Showing posts with label Features. Show all posts
Showing posts with label Features. Show all posts

06 June, 2017

චංගුමීගෙන් ලංකාවට පරිත්‍යාග

By: Aththa Withthi On: 6/06/2017 08:18:00 PM
  • Let's Get Social

  • පැවති ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් මියගිය සහ අවතැන් වූ ලාංකික ජනතාව වෙනුවෙන් 'සුජාත දියණිය’ නම් වූ ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරූපණය කළ කොරියානු රංගන ශිල්පිනි ලී යන්ග් (Lee Young ae) සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

    ගංවතුර හා නායායෑම් හේතුවෙන් පීඩාවත් පත් ජනතාවට සහන සැලසීමට ඇය විසින් කොරියානු වොන් 56,000,000 (ඇමරිකානු ඩොලර් 50,000)ක මුදලක් ලංකාවට පරිත්‍යාගකර තිබේ.

    මෙම පරිත්‍යාගී මුදල ඇය විසින් කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට බාර දීමෙන් අනතුරුව ඔහුව විසින් කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (05දා) බාර දී තිබේ.

    05 June, 2017

    ගල් විහාරයේ පිළිමයකට සිවුරු පොරවලා! ලෝක උරුමයත් නැතිවෙයි!

    By: Aththa Withthi On: 6/05/2017 10:14:00 PM
  • Let's Get Social

  • ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවේ පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් යළිත් වරක් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් කිසියම් අයකුගේ බාරයක් ඔප්පු කිරීම පිණිස ඉකුත්දා (02දා) අතුරා ඇතැයි වාර්තා වනවා.

    ගල් විහාර පුද බිම ලෝක උරුම ස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබියදී එහි පුරාවස්තුවලට හානි කිරීමක් හෝ එහි පවතින ස්වරූපය වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් සිදු කිරීම බරපතළ වැරැද්දක් වන අතර පුරාවිද්‍යා ආරක්ෂකයන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් හා පුරාවිද්‍යා පොලිසිය බලා සිටිද්දී මේ ඇතිරිල්ල බුද්ධ ප්‍රතිමාවට පොරවා ඇති බවයි පැවසෙන්නේ.

    මීට මසකට පමණ ඉහත දී ද මෙවැනි ඇතිරිල්ලක් බුද්ධ ප්‍රතිමාවට පොරවා තිබියදී ඇමැතිවරයාගේ අවධානය යොමුවී එය ඉවත් කර තිබේ. මුදල් උපයාගැනීමේ අරමුණ ඇතිව මේ ස්ථානය බාරහාර ඔප්පු කරන තැනක් බවට පත් කිරීම බරපතළ තත්ත්වයක් බවත් මෙයින් ඓතිහාසික ගල් විහාර පුදබිම ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද ඉඩ ඇතැයි විද්වත්හු පවසති.

    "කැලණි ගඟානෝ" කවියෙන් කියැවෙන්නේ ලිංගික සූරාකෑමක් ගැනද?

    By: Aththa Withthi On: 6/05/2017 01:44:00 PM
  • Let's Get Social


  • පසුගිය දිනවල ඇති වූ ගංවතුරින් කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණිය, බියගම, දොම්පේ, වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බරපතල ආපදා තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ සහ අලූත්කූරු කෝරල මායිමෙන් ගලා බසින කැලණි නදිය නිතර නිතර පිටාර ගැලීම නිසා ගංවතුර අවදානමක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එනිසාම බියගම, මල්වාන, පහළ මාපිටිගම, උඩමාපිටිගම, පුගොඩ, තරාල, රන්වල, දංගල්ල ආදී ප‍්‍රදේශ මුල්කොට කැලණි ගඟේ ගංවතුර පිටාර කලාප කිහිපයක් ද ස්ථාපිත වී තිබේ. කැලණි නදියේ මෙම පිටාර ගැලීමේ ස්වභාවය මුල්කොට ප‍්‍රකට ජන කවියක් ද ඇත.

    04 June, 2017

    වෙඩිසිංහගේ මරණය ඝාතනයක් බවට සැකයක් (Video)

    By: Aththa Withthi On: 6/04/2017 10:30:00 PM
  • Let's Get Social

  • යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණය සැක සහිත බවත්, හිතාමතාම ඔහු අනතුරට පත් කර ඇති බවත් වෙඩිසිංහගේ සහෝදරයෙකු වන නිරෝෂන් වෙඩිසිංහ ෆේස්බුක් සටහනක් සමඟ අනතුරේ වීඩියෝවක් එක් කරමින් පවසා ඇත.

    මේ අතර ඔහු එම සටහනෙන් යතුරැ පැදි ධාවකයන්ගෙන් හා නරඹන සියළු දෙනාගෙන්ම ඒ ගැන අදහස් දක්වන ලෙසද ඉල්ලා තිබේ.

    වීඩියෝව නැරඹූ බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ අනෙක් පුද්ගලයා විසින් ආනන්ද වෙඩිසිංහව අනතුරට පත් කර ඇති බවයි.

    ඔහු තබා ඇති ‍ෆේස්බුක් සටහන පහතින්

    මේ සුරාජ් පෙරේරා සහ ආනන්ද වෙඩිසිංහ අතර සිදු වූ අනතුරේ මන්ද චලන වීඩියෝවයි. මට සහ වෙඩිසිංහ පවුලේ සියළු දෙනාට මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇත. මම මෙම වීඩියෝව දමන්නේ ශ්‍රී ලංකාවේ සියළු රේසින් ධාවකයන්ට සහ රේසිං ක්‍රීඩාවට ආදරය කරන සියළු දෙනාගේ දැනුවත් භාවයට සහ අදහස් විමසීමටයි.

    1. මට මෙම වීඩියෝව බලන කොට පෙනෙන්නේ සුරාජ් වංගුව ගන්නට උත්සාහ නොකරණ බවත් ඔහු හිතාමතාම ආනන්ද වෙඩිසිංහගේ ඇඟට එන බවත්, සුරාජ් පැවසුවේ ඔහුගේ යතුරු පැදිය ආනන්දගේ යතුරු පැදියේ හැන්ඩලයේ පැටලුන නිසා මෙම අනතුර වුනා කියලා, නමුත් බලන්න සුරාජ් ගේ යතුරු පැදිය ආනන්දගේ යතුරුපදියේ ගැටෙන්නේ වංගුවේ කෙලවරෙදිය. ඔහු ආපු වේගයත් එක්ක කෙලවරට ගොස් එම වංගුව ගත නොහැක.

    අනික ඔහුගේ යතුරු පැදිය වංගුවේදී නැමීමකට ලක්වෙන්නේ නැහැ. ඔහු පැමිණෙන්නේ කෙලින්ම ආනන්දගේ ඇගටය. ඔබ පැහැදිලිව නැරඹූවිට
    එය වැටහේවි.

    2. යතුරුපැදි ගැටෙන අවස්ථාව සුක්ෂමව බැලුවිට පෙනී යනවා සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහගේ යතුරු පැදියට පදයෙන් හිතාමතා පහරක් ගහන ආකාරය. එම පහරත් සමගමයි ආනන්දගේ යතුරු පැදියේ සමබරතාවය ගිලිහී යන්නේ.

    මම සුරාජ් පෙරේරාව පුද්ගලිකව හදුනන්නේ නැත. ඔහු සමග පුද්ගලික තරහක් තිබ්බේද නැත. නමුත් මෙයින් පෙනීයන්නේ සුරාජ් හිතාමතා මේ දේ කර අානන්දව පසුකර යන්න උත්සාහ කිරීමකි. නමුත් ඔහුටද වරදින්නේ ඔහුගේ වේගයද වැඩිවීම නිසාය.

    සුරාජ් ආනන්දගේ වියෝවට ශෝකය පලකරේද නැත. මම ඔහුගෙන් අනතුර වූ දින කිහිපයකට පසු facebook comment එකකින් විමසු විට කියා සිටියේ මගේ සහෝදරයාට රේස් පදින්න උගන්වන ලෙසයි.

    ආනන්ද වෙඩිසිංහට රේසිං ක්‍රීඩාව සම්බන්දයෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැත. අවු : 25 රේසිං ජිවිතයේ ඔහු විසින් දිනා ඇති කුසලාන සහ ඔහු විසින් දිනාගත් ප්‍රේක්ෂක ආදරය ඔහුගේ හැකියාවට හොඳම නිදසුනි.

    මම වැරදි වෙන්නට පුළුවන. මම පෙන්වාදෙන්නේ මට මෙම වීඩියෝව දුටුවම හැඟෙන දෙයයි. මම මෙම වීඩියෝව ඔබ නෙත් ඉදිරියේ දිගහරින්නේ ඔබ නොදුටු දේ පෙන්වීමටත් මෙය අනතුරක්ද හිතමතා කල දෙයක්ද යන්න ඔබගේ අදහස් දැනගැනීමටත්ය.

    This is the slow motion clip from the accident between Suraj Perera and Ananda Wedisinghe....I have questions from All Riders and All the people who love racing and know about racing.
    1. Does it look like suraj trying to take the bend at all?

    (the bikes collide its true but see where it collide? bikes collide in the far corner of that bend, now suraj or any one can take that bent coming at a speed like that, as far it seems Suraj is trying to cut of Ananda Wedisinghe from the bend)

    2. as the bikes collide surajs leg lifts up and seems he is kicking Ananda Wedisinghe's bike intentionally.

    I have no personal issue with suraj cz my brothers is dead, but this doesnt seems like and real accident it seems he wanted to this, but unfortunate for him as well since he fell off aswell.

    I don't know may be I am wrong, but I am leaving this video for your eyes to decide..



    (srilankamirror)

    03 June, 2017

    කාංචනාගෙන් Online පිම්ම

    By: Aththa Withthi On: 6/03/2017 05:10:00 AM
  • Let's Get Social

  • කාංචනා ප්‍රියකාන්ත නව පරපුරේ ලේඛිකාවක්. ඒ වගේම ඇය ප්‍රකාශිකාවක් ලෙස කටයුතු කරනවා. පොත් අලවිකරණයේ අලුත් ඉමක් සටහන් කරන ඇය kbooks.lk හරහා අන්තර්ජාලයෙන් පොත් අලෙවි කරනවා.

    පොත් ලියන කාංචනා මේ කරන අලුත් වැඩේ මොකද්ද?

    පොත් එක්ක වැඩ කරන්න මට ළමා කාලයේ ඉඳලම තිබුණේ ලොකු ආසාවක්. ඒ ආසාව විවිධ ආකාරවලට දිශාන්ත වෙලා. ලේඛනය, ප්‍රකාශනය වගේ විවිධ පැති ඒ ආශාව නියෝජනය කරනවා. අලුත්ම පැතිකඩ තමයි kbooks.lk මේ හරහා ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ ඕනෑම තැනක ඉන්න පාඨකයන්ට ඉතාමත් පහසුවෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි කියන භාෂා තුනෙන්ම ලියවුණු පොත් ලබා ගන්න පුළුවන්. නමුත් kbooks.lk කියන්නේ කාංචනා ප්‍රියකාන්ත පමණක් නෙවෙයි කියලත් කියන්න ඕනේ. මේ අලුත් වැඩේ සාර්ථක කරගන්න ඒ පිටුපස ඉඳන් සහයෝගය දෙන කණ්ඩායමක් ඉන්නවා.

    අන්තර්ජාලය හරහා පොත් විකුණන්න පුළුවන්ද?

    ඒක අභියෝගයක්. නමුත් මේ වනවිටත් ඒ අභියෝගය kbooks.lk සාර්ථකව ජය ගනිමින් ඉන්නවා. අන්තර්ජාල පහසුකම් තිබෙන බොහෝ දෙනා අතර අන්තර්ජාලය හරහා කෙරෙන මිලදී ගැනීම් ජනප්‍රියයි. එවැනි දේට හුරු වුණු කෙනෙක් දන්නවා එහි ඇති පහසුව. අන්තර්ජාලය හරහා වර්තමානයේදී විකුණන්න බැරි දෙයක් තියෙනවද? ඉතින් බොහෝ දෙවල්වලට සාපේක්ෂව අඩු මිලෙන් යුතු නමුත් මිල කළ නොහැකි ආකාරයේ ගුණාත්මක වටිනාකමකින් යුතු පොත් මිලදී ගැනීම අන්තර්ජාලය හරහා ජනප්‍රිය නොවන්න හේතුවක් නැහැ.

