මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී තරුණියක් පැහැරගෙන යෑමට උත්සාහ කළ ත්‍රිරෝද රථ රියැදුරකු මහනුවර පොලිසිය විසින් පෙරේදා (25දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ සිට තම සහෝදරයා සමඟ පසුගියදා (24දා) රාත්‍රි 9.30ට මහනුවරට පැමිණ තිබෙන මෙම 21 හැවිරිදි තරුණිය තැන්නකුඹුරේ පිහිටි නිවෙස බලා යෑමට ත්‍රිරෝද රථයකට ගොඩවූ අවස්ථාවේ එහි රියැදුරු ඇගේ සහෝදරයා ඊට නඟින තුරු නොසිට තරුණිය පමණක් සිටියදී වේගයෙන් රිය ධාවනය කර ඇත.
යුද හමුදා සෙබළකු වන සහෝදරයා ත්‍රිරෝද රථය පසුපස පන්නා ගොස් එය අල්ලා රියැදුරුට පහරදුන් අවස්ථාවේ සහෝදරිය ත්‍රිරෝද රථයෙන් පිටතට පැන ඇත.
පලාගිය ත්‍රිරෝද රථයේ ඡායාරූපයක් යුද හමුදා සෙබළා විසින් තම ජංගම දුරකතනයෙන් ලබාගෙන එය මහනුවර පොලිසියට ඉදිරිපත් කර තිබේ.
එම ඡායාරූපය අනුව පරීක්ෂණ සිදු කළ පොලිසිය පෙරේදා (25දා) පෙරවරුවේ සැකකරු මහනුවර නගරයේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මහනුවර - කමල් සුරවීර
|
Loading...
|
|---|
0 comments:
Post a Comment