30 December, 2016

Tagged Under: ,

මහින්ද - හිරුණිකා මුහුණට මුහුණ හමුවෙයි

By: Aththa Withthi On: 12/30/2016 09:39:00 PM
  • Let's Get Social

  • හිටපු අග්‍රාමාත්‍ය, අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණ තිබේ.

    හිටපු ජනාධිපතිවරයා අද (30) අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති හොරණ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා ඇතුළු පවුලේ සියලුදෙනා වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.

    එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි අතර පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසල ස්ථානයක වාඩි වී ඇත.

    එහිදී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා සමග කතා කරමින්ද සිටියද හිරුණිකා මන්ත්‍රීවරිය අහක බලා සිටින ආකාරයක් දැකගත හැකිවිය.
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment