29 December, 2016

Tagged Under: ,

ආච්චි අම්මාත් අත දරුවන් දෙදෙනකු සමඟ මවත් අතරමඟදී බසයෙන් බිමට දමා වෙනත් අය පටවාගෙන

By: Aththa Withthi On: 12/29/2016 08:57:00 PM
  • Let's Get Social




  • සීගිරිය - ඉනාමළුව හන්දිය අසල සිට ගලේවෙල නගරය දක්වා යෑමට ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයකට 26 වැනි දින පස්වරුවේ නංවා ගත් වියපත් මවක් ඇතුළු කාන්තාවන් දෙදෙනකු හා කුඩා අත දරුවන් දෙදෙනකු දඹුල්ල නගරයේදී බස් රථයෙන් බස්සවා වෙනත් මගීන් පිරිසක් බස් රථයට නංවාගෙන යෑමේ පුවතක් වාර්තා වේ.

    ත්‍රිකුණාමලයේ සිට බස් රථය දඹුල්ල නගරයට ළඟා වනවිට එතරම් මඟින් සංඛ්‍යාවක බස් රථයේ සිට නොමැති අතර දඹුල්ල නගරයේදී කුරුණෑගල හා කොළඹ බලා යෑමට සිටි මගීන් පිරිසකට ආසන ලබාදීම සඳහා ඉනාමළුවෙන් නංවා ගත් වියපත් මව ඇතුළු පිරිස බස් රථයෙන් බස්සවා ප්‍රවේශ පත් හෝ ලබා නොදී රුපියල් 150ක මුදලක්ද බස් රථයෙන් බහින අවස්ථාවේ අයකර ගෙන ඇත.

    අදාළ සිද්ධිය පිළිබඳ බස් රථයේ සිටි සෙසු මගීන් හා බස් නැවතුමේ සිටි පිරිස්ද දැඩි විරෝධය පළ කර ඇති අතර කොන්‍ෙදාස්තරවරයා ඔවුනට පවසා ඇත්තේ තමන්ට වුවමනා දේ තමන් සිදුකරන බවත් ඕනෑම තැනකට පැමිණිලි කරන ලෙසත්ය.

    සිද්ධියට මුහුණදුන් පිරිස මේ පිළිබඳ 1955 හදිසි ඇමතුම් අංකයට පැමිණිලි කර ඇත.

    අකරතැබ්බයට පත් පිරිස වෙනත් බස් රථයක නැඟී ගලේවෙල බලා ගොස් ඇත.

    (දඹුල්ල - ධම්මික නාමල් කෝරාළ / සීගිරිය - දිනේෂ් ආරච්චිලාගේ_මව්බිම)
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment