Showing posts with label Business. Show all posts
Showing posts with label Business. Show all posts

06 June, 2017

සැක මතු වූ ලක් සතොසෙහි සහල් ගැන පරීක්ෂණ ඇරඹේ

By: Aththa Withthi On: 6/06/2017 05:55:00 AM
  • Let's Get Social

  • ලංකා සතොස වෙළඳසැල්වල විකිණීමට තිබූ සහල් වර්ගය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා.

    ලංකා සතොස වෙළඳසැල්වල මේ දිනවල විකිණීමට ඇති සහල් වර්ගයක් සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි සැකයක් මතුව ඇති බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප ඊයේ අනාවරණ කළා.

    පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම බාස්මති සහල් වර්ගය ලංකා සතොස වෙළඳසැල්වල විකිණීමට තිබුණේ කිලෝග්‍රෑමයක් රුපියල් 140ක මුදලකටයි.

    කෙසේ වෙතත්, අදාල සහල් වර්ගය පිසීමෙන් පසු අසාමාන්‍ය ලෙස ඇලෙන සුඵ ස්වභාවයකින් යුක්ත බවට පාරිභෝගිකයන් චෝදනා කළා.

    ඒ අනුව අදාල සහල් වර්ගය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව විශේෂ පරික්ෂණයක් සිදුකරන බවයි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පන්නිල සඳහන් කළේ. (hirunews)

    04 June, 2017

    දෙහි - දොඩම් අපනයනයට GSP+ සහනය යොදා ගමු

    By: Aththa Withthi On: 6/04/2017 04:32:00 PM
  • Let's Get Social

  • ඉකුත් 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පලතුරු අපනයනය මෙට්‍රික් ටොන් 33300 කි. එමඟින් උපයාගත් ආදායම රුපියල් බිලියන 5 කි. එහෙත් අපනයනයට වඩා පලතුරු ආනයනය මෙට්‍රික් ටොන් 54107 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා රටින් එතෙරට ඇදී ගිය ධනස්කන්ධය ‍රුපියල් බිලියන 7.3 කි. ආනයනය සහ අපනයනය අතර වෙළෙඳ පරතරය හෙවත් වෙළෙඳ හිඟය රුපියල් බිලියන 2.3 කි.

    ශ්‍රී ලංකාව ‍පිටරටින් ආනයනය කර ඇත්තේ ඇපල්, දොඩම්, මැන්ඩරින් සහ මිදි යන පලතුරු වර්ගයෝය. මෙම පලතුරු වර්ග හතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ගත හැකි ඒවාය. ඇපල් වගාව පිළිබඳ සාර්ථක වූ අත්හදා බැලීම් පිළිබඳ වාර්තා ඕනැතරම් තිබේ. ඇපල් වෙනුවට භාවිතා කළ හැකි පෙයාර්ස් වගාවේ නිරතවන්නෝ කඳුකරයේ සිටිති. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෘහාශ්‍රිත වගාවක් ලෙස පෙයාර්ස් වගාව දක්නට ලැබේ.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් කෘෂිකර්ම නිලධාරියකු වූ සරත්චන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ වසර 25 කට පෙර ඇතිවූ රෝගයක් නිසා දේශීය ඇපල් වගාව වැනසුණ බවයි. එසේ ම පෙයාර්ස් වගාව ද එම රෝගයට ගොදුරු වූ බව ඒ මහතා කියයි. එම වගාව සාර්ථකව ඇත්තේ රහංගල ප්‍රදේශයේය.

    දොඩම්- නාරං ආනයනය

    දොඩම් සහ නාරං පිටරටින් ගෙන්වා ගන්නේ දේශීය දොඩම් සහ නාරං වගාවක් රට තුළ තිබියදී යැයි ඒ මහතා කියයි. මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම, රණමුරේ ආදි ප්‍රදේශයන්හි පාරම්පරිකව දොඩම් වගාවේ නියුතු ගොවි ජනතාවක් සිටින බව පවසන ඔහු මාතලේ නාරන්දෙනිය ප්‍රදේශයේ ජමනාරන් වගාව ජනප්‍රියව පැවති බව ද, තවමත් ජමනාරන් වගාව සිදු කරන බවද කියයි.

    දඹුල්ල පොදු වෙළඳ පොළට මේ දිනවල නාරන් සහ දෙහි ලැබෙමින් පවතී. අප්‍රේල් මාසය නාරන් දොඩම් සහ දෙහි අස්වැන්න පටන්ගන්නා අවදියයි. මහනුවර සිට මහියංගනය දක්වා විහිදෙන මග දෙපස දෙහි, නාරන් සහ දොඩම් ගොඩ ගසා ඇති ස්ථාන දක්නට ලැබේ.

    මහියංගනය, පදියතලාව සහ බිබිල නගර වෙළෙඳ පොළවලට අවටින් අස්වනු ගලා එද්දී මිල ද පහත වැටී තිබේ. මහියංගනය සහ පදියතලාව අවට දොඩම්, නාරං සහ දෙහි මිල මේ දිනවල අඩුවෙමින් පවතී. මහියංගන වේවත්ත සහ කුකුලාපොළ යන ගම්වල දෙහි කිලෝව රුපියල් 20 කි. සාමාන්‍ය ප්‍රමාණයේ දොඩම් ගෙඩියක් රුපියල් 20 කි. මහියංගන නාගදීප ගොවි ජනපදයේ ගොවි මහතෙක් කීවේ මේ දිනවල සිය නිෂ්පාදන නාගදීප පුරාණ විහාරස්ථානය අවට රැඳී සිටිමින් බැතිමතුන්ට අලෙවි කරන බවයි.

    2016 වසරේ දී දොඩම්, දෙහි, අඹ, අලිගැටපේර සහ වැල් දොඩම් නිෂ්පාදනය ඉහළ ගිය බව මහබැංකු වාර්තාව කියයි. 2017 අද තිබෙන තත්ත්වය බලන කළ පෙනෙන්නේ ද මෙවර අස්වැන්න ඉහළ යන බවයි. ශ්‍රී ලංකාවේ දොඩම් සහ දොඩම් යුෂ අපනයන කළ හැකි නම් එමඟින් විදේශ ඉපයීම් වැඩිකර ගැනීමට පිළිවන.

    අන්තර් ජාතික වෙළෙඳපොළ

    ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ අලෙවි විධායක චන්දන විජේකෝන් මහතාගෙන් මේ පිළිබඳව විමසූවිට ඔහු කීවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇතැම් පලතුරුවල වර්ණයට එතරම් කැමැත්තක් විදේශීය වෙළෙඳපොළ තුළ දක්නට නොලැබෙන බවයි. ඉන්දියාව උසස් තත්ත්වයේ ප්‍රමිතිය සහිත පලතුරු නිපදවමින් අන්තර් ජාතික වෙළෙඳ පොළ දිනා ගැනීමේ උත්සාහයක යෙදෙන බව ද ඒ මහතා කියයි. එසේ ම ඉන්දියානු නිෂ්පාදනයන්හි පිරිවැය වියදම් අඩු නිසා ඔවුන් තරගකාරි මිල ගණන්වලට පලතුරු සපයන බව ද ඒ මහතා කියයි.

    අපනයන කර්මාන්තය වටා තවත් කරුණු රාශියක් ගොඩනැඟී තිබේ. ඇසුරුම්කරණය, මුද්‍රණ කර්මාන්තය රටක පැළෑටි නිරෝධායන ප්‍රතිපත්ති යනාදිය ඉන් සමහරකි. අපනයනකරුවාට රුචි භාණ්ඩය මිස වෙ නත් භාණ්ඩයක් බලහත්කාරයෙන් අලෙවි කිරීමට අද හැකියාවක් නැත. පලතුරු කර්මාන්තයේ විශාල ලෙස කැපී පෙනෙන රටවල් නව මං ඔස්සේ යමින් වෙළෙඳ පොළට පලතුරු සපයකි.

    පලතුරු අපනයනයේ දී කෙසෙල් සඳහා දැවැන්ත වෙළෙඳ පොළක් පවතී, ඉක්ව‍දොර, පිලිපීනය, කොස්ටාරිකාව, ගෝතමාලාව, කොලොම්බියාව ජාත්‍යන්තරව කෙසෙල් අපනයනයේ යෙදෙන ප්‍රමුඛ රටවල් වෙති. ඩෝලේ වැනි බහුජාතික සමාගම් ද චීනයේ දැවැන්ත ආයෝජකයෝ ද කෙසෙල් අපනයනයේ නිරත වෙයි.

    කෙසෙල් වර්ග රාශියක් ඇතත්, ශ්‍රී ලංකවේ කෙසෙල් අපනයනයේ ප්‍රධානත්වය හිමිවන්නේ CAVEDISH නම් වර්ගයට යැයි ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ අලෙවි විධායක චන්දන විජේකෝන් මහතා කියයි.

    ඔහු පවසන අන්දමට සෙසු දේශීය කෙසෙල් වර්ග සඳහා අපනයන වෙළෙඳ පොළක් සපයා ගැනීම දුෂ්කර නිසා අපනයනකරුවන් එම කෙසෙල් වගාවට නැඹුරු වෙති.

    ශ්‍රී ලංකා අපනයනයන් සඳහා ඇමෙරිකා සහ යුරෝපා වෙළෙඳ පොළ වඩාත් විවෘත කර ගැනිමට අවස්ථාව ඇතත්, රට රටවල නිරෝධායන ප්‍රතිපත්ති වඩාත් ලිහිල් කර ගත යුතු යැයි පවසන චන්දන විජේකෝන් මහතා අපනයන වෙළෙඳ පොළ පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කළ යුතු බව ද කියයි.

    කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් තෝරා ගත් තරුණ ගොවි කණඩායම් දෙකකට පලතුරු අපනයනය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් තම වාණිජ මණ්ඩලය විසින් අරඹා ඇතැයි ද ඒ සඳහා පලතුරු අපනයනකරුවන්ගේ සහයෝගය ද ලැබෙන්නේ යැයි ද විජේකෝන් මහතා කියයි.

    කෙසෙල්, ගස් ලබු, අන්නාසි, රඹුටන්, පේර සහ කොමඩු නිෂ්පාදනය පහළ යෑමත් 2016 දී දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කර තිබේ.

    අපනයනයට සම්බන්ධ පලතුරු සැපයුම්කරුවකු වන රවින්ද්‍රන් පලතුරු සපයාගන්නේ මහනුවරින් සහ හුන්නස්ගිරියෙනි. ඔහු පවසන අන්දමට අපනයනයට සුදුසු අලිගැට පේර සපයා ගැනීම අපහසුවන්නේ පලතුරු ගෙඩිවල තැලීම් හා සීරිම්තුවාල දක්නට ලැබීම නිසාය. අපනයන කරුවන් ඉල්ලා සිටින ප්‍රමාණයට සරිලන එමෙන්ම විශාලත්වයෙන් යුතු ගෙඩි සපයා ගැන්මට මහන්සි විය යුතු යැයි ඔහු කියයි. ගස්ලබු ග්‍රෑම් 500 ප්‍රමාණයේ ගෙඩි සඳහා දැඩි ඉල්ලුමක් තිබේ. මෙයට හේතුව ඇසුරුම්කරණය යැයි රවින්ද්‍රන් පවසයි. ඔහු පවසන අන්දමට පශ්චාත් අස්වනු හානිය ද ඉහළ මට්ටමක පවතී.

    පසු අස්වනු හානිය

    අපනයනයට සරිලන අන්නාසි සපයා ගැනීමේ දී පිටිමකුණු උවදුර දැඩි පීඩාවකැයි ඔහු කියයි. එසේම ගසෙන් කැපූ පසු තැනින් තැනට විසිකිරීම නිසා පලතුරු හානිය බහුල වන්නේ යැයි ද ඔහු කියයි. අස්වනු හානිය අවම කර ගැනීම ගොවි‍‍පොළෙන් ඇරැඹිය යුතු යැයි ඔහු කියයි.

    පලතුරු අපනයන රටවල් සිය නිෂ්පාදනයන් හි පශ්චාත් අස්වනු හානිය අවම කර ගන්නා අතර ශ්‍රී ලංකාව ද එම දියුණු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු යැයි පලතුරු අපනයන අංශ අවධාරණය කරති.

    යුරෝපා සංගමය ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ මරණ ඉවත් කොට, ජී.එස්.පී. සහන ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ පලතුරු හා පලතුරු යුෂ කර්මාන්තය දියුණු කිරීමට හේතුවක් කර ගත හැකි දැයි සොයා බැලිය යුතු යැයි ද අපනයන අංශ යෝජනා කරයි.

    එළවළු හා පලතුරු අපනයන අංශයට සම්බන්ධ ව්‍යාපාරික අංශ සඳහන් කරන අන්දමට යුරෝපීය සංගමය කෙසෙල්, අන්නාසි, කොමඩු සහ අන්නාසි යුෂ දැනට සපයන එක් රටක් නම් කොස්ටාරිකාවයි. එසේ ම චීනය යුරෝපා සංගමයට ඇපල් යුෂ, ශීතකළ ස්ට්‍රොබෙරි, ශීතකල පලතුරු සහ ඇට, විජලනය කරන ලද පලතුරු, නාරන්, සුදු ලූනු, හාතාවාරිය අල හා ඉස්ම සහ විවිධ හතු මිශ්‍රිත සකස් කළ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා මඟ පාදා ගෙන තිබේ. චීනය, ඉන්දියාව, රුසියාව සහ තුර්කිය පලතුරක් ලෙස අමු තත්කාලි නිෂ්පාදනයේ ප්‍රධාන රටවල් හතරයි. මේ රටවල් හතරම තක්කාලි අපනයනයේ යෙදෙන අතර තක්කාලි ඉස්ම හා පල්ප වශයෙන් අලෙවි කිරී‍ෙම් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ තුර්කියයි. තුර්කියේ අමුතක්කාලි යුෂ කර්මාන්තය වසරින් වසර ලෝක වෙළෙඳ පොළ ආක්‍රමණය කරයි. මේ ව්‍යාපාරික සංවර්ධනය සඳහා විවිධ වෙළෙඳ ගිවිසුම් උපයෝගී කර ගනිති. ශ්‍රී ලංකා තුර්කි වෙළෙඳ සබඳතා මෑතක සිට වර්ධනයව තිබේ.

    පලතුරු හා එළවළු සම්බන්ධ ජාත්‍යන්තර සඟරාවක් වූ FOOD BUSINESS NEWS සඟරාව පලතුරු යුෂ කර්මාන්තය පිළිබඳ ලිපියක් 2015 නොවැම්බර් කලාපයේ පළකර ඇත.

    GSP+ සහනය

    එම ලිපිය පවසන අන්දමට රසකාරක විරහිත ස්වභාවික පානවර්ග සහ පලතුරු යුෂ කෙරෙහි දිනෙන් දින වැඩිවෙන ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම සපුරා ලීමට කර්මාන්තකරුවන් විමසිලිමත් විය යුතුය. එසේම මිශ්‍ර යුෂ පාන ඉදිරිපත් කිරීම් ද දක්නට ලැබේ. ඝර්ම කලාපීය පලතුරු ඉස්ම සමඟ පොල්වතුර මිශ්‍රිත පානවර්ග රාශියක් දැන් යුරෝපීය වෙළෙඳ පොළේ ජනප්‍රියව තිබේ. ශ්‍රී ලංකාවේ පොල්වතුර සඳහා මෑතක සිට දැඩි ඉල්ලුමක් පවතින අතර තේ මිශ්‍රිත පාන වර්ග ද දැන් ලෝක වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාවේ මොනරාගල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල දෙහි, නාරං සහ දොඩම් අස්වැන්නෙන් නිසි පල ලැබිය යුතුය. මේ අස්වැන්න වැඩිවීමට විවිධ බද්ධ පැළ ව්‍යාපාර ද හේතුවී ඇත. විශේෂයෙන් මධු වැනි නාරන් ප්‍රභේද හඳුන්වා දීම ද පැණි දොඩම් බද්ධ පැළ හඳුන්වා දීම ද පැසසිය යුතුවේ. එම නිෂ්පාදන ජාතික ආර්ථිකයට හවුල් කර ගැනීම රට ඉදිරි‍යේ ඇති මිළඟ ප්‍රයත්නයයි.

    කරු­ණා­රත්න අම­ර­තුංග (silumina)

    03 June, 2017

    ඉහළ නගින උද්ධමනය ඇතුළු සෘණාත්මක සාධක ආර්ථික බලාපොරොත්තු පහළ දමයි

    By: Aththa Withthi On: 6/03/2017 06:10:00 AM
  • Let's Get Social


  • ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 මාර්තු මාසය

    ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 මාර්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity- PEO) මගින් ඉදිරිපත් කෙරේ.

    රැකියාවේ තත්ත්වය සහ ව්‍යාපාරික දියුණුව -

    ආර්ථික අපේක්ෂාව පිළිබඳ 2017 මාර්තු මාසයේ දත්ත විමසා බැලීමේදී පෙනී යන්නේ ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව අඩුවී තිබෙන බවයි.

    තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව පසුගිය ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී වර්ධනය වී තිබුණි. මෙම අපේක්ෂාව 2016 දෙසැම්බර් මාසයේ සිට අඛණ්ඩවම පසුගිය පෙබරවාරි මාසය දක්වා ඉහළ ගැන තිබුණු පසුබිමක මාර්තු මාසයේදී පහළ වැටීම කැපී පෙනෙන තත්ත්වයකි.

    මෙම අපේක්ෂාව පසුගිය නොවැම්බර් මාසයේදී 12% ක මට්ටමක් දක්වා ඉහළ ගිය අතර 2016 දෙසැම්බර් මාසය වනවිටද එය විශාල වෙනසකට බඳුන් නොවී ඒ ආකාරයෙන්ම තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිය.

    පසුගිය පෙබරවාරි මාසයේදී මෙරට උද්ධමනය 8.2% ක් දක්වා වර්ධනය වී තිබුණු අතර එය පසුගිය මාර්තු මාසය වනවිට 8.6% ක් දක්වා තවදුරටත් වර්ධනය වී තිබේ. මේ අතර, 2017 පෙබරවාරි මාසයේදී වෙළඳ ගිණුමේ හිඟය පුළුල්වීම, සංචාරක ඉපැයීම් පහළ යාම, විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණවල මධ්‍යස්ථ වර්ධනය යන කරුණු හේතුවෙන් විදේශීය අංශය පැවතුණේ මන්දගාමී ස්වභාවයකයි. බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ ධාවන පථය අළුත්වැඩියා කිරීම සඳහා ගුවන් තොටුපොළ දිවා කාලයේ වසා තැබීමද සංචාරක ඉපැයීම් පහළ යාමට හේතුවක් වන්නට පුළුවන.

    මේ අතර, 2017 පෙබරවාරි මාසයේදී අපනයන ආදායමද ඇමරිකානු ඩොලර් මිලියන 868 ක් දක්වා 2016 පෙබරවාරි මාසයට සාපේක්ෂව 2.7% කින් පහළ ගොස් තිබේ. මේ අතර, පසුගිය මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණේ මෙරට උද්ධමනය සහ ණය වර්ධනය පහළ නොයන්නේ නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීමට උනන්දු කරන බවයි. මේ හමුවේ, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය මාර්තු මාසයේදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය වැඩි කිරීමට කටයුතු කළ අතර වසරේ මුල් මාස තුන තුළදී කොළඹ කොටස් වෙළඳ පොළේද පසුබෑමක් දකින්නට ලැබුණි.

    ඉදිරි මාස 12 සැලකිල්ලට ගත්කළ තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව 2014 දෙසැම්බර් මාසය වනවිට 15% ක පමණ මට්ටමක තිබී 2015 ජනවාරි වනවිට 40% ක් තරම් ඉහළ මට්ටමක් දක්වා වර්ධනය වී තිබුණි. ඒ සඳහා හේතුවූයේ නව රජය බලයට පත්වන අවස්ථාවේදී ජනතාව තුළ වර්ධනය වූ ඉහළ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව පහත ප්‍රස්ථාරය මගින් තවදුරටත් කරුණු අවබෝධ කර ගත හැකිය.



    2017 මාර්තු මාසයේදී තම රැකියාවේ තත්ත්වය හෝ ව්‍යාපාරය වැඩි දියුණු කර ගැනීම ඇතුළු ජනතාවගේ අනිකුත් ආර්ථික අපේක්ෂාවන් පහළ යාම කෙරෙහි මෙම කාරණා අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇත.

    ඉතිරි කිරීමට තිබෙන හැකියාව

    ඉදිරි මාස 12 ඇතුළත උපයන මුදලින් යම් කිසි ප්‍රමාණයක් ඉතිරි කිරීමට තිබෙන හැකියාව පිළිබඳව තිබෙන අපේක්ෂාව 2017 මාර්තු මාසයේදී තව දුරටත් පහළ බැස තිබේ. මෙම අපේක්ෂාව පසුගිය පෙබරවාරි මාසයේදීද පහළ ගොස් තිබුණි.

    2016 දෙසැම්බර් මාසයට සාපේක්ෂව මෙය 2017 ජනවාරි මාසයේදීද පහළ ගිය අතර උද්ධමනය අඛණ්ඩව වර්ධනය වීම මෙයට හේතුවී ඇතැයි සිතිය හැකිය. (02 වන ප්‍රස්ථාරය බලන්න)



    දූෂණය අඩුවන බලාපොරොත්තු

    වර්තමාන රජය බලයට පත්වන අවස්ථාවේදී රටේ පවතින දූෂණය අඩුවේ යැයි බොහෝ අපේක්ෂා වර්ධනය වූ අතර පසුව එය ක්‍රමයෙන් පහළ ගොස් කෝප් වාර්තාව පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවූ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම බලාපොරොත්තු කැපී පෙනෙන ලෙස අඩුවී තිබුණි.

    2016 දෙසැම්බර් සමීක්ෂණය මගින්ද පෙනුණේ මෙම බලාපොරොත්තුව පහළ ගොස් තිබෙන ආකාරයයි. නමුත්, 2017 ජනවාරි මාසයේදී දූෂණය අඩුවේ යැයි ජනතාව තුළ තිබෙන අපේක්ෂාව යළිත් කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිළිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර ඊට අදාළ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් ජනවාරි මාසයේදී පත් කළේය.

    මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු 2017 පෙබරවාරි මාසයේදීද ඉහළ ගියද පසුගිය මාර්තු මාසයේදී එම බලාපොරොත්තු නැවතත් පහළ ගොස් තිබීම කැපී පෙනේ.



    ආර්ථික අපේක්ෂාව, ආර්ථික නිදහස උදෙසා ශ්‍රී ලංකා පදනම (Foundation for Economic Freedom in Sri Lanka) විසින් සංවර්ධනය කර මැණීම් කටයුතු සිදුකරන අතර දිවයිනම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර සමීක්ෂණ සිදුකරනු ලබන්නේ PepperCube Consultants සමීක්ෂණ ආයතනය විසිනි.