Showing posts with label Gossip. Show all posts
Showing posts with label Gossip. Show all posts

23 January, 2017

දුව - පැන ඇවිදින සෙල්ලම් වයසෙදි යතුරුපැදියක් හප්පලා මාස තුනක සිටම සිහිය නැතිව රෝහලේ

By: Aththa Withthi On: 1/23/2017 01:42:00 PM
  • Let's Get Social


  • පින් පව් අනුව ජීවිතයේ බොහෝ වූ ඉරණම්වලට ගොදුරු වන්නේ කිසිදු වයස් භේදයක් ජාති භේදයක් නොමැතිවය. එවන් දුක්බර ඉරණමකට ලක්වූ පුංචි පුතකු පිළිබඳව අපට අසන්නට ලැබුණේ හදම කම්පා කරවන කතාවක්.

    ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉහළ ගිරිබාව, පහළ ගිරිබාව, ගල්ගමුවේ පදිංචි ආර්.එම්.බී. දසුන් සයුරංග බණ්ඩාර පුංචි පුතු ඔහුගේ පුංචි කැදැල්ලේ දඟකාරව ජීවත් වුවද ඔහුගේ දෛවය ඔහුගේ ජීවිතයට ගෙන ආවේ පුදුමාකාර ඉරණමකි. හුරතල් සිනාවෙන් නිවෙසම හැඩ කරමින් සිටි ඒ කුඩා පුතුගේ ජීවිතයම මහා දුකකට ඇද දමමින් 2016-09-11 දිනය දා හිරු උදාවිය. 

    තම වයසේ මිතුරන් මාර්ගය අසල සෙල්ලම් කරමින් සිටියදී මාර්ගයේ පැමිණි යතුරුපැදියක් මෙම දරුවාද අනතුරට පත් කරමින් ඉදිරියට ඇදිණි. යතුරුපැදියේ හැඬලය වේගයෙන් පුංචි පුතුගේ හිස් කබලේ වැදීමෙන් සිදුවූ අනතුරින් මෙම දරුවාගේ පියවි සිහිය පවා ඔහුට අහිමි වූයේ මුළු නිවෙසම කම්පාවට පත් කරමිනි.

    දින 35ක් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුංචි පුතු ඉන් පසුව දින 18ක් අනුරාධපුර ශීක්‍ෂණ රෝහලේ 31 වැනි වාට්ටුවේද ප්‍රතිකාර ලැබීය. මෙම කාල සීමාව තුළ හිස් කබලේ සැත්කම් 5ක්ද මෙම පුංචි පුතුට සිදු කර තිබේ. මාස 03ක් පමණ කිසිදු සිහි කල්පනාවක් නොමැතිව ජීවත්ව සිටි මෙම පුංචි පුතු දැනට සතියක පමණ සිට වචන දෙක තුනක් ගැට ගසා ගැනීමට මහා වීරියක් ගනිමින් සිටියි. 

    එහෙත් ඔහුගේ කල්පනාව තවමත් යථා තත්ත්වයට පත්ව නැත. හිස් කබලේ දකුණු පසට දැඩි ලෙස හානි සිදුවීම නිසා එම කොටස ඉවත්කර ඇති අතර ඒ හේතුවෙන් මෙම දරුවාගේ වම්පස ඉන්ද්‍රියයන් මේ වන විට ක්‍රියාකාරීත්වයක් නොමැතිව තිබේ. මෙම දරුවාගේ කුස පිරෙන්නේද දියරමය ආහාරවලිනි. එයද බටයක් ආධාරයෙන් උදරයට ලබාදෙන අතර එම ආහාරය වෛද්‍යවරුන් විසින් නියම කරනු ලැබූ කිරිපිටි දෙවර්ගයකි. දිනකට මිලිග්‍රෑම් 200 බැගින් පැය තුනකට වරක් එම කිරිපිටි වර්ගය ලබාදිය යුතු අතර එම කිරිපිටි දෙවර්ගයේ මිලද රුපියල් 4,000කි. දින තුනෙන් තුනට මෙම කිරිපිටි මිලදී ගත යුතුය.

    අපට තියෙන ලොකුම දේ තමා කොහොම හරි මගේ දරුවා බේර ගන්න එක. මාසෙකට රුපියල් ලක්‍ෂයකට වඩා වියදම් යනවා. ව්‍යායාම කරවන්න දවස් 4න් 4ට අනුරාධපුර රෝහලට අරන් යන්න ඕනෙ. වෑන් එකක් කුලියට අරන් තමයි අපි යන්නේ. රුපියල් 4,000ක් විතර එක දවසට ඕනේ වාහන කුලිය විතරක්. බේත්වලටයි, කිරිපිටිවලටයි සෑහෙන මුදලක් වැය වෙනවා. ඇත්තටම මම මගේ පවුල ජීවත් කරන්නේ ගොවිතැන් කරලා. අද වෙද්දී ඒ වැඩත් එහෙම්මම නැවතිලා.

    කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා මගේ දරුවා සුවපත් කරන්න උදව් කරනවානම් එයාට බුදුබව අත් වෙනවා.

    වෛද්‍යවරුද දරුවාගේ ජීවිතය පෙර තත්ත්වයට ගැනීමට සෑහෙන උත්සාහයක නිරතව සිටිති. ඒ වෙනුවෙන් මෙම පුංචි පුතුගේ මවත් පියාත් පින්වත් මිනිස් ප්‍රජාවෙන්ම ඉල්ලා සිටින්නේ හැකි පමණින් හෝ සිය දරුවා බේරා ගැනීමට උපකාරයක් කරන ලෙසිනි. 

    ඒ සඳහා පින් කැමැති ඔබට 072 - 5088083 හා 072 - 1939168 යන දුරකතන අංක ඔස්සේ දරුවාගේ පියා සම්බන්ධ කර ගත හැකි අතර ඩබ්.එම්. සමුද්‍රා ඉඳුනිල් මැණිකේ යන නමින් මහජන බැංකුවේ තඹුත්තේගම ශාඛාවේ ඇති 219-2-001-7-0038232 දරන ගිණුම් අංකය ඔස්සේ ඔබේ ආධාර උපකාර ලබාදිය හැකිය.

    ගල්ගමුව - අරෝෂණ මාන්නප්පෙරුම_මව්බිම

    මැසේජ් වලින් ශරීරයේ එක එක තැන්වල මිනුම් මැනලා ගත්තා, ඒ හැම තැනකම ෆොටෝ අරන් මම එයාට යැව්වා

    By: Aththa Withthi On: 1/23/2017 01:30:00 PM
  • Let's Get Social

  • "ඒ ඇඳුම ඇඳලා බලන්න හදනකොටම ඒ මනුස්සයා ඇවිත් මාව බදාගෙන අතින් කට තද කරලා වැහුව්වා"

    "ඔයා එවපු පින්තූර සේරම මගේ ළඟ තියෙනවා."

    පාසල් යන කාලේ සිසු සිසුවියන් කරන කියන දේවල් වලට මව්පියන් විරුද්ධ වෙද්දී ළමයි හිතන්නේ අම්මලා තාත්තලා වැරදියි කියලානේ.

    ඒ වගේම දරුවන් හෙට ලෝකයට මුහුණ දෙන්න නම් නව තාක්ෂනය ගැන දැනුමක් තියෙන්න ඕන.

    මේ නිසයි දරුවන් පාසල් අධ්‍යාපනයට අමතරව පරිගණක පන්ති යවලා හෙට ලොව දිනන්න මව්පියන් මඟ පෙන්වන්නේ.

    නමුත් ඉතින් දරුවන් ඒ නව තාක්ෂණය සමඟ ගණුදෙනු කරද්දී වැඩිහිටියන් ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න ඕන.

    එහෙම නැතිවුණොත් දරුවන්ගේ ජීවිත කඩා වැටෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නැහැ.

    ඉතින් ඒ වගේ සමාජ ජාල වෙබ් අඩවියක් වූ Facebook මගින් හඳුනාගත් යහළුවකුට රැවටී විනාශ වෙන්න ගිය ජීවිතයක් 99න් ගැලවුණු හැටි සතිඅන්ත පුවත්පතක සඳහන් වෙලා තිබුණා.

    මේ කියන සිද්ධියට මුහුණ දෙන්නේ අවුරුදු 16ක තරම් පුංචි පාසල් සිසුවියක්.

    ඉතින් ඇයගේ මව ලංකාවේ රැකියාවක් කරපු කෙනෙක් වූ අතර පියා විදෙස් රටක රැකියාවක් කළා.

    මේ නිසා ස්මාර්ට් ෆෝන්, පරිගණක සහ ටැබ් වැනි නව තාක්ෂණික උපකරණ වලින් පියුමිට අඩුවක් වුණේ නැහැ.

    පාසල් කාලේදී යහළුවන් එක්ක සෙල්ලම් කරන්න යන පියුමිට ඒ අවශ්‍යතාව ඇතිවෙලා තිබුණේ ටික කාලයයි.

    ඒ මොකද කියලා කියනවා නම් ඇයගේ පියා විසින් රට ඉඳන් සමාර්ට් ෆෝන් සහ පරිගණක වගේ දේවල් පියුමිට එවලා තිබුණු නිසා.

    පාසල් ගිහින් ඉවරවෙලා ගෙදර එන පියුමි පොත් ටික පැත්තකට දාලා ඉවරවෙලා කරන්නේ කොම්පියුටර් එක හරි එයාගේ සමාර්ට් ෆෝන් එක හරි අරගෙන අන්තර්ජාලයේ සැරිසරන එක.

    ඉතින් පියුමිට මේ නව තාක්ෂණය නිසා වෙච්ච කරදරය මෙලෙස ඇය විසින්ම කියලා තිබුණා.

    "මගේ තාත්තා තමයි මට මුලින්ම කොම්පියුටරයක් අරන් දුන්නේ. එතකොට මම ඉගෙන ගත්තේ 10 පන්තියේ.

    කොම්පියුටරය පාවිච්චි කරන්න දැනුමක් තිබුණේ නැති නිසා අම්ම මම කොම්පියුටර් පන්තියකට යැව්වා. ඒකේන් ගොඩාක් දේවල් ඉගෙන ගනිද්දී මම නිකම්ම සයිබර් අවකාශය වෙත ඇදිලා ගියා."

    එක එක වර්ගයේ කාටුන් චිත්‍රපට, විවධ ගේම් වගේ දේවල් තමයි මගේ ජිවිතේ වුණේ.

    මෙහෙම කාලය ගතවෙලා යදි තමයි පියුමිට facebook කියන සමාජ ජාල වෙබ් අඩවිය හඳුනා ගන්න පුළුවන් වෙන්න. ඇය ඒ සඳහා යොමුවෙන්න් මෙලෙසයි.

    "ටික කාලයක් යද්දී මට යහළුවෙක් කියලා දුන්නා Facebook ගිණුමක් හදාගන්න විදිය. මම ඒක පාවිච්චි කළේ අම්මට හොරෙන්.

    මම 10 පන්තියෙන් 11 වසරට යද්දී තාත්තා මට සමාර්ට් ෆෝන් එකක් අරන්දුන්නා.

    ඉතින් අම්මා ඒකට තදින්ම විරුද්ධ වෙච්ච නිසා තාත්තා මැදිහත් වෙලා ඒ ආශාවට ඉඩ දුන්නා.

    ඒ වුණාට ගෙදරදී අම්මා ෆෝන් එක පාවිච්චි කරන්න දුන්නේ නැහැ. පන්ති යද්දී තමයි ෆෝන් එක අරන් යන්න දුන්නේ.

    කාලයක් ගතවෙද්දී යහළුවොත් එක්ක චැට් කරන්න ගත්තා, පින්තූර හුවමාරු කරගත්තා. ඒ අතරේ ප්‍රේම ආරාධනා එහෙමත් ලැබුණා. නමුත් ඒ ඒ දේවල් ටික දවසයි."

    මෙහෙම යහළුවන් එක්ක Facebook එකේ කාලය ගෙවිලා යද්දී තමයි පියුමිට මිතුරු ඇසුරකට ආරාධනා කරලා මිතුරු ඇරයුමක් ලැබෙන්නේ.

    ඒ ඇරයුම ලැබෙන්නේ ගැහැණු ළමයෙකුගෙන්. ඒ ළමයා එයාගේ පින්තූර එහෙම Facebook දාලා තිබුණු අතර මෝස්‌තර නිර්මාණ ශිල්පිණියක් ලෙස තමයි පියුමිට හඳුන්වලා දීලා තිබුණේ.

    "ඒ අක්කා නිතරම මාත් එක්ක කථා කළා. මම ඒ අක්කා ගැන යහළුවන්ටත් කියලා තිබුණා.

    මගේ Facebook එකේ දාල තියෙන මගේ පොටෝ ගොඩාක් ලස්සනයි කියලා එයා මට නිතරම කිව්වා.

    මගේ පින්තූර යහළුවන්ගේ ෆෝන් වලින් අරගෙන ඒ අක්කාට යැව්වා.

    එයා එක දවසක් මට කිව්වා මාව බලන්න ආසයි කියලා. කථා කරන්න ඕන කියලත් කිව්වා. ඔයාට මම ලස්සන ඇඳුමක් හදලා තියන්නම්.

    එන්න ඔයා අපේ ෂොප් එකට කියලා දවසක් ඒ අක්කා මට කිව්වා. මගේ මුහුණ එයාට බලන්න ඕන කියලා කිව්වම එක දවසක් වීඩියෝ කෝල් වලින් එයා එක්ක කතා කළා.

    ඒ වුණත් එයා මං එක්ක වචනයක්වත් කතා කළේ නැහැ. එයා ඉන්න තැන අඳුරුයි කියලා මුහුණ පෙන්නුවෙත් නැහැ. එයාගේ පොටෝ එහෙම දාලා තිබුණු නිසා මම එයාව විශ්වාස කළා."

    ඉතින් මේ වගේ ඒ අක්කා එක්ක ඇසුරක් පවත්වාගෙන යද්දී පියුමිට හදලා දෙනවා කිව්ව ඇඳුම හදන්න ඇයගේ ශරීරයේ මිනුම් ඉල්ලලා තිබුණා.

    "ඒ අක්කා මට හදන ඇඳුමට මිනුම් එවන්න කියලා තනපටයේ පොටෝ එකක දාන්න කියලා මට කිව්වා.

    ඉතින් මම ඒ ගැන වැඩිය හිතුවේ නැහැ. මම තනපටියේ පොටෝ එකක් අරගෙන එයාට යැව්වා.

    මැසේජ් වලින් ශරීරයේ එක එක තැන්වල මිනුම් මැනලා ගත්තා. ඒ හැම තැනකම ෆොටෝ අරන් මම එයාට යැව්වා. "

    ඉතින් කාලයක් යද්දී පියුමිට හදපු ඇඳුම ගන්න කියලා ඒ අක්කා එයාට කියලා තිබුණා.

    ඉතින් ඒ කාලේ වෙද්දී ඒ අක්කා ගැන හොඳ පැහැදීමක් තිබුණ නිසා පියුමිත් ඒ අක්කා බලන්න යන්න සූදානම් වුණේ ඇයගේ යහලුවෙකුත් එක්ක.

    ඉතින් පියුමි ඇඳුම ගන්න අම්මටත් හොරෙන් යහළුවෙකුත් එක්ක ගිහින් තිබුණා.

    "අපි දෙන්නා ඒ රෙදි ෂොප් එකට යද්දී හිටියේ මැදි වයසේ මනුස්සයෙක්. මම facebook එකේ තිබුණු නම කියලා ඇඳුම අරගෙන යන්න ආවේ කියලා කිව්වා.

    ඉතින් ඒ වෙලාවේ ඒ මනුස්සයා අපට කිව්වේ මැඩම් නම් මේ වෙලාවේ නැහැ. ඒ වුණත් ඇඳුම හදලා තියෙන්නේ කියලා.

    එහෙම කියලා ඒ ෂොප් එකේ දොර වහලා අපිව ඇතුළට ගනිද්දී බයත් හිතුණා. මැඩම් නැති වෙලාවට ගැහැණු ළමයි එනවා කරදරයි.

    ඒ නිසා කියලා තමයි දොර වැහුව්වේ කියලත් අපිට කිව්වා. එහෙම කිව්ව මනුස්සයා යහළුවා පහළ තට්ටුවේ තියලා මාව අතින් අල්ලාගෙන උඩ තට්ටුවට ගෙනිච්චා.

    ඒ වෙලාවේ මට ටිකක බය හිතුණා.

    ඊටපස්සේ මට තිරයක් දාපු තැනක් පෙන්නලා ඇඳුමකුත් දීලා කිව්වා මේ ඇඳුම දාලා බලන්න කියලා.

    මම ඒ ඇඳුම ඇඳලා බලන්න හදනකොටම ඒ මනුස්සයා ඇවිත් මාව බදාගෙන අතින් කට තද කරලා වැහුව්වා.

    මම අඬලා කිව්වා මට යන්න දෙන්න කියලා. ඒ වෙලාවේදී තමයි මට ඇත්ත තේරුණේ."

    පියුමි මෙතෙක් කල් රැවටිලා තියෙන්නේ ගැහැණු කෙනෙක් කියලා කිව්වා මේ පිරිමි මනුස්සයාට. ඒ වෙලාවේදී තමයි මේ දේවල් ඔහු පියුමිට කියලා තිබුණේ.

    "ඔයා එවපු පින්තූර සේරම මගේ ළඟ තියෙනවා. ඒ සේරම දේවල් ගෙදරට එවනවා. ඒ නිසා මේ දේවල් කාටවත් කියන්න එපා කියලා මාව බය කළා.

    දිගටම ඒ විදියට මැසේජ් කරන්න කියලා කිව්වා. ඉතින් එතනින් පැන ගන්න ඕන නිසා ඔහුගේ වදන් වලට මම අවනතවුණා.

    කොහොමහරි 99න් ජීවිතය බේරාගෙන මම ගෙදර ආවා. එදා මට එළිවෙනකම් නින්ද ගියේ නැහැ.

    ඒ ගැන කල්පනා කරලා මම මානසික රෝගියෙක් වුණා. ඒක අම්මට දැනෙන්න ගත්තා. ඒ නිසා මට දේවල් අම්මට කියන්න සිද්ධවුණා.

    අම්මා මට බැන්නේ නැහැ. කරදරයක් නැතිව ජීවිතය බේරුණොත් ඇති කියලා අම්මා කිව්වා."

    ඉතින් පියුමි ජනප්‍රිය මෝස්‌තර නිර්මාණ කරන අක්කා කියලා රැවටිලා තියෙන්නේ මැදි වියේ සිටි මනුස්සයෙකුට.

    නමුත් නීතියේ පිහිටෙන් ඇය වෙන්න ගිය ලොකු කරදරයක් බේරගෙන තිබුණේ නියම ඇත්ත සිය මවට කිව්ව නිසා.

    මේ නිසා නව තාක්ෂණය මගින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ගණුදෙනු කරද්දී ඒ ගැන දැනගෙන වැඩ කරන්න ඕන. නැත්නම් හිතුවෙවත් නැති විදියට ජීවිතය විනාශ වෙන්න පුළුවන්.