    අපේ රටේ කියවන සමාජය මේ අලුත් වැඩේ භාර ගනීවිද?

    අනිවාර්යයෙන්ම ඔව්. මොකද kbooks.lk නිර්මාණය වන්නේ ලංකාව තුළ පමණක් නොවේ ලෝකේ පුරාම විසිරිලා ඉන්න ලාංකික පාඨක සමාජය වෙනුවෙන්. මේ වනවිටත් අපේ රටේ කියවන සමාජයෙන් ඬඡධධඬඵ.තඬ වලට තියෙන්නේ සුබවාදී ප්‍රතිචාර. මොකද kbooks.lk කියන්නේ සේවාවක් සපයන වෙබ් අඩවියක්. ලංකාවේ පාඨකයකුට කොළඹ හැරුණු කොට වෙනත් ප්‍රදේශයන්වලින් අවශ්‍ය ඕනෑම පොතක් පහසුවෙන් ලබා ගැනීමට ක්‍රමවේදයක් නැහැ කියන එක රහසක් නොවේ. නමුත් ඒ පහසුකම නැති නිසාම පාඨකයෙක්ට පොත් කියවීමෙන් අෑත් වෙන්න සිදු වෙනවා නම් එය ඔහුට සිදුවන අසාධාරණයක්. ඒ වගේම නගරබදව හෝ කොළඹ ආසන්නයේ සිටියත් අධික කාර්යබහුලත්වය නිසාම මිනිස් පැයක වටිනාකම ඉහළ ගියාම ඔවුන්ට තමන්ගේ කාලය පොත් සාප්පුවක් වෙත යන්න වැය කරන්න අපහසු වෙනවා.
    එතැනදී ඒ හේතුව නිසා ඔවුන්ට අකැමැත්තෙන් වුවත් පොත් කියවීමෙන් අෑත් වෙන්න වෙන වෙලාවල් තියෙනවා. kbooks.lk ම් හැම ගැටලුවකටම හොඳම විසඳුම ලබාදෙනවා. ඬඡධධඬඵ.තඬ වලින් ඉතා අඩු කාලයක් ඇතුළත තමන්ට අවශ්‍ය ඕනෑම පොතක් පහසුවෙන් සොයා ගන්න පුළුවන්. පාඨක සමාජයේ බොහෝ දෙනා දැනටමත් ඬඡධධඬඵ.තඬ භාරගෙන තිබෙනවා.

    ඇනවුම් කරන ඕනම පොතක් ඔබ ගාව තියෙනවාද?

    ඔව්. දැනට මුද්‍රණයේ නැති පොත් හැරුණු කොට අනිත් ඕනෑම පොතක් kbooks.lk පාඨකයාගේ අතටම ලබා දෙනවා. හොයාගන්න ඉතා අපහසු පොත් පවා අපේ පාඨකයන්ට අප විසින් ලබාදී තිබෙනවා. ඒ වගේම ලංකාවේ සොයාගන්න නැති ඉංග්‍රීසි බසින් ලියැවුණු පොත් අපි ඉතා පහසු මිලට අපේ පාඨකයන්ට ගෙන්වා දී තිබෙනවා.

    මේ හරහා කෙනෙක්ට පොත ගෙන්වා ගන්න පුළුවන් කොහොමද?

    www.kbooks.lk යන වෙබ් අඩවියට පැමිණ ඒ හරහා තමන් කැමැති ඕනෑම පොතක් ඇණවුම් කිරීමේ හැකියාව තිබෙනවා. එසේත් නැත්නම් අපගේ ඩ්ධබ තඪදඥ එකට කෝල් කර හෝ කෙටි පණිවුඩයක් එවා තමන්ට අවශ්‍ය පොත් ගෙන්වා ගන්න පුළුවන්. අපගේ facebook Page එක වගේම group එක හරහාත් පොත් සම්බන්ධව විමසීම් කරන්න පුළුවන්. පොත් ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව පවතිනවා. එසේත් නැත්නම් තමන්ට පහසු ආකාරයට මුදල් ගෙවීමේ ක්‍රම වේදයක් තිබෙනවා.

    පොත් ලියන අයට මේකෙන් ලැබෙන සහාය කුමක්ද?

    ලේඛිකාවක් සහ ප්‍රකාශිකාවක් විදියට පොත් සාප්පු සම්බන්ධව ඉතාමත් කටුක සහ අමිහිරි අත්දැකීම් රාශියක් මට තිබෙනවා. kbooks.lk පටන් ගන්න තව හේතුවක් ඒක. සමහර වෙලාවලට ලේඛකයා හෝ ලේඛිකාව එතරම් ජනප්‍රිය නැති නම් සමහර පොත් සාප්පු ඒ පොත් විකිණීමට භාර ගැනීම ප්‍රතික්ෂේප කරන අවස්ථා තිබෙනවා. ඔවුන්ට එහෙම කරන්න ඔවුන්ගේ පැතිවලින් සාධාරණ හේතු තියෙන්න පුළුවන්. මං කැමැති ප්‍රතික්ෂේපවීම්වලදී අනිකාට ඇඟිලි දිකු කරමින් මැසවිලි නඟන්න නොවෙයි ඒවලට ගැළපෙන විසඳුම් හොයන්න. kbooks.lk වල අලුත් පරණ භේදයක් නැතිව ඕනෑම ලේඛකයකුගේ සහ ප්‍රකාශකයකුගේ පොත්වල ඉඩ තියෙනවා. අපිට හැම ලේඛකයෙක්ම ප්‍රකාශකයෙක්ම එක වගේ වටිනවා. මොකද හැම පොතක්ම වැඩකට තියෙන පොතක්. (MB WEB)

    02 June, 2017

    ඩාවින්චි ගේ අග්‍රගණ්‍ය කලාකෘති ප්‍රදර්ශනයක් (Photos)

    By: Aththa Withthi On: 6/02/2017 05:10:00 AM
  • Let's Get Social

  • ලෝක ප්‍රකට සිතුවම් ශිල්පියක් මෙන්ම නිර්මාණ ශිල්පියකු වූ ලියනාඩෝ ඩාවින්චිගේ විවිධ නිර්මාණ එකතුවක ප්‍රදර්ශනයක් බෙල්ජියමේ බ්රුග් නුවරදී 31 පවත්වා තිබේ.

    එහි ඔහුගේ සැලසුම් නිර්මාණ, කලා කෘති වල ආකෘති සහ සැලසුම් වල මුල් පිටපත් ද ප්‍රදර්ශනයට තබා ඇත.

    මෙතෙක් ලෝකයේ පැවැත් වූ විශාලතම ප්‍රදර්ශනය මෙය බව එහි සංවිධායකයන් ප්‍රකාශ කර තිබේ.

    ඇල්බ්‍රෙච් ඩියුරා, මයිකල් ආන්ජලෝ මෙන්ම ඩාවින්චි ගේ සමකාලින කලාකරුවන් රැසකගේ නිර්මාණ ද ජනතාවට මෙහි දී දැක ගැනීමට හැකියාව ලැබී ඇත.

    එකම ස්ථානයක දී අග්‍රගණ්‍ය කලා කෘති රැසක් මහජනතාවට විවෘත කිරීම ප්‍රදර්ශනයේ අභිප්‍රාය වී තිබේ. 


    (mirrorarts)

    01 June, 2017

    ශ්‍රී ලංකාවේ හොඳම සමාධි පිළිමය ඇත්තේ අනුරාධපුරයේ නොවේ

    By: Aththa Withthi On: 6/01/2017 02:40:00 PM
  • Let's Get Social

  • ඒ 1980 දශකයේ මැද භාගයේ දිනයකි සුප්‍රකට ඡායාරූප ශිල්පියකු සහ ප්‍රතිමා කලා විචාරකයෙකු වන ස්විස්ටර්ලන්ත ජාතික උල්රිච් වොන් ශෝදර් (Ulrich Von Schroeder) ශ්‍රී ලංකාවේ පැරණි ප්‍රතිමා පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටියේය. එහිදී ජාතික කෞතුකාගාරයට පිවිසි මෙම ප්‍රතිමා කලා විචාරක වරයා එවක ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂකව සිටි ආචාර්ය සිරි නිමල් ලක්දුසිංහ මුණ ගැසිණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක විද්‍යාඥයකු සහ ප්‍රතිමා කලා විශාරදයකු වන ආචාර්ය ලක්දුසිංහයන් ගෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිමා පිළිබඳ බෙහෝ තොරතුරු අසා දැන ගත් මේ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා ලක්දුසිංහයන් සමගින් ගොස් කොළඹ ජාතික කෞතුකාගාරයේ ඇති අනේක විධ ප්‍රතිමා සහ ඒවායේ ලක්ෂණ නිරීක්ෂණය කළේය.

    අවසානයේ කෞතුකාගාර ආලින්දයට පැමිණි මෙම විදේශිය විද්වතා එහි තැන්පත් කොට ඇති සමාධි පිළිමය විවිධ කෝණ මගින් නිරීක්ෂණය කරන්නට විය. බෙහෝ වේලාවක් සිදු කරන ඔහු ගේ මෙම නිරීක්ෂණය දුටු ආචාර්ය ලක්දුසිංහ සෙමෙන් එම කලා විචාරකයා වෙත ළං විය.

    ‘මොනවද ඔය ප්‍රතිමාවේ ඔච්චරම බලන්න තියෙන්නේ..’ ආචාර්ය ලක්දුසිංහ සරදමට මෙන් ඇසීය.

    ‘මේ ප්‍රතිමාවේ මූණේ පෞරුෂයයි, ශාන්ත බවයි මේ විදියට සංකලණය කළේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ. ඒත් දැන් මම දැන් පුදුම වෙන්නෙ ඒ කාරණය ගැන නෙවෙයි’. කලා විචාරකයා කීය.

    ‘එහෙනම්...?’ ආචාර්ය ලක්දුසිංහ ඇසීය.

    ‘බලන්න මේ පිළිමේ අත්දෙක දිහා. මේ අත් දෙක උකුළට තද කරගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. එත් ඒ වගේම උකුළට උඩින් අත්දෙක එල්ලා ගෙන ඉන්න බවක් පෙන්නෙත් නෑ. පුදුමෙට කාරණේ ඒකම නෙවෙයි.’

    එසේ කියූ ස්විස්ටර්ලන්ත ජාතික කලා විචාරකයා අචාර්ය ලක්දුසිංහ වෙත තවත් සමීප විය.

    ‘මොනව වුණත් මේක හදලා තියෙන්නේ කළුගලින් නේද?’

    මා දැන් කීමට සැරසෙන ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව පිළිබඳ පූර්විකාව එසේය.

    අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමාව පිළිබඳව රට පුරා පැතිර ගත් වැරදි මතයක් තිබේ. එනම්, එය අනුරාධපුර මහමෙවුනා උයනේ පිහිටා ඇති බවකි. එහෙත් සත්‍ය ලෙසම අනුරාධපුර සමාධි පිළිමය හා මහමෙවුනා උයන අතර කිසිම සම්බන්ධයක් නැත. එය සැබැවින්ම පිහිටා ඇත්තේ මහමෙවුනාවට අයත් මහා විහාර සංකීර්ණයේ වත්නොවේ. ඉන් ඉඳුරාම බැහැර පිහිටි අභයගිරි ආරාම සංකීර්ණයට අයත් භූමි භාගයකය. එමෙන්ම අනුරාධපුර පූජා නගරය තුළ අද දක්නට ඇති සමාධි පිළිම වහන්සේට අමතරව නිර්මාණාත්මක ලක්ෂණ අතින් ඊට කෙසේවත් නොදෙවෙනි තවත් සමාධි පිළිම වහන්සේ නමක් විසිවන සියවසේ මුල් අර්ධය තෙක්ම අනුරාධපුරයේ වැඩ සිට ඇත.


    තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේ අනුරාධපුරයේ දී හා කොළඹ දී

    එහෙත් ඉන්පසු කුමක් හෝ හේතුවක් මත එම ප්‍රතිමා වහන්සේ එතැනින් ඉවත් කොට තිබේ. ඒ 1911වසරේ දී යැයි කියණු ලැබේ. ඉන් පසු එය කොළඹ කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කරන ලද බවක් පැවසේ. මෙහි මුලින් පැවසුණු පරිදි විදේශිය ප්‍රතිමා කලා විචාරකයෙකු විස්මයට පත් කළ ඒ සමාධි ප්‍රතිමාව මේ මෙහොතේදීත් කොළඹ ජාතික කෞතුකාගාරයේ පිවිසුම් ද්වාරය අබියස දී ඔබට දැක ගත හැක. ඒ හුදෙක් කෞතුක වස්තුවක් ලෙසිනි. එසේ විතැන් කිරීමෙන් එම ප්‍රතිමාවහන්සේට සේම සියවස් ගණනාවක් තිස්සේ එය ස්ථාපිතව තිබූ තොළුවිල පුරාවිද්‍යා රක්ෂිතයටද සුවිසල් අගතියක් සිදු වී ඇත.

    ඇතැම් කලා විචාරකයන් පවසන අන්දමට මෙම සමාධි ප්‍රතිමාව අභයගිරි සමාධි ප්‍රතිමාවටත් වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලින් පිරිපුන්ය. මෙම මතය දරන්නවුන් අතර හිටපු ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ, සහ කැලණිය විශ්වවිද්‍යාලීය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සේම ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයන්ගේ සභාවේ සමාරම්භක ලේකම් ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහයන් ඇතුළු තවත් විද්වත් පිරිසක් වෙති.

    ජය ශ්‍රී මහා බෝධි වන්දනාවෙන් අනතුරුව මිහින්තලා පුදබිම වෙත යන ඔබට එම යන මාර්ගය අතරතුර ප්‍රධාන මාර්ගය ආසන්නයේම දකුණු දෙසින් අතීතයේ මෙම සමාධි ප්‍රතිමාව තිබූ තොළුවිල පුරාවිද්‍යා ස්ථානය දැක ගත හැක.

    තොළුවිල ආරාම සංකීර්ණයේ මාලක දෙකකින් යුක්ත විශාල ප්‍රතිමාඝරයක් දකුණු දිශානුගතව පිහිටා ඇත. කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ තැන්පත් කොට ඇති සුප්‍රකට තොළුවිල සමාධි පිළිමය තැන්පත් කොට තිබුණේ මෙම ප්‍රතිමා ගෘහයේය.



    යටත් විජිත පාලකයන්ගේ තීන්දු තීරණ හමුවේ මුල් පිහිටි ස්ථානය අහිමි වූ යැයි මෙම සමාධි පිළිමයට හිමි විය යුතු නිසි ගෞරවය අද වන විට අහිමි වී ඇතැයි මට සිතේ. අඩි 05 අඟල් 09ක් උස්වූ මෙම පිළිමයෙහි බාහු ශීර්ෂ අතර පරතරය අඩි 03 අඟල් 05කි. වීරාසන මුද්‍රාවෙන් යුතු ප්‍රතිමාවෙන් මූර්තිමත් වන ශාන්ත ස්වභාවය හා මුහුණෙහි සහ අඟපසඟවල දක්නට ඇති සප්‍රාණික ස්වාභාවයද නිසා මෙම ප්‍රතිමාවේ ශ්‍රේෂ්ඨත්වය හා කලාත්මක වටිනාකම ඉතා ඉහළ මට්ටමක පවතින බව විද්වත් මතයයි. මේ අතරින් මාහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයෝ ශ්‍රී ලංකාවේන් මෙතෙක් ලැබී ඇති විශිෂ්ඨතම සමාධි ප්‍රතිමාව ලෙස නිර්භයව මෙය හඳුන්වා දෙති. මෙම ප්‍රතිමාව සම්බන්ධයෙන් සුවිශේෂී අගැයුමක් කරන මේ රටේ පළමු පුරාවිද්‍යා කොමසාරිස් එච්.සී.පී.බෙල් සූරීන් පවසා ඇත්තේ අප රටින් ලැබුණු අලාභහානි කිසිවක් සිදු නොවූ පිරිපුන් සමාධි පිළිමයද මෙයම බවය.

    කෙසේ හෝ ලෝකප්‍රකට ඉතිහාසඥයෙකුද වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු තුමන් ඇතුළු පෙර අපර දෙදිග විද්වතුන් රැසකගේ අවධානයට ලක් වීම මත ශ්‍රී ලංකාවේ ඇති විශිෂ්ටතම සමාධි ප්‍රතිමාව අනුරාධපුරයේ පිහිටි සමාධි පිළිමය බවට පොදු පිළිගැනීමක් ඇත.

    එහෙත් ප්‍රතිමා කලා විශේෂඥයන්ගේ නිදහස් අදහස් අනුව මෙම ප්‍රතිමා දෙක සංසන්දනය කළ විට ඉන් මුල් තැන අද වන විට අඩුම තරමින් මලකින් පහනකින් පිදුම් නොලබා කොළඹ ජාතික කෞතුකාගාර ආලින්දයේ වැඩ හිදින මෙම තොළුවිල සමාධි ප්‍රතිමා වහන්සේට හිමිවන බවද මගේද බලවත් විශ්වාසයයි.

    තිලක් සේනාසිංහ (lakbima)

    අපි මෙහෙ යට වෙලා! සමහරු සත්තු වත්තේ සත්තු බලන්න ආවා වගේ..ෆොටෝ වීඩියෝ කරනවා..එපා කීවම ඇඟට ගොඩවෙනවා

    By: Aththa Withthi On: 6/01/2017 11:55:00 AM
  • Let's Get Social

  • ගංවතුර ක්‍රම ක්‍රමයෙන් බැස යමින් තිබේ.අඩාල වූ ජන ජීවිතයද යථා තත්වයට පත්වෙමින් තිබේ.බංගලාදේශයට ගිය මෝරා නැවතත් ඉන්දියාවට පැමිණෙමින් තිබේ.

    2003 වසරෙන් පසුව ශ්‍රී ලංකාවට ඇතිවූ දරුණුතම ගංවතුර මෙයයි.අහිමි වූ ජීවත ගණන 200කට වැඩිය.100කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ය.දහස් ගණනක් අවතැන්ය.නිවාස අහිමි වෙලාය.

    බොහෝ දෙනාට හැඳි වත් පමණක් ඉතිරි කළ මහා ගංවතුර, අනෙකාට උදව් කිරීමේ ශ්‍රී ලාංකිකයන් සතු උතුම් ගුණය මැනවින් පෙන්වූහ.

    බොහෝ දෙනා අධාර දුන්හ.ඇතැමුන් තම දිවා අහාරපත පවා විපතට පත්වූවන්ට ලබාදුන්හ.ඇතැමුන් ස්වේඡ්චා සේවකයන් ලෙස ඉදිරිපත් විණ.ඇතැමුන් තමාගේ පරණ පාඩම් සටහන් විපතට පත්වූ දරු දැරියනට ලබාදීමට සුදානම් බව සමාජ මාධ්‍ය ඔස්සේ කියැවිණ..වෙනදා මෙන්ම ත්‍රිවිධ හමුදාවෙන් ලද සහය අති මහත්ය.

    කෙසේ වෙතත් අපේම රටේ දහස් ගණන් ජනතාව අසරණ වන ස්භාවික විපතකදී පවා එයා තමාගේ ආතල් එකක් කර ගැනීමට තරම් ඇතැමුන් පිරිහිලාය.

    ගංවතුර නැරඹීමට ඡායාරූප ගැනීමට ඇතැමුන් පැමිණියහ.ඔවුන්ගෙන් කණ්ඩායමක් ජල ප්‍රහාරට ගසාගෙන ගොස් නාවුක හමුදාව විසින් බේරාගත් ප්‍රවතක්ද පසුගියදා වාර්තා විය.විනෝද චාරිකාවක නිරතවන්නාක් මෙන් ගංවතුර නැරඹීමට පැමිණි සමහරුන්ගෙන් සහන සේවා කණ්ඩායම් වලට ඇති වූයේ දැඩි බාධාවකි.

    ඒ අතර ගංවතුරට හසුවූ නිවාස කඩසාප්පු වල වටිනා දේපළ සොරා ගැනීමට ඇතැමුන් ක්‍රියා කළ බව වාර්තාවිණ.

    මේ ඒ පිළිබඳව ෆේස්බුක් සමාජ ජාලයේ පළවී තිබූ සටහනකි.. 


    (nethgossip)

    අමෙරිකාවේ කෞතුකාගාරයක් ඇරඹූ ශ්‍රී ලාංකීක තරුණිය (Video)

    By: Aththa Withthi On: 6/01/2017 10:04:00 AM
  • Let's Get Social


  • ශ්‍රී ලාංකීය සංස්කෘතික සහ කලාත්මක අනන්‍යතාවයන් පිළිබඳ තොරතුරු ඇතුලත් කෞතුකාගාරයක් ඇරඹීමට අමෙරිකාවේ ජීවත්වන ශ්‍රී ලාංකීක තරුණියක් වන 18 හැවිරිදි ජූලියා විජේසිංහ නම් යුවතිය කටයුතු කර තිබේ.

    උපන් දා සිටම එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ජීවත් වුවද ඇය ශ්‍රී ලාංකීක සංස්කෘතියට සහ සිංහලකමට දැඩි ඇල්මක් දක්වන බවත් වාර්තා විය.

    එසේම ජූලියා විජේසිංහගේ පියා නිව්යෝර්ක් නගරයේ පළමු ශ්‍රී ලාංකීක අවන්හලේ හිමිකරු වන අතර වසර 30 පමණ කාලයක සිට ඔහු ඇමරිකාවේ පදිංචිකරුවෙක්ද වේ.

    සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳ ජායාරූප, පොත්පත්, ප්‍රතිමා රැසක් මෙම කෞතුකාගාරයේ දක්නට ලැබෙන අතර ලොව පුරා විවිධ සංස්කෘතීන්ට අයත් පුද්ගලයින් රැසක් මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන බව ද වාර්තා වේ.

    සිය දෙමව්පියන්ගේ සහාය ලබාගනිමින් වසර කිහිපයක් පුරා ඇය මේ සංස්කෘතික සහ කලා කෞතුකාගාරය අවැසි දෑ එකතුකරගෙන ඇත.




    (mirrorarts)

    ආදරණීය දරුවනේ අම්මලා මහපාරේ

    By: Aththa Withthi On: 6/01/2017 05:10:00 AM
  • Let's Get Social

  • කවියෝ මවකගේ ආදරය සඳට උපමා කළෝය. ඇය දරුවන්ගේ ජීවිතයට සදාකාලිකවම ආලෝකයක් වූවාය. ඇතැමුන් ඇය මේ මහ පොළොවට සමාන කළෝය. ඇය මහ පොළොව සේ සියල්ල දරාගත්තාය. එවන් වූ සියල්ල දරාගත් අම්මාවරු අද තම දරුවන් දකින්නට මහලු නිවාසවල දොරකඩට වී පෙරමං බලා සිටිති. මහමෙරක් තරම් විශාල වූ අප්පච්චිගේ ආදරය බොහෝ වෙලාවට වචනයෙන් විස්තර නොවිණි. මෑණියන් ආදරය මුළු හදවතින්ම පවසද්දී අප්පච්චි ඒ ආදරයේ හැඟීම් යටපත් කොට සිටියෝය. එවන් වූ අප්පච්චිලා අද මහලු නිවාසවල අහස දිහා බලා හුදෙකලාව හූල්ලති.

    දසමසක් කුසේ හොවා ලේ කිරිකර පොවා අම්මාගේ ලේ කිරිවලට හැරුවුණේ අපගේ මාතෘත්වයේ ආදරයෙනි. ලෝකයේ උතුම්ම පදවිය වූ මව්පදවිය දිනාගනිද්දී ඈ සැබෑ රැජනක්ම වූවාය. පුංචි පුතුගේ, පුංචි දුවගේ රෝගී පාට තොල්පෙතිවලට හාද්දක් දුන් අම්මාගේ ශරීරයේ ඇති වේදනාවන් ඇයට නොදැනුණි. පුතුගේ ජීවිතේ පළමු ඇඬුමෙන් අම්මාගේ ලෝකයේ සතුටු කඳුළු වැක්කෙරිණි.

    ජීවිතේ බර කර පින්නාගෙන මුළු පවුලම තම කර මතට ගත් පියවරුන් පුංචි පුතුගේ ලෝකයේ වීරයා විය. නමුත් එවන් වූ වීර අප්පච්චිට අතපය උස් මහත් වූ දරුවන් මහලු මඩම්වලට ගොස් ඇරලවන්නට තරම් ඒ අත් පව්කාර විය.

    අද බොහෝ මාර්ගවල මහලු අම්මාවරු පියවරු අනුන්ගෙන් සිඟමන් අයදිති. හරිහැටි ඇඳුමක් නැතිව කුසට අහරක් නැතිව හිස් වුණු බෙලෙක් ටින් එකත් අතේ ගෙන ඔවුහු හිස් වෙච්චි ජීවිතේ අතීතය දවස ගානේම ආවර්ජනා කරති.
    මෙවැනි පියවරු, මව්වරුන්ට මහලු වියේදී මෙසේ දරුවන්ගේ පිහිට නොලැබුණේ ඇතැම් මව්පියන් විසින්ම සිදුකළ ක්‍රියාකාරකම් නිසාද විය හැකිය. අද ඇතැම් පියවරු බිරින්දෑවරුන්ට කුඩා දරුවන්ට නොසලකා හරිති. ඔවුහු මත්පැන්වලට අනියම් ඇසුරට ගිජු වෙති. ඇතැමුන් නීතියෙන් විවාහ වූ තම බිරිඳ හා තමන්ට දාව උපන් දරුවන්ට තාඩන පීඩන කර වෙන කාන්තාවන් ඇසුර පතා ඔවුන්ගේ පහස ලබති. නිත්‍යනුකූල බිරිඳ තම කුඩා දරුවන් බොහෝ වෙහෙස මහන්සි වී හදා වඩා ගනියි. තනි වීරියෙන් ඔවුන්ව උස් මහත් කරයි.

    අවසානයේදී තම මවගේ පමණක් වීර්යයෙන් ලෝකය ජයගත් දරුවන්ට පිය සෙනෙහසක අරැමය කියා දීමෙන් පලක් වේද? කුඩා කල නොතිබූ ආදරය ඔවුන් දවසක වෛරයක් කර ගත්තාට එය අරුමයක් නොවේ. නමුත් දරුවන් කුඩා කල අනියම් කාන්තාවන්ගේ ඇසුර ලැබූ පියාට ජීවිතේ හැමදාමත් අනියම් ඇසුර පවත්වාගෙන යා නොහැක. නමුත් නැතිබැරි කල වයසට ගිය පියාට, උස් මහත් වුණු අමාරුවෙන් ලෝකය ජයගත් දරුවන්ගේත් ආදරය සෙනෙහස නැවත ලබාගත හැකිද....? අවසානයේදී එවැනි පියවරුන්ට උරුම වන්නේ මහලු මඩම්ය. නැතහොත් මහපාරය. මෙය බොහෝ දෙනකු නොසිතන නමුත් මේ සමාජයේ ඇතිවී තිබෙන තත්ත්වයකි.

    කුඩා කාලයේදීම තම දරුවන්ගේ ගෙල මිරිකා මරන්නට තැත් කරන, ළිඳකට, ගඟකට අතහරින පාපකාරී මව්පියන් අප සමාජයේ නැතිවා නොවේ. ඇය එම උතුම් මාතෘ පදවියටත් අපහාසයකි.

    අද වෙද්දී හතු පිපෙන්නා සේ මහලු මඩම් බිහිවෙමින් පවතී. දරුවන්ගේත් මාපියන්ගේ ක්‍රියා කලාපයන් ඊට හේතු වේ. මව්පියන්ගේ වටිනාකම් නොදත් අධම දරුවන් මෙන්ම කුඩා දරුවන්ට අවශ්‍ය කලකදී තම ආදරය සෙනෙහස නොදුන් අවාසනාවන්ත මව්පියන් හේතුවෙන්ද මෙම වැඩිහිටි නිවාස බිහිවෙමින් පවතී.

    අද වැඩිහිටි නිවාසවල ජීවත්වන මව්පියන්ගෙන් ඇතැම් දෙනා එම දරුවන්ට සාප කරති. ඇතැම් මවුපියෝ හිතින් තම දරුවන්ට ආශීර්වාද කරති. මේ අතර ඇතැම්හු අතීතයේ සිදුවූදේ ගැන පසුතැවිලි වෙති.

    අද වැඩිහිටි නිවාසවල ජීවත්වන මව්පියන්ගෙන් ඇතැම් දෙනා එම දරුවන්ට සාප කරති. ඇතැම් මවුපියෝ හිතින් තම දරුවන්ට ආශීර්වාද කරති. මේ අතර ඇතැම්හු අතීතයේ සිදුවූ දේ ගැන පසුතැවිලි වෙති.

    මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වැඩිහිටි නිවාස සංඛ්‍යාව තුන්සිය හයකි. එයින් වැඩිහිටි නිවාස හයක් රජයේ වැඩිහිටි නිවාස ලෙසින් හඳුන්වන අතර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩිහිටි නිවාස තුන්සීයක් පාලනය කරයි.

    මේ සම්බන්ධව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධක අමාත්‍යංශයේ වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක සුමින්ද එස්. සිංගප්පුලි මහතා (දේශයට) මෙසේ අදහස් දැක්වීය.

    “අද වෙද්දී වැඩිහිටි නිවාස රජයේ පමණක් නොව පෞද්ගලික වැඩිහිටි නිවාසද ඇතිවෙලා තියෙනවා. මේ වෙද්දී ලියාපදිංචි වී ඇත්තේ තුන්සිය හයයි. එයින් රජයේ වැඩිහිටි නිවාස 6යි. අනිත් සියල්ල රාජ්‍ය නොවන සංවිධාන, පදනම් මගින් කරනු ලබන හා පෞද්ගලික අංශ මගින් කරනු ලබන වැඩිහිටි නිවාසයි. මීට අමතරව ලියාපදිංචි නොවුණ වැඩිහිටි නිවාසයන්ද අද වෙද්දී බිහිවෙලා තියෙනවා.”

    මෙම වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් මේ වෙද්දී අටදාස් පන්සීයකට ආසන්න පිරිසක් ජීවත්වන බව නිගමනය කොට ඇත. වැඩිහිටියන් සේ සලකන්නේ වයස අවුරුදු හැටට වැඩි පුද්ගලයන්ය. මෙම වැඩිහිටියන්ගේත් දරුවන් සිටින සහ දරුවන් නොසිටින වැඩිහිටියන් ලෙස වර්ග කිරීමක් කළ නොහැකි වුවත් වෙනත් වර්ගීකරණ කිහිපයකට යොමු කිරීමට පුළුවනි.

    මේ අතර ඇතැම් වැඩිහිටියන්ට දරුවන් ජීවත්ව සිටියද, දරුවන්ගෙන් සැලකුම් ලැබීමට නොහැකිව සිටී. ඇතැම් වැඩිහිටියන්ගේ දරුවෝ පිටරට ජීවත් වෙති. එබැවින් හුදෙකලා ජීවිත ගත කරන වැඩිහිටියන්ව ඔවුහු වැඩිහිටි නිවාසවල නතර කරති. මේ අතර කාත් කවුරුවත් නැති අවිවාහක අසරණ වැඩිහිටියන්ද, දරුවන් නොසලකා හැරීම නිසා වැඩිහිටි නිවාසවල පිහිට පතන අසරණ වැඩිහිටියන්ද මේ අතර සිටිති.

    අද ඇතැම් දරුවෝ තම අසරණ මව්පියන් මහමඟ දමා යති. මෑතකාලයේදී වෙසක් බලන්නට, බෙහෙත් ගන්නට යැයි පවසා මහමඟ දමා යන්නට තරම් ඇතැම් දරුවන්ගේ හිත් කුරිරැ වී තිබීම බරපතළ තත්ත්වයකි. මෙවැනි අතරමං වුණු මව්පියන් පිළිබඳව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍යංශයේ වැඩිහිටි මහලේකම් කාර්යාලයට දැනුම් දීමක් කළහොත් එවැනි මව්පියන්ට සුදුසු වැඩිහිටි නිවාසයකට යොමු කිරීමට පියවර ගැනෙයි.

    “මේ මව්පියන්ගෙන් ඇතැමුන් දරුවන් කුඩා කාලයේදී දරුවන්ට සැලකීමත් අවශ්‍ය යුතුකම් සහ තමන්ගේ වගකීම් නිසි අයුරින් කර නැහැ. ඇතැමුන් මත්පැනට යොමුවෙලා. මේ නිසා කුඩා කාලයේදීම දරුවන්ගේ හිතේ තම පියා ගැන මව ගැන ඇත්තේ වෛරයක්. කාලයක් ගියාට පසුව එම තාත්තාව එම අම්මාව අසරණ වෙලා දරැවන් ළඟට ආවාම එදාට දරුවන් බාරගන්නේ නෑ. මේ අතර තවත් සමහරු කුඩා කාලයේදී තමන්ට සෑම යුතුකමක් කළ මව්පියන්ට සලකන්නේ නෑ. මෙවැනි කොට්ඨාස දෙකේම අය අවසානයේදී වැටෙන්නේ මහපාරට.”

    සිංගප්පුලි මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

    අධ්‍යාපන ක්‍රමයත් සමඟ අද බොහෝ දෙනා විදෙස් ගත වෙති. මේ නිසා මව්පියෝ තම උපන් රටේ හුදෙකලා වෙති. බොහෝ මව්පියන් තම ජීවිතයේ අවසන් කාලයේදී විදෙස් ගතවන්නට අකමැතිය. මේ නිසා ඇතැම් දරුවන්ට සිදුවනුයේ මුදල් ගෙවා තම මව්පියන් වැඩිහිටි නිවාසයක නතර කිරීමය. අවුරුද්දකට වරක් හෝ අවුරුදු දෙකකට වරක් දරුවෝ මව්පියන් බලන්නට ලංකාවට පැමිණෙති. නමුත් ඇතැම්විට දරුවන් ලංකාවට එද්දී මව්පියන්ගේ අවසන් හුස්මද මේ වා තලයට මුසු වී හමාරය.

    “බොහෝ වැඩිහිටියන්ට වයස්ගත වීමත් සමඟ මතකයද අඩුවී යයි. ඇතැම්හු මානසික රෝගී බවින් පීඩා විඳිති. මේ නිසා එවැනි මවුපියන්ට උරුම වන්නේ මහපාරය. වැඩිහිටියන්ට මානසික රෝගී තත්ත්වයක් ඇතිවෙද්දී දරුවන් එය වැරදියට තීරණය කරනවා. ඔවුන් තුළ “අම්මා තාත්තා අපිත් එක්ක තරහයි” යනුවෙන් අනවබෝධයක් ඇතිවෙනවා. රෝගී තත්ත්වය නිසා කළහකාරී වුවත් දරුවන් ඒ අනවබෝධයත් එක්ක වැඩිහිටියන් නිවාස වෙත යොමු කරනවා...”

    සිංගප්පුලි මහතා වැඩිදුරටත් පැවසීය.

    “මේ වනවිට රටේ තිබෙන වැඩිහිටි නිවාසවල සිටින වැඩිහිටියන්ට නිවාසවලින් තාඩන පීඩන හෝ නිසියාකාර පිහිටක් ආරක්ෂාවක් නොමැති බවට අප කාර්යාලයට දැනුම්දීමක් සිදුවුවහොත් වහාම ඒ පිළිබඳව සොයාබලා ඒ සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නට අපි වගබලා ගන්නවා. ඇතැම් විට එම වැඩිහිටි නිවාස නතර කරන්නට පවා හැකියාවක් තිබෙනවා. වැඩිහිටියන් යනු අසරණ වූවා යැයි නොසලකා හැරිය යුතු කෙනෙක් නොවේ.”

    වැඩිහිටියකු සිටිය යුත්තේ තම නිවසේය. මේ නිසා මව්පියන් තම ලෝකය දරුවන් කරගත්තා සේම තම ලෝකය මව්පියන් කරගන්නේ නම් එවිට ගෙදර ලෝකය නිතැතින්ම සුන්දර වනු ඇත.

    ♦ දිශානි ජයමාලි කරුණාරත් (deshaya)

    30 May, 2017

    අනතුරකින් තමා මියගියොත් දුක් නොවන්නැයි තම ෆේස්බුක් සටහනක් තබා මිය ගිය ගුවන් හමුදා සාමාජිකයා (Photos)

    By: Aththa Withthi On: 5/30/2017 04:13:00 PM
  • Let's Get Social

  • ගාල්ල නෙළුව ප්‍රදේශයේ ගංවතුරට කොටුව සිටි පිරිසක් බේරාගැනීමට ගිය ගුවන් හමුදා කණ්ඩායමේ සාමාජිකයකු වූ බළලත් නිලධාරී වයි.එම්.එස් යාපාරත්නගේ අවසන් කටයුතු අද දින සිදු කෙරෙනවා.

    දේහය තැන්පත්කොට ඇති නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ සොහොයුරකු පැවසූවේ අනතුර සිදුවූ දා ඔහු විවාහ මංගල්‍යය උත්සවයකට සහභාගීවීමට බලාපොරොත්තුවෙන් සිටි බවය. “මල්ලි මට කියල තිබුණ වෙඩින් එකකට යන්න කාර් එක ඕන කියල. ඒත් මේ ගං වතුර තත්ත්වය නිසා ඔහු මට කතා කරල කිව්ව කොටු වෙච්ච අය බේරා ගන්න යන්න තියෙන නිසා ඒ ගමන යන්න වෙන්නෙ නැහැ කියල.“

    අනතුරින් මියගිය යාපාරත්න ගුවන් හමුදාවේ ගිණි නිවාරණ අංශයේ සාමාජිකයකුද වනවා. ඔහු තම ෆේස් බුක් ගිණුමෙහි තමා අනපේක්ෂිත ලෙස ගිණි අනතුරකින් මියයාහැකි බව සහ ඉන් දුක්නොවනා ලෙස“ හැඟවෙන ආකාරයේ ඡායාරූපයක්ද පසුගිය කාලයේ ඇතුළත්කර තිබූ බවද යාපාරත්නගේ සොහොයුරා අප සමග එහිදී පැවසුවා.


    29 May, 2017

    ලිංගිකත්වය හා කුණු රසය

    By: Aththa Withthi On: 5/29/2017 10:15:00 PM
  • Let's Get Social

  • සුපිරි ක්‍රීඩකයකුගේ රහසිගත වීඩියෝවක් සයිබර් අවකාශයට පැමිණීමත් සමඟ 'සෙලිබ්‍රිටි' චරිත හා ඒ චරිතප්‍රේමීන් තුළ දෙදරුම්කෑමක් පටන් ගෙන තිබෙන බව සයිබර් අවකාශයේ සමාජ ජාලයන්හි දක්නට ලැබෙන පොදු ලක්ෂණයක්. විශේෂයෙන් මේ දෙදරුම්කෑමට බලපාන හේතුව වන්නේ අපේ සමාජය 'ලිංගිකත්වය' නැත්නම් 'Sex' පිළිබඳ දක්වන පසුගාමී ආකල්පයයි.

    ලිංගික ජීවිතයට මෙන්ම ලිංගිකත්වය කෙරෙහිත් අප දක්වන්නේ ආචීර්ණ කල්පික මතයකි. විශේෂයෙන් එය ජීවිතයේ තවත් එක් රාජකාරියක් ලෙස සිතනවා විනා, ඒ හරහා ජීවිතයට ලැබෙන ප්‍රහර්ෂය ගැන කිසිදු අවබෝධයක් අපට නැහැ. ලිංගික ජීවිතය යනු ලාලසාවක් (Passion) බවට පෙරළා ගත යුතු දෙයක් බව අප සිතන්නේ නැහැ. විශේෂයෙන් එය ඝනාන්ධකාරයේ සිදු විය යුතු දෙයක් ලෙසයි අප පිළිගන්නේ. එය විඳින්න අප දන්නේ නැහැ.

    එහෙත් මානව ඉතිහාසයේම ඇත්තේ ප්‍රචණ්ඩත්වය හා ලිංගිකත්වය (Sex and Violence) සම්බන්ධ කාරණා. එයට හේතුව මානවයා ස්වභාවයෙන්ම මේ කාරණා දෙකට ලොල් වීමයි. බොහෝ දෙනකු තුළ දක්නට ලැබෙන ලිංගික කුහකත්වය හෝ ලිංගික මාත්සර්යයට හේතු වන්නේ ඔවුන්ට එය විඳීම මඟහැරවීම පිළිබඳ ප්‍රකාශනයක්. මේ මඟහැරීම එන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය තුළමයි. 

    ප්‍රාචීන අධ්‍යාපන ක්‍රමයක් තුළ සගවාතැබූ මෙවැනි කාරණා වර්තමාන ලිබරල් අධ්‍යාපන ක්‍රමයක් තුළද ඒ ආකාරයෙන්ම සඟවා තිබීම ඛේදජනක කාරණයක්. පුද්ගලයා තුළ එකතු වන විඳීම පිළිබඳ අඩුව මෙවැනි සමාජ කාරණා ඔස්සේ ඉතාම අපූරුවට ප්‍රකාශයට පත් වෙනවා. මෑත කාලීන උදාහරණ වන වික්ටර් රත්නායකගේ නව විවාහය හා ප්‍රංස නව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ විවාහය හා බැඳුණු ප්‍රකාශ ගන්න පුළුවන්.

    අසන්නතම සිදුවීම වූ සුපිරි ක්‍රීඩකයා සම්බන්ධ කාරණය මේ මොහොතේ සමාජයේ මහා පොදු සාධකයක් බවට පත්ව ඇති විට මේ කාරණය මුල් කරගෙන පොදු සමාජය තුළ අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් මතු වෙනවා.

    එකක් තමයි ජංගම දුරකතනයක තැන්පත් කරගෙන ඇති අතිශය පෞද්ගලික තොරතුරු සමාජගත වීමට ඇති ඉඩකඩ වැඩි බව. ඒ නිසා මේ මොහොතේ මෙය වළක්වාගත හැක්කේ කෙසේද යන කරුණ අවබෝධ කරගැනීම වැදගත්. ඔබ කිසිවිටක තමන්ගේ පෞද්ගලික දුරකතනයේ පෞද්ගලික දත්ත, වීඩියෝ හා ඡායාරූප ගබඩා කර තබා නොගත යුතුයි. මන්ද: ජංගම දුරකතනයක් වැනි මෙවලමක් නැති වීමට හෝ අන් සතු වීමට ඇති සම්භාවිතාව වැඩි හෙයිනි. 

    හැම විටම ජංගම දුරකතනයේ ඇති දත්ත තමන්ගේ පෞද්ගලික පරිගණකයට හෝ අමතර දෘඪ තැටියකට හෝ DVD තැටියකට මාරු කරන්න. නැත් නම් ස්මාර්ට් ජංගම දුරකතනයකින් පුළුවන් තමන්ගේ Yahoo හෝ Google අන්තර්ජාල ගිණුමේ මේවා තැන්පත් කරන්නත්, අවශ්‍ය විටෙක ඒවා යාවත්කාලීන කරන්නත්. මේක ආරක්ෂිත පියවරක්. මොකද: මේ ආකාරයට ආරක්ෂා කරන්නේ මොනවාද යන කරුණ තීරණය කරන්න ඕනෑ තමන්මයි. මතක තබාගත යුතු දෙයක් වන්නේ සයිබර් අවකාශය තුළ රහස්‍යභාවය කියන කරුණේ වලංගුභාවය අවම බවයි.

    දෙවන කාරණය නම්: 'ගොසිප්' වෙබ් අඩවි වසංගතයයි. 'ගොසිප් සයිට්' හැමවෙලේම කතා කරන්නේ මිනිස්සු තුළ තියෙන කුතූහලයට, සැකයට, යතුරු කවුළුවෙන් නැරඹීමට ඇති ජාගර වුවමනාවට. ලෝකයේ අලෙවිකරණය ගොඩනැ‍ඟෙන්නේ මේ හැඟීම මත. අපි හැමෝගෙම සිත්වල තිබෙනවා ජාගර 'ලේයර්' එකක්. අන්න ඒ 'ලේයර්' එකේ සැරිසරන්නේ අපි බලෙන් යටපත් කරගෙන ඉන්න යක්ෂයා. මිනිස්සු සංස්කෘතික වෙනවා කියන්නේ මේ යක්ෂයා 'කොන්ට්‍රෝල්' කිරීමනේ. 

    අන්න ඒ බලෙන් යටපත් කළ යක්ෂයාට තමයි මේ 'සයිට්ස්' ආමන්ත්‍රණය කරන්නේ. මෙවැනි ඕපාදූප 'සයිට්ස්' ප්‍රබල වෙන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි විධිමත් ප්‍රවෘත්ති නාලිකා පිළිබඳ පොදු සමාජයේ විශ්වසනීයත්වය බිඳවැටීම. ඒක දැන් ලංකාවේ සිද්ධ වෙලා තිබෙන්නේ; තවදුරටත් සිද්ධ වෙමින් යනවා. මිනිස්සු 'ගොසිප්' විශ්වාස කරනවා නිල ප්‍රවෘත්ති ප්‍රකාශනයන්ට වඩා. ඒත් ඒක සමාජයේ නිරෝගී සෞඛ්‍යයට ඒ තරම් හොඳ දෙයක් නොවේ.

    මේ නිසා තමයි කාලයක සිට සමාජයේ විවිධ කණ්ඩායම් අතරේ මාධ්‍ය නියාමනය කළ හැකි ආයතනයක අවශ්‍යතාව නිතර කියවෙන්න ගන්නේ. මෙවැනි නියාමන ආයතන ලෝකයේ විවිධ රටවල ක්‍රියාත්මක වෙනවා. ඒවායින් කෙරෙන්නේ විශේෂයෙන් මාධ්‍යවල ක්‍රියාකාරකම් සමාජ අහිතකර නොවෙන ආකාරයට විධිමත් කිරීම. එවැන්නක් දැන් ලංකාවට අත්‍යවශ්‍යයි. 

    ඒ පිළිබඳව යම් වැඩකොටසක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම සිදු වෙමින් පවතිනවා. ඒත් ඒ සදහා සිවිල් සමාජයේ මැදිහත් වීම සිදු වන්නේ මන්දගාමි විදියට. අඩුම තරමින් මාධ්‍යකරුවන්වත් තමන්ගේ වෘත්තියට වෘත්තීය භාවයක් ඇති කරගත හැකි එවැනි කාරණාවක් ගැන සාධනීය මට්ටමේ උනන්දුවක් නෑ.

    තමන් 'පයිතගරස්ලා' කියලා හිතා ඉන්න මාධ්‍යකරුවන් මේ නියාමන ආයතනය ගොඩනැඟීමේ ක්‍රියාවලිය තුළත් 'කිඹුල්ලු' දැකදැක ඉන්නවා. අවසානයේ සිදු වන්නේ තමන්ගේ වෘත්තීයභාවය බල්ලාට ගොස්, සමාජය දරුණු ඛාදනයකට ලක් වීමයි.

    කපිල එම්. ගමගේ

    අද උදේ නැතිවන්නට ගිය ජීවිත 10ක් බේරාගත් ගුවන් නියමුවා (Photos)

    By: Aththa Withthi On: 5/29/2017 04:11:00 PM
  • Let's Get Social

  • බද්දේගම ප්‍රදේශයේ අවතැන්ව සිටින ජනතාවට අත්‍යාවශ්‍ය ද්‍ර‍ව්‍ය ගෙනයමින් සිටියදී ඇතිවූ කාර්මික දෝශයක් හේතුවෙන් ගමන් කිරීමට බලාපොරොත්තුව සිටි ස්ථානයට යාමට පෙරාතුව ගොඩබැස්සවීමට සිදුවුණා. ඒ සිදුවන්නට ගිය විශාල අනතුරක් වලකා ගැනීමටය. එසේ කිරීමට නොහැකි වුයේනම් යානයේ සිටි දස දෙනකුගේ ජීවිත අහිමි වන්නට ඉඩ තිබුණා.

    යානයේ නියමු බලඝණ නායක භානුක දෙල්ගොඩට මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුරකතනයෙන් ප්‍ර‍සංශා කර තිබෙනවා.




    සැබෑ පරාර්ථකාමීත්වයේ ජීවමාන සාක්ෂි - දහස් ගණනකගේ දිවි බේරා පදිකවේදිකාවේ නිදන හමුදා සොයුරෝ

    By: Aththa Withthi On: 5/29/2017 12:08:00 PM
  • Let's Get Social

  • රටට බලාපා ඇති අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක ගනනාවක ඇතිවී ඇති අපදා තත්වයෙන් සාමාන්‍ය ජනතාවගේ දිවි බේරාගැනීමට අපමණ වෙහෙසක් දරන්නේ අපේ රටේ ත්‍රිවිධ හමුදාවයි.

    මේ පහතින් දැක්වෙන්නේ එලෙස දින තුනත් තිස්සේ මහා ජල කඳක් සමඟින් පොරබදින යුධහමුදාවේ යොයුරන් පිරිසක් මාතර නගරයේ පදික වේදිකාවක අද (29) අළුයම විරාමයක් ලබාගෙන සිටි අයුරුයි.




    මියගිය ගුවන් හමුදා සෙබළාගේ දේහය නිවසට - බිරිඳ සහ දරුවන් ඇඬූ කඳුළින්

    By: Aththa Withthi On: 5/29/2017 09:56:00 AM
  • Let's Get Social


  • ඇතිවූ ගංවතුර තත්වය හේතුවෙන් නෙළුව දුරිඇල්ල ප්‍රදේශයේ අවතැන් වූ පිරිස් බේරාගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා සෙබළාගේ දේහය මේවන විට ඔහුගේ නිවසට ගෙන ගොස් තිබෙනවා.

    පසුගිය 26 වනදා පෙරවරුවේ මෙම අනතුර සිදුවූ අතර මෙලෙස මියගියේ වයි.එම්.එස්. යාපාරත්ත නැමැති ගුවන් හමුදා සෙබළායි.

    අසරණ වූ මිනිසුන්ට පිළිසරණක් වීමට ගිය ඔබ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සහ ලක්මවට කළ මෙහෙය ඉමහත්.

    සොයුර ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව…. 

    28 May, 2017

    කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන රූපවාහිනී නාලිකා ජාවාරමක් !

    By: Aththa Withthi On: 5/28/2017 06:40:00 AM
  • Let's Get Social

  • විදුලි සංදේශන නියාමන කොමිසමේ බලපත්‍ර හෝ කිසිදු නියාමනයකින් තොරව මෙරට විකාශය කරන විදේශීය රූපවාහිනී නාලිකා ජාවාරමක් හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාව බලවත් තර්ජනයකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

    බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සහ මධ්‍යම පළාතේ බදුල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්ක මූලික කරගෙන සිදු වන මෙම ජාවාරම ශ්‍රී ලංකාව තුළ නියාමනය නොවන ඉන්දීය චන්ද්‍රිකා සැපයුම්කරුවන් විසින් ලබා දෙන විකාශන පහසුකම් යොදා ගැනීම හරහා සිදු කරන බවත් ඒ ඔස්සේ විකාශය වන ඇතැම් නාලිකාවල ජාතික සංහිඳියාවට සහ භෞමික අඛණ්ඩතාවට හානි කරන වැඩසටහන් රැසක් විකාශය වන බවත් අනාවරණය වී ඇත.

    අදාළ ජාවාරම වටා මිලියනයකට ආසන්න ග්‍රාහක පිරිසක් බිහිව ඇති අතර එම පිරිසට අදාළ නාලිකා පහසුකම සැපයීම වෙනුවෙන් වාර්ෂිකව රුපියල් බිලියන 3 ත් 5 ත් අතර මුදලක් නීති විරෝධී ආකාරයෙන් රටින් පිට කිරීමට ජාවාරම්කරුවෝ කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    මෙම ජාවාරම පිළිබඳ මේ වන විට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ද පැමිණිලි කිහිපයක් ලැබී ඇති බව වාර්තා වන අතර මෙරට ජාතික ආරක්ෂාව, මෙරට විනිමය නීතිවලට පටහැනිව සිදු වන මුදල් විදේශගත කිරීම, බිලියන ගණනක බදු මුදලක් රටට අහිමි වීම, සිනමා කර්මාන්තයට සිදු කරන බලපෑම, ඉන්දීය වෙළෙඳ භාණ්ඩ ප්‍රචාරණය හරහා සිදු කරන බලපෑම සහ විදෙස් රූපවාහිනී විකාශනය සඳහා බලපත්‍රලාභී ආයතන මුහුණ දී ඇති දුෂ්කරතා ඇතුළු කාරණා රාශියක් සම්බන්ධව එම පැමිණිලි හරහා අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.ෙ

    මේ සම්බන්ධව අප කළ සොයාබැලීමේ දී විදුලි සංදේශන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකුම සඳහන් කර සිටියේ විදුලි සංදේශන නියාමනයට අදාළව මෙරටට නිසි වැඩපිළිවෙළක් නොමැති වීම හේතුවෙන් සහ විෂය දැනුම සම්බන්ධව ඇති දුර්වලතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් රට තුළ මතුව ඇති බවයි.

    එසේම ලෝකයේ සීමිත රටවල් කිහිපයක හැර අනෙක් කිසිදු රටක් දේශීය නියෝජිතායතනයක් හෝ බලපත්‍රලාභියකු නොමැතිව විදේශීය නාලිකා විකාශය කිරීමට ඉඩ නොදෙන බවත් මෙරට මතුව ඇති තත්ත්වයට කඩිනම් පියවර නොගතහොත් ඉතා අහිතකර ප්‍රතිඵලවලට මුහුණදීමට සිදු විය හැකි බවත් ඔවුන් පවසති.

    දවස ගණෙ‍ මිනී මරණ රෝද දෙකේ මාරයා

    By: Aththa Withthi On: 5/28/2017 05:10:00 AM
  • Let's Get Social


  • මේ බයික් එක මගේ වාහනයට ඉස්සර කරලා ගියේ පුදුම වේගයකින්... මිනිත්තු පහක් ගියේ නෑ... ඉස්සරහින් ගිය කාර් එක පස්සෙන් හැප්පිලා බයික් එකේ බාගයක් ඒ වාහනය යටට ගිහින්... අපරාදෙ කොල්ලො දෙන්නෙක්ම මැරුණනේ... සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී දුටු මාරක යතුරුපැදි අනතුරක් පිළිබඳව රියැදුරු මහතකු පැවසුවේ එසේය.

    පාරේ වාහන පේළියක් තිබුණා... සුදු ඉර නිසා කවුරුත් ඉස්සර කළේ නෑ... පිටිපස්සෙන් ආපු බයික් එක වම් පැත්තෙන් ඉස්සර කරගෙන ආවා... පාරේ වම් පැත්තෙ තිබුණු පස්වැටියක ස්ටෑන්ඩ් එක වැදුණු ගමන් බයිසිකලය පාරට පෙරළුණා... ඒත් එක්කම ආපු වැලි ලොරියේ පස්සෙ රෝද දෙකට ඔළුව යටවුණා... කොල්ලා එතනමයි... පසුගිය දිනෙක කොළඹ නුවර පාරේ සිදු වූ යතුරුපැදි අනතුරක් සියැසින් දුටු වෙළෙඳසල් හිමියෙක් පැවසුවේ මේ අයුරෙනි.

    කඩුවෙල විහාර මාවතේ ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකි වීමෙන් මාර්ගයෙන් පැන අසල වූ කොන්ක්‍රීට් කණුවක ගැටී මියගියේ පසුගිය 20 වැනිදාය. ඊට පෙර දින සවස ගාල්ල - මාතර මාර්ගයේ එරමුදුගහ හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දෙසින් ආ වෑන් රථයක මූණට මූණ ගැටීම නිසා යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කරන අවස්ථාවේ මියගියේය.

    මේ ආකාරයට ඉකුත් දින කීපයේ දිවයින පුරා ප්‍රදේශ රැසක දී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් ගණනාවක් මියගිය බව පොලීසිය සඳහන් කරයි. යතුරුපැදි අනතුරු රටම ගිලගන්නා වසංගතයක් තරමට දරුණු වෙමින් තිබීම කාගේත් සැලකිල්ලට යොමුවිය යුතුය.

    යතුරුපැදිය තරුණ පරපුරේ ජනප්‍රියතම වාහනය සහ ශ්‍රී ලංකාවේ බහුලවම භාවිත කෙරෙන වාහනය බවට වාදයක් නැත. ගමන් බිමන්වල පහසුවට නිර්මාණය වූ යතුරු පැදිය විනෝදයට, මිතුදමට, ප්‍රේමයට පමණක් නොව ක්‍රීඩා උපකරණයක් වශයෙන් ද භාවිත වෙයි. ඇතැම් තරුණ තරුණියන්ට යතුරුපැදිය ඉහවහා ගිය විලාසිතාවකි.

    කලින් කලට විවිධ අංග උපාංග සහිතව දැකුම්කලු ලෙස යතුරැපැදි වෙළෙඳපොළට එයි. ඒ සියල්ල සඳහා පවතින්නේ අධික ඉල්ලුමකි. ශක්තිමත් වෙළෙඳපොළකි. එසේ වුවද අද රෝද දෙකේ මාරයකු බවට පත්වෙමින් තිබේ. මේවා පැදයන බහුතරයක් තුළ ඇති කෙළිලොල් බව, තරුණ්‍යයේ උන්මාදය, අධික වේගය, සැහැල්ලුව, අපරීක්ෂාකාරී බව සහ අනවශ්‍ය ඉක්මන නිසා මේ තත්ත්වය හටගෙන තිබේ. මෙය සනාථ කරන්නට එදිනෙදා සිදුවන යතුරුපැදි අනතුරු සහ මරණ පිළිබඳ තොරතුරු පමණක් ප්‍රමාණවත්ය.

    ඉකුත් 2016 වසර මෙරට රිය අනතුරු බහුලවම සිදු වූ වර්ෂයයි. එහි සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 2838ක් වූ අතර එමඟින් සිදු වූ මරණ ප්‍රමාණය 3020ක් විය. මේ අතුරින් වාර්තා වූ යතුරුපැදි අනතුරු ගණන 1182 කි. ඉන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1229 කි. මේ තත්ත්වය 2015 වර්ෂය හා සැසඳීමේදී මරණ 157කින් 2016 වර්ෂයේ දී ඉහළ ගොස් ඇතැයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. 

    ගෙවීගිය අප්‍රේල් 30 වැනිදායින් අවසන් වූ වසරක් පුරාවට යතුරුපැදි අනතුරු 384ක් සිදු වී පුද්ගලයන් 397 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. මේ අතුරින් මියගිය 202ක් දෙනා අවුරුදු 20 - 30 අතර යොවුන් වියේ පසුවන බවත් ඉන් 114 දෙනකු නවතා තිබූ වාහන පසුකරගෙන යාමට ගොස් අනතුරට පත්වූවන් වන බවත් 88 දෙනකු මාර්ගයෙන් පිටත වූ ගස්ගල්වල හැපී මරණයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කරයි.

    අඩු ආදායම් ලබන පවුල්වල බහුතරය සිය ප්‍රවාහනය සඳහා යතුරුපැදිය යොදාගනී. මේ තත්ත්වය දියුණු වෙමින් පවතින රටවලද සුලබය. කොළඹ සහ මහනුවර ආදී අධික රථවාහන තදබදයක් පවතින නගරවල ජනතාවට තදබදයෙන් මිදී පහසුවෙන් ගමන් කරන්නට යතුරුපැදිය හොඳ විසඳුමක් වන නමුත් ඔවුන් නිසා නිර්මාණය වන වාහන තදබදයක් ද විටෙකදී දැකිය හැකිය. 

    මෙවැනි ප්‍රධාන නගර ආශ්‍රිතව සහ ප්‍රධාන මාර්ගය තුළ සැහැල්ලුවෙන් සහ කෙළිලොල් අන්දමින් අධික වේගයෙන් මාර්ග නීති පවා උල්ලංඝනය කරමින් පැදයන යතුරුපැදි ඕනෑ තරම් දකින්නට ලැබේ. එසේ පැදයන පිරිස බහුතරය තුරුණු වියේ පිරිස් බවටද හඳුනාගත හැකිය. මේ නිසා සිදුවන අනතුරුවලින් තුවාල ලබන්නේත්, මිය යන්නේත් තරුණ වියේ පිරිස් වීම ගැන පුදුම විය යුතු නැත.

    යතුරුපැදියක ගමන් කළ හැකි වන්නේ පුද්ගලයන් දෙදෙනකුට පමණය. ඊට වඩා එහි ගමන් කිරීම නීති විරෝධීය. පාපැදිය පදවන්නාත් පසුපැදිකරුත් ආර්කෂිත හිස්වැසුම් පැළඳීම අනිවාර්යයි. නමුත් ඇතැම් අයට එය වගක් නැති ගාණය. විටෙක මව, පියා යතුරුපැදියේ ගමන් කරන්නේ දරුවකු හෝ දෙන්නකු එහි නංවාගෙනය. ඇතැම් විටෙක මවුපිය දෙදෙනා හිස්වැසුම් පැළඳ දරුවන්ගේ හිසට ආවරණයක් නොමැතිව යන බව දකින්නට ලැබේ. 

    නගරාශ්‍රිත ප්‍රදේශවල වාහන තදබදය පවතින විටදී වාහන දෙකක් හෝ කීපයක් අතර පවතින කුඩා ඉඩක් තුළින් යතුරුපැදි රිංගවමින් ධාවනය කිරීම සාමාන්‍ය තත්ත්වයකි. එහිදී පවතින අවදානම පිළිබඳ ඔවුන් තුළ කිසිදු හැඟීමක් නැත. මේ හේතුව මගින් නගරයේ සිදුවන අනතුරු ප්‍රමාණය ඉහළ දමා තිබේ. ඒ අතර යතුරුපැදිවල ගමන් ගන්නා යුවළක කාන්තාවගේ සාරිය හෝ ඇඳුමේ කොටසක් පසුපස රෝදයේ පැටලීම නිසා සිදුවන අනතුරු ද අසන්නට ලැබේ.

    මාර්ග හරහා හරක් සහ බල්ලන් වැනි සතුන් ගමන් කිරීමත් යතුරුපැදි අනතුරු බහුල වීමට හේතුවකි. මේ ආකාරයට යතුරුපැදිය අත්‍යාවශ්‍ය සේවයක් සලසා දුන්නත් එය අවදානම්සහගත ප්‍රවාහන මාධ්‍යයක් ද වී තිබේ. ඒ අතර නාගරික බොහෝ දෙනාට මෙන්ම ග්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිවලදී ද යතුරුපැදිය ප්‍රමුඛය. ඉකුත් රජය සමයේ රාජ්‍ය සේවයේ නිරත සේවකයන් විශාල පිරිසකට යතුරුපැදි බෙදා දුන්නේ ද එබැවිනි. ඒ අතරට ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත යතුරුපැදි ප්‍රධානය.

    තරුණ වියට එළැඹෙන බොහෝ දරුවන්ගේ ලොකුම සිහිනය හැකි ඉක්මනින් යතුරුපැදියක් මිලට ගැනීමටය. මේ තත්ත්වය ධනවත් පවුල්වල දරුවන්ට ද පොදු කරුණකි. මෝටර් රථයක් මිලට ගැනීමට හැකියාව තිබුණ ද සමහරු යතුරුපැදියක් මිලට ගන්නට ක්‍රියා කරති. මේ හේතු මත පෙනෙන්නේ සමහරුන් යතුරුපැදිය විනෝදය සඳහා භාවිත කරන බවය. මේ අතර ඇතැම් අලෙවි කටයුතුවල නිරත තරුණ පිරිස් සිය ප්‍රවාහන කටයුතු සඳහා යතුරුපැදිය පමණක් භාවිත කරති.

    2014 වසර තුළ පමණක් අලුතෙන් යතුරැපැදි 272885ක් ලියාපදිංචි කොට ඇති බවට වාර්තා වී තිබේ. මේ වන විට මෙරට යතුරුපැදි ලක්ෂ 33ක් ඉක්මවා ලියාපදිංචි වී තිබෙන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර ත්‍රීරෝද රථ ලක්ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිය ලබා ඇති බවද වාර්තා වේ.

    කොතෙකුත් යතුරුපැදි අනතුරු සිදුවුවද ඉන් ජීවිත හානි සිදුවන්නේ යතුරුපැදිකරුගේ සහ පසුපැදිකරුවන්ගේ නොසැලකිලිමත්කමිනි. ඊට ප්‍රධාන හේතුව ආරක්ෂිත හිස්වැසුම් නොපැළඳීම බව අනාවරණය වී ඇත. අනතුරක් සිදුවුවද ඉන් 50%ක පමණ මියනොයා යුතු පිරිසක් මියගොස් ඇති බවත් ආරක්ෂිත හිස්වැසුම ගැලවී විසිවීම, ගෙල පටි ගිලිහී යාම සහ හිස්වැසුම පිපිරීම සහ නියමිත ප්‍රමිතියෙන් තොර හිස්වැසුම් ඊට හේතුව බවද මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රථවාහන පොලීසිය බාර නියෝජ්‍ය පොලිස්පති පාලිත ප්‍රනාන්දු මහතා,

    2016 අවුරුද්ද ලංකාවේ රිය අනතුරු බහුලම වර්ෂය විදිහට හඳුනා ගත්තා. සමස්ත අනතුරු ගණන 2838 යි. මියගිය ගණන 3020 ක්. මේ අතරෙ යතුරුපැදි අනතුරු ගණන 1182 යි. ඒවායෙන් මියගිය ගණන 1229 ක්. මේ සියලුම පුද්ගලයන් අවුරුදු 20 - 30 අතර අය. අපරීක්ෂාකාරී ධාවනය, අධික වේගය, මාර්ග නීති පිළිනොපැදීම, වාහනය පාලනය කරගැනීමට නොහැකි වීම ප්‍රධාන හේතු විදිහට අපි දකිනවා. මේ අතර 88 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙන්නේ පාරෙන් ඉවතට පැන ගස්ගල්වල හැප්පීමෙන්. යැයි පැවසීය.

    මේ ආකාරයට සිදුවන යතුරුපැදි අනතුරු හේතුවෙන් කොළඹ ජාතික රෝහලට රෝගීන් විශාල සංඛ්‍යාවක් ඇතුළත් කෙරෙති. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රමණානි ද සොයිසා මහත්මිය මෙසේ සඳහන් කරයි.

    යතුරුපැදි අනතුරුවලට ලක්වෙන පිරිස ගොඩාක් තරුණ වියේ අය. ඒ අය යතුරුපැදියක් මිලට ගෙන පළමු වසර තුළම බරපතළ අනතුරකට ලක්වෙලා ජීවිතක්ෂයට පත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය දුම්රිය, ගුවන් ගමන් හෝ බස් රථ වලින් සිදුවන අනතුරුවලට වඩා විශාල වැඩිවීමක්. ගිය වසරේ ජාතික රෝහලට පැමිණි අනතුරුවලට ලක් වූ අයගෙන් 1167ක් මියගියා. මාර්ග නීති පිළිපදින්නේ නෑ. හෙල්මට් පළඳින්නේ නෑ. අධික වේගය සහ අවධානයක් නැති නිසා අනතුරු වීම බහුලයි. 

    සමහර අයට මාර්ග අවබෝධයක් නෑ. ක්ෂණික තීරණ ගැනීමට පැකිලෙනවා. මත්පැන් පානය කරලා පදවනවා. විනය පිරිහිලා. මේ වගේම දේශගුණික තත්ත්වයන් ද අනතුරුවලට හේතු වෙනවා. ඇතැම් අය මරණයට පත්වෙනවා. තවත් අය සදාකාලික ආබාධිත වෙනවා. මේ අයගෙන් බහුතරය පිරිමි පුද්ගලයන්. විවාහක නම් පවුල ආර්ථික වශයෙන් කඩා වැටෙනවා. ඖෂධ වියදම්, පොලීසියට, උසාවියට කාලය වැය කරලා රෝහල්ගත වීම දක්වා අධික වියදමක් දරන්න වෙනවා. මේක ජාතික වශයෙන් රටට බලපාන කාරණයක්.

    මේ අතර ගත වූ දින 10ක් තුළ දිවයින පුරා සිදු වූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා 15 දෙනකුට ආසන්න පිරිසක් මියගොස් ඇති බව වාර්තා වී තිබිණි.

    ලංකාවේ මෝටර් රථවලට පනවා ඇති අධික බදු නිසා අඩු ආදායම්ලාභීන්ට මෝටර් රථයක් මිලට ගැනීම සිහිනයකි. ක්‍රමවත් පොදු ප්‍රවාහන සේවයක් ද නොමැති රටේ යතුරුපැදිය පහසු ප්‍රවාහන ක්‍රමයකි. ඊඨ සරිලන මාර්ග පද්ධතියක් සැකසීම රජයේ යුතුකමය. මාර්ග නීති පිළිපැදීම, විනයගරුකව පැදවීම සහ ආර්කෂිත හිස්වැසුම් ප්‍රමිතියෙන් යුතු ඒවා පැළඳීම යතුරුපැදි අනතුරුවල හානිය අවම කරගත හැකි ක්‍රියාමාර්ග වෙයි.

     සමන්ත ප්‍රදීප් විල්තෙර (deshaya)

    27 May, 2017

    මොරටුවේ සරනේලිස්ට අවුරුදු 104යි

    By: Aththa Withthi On: 5/27/2017 05:10:00 AM
  • Let's Get Social

  • හතර පෝයට සිල් ගනී ඉහෙන් බහින රෝගත් නෑ.

    කෙනෙකුට වසර සීයයකට වඩා ජීවත්වීමට ලැබෙන්නේ නම් එය භාග්‍යකි. එය වඩාත් කැපී පෙනෙන්නේ කිසිඳු රෝගයක් නැතිව හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත්වීමට හැකියාව ලදහොත්ය.

    මොරටුව, ඉඩම, චාල්ස් ද සොයිසා පෙදෙස, අංක 16 සමනළ නිවෙසේ පදිංචි හේවානැදුන්ගොඩගේ සරනේලිස් මහතාද එවැනි අයෙකි. 104 වැනි වියේ පසුවන ඔහු අදටත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක පසුවන්නෙකි. සරනේලිස් මහතා 1913 දෙසැම්බර් මස 11 වන දා මෙළොව එළිය දකින්නේ මාතර තිහගොඩ ගමේය. 

    ගමේ විදුහල වූ තිහගොඩ විදුහලෙන් අධ්‍යාපනය හදාරන ඔහු එම සුන්දර ගම අතහැර මොරටුව වෙත පැමිණෙන්නේ 1938 වසරේදීය. එවිට ඔහුට වයස 25ක් වූ අතර ඔහු නතර වන්නේ තමන්ගේ වැඩිමහල් සහෝදරයා වන දියෝනිස්ගේ කාමරයේය. දියෝනිස් කොළඹ වාරායේ රැකියාවක් කළ අයෙකි. මොරටුවට පැමිණීමෙන් පසු තම සහෝදරයාගේ සහය ද ඇතිව සරනේලිස් කුඩා වෙළෙඳාමක් පටන් ගත්තේය.

    1945 ජනවාරි 01 වැනි දා මාතර මාලිම්බඩ පදිංචි කංකානම්ගේ ගිමාරා කරුණාවතී මෙනවිය සමඟ සරනේරිස් විවාහ වන්නේය. මේ දෙපළට දාව දූ දරුවන් 10 දෙනෙක් ලැබෙන අතර කරුණාදාස, ධනපාල, නන්දරත්න, සිරිසේන, ගුණසේන, දයානන්ද, චන්ද්‍රසිරි, රත්නසිරි පිරිමි දරුවන් වන අතර අනුලාවතී හා අමරාවතී ගැහැණු දරුවන්ය. මෙයින් ගුණසේන මියගොස් ඇති අතර අනිත් දරුවන් ජීවත් වේ. මුණුපුරු මිණිපිරියන් සංඛ්‍යාව 52කි. මේ වන විට ගිමාරා කරුණාවතී මහත්මිය රෝගී තත්ත්වයෙන් පසුවන අතර ඇයගේ වයස 96කි

    ඉතාමත් හොඳ බෞද්ධයකු වූ සරනේරිස් මහතා සෑම පෝයටම සිල් සමාදන් වේ. කිසිදා මත්පැන් හෝ දුම්වැටි පාවිච්චි කර නොමැති සරනේලිස් මහතා අවුරුදු 104ක් වෙලත් තමන් නිරෝගීව සිටින්නේ ඒ නිසා යැයි කියා සිටී. සරනේලිස් මහතා - මට අවුරුදු 104යි. මගේ බිරියට 96යි. ඇය රෝගීව ඇඳේ සිටින්නේ නමුත් මගේ දරුවන් සියලුදෙනා අපි දෙන්නට හරි ආදරෙයි. මේ මහලු වයසෙදිත් අපි දෙන්නට හොඳට සලකනවා. 

    අපි දෙන්නා බොහොම දුක් මහන්සි වෙලා තමයි මේ දරුවෝ 10 දෙනා ලොකු මහත් කරලා සමාජයට දායාද කළේ. මට මතකයි දරුවන් කුඩාකල ගෙදර කිරි හරක් ඇති කරා ඉන් පසුව සිල්ලර කඩයක් දමා ගත්තා. ඒ කාලේ මොරටුව ප්‍රදේශයේ එතරම් ගෙවල් නෑ. දරුවන්ට සෙල්ලම් කිරීමට විශාල ප්‍රදේශයක් තිබුණා දැන්නම් ජනාකීර්ණ වෙලා. ඒ කාලේ වෙසක් බලන්න කොළඹට ගියේ පයින්. මා දේශපාලනය කළේ නැතත් වාමාංශික අදහස් සහ ක්‍රියාමාර්ගවලට සහයෝගය දීමක් තිබුණා. එන්. එම්.පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා වැනි නායකයන් මගේ වීරයන්.

    සරනේලිස් මහතා මොරටුව හොරේතුඩුව ශ්‍රී සංඝිකාරාම පුරාණ මහ විහාරයේ (නා ගහ වරාය විහාරස්ථානයේ) පැරණිම දායකයෙකි. ඔහුට වසර 100 පිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයෙන් හා මොරටුව ඉඩම ජේෂ්ඨ පුරවැසි සංවිධානයෙන් සමරු පළකයන් පිළිගන්වා ඇත. 

    තම මවුපියන් නොසලකා හැර පාරේ දමා යන කාලයක සරනේලිස් මහතාගේ දූ දරුවන් තම මවත් පියාත් වෙනුවෙන් කාලය හා ශ්‍රමය කැප කරමින් ඔවුන් දෙදෙනා රැකබලා ගැනීම ආදර්ශවත් කටයුත්තක් වේ. බාල පුතුණුවන් වන රත්නසිරි මහතාගේ නිවසේ මේයුවළ පදිංචි වී සිටින අතර රත්නසිරි මහතා හා ඔහුගේ බිරිය වන දිස්නා මහත්මිය මේ දෙපළට කරන සත්කාර ප්‍රශංසනීය වේ.

    රාවතාවත්ත සමූහ - රෝහණ ද සිල්වා (dinamina)

    26 May, 2017

    6 සිට 13 වසර තෙක් ලිංගික සෞඛ්‍ය විෂයක් එයි

    By: Aththa Withthi On: 5/26/2017 01:23:00 PM
  • Let's Get Social


  • ළමා අපචාර, ලිංගික හිරිහැර හා බාලවයස්කාර දැරියන් ගැබ් ගැනීම් වැළැක්වීමේ පියවරක් වශයෙන් 6 ශේ්‍රණියේ සිට 13 ශේ‍ර්ණිය දක්වා පාසල් ළමයින්ට ලිංගික ප්‍රජනන සෞඛ්‍ය විෂය ඉගැන්වීමට පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව තීරණය කරයි.

    නියමු ව්‍යාපෘතියක් වශයෙන් මේ විෂය ඉගැන්වීම සඳහා බස්නාහිර පළාතේ ගුරුවරුන් පුහුණු කිරීම ජුනි මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එම ආංශික කාරක සභාවේ සභාපති කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රි වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය ප්‍රකාශ කළාය.

    මේ විෂයය ඉගැන්වීම සඳහා 'පාසල් ළමුන්ට ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ' අත්පොතක්ද සම්පාදනය කර ඇත.

    ඒ ඒ ශේ්‍රණි හා පන්තිවලට ගැළපෙන විෂය කරුණු අත්පොතේ පෙළගස්වා ඇති බවත් සිසුන්ගේ වයස් මට්ටම සහ ඔවුන් ලබන අත්දැකීම් අනුව ඔවුන්ගේ අවශ්‍යතා සම්පූර්ණ වන පරිදි විෂය පාසල්වල ඉගැන්වීමට බලාපොරොත්තු වන බවද ඇය කීවාය.

    අධ්‍යාපන අමාත්‍යාංශය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, ජාතික ළමා ආරක්‍ෂක අධිකාරිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත විද්වත් මණ්ඩලයක් සමඟ එක්වී අත්පොත සකස් කර ඇති බවද වෛද්‍ය තුසිතා විජේමාන්න පැවැසුවාය.

    කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ සභාපතිනිය එසේ ප්‍රකාශ කරන ලද්දේ එම කාරක සභාවේ මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 01 හි ඊයේ (25දා) පවත්වන ලද වැඩමුළුවේදීය.

    කතානායක කරු ජයසූරිය සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාලගේද සහභාගිත්වයෙන් වැඩමුළුව පැවැත්විණි. ප්‍රජනන සෞඛ්‍ය ඉගැන්වීමේ අත්පොත මෙහිදී කතානායකවරයාට පිළිගන්වනු ලැබීය.

    දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා (mawbima)

    25 May, 2017

    නිරුවත් වීඩියෝ නඩුව පොලිසියට විසඳන්න බෑ - නඩුව මහේස්ත්‍රාත් අධිකරණයකදී

    By: Aththa Withthi On: 5/25/2017 07:55:00 PM
  • Let's Get Social


  • අතිශය පෞද්ගලික වීඩියෝ හෝ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මතවාදයක් ගොඩනැගෙමින් තිබෙනවා.

    පසුගිය කාලය පුරාම කාමුකත්වය විදහා පෙන්වන ශ්‍රී ලාංකිකයන්ගේ එවැනි වීඩියෝ අන්තර්ජාලයට එක්කර තිබූ අතර අද වනවිටද එවැනි බරපතල සිදුවීමක් වාර්තා වනවා.

    අසාමාන්‍ය ලිංගික චර්යා රටාවන්ට සමාජයේ විශාල ඉඩක්‌ මෙලෙස ඇති බව පසුගිය දා බැංකුවකට අදාළ වීඩියෝවක් අන්තර්ජාලයට එක්කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය කේ. කරුණාතිලක සඳහන් කර තිබුණා.

    කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක පෙන්වා දී තිබුණේ මෙවැනි අසාමාන්‍ය සිද්ධියක්‌ අන්තර් ජාලය හරහා සමාජගත කිරීම කොතරම් දුරට යුක්‌ති සහගතද යන්න සිතා බැලිය යුතු බවයි.

    "එවැනි වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ ධර්මතාවන්හි දුර්වලතාවන්. සමාජ විද්‍යාත්මකව මෙය අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. (ධර්මතා රහිත වීම) ලිංගික චර්යාව හා සම්බන්ධ ගැටලුවක්‌ නිසා මෙය ලිංගිකමය වශයෙන් අනෝමීය තත්ත්වයක්‌ ලෙස හැඳින්විය හැකිය. අනෝමීය තත්ත්වයක්‌ යනු මිනිසුන්ට තමන්ගේ අදාළ සමාජ අවශ්‍යතාව තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක්‌ නැති බව පෙන්නුම් කිරීම.

    මේ සිද්ධියේදී ලිංගිකව හැසිරුණු දෙපළ වගේම වීඩියෝ පට අන්තර්ජාලයට මුදාහැරිය පුද්ගලයා ද අසාමාන්‍ය ගති පැවතුම් ඇත්තෙක්‌. ඒ පුද්ගලයා තව කෙනෙකුගේ පෞද්ගලිකත්වයකට ගරු කිරීමක්‌ කරන්නේ නෑ. ඒ තුළින් අසරණ වෙන්නෙ අසාමාන්‍ය ලෙස ලිංගිකව හැසිරුණු දෙපළ. ඔවුන්ගේ පෞද්ගලිකත්වය එසේ සමාජගත කිරීම තුළින් සමාජය තුළ ඔවුන්ට ඇති රැකවරණය ගැන විශාල ගැටලුවක්‌ මතු වෙනවා. එය ධර්මතා රහිතවීමකටත් වඩා ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක්‌.

    එය බරපතල වරදක්‌. ඒ වගේම මේ තුළින් පෙන්නුම් කරන්නේ අසාමාන්‍ය චර්යා රටාවලට සමාජය තුළ යම්කිසි ඉඩක්‌ ඇති බවයි. එයත් අතිශය බරපතල තත්ත්වයක්‌. සමාජය තුළ මෙවැනි සිද්ධි සිදුවෙනවා කියන්නේ යහපැවැත්මට බරපතල හානිදායක තත්ත්වයක්‌. ඒ නිසා රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලින් මේ සිද්ධියට අදාළ පුද්ගලයන් ගැන සොයා බලන්න ඕනෑ." යනුවෙනුයි.

    මේ අසහ්‍ය ප්‍රකාශන සම්බන්ධව අපේ රටේ නීතිය 1927 අසභ්‍ය ප්‍රකාශන පනත ලෙස හැඳින්වෙන අතර එය 2005 වර්ෂයේදී සංශෝධනයට ලක්වුණා.

    මේ පනත මගින් අසභ්‍ය ලේඛණ, මුද්‍රිත චිත්‍ර සිතුවම්, පිංතූර, පෝස්ටර්, සංඥා, ඡායාරූප, චිත්‍රපට හෝ වීඩියෝ පට හෝ වෙනත් අසභ්‍ය ද්‍රව්‍ය මහජන ප්‍රදර්ශනය හෝ බෙදා හැරීම සඳහා ළඟ තබා ගැනීම හෝ නිපදවීම, ආනයනය අපනයන යනාදි දෑ පොදුවේ හෝ පුද්ගලිකව වෙළඳාමේ නිරත වීමක් හෝ සහය දැක්වීම, පළ කිරීම හෝ ප්‍රසිද්ධ කරවීම දඬුවම් ලැබිය හැකි වැරදි ක්‍රියාවන් ලෙස දක්වා තිබෙනවා.

    ඊට අමතරව ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286, 287 වගන්ති යටතේ මෙැවැනි අසභ්‍ය පොත්, සගරා, පත්‍රිකා, ඡායාරූප, චිත්‍ර හෝ එවැනි වෙනත් දෙයක් ළග තබා ගන්නා, විකුණන බෙදා හරින, පිට රටින් ගෙන්වන, කුලියට දෙන, මුද්‍රණය කරන, උවමනාවෙන් ම මහජන ප්‍රදර්ශනයට තබන අයෙකුට මාස තුනක කාලයක් සදහා බන්ධනාගාර ගත කිරීමක් හෝ දඩයක් හෝ එම දඩුවම් දෙක ම පැනවිය හැකි බවට දක්වා තිබෙනවා.

    එමෙන්ම 1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ පැහැදිලි කරලා තියෙන ආකාරයට, යම් පුද්ගලයෙකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරදක් ලෙසට දක්වා ඇති අතර මෙහිදී යම්කිසි කෙනෙකුගේ නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත් කිරීම පැහැදිලිවම ලිංගික හිංසනයක් සිදුකිරීමක් විදියට හුවා දක්වන්න පුළුවන.ශ්‍රී ලංකාවේ නීතියට අනුව ලිංගික අතවරයක් සිදුකිරීම හෝ සිදුකිරීමට තැත්කිරීම දැඩි දඬුවම් ලැබෙන වරදක් ලෙස සැලකෙනවා.

    2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත ඔස්සේත් අන්තර්ජාලය සහ විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලයන් හරහා සිදුකරනා මෙකී නිරුවත් ඡායාරූපයන් හෝ වීඩියෝ ප්‍රචාරය කිරීමට විරුද්ධව නඩු පැවරිය හැකියි.

    1995 අංක 22 දරන දණ්‌ඩ නීති සංග්‍රහයේ (සංශෝධන) පනතේ 345 වගන්තිය යටතේ ලිංගික හිංසනයක් සිදුකිරීමේ වරද යන චෝදනාව යටතේ පොලීසියට අදාළ සැකකරුවන්ව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි අතර එවන් පැමිණිල්ලක් පොලීසිය තුළදී සමතයකට පත්කිරීම සිදුකළ නොහැකි බවයි නීතිවේදීන් පවසන්නේ.

    එවන් පැමිණිල්ලක් පැමිණි විටකදී අදාළ චූදියතන්ව අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකදී නඩු පැවරිය යුතු අතර එම වරද ඔප්පුවුවහොත් අදාළ චූදිතයාව අවුරුදු 5ක් දක්වා බන්ධනාගාර ගතකරන්නට මහේස්ත්‍රාත්වරයාට හැකියාව තිබෙනවා.

    එම ක්‍රියාව හේතුවෙන් අගතියට පත් කාන්තාවට වන්දි මුදලකුත් ලබාගත හැකි අතර තමන්ට සිදුවූ හානියේ ප්‍රමාණය අනුව මේ වන්දි මුදල තීරණය වනවා.

    මෙය රුපියල් මිලියන කීපයක වන්දියක් වීමට ද පුළුවන.