Showing posts with label World. Show all posts
Showing posts with label World. Show all posts

06 June, 2017

බ්‍රිතාන්‍ය මුහුණ දුන් ත්‍රස්ත ප්‍රහාරවල ඉතිහාසය

By: Aththa Withthi On: 6/06/2017 06:10:00 AM
  • Let's Get Social


  • සෙනසුරාදා (ජුනි 04) ලන්ඩනයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු මරණයට පත් විය.

    බරෝ මාකට් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වෙත පිහි ප්‍රහාර එල්ල කිරීමට පෙර ප්‍රහාරකයන් තමන් පැමිණි වෑන් රථය ලන්ඩන් බ්‍රිජ් පාලමේ ගමන් ගත් පදිකයන් වෙත ධාවනය කර තිබිණි.

    මිනිත්තු කිහිපයකට පසු ප්‍රහාරකයන් පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.

    පසුගිය දශක කිහිපය තුළ මහා බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට මුහුණ දී තිබේ.
    එලෙස බ්‍රිතාන්‍යයට එල්ල වූ ප්‍රහාර සහ ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයන් පහත දැක්වේ.

    2017: මැයි 22

    මැන්චෙස්ටර් නගරයේ පැවති ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 22 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 59 දෙනෙක් තුවාල ලැබූහ.

    ප්‍රසංගයට සහභාගී වූ ළමුන් සහ තරුණ තරුණියන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබුණේ ලිබියානු සම්භවයකින් පැවත එන මැන්චෙස්ටර් නගරයේ උපත ලද විසි දෙහැවිරිදි සල්මන් අබේඩි නමැති පුද්ගලයෙකු විසිනි.

    2017: මාර්තු 22

    ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ආසන්නයේ දී එල්ල කෙරුණු ප්‍රහාරයකින් ප්‍රහාරකයා ඇතුළු හය දෙනෙකු මරණයට පත් වී තවත් පනස් දෙනෙක් තුවාල ලැබූහ.

    ඛලීඩ් මසුඩ් නමැති පුද්ගලයා විසින් කුලියට ලබා ගත් මෝටර් රථයක් වෙස්ට්මිනිස්ටර් පාලම මත ගමන් ගනිමින් සිටි පදිකයන් වෙත පදවා තිබිණි.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසට දිව ගිය ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වීමට පෙර එහි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් පිහි ප්‍රහාරයක් එල්ල කළ කර තිබිණි.

    2016: ජුනි 16

    තෝමස් මයර් නමැති පුද්ගලයෙකු විසින් බ්‍රිස්ටල් නගරයේ දී ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස්ට වෙඩි තබා පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබීය.

    අන්තවාදී අදහස් පළ කෙරෙන වෙබ් අඩවිවලට පිවිසෙන්නෙකු සහ අන්ත දක්ෂිණාංශික පොත් පත් පරිහරණය කරන්නෙකු වූ ඔහු ඝාතනය සිදු කරන අවස්ථාවේ "පළමුව බ්‍රිතාන්‍"" යනුවෙන් හඬ ගා තිබිණි.

    ඝාතනය සිදු කිරීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

    2015: දෙසැම්බර් 05

    නැගෙනහිර ලන්ඩනයේ ලේටන්ස්ටෝන් දුම්රියේ දී උමං දුම්රිය මගීන්ට පුද්ගලයෙකු විසින් පිහි ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    මුහිදීන් මයර් නමැති එම පුද්ගලයා "මේ මගේ සිරියානු සහෝදරයන් වෙනුවෙන්. මම උඹලගේ ලේ හොලවන්න යන්නේ" යනුවෙන් ඔහු යටත් කර ගනු ලැබීමට පෙර හඬ ගා තිබිණි. මානසික රෝගවලින් පෙළෙන්නෙකුව සිටි ඔහු ජීවිතාන්තය දක්වා සිර ගත කෙරිණි.

    2013: මැයි 22

    ඉස්ලාමීය අන්තවාදීන් දෙදෙනෙකු විසින් බ්‍රිතාන්‍ය හමුදා සෙබළෙකු වූ ලී රිග්බි ලන්ඩනයේ වූල්විච් නගරයේ දී පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබීය.

    මයිකල් අඩෙබොලාජෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණු අතර මයිකල් අඩෙබොවාලේට වසර 45 ක සිර දඬුවමක් නියම කෙරිණි.

    2008: මැයි 22

    එක්සෙටර් හි අවන්හලක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. අවන්හලේ වැසිකිළිය තුළ පුපුරා ගිය බෝම්බයෙන් ඉස්ලාම් දහම වැළඳගත් නිකී රේලි නමැති පුද්ගලයා පමණක් තුවාල ලැබීය. 2016 වසරේ දී ඔහු මැන්චෙස්ටර් බන්ධනාගාරයේ දී මරණයට පත් විය.

    2007: ජුනි 30

    මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරමින් ග්ලාස්ගව් ගුවන් තොටුපලේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල දෙසට ජීප් රථයක් ධාවනය කරනු ලැබීය. පස් දෙනෙකු තුවාල ලැබූ අතර රථය ගැටීමේ දී සිදු වූ බරපතළ පිළිස්සුම් තුවාල හේතුවෙන් අපරාධකරුවන් අතර සිටි කෆීල් අහමඩ් නැමැත්තා මසකට පසු මරණයට පත් විය.

    ඔහු සමග සිටි සෙසු පුද්ගලයා වන ඉරාකයේ උපත ලද වෛද්‍යවරයෙකු වූ බිලාල් අබ්දුල්ලාට වසර 32 ක සිර දඬුවමක් නියම විය.

    2007: ජුනි 29

    ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් ප්‍රදේශයේ දී කාර් බෝම්බ දෙකක් සොයා ගැනිණි.

    2005: ජුලි 21

    එම වසරේ ජුලි 07 වෙනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සති දෙකකට පසු පොදු මගී සේවය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර හතරක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වූයේ එම බෝම්බ පුපුරා නොයාම හේතුවෙනි. 2007 ජුලි මාසයේදී ඊට වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

    2005: ජුලි 07

    උදෑසන කාර්යබහුල වෙලාවේ දී ලන්ඩන් පොදු මගී සේවය ඉලක්ක කර සැලසුම් සහගත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. උමං දුම්රිය තුනක බෝම්බ තුනක් පුපුරා ගිය අතර තට්ටු බස් රථයක් සිව් වෙනි බෝම්බයේ ඉලක්කය විය. එම ප්‍රහාරවලට හසුව 52 දෙනෙකු මිය ගිය අතර හත්සිය දෙනෙක් තුවාල ලැබූහ.

    2001: අගෝස්තු 03

    ලන්ඩනයේ ඊලින් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දී Real IRA සංවිධානය විසින් මෝටර් රථයක අටවන ලද බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලැබූහ.

    2001: මාර්තු 04

    Real IRA සංවිධානය විසින් බටහිර ලන්ඩනයේ බීබීසී රූපවාහිනී මධ්‍යස්ථානයෙන් පිටතදී කාර් බෝම්බයක් පුපුරවා හරිනු ලැබීය. පිපිරීම සිදු වීමට කෙටි කාලයකට පෙර පොලිසියට ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබී තිබිණි. එන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.

    1999: අප්‍රේල් 17-30

    ඩේවිඩ් කෝප්ලන්ඩ් විසින් දින දහතුනක් පුරා බෝම්බ ප්‍රහාර ගණනාවක් දියත් කරනු ලැබීය. ඉන් ලන්ඩනයේ තිදෙනෙකු මරණයට පත් වූ අතර 139 දෙනෙක් තුවාල ලැබූහ. කළු ජාතිකයන්, බංග්ලාදේශ ජාතිකයන් සහ සමලිංගික ප්‍රජාව වෛරී චේතනාවෙන් සිදු කළ එම ප්‍රහාරවල ඉලක්ක විය.

    1996: ජුනි 15

    පුපුරන ද්‍රව්‍ය කිලෝ 1,500 ක සහිත ලොරි රථයක් මැන්චෙස්ටර් නගර මධ්‍යයේ පුපුරා ගියේය. IRA සංවිධානය විසින් බ්‍රිතාන්‍ය තුළ පුපුරවා හරිනු ලැබූ විශාලතම බෝම්බය එයයි. සැතපුම් භාගයක වපසරියක පිහිටි ගොඩනැගිලිවලට ඉන් හානි විය. කිසිවෙකුත් මරණයට පත් නොවූ අතර 212 දෙනෙක් තුවාල ලැබූහ. (බීබීසී)

    05 June, 2017

    දරුණු සැඩ පහරකට හසුවී මඩ ගෙඩක් සමඟ ගසාගෙන යන කාන්තාවකගේ වීඩියෝවක්

    By: Aththa Withthi On: 6/05/2017 09:56:00 PM
  • Let's Get Social

  • පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනතාව දරුණු ගංවතුරකින් පීඩාවිඳි අතර මේ වනවිට 200කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. පේරු රාජ්‍යයටද පසුගියදා එවැනිම හදිසි ගංවතුර තත්වයකට මුහුණදීමට සිදුවිය.

    හදිසියේ ගලා ආ මඩ මිශ්‍ර ජලකඳට හසුවූ කාන්තාවක් සහ හරක් පට්ටියක් ඉතා දරුණු ඉරණමකට මුහුන දුන් නමුත් එම කාන්තාවගේ වාසනාවට ඇයට දිවි ගලවා ගැනීමට හැකි වුනා.

    එම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් වාර්තා කල ආකාරය පහතින් දැක්වේ.

    ලෝකයේ කණගාටුවෙන්ම සිටින සුනඛයා මෙන්න

    By: Aththa Withthi On: 6/05/2017 09:45:00 AM
  • Let's Get Social


  • කැනඩාවේ වෙසෙන ලැබ්ඩෝර් වර්ගයේ සුනඛයෙක් වන ලානාගේ පළමු ස්වාමියා 2015දී ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන් අනතුරුව දුකින් සිටින මෙම සුනඛයාගේ ඡායාරූපයක් සමාජ වෙබ් අඩවි ජාලා කළඹමින් පැතිර යෑමෙන් අනතුරුව භාරකාරයෙල් ලැබී තබෙනවා.

    කෙසේ වෙතත් ඉන් මාසයකට පසුව එම ස්වාමියාත් මෙම සුනඛයා අතහැර ගොස් ඇති බවයි අන්තර්ජාලයට අනුව වාර්තා වන්නේ. මේ හේතුවෙන් ලානා ඉතාමත් දුකින් සිටින බවයි වාර්තා වන්නේ.

    ඩේලි මේල් වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුනේ "ලෝකයේ කණගාටුවෙන්ම සිටින සුනඛයා" ලෙසයි.

    04 June, 2017

    අමෙරිකාව කැළඹූ රොබෝ කෙල්ල

    By: Aththa Withthi On: 6/04/2017 05:40:00 AM
  • Let's Get Social


  • සුරූපී ලාලිනියක් පසුගියදා රාත්‍රියක අමෙරිකා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට පැමිණියාය. ජිමි ෆැලන්ගේ රාත්‍රී සංදර්ශනයක් වූ මේ වැඩසටහන විහිළු තහළුවලින් පිරුණු එනිසාම ප්‍රේක්ෂකයන් වැඩි ගණනක් ආකර්ෂණය කරගත් එකකි.

    එදා රාත්‍රී මේ වැඩසටහනට ආ සොපියා නමැති රුවැත්තිය නොසිතූ විරූ තිගැස්මක් ප්‍රේක්ෂකයන් වැඩිදෙනා තුළ ඇති කළාය. සමහරු ඇගේ දස්කම් දැක ප්‍රමුදිත වූහ. තවත් අය මේ අමුතු රුවැත්තිය හා ඇගේ හැකියාව නිසා තක්කු මුක්කු වූහ.

    ජිමි ෆැලන් සමඟ හරි හරියට විහිළු තහළුවල යෙදෙමින් කැකිරි පැලෙන ටිකිරි සිනා පාමින්, ඇස් ඉඟිමරමින් වැඩසටහන ආලෝකවත් කළ ඇය සජීවී තැනැත්තියක් නම් නොවේ. ඇය රොබෝවකි. රොබෝ යුවතියක් හා හා පුරා කියා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට ආවේ එදාය.

    සාමාන්‍ය තරුණියකටත් වඩා දක්ෂ වූ ඇය රූමත් බවින්ද අඩුවක් පෙන්වූයේ නැත. මේ නිසාම සොපියා අපේ කාලයේ අපූරු විද්‍යා තාක්ෂණ ඉදිරි පිම්මක කදිම නිදර්ශකයක් වූවාය.

    සොෆියා අමෙරිකානු රොබෝ තාක්ෂණඥයකු වන ඩේවිඩ් හැන්සන්ගේ නිර්මාණයකි. ඔහුට අනුව කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවන්ට සාමාන්‍ය මිනිස් ස්වරූපය ලබාදුන් විට ඔවුන් මිනිස් වර්ගයාට නොදෙවැනි දස්කම් දක්වන්නන් බවට පත්වනු ඇති බවය. එදා රෑ රූපවාහිනී වැඩසටහන මේ බව සනාථ කළේය.

    රබර්, පෝසිලේන්, යකඩ තහඩු මිශ්‍රිත සිරැරකින් යුතු වුවද ඇගේ රෑපය හැඩගන්වා තිබුණේ සුරෑපී නිළියක වන ඕඩ්‍රි හෙප්බර්න් සහ රොබෝ නිර්මාතෘ ආචාර්ය ඩේවිඩ් හැන්සන්ගේ බිරියගේ රූපකායන්වල එකතුවකට සමාන ලෙසිනි.

    අන් අය කියන දේ වටහාගන සුදුසු පිළිතුරු දෙන්නටත් ඔවුන්ගේ අංග චලන, මුහුණේ හැඟීම් තේරුම්ගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නටත් සමත් සොපියා ඇත්තෙන්ම ප්‍රබල තාක්ෂණික ජයග්‍රහණයකි. මෙය විද්‍යා ප්‍රබන්ධ කතාවල සහ හොලිවුඩ් චිත්‍රපටවල මෙතෙක් දුටු යකඩයන්ගේ ලෝකය සැබෑ ලෝකය වෙත ගෙන ඒමකි.

    නමුත් සොපියා බඳු යකඩයන්ගේ ආගමනය නිසා ඉදිරියේදී නිවේදක ක්ෂේත්‍ර යේ පමණක් නොව තවත් බොහෝ අංශවල රැකියා මිනිසුන්ට අහිමිව යන අනතුරද මේ සමග උදා වී තිබේ. සොපියා ඇතුළු මිනිසුන්ට සමාන සජීවී රොබෝවන් 20ක් දැනට ආචාර්ය හැන්සන් නිපදවා තිබේ. ඔහුට අනුව නම් සොපියා වැනි රොබෝවන් අපේ එදිනෙදා ජීවිතයේ සමීපතමයන් බවට පත්වන්නට තවත් වැඩි කාලයක් යන හැඩක් නැත.


    (deshaya)

    03 June, 2017

    එක්වරම වෙරළට පැමිණි සුනාමිය මෙන්න (Video)

    By: Aththa Withthi On: 6/03/2017 11:20:00 AM
  • Let's Get Social


  • ගැඹුරු මුහුදේ ඇතිවූ භූ කම්පන තත්වයක් හේතුවෙන් පසුගියදා ඇතිවූ සුළු සුනාමි තත්වයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

    මෙම සුනාමි තත්වය වාර්තා වන්නේ නෙදර්ලන්තයෙන්.

    මෙහි පළමු රළ පහර පසුගිය සඳුදා දින උදෑසන 5.45ට පමණ ඇතිවූ බවටයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

    එරට සෑන්ඩ්වූට් වෙරළ තීරයට බලපෑ අදාළ සුළු සුනාමි තත්ත්වය පුද්ගලයෙකු විසින් රූගත කර තිබුණා.

    එම අවස්ථාව පහතින්.



    (hirunews)

    කාබුල් බෝම්බ ප්‍රහාරයට එරෙහි විරෝධතා පා ගමනට පොලීසියෙන් බාධා

    By: Aththa Withthi On: 6/03/2017 05:40:00 AM
  • Let's Get Social

  • ඉරාකයේ කාබුල් නුවර පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයට එරෙහිව ආරම්භ කළ විරෝධතා පා ගමන මර්දනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

    සියයකට අධික විරෝධතාකරුවන් පිරිසක් බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානය අසල සිට රාජ්‍ය විරෝධී සහ තලෙයිබාන් විරෝධී සටන් පාඨ ප්‍රකාශ කරමින් විරෝධතාවයේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    විරෝධතාකරුවන් පා ගමනින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට උත්සාහ කිරිමේදී පොලීසිය, කැරලි මර්දන සහයද ගෙන ඔවුන් මර්දනය කිරීමට පියවර ගෙන තිබුණි.

    පසුගිය බදාදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.

    ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බව සඳහන් වෙයි. (adaderana)

    02 June, 2017

    "හිසකෙස් කපල, නියපොතු ගලවල, මුහුණ විනාශ කළා" මළ සිරුරෙනුත් පළිගත් වෛරයක තරම (Vidoe)

    By: Aththa Withthi On: 6/02/2017 12:08:00 PM
  • Let's Get Social


  • මියගිය කෙනෙක්ගේ මළ සිරුරෙනුත් පළි ගන්නවානම් ඒ පලිගන්න කෙනාගේ හිතේ තියෙන්න ඕන මොනවගේ තරහක්ද ?

    මේ කියන්න යන්නේ මළ සිරුරකට අමානුෂික විදිහට සලකල, හිතේ තරහ පිරිමහගත් නරුම තරුණියක් ගැන.

    සෝලා ප්ලස් ලබන වසරේ අභ්‍යාවකාශයට

    By: Aththa Withthi On: 6/02/2017 05:40:00 AM
  • Let's Get Social

  • ‘‘සෝලා ප්ලස්’’ නමින් හදුන්වන හිරු යානයක් ලබන වසරේ අභ්‍යවකාශගත කිරීමට නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

    සූර්යයාට අයත් වායුගෝලයට ඍජුවම ඇතුළුවිය හැකි අයුරින් සකස් කෙරෙන මෙම යානය සෙල්සියස් අංශක 1300 ක උෂ්ණත්වයකටත් ඔරොත්තු දිය හැකියි.

    විකිරණ පිපිරීම් සහ ආලෝකය පිළිබඳ නව පර්යේෂණ සිදුකිරීම මෙහි අරමුණයි. (hirunews)

    01 June, 2017

    සියල්ලන් බය කරමින් මහපොළොව පලාගෙන එක්වරම මතුවූ මහා ජලකඳ

    By: Aththa Withthi On: 6/01/2017 05:40:00 AM
  • Let's Get Social


  • මහා මාර්ගයක භූගත ජල නලයක් පුපුරාගොස් සිදුවූ අනතුරක් දැක්වෙන CCTV දර්ශන පෙළක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    මෙම සිදුවීම යුක්රේනයේ මාර්ගයක සිදුවූවක් බවටයි වාර්තා වන්නේ.

    එහිදී එක්වරම සිදුවන මෙම පිපිරීම හේතුවෙන් වාහන කිහිපයකට සහ ගොඩනැගිල්ලකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

    නලය පුපුරා යාම හේතුවෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බවත් එම වාර්තාවේ දැක්වෙනවා.



    (hirunews)

    31 May, 2017

    බරපතල ලෙස දූෂණය වූ තරුණියක් වැරදිකරු වෙයි

    By: Aththa Withthi On: 5/31/2017 08:22:00 PM
  • Let's Get Social

  • තුවක්කුවක් හිසට තබා තරුණියක් බරපතල ලෙස දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පාකිස්තානයේ පන්ජාබ් නගරයේ සිදු වූ මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ 19 හැවිරිදි තරුණියක්.

    ඇයගේ ඥාතියෙකු මෙලෙස තුවක්කුවක් හිසට තබා දුෂණය කර ඇති අතර මේ පිලිබඳ කිසිවෙකුට පැවසුවහොත් ඇයට වෙඩි තබන බව අදාළ ඥාතියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    කෙසේ වෙතත් දුෂණයට ලක් වූ තරුණිය මේ සම්බන්ධයෙන් ගමේ ගැටළු විසඳන "පංචායන්" සභාවට පවසා තිබෙනවා.

    එහිදී මෙම දුෂණයට ලක්වූ තරුණිය වැරදිකරු වී ඇති බවයි වාර්තාවන්නේ.ඒ අනුව ඇයව ගල් ගසා මැරීමට නියමවී තිබෙනවා.

    අනතුරුව එම ගමෙන් පලාගිය තරුණිය මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පවසා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

    ඒ අනුව පොලිසිය විසින් පංචායන් සභාවට නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.

    මේ හේතුව නිසා තරුණියට නියම වූ දඬුවම තාවකාලිකව අවලංගු කර තිබෙනවා. (hirunews)

    තරුණියන් තිදෙනෙකු දින තුනක් තිස්සේ තරුණයෙකුව දුෂණය කර අඩනිරුවතින් මහමග දමා යයි

    By: Aththa Withthi On: 5/31/2017 12:46:00 PM
  • Let's Get Social
  • -File Photo

    තරුණියන් තිදෙනෙකු විසින් තරුණයෙකු දින තුනක් තිස්සේ දුෂණය කළ පුවතක් දකුණු අප්‍රිකාවෙන් වාර්තාවනවා.

    මෙම තරුණයා සිය පෞද්ගලික ගමනක් සඳහා එරට තිබෙන මිනිසුන් පිරිසක් රැගත් කුලී රථයක ගමන් කරමින් සිටියදී ඔහුට කිසියම් අයෙකු විසින් සිහි සුන්වන බෙහෙතක් එන්නත් කර තිබෙනවා.

    අනතුරුව අදාළ තරුණයාට සිහිය එන විට තරුණියන් තිදෙනෙක් සමග කාබරයක සිට ඇති බවත් ඔවුන් විසින් දින තුනක් තිස්සේ විටින් විට එම තරුණයාව දුෂණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    පසුව අදාළ තරුණියන් තිදෙනා විසින් පාලු ප්‍රදේශයකට එම තරුණයාව ගෙනවිත් දමා තිබෙනවා.

    ආහාර නොදී ශක්ති ජනක පාන පමණක් මෙම තරුණයාට ලබා දීම නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය අඩාල වී ඇති බවයි වාර්තාවන්නේ.

    දින තුනක් පුරා දිනය මුලුල්ලේම තරුණියන් විසින් තරුණයා ලිංගික අපයෝජනයට ලක්කොට ඇති අතර එම වාර ගනණ කොපමණදැයි තරුණයාට ගනණ් තබාගැනීමටද නොහැකි තත්වයක් තිබී ඇති බවයි පොලිසිය පවසන්නේ.

    එරට පොලිසිය එම තරුණියන් තිදෙනා සොයා මේවන විට පරීක්ෂණ පවත්වන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කළේ.

    මුස්ලිම් පල්ලිය වැනසීම : BJP නායකයන්ට සාපරාධී කුමන්ත්‍රණ චෝදනා

    By: Aththa Withthi On: 5/31/2017 05:40:00 AM
  • Let's Get Social

  • AFP-හින්දු ප්‍රහාරකයන් මුස්ලිම් ආආ විනාශ කරන ආකාරය

    ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ ඉහළම මට්ටමේ හිටපු නායකයකු වූ L.K.අද්වානිට එරෙහිව සාපරාධී කුමන්ත්‍රණ චෝදනා යටතේ නඩු පවරනු ලැබුණි.

    මෙයින් වසර විසි පහකට පෙර අයෝධ්‍යාවේ සුප්‍රකට 'බබ්රි'(Babri) මුස්ලිම් පල්ලිය විනාශ කර දමනු ලැබීම සඳහා කටයුතු කර ඇති බවට ලාල් ක්‍රිෂ්ණ අද්වානි චෝදනා ලබයි.

    ආගමික වෛරය ඇවිස්සීම සම්බන්ධයෙන් අද්වානි සහ ඔහුගේ සගයන් එකොළොස් දෙනකුට එරෙහිව චෝදනා ගොණුකර ඇති අතර, භාරතීය ජනතා පක්ෂයේ ඉදිරිපෙළ නායකයන්ව සිටි මුර්ලි මනෝහර් ජෝෂි සහ ඉන්දීය මධ්‍යම ආණ්ඩුවේ හිටපු ඇමතිවරයකු වූ උමා භාරතී චුදිතයන් අතර වෙති.

    1992 වසරේ හින්දු -මුස්ලිම් වාර්ගික ගැටුම් මැද හින්දු ප්‍රහාරක කල්ලියක් විසින් අයෝධ්‍යාවේ 'බබ්රි' මුස්ලිම් පල්ලිය විනාශ කර දමන ලද අතර ඔවුන් කුපිත කිරීමේ කතා පැවැත්වූ බවට එල්ල වෙන චෝදනා චුදිතයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

    එම වර්ගවාදී ගැටුම් රැල්ලේ දී දෙදහසකට ආසන්න ජීවිත විනාශයක් වාර්තා විය.

    'බබ්රි' මුස්ලිම් පල්ලිය පිහිටි ඓතිහාසික භූමිය 'රාම' දෙවියන්ගේ ජන්ම භූමිය වන බවත්, දහසය ශතවර්ෂයේ මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් එහි වූ 'රාම දෙවොල' විනාශ කොට ඒ මත මුස්ලිම් පල්ලිය ඉදිකර ඇති බවත් හින්දු භක්තිකයෝ කියා සිටිති.

    කෙසේවුවද, 1992 වසරේ දී එම මුස්ලිම් පල්ලිය විනාශ කර දමනු ලැබීම සංවිධානාත්මක ක්‍රියාවක් වූ බව ඉන්දියානු මධ්‍යම පරීක්ෂණ බියුරෝව (CBI) පවසයි.

    මෙම කාරණය විභාග කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සඳහා විශේෂ උසාවියක් පිහිටුවන මෙන් පසුගිය අප්‍රියෙල් මාසයේ නියෝග කළ අතර, පල්ලිය විනාශ කර දැමීම සම්බන්ධයෙන් ඉහත නම් සඳහන් කළ තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙස උපදෙස් දී තිබුණි.

    එසේම එම නඩුව අවුරුදු දෙකක කාලයක් ඇතුළත විභාග කර අවසන් කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය වෙයි.

    ප්‍රධාන චුදිතයන් තිදෙනා අද අඟහරුවාදා(මැයි 30) විශේෂ අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර විත්තිකරුවන්ට කිසිදු හේතුවක් යටතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමෙන් වැළකීමට අවසරයක් නැති බව ප්‍රකාශ කළ විනිසකරුවෝ ඔවුන් ඇප මත මුදා හරින මෙන් නියෝග කළහ. (බීබීසී)

    30 May, 2017

    බ්‍රිතාන්‍යයේ - ගුවන් ගමන්වලට තවදුරටත් බාධා

    By: Aththa Withthi On: 5/30/2017 05:40:00 AM
  • Let's Get Social


  • බ්‍රිතාන්‍යයේ හීතෘෘ ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා.

    පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් ඊට හේතුවයි. බ්‍රිටීස් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් රැසක් ඊයේ දෙවැනි දිනයටත් අවලංගු කෙරුණා. මේ හේතුවෙන් දහස් සංඛ්‍යාත මගීන් පිරිසක් දැඩි අපහසුතාවට පත්වුණා.

    ගුවන් තොටුපොළට පැමිණීමට පෙර ගුවන් ගමන්වල තත්වය පරීක්ෂා කරන ලෙසයි මගීන්ට ගුවන් ගමන් බලධාරීන් දැනුම්දී ඇත්තේ. පරිගණක පද්ධතියේ සිදුවූ දෝෂය පිළිබඳව ගුවන් සේවය මගීන්ගෙන් සමාව ඉල්ලා සිටියා.

    ගුවන් ගමන් අවලංගු කිරීම හා ප්‍රමාද කිරීම හේතුවෙන් අපහසුතාවට පත්වන මගීන්ට පවුම් 200ක් ලබාගැනීමට පහසුකම් සළසා තිබෙනවා. ඊට අමතරව පවුම් 50ක ප්‍රවාහන දීමනාවක් හා පවුල් 25ක ආහාර දීමනාවක් ද ලබාදීමට බලධාරීන් කටයුතු කළා. (rupavahininews)

    28 May, 2017

    ලන්ඩනයට යුද හමුදාව

    By: Aththa Withthi On: 5/28/2017 05:40:00 AM
  • Let's Get Social

  • මහා බ්‍රිතාන්‍යය කැළඹූ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය පිටුපස ක්‍රියාත්මක වූ ප්‍රහාරක ජාලයක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පසුගිය සඳුදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව රටපුරා විශේෂ ආරක්ෂක රැකවරණ ක්‍රියාත්මක කෙරෙමින් ඇති බව සංකේතවත් කරමින් මේ වනවිට ලන්ඩන් නගර කේන්ද්‍රයේ යුද හමුදා භටයන් ස්ථානගත කරනු ලැබ ඇත.

    බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ අගමැති නිල නිවස ඇතුළු ප්‍රධාන ස්ථානයන්හි ද යුද හමුදාව යොදවා තිබෙනු දක්නට ලැබෙයි. වෙනදා පොලිසිය ක්‍රියාත්මක වෙන ස්ථානයන්හි මෙලෙස යුද හමුදාව යොදවා තිබීම, බ්‍රිතාන්‍ය සමාජයේ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන දර්ශනයකි.

    සඳුදා (මැයි 22) රාත්‍රියේ මැන්චෙස්ටර් ගෘහස්ත රඟහලේ පොප් සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටි ගීත ලෝලීන් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ දී විසි දෙදෙනකු මරණයට පත් වූ අතර තවත් එකසිය දහනව දෙනකු තුවාල ලැබ රෝහල්ගත කරනු ලැබුණි. ඔවුන් අතරින් බරපතළ තුවාල ලද විසි දෙනකු පමණ තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති. 

    සඳුදා රාත්‍රියේ ප්‍රහාරය එල්ල කරන ලද තැනැත්තා සල්මන් අබේඩි නමැත්තකු යයි හඳුනාගනු ලැබ ඇති අතර, ප්‍රහාරකයා ඔහු වුවද පාවිච්චියට ගෙන ඇති බෝම්බය නිෂ්පාදනය කරන ලද්දේ වෙනත් පුද්ගලයකු විසින්ය යන්න බ්‍රිතාන්‍ය පොලිසියේ විශ්වාසයයි. එම විශ්වාසය යටතේ ප්‍රහාරකයන් විසින් පවත්වාගෙන යනු ලබන බෝම්බ කර්මාන්ත ශාලාවක් සොයාගැනීම ඉලක්ක කර ගනිමින් පොලිස් සෝදිසි කිරීම් මේ වනවිට ආරම්භ කරනු ලැබ ඇත.

    ඒ අනුව මැන්චෙස්ටර් නගරයේ සිදුකළ සෝදිසි කිරීම්වලදී තිදෙනකු අත්අඩංගුවට ගන්නා ලද බව පොලීසිය පවසයි. මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් අඟහරුවාදා (මැයි 23) පුද්ගලයකු අත්අඩංගුවට ගත් අතර ඔහුත් සමඟ මේ වනවිට අත්අඩංගුවට ගනු ලැබ සිටින සංඛ්‍යාව හතර දෙනෙක් වෙති.

    අඟහරුවාදා අත්අඩංගුවට ගන්නා ලද විසිතුන් හැවිරිදි පළමු සැකකරු බෝම්බ ප්‍රහාරය එල්ල කළ සල්මන් අබේඩිගේ සහෝදරයෙකි. අබේඩි සහෝදරයෝ ලිබියානු සම්භවයක් සහිත පවුලක සාමාජිකයෝ වෙති. ඔවුන්ගේ පියාද අල්ඛයිඩාව හා සම්බන්ධ තැනැත්තෙකි. එහෙයින් මැන්චෙස්ටර් බෝම්බය, බෝම්බ පවුලක වැඩකි. (deshaya)

    27 May, 2017

    "අපේ රටේ අපට හිමිතැන දෙන්න"

    By: Aththa Withthi On: 5/27/2017 05:40:00 AM
  • Let's Get Social


  • ඕස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නා මෙන් ඉදිරිපත් වූ ඉල්ලීමක් එරට සමස්ත ආදිවාසී (ඇබොරිජින්) මුල් පදිංචිකාර ප්‍රජාව විසින් බැහැර කරනු ලැබ ඇත.

    ඒ වෙනුවට තමන්ද පාර්ලිමේන්තුව තුළ නියෝජනය කෙරෙන අලුත් විධිමත් ආයතනයක් පිහිටුවන මෙන් එම ජනතාව ඉල්ලා සිටිති.

    26 May, 2017

    අමෙරිකාවේ පොලිස් වධ හිංසා නිසා වසරකට 51,000 කට අධික පිරිසක් රෝහලේ

    By: Aththa Withthi On: 5/26/2017 02:07:00 PM
  • Let's Get Social

  • අමෙරිකාවේ පොලිසිය සිදුකරන වධ හිංසා නිසා වසරකට 51000 කට අධික පිරිසක් රෝහල් ගත වන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

    2006 සහ 2012 වසරවලදී සිදු කළ විමර්ශනවලට අදාළව මෙම අනාවරණයන් සිදු කර තිබෙනවා.

    මෙලෙස පොලිස් වධහිංසාවලට ලක්වූවන්ගෙන් සියයට 80 ක්ම මානසික ආබාධවලට ලක් වී ඇති බවද ඔවුන් අඩු ආදායම් ලබන්නන් බවද අනාවරණය කරගෙන තිබෙනවා.

    2006 සහ 2012 අතර සමයේ 355667 ක පිරිසක් පොලිසියේ සාහසික ක්‍රියාවලට ලක්වී ඇති බවද ඉන් පෙන්වා දෙනවා.

    නිව්යෝර්ක් රෝහල විසින් සිදු කර තිබෙන මෙම අනාවරණයන් සමග අමෙරිකාව පුරා දැඩි කතාබහක් මේ පිළිබඳව ඇති වී තිබෙන බවද සඳහන්. (nethnews)

    25 May, 2017

    අවුරුදු 18ක තරුණියක් කන්‍යා භාවය වෙන්දේසි කරයි (Photos)

    By: Aththa Withthi On: 5/25/2017 07:20:00 PM
  • Let's Get Social


  • තමන්ට අවශ්‍ය දේවල් ඉටුකරගන්න ඕන නිසා සමහරක් පුද්ගලයින් තමන් සතු විවිධ දේවල් විකුණනවා.

    ඒත් තමන්ගේ කන්‍යාභාවයම විකුණා තමන්ට අවශ්‍ය කරන දේවල් ඉටුකරගන්න පහුගිය කාලේ තරුණියන් කිහිපදෙනෙකුම කටයුතු කළා ඔයාලට මතක ඇති.

    මේ වන විට ඒක රැල්ලක් කරගෙන තියෙනවා. අපි එහෙම කියන්න හේතුව තවත් තරුණියක් ඒ වැඩේම කරන්න හදන නිසයි.

    වයස අවුරුදු 18ක වන ඇගේ නම කිම්.

    ඕස්ට්‍රේලියානු සහ ජර්මානු සම්භවයක් සහිත මේ තරුණිය තමන්ගේ කන්‍යා භාවය අන්තර්ජාලය හරහා වෙන්දේසි කරන්න තීරණය කරලා තියෙනවා.

    ඒ ඇමෙරිකානු ඩොලර් මිලියනයක මුදලකටයි.

    ඇය මේ විදිහේ වැඩක් කරන්න හේතුව තමයි රොමෙනියානු නිරූපිකාවක් වන Aleexandra Khefren.

    තායිවානයේ සමලිංගිකයෝ පෝරුවට සමීප වෙති

    By: Aththa Withthi On: 5/25/2017 12:57:00 PM
  • Let's Get Social

  • pic - Reuters

    සමලිංගික විවාහය නීතිගත කිරීමට මග පාදමින් නව නීති සම්පාදනය වියයුතු බවට තායිවානයේ ඉහළම අධිකරණය තීරණය කරයි.

    එම තීරණයට අනුව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වුවහොත් සමලිංගික විවාහය නීතියෙන් පිළිගන්නා ප්‍රථම ආසියානු රට වශයෙන් තායිවානය ඉතිහාසගත වනු ඇත.

    තායිවානයේ ඉහළම විනිසුරු මඬුල්ල තීරණය කළේ සමලිංගික විවාහය වළක්වාලන, තායිවානයේ දැනට පවතින නීතිය මගින් සමානාත්මතාවයේ අයිතිය උල්ලංඝනය වන බැවින් එය ව්‍යවස්ථා විරෝධී බවය.

    එබැවින් නව නීති සම්මත කිරීමට හෝ පවතින නීති සංශෝධනය කිරීම සඳහා තායිවාන රජයට දෙවසරක කාලයක් ලබා දී තිබේ.

    කෙසේ නමුත් මෙම අධිකරණ තීරණය අනුව නව නීති සම්පාදනයට හෝ පවතින නීති වෙනස් කිරීම සඳහා තායිවානයේ පාර්ලිමේන්තුව කෙතරම් දුරට ක්‍රියාත්මක වේද යන්න තවමත් පැහැදිලි නැති බව එරට දේශපාලන විශ්ලේෂිකා සින්ඩි සුයි පවසන්නීය.

    සමලිංගික විවාහය නීතිගත කිරීමට එරෙහිව තායිවානයේ ආගමික කණ්ඩායම් විරෝධය පළ කරති.

    වසර දෙකක් ඇතුළත නව නීති සංශෝධනය නිම කිරීමට පාර්ලිමේන්තුව අපොහොසත් වුවහොත් අධිකරණ තීරණය පාදකකර ගනිමින්, විවාහවීමට කැමති සමලිංගිකයන්ට තම විවාහය සඳහා ලියාපදිංචි වීමට අයිතියක් ඇති බව තායිවාන අධිකරණය පවසයි.

    තායිවාන අධිකරණය මෙම තීරණයට එළැඹියේ, කලාපය තුළ සිටින සමලිංගික ප්‍රජාවට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක වෙමින් තිබියදී ය.
    දඬුවම්

    පසුගිය දා ඉන්දුනීසියාවේ අචේ ප්‍රාන්තයේදී සමලිංගිකව එක්වූ තරුණයන් දෙදෙනෙකුට වේවැල් පහර 85 බැගින් වූ දඬුවමක් ප්‍රසිද්ධියේ ලබා දෙන ලදී.

    මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ අනෙකුත් ප්‍රාන්තවල සමලිංගිකත්වය නීතියෙන් තහනම් කර නොමැති නමුත් අචේ ප්‍රාන්තය තුළ පමණක් ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමට අවසරය ලබාදී තිබේ.

    එමෙන්ම ඩකා අගනුවර ප්‍රජා මධ්‍යස්ථානයක රැස්ව සිටි සමරිසි පුරුෂයන් (gay men) විසිහත් දෙනෙකු බංග්ලාදේශ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ද පසුගිය දා වාර්තා විය.

    අසල්වාසීන් විසින් දෙන ලද ඔත්තුවක් අනුව ප්‍රජා මධ්‍යස්ථානය වටකරමින් එම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව එරට පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. (බීබීසී )

    23 May, 2017

    ලිංගික අපයෝජනය කිරීමට තම කුඩා දරුවන් අලෙවි කළ කාන්තාවන්

    By: Aththa Withthi On: 5/23/2017 01:30:00 PM
  • Let's Get Social


  • ලිංගික අපයෝජනය කිරීමට සඳහා විවිධ පුද්ගලයන්ට තම දරුවන් අලෙවි කරන දෙමව්පියන් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

    අදාළ සිදුවීම වාර්තා වන්නේ පිලිපීනයෙන්.

    රූපවාහිනී විමර්ශන වැඩසටහනක් මගිනුයි මෙම සොයගැනීම සිදුකර ඇත්තේ.

    එහිදී තම කුඩා දරුවන් ලිංගික වහලුන් ලෙස අලෙවි කළ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    Stacey Dooley නමැති ජනමාධ්‍යවේදිනියක් මෙම විමර්ශන වැඩසටහන සිදුකර තිබෙනවා.

    ඇය අදාළ කාන්තාවන් සමඟ මිතුරු වී ඇත්තේ තම දරුවන්ද මෙලෙස අලෙවි කිරීමට අවශ්‍ය බව සඳහන් කරමින්.

    පසුව ඔවුන්ගේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් අනතුරුවයි පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී තමන් වැරදිකරුවන් ලෙස ප්‍රකාශ කළ මෙම සැකකාර කාන්තාවන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීමට තම දරුවන්ද වගකිව යුතු බවයි.

    සැකකාර කාන්තාවන් දෙදෙනා සොහොයුරියන් බවටයි අනාවරණ වී ඇත්තේ.

    මෙලෙස ලිංගික වහලුන් ලෙස දරුවන් අලෙවි කිරීම පිලිපීනයේ වඩාත් ව්‍යාප්ත වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.

    මේ අයුරින් අලෙවි කරන දරුවන් අතර 5 හැවිරිදි වියේ දරුවන් පවා සිටින බවයි අනාවරණ වී ඇත්තේ.

    ඔවුන් අලෙවි කිරීම සඳහා අන්තරජාලය මගින් නිරුවත් වීඩියෝ පළකිරීමක්ද සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.


    parents sell kids for sex-02

    (Hiru)

    ජෙරුසලම ඇඳුමට ගත් සංස්කෘතික ඇමතිනිය (Photos)

    By: Aththa Withthi On: 5/23/2017 05:25:00 AM
  • Let's Get Social

  • කෑන්ස් සිනමා උළෙල කියන්නේ කවදත් සුවිශේෂී පුවත් මැවුම්කරුවෙක්. මේ වසරත් කෑන්ස් සමඟ බැදුණු තවත් සිදුවීමක් පිලිබඳ මධ්‍යයේ විශේෂ කතාබහක් සිදුවුණා.

    Miri Regav කියන්නේ ඊශ්‍රායලයේ සංස්කෘතික ඇමතිනිය. මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩිවශයෙන් ඇය පිලිබඳ කතාබහක් යනවා. අවරුදු 51ක් වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවක් බවයි සඳහන් වෙන්නේ.

    ඇය මේ ළඟදි පැවැත්වුණු කෑන්ස් (Cannes Fim Festival) සිනමා උළෙලට සහභාගී වෙන්නේ අපූරු ඇඳුමක් එක්ක.

    අගේ ඇඳුමේ යට කොටස හැඩ වී තිබුණේ ජෙරුසලමේ සිත්තමකින්. (mirrorarts)