Showing posts with label Political. Show all posts
Showing posts with label Political. Show all posts

06 June, 2017

මිලියන 30ක් අයුතු ලෙස උපයාගත්තාට නාමල් මහාධිකරණයේ

By: Aththa Withthi On: 6/06/2017 11:26:00 PM
  • Let's Get Social


  • රුපියල් මිලියන තිහක මුදලක් අයුතු ලෙස උපයාගැනීම මඟින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතට ගැනෙන වැරැදි සිදු කළ බවට අධිචෝදනා 11 යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවට ප්‍රථම වරට මහාධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (06) අධිචෝදනා පත්‍ර භාර දෙන ලදී.

    අද (06) අධිකරණය හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනාගේ ඇඟිලි සලකුණු ලබාගැනීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන් මෙම මස 28 වැනිදා තෙක් මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියම කරන ලද පෙර ඇප මත මුදා හැරීමට ද නියෝග කළේය.

    විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුවෙන් අධිචෝදනා නඟා ඇති අතර අධිකරණය නිකුත් කළ සිතාසි මත අද (06) අධිකරණය හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, සුජානි බෝගොල්ලාගම හා නිත්‍යා සේනානි සමරනායක යන විත්තිකරුවන් පමණි.

    නඩුවේ දෙවැනි විත්තිකරු වූ ඉන්දික ප්‍රභාත් කරුණාජීව හා ඔරහෙලා ඉරේෂා සිල්වා විදේශගතව ඇති බැවින් ඔවුනට සිතාසි බාරදීමට නොහැකි බවට සිතාසි වාර්තා හා ඔවුන් විදේශගතව පැමිණ නැති බව තහවුරු කිරීමට ගුවන් ගමන් වාර්තා ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

    මෙම දෙවන හා සිව්වන විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් හා නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරු පවසා සිටියේ විදේශගතව සිටින මෙම විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටීමට තමනට බලය පවරා ලිපි ‍ලබාදී ඇති බවයි.

    අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු එම ලිපි විනිසුරුවරයා විසින් බාර ගන්නා ලදී. 

    විත්තිකරුවන් හට ඇප නියම කිරීම සඳහා නඩුව ස්ථිර විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට මෙම 28 වැනිදාට දින ලබා දුන් විනිසුරුවරයා එදින තෙක් විත්තිකරුවන් මහේස්ත්‍රාත් අධිකරණය ඔවුනට නියම කළ පෙර ඇප වූ රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇපකරුවන් සිව් දෙනෙකුත් ඇප මතම මුදා හැරීමට ද නියෝග කළේය.

    අධිකරණය හමුවේ පෙනී නොසිටි ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරහෙලා ඉරේෂා සිල්වා හා නඩුවේ හයවන විත්තිකරු වූ සී/ ස ගවර්ස් කෝපරේට් සර්විස් (පුද්ගලික) සමාගම සම්බන්ධව ඉදිරි පියවර ගැනීමද විනිසුරුවරයා විසින් මෙම මස 28 වැනිදාට කල් තබන ලදී.

    2013 ඔක්තෝබර් මස 01 දින හා 2014 අගෝස්තු මස 31 අතර කාලයේදී කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ එක්වී රුපියල් මිලියන තිහක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන වැරැදි සිදු කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 11ක් යටතේ විත්තිකරුවනට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් සී / ස ගවර්ස් කෝපරේට් සර්විසස් (පුද්ගලික) සමාගම වෙනත් සමාගමක් සමඟ සිදු කළ ගනුදෙනුවකදී මෙම රුපියල් මිලියන තිහක මුදල අයුතු ලෙස උපයාගෙන ඇති බව චෝදනාවන්හි සඳහන් වෙයි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අනිල් සිල්වා යන මහත්වරු සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ.

    ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.
    නඩුව නැවත කැඳවීම මෙම මස 28 වැනිදාට කල් තැබුණි. (thecolombopost)

    05 June, 2017

    ගයන්තගේ ලේබල් ගැසූ කෙසෙල් ගෙඩි 4 හතරවෙනි තට්ටුවට යයි

    By: Aththa Withthi On: 6/05/2017 03:41:00 PM
  • Let's Get Social

  • අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගේ නම සහ තනතුර ඇතුලත් ස්ටීකරයක් ඇලවූ කෙසෙල් ගෙඩි 4ක අසුරණ අවතැන්වූ ජනතාවට බෙදා දුන් බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. 

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට වාචිකව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නෙ.

    අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ තමා එසේ ලේබල් ගසා කිසිවක් ජනතාව වෙත ලබා නොදුන් බවය. එම කෙසෙල්ගෙඩි තමාට මඩ ගැසීම සඳහා කිසිවකු විසින් හෝ කරන ලද ක්‍රියාවක් විය හැකි බවයි ඔහු පවසන්නෙ.

    03 June, 2017

    කහෙල් ගෙඩියේ නම කොටපු ගාල්ලේ ප්‍රථමයාගේ සහන ක්‍රියාන්විතය

    By: Aththa Withthi On: 6/03/2017 12:12:00 PM
  • Let's Get Social


  • ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් ගංවතුරින් විපතට පත් ජනතාවට බෙදීමට සකසා තිබූ භාණ්ඩවල සිය නම සහ දුරකථන අංක මුද්‍රිත ස්ටිකරයක් ප්‍රදර්ශනය කර තිබීම සමාජ මාධ්‍ය වල දැඩි කතාබහට ලක්වී තිබෙනවා.

    අදාළ ස්ටිකරය කෙසෙල්ගෙඩි අසුරූ කවරයක සටහන් කර තිබෙුනේ මෙලෙසින්.



    (ඇත්ත් විත්ති)

    02 June, 2017

    සිරසේ රොෂාන් රතු ඉර පනියි - ජවිපෙ බිමල් හා සටනෙදි සටනක - අනුරගේ කොන්ද ගැනත් හෙළි කරයි

    By: Aththa Withthi On: 6/02/2017 04:21:00 PM
  • Let's Get Social


  • දිවයිනට බලපෑ අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් මාධ්‍ය ආයතන කටයුතු කළ ආකාරය ප්‍රශංසනීය නමුත් එක් එක් නාලිකා (රාජ්‍ය නාලිකාද ඇතුළුව) තනිතනියෙන් තම මාධ්‍ය ආයතන පුම්බා ගැනීමට තැත් කිරීම අඩුපාඩුවක් බව ජනා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සිරස සටන වැඩසටහනේදී ප්‍රකාශ කළා.

    මෙම ප්‍රකාශය වෙනුවෙන් උරණ වූ සිරස ප්‍රවෘති අධ්‍යක්ෂ රොෂාන් වටවල මහතා සහ සිරස  මාධ්‍ය කණ්ඩායම එම අවස්ථාවේ තරමක් ආවේගශීලීව හැසිරුනා.

    එහිදී රොෂාන් වටවල මහතා කියා සිටියේ "ඹබතුමා දෙබරෙට ගල් ගැසුවා" ලෙසයි. තවද ඒමහතා බිමල් රත්නායක මහතාගෙන් විමසා සිටියේ දෙදිනක් පුරා පැය 6යේ සජීවී විකාශ දෙකක් කරමින් සිරස කල මෙහෙය රත්නායක මහතා නොදුටුවේද යන්නයි.

    මේ සියළු ප්‍රශ්න හමුවේ බිමල් රත්නායක මහතා පවසා සිටියේ තමන් සිරස මාධ්‍යයට පමණක් නොව සියළුම මධ්‍යයන්හි මෙම අඩුපාඩුව දකින බවත් ඒ වෙනුවෙන් හඬ නැගීමට තමන්ට කොන්දක් ඇති බවත්ය.

    ඊට ප්‍රතිචාර ලෙස වටවල මහතා පැවසුවේ ජවිපේත් එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෙන්ම බිමල් රත්නායක මහතාගේ ද කොන්ද පිළිබඳව තම ආයතනය හොඳින් දන්නා බවත් ඒ පිළිබඳව තමන් හෙළිදරව් කරන බවත්ය.

    කෙසේ වෙතත් එම හෙළිදරව්වන් ලෙස වටවල මහතා හුවා දැක්වූයේ ජවිපේ පොදු කටයුතු වෙනුවෙන් ලබා දුන් ප්‍රචාරක කටයුතු සම්බන්දවයි.

    ඒ වෙනුවෙන් ප්‍රතාචාර දක්වමින් බිමල් රත්නායක මහතා පැවසුවේ තමන් වීදුරු ගෙවල් වල සිට ගල් නොගසන බවත් පෙදු වැඩ කටයුතු වෙනුවෙන් සිරස ලබා දුන් ප්‍රචාරය අගේකොට සළකන බවත් ඒ වෙනුවෙන් සිරිස කිසිවක් බලාපොරොත්තු නොවූ බවත්ය. එහෙත් එවැනි ප්‍රචාරක කටයුත්තකින් ඔබ්බට තම පක්ෂය හෝ තමන් කිසිදු ගණුදෙනුවක් නොකළ බව ද ඒ මහතා අවධාරණය කර සිටියා.

    අදාළ සාඛච්ඡාව පහතින්.



    (ඇත්ත විතිත්)

    "මහින්ද - අනුර" හදිසියේ හමුවෙයි!

    By: Aththa Withthi On: 6/02/2017 12:54:00 PM
  • Let's Get Social

  • හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී ඇතැයි වාර්තා වේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ මෙම විශේෂ හමුව පැවැති බව වාර්තාවේ.

    01 June, 2017

    අගමැති මාධ්‍ය ලොක්කා පොලිසිය මඟහැර රට පැනලා ?

    By: Aththa Withthi On: 6/01/2017 07:34:00 PM
  • Let's Get Social


  • ලේක් හවුස් මාධ්‍යවේදී හා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂන්තට දුරකථනයෙන් තර්ජනය කළ අග්‍රාමාත්‍යවරයාගේ සමාජ ජාල ප්‍රධානී තුෂාර ඩී. වන්නිආරච්චි මහතා පොලිසිය මඟහැර විදෙස්ගතවීමට කටයුතු කර ඇතැයි වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියයි.

    ඒ මහතා මේ බව කියා සිටියේ අදාළ සිද්ධියේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් කළ විමසීමකදීය.

    ගමගේ මහතා කියා සිටියේ විමුක්ති පොලිසියට පැමිණිලි කිරීමෙන් පැය 72ක කාලයක් ඉක්මගිය තැන ද පැමිණිල්ල විභාග කිරීමට පොලිසිය කටයුතු නොකිරීම නිසා තමා මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් එම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ගෙනවිත් පැමිණිල්ල විභාග නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ අවස්ථාවේ අදාළ තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බවයි.

    තමා මේ පැමිණිල්ලේ වගඋත්තරකරු වන තුෂාරව, පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට කැඳවීමට ඔහුගේ කාර්යාලයට දුරකථන ඇමතුමක් ලබාදුන් බවත්, එහිදී අගමැති කාර්යාලයේ සේවකයන් තුෂාර විදෙස්ගතව ඇති බව කීවේයැයි පොලිස් ස්ථානාධිපතිවරයා පැවසූ බව ගමගේ මහතා කීය.

    කෙසේවුවද, තුෂාර අද (31) සවස 6.00ත් 6.20ත් අතර කාලයේදී සිය ෆේස්බුක් පිටුවට පොස්ටුවක් යොදමින් තමා බණ්ඩාරනායක ගුවන් තොටුපලේ ඇති බව දක්වා තිබේ.

    අදාළ පොස්ටුව පහත දැක්වේ.



    ගමගේ මහතා මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් කියා සිටියේ තමාද අදාල පෝස්ටුව දුටු බවත්, තුෂාර පොලිසිය නොමඟ යවා ඇති බව ඉන් හැඟෙන බවත් කියා සිටියේය.

    ඔහු වැඩිදුරටත් කියා සිටියේ තුෂාර තමාගේ මිතුරෙකු බවත්, කෙසේවුවද, ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජීමය පලවාහැර මේ ආණ්ඩුව පත්කර ගත්තේ පසුගිය රාජපක්ෂ ආන්ඩුවේ පැවැති මෙවැනි කසඩ වැඩ නැවැත්වීමට බවයි.

    තමාට, තුෂාර සමඟ පෞද්ගලික අමනාපයක් නැතත් තුෂාර, විමුක්ති ඔහුගේ නම හෝ පල නොකර යොදන ලද ෆේස්බුක් පෝස්ටුවකට කර ඇති තර්ජනය අනුමත කළ නොහැකි බැවයි. එසේම තම මතය තුෂාර, විමුක්තිගෙන් ප්‍රසිද්ධියේ සමාවගත යුතුය යන්න යැයිද ඔහු පැවසීය.

    තුෂාරට ප්‍රශ්න දෙකක් !

    මේ අතර, විමුක්ති හා තුෂාරගේ සංවාදයේදී තුෂාර විමුක්ති මාධ්‍යවේදියෙක්දැයි ප්‍රශ්න කරන බවත්, තමාට තුෂාරගෙන් ඇසීමට ඇත්තේද ඊට සමාන ප්‍රශ්න දෙකක් බවත්, ඒ තුෂාර ඔබ මාධ්‍යවේදියෙක්ද ? යන්න හා රාජපක්ෂ රෙජීමය පැවැති සමයේ ඔබ සිටියේ කොහෙද ? යන ප්‍රශ්නය යැයි ගමගේ මහතා කියා සිටියේය.

    කෙසේවුවද, විසම්මුතිය ගැන අගමැතිවරයා නිතර කතා කරද්දී හා විසම්මුතියට ඉඩක් ඇති බව ඔහු කියද්දී ඔහුගේ සමාජ ජාල ප්‍රධානියා විසම්මුතියට එරෙහිව වැඩ කිරීම ගැටලුවක් බවද ඔහු පැවසීය.

    සමහමහරක්, සාමාජ ක්‍රියාධරයන් මේ සිද්ධිය හාස්‍යට ලක් කිරීමේ උත්සාහයක නිරතව ඇති බවත්, තමාට පැවසීමට ඇත්තේ තමා හා තම සංවිධානය මාධ්‍යට එරෙහිව සිදුකරන ඕනෑම අකටයුත්තකට රාජපක්ෂ රෙජීමය පැවැති සමයේදී මෙන්ම විරුද්ධ බව යැයිද, එසේ නැතිව මේ ආණ්ඩුවෙන් නම් ඕන දෙයක් කරපුදෙන් කියන මතයේ තමා නැතැයිද ඔහු සඳහන් කළේය.



    (srilankamirror)

    හමුදාවටත් කන්න නෑ! කෑම පැකට් 2000ක් බලෙන් අරන් - නිළධාරීන්ටත් තර්ජනය කර ජනතාවගේ ගංවතුර ආධාර බලෙන් රැගෙන යන ගාල්ලේ මන්ත්‍රී මෙන්න!

    By: Aththa Withthi On: 6/01/2017 02:19:00 PM
  • Let's Get Social


  • ගංවතුරින් විපතට ජනතාව වෙනුවෙන් එකතු වන ආධාර තමාට අයිති බූදලයක් මෙන් බලහත්කාරයෙන් බෙදාදෙන මන්ත්‍රීවරයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

    එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩට මෙසේ චෝදනා එල්ලවෙයි.

    ගාල්ල බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට ජනතාවගේ පරිත්‍යාගයෙන් එකතු වන ආධාර මන්ත්‍රීවරයා විසින් මෙසේ බෙදා දෙන බව වාර්තාවෙයි

    පසුගිය දිනෙක බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා කෑම පැකට් 2000 ආසන්න සංඛ්‍යාවක් මෙසේ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබූ අතර එම නිසා අදාළ ප්‍රදේශයේ සහන සේවා කටයතු වල නිරතව සිටි හමුදා සාමාජිකයන් පවා කුසගින්නේ පසුවූ බව වැඩිදුරටත් වාර්තාවෙයි.

    ඉන් පසු දිනෙක නැවතත් බණ්ඩාරිගොඩ මන්ත්‍රීවරයා ආධාර රැගෙන යාම සඳහා බද්දේගම ප්‍රාදේශීය ලේකම් කර්යාලයට පැමිණ ඇති අතර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ එතැන සිටි ජනතාවගෙන් එල්ලවූ දැඩි විරෝධය හමුවේ මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගොස් තිබේ.

    හඬ පට පහතින් ශ්‍රවණය කරන්න.





    (nethgossip)

    31 May, 2017

    ‘මුදලට‘ ඇමතිවරු තිදෙනෙක්

    By: Aththa Withthi On: 5/31/2017 09:51:00 PM
  • Let's Get Social


  • මුදල් විෂයයට අදාළව ඇමතිවරු තිදෙනෙක් මේ වන විට පත් වීම් ලැබ තිබේ.

    මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා දිවුරුම් දුන් අතර එම අමාත්‍යාංශවල නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ලසන්ත අලගියවන්න මහතා අද (31) දිනයේ දී දිවුරුම් දුන්නේය.

    මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා ද අද දිනයේ දී දිවුරුම් දෙනු ලැබීය.

    30 May, 2017

    ළඟදීම තවත් ඇමති මාරුවක්! වෙනසට ලක්වන අමාත්‍යංශ මෙන්න

    By: Aththa Withthi On: 5/30/2017 05:00:00 PM
  • Let's Get Social

  • ඉකුත් මැයි 22දින කළ ඇමති මණ්ඩල සංශෝධනයට සමගාමීව ළඟදීම තවත් නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමති සංශෝධනයන් කිහිපයක්ම සිදු විය හැකි බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

    මුදල් නියෝජ්‍ය අමත්‍යධූරය, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යධූරය, විදේශ කටයුතු නියෝජ්‍ය අමත්‍යධූරය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමත්‍යධූරය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය මෙහිදී බොහෝදුරට වෙනස් විය හැකි බවයි එම ආරංචිමාර්ග පවසන්නේ.

    පසුගිය දිනවල දෑතින් මිනී ඇද්ද ඇමති දැන් විපතට පත් ජනතාවට කරපිටින් බඩු අදින හැටි (Photos)

    By: Aththa Withthi On: 5/30/2017 04:46:00 PM
  • Let's Get Social

  • පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට බඩු බාහිරාදිය බෝට්ටු වලින් ගෙන ගොස් ජනතාව වෙත තම කර මතින්ම නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විසින් රැගෙන යන අයුරුයි මේ.

    ඔහු දැන් විපතට පත්වූවන්ට සහනාධාර ගෙන යන අයුරු දක්නට ලැබුණද මීට දින කිහිපයකට පෙර ඔහු දක්නට ලැබුණේ මිය ගිය මිනිසුන්ගේ සිරුරු දෑතින් ඔසවාගෙන යන අයුරුය.


    (neth)

    ඇමති ගොඩ අඩු කරන්න හරීන් ගෙනා යෝජනාවට ජනපති එකඟ වෙලා

    By: Aththa Withthi On: 5/30/2017 01:07:00 PM
  • Let's Get Social


  • අමාත්‍යවරුන්ට වාහන ගෙන්විම මෙම වසර තුළ සිදු නොකරන්නැයි ජනාධිපති මෛතීපාල සිරිසේන මහතා නයෝග කොට තිබෙනවා.

    එම යෝජනවා කැබිනට් මණ්ඩලයේදී තමන් යෝජනා කළ බව අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසනවා.

    තම යෝජනාවට ජනාධිපතිවරයා එකඟ වූ බවද අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා එම සටහනට එක්කොට තිබෙනවා.
    අදාළ ට්විටර් සටහන පහතින්.

    ජෝන් දේශපාලනයෙන් සමුගැනීමට යයි

    By: Aththa Withthi On: 5/30/2017 12:57:00 PM
  • Let's Get Social

  • තරුණ මන්ත්‍රීවරුන්ට අවස්‌ථාව ලබාදෙමින් ඉදිරියේ දී දේශපාලනයෙන් ඉවත් වීමට කටයුතු කරන බව සංචාරක හා ක්‍රිස්‌තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා කියා සිටී.

    අමාත්‍යවරයා මෙම අදහස්‌ පළ කළේ නාත්තන්ඩිය ආසනයේ ඉදිවෙමින් පවතින අශෝකපුර නිවාස ව්‍යාපෘතියට සමගාමීව ප්‍රජා ශාලාවේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්‌ථාවට සහභාගි වෙමිනි.

    මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් මෙසේද කියා සිටියේය.

    "අද පාර්ලිමේන්තුවේ දක්‌ෂ තරුණ මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ඉන්නවා. මම කල්පනා කළා මම සේවය කළා ඇති කියලා. අපි තරුණයන්ට අවස්‌ථාව ලබාදෙන්න අවශ්‍යයි. මම කවදාවත් පැරදුණේ නෑ. අඛණ්‌ඩව දිනුවා... ඒ ජනතාවට හොඳින් සේවය කළ නිසා.

    අද තියෙන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකතුවෙලා හදපු ආණ්‌ඩුවක්‌. සමහර කණ්‌ඩායම් බල තණ්‌හාවෙන් ආණ්‌ඩුවේ ගමනට බාධා කරනවා. මොන විදිහේ කුමන්ත්‍රණ කළත් අපිව වට්‌ටන්න බෑ. එවැනි කණ්‌ඩායම් එළවන්නෙ මදුරුවන්ට දුම් ගහලා පාලනය කරනවා වගේ.'' (srilankamirror)

    29 May, 2017

    මහින්දගේ පුත්තු තිදෙනාත් සහන සේවයේ (Photos)

    By: Aththa Withthi On: 5/29/2017 11:43:00 AM
  • Let's Get Social

  • හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනාද ආපදාවට පත්වූවන්ට සහන සැලසීමේ මෙහෙයුමට එක්ව සිටියි.

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ඊයේ මාතර ප්‍රදේශයට පැමිණ සිටි අතර, යෝෂිත රාජපක්ෂ හා රෝහිත රාජපක්ෂ මහත්වරුන් ඊයේ සවස විපතට පත්ව අවතැන්ව සිටින ජනතාවට ආධාර පිරිනැමීම සදහා ඇල්පිටිය අවිත්තාව පානිගොඩ ප්‍රදේශයට පැමිණ සිටියේය.

    මෙම අවස්ථාවට ඕපාත අවිත්තාව තපස්ලෙන් විහාරස්ථානයේ නායක හාමුදුරුවන්ද එක්ව සිටියහ. 


    (srilankamirror)

    28 May, 2017

    නව ව්‍යවස්ථා සංශෝධනයෙන් චන්ද්‍රිකාට - මහින්දට අගමැතිකම් බෑ

    By: Aththa Withthi On: 5/28/2017 10:42:00 PM
  • Let's Get Social

  • විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් අගමැති වීමට අවස්ථාවක් නොලැබෙන පරිදි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී තිබේ.

    පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සමන්විත ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සහභාගි වන නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කමිටුවේ සාමාජිකයන් සමග මේ සම්බන්ධයෙන් පවසා ඇත. 

    විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකඟ වුව ද එය කළ යුත්තේ දෙවරක් රට පාලනය කළ අයකුට නැවත රට පාලනය කිරීමට නොහැකි ආකාරයෙන් බව ද මෙහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වය අවධාරණය කර ඇත.

    ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු රාජ්‍ය නායකයා ලෙස ව්‍යවස්ථාවෙන් බලය හිමි වන අගමැති ධුරය ලබා ගැනීම වැළැක්වීම ශ්‍රීලනිපයේ අදාළ යෝජනාවේ අරමුණ වී තිබේ. 

    කෙසේ වෙතත් මේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තම අදහස අවසාන වශයෙන් ප්‍රකාශ කර නැති අතර, එම පක්ෂයේ ආරංචි මාර්ගවලට අනුව එජාප නායක සහ අගමැති රනිල් වික්‍රමසිංහ සිටින ස්ථාවරය වන්නේ කිසිවකුට එවැනි බාධාවක් ඇති කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධී වන බවයි.

    වර්තමාන ආණ්ඩුව ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් දෙවරක් ජනාධිපති ධුරයට පත්වූවකුට නැවත ජනාධිපති වීම වළක්වන ලදී. ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට මෙන් ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ද නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. 

    කෙසේ වෙතත් මනෝ ගනේෂන් ඇමැතිවරයා නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, රාවුෆ් හකීම් ඇමැතිවරයා නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඞ් බදූර්දීන් ඇමැතිවරයා නියෝජනය කරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයා නියෝජනය කරන ඊපීඩීපී පක්ෂය යන සුළු පක්ෂ පැහැදිලිවම මේ කමිටුවට පවසා ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල අඩු කළ ද එය කිසිසේත්ම අහෝසි නොකළ යුතු බව ය.

    -පරාක්‍රම දිසානායක (sathhanda)

    26 May, 2017

    හර්ෂ උඩුගුවනේ සිට ලොවටම හෙළිකල ජනපතිගේ සරල බව

    By: Aththa Withthi On: 5/26/2017 04:26:00 PM
  • Let's Get Social


  • ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සරළබව දැක්වෙන ජායාරූපයක් විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිය ෆේස්බුක් ගිණුම වෙත මුදාහැර තිබෙනවා.

    ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා පිටත්ව ගිය ජනාධිපතිතුමන් මැලේසියාවේ සිට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කරන ගුවන් යානයක සාමාන්‍ය මගියෙකු අසල වාඩි වී පොතක් කියවමින් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූපයක් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ෆේස්බුක් සමාජජාලයට එක්කර තිබුනා.

    අදාළ ඡායාරූපය සහ ෆේස්බුක් සටහන පහතින්.

    21 May, 2017

    නාමල් යළි නීති විද්‍යාලයට

    By: Aththa Withthi On: 5/21/2017 12:42:00 PM
  • Let's Get Social


  • පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියලා කියන්නේ හොද රග්බි ක්‍රීඩකයෙක්.

    කලක් රග්බි පිටියෙන් ඇත් වෙලා හිටපු නාමල් මේ ලඟදි ආයෙත් දවසක් රග්බි පිටියට ආවා.

    ඒ නීතිඥවරුන් සහ නිති විද්‍යලයේ සිසුන් අතර පැවති රග්බි තරඟය සදහායි.

    එහිදී නාමල් රාජපක්ෂ ක්‍රීඩා කලේ නීතිඥවරුන්ගේ පිළටයි.

    19 May, 2017

    "යුධ හමුදාව ස්ත්‍රී දූෂණ කළ බව රජය පළිගත්තා" - නාමල් බොරු කියන්න ගිහින් නාගත්ත හැටි මෙන්න

    By: Aththa Withthi On: 5/19/2017 04:59:00 PM
  • Let's Get Social


  • හිරු ටීවී නාලිකාව විසින් විකාශය කරන බලය වැඩසටහන ඊයේ (18) රාත්‍රියේ විකාශය වුනා.

    එම වැඩසටහනට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් වර්තමාන රජය විසින් යුධ හමුදාව යුධ අපරාධ සිදුකල බවට පිළිගත් බව ප්‍රකාශ කළා.

    කෙසේ වෙතත් එය තහවුරු කිරීමට නොහැකි වීමත් සමඟ දැඩි ලැජ්ජාවට පත් වූ අතර මේ පිළිබඳව එම සංවාධයට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් ගිණුමට සහටනක් එක්කො තිබුණා.

    "නාමල්! කරුණු හරි හැටි දැනගෙන අපිට චෝදනා කරන්න. ඒකයි වැදගත්.
    අපට සාමය ළඟාකර දුන් රණවිරුවන්ට මා සැමදා ස්තූතිය පුදකර තිබෙනවා. අවශ්‍ය නම් මගේ පාර්ලිමේන්තු කතා බලන්න"

    එම අවස්ථාවේ වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

    17 May, 2017

    'දුෂිතයින්ට සහනයක්' - පුර්ණ කැබිනට් සංශෝධනයක් !

    By: Aththa Withthi On: 5/17/2017 02:32:00 PM
  • Let's Get Social

  • ඉදිරියේදී පුර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟත්වය පළකර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග චීනයේ සංචාරයක නිරතව සිටින එජාප ප්‍රබල ඇමතිවරයකු ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් එම එකඟත්ව දැනුම්දී තිබේ.

    මෙම කැබිනට් සංශෝධනයේදී පසුගිය වකවානුවේ මාධ්‍ය හරහා බරපතල විවේචනයට ලක්වූ ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ධුර පමණක් සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුව සිට ඇත.

    එහෙත්, එවැනි තත්වයකදී එසේ ධුරයෙන් මාරු කරන ලද ඇමතිවරුන් දුෂකයින් ලෙස සමාජය තුල තහවුරුවීම තුල ඔවුන් දේශපාලනික වශයෙන් අනාතවීමේ අවධානම සලකා පුර්ණ කැබිනට් සංශෝධනයකට ජනාධිපතිවරයා එකඟත්වය පළකර තිබේ.

    එසේ, ජනාධිපතිවරයා හමුවී පුර්ණ කැබිනට් සංශෝධනයක අවශ්‍යතාවය පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් පිරිසකි.

    මේ අනුව දුෂිත ඇමතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමට ජනාධිපතිවරයා සැලසුම් කල කැබිනට් සංශෝධනය, අගමැතිවරයාගේ ද එකඟත්වයෙන් ඉදිරියේදී සිදුකිරීමට නියමිතව ඇත්තේ යහපාලන ආණ්ඩුව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා සිදුකෙරෙන සංශෝධනයක් ලෙසිනි. (srilankamirror)

    15 May, 2017

    මං රටේ ආර්ථිකය හරියට හැදුවා - කැබිනට් වෙනස ගැන කියන අයගෙන් අහගන්න - මං දන්නෙ නෑ - රවි

    By: Aththa Withthi On: 5/15/2017 11:31:00 AM
  • Let's Get Social
  • ravi-karunanayake-10

    සිදු වන්නේ යයි කියන ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් තමන් කිසිවක් දන්නේ නැතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා කියයි.

    මුදල් අමාත්‍යංශයේදී මධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තමන් රටේ ආර්ථිකය හරියට මෙහෙයවා ඇති බවත් කැබිනට් වෙනසක් ගැන කියන අයගෙන් ඒ ගැන අසාගන්නා ලෙසත්ය. (ලංකා සී නිවුස්)

    11 May, 2017

    නහී වේරේන වේරානී : සම්බෝධි විහාරයේදී පාදෙණිය - රංජන් හමුවෙයි! (Photos)

    By: Aththa Withthi On: 5/11/2017 11:00:00 AM
  • Let's Get Social


  • වෙසක් පොහොය නිමිති කොට ගනිමින් ඊයේ (10) කොළඹ ශ්‍රී සම්බෝධි විහාරයේ විශේෂ වැඩසටහනක් පැවැත්විණි. එම උත්සවයේදී ඉතා සුන්දර සිදුවීමක් දක්නට ලැබුනා.

    පසුගිය දිනවල පැවති වෛද්‍ය වර්ජනය අතර තුර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සහ නි. අමාත්‍ය රංජන් රාමනායක අතර දැඩි මතගැටුමක් පැවති අතර එය මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්විය.

    නමුත් අද පැවති සම්බෝධි විහාරයේ උත්සවයට මෙ දෙදෙනාම සහභාගී වූ අතර ඔවුන් එහිදී ඉතා සුහදව කටයුතු කලා.

    වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවට වූ උතුම් බුද්ධ වචනයට නව අරුතක් ලබාදුන් එම දෙපලට මේ සසර කෙළවර සිතන පතන බෝධියකින් අමාමහ නිවන්සුව ලැබේවායි අප ප්‍රාර්ථනා කරනවා.

    එහිදී ගත් ජායාරූපයක් නි. අමාත්‍ය රංජන් රාමනායක මහතාගේ ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ආකාරය පහතින් දැක්වේ.



    (harigossip)