ප‍්‍රමාද වුණා.

    මේ චිත‍්‍රපටය සඳහා ඔබේ නම යොදාගත්තේ ඇයි ?

    ප‍්‍රවර්ධන කටයුතු සඳහා ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා තමයි, මේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන මට කිව්වේ. මගේ නම යොදාගන්නවට කැමතිද කියලා මගෙන් ඇහුවා. ඉතින් මම ඒකට කැමති වුණා.

    ”නිනෝ ලයිව් චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද ?

    මහේන්ද්ර අයියගේ නාට්‍ය වැඩමුළුවල දී තමයි අපි මුලින්ම මුණගැහුණේ. ඒ කියන්නේ 2004 දී. මේ චිත‍්‍රපටය කළේ 2008 දී විතර. සෑහෙන කාලයක් අපි ආශ්රපය කරලා එකට ඉඳලා තමයි මේ චිත‍්‍රපටය කළේ.

    මේ චිත‍්‍රපටයේ ඔබේ චරිතය මොනවගේද ?

    මේ චිත‍්‍රපටයේ මගේ තාත්තා වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. මේකේ ඉන්න හැමෝම නළුවෝ. මම විතරයි රඟපාන්නේ නැත්තේ.

    සමස්තයක් වශයෙන් ගත්තම මේ චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ ?

    2008 වසරේ දී මේ චිත‍්‍රපටය නිර්මාණය වුණත් අදටත් මේ චිත‍්‍රපටය වලංගුයි. මට නම් හිතෙන විදියට මෙතෙක් කාලයකට මේ වගේ චිත‍්‍රපටයක් නිර්මාණය වෙලා නැහැ.

    ඇයි කාලයක් පෙනෙන්න හිටියේ නැත්තේ ?

    මට තවම කරගන්න බැරිවුණු වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒ දේවල් කරගන්නත් තියෙනවා. සමහර වෙලාවට මෙහේ ඉඳන් ඒ දේවල් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල මට විදේශ ගතවෙන්න වෙනවා. ඒ හින්දා තමයි කාලයක් නිහඩව හිටියේ.

    රංගනය ඔබේ වෘත්තියද ?

    මම මේ ක්ෂේත‍්‍රයට ආවේ අහම්බෙන් නෙවෙයි. මම මේ ක්ෂේත‍්‍රයට ආවේ මගේ කැමැත්තෙන්මයි. වෘත්තීය රංගන ශිල්පියෙක්ට අවශ්‍ය හැම දෙයක්ම අපේ රටේ නැති නිසා මගේ වෘත්තිය ලෙස රංගනය හඳුන්වන්න මම අකැමතියි. නමුත් මම කලාවට හුඟක් ආදරෙයි. මගේ වෘත්තිය වශයෙන් රංගනය හඳුන්වන්න මම කැමති නැහැ.

    වස්සානේ හීනේ ගීතයේ ඔබේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද ?

    ඒ ගීතය නරඹපු හැමෝගෙන්ම වගේ මට ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

    ටෙලිනාට්‍යවල රඟපානවට වඩා චිත‍්‍රපටවල රඟපෑමටද කැමති ?

    ටෙලිනාට්‍යයක වුණත්, චිත‍්‍රපටයක වුණත්, විෂුවල් එකක වුණත්, වෙළඳ දැන්වීමක වුණත් මට ලැබෙන ඕනෑම චරිතයකට මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මගේ චරිතය කුමක්ද කියන එක හොඳින් වටහාගෙන මම ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. ටෙලිනාට්‍ය වලට ද චිත‍්‍රපටයට ද වැඩියෙන් කැමති කියලා මම කියන්නේ නැහැ.

    නිනෝ කියන්නේ ඉඳහිට දකින්න ලැබෙන රංගන ශිල්පියෙක් නේද ?

    මම කවදාවත් මේ ක්ෂේත‍්‍රයෙන් ඈත් වෙන්නේ නැහැ. මේ ක්ෂේත‍්‍රයට මම ආදරේ නිසා මට ලැබෙන චරිතත් එක්ක මම හැමදාම මේ ක්ෂේත‍්‍රය තුල රුඳිලා ඉන්නවා. හැබැයි නිතරම දකින්න නැහැ කියලා මම පිළිබඳ වෙනමම ප‍්‍රතිරූපයක් හදාගන්න ඕනේ නැහැ මට.

    කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ ?

    කිසිම කලකිරීමක් නැහැ. මම දන්න තරමින් අවුරැුදු ගාණක ඉඳන් මේ ක්ෂේත‍්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරැුවෝ ක්ෂේත‍්‍රය නගා සිටුවන්න ප‍්‍රයත්න දරපු අවස්ථා තිබුණා. හොඳ අධ්‍යක්ෂණයක් යටතේ හොඳ වැඩමුළුවක් කරගෙන ගියොත් හොඳ කලාකරැුවන් පිරිසක් අපේ රටට බිහිවෙයි කියලා මම හිතනවා.

    ක්ෂේත‍්‍රයේ ළඟින්ම ආශ‍්‍රය කරන්නේ කාවද ?

    මම නාට්‍ය පාඨමාලාව හදාරපු කාලේ හිටිය යාළුවන්ව මම ළඟින්ම ආශ්ර ය කරනවා. ඒ හැර හැමෝම එක්ක හොඳින් කතා කරලා, සුහදව ඉන්නවා.

    නිනෝ මේ දවස්වල එළවළු වගාවක් කරනව කියලත් ආරංචියි ?

    ඒක මම වැඩසටහනක් අතරතුර විහිළුවට කියපු දෙයක් විතරයි.

    මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් අවුරැුදු කීයක් වෙනවද ?

    දැනට අවුරැදු 13 ක් වෙනවා.

    මේ අවුරැදු 13 ක කාලය පිළිබඳ මොනවද හිතෙන්නේ ?

    මේ ක්ෂේත‍්‍රය තුල තනිවම ඉන්න අමාරැුයි. මම මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරැුදු 13 ක් වුණාට තවම ලොකු දෙයක් මම මේ ක්ෂේත‍්‍රයට කරලා නැහැ. මේ ක්ෂේත‍්‍රයට ලොකු සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

    රියැලිටි තරගයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ?

    රියැලිටි වැඩසටහන් 3 කට මට ආරාධනා ලැබුණා. මම ඒ හැම රියැලිටි තරගයකටම සහභාගී වුණා.

    ඉදිරි කලා කටයුතු මොනවද ?

    දැනට නම් කිසිම නිර්මාණ කටයුත්තකට මට ආරාධනා ලැබිලැ නැහැ.

    දැන් පෙම්වතියක් එහෙම ඇති නේද ?

    මම තනිවම හිටියත් සතුටින් ඉන්නවා.

    හැමදාම තනියෙම ඉන්නද බලාපොරොත්තුව ?

    එහෙම නම් බලාපොරොත්තුවක් නැහැ. මේ දවස්වල නම් තනියෙන් ඉන්නවා.

    සඳුනි ඉමල්කා (saaravita)

    පන්ස‍ලේ ඇබිත්තකමක් ලැබුණු හීන් බබා සීයා යුද හමුදා සෙබළෙක් - පුතා පරිගණක ඉංජිනේරුවරයෙක්

    By: Aththa Withthi On: 6/05/2017 01:19:00 PM
  • Let's Get Social

  • හීන් බබා සීයා වෙන්න සේන ගුණවර්ධන වන ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
    නිමල් රත්නායක කියන අධ්‍යක්ෂවරයා තමයි 'මලී' ටෙලිනාට්‍යය සඳහා මුලින්ම මට අවස්ථාවක් ලබාදුන්නේ. ඒ චරිතෙට මම උපරිම සාධාරණයක් ඉටුකළා. එහි ප්‍රතිඵලයක් විදියටයි 'සිඳු' ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තේ.

    මේ දවස්වල 'හීින් බබා' සීයාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
    ඒ ගැන කියලා නිමකරන්න බෑ. මාව කවුරුහරි මගතොටේදී දැක්කත් හීන් බබා සීයේ කියලා තමයි කතා කරන්නේ. ‍පොඩි දරුවන්ගෙන් මට ලැබෙන ආදරයත් හිතාගන්න බැහැ. අපේ හීන් බබා සීයා කියලා දුවගෙන ඇවිත් පුංචි දරුවෝ මට කතා කරනකොට ආසාවේ බැහැ. ඒ විතරක් නමෛයි හීන්බබා සීයා නිසා මට විදෙස් ගතවෙන්නත් අවස්ථාවක් ලැබුණා. එතනදි තමයි මම දැක්කේ ලංකාවේ විතරක් නමෛයි එතෙර රටවලත් හීන් බබා සීයා ජනප්‍රියයි කියලා.

    හීන් බබා සීයා සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද?
    මම යුද හමුදා සේවා බළකා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. මේ වෙනකොට බොහොම සරල චාම් දිවි පවෛතක් ගතකරන්නේ.

    ඔබ හිතන විදියට 'සිඳු' ටෙලි නාට්‍යයේ ජනප්‍රියතම චරිතය කවුද?
    වෙන කවුරුත් නමෛයි, අපේ සෝරත ‍පොඩි හාමුදුරුවෝ.

    හීන් බබා සීයා විදියට සිඳු ටෙලි නාට්‍යයේ රඟපාද්දී සිද්ධවෙච්චි අමතක නොවන විශේෂ සිදුවීමක් එහෙම තියෙනවද?
    අ‍පොයි ඔව්, අපේ ‍පොඩි හාමුදුරුවෝ ඒ කියන්නේ සෝරත සාමණේර චරිතය කරන පුංචි දරුවට ටෙලි නාට්‍යයේ රූගතකිරීමකදී මම කිව්වා සරුංගලයක් හදලා දෙන්නම් කියලා. ඒක කිව්වේ ටෙලි නාට්‍යයේ දර්ශනයක විතරයි. ඒත් මේ පුංචි දරුවා හිතලා තියෙන්නේ මම ඇත්තටම සරුංගලයක් හදලා දෙන්නම් කිව්වා කියලා. ඒ නිසා මේ පුංචි දරුවා මාව දකින හැමවෙලාවෙම අහනවා 'කෝ හීන් බබා සීයා කිව්වට මට තාම සරුංගලයක් හදලා දුන්නේ නැහැනේ' කියලා.

    චරිත තෝරා ගැනීමේදී ඔබ කිසියම් තෝරා බේරා ගැනීමක් කරනවද?
    මම චරිතයක් තෝරා ගන්නකොට ඒකේ චරිතය ලොකුද, ‍පොඩිද කියලා බලන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම උපරිම විදියට කරන්නයි මම උත්සාහ කරන්නේ.

    හොඳයි අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතාකළොත්?
    මගේ පවු‍ලේ ඉන්නේ මමයි, බිරිඳයි, පුතයි. මගේ බිරිඳ සුජාතා නන්දනී. ඇය රාජ්‍ය සේවිකාවක්. පුතා දෙව්මිත් හසිත. පරිගණක ඉංජිනේරුවරයෙක්. මම පදිංචි වෙලා ඉන්නේ මත්තේගොඩට ආසන්න කිරිගම්පමුණුව කියන ප්‍රදේශයේ. අද වෙනකොට සේන ගුණවර්ධන කියන පුද්ගලයව ලෝකෙම හඳුනන තැනකට එන්න මගේ පුතාගෙන් වගේම බිරිඳගෙන් ලැබුණු සහයෝගයත් විශාල පිටිවහලක් වුණා.



    සමන්මලී නැලිගම (lakbima)

    04 June, 2017

    තේජව බලන්න මම දැන් යන්නෙ නැහැ

    By: Aththa Withthi On: 6/04/2017 05:25:00 AM
  • Let's Get Social

  • හැමදාමත් පෙම්වතාගේ චරිතය කරපු අමිල අබේසේකර ඒකෙන් මිදෙන්නේ කවදද?
    අලුත් ටෙලිනාට්‍යයේ මම පෙම්වතෙක් නෙමේ. ඒකෙ කොතැනකවත් මට පෙම්වතියක් නෑ. මම මගේ නංගිව බලාගන්න, නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරන අංගම්පොර ඉගෙන ගන්න චරිතයක්. ඒක වෙනස් චරිතයක් වෙයි.

    ඔය හැම වැඩක් එක්කම ටිකක් නිවාඩු පාඩුවක් ලැබුණාම අමිල මොකද කරන්නේ?
    නිදහසේ ඉන්නවනම් මම ඔය ගෙදර ඉන්න හරි ආසයි. ඒ වගේ වෙලාවට ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා. ගෙදර ඉන්නකොට තමයි ඉතින් මගේ වැඩ කරගන්න වෙන්නේ. බඩුවක් මුට්ටුවක් ගන්න ඕනෙනම් ඒක ගන්න, බැංකු වැඩවලට යන්න, බිල් ගෙවන ඒවාට යන්න, මේ දේවල් කරද්දි ඉතින් වෙලාව යනවා තේරෙන්නෙ නෑ.

    පහුගිය දවස්වල තේජාත් ලංකාවට ආවා නේද..?
    ඔව්... තේජා පහුගිය දවස්වල ලංකාවට ආවා. එයා අවුරුදු කාලේ ඉඳන්, ඒ කියන්නේ අප්‍රේල් මාසෙ ඉඳන් හතර පස් වතාවක් ළඟ ළඟ ලංකාවට ආවා ගියා.

    වෙනදාට තේජා බලන්න අමිල ලංකාවෙන් ගියා. දැන් අමිලව බලන්න තේජා ලංකාවට එනවා... මොකද මේ?
    ඔව්... ඔව්... ඒකනම් ඇත්ත. වෙනදාට මම තමයි තේජා බලන්න එහෙට ගියේ. ඒත්... මේ දවස්වල ෂූටිං වැඩ නිසා මේ දවස් ටිකේ මට යන්න විදිහක් නෑ. ඒ නිසා දැන් මේ දවස් ටිකේ මාව බලන්න තේජා මෙහාට එනවා.

    කොහොමද තේජාගෙන් ඔයාගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය?
    ඒකනම් ඉතින් හැමදාම කියනවා වගේම උපරිමයෙන් මට එයාගෙන් ලැබෙනවා. එයා තමයි මගේ ටෙලිනාට්‍ය බොහොමයක් බලන්නෙත්. එහෙම බලලා මගේ අඩුපාඩු කියන්නෙත් එයා. තිර පිටපතක් එයා ඉඳිද්දි මට ලැබුණොත් එයා ඒක ඉක්මනට කියවලා මට කතාව කියලා දෙනවා.

    අද වෙද්දි ඇතැම් කලාකරුවන්ගේ විවාහ බැඳීම් පවතින්නේ බොහොම ටික කාලයයි. එක වහලක් යට ඉඳගෙනත් වෙන්වෙන මොවුන්ගේ ජීවිත ගැන මොකද හිතෙන්නේ.. තේජායි අමිලයි රැකියා කටයුතු නිසා ඉන්නේ දෙතැනක..?
    ඕනෑම ප්‍රශ්නෙකට විසඳුම තියෙන්නෙත් තමන් ළඟයි. තේරුම් ගැනීම හා විශ්වාසය තියෙනවානම් කාටවත් ජීවිතේට ඇඟිලි ගහන්න බෑ. තේජා කියන කෙනාව මම වගේම එයත් එක්ක වැඩ කරන හැමෝම දන්නවා එයා කවුද කියලා. ඒ නිසා මට අමුතුවෙන් එයා ගැන හොයන්න බලන්න දෙයක් නෑ. එයා දන්නවා තමන් කොහොමද වැඩ කරගන්න ඕනෙ සහ තමන් කොහොමද ඉන්න ඕනෙ කියලා. ඒ නිසා මට එයා ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.

    එතකොට තේජාට ඔයා ගැන හොයන්න ඕනෙ නැද්ද..?
    ඒක ඇත්ත. තේජාට මගේ ගැන තමයි හොයන්න ඕනේ. මොකද මේ කලා ක්ෂේත්‍රය නිසා අපි ගැන කතා හැදෙනවා වැඩියි. ඒකත් මම පුළුවන් තරම් රැකගෙන තමයි ඉන්නේ. සමහරුනම් කතා හදනවා ඇති. මොකද අපි ඉන්න විදිහට. අද කාලේ හොඳ කියනවා හරි අඩුයිනේ. ඒත්... මට කියන කතාවලට මට ගාණක් නෑ. මම දන්නවා මම කවුද කියලා. ඒ නිසා තේජා මගේ ගැන හොඳට දන්නවා. අනික තේජා දුරස් කියලා අපිට දැනෙන්නේ නෑ. තේජායි මායි සතියකට සැරයක් සති දෙකකට සැරයක් මුණගැහෙනවා. ඒ නිසා ඒක ලොකු ඈත්වීමක් කියලා මට දැනෙන්නෙ නෑ.

    කාලයක් රියැලිටි ෂෝ නිවේදනය කරපු අමිල මේ දවස්වල රියැලිටි ෂෝවලට නිවේදනයෙන් දායක වෙන්නේ නෑ. මොකද ඒ ගැන ඉන්නේ කලකිරීමෙන්ද...?
    නෑ.. දැනටම මම රුපවාහිනියේ ප්‍රචාරය කරන රිදම් චැට් වැඩසටහන කරනවා. මීට අවුරුදු ගාණකට උඩදි එක රියැලිටි වැඩසටහනක් කළා. ඊටපස්සේ ඒ නාලිකාව වෙනස් කරන්න වෙන්න ඇති ඒක වෙනස් කළා. ඊටපස්සේ නම් මම රියැලිටි ෂෝ වැඩසටහන්වලට සහභාගි වුණේ නෑ.

    කවදා විතර තමන්ගේම නිවසක පදිංචිවේවිද..?
    ඉඩමක්නම් අපි දෙන්නා අරගෙන තියෙන්නේ. තාම ගේ හදන්න පටන් ගත්තේ නෑ. අලුත් පන්නයේ අපේ අතේ ඇති මුදලට සරිලන ගෙයක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. තේජා ලෝකෙ රටවල්වලින් නොගිය රටක් නැති තරම්. මමත් රටවල්වල සංචාරය කරලා තියෙනවා. ඉතින් ඒ රටවල්වල ගෙවල්, හොටෙල් වලින් අපි දෙන්නගේ ඔළුවේ එක එක අයිඩියා තියෙනවා. ඒ නිසා ඒ අයිඩියාවලින් අපේ ගාණට ගැලපෙන හොඳ ගෙයක් අපි දවසක හදනවා.

    මොනවද තියෙන බලාපොරොත්තු..?
    මම එක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ මුලු වරුසා ටෙලිනාට්‍ය. ඉතින් තව ටෙලිනාට්‍යයක් අපි මේ අවුරුද්දේ අන්තිම කරන්න හිතාගෙන ඉන්නවා.

    ►Text - Dishani / Pic - Sumudu (deshaya)

    03 June, 2017

    ගිණියම් රැයෙන් හිට් වුණු චමත්කාගේ ඊලඟ වැඩේ මෙන්න

    By: Aththa Withthi On: 6/03/2017 08:01:00 PM
  • Let's Get Social
  • Chamathka Lakmini - Giniyam Re

    චමත්කා ලක්මිණී කිව්වම දැන් ඕන කෙනෙක් දන්නවානේ. ගිණියම් රෑ වීඩියෝවෙන් කරලියට ආපු චමත්කාගේ අලුත්ම වැඩක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

    චමත්කා ලක්මිණී නිරූපණ ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම නිරූපණ ශිල්පිණියක් වගේම ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක්. ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර රූ රැජන තරග රැසකට සහභාගි වූ ඇය මේ වනවිට නර්තන ශිල්පිණියක හා ගීත රූපරචනා සඳහා නිරූපිකාවක ලෙස ද නමක් දිනා සිටි අයෙක්.

    කොහොම වුණත් මේ ජනප්‍රිය නිරූපිකාව පළමුවරට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් නිළියක ලෙස සිනමා රංගනයකින්ම කලඑළි බසින්නට සූදානම්වන පුවතක් අපිට දැන ගන්න ලැබුණා.

    චමත්කා ඒ ගැන කියන්නේ මෙන්න මේ වගේ දෙයක් “නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන ‘සරුංගල්‘ චිත්‍රපටයේ ‘අසංකි ‘කියන ප්‍රධාන චරිතය රඟපාන්න මට මේ වන විට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ ගැන හුඟක් සතුටුයි. මොකද රඟපාන්න ලොකු ආසාවක් හිතේ තිබුණා.

    එය මා දුටු සිහිනයක්. අද වනවිට එය සැබෑ වී තිබෙනවා. අසංකි කියන්නේ මේ සමාජයේ ජීවත්වන චරිතයක්. සමාජයේ අනෙක් තරුණ ජීවිතවලට යම් ආදර්ශයක් දෙන්න පුළුවන් චරිතයක්. ඒ චරිතයේ යමක් කරන්න තිබෙන නිසා මම කැමැත්තෙන් ඒ චරිතය රඟපාන්න භාර ගත්තා. මගේ පළමු සිනමා රංගනයෙන් ප්‍රේක්ෂකයා වෙත අලුත් අත්දැකීමක් ලබාදෙන්න මම සූදානම්.”

    නිනෝ ලයිව් මුහුරත් උළෙලට "උමාලි" විශ්ෂ ආරක්ෂකියින් සමඟ

    By: Aththa Withthi On: 6/03/2017 01:23:00 PM
  • Let's Get Social

  • සාරංග - උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත වාර්තා වන විටත් උමාලි ජපානයේ සිටි අතර මේ වන විට ඇය නැවත ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයද රංගනයෙන් දායක වන ”නිනෝ ලයිව්” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා වන අතර එය පෙරේදා (01) දිනයේදී පැවැත්වුනේ රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

    "සල්ලි - ක්ලබ් - පිරිමි" මට නෑ - මිතුනිකා

    By: Aththa Withthi On: 6/03/2017 09:54:00 AM
  • Let's Get Social

  • මිතුනිකාට නිරූපිකාවක් වෙන හීනය තිබුණේ පුංචි කාලේ ඉඳන්ද..?
    මම ඉගෙනගත්තේ මොරටුව කන්‍යාරාමයේ. පුංචි කාලේ මම ආසාවෙන් හිටියේ ක්‍රීඩා පැත්තෙන් ඉදිරියට යන්නයි. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මම ක්‍රීඩාවට ආසයි. ගොඩාක් වෙලාවට හිටියේ පිට්ටනියේ. ඉතින්... කොහොමින් කොහොම හරි ඉබේටම වගේ මාව මේ ෆීල්ඩ් එකට යොමුවුණා.

    02 June, 2017

    අන්තර්ජාලය කළඹූ කෞෂිගේ ඡායාරූප පෙළ (Photos)

    By: Aththa Withthi On: 6/02/2017 09:38:00 PM
  • Let's Get Social

  • යොවුන් නිරූපණ ශිල්පිණියක වන කෞෂි පෙරේරාගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.

     මේ වන විට ඒ පිළිබඳ සමාජ ජාල වෙබ් අඩවි වල කතා බහට ලක්වෙමින් තිබෙනවා.

    මේ පහතින් දැක්වෙන්නේ එම ඡායාරූප පෙළයි.

    ජපානයේ සිටි උමාලි නැවත ලංකාවට

    By: Aththa Withthi On: 6/02/2017 11:47:00 AM
  • Let's Get Social

  • පසුගිය කාලයේ සාරංගගෙන් විරසකවූ බවටත් ලේනෙකු සම්බන්ධ හුටපටයකුත්නිසා ආන්දෝලනාත්මක පුවත් මැවූ ටෙලි නිළි උමාලි තිලකරත්න බොහෝ කාලයක් ජපානයේ සිය පියා සමග වාසය කළ අතර දැන් නැවත ලංකාවට පැමිණ තිබෙනවා.

    ඇය සාරංග සමග පැවති විවාහය දෙදරාගිය බවටත් එයට හේතුවූයේ වෙනත් සම්බන්ධයක් බවටත් කටකතා පැතිරුණ අතර මේ දෙදෙනා නීතියෙන් වෙන්වීමේ කටයුතු සිදුවෙමින් පැවති බවටද ප්‍රචාරයන් දියත් විය.

    කෙසේ වෙතත් උමාලි යළි ලංකාවට පැමිණ ඇත්තේ පැවැත්වීමට නියමිත ටෙලි සම්මාන උලෙළෙක ඇය හොඳම නිළියන් තිදෙනාගෙන් කෙනෙකුට නිර්දේශවීම නිසා බව වාර්තා වෙනවා.

    01 June, 2017

    ශාරුක් ඛාන් පණපිටින් මරලා - ඇත්ත විස්තරේ මෙන්න

    By: Aththa Withthi On: 6/01/2017 10:52:00 PM
  • Let's Get Social


  • ඉන්දීය මාධ්‍ය විසින් ලොවක් ආදරය කළ සුපිරි තරුව ගැන කනගාටුදායක පුවතක් වාර්තා කිරීමත් සමඟ එර ප්‍රේක්ෂකයන් අතර මහත් කැළඹීමක් හටගත් බවයි වාර්තාවන්නේ.

    ඔහු මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය විසින් පළකර තිබුනේ.

    සුපිරි නළු ශාරුක් මියගොස් ඇත්තේ පැරිස් ගුවන් අනතුරකට ලක්වීමෙන් බවයි එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ.

    කෙසේ වෙතත් පසුව මෙම ප්‍රචාරය අසත්‍ය ප්‍රචාරයක් බවට පසුව අනාවරණය වී තිබෙනවා.

    ඒ අනුව පැරිස් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින්ද එවැනි අනතුරක් සිදු නොවුණු බවට සනාථ කර ඇති බවටයි වාර්තා වන්නේ.

    මෙම අසත්‍ය සිදුවීම වාර්තා කළ පුද්ගලයන් විසින් අදාළ අනතුරට ලක්වූ බව පැවසූ ගුවන් යානයේ සේවා සපයන සමාගම සමඟ එහි තොරතුරු රැසක් වාර්තා කිරීමත් මෙලෙස මෙම පුවත ඉකමනින් බොහෝ පිරිසක් විශ්වාස කිරීමට හේතුවී තිබෙනවා.

    අදාළ පුවත ප්‍රථමයෙන් ප්‍රංශයේ වෙබ් අඩවියක වාර්තාවීමත් සමඟ ඉන්දීය මාධ්‍ය මෙය වාර්තා කර ඇති බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.

    මේ අතර ඇතැම් මාධ්‍ය ඊයේ දිනයේ ශාරුක් ඛාන් රූගත කිරීම් සිදුකෙරෙන ස්ථානයකදී අනතුරකට ලක්වූ බවටද වාර්තා කර තිබෙනවා.

    කෙසේ වෙතත් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරක් මේ වනතෙක් අනාවරණ වී නොමැති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

    විපතට පත්වූවන්ට උදව් කරන්න ගිහින් සඳුන් පෙරේරාට වෙච්ච දේ (Photo)

    By: Aththa Withthi On: 6/01/2017 02:57:00 PM
  • Let's Get Social

  • රටම විපතට පත්වෙලා ඉන්න මේ අවස්ථාවේ බොහෝ සමාන්‍ය ජනතාව වගේම කලාකරුවනුත් ඔවුන් වෙනුවෙන් කැපවෙනවා. බොහෝ දේ කරනවා.

    ගායක සඳුන් පෙරේරාත් පසුගිය දවසක ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් උදව් කරන්න ගිහින් තිබුණා.

    ඒ ගිහින් එන අතරමගදී සඳුන් පෙරේරා පැදවූ මෝටර් රථයේ තවත් වාහනයක් ගැටීමෙන් ඔහු අනතුරට පත්වුණේ පිළියන්දල ප්‍රදේශයේදී.

    මේ අනතුරින් සඳුන් පෙරේරාගේ පාදයට දැඩි තුවාල සිදුව ඇති අතර දින දෙකක් ඔහු කලුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර ඊයේ සවස් කාලයේ ඔහු රෝහලෙන් පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

    පසුගිය 29 වැනිදා අලුයම 3 ට පමණ මේ අනතුර සිදුව තිබුණා.

    නිල් චිත්‍රපට නිළියක් මුහුදු වෙරළේ ඌරෙකු සමඟ කල දේ! (Photos)

    By: Aththa Withthi On: 6/01/2017 10:51:00 AM
  • Let's Get Social

  • ඇමරිකාවේ සුරූපී නිල් චිත්‍රපට නිළියක් වන වෙරෝනිකා රොඩ්‍රිගෝ මේ දිනවල බහමාස් දූපත්වල සංචාරයක නිරත වනවා. එම සංචාරය අතරතුර ඇය ඉතා හොදින් වැඩුනු ඌරන් කිහිප දෙනෙකු සමඟ මුහුදු වෙරලේ විනෝද වන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජජාල තුල වේගයෙන් සංසරනය වනු දැකගත හැක.

    ශ්‍රී ලංකාවේදී නම් ඌරා යනු ඉතා අපිරිසිදු සතෙකු වන අතර බොහෝ දෙනෙකු ඌරුමස් කෑමට නම් දැඩි ප්‍රියතාවයක් දක්වනවා.

    නමුත් විදේශ රටවල් බොහෝමයක ඌරා යනු සුරතල් සතෙක්.

    වෙරෝනිකා සහ ඌරන් විනෝදයෙන් සිටින අයුරු සහ ඇය විශාල ඩොල්ෆින් මත්සයෙකු සමඟ සිටින ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

    මාසයක් තුළ ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

    By: Aththa Withthi On: 6/01/2017 06:10:00 AM
  • Let's Get Social

  • වයස් භේදයකින් තොරව ආදරය දිනාගත් දක්ෂතම ගායිකාවක් ලෙස ශෂිකා නිසංසලා හැඳින්විය හැකිය. ප්‍රසංග වේදිකාව මෙන්ම පසුබිම් ගායන තුළ මෙරට පෙරළියක් සිදුකළ ගායිකාවක ලෙස ඇය ප්‍රචලිතය. සිය නිර්මාණ කටයුතු පිළිබඳ කතාබහකට 'අද' සමග ඇය මෙලෙස එක්විය.

    මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?

    මේ දවස්වල අලුත් සිංදුවකට සූදානම් වෙනවා. ගීත කිහිපයක්ම ලැබිලා තියෙනවා. එයින් ගීත තෝරාගන්නා ගමන් ඉන්නේ වීඩියෝ එකක් එක්ක එළිදක්න ගීතයකට. කීපයක් තියෙනවා ඉන් තෝරාගත්. තව මාසයක් විතර ඇතුළත ගීතයක් එළිදක්වන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. පහුගිය දවස්වල දිගටම සංගීත ප්‍රසංග තිබුණා. ගොඩක්ම තිබුණෙ එළිමහන් ප්‍රසංග. ගෘහස්ථ ප්‍රසංග කිහිපයක් තිබුණා. මැයි මාසයේදීත් ගෘහස්ථ ප්‍රසංග කිහිපයක් තිබුණා.

    සම්මානයක් ලැබුණා නේද? ඒ ගැනත් විස්තර ටිකක් කියමු නේද?

    ඔව්, ගිය වසරේදීත් ලැබුණා, මේ වසරේදීත් ලැබුණා. ඒක ඇත්තටම මෙහෙමයි. මගේ 'පාරමිතා' සිංදුව හිට්වුණා. ඒ මියුසිකල් ෂෝ පටන්ගත්ත කාලයේ ඉඳන්ම. හත් වතාවක් පමණ මාව ජනප්‍රියම ගායිකාවට නිර්දේශ වෙලා තිබුණා. හැම වසරකම වගේ නන්දා ආන්ටි, නිරෝෂා අක්කා සහ මම තමයි නිර්දේශ වෙලා තිබුණෙ. 2016/2017 වර්ෂ දෙකේදීම ලැබුණත් 2017 වර්ෂයේදී නන්දා ආන්ටිට සහ මට සම සම්මාන හම්බ වුණා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. ඉතිං මට කොහොමටත් ලොකු රසික පිරිසක් ඉන්නවා කියලා දන්නවා. නිතරම ප්‍රසංග වේදිකාවලට යන නිසා එයාලාගේ ආදරය කොහොමත් මට ලැබෙනවා. මේක සම්මානයක් විදියට ලැබුණාම ගොඩක් සතුටුයි. 2016දීත් රාජ්‍ය සම්මාන උලෙළේ ප්‍රශස්තම ගායිකාවට හිමි සම්මානය ලැබුණා. ඉදිරියේදී පැවැත්වෙන රයිගම් සම්මාන උලෙළේදීත් ගීතයක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඉතිං සම්මානයක් කියන දේ අපට වටිනවා.

    මෙච්චර රසික පිරිසක් ඔබ වටා එකතු වී සිටින එක ගැන මොකද හිතෙන්නේ?

    මම හිතන්නෙ ඒක වාසනාව විතරක්ම නෙවෙයි. අපේ රටේ ඉන්න රසික පිරිස විවිධයි. ඒ විවිධත්වයට අදාළව නිර්මාණ කරන්න මට හම්බ වෙනවා. ඒ ලැබෙන සින්දු මම බොහොම මහන්සි වෙලා රසිකයන්ගේ කැමැත්ත ලැබෙන ලෙස ඉදිරිපත් කරනවා. ඒත් සමගම ඒ ගීත ජනප්‍රිය වෙනවා. වැඩි දෙනෙකුට විඳින්න පුළුවන් විදියේ ගීතයක් නිර්මාණය කරන්න අමාරුයි. තෝරා බේරාගෙන කරන්න ඕන. ගීත 15 - 20 ක් විතර තෝරලා තමයි ජනප්‍රිය වුණ ගීත නිර්මාණය වෙන්නේ. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලටත් ගීත ගායනා කරන්න අවස්ථාව වැඩිපුර ලැබෙනවා. ගායනා කරපු චිත්‍රපට තුනක විතර ගීත ඉදිරියේදී ලැබෙන්න තියෙනවා. ඒ වගේ සුභාවිත පැත්තට බර ගීත, ශාස්ත්‍රීය පැත්තට බර ගීතත් නිර්මාණය කෙරෙනවා. හැම පැත්තකටම අදාළ ගීත නිර්මාණය කරන්න ලැබෙන නිසා තමයි මම හිතන්නේ රසිකයො මගෙත් එක්ක ගොඩක් ඉන්නේ. ඒක ලොකු වාසනාවක්. මගේ සැමියා, අම්මා ඇතුළු පවුලේ අයගේ කැපකිරීමත් මේ දේවල් එකක් තියෙනවා. ඒ හැමදේම ඒකට හේතුවක් වෙලා තියෙනවා.

    ගීතයක් නිර්මාණය කරන්න කාලයක් ගන්නේ අද තියෙන්න රැල්ලෙන් එහා දෙයක් කරන්න ඕනේ කියලා හිතලද?

    රැලි කියන එක එනවා යනවා. නමුත් මම ගොඩක් දුරට ඒ කාලයේ තියෙන ගීත රැල්ලට අදාළ ගීත නිර්මාණය කරන්නේ නැහැ. හැබැයි වැඩි දෙනෙකුට විඳින්න පුළුවන් ආකාරයේ ගීතයක් වෙන්න ඕන. ඒ වගේම හොඳ පද රචනයක්, හොඳ තනු නිර්මාණයක්, සංගීත සංයෝජනය පැත්තෙනුත් ටිකක් වෙනස් විදියෙ දෙයක් විය යුතුයි. ඒ වගේම සජීව සංගීතය යොදාගන්න මම ගොඩාක් උත්සාහ කරනවා. ඒ වගේ දේවල් ටිකක් හොයන නිසා තමයි වැඩි කාලයක් ගන්නේ. අනිත් දේ ළඟ ළඟ සිංදු නිකුත් කළා කියලා ජනප්‍රිය වෙන්න ටිකක් අමාරුයි. හොඳ ගීතයක් වැඩි කාලයක් මිනිස්සුන්ට අහන්න දෙන්න ඕන. දැන් මගේ "ඇස්පිය නොහෙලා" ගීතය ගත්තොත් 2015 පෙබරවාරි මාසයේ තමයි මම ඒ ගීතය නිකුත් කළේ. තාමත් ඒ ගීතයට ප්‍රතිචාර ලැබෙනවා.

    චිත්‍රපට සඳහා පසුබිම් ගායනයෙන් සම්බන්ධ වෙන්නේ නැත්තේ කාලවේලාවේ ප්‍රශ්නයක් නිසාද?

    නෑ, මට වැඩිපුර ලැබෙන්නේ ටෙලි නාට්‍ය ගීත. ඉදිරියට අහන්න ලැබෙන්න තියෙන ටෙලි නාට්‍යත් දෙකක් විතර තියෙනවා. චිත්‍රපට තුනක් තියෙනවා ගායනා කරන්න. මට ආරාධනා ලැබෙන විදියට මම ගායනා කටයුතු කරනවා. හොඳ නිර්මාණයක් නම් මම ගොඩක් උනන්දුවෙන් දායක වෙනවා.

    නවක ගායක ගායිකාවන් ගොඩක් අද ක්ෂේත්‍රයට එනවා. ඇතැම් අය කියනවා මේ දේවල් නිසා ක්ෂේත්‍රයේ යම්කිසි පිරිහීමක් තියෙනවා කියලා. ඔබ මේක දකින්නේ කොහොමද?

    මම නම් හිතෙන්නේ මෙහෙමයි. සංගීත ක්ෂේත්‍රය තුළ විවිධ විවිධ නිර්මාණ බිහිවෙන්න ඕන. එදත් එහෙමයි විවිධ නිර්මාණ බිහිවුණා. අදත් එහෙමයි. ක්ෂේත්‍රයට එන පිරිස වැඩියි. වැඩි පිරිසකට ක්ෂේත්‍රයට එකතු වෙන්න තියෙන අවස්ථාව වැඩියි. මොකද මාධ්‍ය හරහා ඒ සඳ වැඩි වශයෙන් අවස්ථාව ලැබෙනවා. ගීතයක් නිර්මාණය වෙලා ජනප්‍රිය වුණොත් ගොඩක් දෙනෙක් ඒ ආකාරයෙන්ම ගීතයක් නිර්මාණය කරන්න යොමුවෙන අයුරු දකින්න ලැබෙනවා. ඒ දේ නිසා වෙන්න ඇති ඒකාකාරී නිර්මාණ බිහිවෙන්නේ. කැපවීම, උත්සාහය තියෙනවා නම්, දක්ෂතාව තියෙනවා නම් අද බිහිවෙන ක්ෂේත්‍ර‘යේ නවකයන්ට ඉදිරියට යන්න පුළුවන්. ජනප්‍රිය ගීත, ශාස්ත්‍රීය පසුබිමක් තියෙන ගීත, ජන ගී ආශ්‍ර‘යෙන් නිර්මාණය වූ ගීත වගේ විවිධ විදියේ ගීත තියෙන්න ඕන.

    ගීතයේ ජනප්‍රියත්වයට අද කාලයේ වීඩියෝවත් බලපානවා. ඒ දේ ගැන මොකද හිතෙන්නේ?

    ඒකට එකම හේතුව රූපවාහිනී නාළිකා වැඩියි දැන්. ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර නම් එකයි, දෙකයි තිබුණෙ. අපේ පැරණි ගීත ජනප්‍රිය වුණේ වීඩියෝ හරහා නෙවෙයි. රේඩියෝවලින් ඇහිලා පසුව තමයි රූපවාහිනියේ ප්‍රදර්ශනය වෙන්න ගත්තේ. මගේ ගීත සඳහා පළමුවෙන්ම වීඩියෝ එකක් කළේ ITN එකෙන්. ඉන්පසු රූපවාහිනියෙනුත් වීඩියෝ නිර්මාණය කරලා තියෙනවා. දැන් රූපවාහිනී නාළිකා වැඩියි. තමන්ටම තමයි වීඩියෝවක් නිර්මාණය කරලා දෙන්න වෙලා තියෙන්නේ. ඒවා ප්‍රචාරය වන ප්‍රමාණයත් වැඩියි. රූපවාහිනී මාධ්‍ය‘යේ ගීතයක් ප්‍රචාරය කරන්න වීඩියෝ එකක් කරන්නම වෙනවා. ඒකට ආර්ථික තත්ත්වයත් බලපානවා. ඒකට ලොකු වියදමක් දරලා හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. වීඩියෝ එකකට වියදම් කරන මුදල් ප්‍රමාණය අනුව තමයි ඒක කොච්චර දුරට සාර්ථක වෙනවාද කියලා තීරණය වෙන්නේ.

    ඉදිරි කටයුතු හා බලාපොරොත්තු මොනවාද?

    මගේ ලොකු පුතාට වයස අවුරුදු 07 යි. එයා දැන් 02 වසරේ ඉගෙනුම ලබන්නේ. පොඩි පුතාට අවුරුදු 03 ඉවරයි. එයා දැන් පෙරපාසල් යනවා. එයාලාගේ අධ්‍යාපන හා වෙනත් වැඩ කටයුතු වෙනුවෙන් කොපමණ කාර්යබහුල වුණත් අපි ඒවා කරන්න ඇප කැපවෙලා ඉන්නවා. මම සහ මගේ සැමියා කාර්යබහුල අවස්ථාවල අම්මයි, තාත්තයි තමයි පොඩි දෙන්නව බලාගන්නේ. ඒ ගොල්ලන්ගේ වැඩ කටයුතු ඔක්කොම කෙරෙන්නේ ඒ දෙන්නගේ අතින්. එයාලාගේ අනාගතය ලස්සන්න තමයි මෙච්චර අපි මහන්සි වෙන්නේ. ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තොත් ලොකු බලාපොරොත්තු තියෙනවා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 17 ක් විතර වෙනවා. මම හිතනවා මේ කාලය ඇතුළත මට අගය කිරීම් ලැබිලා තියෙනවා. සම්මාන 15 - 16 ක් විතර ලැබිලා තියෙනවා. ප්‍රශස්තම ගායන ශිල්පිනිය ලෙස සම්මාන 12 - 13 ක් පමණ ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ ගොඩක් සතුටුයි. මම සංගීතය ඉගෙනගත්ත කෙනෙක්, ඒ වගේම තවමත් එය හදාරන කෙනෙක් විදියට විවිධ ශෛලියේ ගීත ගයන්න මම හරි ආසයි. ජන ආරේ ගීත දැනටමත් නිර්මාණය කරන්න දීලා තියෙනවා. ලැබෙන්න තියෙන ගීත තියෙනවා. එකම තැනකට කොටු වෙන්නේ නැතිව සමහරු අහනවා ජනප්‍රිය රැල්ලෙ ගීත විතරක් කියනවද කියලා. නිතර ඇහෙන්නේ ඒ සිංදු විතරක් නිසා එහෙම අහනවා. රඹුක්කන සිද්ධාර්ථ හිමි රචනා කරපු බොදු බැති ගීයක් තියෙනවා ඉදිරියේදී ගායනා කරන්න. ඒ වගේ විවිධ ශෛලීන්වල ගීතත් මම ගායනා කරනවා. ඒ හැම ගීතයක්ම මම මහන්සියෙන් කරන්නේ.

    උනන්දුවෙන්, මහන්සියෙන් කරන ගීතයක් කවදාවත් ෆේල් වෙන්නේ නැහැ. මම හිතන්නේ මගේ ඉදිරි නිර්මාණත් රසිකයෝ ඒ විදියටම වැලඳගනීවි. මට පුළුවන් කාලයක් මගේ නිර්මාණ හොඳින් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ.

    ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - සරසි නෙත්මිණි

    හැඩගැන්වීම - ඉයන් සංජීව (saaravita)

    31 May, 2017

    ප්‍රියංකාගේ කකුල් මෝදිට අගෞරවයක්ද?

    By: Aththa Withthi On: 5/31/2017 04:02:00 PM
  • Let's Get Social

  • ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉදිරියේ ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා කෙටි ඇඳුමකින් සැරසී තම දෙපා නිරාවරණව වාඩිවී සිටි දසුනක් ඉන්දීය සමාජජාල මාධ්‍ය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

    බොහෝ ෆේස්බුක් පරිශීලකයන් පවසා ඇත්තේ ඇය අගමැතිවරයාට කිසිදු ආකාරයක ගෞරවයක් නොදක්වා හැසිරී ඇති බවයි.

    කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සමාව ඇයද සිටීමක් සිදුකර නොමැති ප්‍රියංකා තමාට එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර ලෙස තම මව සමග කෙටි ඇඳුම් ඇඳ දෙපා නිරාවරණය කරමින් ගනු ලැබූ ඡායාරූපයක් ඇගේ ෆේස්බුක් ගිණුමෙහි පළ කරමින් දවසේ කකුල් යනුවෙන් මාතෘකාවක්ද ඊට යොදාගෙන තිබේ.

    ජොනි ඩෙප් පසුබෑමක

    By: Aththa Withthi On: 5/31/2017 11:39:00 AM
  • Let's Get Social

  • Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම Dead Men Tell No Tales සමඟින් ජොනි ඩෙප් වෙත මේ දිනවල වැඩි අවධානයක් එල්ල වෙලා.

    ඒත් ඉතින් හොලිවුඩයෙන් ආරංචිවෙන්නේ ඔහුට මේ දිනවල නඩු ගොඩක් වැටී ඇති බවයි.

    සාමාන්‍යයෙන් මධ්‍යම පාන්තික මිනියෙකුගේ වාර්ෂික ආදායම ජොනී ඩෙප් සිය මාසික වයින් වියදම ලෙසින් වැය කරන බවත් ප්‍රසිද්ධයි. පසුගිය කාලයේ ඔහුට හිතා ගන්නවත් නොහැකි ලෙසින් ඔහුගේ වියදම් ඉහළ ගිහින්.

    මේ වෙනකොට ඔහු මූල්‍ය අතින් තරමක පසුබෑමක් ඇති වී තිබෙන බව ආරංචි වෙනවා. ඒ නිසා මේ සුපිරි තරුව තම කළමනාකරුවන්ට විරුද්ධව නඩු මඟට බැහැලා.

    ඒ තම මුදල් නිසි ලෙස කළමනාකරණය නොකළ බවට චෝදනා නඟමින්. මෙම කළමනාකාරවරුන්ද ජොනීට විරුද්ධට නඩු පවරලා. මේ නිසා ඔහු තම ජීවිතයේ පසුබෑමකට ලක් වී ඇති බව පවසනවා.

    යතේජා ඥානරත්න (mirrorarts)

    රූ රැජනක් වෙන්න ඕෂධි ගිය ගමන

    By: Aththa Withthi On: 5/31/2017 06:10:00 AM
  • Let's Get Social


  • මේ දවස්වල ඕෂධී ගොඩක් කාර්යබහුලයි වගේ?

    ඔව්. මේ දවස්වල නම් ගොඩක් කාර්යබහුලයි. ඒත් සතුටින් ඉන්නවා.

    Mrs Top of the world තරගය නියෝජනය කරන්න යන්න නේද සූදානම?

    ඔව්. මේ ඉන්ටව් එක යද්දි මම ලංකාවෙන් ගිහින්. ජීවිතේ පළමුවතාවට මේ වගේ තරගයකට සහභාගි වෙන්නෙ. මම අවුරුදු කුමාරි තරගයකටවත් සහභාගි වෙලා නැහැ. ඉතින් අත්දැකීම් නම් අඩුයි. ඒත් හරිම කැමැත්තෙන් මේ තරගයට සහභාගි වෙනවා.

    අවුරුදු කුමාරි තරගයකටවත් සහභාගි නොවුණ ඔබට හිටි හැටියේ ජාත්‍යන්තර රූ රැජන තරගයකට යන්න හිතුණේ ඇයි?

    ඇත්තටම මට මෝස්තර නිරූපණ ශිල්පිනියක් විදියට නම් අත්දැකීමක් නැහැ. අත්දැකීම් නැති වුණාට මෝස්තර නිරූපණ ශිල්පය හා රංගන ශිල්පය කියන්නෙ එක ළඟ යන ක්ෂේත්‍ර දෙකක්. ඉතින් මටත් ඕන වුණා මේ වගේ දේකට සම්බන්ධ වෙලා බලන්න.

    අත්දැකීම් නැතිව මේ වගේ තරගයකට සහභාගි වෙන එක අභියෝගයක් නේද?

    ඔව්. ඇත්තටම අභියෝගයක් තමයි. ඒත් මම සාමාන්‍යයෙන් අභියෝගවලට කැමැතියි. මම අභියෝගවලට පසුබට වෙන කෙනෙක් නෙමෙයි. උපරිමයෙන් මම ඒ අවස්ථාවට මුහුණ දෙනවා. රටවල් විසිතුනක පිරිසක් එක්ක තමයි මට තරග කරන්න තියෙන්නේ.

    චකිතයක් දැනෙන්නෙම නැද්ද?

    ගොඩක් අමාරු වෙයි මේ අවස්ථාවට මුහුණ දෙන්න. මොකද ලෝකයේම ඉන්න රූමතියන් එක්ක තමයි මට තරග කරන්න තියෙන්නෙ. ඉතින් ලොකු තරගයක් තියෙනවා.

    මේ වගේ තරග අත්දැකීමක් ලබා ගන්න කල් ගත්තේ ඇයි?

    මට ආරාධනා නම් ලැබිලා තියෙනවා. නමුත් මගේ මවුපියෝ මාව ඒවට යැව්වෙත් නැහැ. ඉතින් යන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. දැන් මම විවාහකයි. ඉතින් දැන් මට ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න පුළුවන්.

    මේ වගේ තරගයක් නියෝජනය කරන්න යනවට ඕෂධිගේ සැමියා කැමැති වුණාද?

    එයා නිතරම මගෙත් එක්ක හැමදේකදීම ඉන්නවා. අනික මම දෙයක් කරන්න කලින් එයාගෙන් අහනවා. මම මේ ගැන එයාගෙන් ඇහුවම ගැටලුවක් වුණේ නැහැ. එයා ගොඩක් අනවශ්‍ය නීති රීති දාන කෙනෙක් නෙමෙයි.

    ලංකාවට ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවද?

    හැමකෙනාම බලන්නේ තරගයෙන් ජයග්‍රහණය කරන්න. හැබැයි කොහොම වෙයිද දන්නෑ. මම උපරිමයෙන්ම උත්සාහ කරනවා.

    ජාත්‍යන්තර රූ රැජින තරගයකින් කිරුළ දිනා ගත්ත අය ලංකාවේ ඉන්නෙ බොහොම අතළොස්සයි. ඇයි එහෙම වෙන්නෙ?

    ඒකට හේතුව කියලා මම හිතන්නෙ ලංකාවේ අය රූපය ගැන හිතනවා අඩුයි. බියුටි පැජන්ට්වලින්ම දිනන රටක් නෙමෙයි ලංකාව. ඉන්දියාව වගේ රටවල මේ වගේ තරගවලට ගෑනු ළමයින්ව පොඩි කාලේ ඉඳන්ම සූදානම් කරනවා. ලංකාවේ ඉතින් එහෙම දෙයක් නැහැ. අනික ඉතින් ඉන්න ලස්සන ගැහැනු ළමයි වුණත් මේ වගේ තරගවලට ඉදිරිපත් වෙනවා අඩුයි.

    පසුගිය කාලේ ඔබ හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවේ දකින්න ලැබුණා. කොහොමද ඒ අත්දැකීම?

    ඔව් ඇත්තට මෙගා ස්ටාර්ස් එක්ක තමයි මම කාර්යබහුල වෙලා හිටියෙ. ඒක අවසන් වෙනවත් එක්කමයි මේ තරගයට ආරාධනා ලැබුණේ. ඒ තරගයෙනුත් හොඳ අත්දැකීම් ලැබුණා. මම කලින් රියැලිටිවල හිටියට කණ්ඩායම් වැඩ ගැන හොඳම අත්දැකීමක් ලැබුණේ මෙගා ස්ටාර් වේදිකාවෙන්.

    ඒ අත්දැකීම් op of the world තරගයට රුකුලක් වෙයිද?

    ඔව් ඇත්තටම. දෙකේම තියෙන්නේ ive perform කරන්න. ඒ කියන්නේ live audience එකක් බලන් ඉද්දි perform කරන්න. Mrs talent කියලා වෙනම category එකක් තියෙනවා. මෙගා ස්ටාර්වලින් මතුවුණ ඒ හැකියාවන් ඇත්තටම මේ තරගයෙදිත් මට රුකුලක් වෙයි කියලා හිතනවා.

    කාලෙකට පස්සේ රංග භූමිකාවෙන් ඔබව දකින්නත් ලැබෙන්න අරගෙන?

    සෙනසුරාදා 7.30ට ධ්ඊව් එකේ විකාශය වෙනවා ශ්වේත ගංතිර කියලා නාට්‍යයක්. ඒක අධ්‍යක්ෂණය කළේ තුෂාරි අබේසේකර. එකේ මම කරන්නෙ වලව්වක ඉන්න ආබාධිත චරිතයක්. ඊට අමතරව මම කරපු ටෙලි නාට්‍ය හතක් විතර විකාශය වෙන්න තියෙනවා.

    කොහොමද ඔබේ රංගන වෙනසට ලැබෙන ප්‍රතිචාර?

    ඇත්තටම ඒ චරිතයට හුඟක් හොඳ ප්‍රතිචාර තියෙනවා. ප්‍රේක්ෂකයන් කියනවා මගේ නොදැකපු විදියේ චරිත නිරූපණයක් මේ නාට්‍යයෙන් දකින්න ලැබුණා කියලා.

    දැන් රංගන අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්ද නැත්නම් අඩුවෙන් රංගන අවස්ථා භාර ගන්නවද?

    ආරාධනා නම් ලැබෙනවා. ඒත් නිසි ප්‍රමිතියකින් තොරයි නම් මම ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරනවා.

    ප්‍රමිතිය ගැන විතරමද හිතන්නේ?

    නැහැ. පිටපත, චරිතයට ලැබෙන ගෞරවය සහ චරිතයට ලැබෙන වටිනාකම ගැනත් හිතනවා. හැබැයි මුල් තැන දෙන්නෙ ප්‍රමිතියට. මුදල් පැත්තෙන් අඩු ගණනක් ලැබුණත් ඉහළ ප්‍රමිතියක් තියෙනවා නම් භාර ගන්නවා.

    ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක මවකගේ, බිරියකගේ වගකීම් ඉෂ්ට කරන්න පුළුවන්ද?

    කොහොම හරි හැම දෙයක්ම සමබර කරගෙන යනවා. පහුගිය දවස්වල මගේ අම්මා ගොඩක් අසනීප වුණා. පළමු වැනි දවස් දෙක මම හොස්පිට්ල් එකේ අම්මා ගාවම හිටියා. කොච්චර කාර්යබහුල වුණත් මගෙන් වෙන්න ඕන යුතුකම් මම කරනවා. දරුවට සැමියට වුනත් එහෙමම තමයි. බබා පෙර පාසල් යනවා. මම රෑට ගෙදර ගියාම එයාගෙ පොත් ඔක්කොම බලනවා. කිසි දෙයක් මිස් නොකර කරන්න තමයි මම උත්සාහ කරන්නේ.

    ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන් (MB WEB)

    30 May, 2017

    'බත්කූරෝ' දසුන්ව වෙනස් කරලා

    By: Aththa Withthi On: 5/30/2017 10:36:00 PM
  • Let's Get Social


  • • බත්කූරෙක් අල්ලගෙන දසුන් මේ කරන අලුත් සෙල්ලම මොකක්ද?

    'බත්කූරෝ' කියන්නේ මගේ අලුත්ම සිංදුව. මේ ගීතයේ මෙලඩි එක ලහිරු පෙරේරාගේ. සංගීතවත් කළේ ලහිරු පෙරේරා සහ විරේෂ් කුරේ. පද රචනය කළේ මනුරංග අයියා. මියුසික් වීඩියෝව කළේ හසිත ජයශංක. මේක අලුත් ගීතයක් වුණාට මට මේක අලුත් නෑ. මොකද මේ ගීතය එළියට ගේන්න අවුරුදු දෙකහමාරක් විතර කල් ගියා.

    • 'බත්කූරෝ' එළියට ගේන්න එච්චර කල් ගත්තේ?

    මට මේ සිංදුව හොඳට කරන්න ඕන වුණා. ළහිරු අයියලා කරන ගීත කනට මිහිරියි. ඉතිං මටත් ඕන වුණා මියුසික් කොලිටිය තියෙන ගීතයක් කරන්න. ළහිරු අයියලා කාර්යබහුලයිනේ. ඉතිං වැඩේට එයාලව අල්ල ගන්න කල් ගියා. කොහොමත් හොඳ වැඩක් කරන්න කල් යනවනේ. මම ළහිරු අයියට තමයි මුලින්ම කිව්වේ මට වෙනස් වැඩක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ කට්ටිය එකතු වෙලා 'බත්කූරෝ' සිංදුව කළේ.

    • දසුන් ගීතයක් රසිකයන් අතරට ගේන්නෙත් කාලෙකට පස්සේ නේද?

    ඔව්. අවුරුදු එකහමාරකට පස්සේ තමයි මම ගීතයක් රිලීස් කළේ.

    • ගීතයක් කරන්න කල් ගන්නේ වෙනදට වඩා හොඳ වෙනසක් කරන්නම ඕනේ නිසාද?

    මම ගීත කරලා තියෙනවා. ඒ ගීත හොඳ නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි අපි ඉස්සරහට යන්න යන්න අලුත් වෙන එක හොඳයි. දැන් තියෙන තරගයත් එක්ක රැල්ලට ගහගෙන යන්නේ නැතුව හොඳ දෙයක් කරන්න ඕන කියන තැන මම ඉන්නවා.

    • හැබැයි දසුනුත් රැල්ලට ගිය කාලයක් තිබුණා නේද?

    මෙහෙමයි. මම ආවේ රියැලිටි තරගයකින්. ඉතිං මටත් ඒ ඒ කාලෙට ගීත කරන්න වුණා. නමුත් දැන් මම ඒ තත්ත්වයෙම ඉඳලා හරියන්නේ නෑ. දසුන් කියන ගායකයා මෙහෙමයි කියලා කියන්න පුළුවන් අනන්‍යතාවක් හදාගන්න තමයි දැන් මම මහන්සි වෙන්නේ. ඒ වෙනුවෙන් හොඳ වෙනසක් කරන්න ඕන.

    • දැන් ඔය බලාපොරොත්තු වුණු වෙනස 'බත්කූරෝ' ගීතයෙන් කරගන්න පුළුවන් වුණාද?

    ඔව්. මේ නිර්මාණයට මම ගොඩක් කැමැතියි. Audio එක වගේම Video එකත් හොඳටම කෙරුණා. මට ඕන වුණේ ස්ටේජ් එකේ දුවලා පැනලා කියන්න පුළුවන් ගීතයක් කරන්න. ඒ වගේම සමාජයට පණිවුඩයක් දෙන ගමන් ඒ වෙනස කරන්න මම උත්සාහ කළා.

    • වෙනසට ලැබෙන ප්‍රතිචාර එහෙම ජයද?

    ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. වෙනස් ගීතයක් කරලා කියලා ගොඩක් අය මට සුබ පතනවා. දසුන් මදුෂාන් කියන කෙනා වෙනස් වෙන්න ඕන. ටැලන්ට් එක පෙන්වන්න ඕන.

    • දසුන් දැන් ප්‍රමිතිය ගැන බලලද වැඩ කරන්නේ?

    ඔව්. ක්ෂේත්‍රයට ආපු කාලේ මම හැම දෙයක්ම කළා. හැබැයි ලොකු වෙද්දී ලෝකෙ කැරකෙන වෙනසට අපි කැරකෙන්න ඕන. ඒකයි හොඳ වැඩ බලාගෙන කරන්නේ.

    • ලංකාවේ විවේචන එල්ලවෙන ගායකයෝ අතරට දැන් දසුනුත් එකතු වෙලාද?

    මටත් විවේචන එනවා. මමත් බැනුම් අහන ගායකයෙක්. අපි යම්කිසි තැනකට එනවට ගොඩක් අය කැමැති නැහැ. වැඩිපුර හොඳත් හොඳ නැහැ. වැඩිපුර නරකත් හොඳ නැහැ. හැමදේම බැලන්ස් කරගෙන ජීවත් වෙන එක ඇඟට ගුණයි.

    • කොහොමින් කොහොම හරි දසුන්ට පසුගිය කාලේ එල්ල වුණ අසත්‍ය චෝදනාවේ පබ්ලිසිටියත් අරගෙන ගීතයක් එළියට දාගත්තා නේද?

    අනිවාර්යයෙන්ම, ඒ ලැබිච්ච පබ්ලිසිටියත් හොඳයි කියලා හිතුණා ගීතයක් එළියට දාන්න. ඒකෙන් නොහිතුව පබ්ලිසිටි එකක් ලැබුණා. ඕන කෙනෙක්ට ඕන දෙයක් අපි ගැන කියන්න පුළුවන්. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ දන්නවා අපි කවුද කියලා.

    • ඒ කියන්නේ ඒ ප්‍රචාරයෙන් දසුන්ට අහිතක් වුණේ නෑ කියන එකද?

    මෙහෙමයි. ඒ ප්‍රචාරයෙන් මාව ළිඳකට වැටුණා. හැබැයි ළිඳකට වැටිලා ඒ ළිඳේම ඉඳලා තේරුමක් නෑ. ඒකෙන් ගොඩ එන්න තමයි මේ හදන්නේ. මාව ඔය ප්‍රචාරවලින් ලේසියෙන් වට්ටන්න බෑ. මට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මම වෑයම් කරන්නේ රජවෙන්න නෙවෙයි. හොඳ වැඩක් කරන්න.

    • දසුන්ට මුල් කාලේ වගේම අලුත් වැඩ, රසිකයන් අතරට ගෙනියන්න මාධ්‍ය සහයෝගය ලැබෙනවද?

    මට හොඳ නිර්මාණයක් කියලා චැනල්වලට අරගෙන යන්න දෙයක් තිබ්බේ නැහැ. නමුත් මගේ අලුත් ගීතය හොඳ වැඩක්. තාම නම් චැනල්වලට ගීතය අරගෙන ගියේ නැහැ. මම හිතනවා මගේ මේ හොඳ වෑයමට මාධ්‍ය සහයෝගය ලැබෙයි කියලා.

    • අත ගහපු වෙනස ඉදිරියටත් කරයිද?

    අනිවාර්යයෙන්ම. මගේ ඊළඟ ගීතයේ මීටත් වඩා ලොකු වෙනසක් තියෙයි. තව ටික දවසක් යයි ගීතය රසිකයන් අතරට එන්න. එතකල් 'බත්කූරෝ' ගීතයේ වෙනස විඳින්න කියලා මගේ රසිකයන්ගෙන් ඉල්ලනවා.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)
    ඡායාරූපය - අශාන් ගමගේ

    ඡායාරූප පෙළක් නිසා ජනප්‍රිය කෙනෙක් අමාරුවේ වැටෙයි

    By: Aththa Withthi On: 5/30/2017 10:04:00 PM
  • Let's Get Social

  • නළු නිලියෝ - ක්‍රීඩකයෝ වගේ ජනප්‍රිය අයගේ පුද්ගලික වීඩියෝ ගොඩක් මේ දවස්වල සංසරණය වෙනවා.

    ලංකාවේ විතරක් නෙමෙයි, මේ වෙද්දී ජාත්‍යන්තරෙත් එහෙම ඒවා වෙන්න පටන් අරන්.

    අනුන්ගේ පුද්ගලිකත්වය ගැන කිසිම හැඟීමක් නැතුව මේ වගේ වීඩියෝ සහ ඡායාරූප බෙදාගන්නවා.

    මේ විදිහට පාකිස්තානු නිවෙදිකාවකගේ ඡායාරූපවගයක් එලියට ඇවිත්.

    ශායිස්තා වහිඩි තමයි මේ නිවේදිකාව. (Shaista Wahidi)

    මේ නිවේදිකාව ඇගේ පෙර විවාහයේ සැමියා එක්ක ගත්තු පුද්ගලික ඡායාරූප තමයි මේ විදිහට එලියට ආවේ.

    මේ ඡායාරූප තමන්ගේ විවාහයේ ඡායාරූප කියල මේ නිවේදිකාව පිලි අරන්.

    ඒ වගේම මේ නිවෙදිකාවගේ සහයට පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂොයිබ් මලික් ඇය එක්ක ඉන්න ඡායාරූපයකුත් පළ කරලා.

    මේ ගැන මේ වෙද්දී ලොකු කතාබහක් ඇතිවෙලා.

    මේ නිවේදිකාව තමන්ගේ වැඩසටහනත් ඇවිත් නැහැ.

    පුතාගේ ඉගෙනීමේ වැඩ ඉවර වුණ ගමන් මම රංගනයෙන් විශ්‍රාම ගන්නවා

    By: Aththa Withthi On: 5/30/2017 12:22:00 PM
  • Let's Get Social

  • "පුතා සංගීතයට දක්ෂයෙක්.."

    "හුදෙකලා ජිවිතයක් මට තියෙන්නේ.."

    දිල්හානි ඒකනායක කියන නමට චරිතයට බොහෝ අය ඇලුම් කරනවා. ඇගේ රංගන පරාසය සිනමාව පුංචි තිරය තුළ නිරන්තරයෙන්ම දකින නිසා ජනතාව ඇගේ රංගනයට ආදරෙයි. රංගනයත් එක්ක වසර තිහක් ගත කළ දිල්හානි ගැන හිරු ගොසිප් එක්ක කතා කරන්න හිතුවේ ඒ නිසයි. මේ දිල්හානි ගැන තොරතුරුයි.

    ඒ කාලේ සිනමාව එක්ක නිරන්තරයෙන් ගණුදෙණු කළ රංගන ශිල්පින් ශිල්පිණියන් බොහෝ දෙනෙක් දැන් දකින්න නොලැබුණත් ඔබව නිරන්තරයෙන්ම දකින්න ලැබෙනවා. දැන් කොහොමද ලැබෙන ප්‍රතිචාර..?
    ප්‍රතිචාර වල නම් අඩුවක් නැහැ. මම නිතරම නිර්මාණ එක්ක හෝ රූපවාහිනී වැඩසටහන් එක්ක හරි ඉන්න නිසා මාව දකින්න ලැබෙනවා. හොඳ නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. ඓතිහාසික නිර්මාණ බොහෝමයකට මම සම්බන්ධ වුණා. මේ දවස්වල හිරු රූපවාහිණියේ විකාශය වෙන ගැමුණු මහ රජ ටෙලිනාට්‍යටත් සම්බන්ධ වුණා. ඒ දේවල් එක්ක මට ආදරේ කරන අය එකතු වෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා.

    එක දිගට නිර්මාණ එක්ක රැදිලා ඉන්න රහස මොකක්ද..?
    ඒක නම් මමත් ඇත්තටම දන්නේ නැහැ. රංගනයට ඇවිත් මම අවුරුදු තිහක් වෙනවා. මේ කාලය පුරාවටම මම නිර්මාණ එක්ක හිටියා. අඩු තරමින් මාස දෙක තුනකවත් මම නිහඩව හිටියේ නැහැ.

    දීර්ඝ කාලයක් නිර්මාණත් එක්ක හිටපු දිල්හානිට දැන් මහන්සියි කියලා හිතෙන්නේ නැද්ද..?
    මහන්සියි කියලා හිතිලා නම් ගොඩක් කල්. ඒත් දැන්මම විශ්‍රාම යන්න විදිහක් නැහැ. මගේ පුතාගේ වයස අවුරුදු 21යි. එයා දැන් විදේශ රටක අධ්‍යාපනය ලබනවා. එයාගේ අධ්‍යාපන කටයුතු අවසන් වෙන්න තව අවුරුදු එකහාමාරක් විතර යයි. ඊට පස්සේ මට පුළුවන් විවේක ගන්න. එයා එතකොට අපිව බලාගයිනේ. එතකල් තමයි මම මහන්සි වෙන්නේ.

    පවුලට එකතු වුණු එකම පුතණුවන්ගෙන් වෙන් වෙලා ඉන්න දුකක් නැද්ද..?
    හැම අම්මා කෙනෙකුම හැම තාත්තා කෙනෙකුම දරුවන්ට ආදරෙයි. ඒ අයට දරුවෝ නැතුව ඉන්න අමාරුයි. මටත් පුතා නැතුව පාළුයි. ඒත් ටික දවසක් එයා නැතුව ඉන්න සිදු වෙනවා.

    ඔබේ හොදම විචාරකයාත් ඔහුලු..?
    ඔව්. පුතාට මේ දවස්වල නම් මගේ නිර්මාණ දකින්න විදිහක් නැහැ. බලන්න පුළුවන් හැම වෙලාවකම බලලා කෙලින්ම කියනවා හොද නැත්තම්. වැරදි කියනවා. මගේ හිත රිදෙයි කියලා හැම එකම හොදයි කියන්නේ නැහැ. වැරැද්ද වැරැද්ද විදිහටත් හොද දේ හොදයි කියලත් කියනවා.

    පුතා අම්මා වගේ රංගනයට දක්ෂද පියා වගේ සංගීතයටද දක්ෂ..?
    පුතා රඟපාන්න නම් කැමති නැහැ. ඒත් සංගීතයට දක්ෂයි. තාත්තා වගේ. දරුවෝ ජනප්‍රිය කරවන්න කියලා හිතාගෙන නම් අපි දරුවන්ව නිර්මාණවලට යොමු කරන්නේ නැහැ. දරුවාගේ දක්ෂතා මම වගේම ප්‍රියංකර දකිනවා. එයා කැමති දෙයක් කරන්න ඉඩ දෙනවා. උදව් කරනවා. නමුත් උදව් කරන්නේ නම් එයා දක්ෂ නිසයි. වෙන රැකියාවක් කරන ගමන් ඒ දේවල් කරන්න ඉඩ තියෙනවා.

    දැන් දිල්හානි භාවනා කටයුතු කරන්නේ නැද්ද..?
    මම කාලයක් ඒ දේවල් කළා. අදටත් භාවනා කරන්න නම් ආසයි. ඒත් වැඩ එක්ක බැරි වුණා. විවේකයක් ලැබුණොත් ආයෙමත් භාවනාවට යොමු වෙනවා.

    ලස්සනට ඉන්න මොනවාද කරන්නේ..?
    මොන දේ කරත් මම හැමදාමත් කෑම බීම වෙලාවට අරගෙන වෙලාවට නිදා ගන්නවා. මම හරිම සරළව ජිවත් වෙන කෙනෙක්. හුදෙකලා ජිවිතයක් ගත කරන්න කැමති කෙනෙක්.

    ඔබේ සැමියා ඔබේ වැඩකටයුතු වලට උදව් කරනවාද. ඔහුගෙන් ලැබෙන සහයෝගය කොහොමද..?
    මගේ වැඩ වලට කරදර නොකර ඉන්න එක තමයි ලොකුම උදව්ව. කිසි දෙකට බාධා කරන්නේ නැහැ. ඒ නිසා ජිවත් වෙන්න ලෙහෙසියි. හැමෝටම පුද්ගලික ජිවිතයක් තියෙන්න ඕන. ඒ සහයෝගයනිසා අපි හොදින් ජිවත් වෙනවා.




    Image may contain: 1 person, sitting, sunglasses, hat and outdoor



    Image may contain: 1 person


    ඕෂධීට ඇත්තටම ලැබුණේ කුමන කිරුළක්ද? (Video)

    By: Aththa Withthi On: 5/30/2017 11:41:00 AM
  • Let's Get Social


  • ඊයේ සිය ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ පැතිර ගියේ ඕෂදී හේවාමද්දුම ලැට්වියාවේ පැවති විවාහක රූ රැජිණ තරගයක් ජය ගත් බවයි.

    කෙසේ වෙතත් ඇය එහිදී දිනා ගනු ලැබුයේ එම තරගයේ ‘පීපල්ස් චොයිස්‘ නමින් අන්තර්ජාල මත විමසුමක් මත සංවිධානය කොට තිබූ එක් තරග අදියරක් (ටයිටල් එකක්) බවයි වාර්තා වන්නේ.

    එම තරඟාවලියේ රූප රැජිණ කිරුළ ජයග්‍රහණය කරනු ලැබුයේ බෙල්ජියම නියෝජනය කළ තරගකාරිය වන බාබාරා මොනිකාය.

    මෙම තරගය ලෝක විවාහක රූ රැජිණ තරගය නොවන අතර ලිතුවේනියාවේ එක්තරා සංවිධානයක් මගින් ‘මිසිස් ටොප් ඔෆ් ද වර්ල්ඩ්‘ නමින් වාර්ෂිකව සංවිධානය කරන්න රූ රැජිණ තරඟාවලියකි.

    රෝසි සේනානයකගෙන් පසු ජාත්‍යාන්තර රූ රැජිණ තරඟයක ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ මෙම වසරේදී බවත්, විවාහක රූ රැජිණ ඕෂධී බවත් ඇතැම් මාධ්‍ය වාර්තා පළ කර තිබුණ ද එහි කිසිඳු සත්‍යතාවයක් නොමැති බවයි මේ වන විට වාර්තා වන්නේ.