29 December, 2016

Tagged Under: ,

මහ රෑ දඹුල්ලේ පිරිමි කල්ලි දෙකක් එක ගැහැනියක් බෙදා ගන්න ගුටි කෙළගෙන

By: Aththa Withthi On: 12/29/2016 08:36:00 PM
  • Let's Get Social

  • දැන් දැන් මේ සමාජයේ වෙන දේවල් එක්ක අනේ මෙහෙමත් දේවල් අහන්න සිද්ධ වෙනවානේ කියලා ඔයාලට මේ පුවත ඇහුවාම හිතෙන්නට පුළුවන්.

    මේ සිද්ධිය වෙලා තියෙන්නේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ (Dambulla Economic Centre) වෙළෙදසැලක් තුළයි.

    ඊයේ (28) රාත්‍රියේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙදසැළක සේවකයින් පිරිසක් කාන්තාවක් රැගෙන ගොස් එහි ඇතුළත තබාගෙන සිට තිබෙනවා.

    ඒ අවස්ථාවේ අසළ පිහිටි තවත් වෙළෙදසැළක සේවකයින් පිරිසක් එය දැක එම කාන්තාව ඉල්ලා තිබෙනවා.

    ඇය ලබානොදීම නිසා දෙපිරිස අතර ගැටුමක් හටගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.

    එම අවස්ථාවේ දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂක නිලධාරීන් පැමිණ සිද්ධිය පාලනය කොට දඹුල්ල පොලීසියට මේ පිළිබඳ දැනුම් දී තිබෙනවා.

    එම ස්ථානයට පැමිණි පොලීසිය අදාළ කාන්තාව සහ සේවකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

    අනතුරුව කාන්තාව රැගෙන ආ වෙළෙදසැළට අද අළුයම දෙකට පමණ සීල් තැබීමට දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment