දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිටි නව හැවිරිදි (09) මන්ද මානසික පිරිමි දරුවකුට අමානුෂික ලෙස ලිංගික අතවර කළ බව කියන එම මධ්‍යස්ථානයේ සේවකයකු ජනවාරි මස 06 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඊයේ (27දා) නියම කළේය.
මැදිවෙල ප්‍රදේශයේ පදිංචි ඩයස් නමැත්තකු එසේ රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ මිරිහාන පොලිසියේ සැරයන් හේරත් (22171) මහතා සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කියා සිටියේ ඉහතකී දරුවා පසුගිය දිනයක අසනීපවීම හේතුවෙන් ඔහුගේ මව පැමිණ ඔහුව සිය නිවෙස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී දරුවාගේ ශරීරයේ විවිධ ස්ථානවල තිබූ තුවාල කැළලි දැක ඇති ඇය ඒ පිළිබඳ දරුවාගෙන් විමසීමේදී ඉහතකී අතවර සිද්ධිය අනාවරණය කරගෙන ඇති බවත්ය.
මෙකී දරුවා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමුකර ඇති බවද අනාවරණය කෙරිණි.
කුමුදු උපුල් ශාන්ත

|
Loading...
|
|---|
0 comments:
Post a Comment