    _හිරුගොසිප්

    ෆේස්බුක් නිසා මැතිව්ස් දැඩි කළකිරීමෙන් - තිලංගගෙන් ඉල්ලා අස්වීමට අවසර පතයි

    By: Aththa Withthi On: 1/23/2017 01:12:00 PM
  • Let's Get Social
  • ඇන්ජලෝ මැතිව්ස්ගේ ක්‍රිකට් අනාගතය අදුරු කිරීමට සමාජ ජාල වෙබ් අඩවි හරහා සුලු පිරිසක් උත්සහා දරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා.

    දකුණු අප්‍රිකාව සමග ඊයේ පැවැති දෙවන පන්දුවාර විස්ස තරගයේදී එම පිරිසට මැතිව්ස් පිත්තෙන් පි්ළි‍තුරු ලබා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා පැවසුවේ.

    ෆේසුබුක් ඇතුලූ සමාජජාල වෙබ් අඩවි හරහා ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කළයුතු බවට ඉකුත් දිනවල විවිධ සටහන් පළකෙරුණා.

    මේ හේ්තුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ද මානසික වශයෙන් දැඩි කල කිරීමකට පත්ව සිටි බවයි තිලංග සුමතිපාල පැවසුවේ.

    දිගින් දිගටම සමාජ ජාල වෙබ්අඩවි හරහා එල්ල වන මෙම චෝදනා හේතුවෙන් වරෙක මැතිව්ස් නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමට තමන්ගෙන් ඉල්ලීමක්ද කළබව තිලංග සුමතිපාල සදහන් කළා.

    කෙසේ් වෙතත් තමන් මැතිව්ස්ට සමාජ ජාල වෙබ් අඩවි වල පළවන වාර්තාව සැබෑ තත්වය පහදා දුන් බවයි ක්‍රිකට් සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.



    _නෙත්ගොසිප්

    ‘උඹ පොලිසියේද පිංපඩි ගන්න’ රජයෙන් දෙන ඉඩමක් ගන්න පොලිසියට ගිය ආබාධිතයාට ලොක්කෙකු බැනලා

    By: Aththa Withthi On: 1/23/2017 12:35:00 PM
  • Let's Get Social
  • එප්පාවල පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවී ලිපියකට නිර්දේශය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී කවුද උඹව එව්වේ. කොහෙන්ද උඹ පඩිය ගන්නේ, ආබාධිත උඹ පොලිසියේද පිංපඩි ගන්න. මේ නපුංසකයා ඇතුළට ගත්තේ මොකා දැයි යනුවෙන් පවසා තමන්ට පරුෂ වචනයෙන් බැන වැදී කාර්යාලයෙන් පන්නා දැමීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවකට පත්වූ බව පවසා සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා වෛද්‍ය හේතූන්මත විශ්‍රාම ලබා සිටින ආබාධිත පොලිස් නිලධාරියකු බලධාරීන් පිරිසකට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.

    ජනාධිපතිවරයා - අගමැතිවරයා, නීතිය, සාමය පිළිබඳ අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා , පොලිස් කොමිෂන් සභාව හා උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ඒ පිළිබඳ පැමිණිලි කර ඇත්තේ එප්පාවල කැළේඅමුණුකොළය පදිංචි විශ්‍රාම ලබා සිටින ආබාධිත පොලිස් කොස්තාපල් අයි. එම්. යූ. දිසානායක මහතාය.

    තමන් 1999 මැයි මස 23 වැනි දින පොලිස් කොස්තාපල්වරයකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු බවත් කොළඹ-කොටුව, කෙසෙල්වත්ත, පොලිස් හදිසි ඇමැතුම් අංශය, නාගරික රථවාහන පොලිසිය යන ස්ථානවල සේවය කිරීමෙන් අනතුරුව පලාලි, කෝපායි, චාවකච්චේරි, වැල්වැටිතුරය යන පොලිස් ස්ථානවල සේවය කළ බවත් එම ලිඛිත පැමිණිල්ලේ සඳහන්ය.

    එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියා පැවැති කාලය තුළදී 2006 ජුනි 24 වැනි දින කෝපායි පොලිස් ස්ථානයේ සේවයේ යෙදී සිටි බවත් යාපනයේ උසාවි රාජකාරි නිමවූ නිලධාරීන් රැගෙන ඒමට යෑමේදී නල්ලූර් කෝවිල අසලදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ අධිබලැති ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා යාපනය, කොළඹ ජාතික රෝහල්වල හා පොලිස් රෝහලෙහි දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබා සුවවී නැවැත සේවයට වාර්තා කළ බවත් එහි සඳහන්ය.

    2011 ජනවාරි 5 වැනි දින වෛද්‍ය මණ්ඩලයන්ට ඉදිරිපත් වීමෙන් පසු 65%ක ඉපැයීමේ ශක්තිය හීනවී ඇති බැවින් රාජකාරියට නුසුදුසු බවට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලැබූ බවත් ඒ හේතුවෙන් ආබාධිත තමන් වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ බවත් ලිපියේ සඳහන්ය.

    ආබාධිත පොලිස් රණවිරුවන් සඳහා රජය මඟින් ඉඩම් කැබැලි ලබා දෙන බව පවසා එප්පාවල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා මා හට පසුගිය දිනක ඉල්ලුම්පත්‍රයක් ලබා දුන්නා. ඒ අනුව එය සම්පූර්ණ කර ග්‍රාම සේවා නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශ ලබා ගෙන පදිංචි වසම භාර පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිර්දේශ ලබා ගැනීම සඳහා පසුගියදා (18 හා 19) පොලිස් ස්ථානය වෙත ගියා.

    නමුත් පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානයේ රැඳී නොසිටීම හේතුවෙන් 2 වැනි දින පොලිස් ස්ථානාධිපතිවරයා හමුවට ගියා. එදින උදෑසන 9ට පමණ ස්ථානාධිපතිවරයා පමණක් කාර්යාලයේ රැඳී සිටියදී ස්ථානාධිපතිවරයාගෙන් අවසර ලබා ගෙන කාර්යාලයට ඇතුළු වූ පසු ඇයි ආවේ කියා ස්ථානාධිපතිවරයා ඇහුවා. මම යුද්ධයේදී ආබාධිත පොලිස් නිලධාරියෙක්, ඉඩමක් ලබා ගන්න පොලිසියෙන් දුන්න ඉල්ලුම්පත්‍රයට නිර්දේශය ලබා ගන්න ආවේ කියලා මම කිව්වා. කවුද මූ එව්වේ. කොහෙන්ද උඹ පඩිය ගන්නේ, ආබාධිත උඹ පොලිසියේද පිං පඩි ගන්න ලැජ්ජ නැද්ද නපුංසකයෝ කියා පරුෂ වචනයෙන් මහ හඬින් මා හට බැන වැදුනා. මේකා ඇතුළට ගත්තේ ඇයි පලයන් එළියට කියා මාගේ ඉල්ලුම්පත්‍රයද පොඩි කරලා විසි කර මාව කාර්යාලයෙන් එළවා ගත්තා. මා ආබාධිත වුණේ ත්‍රස්තවාදී ප්‍රදේශයක රාජකාරි කරන අවස්ථාවකදී. අප වුවමනාවෙන් ආබාධිත වූයේ නැහැ. ආබාධිත මා හට ඉඩමක් ලබා ගැනීමට තිබූ වරප්‍රසාදයද මෙයින් මඟහැරී තිබෙනවා යැයි ඒ මහතා පැවැසුවේය.

    ආබාධිත පොලිස් කොස්තාපල්වරයකුට පහත් අයුරින් සැලකීම සම්බන්ධයෙන් එප්පාවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ඒ. පී. රෝහණ අධිකාරි මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවැසීය.

    මම ඒ අවස්ථාවේ 'බී' වාර්තාවක් කියවමින් සිටියේ. ආබාධිත පොලිස් කොස්තාපල්වරයා කාර්යාලයට ආවා. මම කිවුවා පොඩ්ඩක් වාඩි වෙන්න කියලා බෑ. බෑ. මට දැම්ම කතා කරන්න ඕනෑ කිවුවා. එපමණයි සිදුවුණේ. මම බැන්නේ නෑ. මට ඕනතරම් සාක්ෂි තියෙනවා. බැන්නේ නෑ කියලා. ඔයාට තව විස්තර ඕනනම් පස්සේ ගන්න මම ඉන්නේ සැලුන් එකේ කියමින් ඔහු දුරකතනය විසන්ධි කර දැමුවේය.


    අනුරාධපුර - මහේෂ් විජේසූරිය

    ආදායම අඩු වුණොත් චිත්‍රපටයේ ප්‍රගතියට හානි කළ අයට විරුද්ධව නඩු දානවා

    By: Aththa Withthi On: 1/23/2017 12:13:00 PM
  • Let's Get Social


  • මේ දිනවල තිරගත වෙන චිත්‍රපට අතරේ zoom කියන්නේ තරගයක් දෙන්න ආපු තවත් චිත්‍රපටයක්. හා හා පුරා කියලා කරපු චිත්‍රපටය ගැන වගේම තිරගත වෙන චිත්‍රපට අතරේ zoom තියෙන තැන ගැන කතා කරන්න සමීර වක්වැල්ලත් හදගැස්මට සම්බන්ධ වුණා.

    zoom කියලා චිත්‍රපටයක් බිහිවෙන්න මුල් වුණ අදහස ගැන මුලින්ම කියමු?

    නිර්මාණයක් මුලින්ම බිහි වෙන්නේ මිනිසුන්ගේ සිතුවිලි ධාරාව ඇතුළේ. මේ චිත්‍රපටයේ story line එක අම්මගේ. horror ෆිල්ම් එකක් කරනවා කියන තැන නෙමෙයි මම හිටියේ. හැබැයි මට ආපු කතාව horror. තිරපිටපත ලියලා චිත්‍රපටයක් විදියට එළියට ගේන කාර්යය මම කළා.

    චිත්‍රපටය එළියට එන්නේ ලංකාවේ ප්‍රථම 3D චිත්‍රපටය විදිහට?

    චිත්‍රපටයේ පිටපත ලියද්දි මට අවුරුදු විසිහතරයි. ලංකාවේ සිනමාවේ ක්‍රමවේදය අනුව චිත්‍රපටය එළියට එන්න අවුරුදු තුනක් ගත වෙනවා. ඒ කාලය ඇතුළත මම තවත් තාක්ෂණික අත්හදාබැලීම් කළා. ඒ වෙනකොට ලංකාවේ තිබ්බේ 3D හෝල් කිහිපයක් විතරයි. ඒත් කාලයත් එක්ක 3D හෝල් දහහතරක් හැදුණා. දියුණු සිනමාවක් කරා යෑමේ වුවමනාව ඇඟ ඇතුළෙම තියෙනවා. ඒ නිසා චිත්‍රපටය 3D කළා.

    මායා චිත්‍රපටයත් එළියට ආවේ ලංකාවේ ප්‍රථම 3ච් චිත්‍රපටය කියාගෙන. එතකොට කවුද ඇත්තටම 3D?

    සමාජය නොමඟ යවන එක බරපතළ ප්‍රශ්නයක්. මායා 3D වුණේ නැහැ. හැබැයි 3D කියලා ප්‍රචාරය කළා. අපි හරියටම වැඩේ කරලා පෙන්නුවා.
    චිත්‍රපටය 3D වුණාට තිරගත කරන්නෙ 3D හෝල්වල විතරක්ම නෙමෙයිනේ.
    ඕනම නිර්මාණකරුවෙක් තමන්ගේ නිෂ්පාදනය ගැන හිතනවා. මම 3ච් චිත්‍රපටයක් කළා. මට ලාභයක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි මම රිස්ක් එකක් ගත්තා. මමත් කොපි තිස්පහක් ගැහුවා. මගේ චිත්‍රපටය 3ච් වුණාට ලංකාවේ සමහර 3ච් හෝල්වල 2ච් චිත්‍රපටත් දුවනවා. 2ච් හෝල්වල මගේ චිත්‍රපටය දුවනවා. 2Dහෝල් එකේ 3ච් බලන්න බැරි වුණත් තාක්ෂණික පහසුකම් තියෙන අනෙක් සිනමාශාලාවලටත් මගේ චිත්‍රපටය මුදාහැරලා තියෙනවා.

    3D චිත්‍රපටයක් කළා කියලා අවාසිදායක වුණ අවස්ථා නැද්ද?

    මගේ චිත්‍රපටය 3ච් නැති හෝල්වලටත් ලබාදෙන නිසා පාඩුවක් අවාසියක් වෙලා නැහැ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අපි කොපි තිස්පහ ඉන්දියාවේ ගහලානේ ලංකාවට ගේන්නේ. කලින් සිනමාවට බදු නිදහස් කරලා තිබ්බේ. හැබැයි අපේ කාලේ පටාචාරා චිත්‍රපටයටයි මගේ චිත්‍රපටයටයි ඉන්දියාවේ ඉඳන් කොපි ගහලා ගේද්දි ටැක්ස් එකක් ගැහුවා. කොපි තිස්පහටත් බදු මුදලක් ගැහුවම ඒක සිනමාවට බරපතළ ප්‍රශ්නයක්.

    චිත්‍රපට කරන අධ්‍යක්ෂවරු පබ්ලිසිටි වලටත් ගොඩක් මහන්සි වෙනවා. සමීර පබ්ලිසිටිවලට මහන්සි වෙන්නේ අඩුවෙන්ද?

    ගොඩක් අය චිත්‍රපට කළාම අතිශයෝක්තියෙන් ප්‍රචාරණ කටයුතු කරනවා. අපි මාරයි කියලා ඔවුන්ම කියා ගන්නවා. හැබැයි අපි, මාරයි කියලා කියා ගන්නේ නැතිව මේ ගමන යන්නේ. ඒ නිසා ගොඩක් අයට චිත්‍රපටයට පබ්ලිසිටි නෑ වගේ පේන්නේ.

    අධ්‍යක්ෂවරයා වගේම නළු නිළියොත් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට මහන්සි වෙන්න ඕන. හැබැයි ඔබේ චිත්‍රපටයේ නළු නිළියෝ චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට එකතු වෙන්නේ නැත්තේ ඇයි?

    රංගන ශිල්පියෙක්ගෙන් සහ ශිල්පිනියකගෙන් බලාපොරොත්තු වෙන රංගනය ඔවුන්ගෙන් ලැබුණා. ශේෂාද්‍රි සහ හේමාල් ඒ චරිත හොඳට කළා. හැබැයි චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට ඔවුන් එන්නේ නැහැ. හේමාල් නම් ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙන්නේ නැති ප්‍රශ්නය දරුණුයි. ඔහු ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ නොවෙන්නේ ඇයි කියලා මම හරියට දන්නේ නැහැ.

    හේමාල්ට චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වෙන්න කියලා ඔබ ඉල්ලීමක් කළාද?

    ඔව්. ඒත් හේමාල් මාව මඟහරිනවා. චිත්‍රපටය වෙනුවෙන් තිබ්බ නඩුවෙදි හේමාල් දිවුරුම් ප්‍රකාශයක් දීලා තියෙනවා. ඒ නිසා මාව මඟහරිනවද දන්නේ නෑ.

    චිත්‍රපටය නිර්මාණයක් විදියට සාර්ථකද?

    නිර්මාණයක් කළාම ඒක ගැන කිසිම අධ්‍යක්ෂවරයෙක් සෑහීමකට පත් වෙන්නේ නෑ. චිත්‍රපටය පෝලිමේ තිබ්බ අවුරුදු තුන ඇතුළේ මම කොච්චර දේවල් ඉගෙන ගත්තද? නිර්මාණය ගැන තෘප්තියක් තිබ්බට මෙච්චරයි මට කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ.

    මේ දිනවල තිරගත වෙන චිත්‍රපට අතරින් zoom ඉදිරියෙන් ඉන්නවද?

    චිත්‍රපටය බලන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වැඩියි. ලධධථ ජනතාව අතරට ගිහින් තියෙන ප්‍රවණතාව ගැන සතුටුයි. හැබැයි මම හිතපු තරමේ ආදායමක් ලබන්න බැරි වුණොත්

    චිත්‍රපටයේ ප්‍රගතියට යම් හානියක් කළ චිත්‍රපටයේ කටයුතු පස්සට ඇද්ද අයට විරුද්ධව නඩු කියලා වන්දි ලබාගන්න කටයුතු කරනවා.

    අලුත් වැඩ මොනවද?

    මේ අවුරුද්දේ තවත් චිත්‍රපටයක් කරනවා. ඒ චිත්‍රපටය සිංහල,ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ_මව්බිම

    22 January, 2017

    සීනි කොහේ තිබ්බත් කූඹි වහනවා - DJ අරා

    By: Aththa Withthi On: 1/22/2017 09:12:00 PM
  • Let's Get Social


  • මෑත වකවානුවේ මෙරට ගුවන්විදුලි වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහන බවට පත්වන්නට සමත්වූයේ 'ඩීජේ අරා සහ පැස්බරා' වැඩසටහන බව නොරහසක්. කෙසේ නමුත් ඩීජේ අරා වසර 18ක් සේවය කළ හිරු නාලිකාවෙන් ඉවත් වූ පුවතත් පසුව ඔහු මේ වනවිට 'සියත එෆ් එම්' නාලිකාවට එක්වූ පුවතත් බොහෝ දෙනෙක් උනන්දු වූ සිදුවීමක් බවට පත්ව තිබෙනවා. ඩීජේ අරා හෙවත් අරවින්ද ලොකුගේ 'සියත එෆ් එම්' නාලිකාවට එක්වීම සහ ඔහුගේ ඉදිරි සැලසුම් පිළිබඳව කතාබස් කරන්නට ඔහු 'අද'ට සම්බන්ධ කරගතිමු.

    Q අවුරුදු 18කට පස්සෙ වෙන ආයතනයකට යන්න හිතුවෙ ඇයි?

    පළවෙනිම දේ තමයි අවුරුදු 18ක් කියන්නේ දීර්ඝ කාලයක්. මේක හදිස්සියේ ගත්ත තීරණයක් නෙවෙයි. පහුගිය අවුරුදු අට ගත්තොත් මගේ ආයතනය තුළ මට දැනෙනවා විශාල පහසුවක්, සැහැල්ලුවක්. එතකොට මට හිතෙනවා මෙහෙම ගියොත් මං මේ වැඩේට කම්මැලි වෙනවා. මට දැනෙනවා අපි කරන හැම වැඩේටම මිනිස්සු අප්පුඩි ගහනවා. ප්‍රශංසා ඇහෙනවා හැමතැනම. අට ලෝ දහමේ හොඳ පැත්ත විතරයි එන්නේ.

    වැරදුණා එහෙම වුණා මෙහෙම වුණා කියල ඇහෙන්නෙ නෑ. මට හිතෙනවා මෙයට අභියෝගයක් කොහේ හරි තියෙන්න ඕන. ඒ අභියෝගය මම ළඟකදි බාරගත්තෙ නැත්තම් මං ආයෙ කවදාවත් ඒ ගැන හිතන්නෙවත් නෑ. මේක තැන ගැන ප්‍රශ්නයක් නොව මම කවදා හෝ යන්න ඕනි තැන ගැන ප්‍රශ්නයක්. ඇත්තටම මට කරන්න පුළුවන් දේ මොකක්ද? කියලා ඔළුවට පොඩි චැලෙන්ජ් එකක් ඉල්ලනවා. මම හිතනවා කොහේ හරි තැනක මේ යන රැල්ල වෙනස් කරන්න වෙනවා.

    අවුරුදු 18ක් පිරෙන තැන කිට්ටුවෙනකොට මට හිතෙනවා කාලෙ ළං වුණා කියලා. ඔහොම හිතලමතල සුදුසුම වෙලාව බලල මං ගිහිල්ල මගේ ඉල්ලා අස්වීම බාරදෙනවා. සමහර ආයතනවල පොඩි එකක් තියෙනවා ඉල්ලා අස්වීම ගැන මුට්ටිය දාන සංකල්පයට දාලා මේකෙන් යමක් මට වැඩිපුර ලැබෙයි, මාව තියාගන්න වැඩිපුර යමක් කම්පැනිය දරයි කියලා. නමුත් මං හිත හදාගෙනමයි යන්නෙ මොන දේ ලැබුණත් මේක මම ගන්නවා කියන තීරණය, ඒ නිසා මේක හරියටම ගන්නවා.

    එහිදී සභාපතිතුමා මට කියනවා මෙය නැවත සලකා බලන්න කියා. මම නැවතත් සලකා බලා ඊට දවස් දෙකකට පස්සෙ ලියුම යවනවා බාරගත්තෙ නැති හින්දා. මං විශ්වාස කරන දෙයක් තමයි මිනිහෙක් සිදුවීම්වල ප්‍රතිඵලයක් වෙනවට වඩා තමන්ගේ තීරණවල ප්‍රතිඵලයක් වෙන එක තමයි වඩා සාර්ථක. නැත්නම් දෛවයට තමයි බර යන්නේ. මෙතන දෛවය නෑ. මෙතන තියෙන්නේ මගේ තීරණ. හරිගියත් වැරදුණත් ඒක මගේ ප්‍රශ්නයක්.

    Q මේ වෙද්දි හුඟදෙනෙක් කතා කරන කාරණයක් තමයි අරවින්ද, සියතට ගියේ ත්‍රී මිලියන් බජට් එකකට යන්න. මේ කතාවල ඇත්තක් තියෙනවද?

    ඇත්තටම මම මගේ තීරණය බොහොම පැහැදිලිවම ගන්නේ ආත්ම විශ්වාසය මත මිසක් ඉලක්කම් මත නෙවෙයි. ඉලක්කම් ප්‍රශ්නය මට හිටපු ආයතනය තුළම විසඳගන්න තිබුණා. මං විශ්වාස කරනවා මට යම් වටිනාකමක් ආයතනය තුළ තිබුණා කියල. වැඩසටහන් අධ්‍යක්ෂක විදිහට හිරු, ෂා, සූරියන් කියන අංශ තුන සහ ඊට අමතරව අංශ කිහිපයකුත් මගේ යටතේ තිබුණා.

    මොන මොන මත ගැටුම් තිබුණත් ආයතනය තුළ සැලකිය යුතු පිළිගැනීමක් තිබුණා කියල මට දැනිලා තිබුණා. ඒ නිසා මෙය ඉලක්කම් ගැන ප්‍රශ්නයක් නම් මට බොහොම පහසුවෙන් විසඳගන්න තිබුණා. මගේ හිටපු සභාපතිතුමා බොහොම නම්‍යශීලී මනුස්සයෙක්. ඉලක්කම් සම්බන්ධව ගත්තොත් ආර්ථිකමය වශයෙන් බොහොම ඉහළ තැනක එම ආයතනය තිබෙනවා. ඉලක්කම් ප්‍රශ්නය විසඳගන්නව නම් එතන තමයි හොඳම තැන. මේක වෙන ගායකට ගත්ත තීරණයක්.

    මේක සම්බන්ධයෙන් තියෙනවා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කතාවක්. ඒක සම්පූර්ණ මනස්ගාතයක්. මට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණු බොහොමයක් ආයතන අතරින් අවසාන වශයෙන් සම්බන්ධ වෙන්න තීරණය ගත්ත ආයතනය බොහොම පිරිසිදු ආයතනයක්. නම හැමෝම දන්න ආයතනයක්. නම දන්නවා වගේම ඒකෙ කෙරෙන වැඩ ගැනත් මිනිස්සු ඉස්සරහට උනන්දු වෙයි. හොයල බලයි. ඒ අභියෝගය තමයි මට තියෙන්නෙ. මේ අභියෝගය තමයි මං හෙව්වෙ. ඉලක්කම් හෙව්වෙ නෑ.

    Q ඇත්තටම සියත කියන නාළිකාව රේටින්ස්වල බොහොම පහළ තියෙන්නේ. ඒක උඩ දාන එක ඇත්තටම අභියෝගයක් තමයි නේද?

    මම බොහෙම තදින් විශ්වාස කරන දෙයක් තමයි මට යම්කිසි අසන්නන් පිරිසක් සිටින බව. ඒ අය 'අරාව' අහනවා. ඒ අය ඇත්තටම ඇහුවෙ 'අරා' නම් මම කොහේ ගියත් අරාව අහන්න ඕන. සීනි කොහේ තිබ්බත් කූඹි වහනවා කියලා මම දන්නවා. ඒ වගේම මාත් එක්ක සම්බන්ධ වුණු පිරිසත් ප්‍රේක්ෂකයො ගොනු පිටින් ඉන්න අයයි. ඒ කියන්නෙ ෆෑන් බේස් පිටින් ඉන්න අය තමයි මාත් එක්ක ඉස්සරහට වැඩ කරන්න සම්බන්ධ වෙන්නේ. ඒ ෆෑන් බේස්එක සහ අපි කරන හොඳ වැඩ ගැන අපිත් එක්ක ඉන්න සුළුතරය කතා කරන්න ගත්තට පස්සෙ හොඳ දේ ගැන ආරංචි සඳුන් ගහ කැපුව වගේ හැමතැනම යයි.

    පොඩි කාලයක් බලන් ඉන්න තියෙයි. හෙට පටන් අරගෙන අනිද්ද වෙනකොට ලංකාවම අහන එකක් නෑ. කාලයක් යයි. කාලයත් එක්ක තමයි හැමදේම තීරණය වෙන්නෙ. අපි කාලයට ඉඩදීල බලන් ඉන්නවා නෙවෙයි. කාලය යනකොට ඉස්සරහට යන්නෙ කොහොමද කියල සැලසුම් සකස් කරලයි තියෙන්නේ. ඒ හින්දා අපි බොහොම ආත්ම විශ්වාසයෙන් මේ ගමන යන්නේ.

    Q ඩී ජේ් අරා යළි කරළියට ආවම යම් යම් කතන්දර අහන්න වෙයි නේද ?

    මේ වැඩසටහනට තිබෙන ජනප්‍රියභාවය තේරෙනවා මේ හා සම්බන්ධ අනෙකුත් විද්‍යුත් මාධ්‍ය ආයතන වැඩසටහනේ ආකෘතිය විතරක් නෙවෙයි මගේ නමත් අරන් ගිහින් පාවිච්චි කරල බලනවා මේකට ආකර්ෂණයක් තිබෙනවද කියල. මිනිස්සු ගැන කොච්චර ප්‍රශ්න තිබුණත් මං එක දෙයක් දැනගෙන හිටියා. අපේ මිනිස්සුන්ට සහජ ඉවක් තිබෙනවා ඔර්ජිනල් එක හොයාගන්න. සමාජ වෙබ් අඩවිවල මිනිස්සු ලියන්නේ ඒකයි. ආපහු එනවද කියල අහන්නේ ඒකයි.

    මං හිතන්නෙ ඒ හැමදෙයක්ම ජනප්‍රියභාවයට හේතු වෙනවා. ඉංග්‍රීසි කියමනක් තිබෙනවා Any publicity is Good publicity කියල. හොඳ නරක කියන දෙකම කතා කරන්න තරම් මාතෘකාවක් නම්, මම හෝ අලුතෙන් යන ආයතනය හෝ කරන්න යන වැඩ ගැන නම් කතා කරන්නේ හොඳ හෝ නරක කිවුවත් කතා කරන්නෙ අපි ගැන නම් මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ.

    Q ඔබේ වැඩසටහනෙන් විතරක් නාලිකාව දුවන්න බෑනෙ. ඉතුරු ටික කොහොමද සැලසුම් කරන්නේ?

    මගේ වැඩසටහන එක ඒකකයක් විතරයි. එකම දේ තියෙන්නේ ඒකට අපි හිතනවා සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රතිචාරයක් මිනිස්සු ගාව තියෙනවා කියල. ඊට අමතරව අපි හැමදාම හිත්වල තියාගෙන ඉඳපු සිහින තිබුණා. මිනිස්සු ඉල්ලපු සමහර දේවල් තිබුණා. අපි මේ ඔක්කොම අතරමැද තැනකට ගේන්න උත්සාහ කරනවා. මිනිස්සුන්ටත් ඕන අපිත් ආස දේවල්. එවැනි විස්මිත ගණයේ වැඩසටහන් කිහිපයක් මෙයට එකතු වෙනවා. මම හිතනවා එවැනි දේකට මිනිස්සුන්ගෙ ඔළුවෙ ඉඩ තියෙනවාය කියා. ඒක තමයි අභියෝගය. ෆිදෙල් කැස්ත්‍රෝ ඔහුගේ ජීවිතේ අවසන් භාගයේදී කියලා තියෙනවා 'අරමුණු පැහැදිලි නම්, විශ්වාසවන්ත මිනිස්සු පස්දෙනෙක් ඉන්නව නම් එදා කරපු විප්ලවය ආයෙ මුලඉඳලා කරන්න පුළුවන්' කියලා. මම ඒක විශ්වාස කරනවා.

    Q මේකෙත් පැකේජ් සිස්ටම් එකක් යනවද?

    පැහැදිලිවම මේ ආයතනය පැකේජ්වලට සින්දු ගහන්නෙ නෑ. එයට ඉහළ කළමනාකාරීත්වය එකහෙළා විරුද්ධයි. මාත් විරුද්ධයි.

    Q එහෙනම් ඔබ කළින් කළේ?

    මම උයනෙ භාරකාරයා මිසක් අයිතිකාරයා නෙවෙයි.

    Q සියත ආයතනය තුළ ඔබේ කාර්යභාරය කුමක්ද?

    කලින් ආයතනයෙන් ඉවත් වෙනකොට ගත්ත තීරණයක් තමයි මාධ්‍ය කියනෙක මගේ පූර්ණකාලීන වෘත්තිය බවට පත්කර ගන්නෙ නෑ. අධ්‍යාපන කටයුතු තිබෙනවා. විනෝදාංශයක් විදිහට ඡායාරූප ශිල්පය වාණිජ මට්ටමට හදාරපු කෙනෙක්. මගේ ඒ සම්බන්ධ දැනුම සම්පූර්ණ කරගන්න ඕන. උසස් අධ්‍යාපනයේ සම්පූර්ණකරගත යුතු තැන් කිහිපයක් තිබෙනවා. මම සියතට සම්බන්ධ වෙන්නෙ උපදේශන සේවයක් (consultant) ලබාදෙන්න. සියත එෆ් එම් සේවයට තමයි මෙය ලබාදෙන්නෙ. වැඩසටහන් පෙළගැස්ම සියත යන්නෙහි හැඩය, සියත කොහොමද වෙළෙඳපොළට ස්ථානගත කරන්නේ සහ ඊට අමතරව ඇඟේ තියෙන අසනීපෙ සනීප වෙනකම් මෝනින් ෂෝ එකත් කරනවා.

    ඒක කොච්චර කල් කරයිද දන්නෙ නෑ. මං එක දෙයක් දන්නවා. මේ ෂෝ එකේ ඩීජේ අරා මමනෙ . ඩුප්ලිකේට් සීයක් බිහිඋනත් මට මම නොවී ඉන්න හේතුවක් නැහැ. ඒ නිසා මම කොහේ ගියත් ඩීජේ අරා ඉන්නවා. නමුත් එක සහතිකයක් දෙන්න පුළුවන්. ඒ තමයි එපා වෙන්න කලින් යනවා. මං හැමදාම කළා වගේ ඇති කියල හිතෙන්න කලින් මං යනවා. උපදේශකයෙක් විදියට පූර්ණකාලීන මට්ටමට සේවාව දෙයි. නමුත් මගේ බැඳීම පූර්ණකාලීන නෑ. දැනට සියත එෆ් එම් සඳහා විතරයි මේ සේවාව ලබා දෙන්නෙ. ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ. මං කැමතියි පොඩි තැනෙන් පටන් ගන්න.

    Q ඩී ජේ අරා සාර්ථක වෙන්න හොඳ සපෝටර් කෙනෙක් ඕන. මෙතනදි කවුද ඒ රික්තය පුරවන්නෙ?

    දිගටම කුතුහලය තියන්නැතුව කතා කරනවනං මම ඒ රික්තකය පුරවනවා. කොහොමද කියනෙක අපිට පෙබරවාරි මාසෙ දිහාට බලාගන්න පුළුවන්.

    Q 'ඩීජේ අරා පැස්බරා' වැඩසටහන අන්තිම කාලෙදි බ්‍රෑන්ඩ් එකම ප්‍රමෝට් කරන ස්වරූපයක් තමයි දකින්න තිබුනෙ. ඔබේ යළි පටන් ගැන්නමත් ඒවගේ වේවිද?

    මං හිතන්නෙ විවෘත ආර්ථික ක්‍රමය යටතේ වාණිජ රැල්ල නවත්තන පුළුවන් රැල්ලක් ගේන එක ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මොන ආයතනය ගත්තත් වාණිජ ගුවන්විදුලි. එකම දේ තමයි සමහර තැන්වල වාණිජකරණයටම තල්ලු වෙලා රසවිඳින්න දෙයක් නැතිවෙන තරමට. මම හිතන විදිහට අපි හැමෝටම වගකීමක් තිබෙනවා සමබරතාව තබාගැනීමට. අපිට වරදින් නැතිවෙන්න විදියක් නෑ. අපිට වරදිනවා. ඒනිසා බලන්නෝන පුළුවන්තරම් අඩුවෙන් වැරදි කරන්න. අවුරුදු 8 දි පටන් ගත්ත මගේ මාධ්‍ය ජීවිතෙත් එක්ක එකතු කරලා මේ අවුරුදු තිස්ගාණම ගත්තාම මේ තියෙන අත්දැකීම් එක්ක හොඳ සමබරතාවත් ඇතිකරගන්න පුළුවන් කියල හිතනවා.

    Q ඔබ කියන දේවල් එක්ක පැහැදිලි වෙන දේවල් තමයි කලින් ආයතනයෙ ප්‍රධානියා වෙලා හිටියත් හැබැයි එහි කරපු දේවල් වෙලා තියෙන්නෙ ඔබේ කැමැත්තට නෙවෙයි වගේනෙ?

    ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. මම ජීවිතේ සටන අතෑරලා නෑ. හැමදාම සටන් කරනවා. මං මගේ සටන අතෑරල හිටියනං ඕව ඔයිටත් එහා ගිහින්. මං කොහේ ගියත් ඒ සටන තියාගන්නවා. ඒ සටන තුළ තවදුරටත් උහුලගෙන යන්න බැරි බව දැනෙනව නම් සිස්ටම් එකට දොස් කියන සිරිතක් මට නෑ. එහෙමනං මං මෙතනින් ඉවත්වෙලා යන්න ඕන. කවදාවත් නිවැරදි කරන්න බැරි සිස්ටම් එකක් එක්ක ඔට්ටුවෙලා වැඩක් නෑ. කොහෙන්හරි පුංචි තැනකින් මේ වෙනස පටන් ගන්න ඕන. පස්සෙ ඒක මාධ්‍ය ක්ෂේත්‍රයටම බෝවෙයි. මං හිතනවා සියතෙන් පටන් ගන්න මේ වැඩේ රටටම බෝ වෙයි කියල.

    Q වැඩසටහන්වලට නිවේදිකයො ඕනතරම් එනවා. වාණිජ වටිනාකමක් හදාගන්නෙක ලේසි නෑ. ඔබට මෙච්චර ලොකු වටිනාකමක් වෙළෙඳපොළේ ඇතිකරගන්න හැකිවෙන්නෙ කොහොමද?

    එකක් තීරණ. අනික අවදානමට මුහුණ දීම. මම අවදානමට මුහුණ දෙන්න බය නෑ. වොරන් බෆට් කියන ලෝකෙ දෙවැනි සල්ලිකාරයා කියනවා 'අවදානම තියෙන්නේ ඔබ කරන වැඩේ ගැන ඔබ දන්නෙ නැත්නම්' කියලා. මොකක් හෝ හේතුවකට මං කරන වැඩේ ගැන මං දන්නවා. ඒ නිසා මං තීරණ ගන්නවා. ඒ තීරණ ගැනීමේ හැකියාව මත තමයි වෙළෙඳපොළ වටිනාකම තීරණය වෙන්නෙ.

    _අද
    ඡායා ඉසුරු පෙරේරා

    කරදරකාරයන්ව දුටු තැන අල්ලනු - තාරුකා වන්නිආරච්චි

    By: Aththa Withthi On: 1/22/2017 08:39:00 PM
  • Let's Get Social


  • මෑත කාලයේ කලාවට පායපු ලස්සනම තරුවක් හැටියට තාරුකා වන්නිආරච්චි විස්තර කරන්න පුළුවන්. ඇය සමග කළ ලස්සනම කතා බහකට මේ ඉඩ වෙන් කෙරෙනවා.

    තාරුකා කොහොමද වාසදේස?
    සතුටින් ඉන්නවා. රංගනයේ ‍පොඩි පසුබෑමක් තියෙනවා. මොකද මේ දවස්වල වැඩිපුර කරන්නේ නැටුම් වැඩ නිසා ඒත් ළඟදීම ආපහු රඟපෑම් පටන් ගන්නවා.

    ජනප්‍රියත්වයත් එක්ක ඉස්සර තිබුණු නිදහස නැතිවෙලා කියලා හිතෙන්නේ නැද්ද?
    නැහැ. මම ජීවත්වෙන්නෙත් ජනප්‍රියත්වය ඔළුවට අරගෙන නමෛයි. මට තාම පාරේ බස්වල ගමන්බිමන් යන්න පුළුවන්. සාමාන්‍ය විදියට පාර දිගේ ඇවිදගෙන යන්න පුළුවන්

    මගතොටේදී ලැබෙන ප්‍රතිචාර කරදරයක් නමෛයිද?
    කරදරයක් නම් නමෛයි. මම කැමතියි මිනිස්සු මා එක්ක කතා කරනවට. හැබැයි ඉතිං සමහර වෙලාවට අරුමයක් දැක්කා වගේ පුදුමෙන් මගේ දිහා බලද්දී නම් මට ටිකක් ලැජ්ජා හිතෙනවා. ඒත් මම කවදාවත් ප්‍රතිචාර නම් කරදයක් කියලා හිතන්නේ නැහැ.

    තාරුකා කොහොමද ලස්සනට ඉන්නේ?
    මම ටිකක් වැඩිපුර එළවළු, පලතුරු කනවා. මේ දවස්වල නම් නර්තනයට ශක්තිය ටිකක් වැඩිපුර වැය වෙන නිසා ‍පෝෂණය ගැන හිතලා ගුණ කෑම කනවා. වැඩිපුර වතුර බොනවා.

    ඒ කියන්නේ තාරුකා කිසිම කෘත්‍රිම ආ‍ලේපනයක් පාවිච්චි කරන්නෙ නැහැ කියන එකද?
    අනේ මම එහෙම කියන්නෙ නැහැ. ආ‍ලේපන ගානවා. උපතින් යම්කිසි දෙයක් ලැබිලා තියෙනවානම්, ඒ දෙය වැඩිපුර ලස්සන කරගන්න මහන්සි වෙනවා නමුත් ෆේෂල්, ක්ලිනප් නම් කරනවා හුඟක්ම අඩුයි”

    රූපලාවණ්‍ය නිෂ්පාදනයක් තෝරාගනිද්දී මොන දේවල් ගැනද සැලකිලිමත් වෙන්නේ?
    ප්‍රධානම දේ ඒකෙ අන්තර්ගත වෙලා තියෙන්නේ මොනවද කියන එක. ඒ දෙය ස්වභාවික ද්‍රව්‍යයක් නම් මම හුඟක් කැමතියි. ඒ වගේම හොඳ ප්‍රමිතියක් තියෙන නිෂ්පාදන විතරයි මම තෝරාගන්නෙ.

    මාසෙකට කී වතාවක් සැලෝන් යනවද?
    සැලොන් යනවා හරි අඩුයි. මගේ මේකප් එක හුඟාක් වෙලාවට කරගන්නේ මම. උත්සව සහ ෆොටෝ ෂුට් තියෙනකොට මමම තනියම හැඩවෙලා යනවා.

    මේකප් එකකදී තාරුකා වැඩිපුරම සැලකිලිමත් වෙන්නෙ මොකක් ගැනද?
    ඇස් දෙක ගැන. ඒකෙන් ඕනම කෙනෙකුව ගොඩක් ලස්සන කරවන්න පුළුවන්. ඒ වගේම මම තොල්වල ගාන ලිප්ස්ටික් එකේ පාට ගැනත් හුඟක් හිතනවා.

    එහෙනම් තාරුකාගේ ගෙදර ලොකු ලිප්ස්ටික් එකතුවක් ඇති?
    ඔව්. පාට ගොඩාක් තියෙනවා. හැබැයි ඉතිං මෙහෙම දේකුත් තියෙනවා. මොකක් හරි පාටක් තොල්වලට ලස්සනයි කියලා හිතුණොත් මම ඒ දවස් ටිකේම දිගටම ආ‍ලේප කරන්නෙ ඒ පාටම තමයි.

    මේකප් බඩු එකතු කිරීම විනෝදාංශයක්ද?
    මේකප් බඩු නමෛයි. මගේ විනෝදාංශය සුවඳ විලවුන් බෝතල් එකතු කරන එක. අපේ ගෙදර දැන් සුවඳ විලවුන් බෝතල් 73ක් තියෙනවා. සමහර ඒවා තෑගි ලැබුණු ඒවා. තව සමහර ඒවා මමම සල්ලි දීලා ගත්ත ඒවා. රට ඉන්න අක්කත් මට ඒවා එවනවා.

    සුවඳ විලවුන් බෝතලයක් අරගෙන වැලන්ටයින් දවසට කරදරකාරයෙක් ආවොත්?
    ආවට කමක් නෑ. තෑග්ග සතුටින් භාරගන්නවා. කරදරය පස්සෙ බේරුමක් කරගන්න බැරියැ

    ජනප්‍රිය නිළියක් නිසා විලාසිතා කරද්දී තෝරගන්නෙ බ්‍රෑන්ඩඩ් ඇඳුම් විතරද?
    එහෙමම නැහැ. බ්‍රෑන්ඩඩ් ඇඳුම්වලට කැමැත්තක් තියෙනවා. ඒත් ඊටත් වඩා ලස්සන, සුවපහසු ඇඳුම් සාමාන්‍ය තැන්වලත් ඕනෑතරම් දැකලා තියෙනවා. ඒ නිසා මට වැඩිපුර වැදගත් වෙන්නේ ඇඳුම මිසක් බ්‍රෑන්ඩ් එක නමෛයි.

    තාරුකා සමාජ මාධ්‍යයේ නිතර ගැවසෙන කෙනෙක්ද?
    මම ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් කියන ඒවා පාවිච්චි කරනවා. ලොකුවට ඒවාට ඇබ්බැහි වෙලා නැහැ.

    තාරුකාගේ නමින් ෆේස්බුක් ගිණුම් කීයක් මේ වෙනකොට තියෙනවද?
    ඇත්තටම ගිණුම් නම් එකයි තියෙන්නේ. මගේ නමින් මීට ටික කාලෙකට කලින් ගිණුම් කීපයක් තිබුණා. ඒවා ව්‍යාජ ඒවා. යාළුවො එක්ක එකතුවෙලා ඒ ගිණුම් ඔක්කොම රි‍පෝට් කරලා අවලංගු කරලා දැම්මා.

    කරදරකාරයන්ව දුටු තැන අල්ලනු කියන නියමයෙන් තමයි මම ෆේස්බුක් එක පාවිච්චි කරන්නෙ.

    කොහොමද මනමාලයො හොයන ව්‍යාපෘතිය?
    ඒ ව්‍යාපෘතිය මේ වෙනකල් කරගෙන ගියේ අපේ අම්මා. දැන් අම්මාගෙ සහායට අපේ නැදෑ පරම්පරාවක් එකතු වෙලා තියෙනවා. හැබැයි ඉතිං මගේ හඳහනේ තියෙනවා දැන්ම විවාහයක් කරන්න සුදුසු නෑ කියලා. අම්මා හඳහන විශ්වාස කරනවා. ඒ නිසා විවාහය ගැන තාම ලොකු බලකිරීමක් නෑ.

    සඳමාලි වර්ණසූරිය_රිවිර
    ඡුායාරූප: චමිල කරුණාරත්න

    දැළිපිහිය වගේ රිළවුන්ට අහුවුණු කාගෙද ඩේ‍රා්න කැමරාව රුවන්වැලිසෑයේ වැදුණු

    By: Aththa Withthi On: 1/22/2017 08:19:00 PM
  • Let's Get Social


  • රට එක්සේසත් කළ දුටුගැමුණු රජු අනුරාධපුර මහමෙව්නා උයනට ආසන්නයෙන් දාගැබක් ඉදිකිරීමට සිතුවේය. දාගැබ ඉදිකිරීමට සුදුසු ස්ථානයක් හමු වුවද එහි වූ විශාල රූස්ස රන් තෙලඹු ගසක දිව්‍යාංගනාවක් අරක් ගෙන සිටින බවට රජතුමා දැන ගත්තේය.

    දිව්‍යාංගනාව අරක් ගත් රූස්ස ගසින් පිටව යෑමට ඇය අකැමැති බවත් ඇය විසින්ම රජතුමාට පවසන්නට වූවාය. දුටුගැමුණු රජතුමා අවස්ථා කිහිපයකදීම රූස්ස ගස අසලට පැමිණ දිව්‍යාංගනාවට ගසෙන් වෙනත් ගසකට ගොස්, ගස කැපීමට අවස්ථාව ලබාදෙන ලෙසට ඇවිටිලි කළත් දිව්‍යාංගනාව එම කීමට කන් නොදුන්නාය.

    "මගෙ ඉල්ලීමක් තියෙනවා, ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා නම් මම ගසෙන් ඉවත්ව වෙනත් ගසක අරක් ගන්නම්" දිව්‍යාංගනාව රජතුමාට යෝජනාවක් කළාය. දුටුගැමුණු රජතුමා දිව්‍යාංගනාවගෙන් ඉල්ලීම කුමක්දැයි විමැසුවේය. "මෙම ස්ථානයේ අනාගතයේදී ඉදිකෙරෙන දාගැබ මගේ් නමින් හඳුන්වන්න ඕනෑ". දිව්‍යාංගනාවගේ ඉල්ලීම ඉෂ්ට කරමින් දාගැබ ඉදිකිරීමෙන් පසු දුටුගැමුණු රජතුමා එම දාගැබට "ස්වර්ණමාලී" නම් දිව්‍යාංගනාවගේ නම තැබීය.

    වංස කතාවලද සඳහන් මෙකී කතාව රුවන්වැලි මහා සෑ රදුන් දුටු පමණින්ම අපගේ මතකයට නැඟේ. කකුසඳ, කෝනාගම, කාශ්‍යප, ගෞතම යන සිවුමහ බුදුන්ගේ පාදස්පර්ශය ලැබූ භූමියක ඉතා රමණීය ලෙස ඉදි කෙරුණු රුවන්වැලි සෑ රදුන් දුටු පමණින්ම හුදී බෞද්ධ ජනතාව පහන් සංවේගය උපදවා ගනිති. ගෞතම බුදුරජුන්ගේ ශාරීරික ධාතූන් බොහෝමයක් රුවන්වැලි මහා සෑ රදුන්ගේ ගර්භයේ නිදන් කර ඇති බවද වංස කතාවල සඳහන්ය. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන එකී රුවන්වැලි මහ සෑ රදුන් සම්බන්ධයෙන් සිදු වූ අකරතැබ්බක් ඉකුත් දිනෙක වාර්තා වුණි.

    ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය පවා වූ එම අකරතැබ්බයට පාදක වූයේ ඩේ‍රා්න කැමරාවකි. දිනය ඉකුත් 14 වැනි සෙනසුරාදාය. එදින තෛපොංගල් දිනයයි. හින්දු භක්තිකයන් ඔවුනගේ අලුත් අවුරුද්ද මහත් හරසරින් සමරද්දී ලද නිවාඩුවෙන් පින්කමක් සිදු කිරීමේ අදිටනින් කොළඹ සිට වන්දනා නඩයක් අනුරාධපුරයට පිටත් වූහ.

    එම නඩයේ අරමුණ වූයේ රුවන්වැලි සෑ රදුන්ට කප්රුක් පූජාවක් සිදු කිරීමය. රජයට අයත් පොහොර සමාගමක ඉහළ පෙළේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් එම පින්කම සංවිධාන කර තිබිණි. එය ඔවුනගේ පෞද්ගලික හිත මිතුරන් එක් කර ගනිමින් සිදු කිරීමට යොදා ගත් පූජාවකි.

    දවස පුරා රශ්මිය විහිදවූ ඉරද අවරට යමිනි. කප්රුක් පූජාවට ප්‍රථමව සාදුකාර නඟමින් වන්දනා නඩය උඩමළුවේ සිට රුවන්වැලි සෑ රදුන් දෙසට පෙරහරකින් පැමිණෙන්නට වූහ. පෙරහර ආරම්භයත් සමඟම වන්දනා නඩය සමඟ පැමිණි ඡායාරූප ශිල්පීහු පෙරහරේ ඡායාරූප ගැනීම ආරම්භ කළහ.

    රුවන්වැලි මහ සෑ රදුන්ට මීටර් 20ක් පමණ දුරින් කුඩා ආලෝකයක් විහිදුවමින් ඩේ‍රා්න කැමරාවක්ද ගුවන් ගත කෙරිණි.

    පෙරහර ගමන් මඟ ඔස්සේ ඩේ‍රා්න කැමරාවක්ද ගමන් කරන්නට විය. මඟ දුරක් ඉදිරියට ඇදුණු ඩේ‍රා්න කැමරාව රුවන්වැලි සෑ රදුන් දෙසට ගමන් කළේය. සෑ රදුන්ගේ කොත් ශීර්ෂයටත් ඉහළින් ගමන් ගත් ඩේ‍රා්න කැමරාව හදිසියේම පාලනයෙන් ගිලිහී නොයෙකුත් අත ගමන් කෙරුවේය.

    රුවන්වැලි සෑ රදුන්ටත් ඉහළින් කුඩා ආලෝකයක් විහිදුවමින් බිමට පතිත වන ඩේ‍රා්න කැමරාව සෑ රදුන්ගේ කොත් කැරැල්ලෙහි ගැටුණි. සෑ රදුන් වන්දනාමානයට පැමිණි බැතිමත්හු මෙම සිදුවීම ගැන මහත් බියට සහ කලබලයකට පත් වූහ. හදිසියේම වූ මෙම කලබලය පිළිබඳ විපරම් කළ උඩමළුවේ ආරක්‍ෂාවට සිටි පොලිස් නිලධාරියකු වහාම රුවන්වැලි සෑය දෙසට පැමිණියේය. කොත් කැරැල්ලේ ප්‍රථමව ගැටුණු ඩේ‍රා්න කැමරාව සෑ රදුන්ගේ දකුණු පස දෙසින් වන්නට හතරැස් කොටුවේ වැදෙමින් පේසා වළල්ලේද ගැටී බිමට පතිත විණි. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා බිමට පතිත වූ ඩේ‍රා්න කැමරාව සිය භාරයට ගත්තේය. ඉන් ඉක්බිති එම ස්ථානයට පැමිණි තරුණයකු ඩේ‍රා්න කැමරාව තමාගේ යැයි පොලිස් නිලධාරියාට පැවැසීය.

    පහන් සංවේගයෙන් යුතුව මහත් බලාපොරොත්තු සිත් තුළ රඳවා ගෙන රුවන්වැලි සෑ රදුන් වැඳ නමස්කාර කිරීමට පැමිණි බැතිමත්හු මින් මහත් කෝපයට පත් වූහ. ඒ අතර පොලිස් නිලධාරියා ඩේ‍රා්න කැමරාවද, එහි හිමිකරුද රැගෙන පොලිස් මුරකුටිය වෙත ගියේය. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරියා සිය උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කළේය. උඩමළුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉඳුනිල් හේමපාල මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායම විසින් මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළහ. 

    පරීක්‍ෂණයේ ප්‍රථම කටයුත්ත ලෙසට ඩේ‍රා්න කැමරාව රුවන්වැලි මහ සෑ පුද බිමට රැගෙන විත් දර්ශන ලබා ගැනීමට අදාළ අංශවලින් ලිඛිත අවසරයක් ලබාගෙන ඇතිදැයි සොයා බැලීය. නමුත් එවැනි කිසිදු අවසරයක් ඩේ‍රා්න කැමරා හිමිකරු විසින් ලබාගෙන නොමැති බව විමර්ශනවලදී අනාවරණය විය. අනතුරුව පොලිසිය මේ සම්බන්ධයෙන් රුවන්වැලි මහා සෑය භාරව කටයුතු කරන පල්ලේගම හේමරතන නාහිමියන් දැනුවත් කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ද දැනුවත් කළ පොලිස් නිලධාරීන් විමර්ශනවලින් අනතුරුව පුරාවිද්‍යා ආඥාපනතට අනුව ඩේ‍රා්න කැමරාව පාලනය කළ තරුණයාව අත්අඩංගුවට ගත්තේය.

    තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ඔහු සිය මිතුරන්ද සමඟ කප්රුක් පූජාවේ දර්ශන සහ ඡායාරූප ලබා ගැනීම සඳහා වන්දනා නඩය සමඟ පැමිණ ඇත.

    හිතවතකුගේ ආරාධනාව ඇතිව එම කටයුත්ත ඔවුනට භාරදී තිබිණි. මුදල් බලාපොරොත්තුවකින් තොරව තමන් ඇතුළු පිරිස එම කාර්යය ඉමහත් ආසාවකින් ඉෂ්ට සිද්ධ කිරීමට අනුරාධපුරයට පැමිණි බව අත්අඩංගුවට පත් ඩේ‍රා්න කැමරා හිමිකරු පොලිසියට පැවැසීය.
    පොලිසිය නෛතික කටයුතු මෙලෙස ඉටු කරන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහුද ලහි ලහියේ ඩේ‍රා්න කැමරාව ගැටීමෙන් සෑ රදුන්ට සිදුවූ හානිය සොයා බැලීමට විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කළහ.

    පහළ සිට බැලූ බැල්මට සෑ රදුන්ට හානියක් සිදු වී නොමැති බව පෙනී ගිය නිසා මේ සම්බන්ධයෙන් සෑ රදුන්ගේ සිරසේ සිට විශේෂඥ පරීක්‍ෂණයක් සිදු කරන ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාද නියෝගයක් නිකුත් කළේය. අත්අඩංගුවට පත් ඩේ‍රා්න කැමරා හිමිකරු ඉදිරි විමර්ශන සඳහා එදින රාත්‍රියේම අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර කළේය. පසු දින එනම් ඉකුත් 15 වැනි ඉරු දින සැකකාර ඩේ‍රා්න කැමරා හිමිකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගත්තේය.

    අධිකරණය ඩේ‍රා්න කැමරා හිමිකරු ඇප මත මුදා හැරිණි. රුවන්වැලි මහා සෑ රදුන් පිහිටි ප්‍රදේශයේ ඩේ‍රා්න කැමරා භාවිත කරන්නේ නම් ඊට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් සහ රුවන්වැලි මහ සෑ නායක හිමියන්ගේ ලිඛිත අවසරයක් අනිවාර්ය බව උඩමළුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඉඳුනිල් හේමපාල මහතා සඳහන් කරයි. අවසරයකින් තොරව ඩේ‍රා්න කැමරා පුද බිමට රැගෙන විත් ක්‍රියාත්මක කරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසිය සතු බවද ස්ථානාධිපතිවරයා අවධාරණය කරයි.

    එම කතාව හමාර නැත. ඉකුත් 16 වැනි සඳුදා දින අධ්‍යාපන අමාත්‍යාංශ ඉහළ පෙළේ නිලධාරීන් සහ ඒ යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාද සහභාගි විය. එම සාකච්ඡාවෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව පවතින වෙහෙර විහාර ආදිය රූගත කිරීමට ඩේ‍රා්න කැමරා භාවිත කරන්නේ නම් ඊට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිඛිත අවසරයක් අවශ්‍ය බවට තීරණයක් ගැනීමට බලධාරීන් කටයුතු කළේය.

    වර්තමානය වන විට ඩේ‍රා්න කැමරාව සම්බන්ධයෙන් රට තුළ මහත් කතා බහක් ඇති වී ඇත. එසේම ඩේ‍රා්න කැමරා භාවිතය මෙරට තුළ ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී.

    ඩේ‍රා්න කැමරා භාවිතය සම්බන්ධයෙන් සිවිල් ගුවන් සේවා අධිකාරිය නියම කළ නීති පද්ධතියක් තිබුණද එය බලාත්මක ගැන්වීමේදී විවිධ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇත. මේ නිසාම ආරක්‍ෂක අමාත්‍යාංශය සහ සිවිල් ගුවන් සේවා අධිකාරිය එක්ව ඩේ‍රා්න කැමරා භාවිතය සම්බන්ධයෙන් වන නව නීති පද්ධතියක් සකස් කරමින් පවතී. ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ එම නීති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි ආකාරයට සකස් කිරීම රජයේ අරමුණ බවය. ඉකුත්දා හම්බන්තොට නව ආයෝජන කලාපය විවෘත කළ දින පැවැති විරෝධතාවයේදී පෞද්ගලික විද්‍යුත් නාළිකාවක ඩේ‍රා්න කැමරාවක් පොලිස් භාරයට ගෙන එහි දත්ත මකා දැමීම සම්බන්ධයෙන්ද දේශපාලන වේදිකා තුළ මහත් කතා බහක් ඇති විය.

    ඒත් සමඟම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතාද සඳහන් කළේ ඩේ‍රා්නා කැමරා භාවිතය සම්බන්ධයෙන් නීති රෙගුලාසි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවය.

    ඩේ‍රා්න කැමරාව රුවන්වැලි සෑ රදුන්ගේ කොත් කැරැල්ලෙහි ගැටීමත් සමඟ මෙම කතාබහ උණුසුම් වී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාද සඳහන් කළේ මහජනතාවට අපහසුතාවක් නොවන ආකාරයට එම උපකරණ භාවිත කළ යුතු බවටය.

    නියමුවන් රහිතව ගුවන් ගත කළ හැකි ඩේ‍රා්න කැමරා සම්බන්ධයෙන් ලෝකයේ දියුණු රටවල විවිධ නීති රීති සැකසී ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩේ‍රා්න කැමරා ගුවන් ගත කිරීමට අවසර ඇත්තේ උස අඩි 400ක පරාසය තුළය.

    ඉකුත් 2016 වසරේ එංගලන්තයේ ගුවන් යානාවක් සහ ඩේ‍රා්න කැමරාවක් එකිනෙක ගැටීම හේතුවෙන් එරට භාවිත කරන සියලු ඩේ‍රා්න කැමරා ලියාපදිංචි කිරීමට නීතියක් සකස් කෙරුණි.

    අපට ආසන්න ඉන්දියාවේද මහජන දේපොළ පිහිටි ප්‍රදේශවල ඩේ‍රා්න කැමරා භාවිත කරන්නේ නම් ඊට ප්‍රාන්තවල පිහිටි පාලක ආයතන විසින් අවසර ගත යුතුය.

    නව තාක්‍ෂණය සමඟ ජීවත් වීමට අප පුරුදු විය යුතුය. නව තාක්‍ෂණික උපාංග මහ භයානක අවි ආයුධ මෙන් නොසලකා ඒවා නිසි පරිදි භාවිත කළ යුතුය. ඊට අමතරව එම උපකරණ භාවිත කරන පුද්ගලයන්ද "වඳුරාට දැළි පිහිය හසු වුණා වාගේ" නොමැතිව අවශ්‍යතාවට සහ ස්ථානයට උචිත ලෙස භාවිත කළ යුතුය. එවිට "ඩේ‍රා්න කැමරාවද" සමාජයට මහත් හිසරදයක් නොවනු ඇත.

    චාමර අමරසූරිය_මව්බිම

    රතු ගවුමට හැඩවුණු නිලු!

    By: Aththa Withthi On: 1/22/2017 07:37:00 PM
  • Let's Get Social
  • නිලු නම් නිරූපණ ශිල්පිණියගේ ඡායාරූප පෙළක්.






     



    100 පැනපු ලෝකේ සීයලාගෙ රහස්

    By: Aththa Withthi On: 1/22/2017 07:15:00 PM
  • Let's Get Social


  • ඉන්දුනීසියාවේ ජීවත්වන ලොව වයස්ගතම පුද්ගලයා වන ම්බා ගොතො සිය 146 වැනි උපන් දිනය සමරා දින කිහිපයක් ගතවෙද්දී 105 වැනි වියේ පසුවන ප්‍රංශ ජාතික රොබට් මාර්චාන්ඩ් පැයක් තුළ සැතපුම් දහාහතරක් සිය පාපැදිය ධාවනය කරමින් වාර්තාවක් පිහිටුවීය.

    ඉකුත් වසරේ දෙසැම්බර් 31දා ම්බා ගොතොගේ උපන් දිනය වෙනුවෙන් ඔහුගේ මී මුනුබුරු මිනිපිරියන් ඔහු පුදුමයට පත්කරවන උපන්දින සාදයක් සංවිධානය කර තිබිණි. එහිදී ඔහු උපන් දින කේක් ගෙඩියක්ද කැපූ අයුරු මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කර තිබේ.

    ඉන්දුනීසියාවේ නිල වාර්තාවන්ට අනුව ම්බා ගොතො ඉපදී ඇත්තේ 1870 දෙසැම්බර් 31දාය. ඒ අනුව අදට ඔහුගේ වයස අවුරුදු 146කුත් දින පහළොවකි. ම්බා ගොතොට තමන්ගේ උපන් දිනය පිළිබඳව මතකයක් දැන් නැත. ඔහුගේ වයස අනිත් අය සඳහන් කරන්නේ රජයේ නිල ලේඛන මත පිහිටාය.

    ම්බා ගොතොගේ වයස තහවුරු කරන වෙනත් තෙවැනි පාර්ශ්වයක ලියකියවිලි නොමැති නිසා ගිනස් කමිටුව වැනි පිළිගත් ආයතන මඟින් ඔහු ලොව වයස්ගතම පුද්ගලයා ලෙස තහවුරු කර නැත. එහෙත් මාධ්‍ය ආයතන දිගින් දිගටම ඔහු ලොව වයස්ගතම පුද්ගලයා බව දැක්වෙන සටහන් තැබීම කරගෙන යයි.

    මුල්වරට ම්බා ගොතො ලොව වයස්ගතම පුද්ගලයා විය හැකි බව දැක්වෙන පුවත වාර්තා කර තිබුණේ 2010 මැයි මාසයේදී ඉධතධනධඵ නමැති පුවත්පත මඟිනි. ඒ සඳහා යොදාගෙන තිබුණේ එම වසරේ ජන සංගණන දත්තයන්ය. ඒ වන විට ලොව වයස්ගතම පුද්ගලයාට හිමි වාර්තාව දැරුවේ ජෙනී කැල්මන්ට් නමැත්තියකි. ඇය 1997දී මිය ගියාය. එම කාලයේදී ම්බා ගොතො ඇයට වඩා වසර 19කින් බාල විය.

    ම්බා ගොතොගේ උපත පිළිබඳව ලිපි ලේඛනවල ඔහුගේ නම දැක්වෙන්නේ සපාර්මන් සොඩිමෙජො යනුවෙනි.

    1870දී උපන් බව කියවෙන ම්බා ගොතොට සිය උපන් දිනය මතක නැති වූවාට 1880දී ස්රාජන් හි සීනි කර්මාන්ත ශාලාව ඉදිවූ හැටි හොඳට මතකය.

    මේ වනවිට ම්බා ගොතොගේ සහෝදර සහෝදරියන් දහදෙනාම මියගොස් ඇති අතර ඔහුගේ බිරියන් හතරදෙනාමද, දරුවන් සියල්ලද මියගොස් ඇති බව සඳහන් වේ. එහෙත් ම්බා ගොතො තනි වී නැත්තේ ඔහු වටා මුනුබුරු මිනිබිරියන් ඔවුන්ගේ දුවා දරුවන්ද සිටින හෙයිනි.

    ම්බා ගොතො කියන්නේ ඔහුට දැන් මියයෑමට වුවමනා බවයි. මේ වනවිට ඔහුගේ සිරුර දැඩි ලෙස දුබල වී ඇත. ඔහු කාලය ගත කරන්නේ ගුවන් විදුලියට සවන් දෙමිනි. රූපවාහිනිය නැරැඹීමට තරම් ඔහුගේ දෙනෙත් හොඳින් නොපෙනීම ඊට හේතුවයි. මෙතෙක් කල් ජීවත් වීමේ රහස කුමක්දැයි කෙනකු ඇසුවොත් ම්බා ගොතො කියන්නේ එම රහස් වට්ටෝරුව 'ඉවසීමයි' යනුවෙනි.

    පසුගිය මාස තුන තිස්සේම ම්බා ගොතො නාවා කවා පෙවීම සිදු කරන්නේ මී මුනුබුරු මිනිබිරියන් විසිනි. කෙසේ වුවද ම්බා ගොතොගේ වයස පිළිගැනීමට නොහැකි බව පිළිගත් ආයතන කියයි. ම්බා ගොතොට අමතරව තමන් ලොව වයස්ගතම පුද්ගලයා බව කියන තවත් අය සිටිති. 171 වියේ පසුවන බව කියන නයිජීරියානු ජාතික ජේම්ස් ඔලොෆින්ටුයි හා 163 වියේ පසුවන බව කියන ඉතියෝපියාවේ ධකෝබො එබ්බා ඉන් දෙදෙනෙකි.

    ප්‍රංශ ජාතික 105 හැවිරිදි රොබට් මාර්චාන්ඩ් පැයකදී සැතපුම් 14.010ක පාපැදිය ධාවනය කොට පසුගියදා ලෝක වාර්තාවක් තැබීය. ඔහු විසින්ම 2012 වසරේ වයස අවුරුදු සියයේදී තබා තිබූ වාර්තාවක් හා වයස අවුරුදු 102කදී තබා තිබූ වාර්තාවක් බිඳහෙළමින් මෙම නව වාර්තාව තැබීමට රොබට් මාර්චාන්ඩ්ට හැකිවිය. රොබට් මාචාන්ඩ් උපත ලැබුවේ 1911 නොවැම්බර් 26දා ප්‍රංශයේ ඇමීන්ස් හිදීය. ඔහු ඉපදී මාස දහයකින් දෙවැනි ලෝක යුද්ධය ඇරැඹුණු අතර යුද පෙරමුණ ඔහුගේ ගමට ආසන්නයේ විය.

    රොබට් මාචාන්ඩ් 1930දී ගිනි නිවන භටයකු ලෙස සේවයට බැඳිණි. දෙවැනි ලෝක යුද සමයේදී යුද සිරකරුවකු ලෙස සිරගත වීමට සිදුවූ ඔහු පසුව වෙනිසියුලාවට ගියේය. එහි ලොරි රියැදුරකු හා උක් වගාකරුවකු ලෙස රැකියාව කළේය. 1950 කැනඩාවට ගිය රොබට් මාචාන්ඩ් එහි වනාන්තරවල ගස් කපන්නකු ලෙස සේවය කළේය. 1960දී නැවත ප්‍රංශයට ආ ඔහු ගෙවතු වවන්නකු හා වයින් බෙදාහරින්නකු ලෙස 1987 දක්වා සේවය කළේය.

    ඔහුට වයස 35ක් වූ 1946දී ට්පචදඤ ර්ථීපඪය ච්ඥඵ ව්චබඪධදඵ පාපැදි තරගයේ හත් වැනියා වූ ඔහු 1978දී නැවත පාපැදි ධාවනයට එක්විය. වයස සීය සපිරෙන තෙක් නිරතුරුව පුහුණුවීම්වල යෙදුණු රොබට් මාචාන්ඩ් 2012දී සියය වයස් කාණ්ඩායට තරග වැදී ප්‍රථම පාපැදි ධාවන වාර්තාව පිහිටු වූවේය.

    මෙසේ පාපැදි ධාවන වාර්තා පිහිටුවා ඇති රොබට් මාචාන්ඩ් ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයේ හා ඛ්ට්ඊ වෘත්තීය සමිතියේ දිගු කාලීන ක්‍රියාකාරී සාමාජිකයකුද වේ. 1936 ප්‍රංශයේ පැවති වර්ජනයේදී ක්‍රියාකාරී වැඩ කොටසක් කළ ඔහු වත්මන් ප්‍රංශ සේවාදායක පනත බිහි කිරීමටද දායක වූයේය.

    රොබට් මාචාන්ඩ් ඔහුගේ දීර්ඝායුෂට හා ශක්තිමත් භාවයට හේතුව ලෙස දක්වන්නේ තමන්ගේ ආහාර වේලයි. තම ආහාර වේල පලතුරු හා එළවළු විශාල ප්‍රමාණයක් අඩංගු වන්නක් බව ඔහු කියයි. එසේම මස් මාංස භාවිතය අඩුය. කෝපි බොන්නේද අඩුවෙනි. එසේම තමා දිනකට පැයක් නිවෙසේදී පාපැදි ධාවන පුහුණුකරුවකු ලෙස කටයුතු කරන බව රොබට් මාචාන්ඩ් කියයි.

    රු කාරියවසම්_මව්බිම

    ඝනරන් දේව ප්‍රතිමාවක් කොළඹ - මීගමුව පාර අද්දර වළ දමලා

    By: Aththa Withthi On: 1/22/2017 04:38:00 PM
  • Let's Get Social

  • රුපියල් කෝටි ප්‍රකෝටි ගණනක් වටිනා ඝනරන් දේව ප්‍රතිමාවක් ජා ඇල, දඬුගම ප්‍රදේශයේ කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය අද්දර තෙත් බිමක වළලා ඇති බවටත් මේ දිනවල කිසියම් පරිසක් එම තෙත්බිම පීරමින් එය සෙවීමට වෙරදරණ බවටත් ප්‍රදේශය පුරා කතා පැතිරෙමින් පවතී.

    උතුරු ප්‍රදේශයේ හින්දු කෝවිලක පූජාවස්තුවක් සේ කලාන්තරයක් සුරැකිව තිබූ මෙම දේව ප්‍රතිමාව පසුගිය යුද සමයේ එහි ආරක්ෂාව තකා කොළඹට ගෙන ගෙනඑමින් තිබූ බවත් ඒ අතර එය එම තෙත් බිමේ වළලා ඇති බවත් ප්‍රදේශ වාසීහු කියති.

    එම සිද්ධිය සම්පූර්ණයෙන් මෙසේය;

    උතුරේ හින්දු කෝවිලක පූජා වස්තුවක් වශයෙන් කලාන්තරයක් සුරක්ෂිතව තිබූ රන්වලින් තනා ඇති මෙය උසින් අඩි තුනක් පමණවෙයි. එහෙත් පසුගිය යුද සමයේ එම ප්‍රදේශයට නිරන්තර හමුදා ප්‍රහාර එල්ලවීම මත එම ප්‍රතිමාවේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව වටහා ගත් එම කෝවිලේ භාරකාරත්වය පළමුව එය වනගත මඟක් ඔස්සේ මන්නාරමට ගෙන ගොස් පසුව මුහුදු මාර්ගයෙන් කල්පිටියට රැගෙන ගියහ. ඉන්පසු කොළඹ ඇති ප්‍රධාන හින්දු කෝවිලක සුරක්ෂිතව තැන්පත් කිරීම පිණිස ගොඩබිම් මාර්ගයෙන් එය කොළඹ බලා රැගෙන එන අතරේ ඒ පුවත රජයේ බුද්ධි අංශ වෙත සැලවී ඇති බවක් ඔවුනට දැන ගන්නට ලැබී තිබේ. 

    ඔවුන් මෙය එක්තරා රාත්‍රියක ජා ඇල දඬුගම පිහිටි ඉහත කී තෙත්බිමේ වළලා දමා ඇත්තේ එබැවිනි. කෙසේ හෝ ඊට මඳ කලකට පසුව මෙම දේව ප්‍රතිමාව පිළිබඳ වෙනත් පිරිසකට දැන ගන්නට ලැබී තිබේ. ඒ වනවිට එය වළලා ඇති ස්ථානය නැවත කැලයෙන් වැසී තිබූ අතර කණ්ඩායම් වශයෙන් පැමිණ ඔවුන් එම තෙත්බිම පරික්ෂා කිරීමට පටන් ගෙන ඇත. මෙය කටින් කට ගොස් මුලු ප්‍රදේශය පුරාම පැතිර ගිය ආරංචියක් වූයේ එබැවිනි. එහෙත් මෙම පුවතෙහි සත්‍යතාව තහවුරු කර ගත නොහැකි වූ බැවින් අපි ඒ පිළිබඳව දඬුගම ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණු ගම්වැසියකු සේම හිටපු කැබිනට් අමාත්‍යවරයකුද වූ ෆීලික්ස් පෙරේරා මහතාගෙන් විමසා සිටියෙමු.

    “ඔය දේව ප්‍රතිමාවේ කතාව මට මුලින්ම ආරංචි වුණේ මීට අවුරුදු දොලහකට පහලොවකට විතර කලින්; ඒ වගේම එක එක හේතු දක්වමින් ඔය වගුරුබිම හාරන්න එක එක පිරිස් උත්සාහ කළා. අන්තිමේ මේ කලබැගෑනිය බේරන්න බැරුව මම එවක ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට වගේම එවක සිටි පොලිස්පතිතුමාටත් මේ බව දැනුම් දුන්නා. අන්තිමේ මේ තෙත් බිම බේරා ගන්න ජනාධිපතිතුමියගේ නියමයෙන් පොලිස් මුර පවා දාන්න සිද්ද වුණා. ඔය අතරේ එක් පාර්ශවයක් මගෙන් ඉල්ලීමක් කළා; ඔය තෙත් බිමේ සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න ඉඩ දුන්නොත් මට රුපියල් ලක්ෂ දෙසියක් දෙනවා කියලා; එතකොට මට තේරුණා මේ අයගේ ඇත්ත අරමුණ මොකක්ද කියන එක ගැන. ඒ නිසා මම ඒ මුදල ප්‍රතික්ෂේප කළා.”

    හිටපු අමාත්‍යවරයා කීය.

    එහෙත් ඒ සම්බන්ධයෙන් ජා ඇල ප්‍රදේශවාසීන් කියනුයේ මෙවන් කතාවකි.

    “දැන් සති කිහිපයක ඉඳලා ඔය කියන ඉඩම තහඩුවලින් වහගෙන කිසියම් පිරිසක් මුල්මනින්ම නීති විරෝධී විදිහට ඔය ඉඩම ඇතුලේ මොකක් හරි දෙයක් කරනවා. ඒවගේම ඒක දවසකට පස් ටිපර් සිය ගණනක් ඔය ඉඩමට යනවා; ඒ අනුව ඒක අනවසර ඉඩම් ගොඩකිරීමක් බව පේනවා. නමුත් ඊට කලින් බැකෝ යන්ත්‍ර වලින් මේ තෙත් බිමේ හැම අඟලක්ම පරික්ෂා කරනවා කියලත් රාවයක් තියනවා. ඒ මිනිස්සු ඒ සම්බන්ධයෙන් පගාව දිය යුතු හැමෝටම පගාව දීලාලු; ඒ පැත්තේ සමහර ත්‍රීවිලර් ඩ්‍රයිවර්ලට පවා ප්‍රසිද්ධියේම රුපියල් පන්දාහ ගානේ සන්තෝෂම් දෙනවා; ඒ අනුව ඔවුන් කරන මේ වැඩේ තුළත් ඔය දේව ප්‍රතිමාව සම්බන්ධ ලොකු අබිරහසක් තියන බවයි අපිට නම් හැ‍ඟෙන්නේ.

    ප්‍රසංග පෙරේරා - ජා ඇල - ලක්බිම

    දරුවන් පාසල් රැගෙන එන අම්මලා 'නරක පාඩමක්' ඉගෙන‍ ‍ගෙන

    By: Aththa Withthi On: 1/22/2017 04:14:00 PM
  • Let's Get Social
  • කුඩා දරුවන් පාසල් රැගෙන යාම සදහා උදෑසන පාරට බහින තරුණ මව්වරුන්ගේ හැසිරීම් රටා මුල් කරගෙන දැවැන්ත සමාජ අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය දයා අමරසේකර ප්‍රකාශ කරයි. 

    එය බොහෝවිට අපේ රටේ නගරබද සහ උප නගරබද මධ්‍යම පාන්තික කාන්තාවන් අතර පැතිර යන පොදු සමාජ ඛේදවාචකයක් යැයි ඔහු කියයි. වැඩිදුරටත් ඒ පිළිබදව පැවසූ මහාචාර්යවරයා පසුගිය කාලයේ මහනුවර නගරය සහ ඒ අවට කරන ලද විමර්ශණයකදී මහනුවර නගරය අවට කුඩා දරුවන් පාසල් කැදවාගෙන යන තරුණ මව්වරුන්ගේ හැසිරීම් රටා පිළිබදව නිරීක්ෂණය වූ බවත් ඉන් සමාජ විද්‍යාත්මකව වැදගත් වන කරුණු රාශියක් එළිදරව් කර ගත හැකි වූ බවත් පැවසීය.

    ඒ අනුව මෙය සමාජ ඛේදවාචකයකට හෙවත් සමාජ අස්ථායී භාවයකට තුඩු දෙන්නක් බව ද ඔහු පවසා තිබේ. සාමාන්‍යයෙන් උඩරටට අයත් මහනුවර යනු දිවයිනේ අනිකුත් ප්‍රදේශවලට වඩා ප්‍රබල සංස්කෘතික පසුබිමක් සහිත ප්‍රදේශයකි. ඒ නිසාම උඩරට කාන්තාව අනෙක් කතුන්ට වඩා සිතුම් පැතුම්, කතාබහ, හැසිරීම්, ඇදුම් පැළදුම් ආදියෙන් සංස්කෘතිය හා බැදී සිටී. නමුත් නූතන නාගරීකරණය සහ නවීකරණයත් සමග මහනුවර කාන්තාවන්ගේ සංස්කෘතිකමය ලක්ෂණ ගිලි හී යමින් තිබේ. 

    එට හේතු වී ඇත්තේ තම සංස්කෘතික පසුබිම ඉක්මවා ඔවුන් නූතන සංකල්ප නව පන්නයන් සහ විලාසිතා කෙරෙහි වැඩිපුර යොමු වීම බව මහාචාර්යවරයාගේ මතයයි. ඔහු දක්වන අන්දමට මෙසේ නවීකරණය වීමෙන් ඔවුන් තුළ පැවති සංස්කෘතිකමය අනන්‍යතාව ඉවත් වෙමින් තිබේ. උදාහරණ ලෙස පෙර ඔසරියෙන් සැරසුණු උඩරට කාන්තාවට අද ඔසරිය 'සෙරමෝනියල්' ඇදුමක් පමණක් වී තිබේ. එනම් එම ඇදුම සාම්ප්‍රදායික උත්සව සදහා යොදා ගන්නා ඔවුන් සාමාන්‍ය ජීවිතයේ අති නවීන ඇදුම් විලාසිතා කෙරෙහි නැඹුරු වී ඇති ආකාරයක් දක්නට තිබේ. එහි වරදක් දකින්නට නොහැකි වුව ද යම් ආකාරයක අගතියක් තිබේ. ඒ ඔවුන් සිතුම් පැතුම් අතින් ද ශීඝ්‍ර වෙනසකට පත්වන බැවිනි.

    මහාචාර්යවරයා පවසන පරිදි මෙම නවීකරණයත් සමග රූපලාවන්‍ය සහ නවීන විලාසිතා ඔවුන්ගේ පරමාදර්ශයන් බවට පත් වී තිබේ. බොහෝ මව්වරුන් සිය දරුවන් පාසලට දැමීමෙන් පසු කල්ලි බවට පත් වී කතාබහේ නිරත වෙමින් සිටිති. සමහර කල්ලිවල සිටින කතුන් අතර අනාචාර සම්බන්ධතා සහිත කාන්තාවෝ ද සිටිති. 

    එවැන්නන් සමඟ සිය අත්දැකීම් බෙදා හදා ගැනීමත් සමග යහපත් කතුන් ද එවැනි දේවලට නැඹුරු වීමක් සිදුවන බව මහාචාර්යවරයා පවසයි. එවැනි සබදතාවක් නැති වීම අඩුවක්, වරදක් ලෙස එවැනි අනියම් සබදතා පවත්වන කාන්තාවෝ සෙස්සන්ට ඒත්තු ගන්වති. එය වර්තමානයේ නවීන විලාසිතාවක් ලෙස ද දියුණු ලෝකයේ ලක්ෂණයක් ලෙස ද හදුන්වා දෙති. ඒ ආකාරයෙන් බොහෝ විට යෙහෙළියගේ පෙම්වතාගේ යහළුවන් සමග සබදතා ගොඩ නංවා ගැනීම සිදුවන බව මෙම විමර්ශණයේ දී නිරීක්ෂණය වී ඇත.

    මේ සදහා මෙම මව් වරුවන්ගෙන් ඉතා සුළු කොටසක් පමණක් සම්බන්ධ වුවද එය සමස්ථ කන්ද උඩරට කාන්තාවන්ගේ ප්‍රතිරූපය කෙරෙහි අතිශය අයහපත් ලෙස බලපෑ ඇතැයි මහාචාර්යවරයා කියයි.
    ඇතැම් කතුන් ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණින් මෙවැනි අනියම් සබදතාවලට යොමුවීම බොහෝවිට දක්නට ලැ‍බෙන්නකැයි මහාචාර්ය දයා අමරසේකර කියයි. එනම් රූපලාව්‍ය කටයුතු, නවීන පන්නයේ ඇදුම් විලාසිතා වැනි බාහිර ඔපය ගෙන දෙන අලංකරණ ආදිය සදහා මුදල් ලබා ගැනීමට ය. 

    මෙවැනි අවස්ථාවලට යොමුවන කාන්තාවන් මෙන්ම පිරිමින් ද මුහුණ ආවරණය කළ හැකි හෙල්මට් පැළදීමත් ලේන්සු ආදියෙන් මුහුණ ආවරණය කරගෙන මෝටර් සයිකල්වලින් ලැගුම්හල් වෙතට යෑමත් සිදුවන බව මහාචාර්යවරයා කියයි. මින් එම ලැගුම්හල් පද්ධතිය ආර්ථික වශයෙන් දියුණු වී ඇති මුත් මින් විශාල සමාජ අර්බුද පැන නැගී ඇති බව ඔහු නිගමනය කරයි.

    ''කදුරට තිලකේ මනහර උඩරට මැණිකේ..." යනුවෙන් ගීතයක් අපි අසා ඇත්තෙමු. ඉන් කදුරටට තිලකයක් බදු උඩරට කාන්තාවන් ගැන වර්ණනා කරයි. එහෙත් මෑත කාලයේ අපි "අයෑම් යුව වන් ඇන්ඩ් ඔන්ලි කැන්ඩි ලමිස්සි..." යනුවෙන් ද ගීතයක් ශ්‍රවනය කළෙමු. ඉන් උඩරට කාන්තාවන් තුළ පැවති සංස්කෘතිකමය ලක්ෂණ, ගෞරවය, ‍ප්‍රතිරූපය, අනන්‍යතාව එකවර විනාශ වී ගිය ආකාරයක් පෙනෙන්නට තිබිණි.

    ඒ අනුව මෙවන් හැසිරීම් නිසා මෙම පසුබැස්ම ශීඝ්‍ර වී ඇතැයි මහාචාර්ය අමරසේකර ප්‍රකාශ කරයි.

    මහාචාර්යවරයා සිය සමීක්ෂණයෙන් පසු වැඩිදුරටත් පවසන්නේ මහනුවර වැනි දැඩි සංස්කෘතික බැදීමක් සහිත නගරයක අධ්‍යාපන මට්ටම අතින් ඉහල කාන්තාවන් පවා මෙවැනි ක්‍රියාවලට මේ තරම් යොමු වන්නේ නම් සෙසු ප්‍රදේශවල මෙවැනි සිදුවීම් මොනතරම් බහුල විය හැකි ද යන්නයි. මෙය සමස්ත ශ්‍රි ලාංකිය ස්ත්‍රී ඛේදවාචකයේ එක් පැතිකඩක් පමණකැයි මහාචාර්ය දයා අමරසේකර කියයි.

    මේ පිළිබදව ඔබගේ අදහස් දැක්වීම බලාපොරොත්තු වන අතර මෙම විමර්ශනය ඇසුරෙන් හෙළිවූ තවත් තොරතොරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.



    දුලංජලී මුතුවාඩිගේ_ලක්බිම

    ගස් ගල් මුල්ලේ ඉන්න ලව් කරන කපල්වලට දුන්න වදයක්

    By: Aththa Withthi On: 1/22/2017 03:54:00 PM
  • Let's Get Social
  • ගස් ගල් මුල්ලේ ඉන්න ලව් කරන කපල්වලට දුන්න මාර වදයක්.


    සමලිංගික අයිතිවාසිකම් හා GSP +

    By: Aththa Withthi On: 1/22/2017 03:28:00 PM
  • Let's Get Social
  • -සංවාදයට විවෘතයි

    -මවු කුසක්‌ තුළ සමලිංගිකයන් පිළිසිද ගන්නේ මෙහෙමයි


    ශ්‍රී ලංකාවේ අපනයන සම්බන්ධයෙන් යුරෝපා කොමිසම මගින් ලබාදෙන ජී එස්‌ පී ප්ලස්‌ සහනය ලබාගැනීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් විවිධ අදහස්‌ පසුගිය කාලය තුළ දේශපාලන හා විවිධ වේදිකාවල කතාකරනු දක්‌නට ලැබුණි. තැනින් තැන පැවති විවිධ කසුකුසු සියල්ල පුපුරා ගියේ විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් 1842 දී ශ්‍රී ලංකාවේ නීතියට එකතුවූ පාදඩ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට්‌ පත්‍රිකාවක්‌ ඉදිරිපත් කිරීම හරහාය. 

    මෙය ඉදිරිපත් කිරීමට ප්‍රථමව ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්‌තලයක්‌ ලෙස ඉදිරිපත් වූයේ 1842 දී ශ්‍රී ලංකාවේ නීතියට එකතුවූ පාදඩ ආඥා පනත සංශෝධනයට ලක්‌කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපරාධයක්‌ ලෙස සලකන සමලිංගිකත්වය නීතිගත කිරීමට අදාළ කැබිනට්‌ පත්‍රිකාවක්‌ විදේශ ඇමතිවරයා විසින් කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. මේ සමඟ දේශපාලන වේදිකාවේ, සිවිල් සංවිධාන ජාලය තුළ, මානව හිමිකම් ක්‍රියාධරයින්, විවිධ සමාජජාලා වෙබ් අඩවි පුරා විවිධ අර්ථකථන ඉදිරිපත් වනු දැකිය හැකි විය. 

    ඒවායෙන් බොහෝමයක්‌ අදහස්‌ බහුතරයක්‌ වූ විෂම ලිංගිකයන් විසින් සුළුතරයක්‌ වූ සමලිංගික හා සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවට අපහාස කරන ආකාරයෙන් හා තවදුරටත් ඔවුන්ට එරෙහිව හිංසනය පුළුල් කරන ආකාරයේ ඒවා වීම ගැඹුරින් සලකා බැලිය යුතුය. මේ සියල්ල සළකා බැලීමේදී පැහැදිලිවන්නේ සමලිංගිකයන්ට එරෙහිව පවතින නීති මොනවාද? ඔවුන් කවුරුන්ද යන්න පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වන බවයි. 

    වැඩිහිටි පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවිය හැකි කායික, මානසික හෝ ආධ්‍යාත්මික සම්බන්ධතාවයක්‌ නීතියෙන් තහනමට ලක්‌කිරීමට හා අපරාධයක්‌ ලෙස සලකා දඬුවම් ලබාදීමට විෂම ලිංගික සමාජය සූදානම්වීමද මානුෂීයව සිතා බැලිය යුතු කරුණකි. සමලිංගිකත්වය නැතහොත් සමසෙනෙහස්‌භාවය ඉතිහාසය පුරා කතා බහට පත්වූ මාතෘකාවක්‌ සේම විවිධාකාරයෙන් පුද්ගලයන්ට අපහාස කිරීමට අවශ්‍ය වූ අවස්‌ථාවලදී සාමුහික ආකාරයෙන් දූෂණයටද ලක්‌වූ මාතෘකාවකි. 

    මෑතකදී ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ප්‍රසිද්ධ ජාතික පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක්‌ ලබාදෙමින් ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්‌ස ප්‍රකාශ කළේ සමලිංගික චර්යාවන් වනචාරී හැසිරීම්වලට සමාන ලෙස සැලකිය යුතු බවයි. කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා මෑතකදී ප්‍රකාශ කළේ දෙවියන් වහන්සේගෙන් සමාවක්‌ ලැබිය නොහැකි ආකාරයේ වරදක්‌ සමලිංගික හැසිරීම්වල පවතින බවයි.

    පාදඩ ආඥා පනත යනු සිඟමනේ යෙදෙන්නන්, ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන්, සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන් (උපත ලැබූ ලිංගිකත්වයට විරුද්ධ ලිංගිකයන් ලෙස හැසිරෙන අය) හා එසේ යෑයි සැක කරන අය අත්අඩංගුවට ගැනීම සඳහා වර්තමානයේදී පොලීසිය විසින් භාවිතා කරන අවියක්‌ විනා එම පනත මගින් කිසිම ආකාරයකට සමලිංගිකත්වය ආවරණය නොවන බව බව මාධ්‍යවේදීන් විසින් නොදැන සිටීම කනගාටුවට කරුණකි. 

    ඉහතින් දැක්‌වූ සංසිද්ධීන් මගින් පෙනී යන්නේ සුළුතර ලිංගික ප්‍රජාව යනු කවුරුන්ද, ඔවුන් කරන්නේ මොනවාද, ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ මොනවාද යන්න පිළිබඳ සාමාන්‍ය සමාජයේ තබා සමාජ සංවර්ධනයට දායකවන වෘත්තිකයන් හා උගතුන් අතර ද පැහැදිලි දැනුමක්‌ හෝ අදහසක්‌ නොමැති බවයි. මෙම ලිපිය මගින් උත්සාහ කරන්නේ සමලිංගිකයන් යනු කවුරුන්ද, ඔවුන් විසින් ඉල්ලා සිටින්නේ මොනවාද හා ඒ සඳහා සමාජය විසින් අත්‍යවශ්‍යයෙන් ඇති කළ යුතු ප්‍රතිසංස්‌කරණ මොනවාද යන්න පිළිබඳ පැහැදිලි කිරීමයි.

    සමලිංගිකත්වය ඉතිහාසය පුරා සාකච්ඡාවට භාජනය වන්නේ පුරුෂයන් දෙදෙනකු හෝ කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවන ලිංගික ආකර්ෂණයක්‌ය යන පදනම මත පිහිටාය. මෙම පදනම මගින් සිදුකරන්නේ ගැහැණිය හා පිරිමියා විසින් තම අනාගත වර්ගයා බෝ කිරීම, මානව සම්බන්ධතාවන්හි පුළුල් පැතිකඩක්‌ ලෙස පවුල්ට ඇති පිළිගැනීම හා පවුලක්‌ ලෙස ගොඩනැඟීමට පුද්ගලයන්ට ඇති අයිතිය හා වුවමනාව හුවාදැක්‌වීමයි. ගැහැණියක්‌ හා පුරුෂයෙකු අතර ඇතිවන කායික සම්බන්ධතා හා එහි ප්‍රතිඵලයක්‌ ලෙස දරුවන් බිහිවීම හා සමාජ හා සංස්‌කෘතික කාර්යභාරයන් සමාජානුයෝජනය කිරීමේ පදනමයි. 

    එහෙත් සෑම ජනගහණයකම මෙම පදනම මත පිහිටීමට අපොහොසත් වන ප්‍රජාවක්‌ ද සිටියි. සමහර අවස්‌ථාවලදී විවාහ වීමට හෝ දරුවන් ඇතුළු පවුලක්‌ සෑදීමට අකමැති විෂම ලිංගික පුද්ගලයින් ද සිටිය හැකිය. ශ්‍රී ලංකාවේ නම් දිනකට ගබ්සාවන් 800 ක්‌ පමණ සිදුවෙතැයි සමාජවිද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි කර ඇති නිසා එසේ සිදුකරන විෂම ලිංගික පුද්ගලයන් ද සිටිය හැකිය. එමෙන්ම ඉපදුණු විගස දරුවන් කුණුකූඩවල දමා යන, මහමඟ දමා යන විෂම ලිංගිකයන්ද සිටිය හැකිය. සෑම තත්පර හැටකට වතාවක්‌ ගැහැණියක්‌ දූෂණය කර විෂම ලිංගික පිරිමින්ද එසේ දූෂණයට ලක්‌වන විෂම ලිංගික ගැහැණුන්ද සිටිය හැකිය. දිනකට වයස අවුරුදු 14 ට අඩු දියණියන් දූෂණය කරන විෂම ලිංගික පුරුෂයන්ද සිටිය හැකිය.

    පිටකොටුව බෝ ගස යට, නුගේගොඩ බෝ ගස යට, කොළඹ ඩීන් පාරේ සිට තරු පන්තියේ හෝටලවල ලිංගික වෘත්තියේ යෙදෙන කාන්තාවන් සමග යන විෂම ලිංගික පුරුෂයන්ද සිටිය හැකිය. ඒ අතරතුරදී දෙමාපියන් හා සමාජය මගින් ඇතිකරන පීඩනය නිසා බලහත්කාරයෙන් විවාහ කර දී පසුව දික්‌කසාද වන හෝ සියදිවි නසාගන්නා සමලිංගික ගැහැණුන් හා පිරිමින් ද සිටිය හැකිය. දූෂණය කිරීම්, දික්‌කසාදවීම්, හිංසනයට- අපහාසයට ලක්‌කිරීම් යනාදියෙන් සමන්විත වූ විෂම ලිංගික මානව ක්‍රියාකාරකම් ඇතුළත සමලිංගිකත්වය අසම්මත දෙයක්‌ යෑයි පැවසීමද විහිළුවක්‌ විය හැකිය. 

    කෙසේ නමුත් සෑම සමාජයකම සමලිංගික හා විෂම ලිංගික මිනිසුන් අරගල කරමින්, අයිතිවාසිකම් ඉල්ලමින් ජීවත් වේ. අන්තර්ජාතික මනෝ විද්‍යා සංගමය සමලිංගිකත්වය නිර්වචනය කරන්නේ ගැහැණියක්‌ තවත් ගැහැණියකට හෝ පුරුෂයෙක්‌ තවත් පුරුෂයකුට කායිකව, මානසිකව හා ආධ්‍යාත්මිකව ඇතිවන ආකර්ෂණයක්‌ ලෙසයි. එහෙත් ලිංගික කාර්යයන් මත පදනම්වෙමින් ඒ ඔස්‌සේ පුද්ගල සම්බන්ධතා සොයන අපට ඔවුන් තුළ ඇති මානසික හා ආධ්‍යාත්මික ආකර්ෂණය අමතකවී ඇත.

    වර්තමානයේදී සමලිංගිකත්වය පිළිබඳව අධ්‍යයනය කරන අය විසින් එයට හේතු පැහැදිලි කිරීමේදී පුද්ගලයකු සමලිංගික වීමට බලපාන ප්‍රධාන කරුණු තුනක්‌ ගෙන හැර දක්‌වයි. යම් පුද්ගලයකුගේ මොළයේ වම් අර්ධය හා එය ශරීර අංගවලට ප්‍රතිචාර දක්‌වන ආකාරය අතර සෘජු සම්බන්ධතාවක්‌ පවතී. පුද්ගලයාගේ මනසින් ඔහු හෝ ඇය ආකර්ෂණය වීමට අදාළ රසායනයන් නිකුත් කරන්නේ සමාන ලිංගිකයන් කෙරෙහි නම් එම පුද්ගලයා සමසෙනෙහස්‌ හෝ පොදු සමාජයේ සමලිංගික ලෙස හඳුන්වන කෙනකු බවට පත්විය හැකිය යන එහි ප්‍රබලතම තර්කයයි. 

    දරුවකු මව්කුස සිටියදී සාමාන්‍යයෙන් ගර්භණී කාලය තුළ මවකට පවතින ආතතිමය තත්ත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉක්‌මවා පැවතියහොත් එම දරුවා සමාන ලිංගිකයන්ට ආකර්ෂණය විය හැකි බවට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ එක්‌ පර්යේෂණ කණඩායමක්‌ තර්ක කරයි. වර්තමානයේදී වඩාත් පිළිගන්නා වූ අදහසක්‌ වන්නේ මව් පාර්ශ්වයේ ජානමය බලපෑම සෘජුවම පුද්ගලයකුගේ ලිංගික අනන්‍යතාව තීරණය වීම කෙරෙහි බලපාන බවයි. මෙහිදී සාමාන්‍ය මිනිසුන් ලෙස අප විසින් තේරුම්ගත යුතු කරුණු කිහිපයක්‌ තිබේ. 

    පුද්ගලයෙක්‌ සමලිංගිකවීමට අදාළ කරුණු හොයනවාට වඩා ඔවුන් ද සාමාන්‍ය ආකාරයට මවුකුසකින් උපත ලැබූ මිනිසුන් වන බවයි. විෂම ලිංගික මිනිසුන් සම්මතය යෑයි පවසන විරුද්ධ ලිංගිකයෙකු සමග විවාහවීම, දරුවන් සෑදීම යනාදිය සිදුකිරීමට තම මනස සකස්‌කර ගැනීමට අපහසු මිනිසුන් පිරිසක්‌ වන බවයි.

    සමලිංගිකත්වය පිළිබඳව විරුද්ධ මත ප්‍රකාශ කරන්නන්ගේ වඩාත් ප්‍රසිද්ධ තර්කය වන්නේ එය නීතියට පටහැණි දෙයක්‌ වන බවයි. අනෙක්‌ අතට මෑත කාලීනව සිදුවු යම් යම් සමාජ ප්‍රතිසංස්‌කරණ නිසා සමලිංගිකත්වය පිළිබඳව වෙනදාට වඩා කතා කිරීම හේතුවෙන් රජය හා වෙනත් පාර්ශ්ව ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය නීතිගත කිරීමට සැරසෙනවාය යන වැරදි අදහසක්‌ මතුවෙමින් තිබේ.

    ලබන සතියට

    තුෂාර මනෝඡ්_දිවයින
    EQUAL GROUND ආයතනයේ ව්‍යාපෘති නිලධාරි

    ස්‌පා කඩවල සැප මසාඡ් කරන සුන්දරියන්ට නැත

    By: Aththa Withthi On: 1/22/2017 03:02:00 PM
  • Let's Get Social
  • නාම පුවරුවෙන් එහා ජීවිතය 1


    මුහුද සිඹින සුළඟ අප ගත ලුණු දියෙන් නාවන්නේය. සීතලට කඩා හැලෙන පිනි වැස්‌ස ගත, සිත කිතිකවයි. කාලය කෙමෙන් ගෙවී යයි. තවත් අලුත් දවසක්‌ උදා වී හෝරාවකටත් වැඩිය. එහෙත් බම්බලපිටිය මුහුදු මාවත හරි කලබලය. නිශාචර විනෝදකාමීන්ගේ සැප වාහන විදුලි එළි මෙන් එහෙ, මෙහෙ දුවයි. අපි සතර දෙස විපරම් කරමින් මග දිගේ සෙමෙන් ඉදිරියට ගමන් කරමින් සිටිමු.

    අප කැටුව යන ත්‍රිරෝදකරුට නම් මේ ඉසව්ව ආගන්තුක එකක්‌ නොවේ. ඔහු වෘත්තියෙන්ම ත්‍රිරෝදකරුවෙකි. දහවලටත් වඩා රාත්‍රී කාලයේදී මග තොටේ ගැවසෙන කුලී ත්‍රිරෝදකරුවෙකි. එහෙත් දැන් ඔහු අපට මගපෙන්වන්නෙකි. විදුලි ආලෝකයෙන් බැබළෙන සමාජශාලා හා කැසිනෝශාලා මෙන්ම සම්බාහන මධ්‍යස්‌ථාන තුළ මිනිසුන් සූරා කෑමට එරෙහිව හඬ නඟන තරුණයෙකි. ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම අකාලයේ කුණු ඇළක සැතපීමට මග එළිපෙහෙළි කරගැනීමක්‌ බව හොඳින් දන්නා ඔහු අපට මඟපෙන්වන්නෙක්‌ම පමණි. ඔහුගේ නම්, ගම් අප දැනගෙන සිටීම ප්‍රමාණවත්ය.

    ''දැන් මම ත්‍රීවීල් හයර් කරන්න පටන් අරගෙන අවුරුදු විස්‌සකට වැඩියි. මට එක තැනක්‌ කියලා නෑ. මුළු කොළඹම දුවනවා. මීටරය බලලා හයර් එක ගන්නවා. දූවිලි කාගෙන, ට්‍රැෆීක්‌ එකේ දවල්ට දුවනවට වඩා රෑට හයර් දුවන එක ලාබයි... පහසුයි... අවදානමක්‌ තියෙනවා. කොහොමත් අවධානමක්‌ නැතිව ජීවිතේ ගෙනි යන්න බෑනේ. වැඩියෙන්ම මම හයර් කරන්නේ සී සයිඩ් එකේ. මඟ තොටේදී අපි දකින, ඇහෙන දේවල් ලිව්වොත් ලොවෙත් නැති පොතක්‌ ලියන්න පුළුවන්. ඒත් අපි හෙටත් මේ පරිසරයේම ජීවත් වෙන්න ඕනෑ. විශ්වාසවන්ත කෙනෙක්‌ එක්‌ක කතා කරලා හිත නිදහස්‌ කර ගන්නවා. ඒ හැරෙන්න ඒවා රහස්‌...'' ඔහුගේ හදවතේ ලියෑවී ඇති ශිලා ලිපිය තවමත් මා ද කියවා ඇත්තේ බිඳකි. ටිකෙන්, ටික එය කියෑවීම මාගේ කැමැත්තය.

    නොනිදන මහ මඟ නැටුම් බලන අපිට කාලය ගෙවී යැම නොතේරෙන සේය. එළිවෙන ජාමෙට හොඳ, හොඳ සෙල්ලම් මෙන් දැන්, දැන් ලොකු පොඩි හිල්වලින් විනෝදකාමීහු බඹරු මෙන් ඉගිලෙන්නාහ. එසේ මඟට බහින පිරිමි සැප වාහනවල නැඟී ඉගිලී යති. වැනි, වැනි පාරට වැටෙන කාන්තාවන්ට පිහිටට එන්නේ කුලී ත්‍රිරෝදකරුවන් පමණි. හිමිදිරිය වන විට ඒ කාන්තාවන් රොන් සිඳුණු, පෙති හැලුණු පර වූ මල් බව අමුතුවෙන් කිවයුතු නැත. ගනුදෙනුකරුවන් ඉදිරියේ දුහුල් පට උනා දමන ඕනෑම කාන්තාවකගේ අවසානය ද එයමය. අපගේ ගමන් සගයා බම්බලපිටිය දුම්රිය පොළට ආසන්නයේ නැංගූරම් ලා සිටින්නේ ඔහු දැන හඳුනන කාන්තාවක්‌ සුපිරි රාත්‍රි සමාජ ශාලාවකින් එළියට එන තෙක්‌ය.

    කොල්ලුපිටියේ සිට වැල්ලවත්තට යන තෙක්‌ මුහුදු මාවතේදී ඇස ගැටෙන සම්බාහන බෝඩ් ලෑලි එමටය. නා නා ප්‍රකාර නම්වලින් ප්‍රසිද්ධය. ඒ ඇතැම් සම්බාහන මධ්‍යස්‌ථාන දවස මුළුල්ලේම විවෘතය. හයෙන් පස්‌සේ 'මෙම්බර්ස්‌ ඔන්ලි' රහස්‌ දොරටුවෙන් ඇතුළටය. එතැනින් එහාට සම්බාහනයක්‌ නැත. ගෑනු දෙතුන් දෙනෙක්‌ සමඟ වුවද එක යහනක රිසි සේ සතුටු විය හැකිය. වැඩේට ඉඩ කඩ කුටි ද හරි අපූරුවට වෙන් කර තිබේ. රාත්‍රියේ මුහුදු මාවතට යන ඕනෑම කෙනෙකුට පසුම්බියේ ප්‍රමාණයට සම්බාහනය වෙන්න ඕනෑ තරම් තැන් තිබේ. මදු විතෙන් සප්පායම් වී ගෑනු පරාණයක්‌ තුරුලු කරගෙන නැටුම් නටා ඒ කාන්තාවත් සමඟ යහන්ගත වීමට සුපිරි රාත්‍රි සමාජශාලා තිබේ. ගෑනු කරේ තියාගෙන සූදු කෙළීමට කැමති සුපිරි ධන කුවේරයන්ට, සූදු අන්තුවන්ට තරු බැබළෙන කැසිනෝ ශාලා තිබේ. ත්‍රිරෝද රථයක්‌ හැරෙන්නට ඒ මගෙහි පොඩි වාහන ද නැත. සියල්ල අධි සුඛෝපභෝගී වාහනය. මුහුදු මාවත රාත්‍රියට මෙරට පිහිටි වෙනත් ලොවකි. එහෙත් ඒ ලොවේ සරන්නට මටත්, ඔබටත් නොහැකිය. එය ඇති වෙන්න මුදල් තියෙන අයට නැති වෙන්න තියෙන මවපු සුරපුරයකි.

    ''අපි බලාපොරොත්තුවෙන් ඉන්න කෙනා එළියට ආවා වගෙයි. මම බලලා එන්නද...''

    ත්‍රීවීල් මල්ලිගෙ ඒ හඬත් සමඟ රේල් පාරෙන් එපිට මුහුදේ රළ ගෙඩි අතර පෙරළුණු මගේ දැහැන බිඳිණි. දෑස්‌ සමාජශාලාව දෙසට ඉගිලුණි. ගැහැනු රුවක්‌ දෑස්‌හි පැටලිණි. පාට කරපු ඇගේ කෙස්‌ කළඹ නා නා ප්‍රකාර විදුලි එළිවලට දිළිසෙන්නීය. කුණු ගොඩක්‌ අරක්‌ ගත් නිල මැස්‌සෝ මෙන් ත්‍රිරෝදකරුවෝ ඇය වටා කරකැරවෙති. දේහධාරී ඇය ත්‍රිරෝදකරුවන් ඉදිරියේ නිසොල්මන්ව සිටින්නීය. ගමන් සගයා මා ද අතැර ගොස්‌ විදිල්ලක්‌ මෙන් ඇය ඉදිරියේ ත්‍රිරෝද රථය නතර කළේය. ඇසිල්ලට ඒ කාන්තාව ත්‍රිරෝද රථයට ඇතුළු විය. එසැණින් ත්‍රිරෝද රථය වටයක්‌ කරකැවී හීයක්‌ මෙන් පැමිණ මා අසල නතර විය. මේ කාන්තාව මීට පෙර මා දැක නැති මුත් අපගේ ගමන් සගයා ඇය ගැන මම දැනුවත් කර තිබිණි. එහෙත් ඇයගේ නම, ගම නොදනිමි. ඇය රාත්‍රියට සමාජ ශාලාවකත්, දිවා කාලයේ සම්බාහන මධ්‍යස්‌ථානයකත් සේවය කරන බව දැන සිටිමි. එමෙන්ම ඇය අසාධාරණය ඉදිරියේ හිස නවන කාන්තාවක්‌ නොවන බවත් එහෙයින් ඇයට එක තැනක එක දිගට වැඩ කිරීමට නොහැකි බවත් දැන සිටිමි. ඇය ඇඳුම් මාරු කරන ගානට සේවා ස්‌ථාන ද මාරු කරන්නීය. එහෙයින් ඇයට වෘත්තීය අද්දැකීම් එමටය. දැන් ඇයගේ වෘත්තීය ජීවිතය අප ඉදිරියේ විස්‌තර කිරීමට කැමැතිය. එහෙත් රෑ ජාමේ පාර අද්දරක පිරිමි දෙදෙනෙක්‌ ත්‍රිරෝද රථයක කාන්තාවක්‌ තබාගෙන සිටීම යනු හිරේ විලංගුවේ වැටෙන ක්‍රියාවකි. සුපිරි වාහනවලට පොලිස්‌ ඇස නොවැටුණාට, රෝද තුන දකින සුනංගුවට පොලිස්‌ අත සෘජුව ක්‍රියාත්මක වේ. එහෙම වෙන්නේ සුපිරි වාහනවලට අත දමා වන්නියට මාරු වී යනවාට වඩා ත්‍රිරෝද රථයකට, යතුරුපැදියකට දඩ කොළයක්‌ දීගෙන කොළඹට වී ඉන්න එක සැප බව පොලිස්‌ නිලධාරීන් ද හොඳින්ම අවබෝධ කරගෙන සිටින බැවිනි. එහෙයින් අපි සියලු අවදානම්වලින් මිදී දැන් අපේ කතාවේ නායිකාව වී සිටින ඇයගේ නවාතැන්පොළට ගියෙමු. ඇය පමණක්‌ නතර වී සිටින පුංචි කාමරයකි. සුවපහසු නැති මුත් අපේ කතාවට හොඳටම ප්‍රමාණවත්ය.

    ''මම මේ කාමරය කුලියට අරගෙන දැන් අවුරුදු එකොළහක්‌ වෙනවා. මම කරන රස්‌සාව මොකක්‌ද කියලා ගෙදර අයිති මිනිස්‌සු දන්නවා. මම කවුරු මේකට එක්‌කරගෙන ආවත් ඒ මිනිස්‌සු හොයන්නේ නෑ. වචනයක්‌ කියන්න බැරි වෙන්න නියම වේලාවට මම කුලිය දෙනවා. දැන් මම මේ ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු විස්‌සකට වැඩියි. මම කැමති මා ගැන කතා කරනවටත් වඩා මේ ෆීල්ඩ් එකේ අපි විකිණෙන හැටි කියන්න. ඒක හරි අමුතු කතාවක්‌. අපි දිය වෙලා යනවා. අපිව විකුණන අය තර වෙනවා. ඒ අය තට්‌ටු පිට, තට්‌ටු ගහනවා. අන්තිමේ අපි පාන්කඩ කෑලි ටිකත් ඔතාගෙන ගමට යනවා. මේ ෆීල්ඩ් එකේ ඉන්න හැම ගැහැනියකගේම ඉරණම ඕක තමයි. ෆීල්ඩ් එකේ තෙම්පරාදු වෙලා ඉන්න අය මොත්තේ දාලා ගන්න සම්තින් එක යටි මඩි ගහලා බැංකු පොතක දා ගන්නවා. ෆීල්ඩ් එක ගැන හරි හැටි දැනුමක්‌ නැති අය පොත්ත රතු කර ගන්න හම්බ වෙන සේ සතම වියදම් කරනවා. ලස්‌සනට, පිරිසිදුව ඉන්න ඕනා නැති නම් මිනිස්‌සු අපි ළඟට එන්නේ නෑ. ඒත් ඒවා සීමාවක්‌ ඇතිව කරන්න ඕනා. මම වැඩ කරන තැන්වල කෙල්ලට ඕවා කියා දෙනවට මැඩම්ලා, බොස්‌ලා කැමති නෑ. ඒ අය කැමති අපිට හම්බෙන සොච්චම වියදම් කරගෙන හැමදාම මේ ෆීල්ඩ් එකේම ඉන්නයි. තේ එකක්‌ බීබීම කතා කරමුද? ටක්‌ ගාලා මම තේ එකක්‌ හදන්නම්...''

    ''නෑ... නෑ... කතා කරලා ඉවර වෙලා තේ එකක්‌ බොමු...'' මම ඇය නතර කළෙමි. මේ ගෙන්දගම් පොළවේ පිච්ච වැලක්‌ නැති බව සැක හැර පැහැදිළිය. එහෙත් මේ පුංචි කාමරය පිච්ච මල් සුවඳින් පිරී ගොස්‌ය. පුංචි මුළුතැන්ගෙයත් සමඟ එකට බැඳුණු කාමරය ඇය පිළිවෙළට සහ පිරිසිදුව තබාගෙන තිබේ. විදුලි ආලෝකයෙන් දිදුලන කාමරය පුරා මගේ දෙනෙත් පාවෙන අතරේ ඇය නැවත කතාව පටන් ගත්තාය.

    ''මම නයිට්‌ ක්‌ලබ් හත අටක වැඩ කරලා තියෙනවා. සමහර තැන්වලින් අයින් වෙලා ආයෙත් ගිහින් වැඩ කරලා තියෙනවා. කිසිම නයිට්‌ ක්‌ලබ් එකකින් වැඩ කරන කෙල්ලන්ට හරියට ගෙවන්නේ නෑ. බොස්‌ලා අපිට කියන්නේ හම්බ කරගන්න තැන ලස්‌සනට හදලා දීලා තියෙනවා උඹලා මහන්සි වෙලා හම්බ කර ගනිල්ලා කියලයි. බිස්‌නස්‌ එකක්‌ ගෙනාවම පොඩි කොමිසන් එකක්‌ දෙනවා. ඒක තමයි මාසේ අන්තිමට එකතු කරලා ගන්න තියෙන්නෙ. යන්තමටම හරි අතට ඉතිරි වෙන්නේ කස්‌ටමර් දීලා යන කීය හරි විතරයි. ඇඳුම්, පැළඳුම්, කෑම් බීම්වලට වියදම් කරලා ඉන්න තැනට දුන්නට පස්‌සේ එකත් ඉවරයි...''

    ''සමහර නයිට්‌ ක්‌ලබ්වලින් ඉන්න හිටින්න දෙනවා. එහෙම ඉන්න එක හිරේ ඉන්නවා වගේ වැඩක්‌. හුළං පොදක්‌ වදින්නෙ නෑ. අඳුරු කාමරයක්‌ ඇතුළේ එක පොදියට කෙල්ලො දහයක්‌ පහළොවක්‌ විතර ඉන්නවා. ඇදං මෙට්‌ට නෑ. නිදාගන්න තියෙන්නෙ පැදුරු කඩමලු. ඇඳුමක්‌ තියාගන්න තැනක්‌ නෑ. තමන්ට කැමැති කෑමක්‌ හදාගෙන කන්න නෑ. එක්‌කෙනෙකුට උණක්‌ හෙම්බිරිස්‌සාවක්‌ හැදුනොත් කාමරේ ඉන්න සේරටම හැදෙනවා. ඒක මහා අප්පිරිය ජීවිතයක්‌. වෙනම ඉන්නකොට අපිට පුළුවන් දවල් දවසට තවත් මොනවහරි කරලා කීයක්‌ හරි හොයාගන්න. දැන් මම උදේ දහය විතර වෙනකොට හොඳට නාලා කරලා පොෂ් පිට ස්‌පා එකක වැඩට යනවා. හතර, පහ වෙනකොට එතැනින් ඕෆ් වෙලා ගෙදරට ඇවිත් නාලා කරලා ක්‌ලබ් එකට යනවා. පුළුවන් කාලේ හම්බ කරගන්න ඕනා. හැමදාම පොත්ත රතට තියෙන්නෙත් නෑ. මූණේ මස්‌ එල්ලෙන්න එනකොට අපි අව්ටොෆ්. ඒ වෙනකොට අපි කීයක්‌ හරි ඉතුරු කරගෙන හිටියේ නැති නම් වෙන්නේ පාරට බහින්න. අන්තිමේ පොලිස්‌ කූඩුවලත් තැපලා තමයි ගමට යන්න වෙන්නෙ. මේ නයිට්‌ ක්‌ලබ්වල, සම්බාහන මධ්‍යස්‌ථානවල වැඩි හරියක්‌ ඉන්නේ දුෂ්කර ගම්වල අසරණ කෙල්ලො. කොළඹ එකෙක්‌ දෙන්නෙක්‌ හිටියොත් ඒ මුඩුක්‌කුවල. කොළඹ උන් වැඩි කාලයක්‌ මේ ක්‌ලබ් ගානේ ගාටන්නේ නෑ. සතියට, දෙකට ඩීල් ටික හදාගත්තා ඊට පස්‌සෙ ගෙදර ඉඳං කෝල් එකට තැනට ගියා. අවශ්‍ය සේවය කළා. සල්ලි අරං ත්‍රීවීල් එකක නැඟලා ගෙදර ගියා. ත්‍රීවීල් එකක යන්නෙත් ටික කාලයයි. ඊට පස්‌සෙ තමන්ටම කියලා වාහනයක්‌ ගන්නවා. තව කෙල්ලො දෙතුන් දෙනෙක්‌ සෙට්‌ කර ගන්නවා. ඊට පස්‌සෙ එයා මැඩම්. ගමේ කෙල්ලො එහෙම ගමනක්‌ යන්න බයයි...''

    ''ඔය කොයි නයිට්‌ ක්‌ලබ් එකෙත් කෙරෙන්නේ එකම දේ තමයි. කස්‌ටමර්ට පොවලා, නටවලා පිස්‌සු වට්‌ටලා පහළ හරි උඩ හරි කාමරයකට දක්‌කනට එක තමයි. ඒකට ඉතිං කෙල්ලො දක්‍ෂ වෙන්න ඕනා. ලිකර්, බයිට්‌වලට, කාමරයට, ඇතුළට යන අපිට වෙන, වෙනම කැෂියර්වලින් අය කර ගන්නවා. පාළු කාමරයක්‌ ඇතුළේ බේබද්දෙක්‌ එක්‌ක හයිරං අල්ලලා අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ ඒ මනුස්‌සයා දීලා යන සොච්චම විතරයි. නැති නම් අරක්‌කු ගදයි මහන්සියයි විතරයි. කස්‌ටමර් කෙනෙක්‌ එක්‌ක කාමරයකට ගියාම කමිෂන් එක ටිකක්‌ වැඩියි. එහෙමයි කියලා අපිව විකුණලා ගන්න පන්දාහ, හය දාහයෙන් බාගයක්‌ අපිට දෙන්නෙ නෑ. සීයට ගානයි. ඒක ක්‌ලබ් එකෙන් ක්‌ල්බ් එකට වෙනස්‌ වෙනවා...''

    ''සම්බාහන මධ්‍යස්‌ථානවලත් එහෙම තමයි. 'ආයුර්වේද' බෝඩ් එකට විතරයි. යට තියෙන්නෙ රති කෙළිය...''

    මතු සම්බන්ධයි
    විෂුල කෝදාගොඩ_දිවයින

    “ආබාධිත නංගිලා හොඳ කර ගන්න මට ඉගෙන ගන්න උදවු කරන්න” දන්ත වෛද්‍යවරියක වීම අත්හල අක්කා

    By: Aththa Withthi On: 1/22/2017 11:50:00 AM
  • Let's Get Social

  • අළුත්ගම බොන්දුපිටිය දර්ගා නගරයෙහි වාසයක කරන මේ දරුවන්ට සිය පිය රැකවරණය මිට වසර 11කට පෙර අහිමි වී තිබෙනවා.

    මෙම දරුවන් සමග ජිවිතය රැකගනිමින් වැඩිමහල් දියණියට අධ්‍යාපනය ලබා දී සමාජයේ ඉහලට යැවීම මවගේ අරමුණ වී තිබෙනවා.

    මෙම පවුලේ දරුවන් දෙදෙනෙක් පසුවන්නේ ආබාධිත තත්ත්වයේයි.

    දුක්කදුළු රැසක් මැදින් වැඩිමහල් දියණියගේ ඉලක්කය වී ඇත්තේ වෛද්‍යවරියක වීමයි.

    ඇය දන්ත වෛද්‍යවරියක වීම සඳහා උසස් පෙළින් සුදුසුකම් ලැබූවද එය අතහැර යළිත් විභාගයට පෙනී සිටීමට තීරණය කර තිබෙනවා.

    ඒ දන්ත වෛද්‍යවරියකවී තම සොහොයුරියන් සුව කර ගැනීමට නොහැකි නිසයි.

    ඇය තම සොහොයුරියන් දෙදෙනා සුව කරගැනීමට යලිත් ඉගෙනීම පටන් ගත්තද ආර්ථික අපහසුතා නිසා දුක්ඛිත තත්ත්වයකට පත්ව සිටිනවා.

    මේ සියල්ල දුටු නියෝජ්‍ය අමාත්‍යවරයා මොවුන් වෙනුවෙන් අවශ්‍ය කරන අහාර පාන බෙහෙත් වර්ග, රෝදපුටු ලබා දුන් අතර ඇගේ අනාගතය වෙනුවෙන් යමක් කරන්නැයි ඔබෙන් ද ඉල්ලා සිටිනවා.

    අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවෙහි තැබූ සටහන පහතින්.
    _______________________________________________________________________

    ජීවිතය ජයගන්න වෙර දරණ තවත් එක් සංවේදී කතාවකට පහන්සිලක් වන්නට ඔබටයි ඇරයුම 

    “ආබාධිත නංගිලා හොඳ කර ගන්න මට ඉගෙන ගන්න උදවු කරන්න”

    එක මවු කුසින් මෙලොව එලිය දුටු තම සහෝදරින් දෙදෙනා වෙනුවෙන් බලපොරොත්තු හිතේ බැද සිටින මේ දියණිය සහ ඇගේ පවුල පිළිබද නියෝජ්‍ය අමත්‍යතුමන්ට අසන්නට ලැබුණේ අහබු ලෙසිණි.

    අළුත්ගම බොන්දුපිටිය දර්ගා නගරයෙහි වාසයක කරන මේ දරුවන්ට සිය පිය රැකවරණය අහිමිවන්නේ මිට වසර 11කට කලින්.එදා පටන් අද දක්වාම තම දරුවන් තිදෙනා සමග ජිවිත අභියෝගයට ඇයට මුහුණ දෙන්නට වුයේ ලේසි පහසු කර්තවයක් විදිහට නම් නෙවෙයි.

    ඒ අභාධිත තම දරුවන් දෙදෙනාගේ ජීවිතයත් රැකගනිමින් වැඩිමහල් දියණියට අධ්‍යාපන කඩයිමේන් විශිෂ්ඨයකු වන්නට පාර කපමින් ය.

    හදිසියේ ඇය මුහුණ පාන්නට වූ අසනීප තත්වය හේතු කොට ගෙන සිය ගාමන්ට් රැකියාවද ඇයට අහිමි වන්නට වුයේ අභියෝගයෙන් පිරි ජීවිතයට දුක් කදුළු පමණක් ඉතිරි වුවා ලෙසය.

    හිතේ වාරුව හයියක් කරගෙන මේ අම්මා ගැටගහගෙන යන මේ ජිවිතයේ එකම පැතුම තම දරුවන් තිදෙනා පමණි.

    දුක්කදුළු සතුටු කදුළු කරන්නන්ට වෙර අදින මේ වැඩිමහල් දියණියගේ ඉලක්කය වෛද්‍ය වරයුකු වී තම සොහොයුරියන් දෙදෙනා සුව කරගැනීමය. 

    මේ සියල්ල සිය ඇස් දෙකෙන් දුටු නියෝජ්‍ය අමත්‍යතුමන් සියලු වැඩ රාජකාරි අමතක කරමින් දවසම ගත කරන්නට වුයේ මොවුන් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය කරන අහාර පාන බෙහෙත් වර්ග, රෝදපුටු ලබා දුන් නියෝජ්‍ය අමාත්‍යතුමන් මේ ඉල්ලීම ඔබගෙන් කලේ ඔවුනට දෙපයින් නැගීසිටීමට කිසිදු හවු හරනක්නොමැති නිසාය. 

    වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවැසි වෙලාවට එය ලබාගැනීමට නොහැකි වීම, දියණියගේ අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති වීම යන මානුෂික හේතුන්ගෙන් ඔවුන්ගේ ජීවිතය ජයගැනීමට ඔබත් දායක වන්න.

    දුරකථන 0713758650 
    ලිපිනය "ජයන්ති" බොන්දුපිටිය දර්ගානගරය ,අළුත්ගම 
    ගිණුම් අංකය 084 -2-001-9-0004190 ,මහජන බැංකුව අළුත්ගම ශාඛාව ,නම -දිස්නා දිල්රුක්ෂි ෆනෑන්ඩු
    අමතන්න නියෝජ්‍ය අමාත්‍යතුමන් -0775510520 
    කාර්යාලය -0342245177
    _______________________________________________________________________

    ඔබේ කාලය මදක් වැය කර පහතින් ඇගේ හඬ අසන්න.. ඇය කතාකරන්නේ ඔබටයි.


    21 January, 2017

    මනාලයයි මනාලියි කට්ටියයි නට නටා හෝටලය දෙවනත් කරයි

    By: Aththa Withthi On: 1/21/2017 04:19:00 PM
  • Let's Get Social
  • මනාලයයි මනාලියි කට්ටියයි නට නටා හෝටලය දෙවනත් කරයි.


    කෙල්ලොන්ගේ රැවටීමක් ගැන කළ රහස් වීඩියෝවක්

    By: Aththa Withthi On: 1/21/2017 04:05:00 PM
  • Let's Get Social
  • කෙල්ලෝ කරන රැවටීමක් ගැන කළ රහස් වීඩියෝවක්.



    කිංස්ලි පුතාව කරළියට ගේන්න සූදානම්

    By: Aththa Withthi On: 1/21/2017 03:30:00 PM
  • Let's Get Social


  • ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පී කිංස්ලි පීරිස් අලුත් වැඩක් කරන්න යනවා කියලා දැනගන්න ලැබුණා.

    ඒ තනියම නෙවෙයි පුතාවත් එකතු කරගෙන. තාත්තයි පුතයි කරන්න හදන මේ අලුත් වැඩේ ගැන දැන ගන්න හදගැස්මේ අපි කිංස්ලි පීරිස්ගේ නිවෙසට ගොඩවැදුණා.
    කිංස්ලි පුතා කරළියට ගේන්න යනවා කියලා ආරංචියි?

    පුතා ගායනට දක්ෂයි. දැනට බෑන්ඩ් එකක ඉන්නවා. එයාගේ හැකියාව තියෙන නිසා ගායකයෙක් විදියට ඉදිරියට යවන්න හදන්නේ. දැන් මගේ සින්දු තමා කියන්නේ. එයාට අලුත් සින්දු ටිකක් කරන්න ඉන්නේ. ඊට පස්සේ එයා දිගටම සින්දු කියයි.

    පුතාගේ විස්තර ටිකක් කියමු?

    පුතා කවිඳු මාලිංග පීරිස්. ගිය අගෝස්තුවල A/L කළා. එයා සංගීත අංශයෙන් ඉස්සරහට යන්න කැමැතියි. තවම විභාගයේ ප්‍රතිඵල ආවෙත් නැහැ. විභාගයේ පාස් වුණත් එයාට හිත තියෙන්නේ සංගීත අංශයෙන් ඉස්සරහට යන්න.

    පුතා ගායනයට දක්ෂයි කියලා දැන ගත්තේ කොහොමද?

    පුංචි කාලේ ඉඳලාම සංගීතය හැදෑරුවා. මාත් එක්ක සින්දු කිව්වා. එයා දක්ෂයි කියලා අපි අඳුන ගත්තේ චූටි කාලේදීමයි. දැන් එයාගේ හැකියාව ගැන අපට විශ්වාසයක් තියෙනවා.

    කිංස්ලිගේ ජීවිතේ මේ දවස්වල ගෙවෙන්නේ කොහොමද?

    නෝනයි, මමයි, පුතයි විතරනේ දැන් ඉන්නේ. දුව නැති අඩුව නම් අපි හැමෝටම දැනෙනවා. හරියට හොරු අරන් ගියා වගේ. ඉතින් වැඩිපුර සංගීත කටයුතු කරනවා. එතකොට ටිකක් දුක තුනී වෙන නිසා. ගෙදර තනියම ඉද්දි නම් ගොඩක් දුකයි.

    නත්තලට මොකද කළේ?

    දුව නැති නිසා කිසි දෙයක් කළේ නැහැ. පල්ලි ගියා විතරයි. ඉස්සර නත්තල් සමරන්නේ දුව නිසා. දැන් ඉතින් එයා නැතිව අපට නත්තල් නැහැ.

    සංගීත කණ්ඩායමේ වැඩ කටයුතුවලට දායකත්වය වැඩිපුර දෙනවා ඇති?

    කට්ටිය වැඩ කරගෙන යනවා. හරිම සහයෝගයෙන් තමා ඉන්නේ. එක පවුලක සහෝදරයෝ ටිකක් වගේ. ගෙදරයි බෑන්ඩ් එකයි තමා මගේ ජීවිතේ.

    රසිකයෝ වැඩිපුරම කැමැති කිංස්ලිගේ ගීතවලටද? නැත්නම් කිංස්ලි ගායනා කරන පැරැණි ශිල්පින්ගේ ගීතවලටද?

    පරණ සින්දු තමා ගොඩක් අය ඉල්ලන්නේ. ප්‍රසංගවලට ගියාම පරණ සින්දු එක්කම මගේ ගීතත් ගායනා කරනවා.

    අලුත් ගීත නිර්මාණය කරන්න අදහසක් නැද්ද?

    අලුත් සින්දු ටිකක් කරන්න සැලසුම් කරලා තියෙනවා. පුතාටත් සින්දු කිහිපයක් නිර්මාණය කරගෙන යනවා. ඉස්සරහට ඉතින් මමයි පුතයි දෙන්නාම එකම වේදිකාවේ සින්දු කියනවා.

    විදේශ ගත වෙනවාද ළගදි?

    ඔව්. මේ මාසේ කොරියා යනවා සංගීත ප්‍රසංග කිහිපයකට. දිගටම ලංකාවේ සහ විදේශ රටවල ප්‍රසංග තියෙනවා.

    ඉදිරි බලාපොරොත්තු මොනවද?

    ලොකු බලාපොරොත්තුවක් නැහැ. ජීවිතේ මේ ගෙවෙන විදියට ගෙවිලා යාවි. පුතාව සංගීත අංශයෙන් ඉදිරියට යවනවා. එච්චර තමා.

    _මව්බිම

    ඉස්ලාම් ත්‍රස්තවාදය අතුගානවා - ට්‍රම්ප් ජාතිය අමතමින් කළ ප්‍රකාශය මෙන්න

    By: Aththa Withthi On: 1/21/2017 02:44:00 PM
  • Let's Get Social
  • ඇමෙරිකාව අන්තවාදී ඉස්ලාම් ත්‍රස්තවාදයට එරෙහිව ශිෂ්ට ලෝකය සමග එක්වෙමින්, ඒ ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් අතුගා දමන බව ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරනවා.

    ජාතිය අමතමින් ට්‍රම්ප් මෙසේ පවසා සිටියා.

    එමෙන්ම, ඇමෙරිකාව අංක එකට ගැනීමේ ප්‍රතිපත්තියේ තමන් සිටින බව ජනතාව ඉදිරියේ පොරොන්දු වූ ට්‍රම්ප් පවසා සිටියේ, තම ශරීරයේ වූ සෑම හුස්ම රැල්ලක්ම ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් සටන් කිරීමට යොදවන බවයි.

    තමන් කිසිම විටෙක ඇමෙරිකානු ජනතාව පසුබසින ජාතියක් නොකරන බවද ඔහු අවධාරණය කළා.

    වෙළෙඳාම, බදු, සංක්‍රමණික, විදේශ ප්‍රතිපත්ති ආදී ඕනෑම තීරණයකදී ඇමෙරිකානු කම්කරුවන් හා ඇමෙරිකානු පවුල් ආරක්ෂා වන ආකාරයට ඒ සෑම තීරණයක්ම ගන්නා බවද ඔහු අවධාරණය කර සිටිනවා.

    ඇමෙරිකාව යළිත් ජයග්‍රාහී මාවතට පිවිස ඇති බවත්, පෙර නොවූවිරූ ජයග්‍රහණ ඇමෙරිකාව ලබනු ඇති බවත් ට්‍රම්ප් සිය කතාවේදී අවධාරණය කර සිටියා.

    වචන 1,453කට සීමා වූ ට්‍රම්ප්ගේ කතාව වර්ෂ 1977 දී ජීමී කාටර් ජනාධිපතිවරයාගෙන් පසුව අභිනව ජනාධිපතිවරයෙකු ඉදිරිපත් කළ කෙටිම දේශනය වුවත්, එය වඩාත් ශක්ති සම්පන්න දේශනයක් බව විචාරකයෝ පවසනවා.


    _නෙත්ගොසිප්