02 June, 2017

Tagged Under:

"මහින්ද - අනුර" හදිසියේ හමුවෙයි!

By: Aththa Withthi On: 6/02/2017 12:54:00 PM
  • Let's Get Social

  • හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමු‍ණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී ඇතැයි වාර්තා වේ.

    පාර්ලිමේන්තු සංකීර්ණයේ ලොබියේ මෙම විශේෂ හමුව පැවැති බව වාර්තාවේ.



    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ කැබිනට් සංශෝධනයෙන් පසුව මහින්ද පාර්ලිමේන්තුවට පැමිණි පළමු දිනය විය.

    හිටපු ජනාධිපතිවරයා ටිකවේලාවක් සභා ගර්භයේ ගතකර එළියට එනවිට පාර්ලිමේන්තු ලොබියේ සිටි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා හමුවී තිබේ.

    පසුව ‘කොහොමද අනුර“ යැයි කියමින් මහින්ද අනුර සිටි තැනට ගොස් ඇති අතර එහිදී අනුර හා මහින්ද කෙටි සාකච්ඡාවක් පවත්වා තිබේ.

    එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අසල බලා සිටි නමුත් ඔවුන් දෙදෙනාගේ කතාවට බාධා කිරීමට ඒ අසලට ගොස් නොමැත.
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment