Showing posts with label Sports. Show all posts
Showing posts with label Sports. Show all posts

06 June, 2017

“මාලිංග තවම පරණ මාලිංගම තමයි…”- ඩුප්ලේසි

By: Aththa Withthi On: 6/06/2017 05:40:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පැවති තරඟයේ දී ලසිත් මාලිංග කලකට පසුව ක්‍රිකට් පිටියට පිවිසෙමින් හොඳ පාලනයකින් පන්දු යවන ආකාරය දැකගත හැකි වුවත් ඔහුට කිසිම කඩුල්ලක් ලබා නොදීමට දකුණු අප්‍රිකා පිතිකරුවන් වග බලා ගත්තේය,

    තරඟයෙන් අනතුරුව දකුණු අප්‍රිකා පිතිකරුවෙකු වූ ෆැෆ් ඩු ප්ලේසි ප්‍රකාහ කර තිබුනේ මාලිංග කලකට පසුව පිටියට පැමිණියද ඔහුගේ පන්දුව පාලනය කිරීමේ හැකියාව අදහා ගත නොහැකි බවයි.

    “මාලිංගට තවම පරණ හැකියාවම තියනවා,ඒක වෙනස් වෙලා නෑ.කලින්ට වඩා පන්දුවේ වේගය අඩු වෙලා තියන එක පිතිකරුවන්ට පොඩි සහනයක්,ඔහු වේගය අඩු කරන පන්දුව අදුන ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.ඔහුගේ හෙමින් දාන පන්දුවයි වේගය වැඩි පන්දුවයි අතර තියන වේගයේ පරතරය වැඩි වෙන්න වෙන්න පිතිකරුවන්ට ලේසි නෑ.අනිත් එක ඔහුගේ තියන පන්දුව පාලනය කිරීමේ හැකියාව විශිෂ්ටයි.කොහොම හරි පහුගිය තරඟයේදී මාලිංගට එක කඩුල්ලක් වත් නොදී ඉන්න අපි සමත් වුන එක ලොකු ජයග්‍රහණයක්.’ (cricketlanka)

    05 June, 2017

    තරංගට පැනවූ දඬුවම සාධාරණද..? මෙන්න තරංග කියන කතාව

    By: Aththa Withthi On: 6/05/2017 10:50:00 PM
  • Let's Get Social

  • දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලිය යටතේ පැවති පළමු තරඟය අවසන් වුවද එම තරඟයේ ශ්‍රී ලංකාවට හිමි වුයේ පරාජයක් පමණක් නොවේ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පිතිකරුවා මෙන්ම මෑත කාලයේ හොදින් ලකුණු අතර සිටින උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක තහනමක් පැනවීමට තීරණය වීම නිසා දැඩි අවාසියක් සිදුවිය.

    තරංග දකුණු අප්‍රිකාව සමඟ තරඟය නායකයා ලෙස කටයුතු කල අතර අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ නීති රීති අනුව එක්දින ඉනිමක් නිමා කිරීමට ලැබී තිබෙන සම්මත කාලය වන්නේ විනාඩි 210කි.නමුත් දකුණු අප්‍රිකා ඉනිම නිමා වුයේ පැය 4කුත් විනාඩි 07 ගතවූ පසුවය. එනම් විනාඩි 247 ක කාලයක් තරංග තම පන්දු යවන්නන් දකුණු අප්‍රිකා පිතිකරුවන් පාලනයට යොදාගෙන තිබුණි.

    තරංගට මෙම දඬුවම පැනවීමෙන් පසුව ඇතැම් මත පළකර තිබුනේ මෙය ICC ය ඉන්දියාවට වාසි සහගත ලෙස ගත් තීරණයක් ලෙසිනි.

    නමුත් තරංගට පැනවූ දඬුවම ගැන අදහස් දක්වා තිබුනේ තමන්ගේ වරද ගැන විනිසුරුවන් විසින් දැනුවත් කිරීම් කලද තමන්ට එය නිවැරදි කර ගැනීමට නොහැකි වූ බවයි.

    “අපි පන්දු යවද්දී ඊයේ පන්දුවාර දෙකක් අතරේ ගත්ත කාලය වැඩියි. මට මේ ගැන විනිසුරුවෝ පන්දු වාර 10ක් ඉවර වෙද්දී කිව්වා අපි ඉන්නේ පන්දුවාර දෙකක් පස්සෙන් කියල, ඒ වෙලාවේ අපි ඒ ගැන ඒ තරම් හිතුවේ නෑ. ඊට පස්සේ නැවතත් විනිසුරුවන් මට අවවාද කළා පන්දු වාර 40 අවසන් වුනාට පස්සේ.

    ඒ වෙලාවේ කිව්වේ අපි ඒ වෙලාව වෙද්දී යවන්න ඕන පන්දු වාර ප්‍රමාණයට වැඩිය පන්දුවාර 3ක් අඩුවෙන් ඉන්නේ කියල. හැබැයි ඒ වෙලාව වෙද්දී අපි වරද හදා ගන්න ප්‍රමාද වැඩියි. මොකද සාමාන්‍යයෙන් අන්තිම පන්දුවාර 10 දාන්න කොහොමත් වැඩි වෙලාවක් යනවා. එකත් එක්ක ඉනිමේ මුලදී වුන වරද නිවැරදි කර ගන්න අපිට බැරි වුනා.”

    මීළඟ තරඟ සදහා ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති අතර ඔහු සහභාගී නොවන්නේ නම් නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් නිවේදනය කර නැත. (cricketlanka)

    ආනන්ද වෙඩිසිංහගේ මරණය ගැන පුත් කෙන් වෙඩිසිංහගෙන් සංවේදී කතාවක්! (Video)

    By: Aththa Withthi On: 6/05/2017 03:14:00 PM
  • Let's Get Social

  • ආනන්ද වෙඩිසිංහගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පුතා විසින් ඊයේ (4) සිරස නාළිකාවේ Sports 1st වැඩසටහනට සහභාගී වී සංවේදී කතාවක් කළා.

    තමන්ගේ පියා දැන් මොලොවින් සමුගෙන ඇති බවත් තරඟයේ සංවිධායකයින් විසින් තවත් ඥාතීන් ඇතුළු පිරිසට බොරු නොකියා මේ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු පවසා සිටිනවා.

    එමෙන්ම තමන් ලංකාවට පැමිණ පියා ලෙසින්ම තරඟයන් වලට සහභාගී වී ඔහුගේ නාමය ඉදිරියට ගෙනයන බවත් කෙන් වෙඩිසිංහ වැඩිදුරටත් පවසා සිටිනවා..

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි…..

    04 June, 2017

    සනත්ගේ වසර 19 කට පෙර දක්ෂ කමක් නැවතත් කරළියට

    By: Aththa Withthi On: 6/04/2017 05:55:00 AM
  • Let's Get Social

  • සනත් ජයසුරිය යනු ක්‍රිකට් ලෝකයේ සදා කාලිකව තම නම සටහන් කර ගත් සුපිරි තරුවකි.සනත් ගැන නැවතත් වැඩි වැඩියෙන් කතා කරන කාලයකදී සනත් ටෙස්ට් පිතිකරුවකු ලෙස ශ්‍රී ලංකාවට ඉතිහාස ගත ජයක් ලබාදුන් තරඟයක් පිළිබඳව අද වැඩි පුර කතා බහට ලක්වේ.

    සනත් ගේ දක්ෂතා මුරලිගේ සුපිරි පන්දු යැවීමෙන් යටපත්වූ එම තරඟය වාර්තා වන්නේ ශ්‍රී ලංකාව එංගලන්තයේදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසිනි.මෙම ජයග්‍රහණය ලබා දුන් ඕවල් පිටිය අද දිනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟය පැවත්වෙන ක්‍රීඩාංගනය වන නිසා එදා ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව ලැබූ ගෞරවය අද ඕවල් පිටියේ රැක ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීමක් වී තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ලබා ගැනීමෙන් පසුවද එංගලන්තය අපට ලබා දුන්නේ එක ටෙස්ට් තරඟයක් පමණි.එංගලන්තයේ මෙම මහන්තත්වයට දක්ෂතා වලින් පිළිතුරුදීමට සිතාගත් අර්ජුන ප්‍රමුඛ කණ්ඩායම 1998 ඕවල් ටෙස්ට් තරඟයට මුහුණ දුන්නේ කෙසේ හෝ තරඟය ජයගැනීමේ අරමුණ සහිතවය.

    තරඟයට පෙර අර්ජුන අර්ජුන දැඩි තරහකින් සිටි බව අර්ජුන cricbuzz.com සමඟ පැවති සාකච්චාවකදී පවසා ඇත.

    “මම හිතුව ලෝක කුසලානය දිනුවට පස්සේ වත් එංගලන්තය අපිට එක ටෙස්ට් තරඟයක් දෙන එක වෙනස් කරයි කියල,හැබැයි 98 දීත් අපිට එයාල දුන්නේ එක ටෙස්ට් තරඟයක් විතරයි.මම ඒ ගැන ගොඩක් තරහෙන් හිටියේ ,අපි තරඟයට කලින් තිබුන කණ්ඩායම් හමුවේදී කතා කරගත්ත කොහොම හරි ටෙස්ට් තරඟය දිනන්න.මම දැනගෙන හිටිය කොහොම හරි පලවෙනි ඉනිමේ හොදට කලොත් ඒ තණතිල්ලේ මුරලිගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියල.”

    තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල එංගලන්තය ග්‍රැහැම් හික්ගේ ශතකය සහ ජෝන් ක්‍රව්ලි ගේ ශතක සමඟ ලකුනු445 ලබාගත් අතර මුරලි කඩුලු පහක්ම දවා ගැනීමට සමත් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව සනත් ජයසුරිය ලබාගත් ද්විත්ව ශතකය සහ අරවින්ද ලබාගත් ලකුණු 150 සමඟ ලකුණු 591 රැස් කිරීමට සමත් විය.

    ලකුණු 141 පිටුපසින් සිට තම දෙවන ඉනිම ඇරඹු එංගලන්තය දෙවන ඉනිමට ලබාගත්තේ ලකුණු 181 පමණි.එංගලන්තයේ දැවී ගිය කඩුලු 10 න් 9ක් ම මුරලි සතු වූ අතර ඉතිරි කඩුල්ල උපුල් චන්දන පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කර ලබාගත් දුවද්දී දැවී යමක් ලෙස සටහන් විය.

    ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 36 සනත් කළු යුගලය ලබා ගත්තේ පන්දු වාර හතරක් පමණක් වැයකරමිනි.ඒ ඉනිමේ සනත් ජයසුරිය විසින් අන්ගුස් ෆ්රේසර් ට පොයින්ට් කලාපයට ඉහලින් ගුවනේ සිට එල්ල කල හයේ පහර තවමත් ක්‍රිකට් ලෝලීනට අමතක නැතුවාට සැකයක් නැත.

    තරඟයේ අවසානයේ පැවති මාද්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක රණතුංග ගෙන් මාද්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රී ලංකාව මෙතරම් දක්ශතා දක්වද්දීත් එංගලන්තය එක ටෙස්ට් තරඟයක් පමණක් ලබාදීමේ හේතුව කුමක් විය හැකිද යන්නයි.ඒ ප්‍රශ්නයට අර්ජුනගේ පිළිතුර වුයේ,

    “අපිට තරඟ තුනක් දුන්නොත් තරඟ තුනම ජයගෙන එංගලන්තයට අවමානයක් ඇති කරනු ඇතැයි බියෙන් එක තරඟයක් පමණක් ලබා දී එම තරඟය පැරදීඅවමානය අඩු කර ගන්නා බවයි.”

    එදා ඒ අයුරින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ ගෞරවය වෙනුවෙන් කැපවී ඇති කරගත් ක්‍රිකට් ලෝකයේ ශ්‍රී ලංකාව යන නම රැක ගැනීමට අද දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න අද අපට බලාගත හැකි වනු ඇත. (cricketlanka)

    03 June, 2017

    “අන්තිම තරඟ දිනුව කියල ලංකාව ලේසියට ගන්න බෑ..’ JP ඩුමිනි

    By: Aththa Withthi On: 6/03/2017 05:55:00 AM
  • Let's Get Social

  • චැම්පියන්ස් කුසලාන තරඟාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරඟයට අද (03) දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් ඕවල් ක්‍රීඩාංගනයෙදී මුහුණ දීමට නියමිතය.

    දකුණු අප්‍රිකා කණ්ඩායම් සමඟ අවසන් වරට සහභාගී වූ එක්දින තරඟාවලිය 5-0 ලෙසින් ජයගත්තද ශ්‍රී ලංකා කණ්ඩායම විශ්වාස කල නොහැකි කණ්ඩායමක් බව දකුණු අප්‍රිකා ක්‍රීඩක jp ඩුමිනි පවසයි.

    “අපි ලංකාව එක්ක මාස දෙකකට කලින් හොඳ තරඟාවලියක් අවසන් කළා තමයි,හැබැයි දැන් ඒවා අතීතයට අයිති දේවල.දැන් කණ්ඩායම් දෙකම මේ තරඟාවලියට ඇවිත් තියෙන්නේ අලුත් මුහුණු වරකින්.මේ තරඟාවලියේ හැම තරඟයක්ම ගොඩක් තීරණාත්මක තරග ,පැරදුනොත් ගොඩ ඒමක් නෑ.ඒ නිසා දවසේ හොදට සෙල්ලම් කරන අයට දිනන්න පුළුවන්”

    “තරඟාවලියට කලින් දින දහය අපිට ගොඩක් ප්‍රයෝජනවත් වුනා,එංගලන්තය එක්ක තරඟාවලිය පැරදුනත් අපේ මොනවද අඩු පාඩු කියල එතැනදී අපි හදුනා ගත්තා.”

    කෙසේ වෙතත් තරඟාවලිය ජයගැනීමේ වැඩිම සමභාවිතාවක් ඇති කණ්ඩායමක් ලෙස විචාරකයන් හදුන්වන දකුණු අප්‍රිකා කණ්ඩායම ප්‍රදාන තරඟාවලි වලදී දක්වන පසුබෑම දකුණු අප්‍රිකාවට මානසිකව අහිතකර බලපෑමක් සිදු කල හැකි අතර තරඟාවලිය ජයග්‍රහණය කරන බවට විචාරකයන් අපේක්ෂා නොකරන ප්‍රදාන තරඟාවලි වලදී පෙරලි කිරීමට සැමදා නම් දරා සිටින ශ්‍රී ලංකාව අතර තරඟය සැබවින්ම තියුණු තරඟයක් වීමේ වැඩි ඉඩකඩක් පවතී. (cricketlanka)

    02 June, 2017

    නම කැත කරගත් කොදෙව්වෝ, ජොනීගේ අදහසක් අනුව නමත් වෙනස් කරගනී

    By: Aththa Withthi On: 6/02/2017 11:02:00 PM
  • Let's Get Social

  • කොදෙව් ක්‍රිකට් නාමය ක්‍රිකට් ක්‍රීඩාවෙන් කිසිදා ඉවත්කළ නොහැකි ආකාරයෙන් සුවිශේෂී තැනක් තබන්නට 90 දශකය දක්වා කොදෙව් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන් සමත් වුවද වත්මන් ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකයන් ගේ ක්‍රියාකලාපය නිසා කොදෙව් නාමය ක්‍රිකට් ලෝකයේ හුදකලා වී ඇත.

    ලෝක කුසලාන ආරම්බයේ තරඟාවලි දෙකම ජයගත් කොදෙව් කණ්ඩායම මෙවර ICC චැම්පියන්ස් කුසලානයට පවා සුදුසුකම් ලැබුවේ නැත. එවැනි තත්වයකට පත්වීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලැබූ කොදෙව් ආදිපත්‍යට දැඩි කැළලකි.

    කොදෙව් නම කැත කර ගැනීමට අපුරු හේතුවක් සොයාගත් කොදෙව් ක්‍රිකට් බලධාරීන් ඒ සදහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ යෝජනාව නම් කැත කරගත් නම වෙනස් කර වෙනත් නමක් භාවිත කිරීමටය.

    ඒ අනුව මෙතෙක් කොදෙව්වන් හැදින්වූ “The West Indies Cricket Board” යන නාමය ඉවත් කර පසුගිය බදාදා සිට “Cricket West Indies” ලෙස හදුන්වන බවට අලුතෙන් පත්වූ කොදෙව් ක්‍රිකට් ප්‍රදාන විදායක ජොනී ග්රෙව් මහතා පවසයි.

    මෙම නම වෙනස් කිරීමෙන් නොනැවතී 2018-2023 කාලය සදහා කොදෙව් ක්‍රිකට් නැංවීමට තමන් සතුව යෝග්‍ය වැඩපිළිවලක් ඇතැයිද ජොනී මහතා පවසා ඇත. (cricketlanka)

    සනත්ගේ තනතුර අනතුරේ

    By: Aththa Withthi On: 6/02/2017 05:55:00 AM
  • Let's Get Social


  • තේරීම් කමිටු සභාපතිවරයා ලෙස සනත් ජයසුරියගේ තනතුර තවදුරටත් දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුදානම් වන බව වාර්තාවේ.

    මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෑතකදී සමාජ වෙබ් අඩවි හරහා ආන්දෝලනත්මකව සංසරණය වූ සනත් ජයසුරිය හා සම්බන්ධයයි සැකකෙරෙන ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝ දර්ශන පෙළකි.

    එංගලන්තයේ පැවැත්වෙන ශුරයන්ගේ කුසලාන තරගාවලියෙන් අනතුරුව සනත් ජයසුරිය එම තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝදුරට ඉඩ ඇති අතර එසේ නොවුනහොත් ඔහුගේ කාල සීමාව දීර්ඝ නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇත.

    අන්තර්ජාලයට මුදාහැර ඇති සනත් ජයසුරිය සේ දිස්වන පුද්ගලයකු කාන්තාවක් සමග සමීප අයුරින් හැසිරෙන වීඩියෝ පටයක් අර්බුදයට හේතුවී ඇතැයි විශ්වාස කෙරේ.

    “මෙම සිදුවීම විශාල අපකීර්තියක්. අපට ඔහු තවදුරටත් තේරීම් කමිටු සභාපති තනතුරේ තියන්න බැහැ. ඔහු ක්‍රීඩාව සහ ජාතිය අපකිරිතියකට ලක් කළා” මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහල පෙලේ නිලධාරියෙක් ඉන්දියාවේ “ඩෙකෑන් ක්‍රෝනිකල් ” පුවත් වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත.

    ” අපි ඔහුව චැම්පියන්ස් කුසලානය සඳහා එංගලන්තයට ඇරියේ නැහැ. ක්‍රිකට් ආයතනයේ මුදලින් අපි ඔහු යවන්නේ නැහැ ” යනුවෙන්ද අදාල නිලධාරියා ප්‍රකාශ කර තිබේ.

    කෙසේවෙතත් අදාල වීඩියෝවේ නිරවද්‍යභාවය මෙතෙක් සනාථවී නැත. (cricketlanka)

    01 June, 2017

    කෝලි - කුම්බ්ලේ ගැටුමෙන් චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාව අර්බුදයක

    By: Aththa Withthi On: 6/01/2017 10:35:00 PM
  • Let's Get Social


  • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම චැම්පියන්ස් කුසලාන ගමන ආරම්භ කලේ අර්බුද ගණනාවක් මැද අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය.

    කෙසේ නමුත් චැම්පියන්ස් කුසලානය ආරම්භ වන මොහොත වන විටත් ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් උපරිමයට පත්ව ඇති බව වාර්තා වේ.මීට ප්‍රදාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවද සැලවේ.

    අනිල් කුම්බ්ලේ පනවන දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා පලවන අතර කෝලි ,දෝනි වැනි ඉහල ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් පාසලක විදුහල් පති වරයෙකු සිසූන් පාලනය කරන ලෙසින් කුම්බ්ලේ පාලනය කිරීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබෙන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් කුම්බ්ලේ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නායක කෝලි පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයේ හේතුව එක පුද්ගලයකු නිසා සිදු නොවන බවත් එය සමස්ත කණ්ඩායමේම කැපවීම නිසා ලබාගත් දෙයක් බවත්ය.

    චැම්පියන්ස් කුසලානයේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස හැදින්විය හැකි ඉන්දියාව මෙම අර්බුද සමග චැම්පියන්ස් කුසලානය රැක ගැනීමට කෙසේ ක්‍රීඩා කරනු ඇත්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත. (cricketlanka)

    මැතිව්ස්ට අනිද්දා තරඟය අහිමිවෙයි! නායකත්වය තරංගට - හේතුව මෙන්න

    By: Aththa Withthi On: 6/01/2017 11:30:00 AM
  • Let's Get Social


  • නායක ඇන්ජලෝ මැතිව්ස්ට් ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරඟය අහිමි වනු ඇති බව වාර්තා වනවා.

    ඒ අනුව ඔහුට අනිද්දා (03) දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරඟය අහිමිවනු ඇතියි.

    මීට හේතුව පාදයේ ඇතිවූ ආබාධයක් බවයි වාර්තාවන්නේ.

    ඒ අනුව ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම බොහෝ දුරට උපුල් තරංගට හිමිවනු ඇතියි.

    තරඟාවලිය ආරම්භ වීමට පෙර පැවති ඇතැම් පුහුණු තරඟ වලදී තරංග කණ්ඩායම මෙහෙය වූ අතර නවසීළන්තය හා පැවති පුහුණු තරඟයේදී ඔහු ශතකයක් රැස් කිරීමටද සමත් වුණා.

    රටවල් අටක සහභාගීත්වයෙන් එංගලන්තයේදී පැවැත්වෙන අට වැනි චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය අද (01 දා) එංගලන්තය සහ බංග්ලාදේශය අතර තරගයෙන් ආරම්භ වේ.

    මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 2.45 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතය.



    (nethgossip)

    බ්‍රැඩ්මන්ගේ වාර්තාව පෙනී පෙනී සංගා දැවී යයි

    By: Aththa Withthi On: 6/01/2017 05:55:00 AM
  • Let's Get Social

  • පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලදී එංගලන්තයේ සරේ කණ්‌ඩායම නියෝජනය කරමින් පිට පිටම ශතක හයක්‌ වාර්තා කරමින් ලෝක වාර්තාවක්‌ සම කිරීමේ අසලටම පැමිණ සිටි කුමාර් සංගක්‌කාර එසෙක්‌ස්‌ කණ්‌ඩායම සමග පැවැති තරගයේදී ලකුණු 84 කට දැවී ගියේය.

    පිට පිටම ඉනිම පහකදී ශතක වාර්තා කරගත් සංගක්‌කාර මෙම තරගයේ පළමු ඉනිමේදී ද්විත්ව ශතකයක්‌ වාර්තා කිරීමට සමත් විය. සංගක්‌කාර තවත් ලකුණු 16 ක්‌ ලබා ගනිමින් පිට පිටම හයවැනි ශතකය වාර්තා කිරීමට සමත් වූවේ නම් ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සමග එම වාර්තාවේ සම හිමිකරුවා වීමට අවස්‌ථාව තිබුණි. මෙතෙක්‌ ලොව පළමු පෙළ තරගවලදී පිට පිටම ඉනිම හයකදී ශතක වාර්තා කළ ඇත්තේ බ්‍රැඩ්මන් සමග තවත් පිතිකරුවන් දෙදෙනකු පමණි.

    මෙම තරගවාරයෙන් පසුව පළමු පෙළ ක්‍රිකට්‌ තරගවලට සමුදීමට තීරණය කර ඇති සංගක්‌කාර මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට්‌ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්ව තිබේ. අදාළ ශතක පෙළහරේදී සංගක්‌කාර පිළිවෙලින් 136, 105, 114, 120 සහ 200 වශයෙන් ලබා ගැනීමට සමත්විය. (divaina)

    31 May, 2017

    ICC ශුරයන්ගේ කුසලානයට සටන් වදින ක්‍රීඩකයන්ගේ හැඩ වැඩ එළියට (Photos)

    By: Aththa Withthi On: 5/31/2017 01:58:00 PM
  • Let's Get Social


  • පිටියේ කතා - ශූරයින්ගේ කුසලානය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට හැකි වෙයි ද?

    By: Aththa Withthi On: 5/31/2017 05:55:00 AM
  • Let's Get Social


  • ශූරයින්ගේ කුසලානය පිළිබඳව කෝසල සුරේෂ්චන්ද්‍ර සහ මලින්ද වර්ණපුර දරණ මතයන් මෙවර පිටියේ කතා තුලින්.


    (thepapare)

    30 May, 2017

    “ගතින් නැතත් සිතින් අප ඔබ සමඟයි….” - ඇන්ජලෝ මැතිව්ස්

    By: Aththa Withthi On: 5/30/2017 05:55:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමේ අරමුණින් එංගලන්තයට පිටව ගොස් දැන් සතියක පමණ කාලයක් ගතවී තිබේ.ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන ඒමේ අරමුණින් මව්බිමෙන් ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ද මේ දිනවල ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ මුහුණ දෙන ගංවතුර උවදුර පිලිබදව තම කණගාටුව ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගිය දා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තම මව් බිමට සිදුවූ විපත පිළිබඳව ප්‍රකාශ කර තිබුණි.

    “මව් බිමට පැමිණි උවදුර ගැන අපේ බලවත් කණගාටුව වගේම දුක විපතට පත් අපේ සහෝදර සහෝදරියන් එක්ක බෙදා ගන්න ලංකාවේ අපිට ඉන්න බැරි වුන එක ගැන දුකයි.අපේ හැම ක්‍රීඩකම ගොඩක් කම්පනයකින් ඉන්නේ මේ සිදුවීම ගැන.අපිට ඔයාලගේ ලග ඉන්න බැරි උනත් අපේ හදවත් හැමදාම ඔබ සමඟයි.” (cricketlanka)

    29 May, 2017

    සංගාට බය නැතැයි කී එසෙක්ස් වේගපන්දු යවන්නාට සංගාගෙන් පිළිතුරු

    By: Aththa Withthi On: 5/29/2017 10:00:00 PM
  • Let's Get Social

  • මෙවර එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලියේ වඩාත් සාර්ථකම සහ විශ්වාසදායීම පිතිකරු බවට පත්ව සිටින කුමාර සංගක්කාර තමන් අවසන් වරට සහභාගී වූ තරඟ 5 තුලදීම ශතක ලබාගැනීමට සමත්වී සිටීම සුවිශේෂ සිද්දියකි.

    සංගා අවසන් වරට සහභාගී වූ එසෙක්ස් ප්‍රාන්තය සමඟ තරඟයේදී ඔහු ද්විත ශතකයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරඟයට පෙර සංගා ගැන ප්‍රකාශයක් කල එසෙක්ස් ප්‍රදානම වේගපන්දු යවන්නා වන ජෙමි පොටර් ප්‍රකාශ කර තිබුනේ සංගා දවා ගැනීම තමාට එතරම් අපහසු නොවනු ඇති බවයි.

    “සංගක්කාර කියන්නේ හොඳ ක්‍රීඩකයෙක් තමයි,හැබැයි එහෙම කියල නමට බයවෙලා පන්දු යවන්න බෑ,එහෙම වුනොත් ලෙසිවෙන්නේ නෑ.සංගක්කාර කියන්නෙත් තවත් එක ක්‍රීඩකයෙක්,අපි එක ක්‍රීඩකයෙක් ගැන වැඩිය හිතුවොත් අපිට ඉතුරු ක්‍රීඩකයෝ 10 දෙනාම අත හැරෙනවා.”

    “මම දන්නවා එයා දවාගන්න පන්දු යවන්න ඕන තැන.එකම ඉලක්කයකට දිගටම පන්දුව පතිත කලොත් සංගක්කාරට ලේසි වෙන්නේ නෑ.මම මේ තරඟාවලියේ හොඳට කරලා තියනවා ඒ නිසා මට ඔහුව දවා ගන්න පුළුවන් වෙයි.”

    මෙම වේගපන්දු යවන්නාගේ ප්‍රකාශයට සංගා වචනයෙන් කිසිවක් ප්‍රකාශ කලේ නැත.ඔහු එයට පිළිතුරු දුන්නේ ශතකයක් නොව ද්විත්ව ශතකයක් එසෙක්ස් කණ්ඩායමට එරෙහිව ලබා ගනිමිනි. (cricketlanka)

    28 May, 2017

    ආසියානු රග්බි තරගාවලිය

    By: Aththa Withthi On: 5/28/2017 05:55:00 AM
  • Let's Get Social

  • ඔමල්ක ගුණරත්නගෙන් මැලේසියාවේදී විශිෂ්ට දස්කම්.

    ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩාව තවදුරටත් ආසියානුව තුළ දෙවැනි කොටසේ හෝ රැදී සිටීමට නම් ඔමල්ක ගුණරත්න වැනි ක‍්‍රීඩකයන් වැඩි වැඩියෙන් නිර්මාණය කළ යුතුව තිබෙන බව මැලේසියාවේ ඉපෝහිදී අවසන් වූ ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ තරග නැරඹීමෙන් පැහැදිලි විය.

    එම තරගාවලියට සහභාගි වූ මැලේසියාව, පිලිපීනය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය යන කණ්ඩයම් තුනටම මදි නොකියන්නට විදේශීය ක‍්‍රීඩකයෝ ඇතුළත්ව සිටියහ. ශූරයන් වූ මැලේසියානු පිලට ෆිජී ජාතික ක‍්‍රීඩකයෝ 7 ක් පමණ ඇතුළත්ව සිටියහ. පිලිපීන පිල කළු ජාතිකයන් සහ සුදු ජාතික විදේශ ක‍්‍රීඩකයන් ද, එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල සම්පූර්ණයෙන්ම සුදු ජාතික විදේශ ක‍්‍රීඩකයන්ගෙන් ද, සමන්විත විය.

    ශ්‍රී ලංකාව පමණක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් සමන්විතව සහභාගි වූ අතර ශ්‍රී ලංකා ජවය කොපමණද කිවහොත් අවසන් මහ තරගයේදී මැලේසියානු පිලට මිනිත්තු 60 ක් පමණ ලකුණු රුස්කිරීම වැළැක්වීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
     
    මැලේසියානු පිල දෙවැනි අර්ධයේදී ඔවුන්ගේ තරග සැළැස්ම වෙනස් කරමින් පන්දු රැගෙන දුවනවා වෙනුවට ඉදිරි පෙළ ක‍්‍රීඩකයන් පන්දුව මීටර් කිහිපය බැගින් ගෙන ගොස් ගෝල සීමාවට ළංවීමට උත්සුක වූහ. එම සැලසුම සාර්ථක වෙමින් ලැබූ උත්සාහක දිනුම් දෙකෙන් මැලේසියාවට ජයග‍්‍රහණය හිමිවිය.

    ශ්‍රී ලංකා පිල තුළ වේගය සහ ශක්තිය අවශ්‍ය පමණ තිබූ අතර සෙන්ටර් ක‍්‍රීඩක ධනුෂ්ක රංජන් ආබාධයකට ලක්වීමෙන් අවසන් මහ තරගයට සහභාගි නොවීමද දැඩි පාඩුවක් බවට පත්වූ බව කිවයුතුය.

    අංක 8 ක‍්‍රීඩක ඔමල්ක ගුණරත්න, සියලුම තරගවල දැවැන්ත ක‍්‍රීඩකකයන් සමඟ කරට කර ක‍්‍රීඩා කළ ආකාරය ප‍්‍රශංසනීය බව කිවයුතුය. මැලේසියානු තරගයේදී ඔමල්ක, දැවැන්ත කළු ජාතික ක‍්‍රීඩකයන් තිදෙනකු සමඟ පවා පොරබදන ආකාරය දැකගත හැකිවිය.

    මැලේසියාවට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකාව සැබවින්ම දකුණු ශාන්තිකර කලාපයට එරෙහිව එසේත් නැත්නම් ෆිජී ජාතිකයන්ට එරෙහිව ක‍්‍රීඩා කළ බව කිවහොත් එහි වරදක් නැත. තරගාවලියෙන් පසුව නායක රොෂාන් වීරරත්න පැවසුවේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ වර්තමාන වැඩපිළිවෙළ ඉදිරියට ගියහොත් ශ්‍රී ලංකා රග්බි ක‍්‍රීඩාව තවදුරටත් දියුණු වන බවයි.

    ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පැවසුවේ රාජ්‍ය අනුග‍්‍රහය ලැබෙන්නේ නම් තම සංගමයේ දීර්ඝකාලීන වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ හැකි බවයි. ක‍්‍රිකට් හැරුණු විට ශ්‍රී ලංකා ලෝක ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන්ම සිටින ක‍්‍රීඩාව රග්බි වන අතර එම ක‍්‍රීඩාව තවදුරටත් රුක ගැනීමේ වගකීම රට කරවන්නන් සතු බව අමුතුවෙන් කිවයුතු නැත.

     යොහාන් භාසුර, මැලේසියානු සංචාරයෙන් පසු.. (deshaya)

    27 May, 2017

    ෆයර්බෑන්ක්ස් උඩින් පාත්වීම අර්බුදයක් වෙයි

    By: Aththa Withthi On: 5/27/2017 05:59:00 PM
  • Let's Get Social

  • ශ්‍රී ලංකාව සහභාගි වන ප්‍රධානතම ජාත්‍යන්තර ටෙනිස් තරගාවලිය වන ඬේවිස් කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා පැවැත්වෙන තේරීම් තරගාවලියට ශ්‍රේණිගත ලයිස්තුවට ඇතුළත් නොවන ක්‍රීඩකයකුද ඇතුළත් වීම නිසා ටෙනිස් ක්ෂේත්‍රය් අර්බුදයක් හටගෙන තිබේ.

    ටෙනිස් තේරීම් කමිටුව විසින් හදිසියේම තේරීම් තරගාවලියට කැඳවනු ලැබ ඇති බව කියන ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ශ්‍රී ලංකාවේ උපත ලද අයකු වූවත් ඔහු විදෙස් රටක වාසය කරන අතරම ශ්‍රී ලංකාවේ තරග වලට සහභාගි නොවන අයකු බවද වාර්තා වේ.

    ගෙවී ගිය වසර කිහිපය තුළදී දිවයිනේ කිසිදු ටෙනිස් තරගාවලියක් සඳහා ඔහු සහභාගි වී නොමැති බැවින් එකවරම ඔහුව තේරීම් තරගාවලියේ අවසන් වටයට කැඳවීම සම්බන්ධයෙන් මේ වන විටත් විවිධ පාර්ශවයන්ගෙන් තේරීම් කමිටුවට චෝදනා එල්ල වී තිබේ.

    ඬේවිස් කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් සිවුදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගිවීමට නියමිතය. අතර හර්ෂණ ගොඩමාන්න, ශාමල් දිසානායක සහ යසිත ද සිල්වා මේ වන විට ඍජුවම කණ්ඩායමට ඇතුළත්ව සිටිති. සිවුවැනි ක්‍රීඩකයා තෝරා ගැනීම සඳහා තේරීම් තරගාවලිය පැවැත්වේ. මෙම තනි ස්ථානයට ක්‍රීඩකයකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන තේරීම් තරගයට ක්‍රීඩකයෝ 9 දෙනෙක් තරග වදිති.

    පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම ක්‍රීඩකයා ලෙස කටයුතු කළ හර්ෂණ ගොඩමාන්න, මෙවරද කණ්ඩායමට කැඳවා ඇති අතර කැනඩාවේ වෙසෙන ඔහු ඬේවිස් කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන් සමග පුහුණුවීම් වල නිරත වීම සඳහා ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    ඉකුත් වසරේ පැවැති ජාතික ටෙනිස් ශූරතාවලියේදී පිරිමි කේවල ශූරතාව දිනාගැනීම නිසා ශාමල් දිසානායකටද, අවසන් වරට පැවැති එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේදී ත්‍රිත්ව ශූරතා (පිරිමි කේවල, පිරිමි යුගල, සහ මිශ්‍ර යුගල) දිනාගැනීම නිසා යසිත ද සිල්වාටද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන දෙකක් වෙන්කර දීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

    ඉකුත් වසරේ ජාතික ශූරතාව දිනාගැනීමෙන් අනතුරුව ශාමල් දිසානායක කිසිදු දේශීය ටෙනිස් තරගාවලියකට සහභාගි වී නොමැති අතර මෑතකදී සහභාගි වූ එස්. එස්. සී. විවෘත ටෙනිස් තරගාවලියේදීද ඔහුට අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත්වීමට සිදුවිය.

    අදියර 3 කින් සමන්විත එම තේරීම් තරගාවලියේ පළමු අදියර සඳහා ක්‍රීඩකයෝ සිවුදෙනෙක්ද (දුමිදු දිලුම්, අනීෂ් වීරසිංහ, නෙනුක ජයතිලක සහ අවින්ද්‍ර පෙරේරා), දෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් තිදෙනෙක්ද (ප්‍රසන්න අතාවුද, මදූෂ විජේසූරිය, චෙස්කා රාකොටොන්ද්‍රම්බේ), තෙවැනි අදියර සඳහා ක්‍රීඩකයන් දෙදෙනෙක්ද (නිෂාංගන් නඩරාජා සහ ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්) නම් කර තිබිණ.

    පළමු අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා දෙවැනි අදියරටත්, දෙවැනි අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා තෙවැනි අදියරටත් සුදුසුකම් ලබාගන්නා ලෙස තේරීම් තරගාවලියේ තරග අනු පිළිවෙල සකස් කර තිබිණ. අනතුරුව තෙවැනි අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගන්නා ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් සාමාජිකයා ලෙස නම් කිරීමටද තේරීම් කමිටුවේ ක්‍රමවේදයයි.

    ඒ අනුව පළමු අදියරේදී වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගත් ක්‍රීඩකයා ලෙස අවින්ද්‍ර පෙරේරා දෙවැනි අදියරට සුදුසුකම් ලබාගත් අතර දෙවැනි අදියරේදීද වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගනිමින් ඔහු තෙවැනි අදියර සඳහා සුදුසුකම් ලබාගත්තේ වැඩි දෙනාගේ අවධානයද දිනාගනිමිනි.

    එහෙත් මුල් අදියර දෙකේදීම වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කරගනිමින් තෙවැනි අදියරට සුදුසුකම් ලබාගත් අවින්ද්‍රට, එම අදියරේදී නිෂාංගන් නඩරාජාට එරෙහිව මෙන්ම ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස්ට එරෙහිවද තරග වැදීමට සිදුව තිබේ.

    යම් හෙයකින් තෙවැනි අදියරේදී අවින්ද්‍ර පෙරේරා සහ නිෂාංගන් නඩරාජා පරජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිවුවැනි ක්‍රීඩකයා බවට පත්වීමට ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් සමත් වුවහොත් එය දේශීය ටෙනිස් තරගාවලි සඳහා සහභාගි වන සෙසු ක්‍රීඩකයන්ට කෙරෙන අසාධාරණයකි. ඇලෙක්ස් ෆයර්බෑන්ක්ස් ජාතික ටෙනිස් ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවට ඇතුළත් නොවන අතර අවින්ද්‍ර පෙරේරා මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානයේද, නිෂාංගන් නඩරාජා එහි 5 වැනි ස්ථානයේ පසුවෙති.

    ශානුක අරවින්ද (kelimandala)

    දකුණු අප්‍රිකා තරගයට මාලිංග නෑ

    By: Aththa Withthi On: 5/27/2017 04:56:00 PM
  • Let's Get Social

  • එංගලන්තයේදී බ‍්‍රහස්පතින්දා (01) ආරම්භ වන අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල සහභාගි වන පළමු තරගය ලබන සෙනසුරාදා (ජූනි 03) දකුණු අප‍්‍රිකාවට එරෙහිව ලන්ඩන්හි කිංග්ස්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

    අයි.පී.එල්. තරගාවලියට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පසුගිය බදාදා ලන්ඩන් නුවරදී සංචිතයට එකතු වූ අතර මාලිංග පළමු වටයේ තරගවලට සහභාගිවීම මෙම සටහන තබන මොහොත දක්වා අවිනිශ්චිතව තිබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසුවේ මාලිංග බොහෝ විට කණ්ඩායමේ අවශ්‍යතාව මත ක‍්‍රීඩා කරනු ඇති බවයි.

    ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයේ සියලුම ක‍්‍රීඩකයන් හොඳ ශාරීරික යෝග්‍යතාවෙන් පසු වන බව එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. සංචිතය නම් කරන විට චාමර කපුගෙදර සහ නුවන් කුලසේකර මස්පිඬු පෙරළීමේ ආබාධයකට ලක්ව සිටියද මේ වනවිට එම දෙපළ සම්පූර්ණ සුවය ලබා සිටින බව වාර්තා වේ.

    ශ‍්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය සිකුරාදාද, නවසීලන්තයට එරෙහිව ලබන අඟහරුවාදා ද, ශූරයන් කුසලාන තරගාවලියේ නිල පුහුණු තරග දෙකට සහාගිවීමට නියමිතව තිබුණි. ශ‍්‍රී ලංකා පිල පසුගිය සතියේ එංගලන්තයේදී ස්කොට්ලන්තයට එරෙහිව සහභාගි වූ පළමු පුහුණු තරගයේදී කඩුලු 7 කින් පරාජයට පත්වීමෙන් ශ්‍රී ලාංකිකයෝ තිගැස්සීමට පත්වූහ. එහිදී ස්කොට්ලන්ත පිල ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 291 හඹාගොස් ජය ලැබීම කැපී පෙනුණි.

    මෙම තරගාවලියේදී පිට දඟපන්දු යවන්නාගේ සේවය ලබා ගැනීමට සූදානම් කර සිටින අසේල ගුණරත්න සහ මැජික් පෙන්වීමට ඇතුළත්කර සිටින ලක්‍ෂාන් සඳකැන් දැඩි ප‍්‍රහාරයකට ලක්වීම අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.
    කෙසේ වෙතත් දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 9 ක පහසු ජයක් ලැබීය. එම තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් විවේක ගත් අතර උපුල් තරංග නායකයා ලෙස කටයුතු කළේය. ලක්‍ෂාන් සඳකැන් එම තරගයේදී කඩුලු 4 ක් දවා ගැනීම තරමක අස්වැසිල්ලක් බවට පත්ව තිබේ.

    ශ්‍රී ලංකාව පසුගිය බංග්ලාදේශ තරගාවලියේදී භාග ක‍්‍රීඩකයන්ගෙන් තරගවලට සහභාගිවීමෙන් පාඩමක් ඉගෙනගෙන නොමැති බව තවදුරටත් පෙනෙන අතර මෙම තරගාවලියේදී ඒ පිළිබඳව තවදුරටත් දැකිය හැකිවනු ඇත. ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ දෙවැනි තරගයේදී ලබන බ‍්‍රහස්පතින්දා ප‍්‍රබල ඉන්දීය පිල හමුවීමට නියමිතය.

     යොහාන් භාසුර (deshaya)

    මැතිව්ස් දරණ මතය ධනාත්මක ද?

    By: Aththa Withthi On: 5/27/2017 05:55:00 AM
  • Let's Get Social


  • ශ්‍රී ලංකා නායක ඇන්ජෙලෝ මැතිව්ස්ට අනුව මෙවර එංගලන්තයේ දී පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමට “ජයග්‍රහණය දිනා ගැනීමට අඩු සම්භාවිතාවක් ඇති කණ්ඩායමක්” යන ලේබලය හිමි වන බව පෙනෙන්නට තිබේ.

    2002 වර්ෂයේ දී පැවති ශූරයින්ගේ කුසලාන තරගාවලියේ අසල්වැසි ඉන්දියාව සමඟින් සම ශූරතාවය දිනා ගැනීමෙන් අනතුරුව පැවති තරගාවලි 4න්ම ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූයේ එක් වතාවක් පමණි. ඒ 2013දී එංගලන්තය කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වුණු තරගාවලියට සහභාගි වෙමිනි.

    මෙවර ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව අයත් වන B කාණ්ඩය නියෝජනය කරන ශ්‍රී ලංකාව කුසලානය දිනා ගැනීමට ඇති ඉඩකඩ පිළිබඳ බොහෝ දෙනා අතර ඇත්තේ අඩු තක්සේරුවක් වුවද, ආත්ම විශ්වාසයකින් යුතුව තරග වැදුනහොත් ශූරයින්ගේ කුසලානය දෝත දැරීමට අවස්ථාවක් ලැබිය හැකි බව මැතිව්ස් කියා සිටියි.

    ඔහු පවසන ආකාරයට, “තරගාවලියට එක්වී සිටින හැම කණ්ඩායමක්ම දක්ෂයි, මං හිතන විදිහට පහුගිය මාස කිහිපය තුල දී සෑම අංශයකින්ම අපගේ කඩා වැටීමක් දැක ගන්නට ලැබුණා, අවංකවම කිව්වොත් අපිට කිසිම අවස්ථාවක් හිමි වුනේ නෑ. කොහොම වුනත් අපි “ජයග්‍රහණයට අඩු සම්භාවිතාවක් ඇති කණ්ඩායමක්” ලෙස හෝ තරගාවලියට එක්වීම ගැන සතුටු වෙනවා. අපිට විශ්වාසයක් තිබෙනවා. මේ වෙද්දී අපි තරගාවලියට ඉතාමත් හොඳින් සූදානම් වී අවසන්.”

    “ශ්‍රී ලංකාවේ දී සහ එංගලන්තයේ දී ගෙවුනු අවසාන දින කිහිපය ඇත්තටම ඉතාමත්ම හොඳයි. අද (26) පුහුණු තරගයට (ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන) සහභාගි වෙලා ඒකෙන් වැඩි යමක් ලබා ගැනීමට අපි බලාපොරොත්තුවෙන් සිටිනවා. හැම කණ්ඩායමක්ම එක වගේම දක්ෂ නිසා එදා දිනයේ වැරදි අඩුවෙන්ම කරන කණ්ඩායමට ජයග්‍රහණය හිමි වේවි. ඒ එංගලන්තය, ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම කණ්ඩායමක් විය හැකියි. කිසිම කණ්ඩායමක් අවතක්සේරු කිරීමට නොහැකි, හැමදෙනාටම හොඳ අවස්ථාවක් ඇති මෙම තරගාවලිය අනිවාර්යයෙන්ම ඉතාමත් ආකර්ෂණීය වේවි.”

    තවමත් වයස 29ක් වුවත්, වර්තමාන කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයෙකු වන මැතිව්ස් 2014 වර්ෂයේ දී එංගලන්තය 3-2ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ද සාමාජිකයෙක් විය. වෙනදාට වඩා වෙනස්ම මුහුණුවරක් ගෙන ඇති ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව පිළිබඳ මැතිව්ස් සෑහෙන විශ්වාසයක් තබා සිටියි. ඒ කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයින් තම අත්දැකීම්වලින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගනු ඇතැයි අපේක්ෂාවෙනි.

    “අපි මූලික දේවල් නිවැරදිව පිළිපැදීමට බලාපොරොත්තුවෙන් සිටින කණ්ඩායමක්. අපි එංගලන්තයේ දී හොඳින් ක්‍රීඩා කරලා තිබෙනවා, විශේෂයෙන්ම 2014දි. ඉතින් අපි නැවතත් උත්සාහ කරන්නෙ ඒ අයුරින් දක්ෂතා අතරට පැමිණීමටයි. කණ්ඩායම බොහෝ දුරට නවක ක්‍රීඩකයින් සහිත, අත්දැකීම් අතින් අඩු කණ්ඩායමක් වුවත් ඒ අතරින් කිහිප දෙනෙක්ම මීට පෙර එංගලන්තයේ දි ක්‍රීඩා කර තිබෙනවා. ඉන් ඕනෑම අයෙක් ඕනෑම අවස්ථාවක දී ක්‍රියාත්මක විය හැකියි. දක්ෂතා සහ කුසලතා රැසකගෙන් සමන්විත කණ්ඩායම එය අවශ්‍ය මොහොතේ දී පෙන්නුම් කිරීමයි වැදගත්ම දේ.”

    2015 වර්ෂයෙන් අනතුරුව මුල්වරට ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම සඳහා නම් කර ඇති ලසිත් මාලිංග මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ තීරණාත්මක සාධකය බවට පත්වීමට ඉඩ ඇත. මේ වන විට කිසිදු බාධාවකින් තොරව විස්සයි විස්ස තරග ක්‍රීඩා කරන මාලිංග මෙම එක්දින තරගාවලියට එක්වන්නේ සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් යුතුව වන බව ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි. ඒ අනුව 33 හැවිරිදි මාලිංග එක්දින තරග රටාවේ දී ද ඉහළ දක්ෂතා දක්වනු ඇති බවට ඔහු බලාපොරොත්තුවෙන් පසුවේ.

    මැතිව්ස් පවසන අන්දමට, “මාලිංගගේ සෞඛ්‍ය තත්වය ඉතාමත් හොඳයි. අපි ඔහුව තරගවලට යොදා ගැනීමට මඟ බලමින් සිටිනවා. මීට දින කිහිපයකට පෙර අපත් සමඟ එකතු වුනු ඔහු තුල තරගාවලිය ගැන ඇත්තේ ලොකු උනන්දුවක්. පසුගිය කාලයේ දී එක්දින තරගවලට සහභාගි වීමට නොහැකි වුවත් ඔහු අයි.පී.එල්. තරග විශාල සංඛ්‍යාවක් ක්‍රීඩා කරමින් හොඳ රිද්මයක සිටියා. මේ වන විට ඔහු වැඩිදුරටත් පුහුණු වීම් වල යෙදෙමින් සිටිනවා. ඔහුගේත්, අපගේත් මානසික මට්ටම ඉහළ තැනකයි තිබෙන්නේ. අපි හැමෝම දන්නවා ඔහු තරග දිනවන්නෙක් බව, ගෙවුණු වසර රැසක දී ම ඔහු ඒ බව ක්‍රියාවෙන්ම පෙන්නුම් කළා. ඔහු තනිවම තරගයක් අපේ පැත්තට හරවන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ නිසයි අපි ඔහු ගැන ඉහළ බලාපොරොත්තුවක් තබා තිබෙන්නේ.”

    උපමහාද්වීපික සාම්ප්‍රදායික ප්‍රතිමල්ලවයින් දෙපළ වන ඉන්දු - පකිස්තාන සටනට තරග දෙකකට පෙරාතුව ශ්‍රී ලංකාවට තරගාවලියේ ප්‍රථම තරගයට මුහුණ දීමට සිදුව ඇත්තේ ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි. දින කිහිපයකට පෙර ස්කොට්ලන්ත කණ්ඩායම හමුවේ අනපේක්ෂිත පරාජයක් ලැබූව ද ඉන් දින දෙකක් ගෙවී යද්දී පහසුවෙන් ස්කොට්ලන්තය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එංගලන්තයේ කාලගුණ තත්ත්වයන්ට හුරු වී ඇති බව මැතිව්ස්ගේ අදහසයි.

    “එය පුහුණු තරගයක් පමණයි. ඒ නිසා අපි ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම විවේක ගැන්වූවා. එම තරගයේ දී ගත හැකි හොඳම තීරණය මුලින් පන්දු යැවීම වූවත් මට අවශ්‍ය වූයේ අපේ පිතිකරුවන්ට නැවුම් තණතිල්ලක මෙම කාලගුණ තත්වයන් යටතේ මුලින් පන්දුවට පහර දීමට අවස්ථාවක් ලබා දීමටයි. තරග ප්‍රතිඵලයෙන් අපිට ප්‍රශ්නයක් වුනේ නෑ. ස්කොට්ලන්තය අසරණ වුනු දෙවැනි තරගයේ දී පවා අපට අවශ්‍ය වූයේ පිටියට ගොස් එම දේශගුණ තත්වයන්ට හුරු වීමටයි. මෙම තණතිලිවල හැසිරීම අවබෝධ කර ගැනීම, පන්දුවේ වේගවත් හැසිරීමට මුහුණ දීම මෙන්ම පිටිය මැද යම් කාලයක් ගත කිරීමයි අපේ බලාපොරොත්තුව වුනේ.” මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියි.

    26 May, 2017

    2011 විශ්‍රාම ගියත් තාම වැඩ පෙන්නන - සනත්ගේ වීඩියෝවට බංග්ලාදේශය කියන කතාව...!!! (Photos)

    By: Aththa Withthi On: 5/26/2017 10:38:00 AM
  • Let's Get Social


  • සනත් ජයසූරිය හා සම්බන්ධයෙන් වූ වීඩියෝව මේ වන විට සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. දැන් එය ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ජනතාව අතරද හුවමාරු වන බව වාර්තා වේ.

    බංග්ලාදේශයේ ක්‍රිකට් ලෝලීන් අතර ප්‍රසිද්ධ Bangladesh Troll Cricket නම් ෆේස්බුක් පිටුව පළ කල ඇති පහත දැක්වෙන ප්‍රකාශණය හරහා මේ වීඩියෝව බංග්ලාදේශ ජාතිකයින් අතර පැතිර යන බව නම් නිසැකවම පැවසිය හැක.


    23 May, 2017

    සංගා තම ක්‍රිකට් දිවියේ සුවිශේෂී කඩයිමක් පසු කරයි

    By: Aththa Withthi On: 5/23/2017 05:40:00 AM
  • Let's Get Social


  • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ලෝකයේ තැන් තුනක තුන් විදියක දක්ෂතාවයන් දක්වන ආකාරය ඊයේ දැකගන්නට ලැබුණි. ඉන්දියාවේ IPL අවසන් තරඟයේ ජය මුම්බායි කණ්ඩායම ලබාගැනීම සමඟ මුම්බායි පුහුණුකරු මහේලට සහ අවසන් තරඟයේ දක්ෂතා පෙන්වූ ලසිත් මාලිංග ගැන බොහෝ ඉහලින් කතාවෙද්දී ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමඟ පැවති පුහුණු තරඟයේදී පරාජයට පත්වීම ලජ්ජා සහගතය.

    ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ ආකාරයෙන් නින්දා සහගත පරාජයන් ලබද්දී ක්‍රිකට් උපන් දේශයේ ක්‍රිකට් ක්‍රීඩාවේ මුදුන් මල්කඩ ලෙස හදුන්වන ලෝඩ්ස් ක්‍රීඩාංගනයෙදී සුපිරි පිතිකරු කුමාර සංගක්කාර තම පළමුපෙළ දිවියේ ලකුණු 20000 සම්පුර්ණ කිරීමට සමත් වීම කැපීපෙනෙනසිදූ වීමක් විය.

    සරේ කණ්ඩායම නියෝජනය කරන සංගා සරේ කණ්ඩායම නියෝජනය කරමින් මිඩ්ල්සෙක්ස් කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකේම ශතක ලබාගෙන සුපිරි පිතිහරඹයක නිරතව සිටී.

    සංගා ඊයේ වාර්තා කලේ තම 60 වන පළමුපෙළ ශතකය වන අතර ඔහු මේ වන විට තරඟ 258 කදී ලකුණු 20008 ලබා ගැනීමට සමත්ව ඇත. (cricketlanka)