28 December, 2016

Tagged Under: , ,

පන්සල්-වෙහෙර විහාරවල බුදු පිළිමයක්වත් තියාගන්න බැරි තත්ත්වයක්

By: Aththa Withthi On: 12/28/2016 08:38:00 PM
  • Let's Get Social


  • වෙහෙර විහාර හා දේවාලයන්හි ඇති පුරාවිද්‍යා වටිනාකම් සහිත පූජා භාණ්ඩ මෙන්ම බුදු පිළිමයන්හි උෟර්ණ රෝම ධාතුව හා චූඩා මාණික්‍යයන් සොරා ගන්නා කණ්ඩායමක් නිසා විහාරාධිපති හිමිවරු හා දේවාලයන් හි නිලමේවරු මහත් බියකින් පසුවන බව පවසති.

    මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් චෛත්‍ය 16ක පමණ පසුගිය කාලසීමාව තුළ චූඩා මාණික්‍ය ගලවාගෙන ගොස් ඇති අතර බුදු පිළිම රාශියක රන් ආලේපිත උෟර්ණ රෝම ධාතුව ගලවා ගෙන ඇත.

    ඓතිහාසික ගනේගොඩ කතරගම දේවාලය පමණක් මේ වනවිට තුන්වරක් බිඳ එහි වටිනා භාණ්ඩ රැගෙන ගොස් ඇත.

    පසුගිය සතියේ මෙම දේවාලය කඩා එහි තිබූ රන් දෝලාවද රැගෙන ගොස් තිබූ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි දේවාල 32 අතරින් මේ ආකාරයට දේවාභරණ වැඩම කරන රන්දෝලියක් සොරා ගත් ප්‍රථම අවස්ථාව මෙය බවද කියැවේ. දුටුගැමුණු රජ සමයටත් වඩා පැරැණි කොත්මලේ පුසුල්පිටිය රජමහ විහාරය බිඳ එහි තිබූ දඹරන් බුදු පිළිම සොරා ගෙන ගිය අතර මෙයට මාස 2කට පෙර එහි තිබූ ගම්පොළ බුවනෙකබා රජ විසින් කරවන ලද ඇත්දළ හා මුතු මැණික් එබ්බ වූ මකර තොරණද සොරා ගන්නා ලදී.

    මේ ආකාරයට ගම්පොළ ඇත්ගාල විහාරය, පුස්සැල්ලාව ඉබ්බන් වැව විහාරය, මන්තින්දාරාම විහාරය, නාවලපිටිය වේළුවනාරාමය, ගම්පොළ රතනසාර විහාරය, උලපනේ බෝධිරුක්ඛාරාමය, ඇල්පිටිය පොත් ගුල් රජමහ විහාරය, ලබුවැල්පොළ පිරිවෙන ඇතුළු විහාර ගණනාවක පැරැණි කෞතුක භාණ්ඩ, චූඩා මාණික්‍ය ආදිය සොරා ගෙන ඇත.


    දිගින් දිගටම සිදුවන මෙම සොරකම් සමඟ විහාරාධිපති හිමිවරු හා දේවාලවල නිලමේවරු මෙන්ම කපු මහත්වරුද මේවා ආරක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් යොදන ලෙසට ඉල්ලා සිටිති.

    ගම්පොළ - මාධව බණ්ඩාර
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment