29 December, 2016

Tagged Under: ,

හින්දි ගීයෙන් ලොවක් මවිත කළ බොලිවුඩයටත් ආරාධනා ලද ලංකාවේ කෙල්ල

By: Aththa Withthi On: 12/29/2016 04:35:00 PM
  • Let's Get Social


  • බහරේනයේ සිට අන්තර්ජාලය කළඹන මියුරු ගී රාවයක්.

    අති මියුරු හඬකින් හින්දි ගීතයෙන් රසිකයන් පිනවන ඇය ශ්‍රී ලාංකික තරුණියක්.

    ‘ස්මියුල්’ මෘදුකාංගය ඔස්සේ ඔබ හමුවන ඇය ‘කුෂී’.

    කුෂී ගිම්හානි.

    ‘කුෂී’ ලෙසින් මිතුරු මිතුරියන් හැඳින්වුවත් ඇගේ සැබෑ නම මධූෂා ගිම්හානි.

    දැනට ‘ස්මියුල්’ මෘදුකාංගය යොදාගෙන ගී ගයන බොහෝදෙනාට එය හඳුන්වා දුන්නේ තමන් බවත් ඇය පවසන්නීය.

    එහෙත් ඇය වෘත්තීය ගායිකාවක හෝ සංගීත ශිල්පිණියක නොවේ.

    ඇය බහරේනයේ රූපලාවණ්‍ය ආයතනයක සේවය කරන 23 හැවිරිදි තරුණියක්.

    “මම කවදාවත් සංගීතය ඉගෙනගෙන නෑ,” යැයි කුෂී පවසන්නීය.

    “හැබැයි ලංකාවේදීත්, බහරේන්වලත් ප්‍රසංගවල එහෙම මම ගීත ගායනා කරලා තියෙනවා.”

    හින්දි භාෂාව චතුර ලෙස හසුරුවමින් බහරේනයේදී ඇය ගී ගයන අයුරු දුටු ප්‍රධාන පෙළේ බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරයෙක් තමන්ට බොලිවුඩ් පුරවරයට ආරාධනා කළ බවත් කුෂී සංදේශයට කියා සිටියාය. එහෙත් ඇය තවම ඒ ගැන අවසන් තීරණයක් ගෙන නැහැ.

    කුෂී හෙවත් මධූෂා ගිම්හානි ගී ගයන්නේ හින්දි භාෂාවෙන් පමණක් නොවේ.

    නුදුරු අනාගතයේදීම යළිත් ශ්‍රී ලංකාවට පැමිණ ලාංකීය රසික රසිකාවියන්ට සිය නිර්මාණවලින් සංග්‍රහ කිරීම කුශී ගේ බලාපොරොත්තුවයි.


    බීබීසී සංදේශය සමඟ කළ සාකච්ඡාව.












    Loading...
    Loading...

    0 comments:

    Post a Comment