Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

03 June, 2017

තොල් සිප ගැනීම් දර්ශණ ඇතුලත් තවත් ගිණිගන්න මියුසික් වීඩියෝවක් (Video/Photo)

By: Aththa Withthi On: 6/03/2017 05:24:00 PM
  • Let's Get Social
  • Nisandi Kariyawasam - Sragana Roo Trailer

    මෙරට ගීත කළාව මේ වන විට විවිධ පැති කරා ඇදී ගොස් තිබෙනවා.

    දැන් එහි ප්‍රධානතම අංගයක් වනුයේ ගීත සඳහා නිපදවන රූප රචනයන්.

    මේ පහතින් දැක්වෙන්නේ ළඟදීම එළිදැක්වීමට නියමිත ගීතයක රූප රචානාවක හඳුන්වා දීමයි.

    මෙහි රංගනයෙන් දායක වන නිරූපණ ශිල්පිනිය නමින් නිසන්දි කාරියවසම් ලෙසයි වාර්තා වන්නේ.






    (ඇත්ත විත්ති)

    29 May, 2017

    මොන Offers ආවත් මම වායෝ දාලා යන්නේ නෑ

    By: Aththa Withthi On: 5/29/2017 05:10:00 AM
  • Let's Get Social

  • 'මිසිස් පෙරේරා', 'යනතැකන' වැනි ගීතවලින් ජනප්‍රිය වූ ගායකයෙකු ලෙස මිහිඳු ආරියරත්න හැඳින්විය හැකිය. වායෝ සංගීත කණ්ඩායමේ සමාජිකයෙකු ලෙස කටයුතු කරනු ලබන මිහිඳුගේ නවතම ගීතය වන 'දුවනී' ගීතයද පසුගියදා එළිදක්වනු ලැබීය. එම ගීතය පිළිබඳවත්, වායෝ සංගීත කණ්ඩායම පිළිබඳව හා පුන්‍ය කටයුත්තක් වෙනුවෙන් 27 වැනිදා 'වායෝ' පැවැත්වීමට යන ප්‍රසංගය පිළිබඳව මිහිඳු අපත් සමග මෙලෙස පිළිසඳරක නිරත වූවා.

    අපි ඉස්සරලාම 'දුවනි' ගීතය ගැන කතා කරමු?

    'දුවනි' ගීතය මධුරංග විජේසේකර අයියාගේ පෞද්ගලික අත්දැකීමක්. ඒ‘ ගීතය ලියලා ගීතය නිර්මාණය නොකර අවුරුදු හතරක් පහක් විතර ඔහු ළඟ තිබුණා. ඒකේ තව තනුවක් තිබුණා. එයාම කිවුවා අපි මේක අශාන් මල්ලිට දීලා කරගමු කියලා. මේක සම්පූර්ණයෙන්ම එයාගෙ අදහසක්. එයාගේ ආසාවක් තිබුණා මම ලවා මේක ගායනා කරවන්න.

    එයාම තමයි අශාන් මේ වැඩේට හොඳවෙයි, එයාගෙ මෙලඩි ලස්සනයි. ඊට පස්සේ තමයි වැඩේ කෙරුණේ. ඇත්තටම මේ Concept එක එයාගෙ. එයාට වෙච්ච ඇත්ත කතාවක්. ඒක එයාගෙ හදවතින්ම ආව නිසා වෙන්න ඇති මේක මෙච්චර සාර්ථක වුණේ.

    ඒ ගීතයට ඔබව තෝරාගැනීම සම්බන්ධයෙන් ඔබට මොකද හිතෙන්නේ?

    ඇත්තටම මට පෞද්ගලිකව ඒක ලොකු ආඩම්බරයක්. ඒක මගෙ ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙනවා. මනුරංග විජේසේකර කියන්නේ ක්ෂේත්‍ර‘යේ ඉන්න දැවැන්තයෙක්. මට එයා දැවැන්තයෙක්. 'මිසිස් පෙරේරා' කියන ගීතය ලිව්වෙත් එයා. එයා ලියන දේවල්වල ලොකු පරාසයක් තියෙනවා.

    හාස්‍යයේ ඉඳලා සීරියස් මාතෘකාවක් වෙනකම් ඕනෙම දෙයක් එයාට ලියන්න පුළුවන්. ඉතින් එහෙම තියෙද්දි එයාගේ අතිශය පෞද්ගලික අත්දැකීමක් ගීතයට නගන්න මාව තෝරාගැනීමම මට ලොකු ආඩම්බරයක්. සාමාන්‍යයෙන් තමන්ගේ පෞද්ගලික දෙයක් කරන්න ගන්නේ හොඳයිම කියලා හිතෙන කෙනෙක්නේ. එහෙම මාව තෝරාගත්ත එක ලොකු ආශීර්වාදයක් වගේම ලොකු ජයග්‍රහණයක්.

    ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

    ඇත්තටම හොඳයි. හුඟක් අය කියන දෙයක් තමයි වෙනස් කියන එක. වෙනස කියන එකත් දැන් පරණ වෙලානේ. අලුත් කියන දෙයත් පරණ වෙලානෙ. අපි හැමදාම කරන තේමා තියෙනවා. අපි පොදුවේ කරන තේමා ගත්තාම ඒක වෙනස්ම කතාවක්. ඇත්තටම කියනවානම් කලින් ගීතයට නොනැගිච්ච කතාවක් මේක.

    ඒ වෙනස නිසා මගේ රසිකයන් වූ පිරිසකුත් ඉන්නවා. ඒකට හුඟක් කට්ටිය ආදරය කරනවා. අද හිට් වෙලා තියෙන සමහර ගීත එක්ක මේ ගීතය ලොකු හිට් එකක් නොවෙන්න පුළුවන්. ඒ වුණාට කාලයක් රඳා පවතින ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

    සංගීත කණ්ඩායමක් සමග වැඩකටයුතු කරන අතරතුර ගායකයෙකු වීමට ලැබීම ගැන මොකද හිතෙන්නේ? කණ්ඩායමත් සමග ගායනයෙන් ඉදිරියට යාමටද බලාපොරොත්තුව?

    මගේ බලාපොරොත්තුව සංගීත කණ්ඩායමත් සමගම සිටීම තමයි. තනියම ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම පොඩි කාලේ ඉඳන්ම ගිටාර් එකක් අතට ගත්ත ගමන් මියුසික් බෑන්ඩ් පිස්සුව තමයි තිබුණේ. ඒකත් එක්කම ඉස්සරහට යන්න තමයි මගේ බලාපොරොත්තුව. මම ආස දේ තමයි මියුසික් බෑන්ඩ් එකක ප්ලේ කරන එක. ඒ තියෙන තැන මට තනියම ගිහින් ලබාගන්න බැහැ.

    ලංකාවේ සංගීත කණ්ඩායම් එන්න එන්නම ගොඩක් බිහිවෙනවා. මෙහි රඳාපැවැත්ම මොනවගේද?

    මම හිතන්නේ සංගීත කණ්ඩායම් කියන දේ නිතරම බිහිවෙනවා, කැඩෙනවා ඒ වගේ දේවල් වෙනවා. මම නම් කියන්නේ ඒක තමයි වෙන්න ඕන. ඉස්සර ඉලෙක්ට්‍රොනික් සංගීතය තිබුණා, එකොස්ටික් සංගීතය තිබුණා. දැන් එකොස්ටික් පැත්තට ආයෙත් බරවීගෙන එනවා. ඒ වගේ අලුත් අලුත් දේවල් හොයාගෙන, අත්හදා බැලීම් කරමින් සංගීත කණ්ඩායම් නිර්මාණය වෙනවා. ඒ වෙනස්වීම තුළ තමයි ක්ෂේත්‍රයේ රඳාපැවැත්ම තියෙන්නේ. හැමදාම එකම සංගීත කණ්ඩායමකට තැනක ඉන්න බෑ.

    හැමදාම සන්ෆලවර්ස්ලා, ජිප්සීස්ලා, වායෝ, මේරියන්ස් තව අවුරුදු 50ක් ඉදිරියට තිබ්බොත් එතන වෙනස්වීමක් නැහැ. එක්කෝ ඒ ගොල්ලන්ගේ මියුසික් වෙනස් වෙන්න ඕන. එහෙමත් නැත්නම් තව අලුත් අලුත් බෑන්ඩ් ආවොත්, අලුත් සංගීත රටාවන් ආවොත් තමයි ක්ෂේත්‍රයේ රසවත් බවක් තියෙන්නේ. ඒක එහෙම වෙන එක හොඳයි. අනිවාර්යෙන් ඒක වෙන්න ඕන. ක්ෂේත්‍රයේ ඉන්න සංගීත කණ්ඩායම් වුණත් අලුත් අලුත් දේවල් අත්හදා බලන්න ඕන.

    ඒක මේරියන්ස්ලා කරනවා, සන්ෆලවර්ස්ලා කාලයක් කළා, ජිප්සීස්ලා පවා අලුත් අලුත් දේවල්වලට යොමුවෙන නිසා තමා මෙච්චර කාලයක් ඒ අය රැඳිලා ඉන්නේ. එකම දේ කළොත් රැඳිලා ඉන්න බෑ.

    සංගීත කණ්ඩායම්වලට සාමාජිකයන් මාරුවීම් සිද්ධවෙනවා යම් යම් වටිනාකම් අනුව. ඔබටත් එවැනි වටිනාකම් සහිත ආරාධනා ලැබෙනවාද?

    මට වෙන සංගීත කණ්ඩායම්වලින් ඇත්තටම Offers ඇවිල්ලා තියෙනවා. මම දැන් ඉන්න වායෝ බෑන්ඩ් එක ගැන මම හුඟක්ම තෘප්තිමත්. මට වැඩියෙන් ගෙව්වා කියලා මම එහෙම වෙන කණ්ඩායමකට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ කණ්ඩායමේ පිරිස එක පවුලක් වගේ. සාමාන්‍යයෙන් පවුලක් දාලා යන්නේ නැහැනේ කොච්චර වරප්‍රසාද ලැබුණත්. ඒ සහෝදරත්වය තියෙනකම් අපි ඉදිරියට මේ වැඩකටයුතු කරගෙන යනවා. අනිත් අයටත් මට වගේම Offers ලැබෙනවා. එහෙම කියලා කවුරුවත් යන්නේ නැහැ.

    වායෝ සංගීත කණ්ඩායමේ නායකයා, සංගීත් විජේසූරිය සමග කටයුතු කිරීමේදී නායකයෙකු වශයෙන් හා පුද්ගලයෙක් වශයෙන් ඔහු පිළිබඳව ඔබට දැනෙන්නේ කොහොමද?

    නායකයාගෙන් අපට එන දේ තමයි තියෙන්නේ. ඒක එහෙම නොවේ නම් මෙහෙම අපේ සහෝදරත්වයක් තියෙන එකකුත් නැහැ. ඔහු පුද්ගලයෙකු ලෙස ගත්තත්, සංගීතඥයෙකු ලෙස ගත්තත් ඉතාමත්ම උතුම් උසස් පුද්ගලයෙක්. මමත්වය කියන දේ ඔහු තුළ අඩුයි. කණ්ඩායමක් ලෙස අපිටත් ඒක් පුරුද්ද ඇවිල්ලා තියෙන්නේ ඒකයි. අපි හිතන්නේ කණ්ඩායමක් විදියට. එයා ඉදිරියට යනවාට වඩා කණ්ඩායමක් විදියට අපි ඉදිරියට යවන්න තමයි එයාගේ උත්සාහය.

    මම වායෝ සංගීත කණ්ඩායමට බැඳිලා අවුරුදු දෙකක් විතර වෙනවා. ඉතින් පුළුවන් තරම් මාව ඉදිරියට දාන්න තමයි ඔහු බලන්නේ. මම පිටිපස්සේ ඉඳන් මොකක් හරි ගීතයක් කියනවානම් 'මල්ලි ඉස්සරහට යන්න' කියලා ඒ දේවල් වලින් වුනත් අපිව ඉදිරියට යවන්න තමයි උත්සාහ කරන්නේ. ඔහු ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්. අපි පොඩි කාලේ ඉඳන්ම ඔහුගේ රසිකයො. ඒ වගේ කෙනෙක් අපිව ඉදිරියට දාන එක හුඟක් ලොකු දෙයක්.

    ඉදිරි වැඩකටයුතු හා බලාපොරොත්තු ගැනත් කියමු නේද?

    මේ අවුරුද්ද වෙනකොට මගේ ගීත කිහිපයක්ම නිකුත්වීමට නියමිතව තිබෙනවා. එහි එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් තමයි එන්න තියෙන්නේ. අරුණ ගුණවර්ධන මහතා මගේ ආසම සංගීතඥයෙක්. ඒ වගේම අමරදේව සූරීන්ගේ අවසන් ගීතය සංගීතවත් කළේ ඔහු.

    ඔහු සමග එකතු වී කළ නිර්මාණයක් තිබෙනවා. එය තමයි ඉදිරියේදී එන්න තියෙන්නේ. ඒ පිළිබඳව රසිකයින් දන්නවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් ඉන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. රසිකයන්ගේ යෝජනා, චෝදනා මම මගේ සංගීත ගමනට හයියක් කරගන්නවා. 


    (ada)

    22 May, 2017

    කේ. සුජීවාගේ දියණියන්ගෙන් අමුතු වැඩක්

    By: Aththa Withthi On: 5/22/2017 05:40:00 AM
  • Let's Get Social

  • ලංකාවේ ප්‍රසංග වේදීකාව තුළ වේගරිද්ම ගීත සඳහා වැඩි ඉල්ලුමක් තිබූ ගායිකාවක් තමයි කේ. සුජීවා කියන්නේ. 

    ඔහුගේ දියණියන් දෙදෙනාත් ගායනයට ලෝකයට එක් වෙලාද කියලා තමයි හිතෙන්නේ. කොහොම හරි ඒ දෙන්නාත් එකතු වෙලා අමුතු වැඩක් කරලා තියෙනවා. 

    ඒ තමයි ගීතය කිහිපයක් එඩ් ශීරන්ගේ shape of you ගීතයේ සංගීතයට එකතු කරලා තියෙනවා. ඉතිං ඔයාලත් බලන්න ඒ වැඩේ කොහොමද කියලා. 


    (saaravita)

    සන්ෆලවර් විකුණුවේ නැහැ

    By: Aththa Withthi On: 5/22/2017 05:25:00 AM
  • Let's Get Social

  • නීල්... මොකද මේ එකපාරටම සන්ෆවලර් සංගීත කණ්ඩායමට ඇතිවුණා කියන ප්‍රශ්නෙ...?

    මොකක් ගැනද ඔය කියන්නේ... මට තේරැණේ නෑ...

    සමාජ වෙබ් ජාලා කීපයකම පහුගිය දිනවල ප්‍රචාරය වුණා නීල් සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණලා කියලා. මොකක්ද ඒ කතාව?

    ඒ කතාව මාත් දැක්කා. මටත් පුදුමයි කවුද ඒ වගේ කතාවක් කිව්වේ කියලා. ඇයි ඒ වගේ කතාවක් දැම්මේ කියලා මාත් තාමත් හිතනවා.

    ඒ කියන්නේ සන්ෆවලර් සංගීත කණ්ඩායම ශාන් කියන කෝටිපති ව්‍යාපාරිකයාට විකුණලා නැද්ද...?

    නෑ... එහෙම සන්ෆවලර් තාම කාටවත් විකුණලා නෑ...

    එතකොට කවුද එහෙම කතාවක් කිව්වේ?

    ඒකම තමයි මාත් අහන්නේ... කවුද එහෙම කිව්වේ. ඇයි එහෙම කිව්වේ කියලා. ඔය සිද්ධියෙන් පස්සේ අපේ බලගල්ලගෙනුත් මාධ්‍ය ආයතනයක කෙනෙක් විස්තර අහලා. ෆෝන් එකට කියපු දෙයක් පවා ඒ කෙනා වෙබ් සයිට්වලට දාලා. ඒක කොච්චර නරකද...? මට තේරෙන්නේ නෑ... ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ කියලා.

    එතකොට නීල් හිතේවත් නැද්ද සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණන්න...?

    මෙහෙමනේ... අනාගතේ ගැන කියන්න හරියටම මම දන්නේ නෑ... හෙට මට මොනව වෙයිද කියල මම දන්නේ නැහැනේ. අනික මගේ දරැවන් වුණත් සංගීතයට නැඹුරැ අය නෙමෙයි. ඉතින් සමහරවිට තව අවුරැදු හත අටකින් සන්ෆවලර් සංගීත කණ්ඩායම විකුණාවි. හැබැයි ඇත්ත කතාව තාම මම කාටවත් සන්ෆවලර් විකුණලා නෑ... ඒක බොරැවක්.

    කොහොමද සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙන ඉල්ලුම එදා වගේමද...?

    සන්ෆවලර් සංගීත කණ්ඩායම පටන් ගත්තු දවස් ඉඳන් අද වෙනතුරැ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවේ ලොකු ඉල්ලුමක් සන්ෆවලර් සංගීත කණ්ඩායමට තියෙනවා.

    අද වෙනකොට බොහෝ සංගීත කණ්ඩායම් ඇතිවෙලා තියෙනවා. මොකද හිතෙන්නේ?

    අලුත් කණ්ඩායම් ඇතිවෙන එක හොඳයි. හැමදාම එකම පිරිසකටම ඉන්න බැහැනේ. හැබැයි වැඩේ කියන්නේ ඒ පටන් ගන්න හැම කණ්ඩායමකටම රුඳෙන්න තියෙන කාලය අඩුයි. එක එක හේතූන් නිසා බොහෝ කණ්ඩායම් රුදෙන්නේ බොහෝම ටික කාලයයි. ඒ නිසා ඒ කඩාවැටීම අපරාදයක් විදියටයි මම හිතන්නේ.

    සන්ෆවලර් සංගීත කණ්ඩායමේ හිටපු සමාජිකයින් කීපදෙනෙක් වරින් වර සංගීත කණ්ඩායමෙන් වෙනත් කණ්ඩායම්වලට මාරැවුණා නේද...?

    ඒක සන්ෆලවර් සංගීත කණ්ඩායමට විතරක් ඇතිවුණු සිද්ධියක් නෙමෙයි. ඕනෑම කණ්ඩායමක ආරම්භකම සාමාජිකයෝම නෙමෙයි අදටත් ඉන්නේ.

    ඉතින් සන්ෆවලර් සංගීත කණ්ඩායමේදි මේ කාලය පුරාවට එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වුණා. ඈත් වුණා. අලුතින් සාමාජිකයෝ ළංවුණා. අද සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?

    සතුටුයි. ඉස්සර වගේම සන්ෆවලර් සංගීත කණ්ඩායමට තැනක් තියෙනවා. ඒක අපි කියනවට වඩා අපේ ආදරණීය රසික රසිකාවියන් දන්නවා සන්ෆවලර් සංගීත කණ්ඩායමේ තැන කොතැනද කියලා. ඒ නිසා සන්ෆවලර් සංගීත කණ්ඩායම ගැන මම අදටත් සතුටින්.

    ඒ ජනප්‍රියත්වය නිසාමද සන්ෆවලර් එක ගැන මේ විදියට කතා වෙබ් සයිට්වල පලවෙන්නේ?

    අනේ මන්දා. හැබැයි ඔය වෙබ් සයිට් ගැන මට තියෙන්නේ නොපැහැදීමක්. අපෙන් කිසිම දෙයක් අහන්නේවත් බලන්නේවත් නැතිව හිතුමතේ විස්තර දානවා. ඔය වෙබ් සයිට්වල FBවල වැඩිපුරම තියෙන්නේ බොරැනේ. තමන් දැන් කරන කියන දේවල් ඒ ඒ වේලාවට ෆොටෝ අරගෙන විස්තර පළකරන එක තරම් සමහරැන්ට වෙන වැඩ නැහැනේ. සමහරැ ගෙදර කෑමක් ඉවුවත් ෆොටෝ අරගෙන FB දානවා. ඇත්තටම මේ දේවල්වලට මම කැමති නෑ. ඒ වගේම අපේ වයසේ වැඩිමල් උදවිය පවා මේකට කැමති නෑ. ඊට වඩා ඒ කාලය හොඳ දේකට යෙදෙව්වනම් ඉවරයිනේ...

    නීල් කියන්නේ මේ සන්ෆවලර් විකුණපු කතාව බොරුවක්... එහෙමද...?

    ඔව්... ඒ කතාව බොරුවක්. සන්ෆවලර් කාටවත් තාම විකුණලා නෑ...

    Text - Dishani / Pic - Internet (saaravita)

    18 May, 2017

    විරාජ් පෙරේරාගෙන් බුදු ගුණ ගීතයක්

    By: Aththa Withthi On: 5/18/2017 05:10:00 AM
  • Let's Get Social


  • විරාජ් පෙරේරා විසින් ගායනා කරන ප්‍රථම බුදු ගුණ ගීතය පසුගියදා එළිදක්වනු ලැබූවා. "තථාගතයාණනේ " ලෙස මෙම නම් කර ඇති මෙම ගීතය ඩිල්ෂාන් එල් සිල්වා විසින් සංගීතවත් කල අතර, ලසිත ජයනෙත්ති ආර්චිචගේ විසින් පද රචනා කර ඇත.

    එම බුදුගුණ ගීතය පහලින් අහන්න.

    10 May, 2017

    අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය (VIDEO)

    By: Aththa Withthi On: 5/10/2017 05:40:00 AM
  • Let's Get Social


  • සංගීත සප්ත ස්වරයෙන් ශ්‍රී ලාංකේය සංගීත රසිකයන් අමන්දානන්දයට පත්කළ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව ශූරීන් අවසන් වරට ගැයූ යුග ගීතය මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.

    “සප්ත ශ්වරයේ රජතුමානෙනි” යන එම ගීතය අමරදේව ශූරීන් සමග ගායනා කරන්නේ දුල්ෂාරා දසන්ති නම් යෞවණියයි. දුල්ෂාරා, විශාරද චන්ද්‍රිකා සිරිවර්ධනගේ මිණිබිරියයි.

    මෙම ගීතයේ පද , සමන් චන්ද්‍රනාත් වීරසිංහ විසින්ද , තනුව හා සංගීතය චන්ද්‍රිකා සිරිවර්ධන විසින්ද නිර්මාණය කර තිබෙනවා. මෙහි රූප රචනය සහ අධ්‍යක්ෂණය ජගත් කරුණාජීව විසින් නිර්මාණය වුණා. මෙම ගීතය හිරු ටී.වී උත්තරීතර වැඩසටහනේද විකාශය කෙරුණා.



    (mirrorarts)

    09 May, 2017

    හම්මා…හම්මා සින්දුවට නටන මේ නැටිල්ල නම් සුපිරිම නැටිල්ලක් තමයි

    By: Aththa Withthi On: 5/09/2017 05:10:00 AM
  • Let's Get Social

  • එඩ් ශරීන් ගේ ශේප් ඔෆ් යු සින්දුවට රඟ දක්වපු නර්තන අංගයත් අන්තර්ජාලය කැළඹුවා නේ.. ඉතින් ඒ යුවළ තම අළුත්ම නර්තනය ඉදිරිපත් කොට තියෙන්නේ හම්මා…හම්මා.. කියන හින්දි ගීතයට…ඉතින් මේක අන්තර්ජාලය තුල මේ වෙන කොට සීඝ්‍ර ලෙස පැතිර ගිහිල්ලා විතරක් නෙවෙයි…

    පුදුමාකාර ප්‍රසිද්ධියක් පවා අත්පත් කරගෙන තියෙනවා..ඔකේ ජානු චිත්‍රපටයේ නැවත ප්‍රතිනිර්මාණය වු හම්මා ගීතයට මොවුන්ගේ නර්තනයත් එකතු වුනාට පස්සේ ඇති ලස්සන ගැන නම් කියන්න වචන මදී.එය නරඹලාම රස විදිය යුතු දෙයක්..

    05 May, 2017

    විශාරද නන්දා මාලිනී ගේ නවතම ප්‍රේම විරහ ගීතය

    By: Aththa Withthi On: 5/05/2017 10:09:00 AM
  • Let's Get Social

  • ආලයේ ගාථා සජ්ජායනා කළා
    ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා
    චන්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
    සාධුධන ස්වප්නයට නිගාදී ඔබ ගියා.....

    මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත ලිවීම නතර කරලා කියලා කිව්වත් චිත්‍රපට සඳහා ගීත ලියනවා. සුනිල් ආරියරත්නයන් විසින් අධ්‍යක්‍ෂණය කරන ලද පත්තිනි චිත්‍රපටය සඳහාත්, අලි කතාව නම් වූ ළමා චිත්‍රපටය ටත් ඔහු අපූරු ගීත රචනා කරනු ලැබුවා.

    නමුත් මේ කියන්න යන්නෙ චිත්‍රපට ගීතයක් ගැන නෙවේ. වසර ගණනාවකට පසු ඔහු අපූරු ප්‍රේම විරහවක් ගැන ගීතයක් රචනා කොට තිබෙනවා.

    වරෙක කසුන් කල්හාරගේ හඬින් ගැයුන මේ ගීතය අලුතින් ගයන්නෙ විශාරද නන්දා මාලිනිය. මෙහි සංගීතය කසුන් කල්හාර ගෙන්.

    මේ සුසංයෝගයෙන් නිර්මාණය වී ඇති ගීතය පසුගිය දිනක පටිගත කරනු ලැබුවා. මේ ගීතයේ සංගීත වීඩියෝවක් නුදුරේදීම යූ ටියුබයට එක් කරන බවයි මිරර් ආර්ට්ස් වෙත දැන ගන්න ලැබුනේ.

    මේ ඒ ගීතයේ රූපමය අවස්ථා. මෙය බොහෝ රසිකයින් ට අපූරු රසයක් ගෙන දෙන බව නොඅනුමානයි.

    රනුර සහ ෂෙහාන් කරපු අලුත්ම පෙරළිය

    By: Aththa Withthi On: 5/05/2017 05:25:00 AM
  • Let's Get Social

  • ලාංකික වශයෙන් අභිමානයෙන් ඇගයිය යුතු තරුණ පරපුරක් පවතින බව කීම අතිශයෝක්තියක් නොවේ.

    එවන් තරුණ සමාජයක් තුළ නව නිර්මාණයන් සමග ඉදිරියට ඒමට වෙර දරනා තරුණයෙකු ලෙස රනුර පෙරේරා හැඳින්විය හැකිය.

    ස්පාඤ්ඤ භාෂාවෙන් ගීත දෙකක් ගායනා කර එය You-tube ජාලයේ එළිදැක්වීමත් සමග ඔහු බොහෝදෙනාගේ කතාබහට ලක්විය. 

    ඔහු කරනු ලබන මෑෂප් ගීත සඳහා හොද ප්‍රතිචාරයන් මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ දැක ගැනීමට හැකියාව තිබෙනවා. පසුගිය කාලයේ රනිදුගේ සිංදු 10ක එකතුවක් ඔහු විසින් සිදුකරනු ලැබුවා.

    මේ වනවිට ඔහුගේ අලුත් මෑෂප් ගීතය එළිදක්වා තිබෙනවා. 

    ඒ ගීත අතරින් ජිප්සිස් සංගීත කණ්ඩායමේ 'ඕයේ ඔජායේ' ගීතයද, සනුක වික්‍රමසිංහගේ සංසාර සිහිනේ ගීතයද, Daddy සංගීත කණ්ඩායමේ 'ආලේ' ගීතය මෙන්ම ඉංග්‍රීසි ගීත කිහිපයක්ද මේ මෑෂප් ගීතය සඳහා එක් කර තිබෙනවා. 

    නවමු සංගීත වෙනසක් පෙන්නුම් කරන මෙම ගීතය ගුණ දොස් නරඹන ඔබම තීරණය කල යුතුයි.



    (saaravita)

    30 April, 2017

    වස්සානේ හීනේ Political Version එක (VIDEO)

    By: Aththa Withthi On: 4/30/2017 08:31:00 AM
  • Let's Get Social


  • වස්සානේ හීනේ Political Version එක පහතින් නරඹන්න.

    23 April, 2017

    ඉරාජ්ගේ “වස්සානේ හීනේ“ ගීතය කොපියක් - ඔරිජිනල් සිංදුව මෙන්න

    By: Aththa Withthi On: 4/23/2017 07:18:00 PM
  • Let's Get Social

  • ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා පිටකරන ලද නවතම මියුසික් වීඩියෝව මේ වන විට ඉතාමත් ජනප්‍රිය ගීතයක් වෙලා.

    Youtube චැනලයේ පැය 24ක් ඇතුළත #1 on Trending වීමත් වීශේෂත්වයක්.

    කෙසේ වෙතත් මෙම ගීතය දෙමළ ගීතයක තනුවක කොපියක් බවට සමාජයේ මතයක් පැතිරෙමින් පවතිනවා.

    එහි සත්‍යය අසත්‍යය තාවය අප නොදනි.

    කෙසේ වෙතත් සමාජයේ කතා බහට ලක්වෙන එම දෙමළ ගීතය අප මෙහි පළ කරන්නෙමු.



    ඉාරජ්ගේ වස්සානේ හීනේ ගීතයත් පහතින් නරඹන්න.

    21 April, 2017

    “වස්සාන හීනේ” වීඩියෝවේ ඉන්න ගබ්සා දොස්තර - තවුෆික් ජමාන් මහලේකම්ද?

    By: Aththa Withthi On: 4/21/2017 04:16:00 PM
  • Let's Get Social

  • ඉරාජ් වීරරත්නගේ නවතම සංගීත වීඩියෝව මේ වන විට සමාජජාල තුල දැඩි කතාබහට ලක්වනවා.

    ඉරාජ් මීට සුලු මොහොතකට පෙර සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් නිසා නැවතත් එම කතා බහ අලුත් වුණා.

    එම වීඩියෝවේ එක් අවස්ථාවක ගැහැණු ලමයෙකු ගබ්සාව සඳහා වෛද්‍යවරයෙකු වෙත යන අතර ඔහුගේ නම අබ්දුල් රාසික්. ඉරාජ් සිය ෆේස්බුක් පිටුව හරහා මේ අබ්දුල් රාසික් යනු කවුද? ඔහු ඒ තුලින් නිරූපණය කිරීමට උත්සාහ කලේ කවුරුන්ද යන්න පිළිබඳව ඉඟි කිහිපයක් ලබා දී තිබේ.

    එම ඉඟියන් වලට අනුව නම් ඒ වෙන කවුරුත් නොව පසුගිය සමයේ දැඩි කතාබහට ලක්වූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් වන තවුෆික් ජමාන් සංවිධානයේ මහලේකම් අබ්දුල් රසාක් බවයි බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ.

    ඉරාජ්ගේ එම ෆේස්බුක් සටහන සහ ඒ වෙත පැමිණි කමෙන්ට් කිහිපයක් පහතින් දැක්වේ.



    - harigossip

    24 March, 2017

    හෂාරාගේ 'දේදුනු සිහිනෙක'

    By: Aththa Withthi On: 3/24/2017 11:21:00 PM
  • Let's Get Social

  • අද ලංකාව තුළ නිර්මාණය වන මියුසික් වීඩියෝ සඳහා ඇත්තේ තරගකාරී ස්වභාවයකි. එම තරගකාරිත්වය හේතුවෙන් මියුසික් වීඩියෝවක් නිර්මාණය කිරීමට බොහෝ දෙනා පෙළෙඹෙන්නේ එහි ඇති ගුණ අගුණ ගැන නොසිතාය.

    ඔවුන් සිතන්නේ මියුසික් වීඩීයෝවක් අන්තර්ජාලය තුළ නැරඹුම් වාර්තා අතරට ගෙන ඒම ගැන පමණි. ඒ සඳහා කුමන හෝ සංකල්පයක් භාවිත කිරීමට බොහෝ දෙනා ඇල්මක් දක්වන බව කිව යුතුය. නමුත් අද තිබෙන කාලීන වූ මියුසික් වීඩියෝ රැල්ලෙන් ඔබ්බට නිර්මාණ වූ ගීතයක් බව කිව යුතුය.

    ඒ, හෂාරා ප්‍රනාන්දුගේ ප්‍රථම ගීතය වන 'දේදුනු සිහිනෙක' ගීතයයි. මෙම ගීතය අද වනවිට ෆේස්බුක් තුළ ජනප්‍රියත්වට පත් ගීතයක් ලෙස හැඳින්වූවාට කිසිදු වරදක් නැත. එහි ඇති රූප රාමු පිළිබඳව බොහෝ දෙනා තුළ ධනාත්මක ආකල්පයක් ඇති බව එය නැරඹූ රසියකයන් ෆේස්බුක් තුළ පළ කරන ලද දෑ තුළින් පැහැදිලි වේ. 

    නවක අධ්‍යක්ෂකවරයෙකු වන සන්දේශ් බණ්ඩාර විසින් මෙම වීඩියෝව අධ්‍යක්ෂණය කර ඇති අතර, නවක ගායිකාවක වන හෂාරාගේ මෙම ආදරය ගීතය අද බිහිවන නිර්මාණ සඳහා යම්කිසි අභියෝගයක් එක් කරනු ඇත. ආදර හැඟුම්බර ගීතයක් වන මෙය බොහෝ දෙනාගේ කැමැත්ත මීට ලැබී ඇති බව යූටියුබ් තුළ නරඹා ඇති සංඛ්‍යාව තුළින් පැහැදිලිවෙයි. කෙසේ වුවත් ගීතයට යම්කිසි අරුතක් ගෙන ඒමට මෙම වීඩියෝවට හැකිවූ බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.


    එළිදැක් වූ දිනය - 2017 මාර්තු 11
    ගායනය - හෂාරා ප්‍රනාන්දු
    පදරචනය - ශෙහාන් ගලහිටියාව
    සංගීතය - දුලිප් මිරැන්ඩෝ

    03 March, 2017

    පෘථිවියේ ආදි ජීවය ගැන ඉපැරණි සාධක හමුවේ

    By: Aththa Withthi On: 3/03/2017 09:08:00 AM
  • Let's Get Social
  • පෘථිවියේ ආදි ජීවය පිළිබඳ ඉපැරණි සාධක සොයාගැනීමට, විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

    වසර කෝටි 420කට වඩා එම පොසිල පැරණි බව, ඔවුන් පෙන්වා දෙන්නේ. කැනඩාවේ ගල් ආශ්‍රිතව සිදුකරන ලද කැණීම්වලදී, මේ බව අනාවරණය කරගෙන තිබෙනවා.

    එම ගල් අතර තිබී කුඩා සත්ව නාල ආදී පොසිල සොයාගැනීමටයි, විද්‍යාඥයින් සමත්ව ඇත්තේ. ක්විබෙක් ප්‍රදේශයෙන් සොයාගැනුණු ශුද්‍ර ජීවී කොටස් මිනිස් සිරුරේ කෙස්ගසකින් දහයෙන් එක් පංගුවක් පමණ වන බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    පාෂාණ අතර තිබී ඒවා සොයාගැනුණා. ජීවයේ සම්භවය පිළිබඳ නව මානයන්, මෙම අනාවරණයත් සමග විවර වන බවයි, විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.



    _රූපවාහිනි

    28 January, 2017

    පිටරට තාලෙට පිටකොටුවෙ කළ ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව (Video/Photos )

    By: Aththa Withthi On: 1/28/2017 08:08:00 PM
  • Let's Get Social


  • පසුගිය කාලයේ ආන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කිහිපයක්ම නිර්මාණය කළ ඉරාජ් විසින් සංගීතවත් කළ සහ නිර්මාණය කළ නවතම මියුසික් වීඩියෝව ඊයේ (27) එළිදැක්වුණා.

    එය ‘ Hate That I Love You ‘ නම් වනවා.

    අයේෂ් විජේරත්න විසින් අධ්‍යක්ෂණය කර සංස්කරණ කර ඇති මෙම වීඩියෝව විදෙස් රටක රූගත කර ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි.

    එහෙත් මෙහි රූගත කිරීම් සිදුකර ඇත්තේ පිටකොටුව ප්‍රදේශය ආශ්‍රිතවයි.

    එම ගීතය සහ රූ ගත කළ අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.

    Produced by - IRAJ
    Music - IRAJ

    Lyrics - DeAndre Cortez Way AKA Soulja Boy Tell ‘Em | Markia
    Vocals - Soulja Boy Tell’Em | Markia

    Recorded At - ILL Noize Studios Colombo | 17 Hertz Studio Hollywood California
    Recording Engineer - Ervin Ablaev | 17 Hertz Hollywood California
    Mixed By - Ranga D | Hit Factory Sri Lanka
    Mastered By - Cass | London UK

    Video Director - Ayesh
    Editor & VFX - Ayesh Wijeratne
    DOP - Dammika Rathnayake
    Colorist - Ayesh Wijeratne
    Project Manager - Shehan Raj | Venus Music Group Los Angeles USA