28 December, 2016

Tagged Under: ,

උපන් ඇඳුමින් අල්ලපු ගෙදරට රිංගපු බේබද්දා වෙරි හිඳෙන්න ගුටිකයි

By: Aththa Withthi On: 12/28/2016 08:11:00 PM
  • Let's Get Social


  • සිවිලිම දිගේ බඩගාගෙන ගොස් අල්ලපු ගෙදරට රිංගා සිටියදී හසුවූ නිරුවතින් බීමත්ව සිටි අයකු අසල්වාසීන්ගේ පහරකෑමට ලක්ව නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.

    පෙරේදා (25දා) සවස මෙම සිදුවීම වී ඇත්තේ ලිඳුල පොලිස් බල ප්‍රදේශයට අයත් ඩෙයාර්වීල් වත්ත තුළදීය.

    පහරකෑමට ලක්ව ඇත්තේ 39 හැවිරිදි එක්දරු පියෙකි.

    තරුණ දියණියක්ද වෙසෙන මෙම නිවසේ මව මුළුතැන්ගෙයි සිටින විට එක්වරම ගේ ඇතුළෙන් කිසිවක් කඩා වැටෙන හඬක් ඇසී බලන විට කඩා වැටුණු ඇඳක් මත නිරුවත් අයකු සිරවී සිටිනවා දැක බියපත්ව කෑගසන විට අසල්වාසීන් පැමිණ තිබේ.

    මෙසේ අල්ලාගත් පුද්ගලයා එම ලැයිම් පේළියේම අල්ලපු නිවසේ පදිංචි අයකු වන අතර එම වතු ලැයිම් පේළිවල සිවිලිමට උඩින් තිබෙන ඉඩ ඔස්සේ බඩගාගෙන පැමිණ රහසේම බිමට බැසීමට ඇඳ මතට කකුල තියන විට ඇඳ කඩා වැටී ඇත.

    ලිඳුල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


    හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment