Showing posts with label Local. Show all posts
Showing posts with label Local. Show all posts

02 June, 2017

පොලිසියේ ප්‍රබල පුටු රැසක් වෙනස් කෙරේ..මත්ද්‍රව්‍ය ලොක්කාත් ගැලවේ - සම්පුර්ණ නාම ලේඛණය මෙතැනින් බලන්න

By: Aththa Withthi On: 6/02/2017 11:22:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රධානතම ස්ථාන මාරුවීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙකුට මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති අයි.එච්.කේ. ඩබ්ලිව් සිල්වා එම ධුරයේ සිට අපරාධ හා හා රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇති බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

    එසේම නව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියෝජ්‍ය පොලිස්පති වන්නේ එස්.සී. මැදවත්තයි.

    ඔහු පිරිස් බඳවා ගැනීමේ නියෝජ්‍ය පොලිස්පති ලෙස මීට පෙර කටයුතු කර තිබෙනවා.

    එසේම උතුරුමැද, වයඹ හා සබරගමු පළාත් භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද මෙහිදී ස්ථානමාරුවීම ලබා දී තිබෙනවා.

    ස්ථාන මාරු ලද ඉහළම පොලිස් නිලධාරීන්ගේ ලේඛනය පහතින් දැක්වෙනවා.

    පෙම්වතිය තරහවුනාම නිරුවත් පින්තූර පාර දෙපැත්තේ එල්ලපු පෙම්වතා අත්අඩංගුවට

    By: Aththa Withthi On: 6/02/2017 10:31:00 AM
  • Let's Get Social

  • සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප මහා මාර්ගය දෙපස තබා ප්‍රදර්ශනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.

    නාරම්මල පොලීසිය පවසන්නේ පෙම්වතිය සමග උරණ වීම හේතුවෙන් මෙලෙස සිදුකළ ඇත්තේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අයෙක් බවයි.

    ඔහුගේ පෙම්වතිය 11වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක බවත් දෙදෙනා කාලයක සිට පෙම්වතුන් බවට පත්ව සිට ඇති බවත් පොලීසිය පවසනවා. 

    රාත්‍රි කාලයේ මොවුන් දෙදෙනා අතර වීඩියෝ සංවාද සිදුකර ඇති බවත් මෙම සංවාද සැකකරු විසින් පටිගත කර ඇති අතර එහිදී ඇය නිරුවත් වී ඇති බව ද දෙදෙනා අතර විරසක ඇති වූ අවස්ථවල සැකකරු එම වීඩියෝ සංවාද මුද්‍රණය කර ඡායාරූප ලබාගෙන ඇති බව ද විමර්ශණ වලදී පොලීසිය සොයගෙන තිබෙනවා.

    කෙසේ වෙතත් මේ වන විට සැකකරු හා ඔහු සතුව තිබූ පරිගණක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

    නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. නාමල් පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ අදාළ සිදිධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

    31 May, 2017

    බෝට්ටුව පෙරළී ගිං ගඟට බිලිවීමට ගිය ජිවිත 3ක් බේරූ නාවික හමුදා දෙවිවරුන්ගේ ක්‍රියාන්විතය (Video)

    By: Aththa Withthi On: 5/31/2017 04:49:00 PM
  • Let's Get Social


  • ගිං ගගේ සැඩපහරට ලක්ව බොට්ටුවක් පෙරලීම නිසා ජීවිතයත් මරනයත් අතර සටන් කරමින් ගසක රැදී සිටි කුඩා දරුවකු, වයෝවෘධ පුද්ගලයෙකු සහ බල්ලෙකු බේරා ගැනීමට නාවික හමුදා සෙබලුන් සමත්වී තිබේ.

    මෙම ගලවා ගැනීම ඉතාම සංවේදී අවස්ථාවක් වන අතර මෙම පිරිස නාවික හමුදාවට හමු නොවුනානම් ඔබ මේ සටහන කියවන මොහොත වන විට ඔවුන් මියගොස්ය.

    අධාර රැගෙන යාත්‍රා කරමින් සිටියදී කුඩා දරුවාගේ කෑ ගැසීම් හඬ ඇසුනු මෙම නාවික හමුදා සෙබල කණ්ඩායම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.

    රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයක් නොමැතිව කල් යයි

    By: Aththa Withthi On: 5/31/2017 05:10:00 AM
  • Let's Get Social

  • 13 වෙනි වරටත් සංවිධාන කරනු ලබන රයිගම් ටෙලි සම්මාන උළෙල දින නියමයකින් තොරව කල් දමා තිබෙනවා.

    දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණය හේතුවෙන් ජනතාව මුහුණ දී සිටින අවාසනාවන්ත, ශෝකජනක තත්වය සලකා බලා සම්මාන උළෙල කල් දැමූ බව එහි ප්‍රධාන විධායක ආචාර්ය රවි ලියනගේ විසින් ප්‍රකාශ කොට තිබේ.

    රයිගම් ටෙලි සම්මාන උළෙල ජුනි 3වන සෙනසුරාදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේදී පැවැත්වීමට නියමිතව තිබුණා.

    29 May, 2017

    මුදල‍ට තරුණයින් 04 දෙනෙක් සමග රතිකෙළියේ යෙදිමින් සිටි 16 හැවිරිදි දැරියක් මාට්ටු

    By: Aththa Withthi On: 5/29/2017 03:30:00 PM
  • Let's Get Social

  • තරුණයන් සිව් දෙනෙකු සමඟ නිවෙසක් තුළ සිටි 16 හැවිරිදි දැරියක් කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මතයි අදාළ නිවස පරීක්ෂා කිරීම සිදුකර ඇත්තේ.

    එම අවස්ථාවේ එහි තිබූ භාවිතයට ගෙන තිබූ උපත් පාලන කොපුවක් සහ භාවිත නොකළ උපත් පාලන කොපුවක් ද පොලිසිය සොයාගෙන ඇති බවටයි වාර්තා වන්නේ. අදාළ දැරියගේ මව විදේශ ගතවී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

    කෙසේ වෙතත් එම දැරිගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූ අයෙකු බවත් ඇයගේ සහෝදරයන් දෙදෙනා අධික ලෙස මතද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති බවත් වාර්තා වනවා. පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ මෙම දැරිය මුදල් උපයාගැනීමේ අදහසින් මෙලෙස තරුණයින් සමඟ සිටින බවයි. කළුතර පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

    ස්වේච්ජා සේවකයින්ට නිවාඩු දෙන්න!

    By: Aththa Withthi On: 5/29/2017 02:02:00 PM
  • Let's Get Social

  • අයහපත් කාළගුනයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සිය කාලය, ශ්‍රමය සහ මුදල් කැපකරමින් විශාල වැඩකොටසක් සිදුකරන ස්වේච්ජා තරුණ තරුණියන්ට ඔවුන් රැකියාවල නිරත වන ආයතන වලින් අවම වශයෙන් දින 3 හෝ නිවාඩු ලබාදිය යුතු බවට සමාජයේ කතා බහක් ඇති වී තිබේ.

    ෆේස්බුක් වැනි සමාජජාල ඔස්සේ සම්බන්ධීකරණය කරගනිමින් පසුගිය දින කිහිපයේදී බොහෝ පිරිසක් සහන සේවා කටයුතු වල නියැලුණු අතර ඔවුන්ට මේ වනවිට තමන් සේවය කරන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සාමාන්‍ය සේවයන් සඳහා යාමට සිදුවී තිබේ.

    ජාතික ආපදා තත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් මෙම ස්වේච්ජා සහන කටයුතු අඩපණ වීමට ඉඩ නොදී රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මැදිහත්ව එම පිරිසට මෙම කටයුතු ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිවාඩු අනුමත කරදෙන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු.

    ලොකු හාමුදුරුවන්ගේ කරේ එල්ලී ගංවතුරෙන් එගොඩ වෙන පොඩි හාමුදුරුවෝ

    By: Aththa Withthi On: 5/29/2017 11:13:00 AM
  • Let's Get Social

  • අයහපත් කාලගුණ තත්ත්වය නිසා මේ වන විට පුද්ගලයින් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

    තවත් බොහෝ පිරිසක් මේවන විට අතුරුදන්ව තිබෙනවා.

    මේ අතර පන්සල් රැසක්ද ජලයෙන් යටවී ඇති අතර එහි සිටින භික්ෂූන් වහන්සේලා ආරක්ෂිත තැන්වලට ගෙන යාමට මේවන විට සියලු කටයුතු සිදු කෙරෙමින් පවතිනවා.

    කළුතර ප්‍රදේශයේ මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ පන්සලද ජලයෙන් යටවී ඇති බව වාර්තා වූ අතර ජලය පිරී ඇති නිසාවෙන් පොඩි හාමුදුරුවන් වහන්සේලා ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යන්නට මාගල්කන්දේ සුදත්ත හිමියන් කටයුතු කර තිබුනේ මෙලෙසයි.

    බද්දේගම අනතුරට පත් MI 17 යානයේ ඡායාරූප

    By: Aththa Withthi On: 5/29/2017 10:22:00 AM
  • Let's Get Social


  • අයහපත් කාළගුණය හේතුවෙන් ආපදා සිදුවී ඇති ප්‍රෙද්ශ කරා අධාර රැගෙන ගිය යානයක් ගාල්ල - බද්දේගම ප්‍රෙද්ශයකට කඩා වැටී තිබෙනවා.

    ගුවන් හමුදාවට අයත් MI 17 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් අද උදෑසන මෙලෙස කඩා ඇති බවයි වාර්තා වන්නේ.

    මින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ.


    27 May, 2017

    රටේ ව්‍යවසනයක් වෙලා තියෙද්දී චාට් ෂෝ කරපු බත්කන හරකා ප්‍රේක්ෂිකාවකට දුන්න බලු පිළිතුර මෙන්න

    By: Aththa Withthi On: 5/27/2017 10:26:00 PM
  • Let's Get Social


  • සවර්ණවාහිනිය සජීවී චාට් ෂෝ වැඩසටහනකදී එම වැඩසටහනට දුරකතනයෙන් සම්භන්දවූ ඉශානී නම් තැනැත්තියක් එම වැඩසටහන ඉදිරිපත්කරන රහල් අල්විස් සහ කවින්ද්‍යා අධිකාරි ගෙන් විමසා සිටින්නේ රටේ මේ වගේ ව්‍යවසනයක් වෙලා තියෙනකොට ඇයි මේ වගේ වැඩසටහන් ඉදිරිපත්කරන්නේ කියාය.

    මාධ්‍යවේදියා තරහක් එන්නේ ඔහුට මේ ප්‍රශ්නය ඇසීම නිසාය. ඔහු කිව්වේ “ඔයාගේ ඔය ප්‍රශ්නෙට නිසි පිළිතුරක් දෙන්න කැමතියි. අපි අපේ නාලිකාව පවත්වාගෙන යන්න ඕනේ, අපේ වැඩසටහන පවත්වාගෙන යන්න ඕනේ, ඔයා බත් කනවද ? මාව තරහාගස්සන්න එපා” යනුවෙනි.

    කෙසේ වෙතත් එම අවස්ථාවේ කාවින්ද්‍යා තත්වය තේරුම්ගෙන අචාර ශීලී ලෙස යම් අදහසක් ඉකිරිපත් කිරීමට ගියද රහල්ගේ ක්‍රියාවෙන් ඇයද අපහසුතාවයකට පත්වන බවත් පෙනී යනවා.

    කෙසේ වෙතත් අපට රහල්ට කියන්න දෙයක් තිබේ. පෙත්තෙක් විදිහට කියවන්න පුළුවන් වුනාට ඔබ මාධ්‍යවේදියෙක් නොවේ. නිසි ගුරුවරයෙක්ගෙන් මාධ්‍ය ඉගෙනගත්තා නම් ඔබට ඉවසන විදිහ කියලාදෙයි. ඔබ වැනි මාධ්‍යවේදීන් තෝරාගන්නා මාධ්‍ය ආයතනට අපි කනගාටුව පළකර සිටිමු.

    දොස්තර තමීරව 44 වැනි බිල්ල කරගත් මාකෙළි ඇල්ල රටට කියන කතාව

    By: Aththa Withthi On: 5/27/2017 12:50:00 PM
  • Let's Get Social

  • මහනුවර අරුප්පල පදිංචි තමීර දිසානායක සහ තාරක දිසානායක පවුලේ නිවුන් සොහොයුරන්ය. ඔවුන්ගේ පියා වෘත්තියෙන් ගණකාධිකාරිවරයෙකි. නම කරුණාසේන දිසානායකය. දැනට වසර නවයකට පමණ පෙර අභාවප්‍රාප්ත වූ ඔවුන්ගේ මව වන මැණිකේ වීරසූරියද ගුරුවරියකි.

    තමීර සහ තාරක මවුපියන් විසින් රැකගත්තේ ඔවුන්ගේ දෙනෙත් මෙනි. කුඩා කල සිටම එකට හැදී වැඩුණු මේ නිවුන් දරුවන්ගේ වැඩිමලා කවුරුන්දැයි කාටවත් කියන්නට බැරිය. තමීර වැඩිමලා වෙමින් තාරකට කතා කරන්නේ මල්ලී කියාය. තවත් වරෙක තාරක වැඩිමලා වී තමීරට කතා කරන්නේ මල්ලී කියාය. සෑම විටම දෙදෙනා දෙදෙනාටම මල්ලිලාය.

    තමීර සහ තාරක දෙදෙනාම ඉගෙනීමට අති දක්ෂයන්ය. එමෙන්ම ක්‍රීඩාවටද එවන් හපන්කම් දැක්වූවන්ය. දෙදෙනාම පාසල් ගියේ මහනුවර රණබිම රාජකීය විදුහලටය. දෙදෙනාම එම විදුහලට ඇතුළත් කිරීමේ විභාගයන් සමත් වූයේද එකටමය. අ.පො.ස. (සා.පෙළ) විභාගයට පෙනී සිටි තමීර සහ තාරක උසස් පෙළ සමත් වූයේද ඒ ආකාරයෙන්මය. දෙදෙනාම රණබිම රාජකීය විදුහලේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබුවේද උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වන්නේද එකටමය.

    නමුත් තමීර ඇතුළු වන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයටය. තාරක ඇතුළු වන්නේ කොළඹ විශ්වවිද්‍යාලයටය. දෙදෙනාම විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නේද එකටමය. දෙදෙනාටම මීළඟට තිබුණේ සීමාවාසික වෛද්‍ය පුහුණුවය. තමීර කොළඹ මහරෝහලේ සීමාවාසික පුහුණුව ලැබූ අතර තාරක කරාපිටිය රෝහලේ සීමාවාසික වෛද්‍ය පුහුණුව අවසන් කළේය. විසි අට හැවිරිදි මේ දෙදෙනාම තම වෛද්‍ය පත්වීම් එනතෙක් ඇඟිලි ගණිමින් සිටියහ.

    වෛද්‍යවරුන්ට ඉංග්‍රීසි මෙන්ම ද්‍රවිඩ භාෂාව හැදෑරීමටද අවශ්‍ය වන්නේය. එම නිසා තමීර අගලවත්තේ ඩාර්ටන්ෆීල්ඩ්හි පිහිටි ජාතික භාෂා පුහුණු මධ්‍යස්ථානයට පැමිණ එහි නේවාසිකව ද්‍රවිඩ භාෂාව පුහුණුවීම්වල නිරත විය. ඒ අතරතුර පසුගිය විසිවැනි දින භාෂා පුහුණු මධ්‍යස්ථානයෙන් සංවිධානය කළ ක්‍ෂේත්‍ර චාරිකාවක් සඳහා තමීර ඇතුළු ආධුනික වෛද්‍ය සිසුන් 85 දෙනකු පමණ එක්විය. මෙම ක්‍ෂේත්‍ර චාරිකාව යොදා තිබුණේ බදුරලිය මාකෙළි ඇල්ල නැරැඹීමටය. ඒ සඳහා බස් රථ දෙකක්ද යොදාගෙන තිබිණි. බස් රථ දෙකෙන් ගමන් ගත් සියල්ලෝම මහත් විනෝදයෙන් මෙම

    ක්‍ෂේත්‍ර චාරිකාවට එක්වූහ. මාකෙළි ඇල්ල ආසන්නයට පැමිණ සියල්ලන්ම බස් රථවලින් බැසගත් අතර බදුරලිය මාකෙළි ඇල්ල ප්‍රදේශයේ අවට සිරි නරඹමින් තමීර ඇතුළු තවත් ඔහුගේ මිතරෝ් කීප දෙනෙක් ඉදිරියෙන්ම ගමන් ගත්හ. අවට සිරි නරඹමින් මහත් සේ විනෝද වුණු තමීර තවත් මිතුරන් කීප දෙනකුත් සමඟ මාකෙළි ඇල්ල දෙසට ඇති පඩිපෙළ දිගේ පහළට බසින්නට වූහ. ඔවුන්ට පිටුපසින් අනෙක් සිසුහුද පඩිපෙළ දිගේ පහළ ඇල්ල ඇති ප්‍රදේශයට ගමන් කළහ. ඉදිරියෙන්ම ගිය තමීර ඇතුළු පිරිස පඩිපෙළ දිගේ පහළට බැස ගල් තලාවට ගොඩවුණි. ගල් තලාවේ හිඳ මාකෙළි ඇල්ල නැරැඹීමට තමීරට තිබුණේ පුදුම හදිසියකි. ඒ හදිසිය මරුවාට අතවැනීමක් බව තමීර කිසිසේත් දැන සිටියේ නැත.

    එක්වරම තමීරගේ පය ලිස්සා ඔහු මාකෙළි ඇල්ලට ඇද වැටිණි. සියල්ලෝම 'තමීර ඇල්ලට වැටුණා' කියමින් කෑගසන්නට වූහ.

    ඒ අසල සිටි ඔහුගේ මිතුරකු ගල් පරයක එල්ලී තමීරට අල්ලා ගැනීමට සිය පාදයක් දික් කළේය. තමීරට මිතුරාගේ පාදය අල්ලා ගැනීමට නොහැකි විය. ජල පහර සමඟ පොර බදමින් තමීර අඩි ගණනාවක් පහළට ඇදී ගියේය. තමීරගේ මිතුරෝ වහා ඒ අසල පිහිටි උණ ගසක් ගලවා තමීරට අල්ලා ගැනීමට ඒ උණ ගස දියට විසි කළහ. ඒත් ඒ වන විටත් තමීර දිය යට සැඟවී ගොස් හමාරය. තමීර සමඟ සිටි මිතුරන්ට කරකියාගත හැකි කිසිදු දෙයක් නොවීය. ඔවුන් වහා 119 දුරකතන අංකයට ඇමැතීය. ඒ මේ අත දිවයන විට දුටු යුද හමුදා කඳවුරකටද සිද්ධිය දැන්වීය. ඒ වන විටත් පොලිසිය සහ අසල්වාසීහුද එම ස්ථානයට පැමිණ සිටියහ.

    එම අවස්ථාවේදී සිද්ධිය බේරුවල නාවික කඳවුරට දැනුම් දුන්නත් නාවික නිලධාරීන් කීවේ දැන් රාත්‍රිය නිසා මළසිරුර සෙවීමට අපහසුය. පසුදින මළ සිරුර සොයා දීමට කටයුතු කරන බවත්ය. ඒ නිසා අනෙක් සිසුන් අගලවත්ත භාෂා පුහුණු මධ්‍යස්ථානය වෙත නැවත යොමු කිරීමට කටයුතු යෙදිණි. තමීරගේ මිතුරෝ අට දෙනෙක් එම ස්ථානයේ රැය පහන් කළහ. ඒ තමීරගේ සිරුර රාත්‍රියේ හෝ ගොඩට ඒවි යන සැකයෙනි. ඊට පසු දින එළිවෙද්දී නාවික කඳවුරේ සෙබළුන් පැමිණ අඩි විස්සක් පමණ පහළ දිය යට කිමිදී ගල් පර අතරේ තිබූ තමීරගේ නිසල දේහය ගොඩ ගනු ලැබූහ.

    මතුගම නාගරික හදිසි මරණ පරීක්ෂක ගාමිණී ලියනගේ සිද්ධිය වූ ස්ථානයේ ස්ථාන පරීක්ෂාවක් සිදු කළේය. නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර මෙම මරණය දියේ ගිලී හුස්ම සිරවීමෙන් සිදු වූ මරණයක් බවට නිගමනය කළේය.

    ඉන් අනතුරුව තමීරගේ දේහය මහනුවර අරුප්පල පිහිටි ඔහුගේ නිවෙසට ගෙන එන තෙක් ප්‍රදේශවාසීන් සහ තමීරගේ මිතුරෝ හැඬු­ කඳුළින් යුතුව මඟ බලා සිටියහ. තමීරගේ නෑදෑයන්, පාසල් මිතුරන්, විශ්වවිද්‍යාල මිතුරන් තමීරගේ වියෝව දරාගත නොහැකිව තැනින් තැන ඉකි බිඳිමින් උන්හ. තමීරගේ වියෝව තමීරගේ පියාගේ එක ඇසක් අන්ධ වී ගියා සේය. තමීරගේ මවගේ අඩුව දැනෙන්නට නොදී දහසකුත් එකක් බලාපොරොත්තු තබාගෙන වසර ගණනාවක් රැකගත් සිය පුතුගේ වියෝව දරාගැනීමට නොහැකිව තමීරගේ පියාට ඇති දුක කියාගන්නට නොහැකි තරම්ය.

    කුඩා කල සිට එකට හැදි වැඩී එකට අකුරු කර එකට විශ්වවද්‍යාලයට ගිය මලලීගේ නිසල දේහය බදාගෙන තාරක හඬන හැඬුම පළාතම කම්පනයට පත් කෙළේය. අනාගතයේ දක්ෂ වෛද්‍යවරයකු වී රෝගීන් දහස් ගණනක් සුවපත් කිරීමට සිටි ප්‍රාර්ථනා සමඟ තමීරගේ නිසල දේහය පස්ගොඩකට වැළලී ගියේය. තමීරගේ නිසල දේහය පිළිබඳ අවසන් කටයුතු මහයියාව පොදු සුසාන භූමියේදී පසුගිය 22දා සවස සිදු කෙරිණි.

    ගයා ශ්‍රී කාරියවසම් (mawbima)

    26 May, 2017

    හුංගම බටඅත කතුන් දෙදෙනාගේ අභිරහස් ඝාතනය

    By: Aththa Withthi On: 5/26/2017 01:47:00 PM
  • Let's Get Social


  • මහත් ආන්දෝලනයට තුඩුදුන් හුංගම, කපුවත්තගෙදර, බටඅත ප්‍රදේශයේ ජීවත්වූ පස්මස් ගැබිනියක් වූ යමුනා ප්‍රියදර්ශනී සහ ඇයගේ මව අබිරහස් ලෙස තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඝාතකයාගේ බව සැලකෙන රුවක් චිත්‍රයට නඟා තිබේ.

    ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ තොරතුරු මත පොලිස් චිත්‍ර ශිල්පියකු විසින් මෙම රුව චිත්‍රයට නඟා ඇත.
    ඉකුත් මැයි 02 වැනිදා පෙරවරුවේ සිය නිවෙස තුළදී මෙම ඝාතනය සිදුවිය.

    පොලිස් කණ්ඩායම් පහක් මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

    චිත්‍රයේ සඳහන් පුද්ගලයාට සමාන හැඩරුව හා සමාන ලක්‍ෂණ ඇති පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ඇතොත් පහත සඳහන් දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    දුරකතන අංක: 
    # ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි/තංගල්ල කොට්ඨාසය 071-8591488, 
    # සහකාර පොලිස් අධිකාරි/තංගල්ල 071 8591495
    # ස්ථානාධිපති/හුංගම 071 8591492

    චාමර අමරසූරිය (By mawbima)

    සිය පාසලේම රෑ එළිවෙනකම් ලිංගිකව හැසිරුනු 15වේ පෙම්වතා සහ 14රේ පෙම්වතිය

    By: Aththa Withthi On: 5/26/2017 01:04:00 PM
  • Let's Get Social

  • වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන වයස අවුරුදු පහළොවක් වූ සිසුවෙක් තලාතුඔය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඉකුත් 20 වැනි දින නගරයේ පෞද්ගලික පංතියකට පැමිණ ඇති ඇය පංතිය නිමවීමෙන් පසු පෙම්වතා හමුවට ගොස් ඇත. ඔහුද පෞද්ගලික පංතියකට සහභාගි වී පැමිණ ඇති අතර තමන් දෙදෙනාම ඉගෙනුම ලබන පාසල වෙත ගොස් තිබේ.

    එසේ කතාකරමින් සිටියදී රෑ බෝවී ඇති අතර දෙදෙනාම පාසල් ගොඩනැගිල්ල තුළ රැය පහන් කර තිබේ.

    පසුදා අලුයම 3.45ට පමණ මොවුන් දෙදෙනා වික්ටෝරියා ජලාශය නැරඹීමට යාම සදහා පටත්ව තිබේ.

    මයිලපිටිය ප‍්‍රදේශයේ තම දියණිය තරුණයකු සමග සිටිනු දැක ඇති ඇයගේ පියා බසයෙන් බැසවිත් දියණිය හා තරුණයා කැටිව පොලීසියට පැමිණ තිබේ.

    තලාතුඔය පොලීසිය මගින් මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉකුත් 21 වෙනි දින මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රෝහිණී ගමගේ මහත්මිය විසින් සැකකරුට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියමකර මවුපියන් වෙත ඔහු මුදාහැර ඇති අතර බාලවයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.

    තලාතුඔය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අමරජිත් රත්නායක මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

    25 May, 2017

    සයිටම් විරෝධීන්ට කඳුළු ගෑස් : ලක්බිම නිමල්සිරිට තුවාලයි

    By: Aththa Withthi On: 5/25/2017 12:09:00 PM
  • Let's Get Social

  • වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව සංවිධානය කළ සයිටම් විරෝධී පාගමනට කොළඹ ලෝටස් පාරේදී ඊයේ (24) පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

    ජල ප්‍රහාරක රථ ද යොදා ගනිමින් පොලිසිය එම පිරිස පළවා හැරීමට කටයුතු කළ අතර පාගමන කොළඹ කොටුව දුම්රියපොළ අසලින් අද දහවල් ආරම්භ කෙරිණි.

    නිමල්සිරි තුවාල ලබයි !

    පොලිස් ජල පීඩන ජල ප්‍රහාරයකට ලක්වූ ලක්බිම පුවත්පතේ ඡායාරූප ශිල්පී නිමල්සිරි එදිරිසිංහ මහතා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    උද්ඝෝෂකයින් පොලිස් අණ නොතකයි !

    උද්ඝෝෂකයන් පොලීස් අණ නොතකා පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ඇති ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යාම සැරසුණ අවස්ථාවේ උද්ඝෝෂකයන් හා පොලීසිය අතරේ උණුසුම් වචන හුවමාරුවක් ඇති විය. ඉන් පසු තමන් සතු නීතිමය බලය යෙදීමට පෙර වහාම ඉවත් වන්නැයි උද්ඝෝෂකයන්ට දැනුම් දුන් පොලීසිය ඉන් පසු මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කොට ඇත.

    මෙම උද්ඝෝෂණය නිසා කොළඹ කොටුව, ගාළු මුවදොර ඇතුළු අගනුවර ප්‍රදේශ ගණනාවක දැඩි රථවාහන තද බදයක් දක්නට ලැබිණි. (srilankamirror)

    23 May, 2017

    වයස 13 දී ආපු මිස්කෝල් එකට පෙම්බැඳි දැරිය 15 දී නතර වුණු තැන

    By: Aththa Withthi On: 5/23/2017 01:57:00 PM
  • Let's Get Social

  • බාල වයස්කාර පාසල් සිසුවියක් කැඳවාගෙන ගොස් නිවසේ රදවාගෙන සිටි තරුණයෙකු සහ ඔහුගේ මව වැලිගම පොලිසිය විසින් පසුගියදා (21) අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාරදී තිබෙනවා.

    අදාල බාල වයස්කාර සිසුවිය වාරියපොළ ප්‍රදේශයේ ජිවත්වන අතර ඇයගේ මව විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

    සැකකාර තරුණයා 21 වන වියේ පසුවන අතර බාල වයස්කාර සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන බව සදහන්.

    අදාල තරුණයා ධීවර කර්මාන්තයේ නියැලෙන අයෙක් බවයි පොලිසිය සදහන් කළේ.

    21 හැවිරිදි තරුණයා මීට වසර දෙකකට පෙර මිස් කෝල් එකකින් අදාල සිසුවිය හදුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිසිය සදහන් කළේ සැකකාර තරුණයා සහ ඔහුගේ මව අද දින වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. (hirunews)

    22 May, 2017

    පාසල් සිසුවෙකු අනුරාධපුරයේදී දුම්රියට පැන සියදිවි හානිකරගනී - හේතුවක් කිසිවෙකුත් නොදනියි (Photos)

    By: Aththa Withthi On: 5/22/2017 10:33:00 PM
  • Let's Get Social


  • අනුරාධපුර නගරයේ පාසලක සිසුවෙකු අද දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබෙනවා.

    මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි බිෂාන් ජයවර්ධන නමැති අනුරාධපුර - නිවන්තකචේතිය මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 18 හැවිරිදි ශිෂ්‍යයෙක්.

    මෙම සිසුවා මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට තිබෙනවා.

    සිසුවා අද උදෑසන 11.25 ට පමණ අනුරාධපුර කාර්මික විද්‍යාලයට නුදුරින් පිහිටි දුම්රිය මාර්ගයේදී, කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් ගත් යාල් දේවි දුම්රියට පැන සියදිවි හානිකරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

    සිසුවාගේ මළසිරුර එම දුම්රියෙන්ම අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන යනු ලැබුවා.

    සිසුවාගේ පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කිහිප දෙනෙකු හා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණියා.

    මෙම සිසුවා මීට වසරකට පෙර එම විද්‍යාලයේ පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට පෙර දිනයේදී යතුරු පැදි අනතුරකට ලක්ව බරපතල තුවාල ලැබූ බවටද වාර්තා වනවා.

    කෙසේ වෙතත් හෙට දිනයේද එම පාසලේ මේ වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සූදානම් කර තිබූ බවද විදුහල්පතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

    මීට දින හතරකට පෙර පාසලේ තිබූ කප්රුක් පූජාවක් ඇතුළුව ආගමික වැඩසටහන් කිහිපයකදී මූලික වී වැඩ කටයුතු කළ දීප්තිමත් ශිෂ්‍ය යෙකු වූ මෙම සිසුවා හට සියදිවි හානිකර ගැනීමට තරම් ගැටලුවක්, තමා දන්වා තරමින් නොතිබූ බව විදුල්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

    මේ අතර සිසුවාගේ සාක්කුවේ තිබූ කොළකැබැල්ලක ඔහුගේ පියාගේ දුරකථන අංකය සහ ලිපිනය මෙන්ම යතුරුපැදිය නවතා ඇති ස්ථානයද සටහන් කර තිබීම විශේෂත්වයක්.

    පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා එම දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට නියමිතයි.












    Image may contain: one or more people, people standing, sunglasses, ocean, cloud, sky, outdoor and nature

    Image may contain: 1 person, motorcycle and outdoor

    Image may contain: 1 person, outdoor and text



    21 May, 2017

    දුම්රිය පා පුවරුවේ ගිය දරුවා අවාසනාවන්ත ලෙස කණුවක ගැටෙයි (Photos)

    By: Aththa Withthi On: 5/21/2017 11:11:00 PM
  • Let's Get Social

  • දුම්රියක පාපුවරුවේ ගමන් ගත් පාසල් සිසුවෙකු දුම්රිය මාර්ගයේ සවිකර තිබු කණුවක ගැටී බිමට ඇද වැටී බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.

    පසුව අදාළ සිසුවාව නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වටවල පොලිසිය පැවසුවා. නාවලපිටියේ සිට කොටගල දක්වා ධාවනය වු භාණ්ඩ ප‍්‍රවහාන දුම්රියේ අදාළ සිසුවා ගමන් කර තිබෙනවා.

    මෙම අනතුර සිදුවි ඇත්තේ අද (21) දහවල් 1.45 ට පමණ වටවල සහ ගලබොඩ දුම්රිය ස්ථාන දෙක අතර අනුනවය සැතපුම් කණුව අසලයි.

    දුම්රියෙන් ඇද වැටුණු පාසල් සිසුවා දුම්රිය මාර්ගයේ වැටි සිටිනු දුටු ප‍්‍රදේශවාසින් ඒ පිළිබදව වටවල දුම්රිය ස්ථානය වෙත දැනුම් දීමෙන් පසු බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ එම පාසල් සිසුවාව රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

    එහිදී නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත ගෙන ගොස් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමට වටවල දුම්රිය ස්ථානයේ නිළධාරින් කටයුතු කර තිබුණා. 


    (nethnews)

    20 May, 2017

    දේපළ ඉල්ලා අම්මාට දස වධ දුන් පුතා උසාවියේදී දෙපතුළ ළඟ වැඳවැටේ

    By: Aththa Withthi On: 5/20/2017 05:55:00 AM
  • Let's Get Social


  • තම මවගේ දේපළ ඉඩකඩම් ආදිය තමා නමට පවරන ලෙස ඉල්ලා "තෝ මාව හැදුවේ මේ බඩ තුළ (කුස තුළ) තියාගෙන" දැයි ප්‍රශ්න කරමින් තම 80 වියෑති වයෝවෘද්ධ මවට ක්‍රෑර ලෙස පහරදී ඇගේ බඩ පෑගීම නිතර සිදුකළ පුතකු මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවේ තම මහලු මවගේ දෙපා වැඳ සමාව ඉල්ලීමේ සිද්ධියක්‌ 18 දා මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේදී එහි සිටි ජනයාට දැකගත හැකි විය.

    කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත රූපසිංහ මහතා විසින් අධිකරණය හමුවට පමුණුවන ලද එම විත්තිකරු පුතා වූයේ කටාන, බටපොත (45) හැවිරිදි අයෙකි.

    නඩුව කැඳවූ අවස්‌ථාවේ අනාවරණය වූ කරුණු අනුව මෙම සැකකාර පුතා සහ පැමිණිලිකාර මව වෙන් වෙන් නිවාස දෙකක ජීවත් වෙති. එහෙත් තම මවගේ නිවසට නිතර නිතර පැමිණෙන විත්තිකාර පුතා තම මවට ක්‍රෑර ලෙස පහරදී ඇගේ බඩ පාගා දේපළ ඔහුට ලබාදෙන ලෙසට ඉල්ලා සිටීම පුරුද්දක්‌ කොටගෙන ඇත. පුතාගේ ක්‍රෑරත්වය ඉවසිය නොහැකි අවස්‌ථාවේ වයෝවෘද්ධ මව පොලිසියේ පිහිට පතා ඇත. එහිදී පොලිසිය දෙපාර්ශ්වය අධිකරණය හමුවට පැමිණ වූ අවස්‌ථාවේ විසඳුම් පතා මව සහ පුතා සමථ මණ්‌ඩලය වෙත යොමුකර ඇත.

    එහෙත් විත්තිකාර පුතා සමථ මණ්‌ඩලය හමුවේ පෙනී නොසිටීම නිසා ඔහුට යළිත් වරක්‌ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියෝග කර ඇත.

    මෙහිදී ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පැමිණිලිකාර මවගෙන් "ඉල්ලා සිටින සහන මොනවා දැයි" ප්‍රශ්න කළ අවස්‌ථාවේ තමා පුතාගේ ක්‍රෑර පහරදීම්වලින් මුදා දෙන ලෙසට බැගෑපත්ව ඉල්ලා සිටියාය. මෙහිදී විත්තිකාර පුත්‍රයාට ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා යළි තම මවට හිරිහැර නොකරන ලෙසට තරයේ අවවාද කළේය. කොච්චිකඩේ පොලිසියේ සැරයන් (45557) ජයන්ත රූපසිංහ මහතා පැමිණිල්ල මෙහෙය විය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගයනි පෙරේරා මහත්මිය පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් (මහලු මව වෙනුවෙන්) ජ්‍යෙෂ්ඨ නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය.

    මීගමුව සමූහ - විමල් කීර්ති (divaina)

    19 May, 2017

    වයස 90ක අම්මා අඩි 2,000ක් උස කඳු මුඳුනක

    By: Aththa Withthi On: 5/19/2017 08:29:00 PM
  • Let's Get Social


  • ගම්පොළ පුපුරැස්ස රජතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 90ක් පමණ වයසක සය දරු මවක් දින දෙකක් පුරා අතුරුදන්ව සිටියදී පුපුරැස්ස ගලේකන්ද නමැති අඩි 2,000ක් පමණ උස කඳු මුදුනක සිටියදී සොයාගෙන ඇත.

    පඳුරු සහිත ගන කැලයක ගල් කුළු හා කටු පඳුරු මතින් ගොස් මෙතරම් උස කඳු මුදුනකට මේ වයසක මව කෙසේ ගියේ දැයි ගම්වාසීහු විමතියට පත්ව සිටිති.

    මේ මවගේ දූ දරුවන් පස් දෙනකු විවාපත්ව රජතලාව ප්‍රදේශයේම පදිංචිව සිටින අතර කල්පනා ශක්තිය අඩු සිය බාලපුතු සමඟ මේ මව නිවෙසේ සිට ඇත.

    දැනට දින දෙකකට පෙර මව නිවෙසින් අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් හා දරුවන් එක්ව ප්‍රදේශයේ ඇළ, ‍ෙදාළ, ගංගා, නිවෙස් ආදී සියලු ස්ථානවල සොයා ඇත.

    තරුණයන් පිරිසක් මේ කඳු ප්‍රදේශය අවටද විපරම් කළත් ඇය සොයා ගැනීමට නොහැකිව ඇත.

    ඒත් තරුණයන් පිරිසක් කඳු මුදුනට යමු යැයි කතා වුණද එතරම් උස කන්දකට කොහොම යන්නද යන කතිකාව ඇති විය. එහෙත් අවසානයේ තරුණයන් කණ්ඩායමක් කඳු මුදුන නැඟීමට තීරණය කොට පරීක්ෂාවෙන් ගමන් කිරීමේදී අතරමඟ ඇඳ ඇතිරිල්ලක් තිබී හමුවීම නිසා ඔවුන් කඳු මුදුනට නැඟ ඇත.
    එවිට ඇය කඳුමුදුනේ ගලක් මත වාඩි වී සිටින අයුරු දැක මොවුන් පුදුමයට පත්ව ඉතා අපහසුවෙන් ඇය ඔසවාගෙන පහළට පැමිණ ඇත.

    රාත්‍රි දෙකක් පුරා කිසිදු ආහාරයක් හෝ ජලය නොමැතිව මේ මව කඳු මුදුනේ ගන කැලෑවේ සිට ඇත.

    මේ මව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබිණි.

    මව සොයන මෙහෙයුම සඳහා පුපුරැස්ස පොලිසියේ ස්ථානාධිපති පො.ප. මනෝ රංජන් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් නිලධාරීන්ද සහභාගි වී තිබිණි.

    ගම්පොළ - මාධව බණ්ඩාර (mawbima)

    වැල්ලවත්තේ ගොඩනැගිල්ල කඩාවැටුනු හැටි CCTV දර්ශණ

    By: Aththa Withthi On: 5/19/2017 08:04:00 PM
  • Let's Get Social


  • වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩාවැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන මේ වනවිට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

    එම දර්ශන පහතින්.

    ගම්මුන් භිය වද්දමින් ගමට පැනලා කොස් ගෙඩි කඩාගෙන කන සද්ධන්ත ඇතා

    By: Aththa Withthi On: 5/19/2017 04:36:00 PM
  • Let's Get Social


  • ගම්මුන් භිය වද්දමින් ගමට පැනලා කොස් ගෙඩි කඩාගෙන කන සද්ධන්ත ඇතා.