29 December, 2016

Tagged Under: ,

මැණික් ගඟේ සැරිසැරූ කිඹුලා සෙල්ලකතරගමදී අහුවෙලා

By: Aththa Withthi On: 12/29/2016 09:19:00 PM
  • Let's Get Social

  • කතරගම මැණික් ගඟේ නිතර සැරිසරන දැවැන්ත කිඹුලකු පෙරේදා (27දා) රාත්‍රි සෙල්ලකතරගම මාර්ගයේ සැරිසරමින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් දැක වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව අල්ලා ගනු ලැබීය.

    අඩි 11ක් තරම් දිග වූ මෙම කිඹුලා පැමිණ ඇත්තේ නිවාස තුළ හා මාර්ගයේ සිටින බල්ලන් අල්ලා ගොදුරු කර ගැනීම පිණිස බව ප්‍රදේශවාසීහු පවසති.

    දින කීපයක සිට විටින් විට නිවාසවල සිටි බල්ලන් අතුරුදන් වූ බව ප්‍රදේශවාසීහු පවසති.

    සෙල්ලකතරගම මාර්ගයේ සිටියදී පෙරේදා රාත්‍රි මෙම කිඹුලා අල්ලා ගත් වනජීවී නිලධරීන් කිඹුලා යාල වන උද්‍යානය වෙත රැගෙන ගොස් තිබේ.

    මේ වනවිට මෙවැනිම ප්‍රමාණයේ දැවැන්ත කිඹුලන් රැසක් කතරගම මැණික් ගඟේ නිතර සැරිසරන බව ජනයා පවසති.

    _කතරගම - ඩී. එන්. කළුආරච්චි
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment