06 June, 2017

චංගුමීගෙන් ලංකාවට පරිත්‍යාග

By: Aththa Withthi On: 6/06/2017 08:18:00 PM
  • Let's Get Social

  • පැවති ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් මියගිය සහ අවතැන් වූ ලාංකික ජනතාව වෙනුවෙන් 'සුජාත දියණිය’ නම් වූ ජනප්‍රිය කොරියානු ටෙලිනාට්‍ය තුළ චන්ගුමි චරිතය නිරූපණය කළ කොරියානු රංගන ශිල්පිනි ලී යන්ග් (Lee Young ae) සිය බලවත් කණගාටුව ප්‍රකාශ කර තිබේ.

    ගංවතුර හා නායායෑම් හේතුවෙන් පීඩාවත් පත් ජනතාවට සහන සැලසීමට ඇය විසින් කොරියානු වොන් 56,000,000 (ඇමරිකානු ඩොලර් 50,000)ක මුදලක් ලංකාවට පරිත්‍යාගකර තිබේ.

    මෙම පරිත්‍යාගී මුදල ඇය විසින් කොරියානු පදනමේ සභාපති ලී සියොන්ග් මහතාට බාර දීමෙන් අනතුරුව ඔහුව විසින් කොරියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (05දා) බාර දී තිබේ.

    ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක්

    By: Aththa Withthi On: 6/06/2017 06:53:00 PM
  • Let's Get Social

  • පසුගිය සති අන්තයේ දිවුලපිටිය සහ කඩවත යන ප්‍රදේශවල පවුල් දෙකක් කතරගම වන්දනාවේ ගියහ. ඒ එම පවුල් දෙකේ තරුණයකුගේත් තරුණියකගේත් ළඟදී සිදුකිරීමට නියමිත විවාහ මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා කතරගම දෙවියන්ට බාරයක් වීම සඳහාය. එම විවාහපේක්ෂිත තරුණිය, තරණයා, ඔවුන්ගේ මාපියන්, සොයුරු සොයුරියන් ඇතුළු දාහතර දෙනෙක් එම වන්දනා නඩයට අයත්ව සිටියහ.

    මුලින්ම කතරගම කිරි වෙහෙර වැද පුදාගත් ඔවුහු ඉන් පසුව කතරගම දෙවොලට පැමිණ විවාහ මංගල්‍යයෙන් පසු ඔප්පු කිරීම පිණිස කතරගම දෙවියන්ට බාරයක් ද වූහ.

    ඉන් පසු මෙම පිරිස ආපසු රථ ගාල බලා එමින් සිටිය දී දෙවොලට වන්දනාවේ යන පිරිස් අතරේ සිටි තරුණයකු දුටු තරුණිය එක්වරම තිගැස්සුණාය. ඒ සමඟම ඒ තරුණයා ද තරුණිය දැකීමෙන් මහත් සතුටට පත්ව ඉදිරියට අවුත් ඇගේ දෑතින්ම අල්ලා ඇය තමන් වෙතට ළං කර ගත්තේය. ඔහු නව පරපුරේ ජනප්‍රිය ටෙලි නළුවෙකි. එබැවින් කතරගම දෙවොලට වන්දනාවේ යන සෙසු බැතිමතුන්ද හැරි හැරී ඒ දෙස බලමින් යන්නට වූහ.

    තම විවාහ අපේක්ෂිත තරුණයා ඇතුළු ඔවුන්ගේ වැඩිහිටියන් ඉදිරියේ වූ මෙම සිද්ධියෙන් තරුණිය මහත් තිගැස්මකට ලක් වූ අතර “මේ මම මැරි කරන්න ඉන්න මහත්තයා; මේ එයාගේ අම්මා, තාත්තා” ආදී වශයෙන් එම නළුවාට තමන් සමඟ ගිය කණ්ඩායම හඳුන්වා දෙන්නට විය.

    “මෙයාව කවුරුත් දන්නවනේ; මේ මගේ හොඳම යාළුවෙක්; ඉස්සර අපි එකට ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා.”
    ඒ සමඟම නිදහසට කරුණු දක්වන්නාක් මෙන් එම තරුණිය තම අනාගත සහකරුට සේම තමන් සමඟ පැමිණි පිරිසට කීවාය.

    එතෙක් සාර්ථකව නිමවෙමින් තිබූ මේ වන්දනා ගමනේ සතුට එතැනින්ම නිමා විය. වාහනයෙන් බසින මොහොතේ පවා එම තරුණයා හෝ ඔහුගේ පාර්ශවයේ කිසිවෙක් එම තරුණියගේ මුහුණ දෙසවත් නොබැලූහ. වන්දනා ගමන නිමවීමෙන් පසු එම තරුණියගේ මවට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ තරුණයාගේ මවගෙනි.

    “අපිට කොහොමත් කතරගම දෙවිහාමුදුරුන්ගේ පිහිට තියෙනවා; උන්වහන්සේට පින්සිද්ද වෙන්න තමයි අපේ ළමයා ඔය මර උගුලෙන් බේරුණේ; කතරගම දෙයියො ඔය නළු බට්ටව අපි ඉස්සරහට එව්වෙ නැත්තං අපේ කොල්ලට ගෙදර ගේන්න වෙන්නෙ මහපාරෙත් බයිස්කෝප් නටන ඉස්කුරුප්පුවක් තමයි.” තරුණයාගේ මව කෝපයෙන් කිව්වාය.

    “ඔයාලා ඕක ‍ඔච්චර ගණන් ගන්න එපා ඒ කොල්ලා අපේ දුවත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා;එච්චරයි.” තරුණියගේ මව කීවාය.

    “ඔයාගේ දුව ඌත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරන්න ඇති; ඒත් ඔයාගේ දුවව බැඳගත්තොත් අපේ කොල්ලට කරන්න වෙන්නෙ ඩ්‍රාමා කෝස් එකක් නෙමෙයි අනාත කෝස් එකක්.” තරුණයාගේ මව දුරකතනය විසන්ධි කළාය.

    එස්.ටී.පී සිල්වා (lakbima)

    ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් සුසන්තිකාගේ රෙදි ගලවයි!

    By: Aththa Withthi On: 6/06/2017 06:34:00 PM
  • Let's Get Social

  • ඔලිම්පික් රිදී පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පිළිබඳව මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන කරුණු පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඔහු පවසන්නේ, සුසන්තිකා ජයසිංහට ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරක් ලබාදී මසකට රුපියල් 60,000ක දීමනාවක් හා තවත් රුපියල් 15,000ක ඉන්ධන දීමනාවක්ද ලබාදුන්නද එම තනතුරට අදාළ වගකීම් ඇය අඛණ්ඩවම ඉටුකර නොමැති බවයි.

    එසේම ඇය සේවයෙන් ඉවත් කර නොමැති බවත් පසුගිය වසරේදීද ඇයට ක්‍රීඩා අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ 11ක මුදලක් පරිත්‍යාග කළ බවයි. එසේම ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් ඇය කිසිදු අවස්ථාවක සිය දැනුම ලබාදීමක් සිදුකර නොමැති නමුත් 2016 වසරේ ජූලි සිට 2017 මාර්තු දක්වා ඇයට අඛණ්ඩව ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුප් දුන් බවයි.

    ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය - 

    සුසන්තිකා ජයසිංහ මහත්මියගේ වැටුප් නොගෙවීම පිළිබඳ පළවී ඇති මාධ්‍ය වාර්තා සම්බන්ධවයි
    මේ දිනවල විවිධ ජනමාධ්‍ය ඔස්සේ සුසන්තිකා ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යාංශයට එල්ල කරන චෝදනා සම්බන්ධව මෙසේ කරුණු පැහැදිලි කරමි. 2000 වසරේදී ඔලිම්පික් පදක්කමක් දිනාගනිමින් ජයසිංහ මහත්මිය මෙරටට අත්කර දුන් කීර්තිය පළමුව ගෞරවාන්විතව සිහිපත් කරමි. එදා සිට මේ දක්වා පැවැති රජයන් විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත මුදල් ත්‍යාග, නිවාස, රථ වාහන ආදි විවිධ වූ ප‍්‍රදානයන් ලබාදී ඇත. තවද ජයසිංහ මහත්මිය විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ඇයගේ චරිතා ප‍්‍රදානය ප‍්‍රකාශයට පත්කිරීම සඳහා අප අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම අනුව ගරු ක‍්‍රීඩා අමාත්‍යතුමන්ගේ අනුමැතිය පරිදි රුපියල් ලක්ෂ එකොළහක මුදල් ප‍්‍රදානයක්ද පසුගිය වසරේදී ඇය වෙත ලබාදී ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඇය පත්ව ඇතැයි කියන ආර්ථික අපහසුතා පිළිබඳවද කනගාටු වෙමි.

    ප‍්‍රථමව සඳහන් කළ යුත්තේ, සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් පවසන ආකාරයේ සේවයෙන් ඉවත් කිරීමක් ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකර නොමැති බවයි. ඇයට හිමි අප්‍රේල් මාසයට අදාළ ගෙවීම්හි යම් තාවකාලික පමාවක් සිදුව ඇති අතර ඊට අදාළ හේතු මෙම ලිපියේ මතු දැක්වෙනු ඇත.

    මීට ඉහත රජය සමයේ ජයසිංහ මහත්මිය ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ උපදේශිකාවක් ලෙස පත්කර තිබූ අතර 2015 වසරේදී නව රජය පත්වන විට ඇගේ සේවය අවසන්වී තිබිණි. නව රජයේ ක‍්‍රීඩා අමාත්‍යවරයා ලෙස නීතිඥ දයාසිරි ජයසේකර මහතා වැඩ භාරගැනීමෙන් පසු මෙම තත්ත්වය වෙනස් කර සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ගෞරවාන්විතව ලබාගැනීමට අවශ්‍ය පියවර ගැනුණි.

    ඒ අනුව කුමන අමාත්‍යවරයෙක් ක‍්‍රීඩා අමාත්‍ය ධූරය දැරූවද ජයසිංහ මහත්මියට වයස අවුරුදු 60 වනතුරු රු.60,000ක මාසික දීමනාවක් සහ රු.15,000ක ඉන්ධන දීමනාවක් ලබාදීමට අපේක්ෂිත අනුමැතීන් ඉල්ලා 2016.05.19 වන දින කැබිනට් මණ්ඩලය වෙත ක‍්‍රීඩා අමාත්‍යතුමන් විසින් සංදේශයක් ඉදිරිපත් කරනු ලැබිණි. එම සංදේශය ප‍්‍රකාරව කැබිනට් අනුමැතිය හිමිවූයේ 2016.07.01 දින සිට වසරින් වසර දීර්ඝ කිරීමට යටත්ව 2020 වසර දක්වා ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ජාත්‍යන්තර තරග සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගැනීමේ හා පුහුණු කිරීමේ උපදේශක වශයෙන් ජයසිංහ මහත්මියව පත්කිරීමටයි. මේ වෙනුවෙන් රජයේ අමාත්‍යාංශයක උපදේශකවරයෙකු වෙත කාර්ය සාධනය පදනම් කරගෙන පිරිනැමෙන රුපියල් 60,000ක වැටුප් ගෙවීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිණි

    මීට අදාළ පත්වීම් ලිපිය ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2016.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි 2016.08.12 වන දින ඇය වෙත යවා ඇති අතර එහි 08 වන ඡේදය යටතේ “ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් විසින් ඔබ වෙත පවරනු ලබන රාජකාරී ඔබ විසින් ඉටුකළ යුතුය. සෑම මසකම පළමු සතියේදී මාසික ඉදිරි වැඩසටහන ලේකම් වෙත ඉදිරිපත් කර අනුමත කරගත යුතු අතර මාසය අවසානයේදී කළ වැඩසටහන පිළිබඳ වාර්තාවද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය”

    09 වන ඡේදය යටතේ “තවද සෑම වසරක් අවසානයේදීම එම වර්ෂය තුළ ඔබ විසින් ඉටුකරන ලද කාර්ය භාරය සම්බන්ධව වාර්තාවක් හා ඉදිරි වර්ෂයේදී සිදුකිරීමට අපේක්ෂිත කාර්යභාරය පිළිබඳ වාර්තාවක්ද ලේකම් වෙත ඉදිරිපත් කළ යුතුය” බවට සඳහන්ව ඇත.

    මෙම තනතුරෙහි පිහිටා සේවය කිරීමට කොළඹ 07, ටොරින්ටන් ක‍්‍රීඩා පිටියේ පිහිටි ක‍්‍රීඩා සංගම් සඳහා වෙන්කර ඇති ගොඩනැඟිල්ලේ 03 වැනි මහලෙහි 08 වන කාමරයද ඇයට වෙන්කර ලබාදුණි.

    සුසන්තිකා ජයසිංහ මෙන්ම දක්ෂ තවත් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බිහිකර ගැනීමේ අරමුණු පෙරදැරිව ගරු අමාත්‍යතුමන් විසින් මලල ක‍්‍රීඩා සම්මේලනයේ හිටපු සභාපති සුගත් තිලකරත්න මහතාව සහ ජයසිංහ මහත්මියව අමාත්‍යාංශයට කැඳවා ඒ වනවිට පැවැති මලල ක‍්‍රීඩා සංචිත 3හි පුහුණුකිරීම් හා උපදේශන සහාය ලබාදෙන ලෙස ඇයගෙන් ඉල්ලා සිටියේය. නමුත් මේ මොහොත වනතුරුත් ජයසිංහ මහත්මිය එම සේවය මෙරට මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත ලබාදී නොමැත.

    2016 ජූලි මස සිට 2017 මාර්තු දක්වා ඇය වෙත ක‍්‍රීඩා අමාත්‍යාංශය විසින් අඛණ්ඩව වැටුප් ගෙවීම සිදුකර ඇත. නමුත් උක්ත ඡේදවල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට සුසන්තිකා ජයසිංහ මහත්මිය දිගින් දිගටම අපොහොසත් වී ඇත. 2017 ජනවාරි මාර්තු කාලසීමාවේ ජයසිංහ මහත්මිය රෝගීව සිටි අතර සානුකම්පිතව සලකා එම කාලසීමාවට අදාළ වැටුප් ගෙවීමටද අප අමාත්‍යාංශය කටයුතු කර ඇත. එවන් තත්ත්වයක් තුළ පවා ඉහත දැක්වූ 08වන ඡේදයේ අවශ්‍යතා දිගින් දිගටම ඉටු නොකිරීම මත 2017 අප්‍රේල් මාසයේ සිට ඉදිරි ගෙවීම් සිදුකිරීම පිණිස අදාළ වාර්තාවන් මාසිකව ඉදිරිපත් කරන ලෙස 2017 අප්‍රේල් 26වන දින ජයසිංහ මහත්මිය වෙත ලිපියක් යවමින් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් දැනුවත් කර ඇත.

    රජයේ අමාත්‍යාංශයක් ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත අප ගෙවූ දීමනාවන් යනු මුළුමනින්ම මෙරට මහජනතාවගේ මුදල්ය. මහජන මුදල්වලට නිසි වටිනාකමක් ලැබෙන අයුරින් ජයසිංහ මහත්මිය වෙත ලබාදීම අප සතු වගකීමක් වන අතර, එම මුදලට ලබාදිය යුතු සේවාව මෙරට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය වෙත නිසිපරිදි ලබාදීම ජයසිංහ මහත්මිය සතු වගකීමකි. ඇය විසින් සිදුකරනු ලබන කාර්යභාරය පිළිබඳව තැකීමක් නොකර, අමාත්‍ය මණ්ඩල තීරණ ප‍්‍රකාරව කාර්ය සාධන වාර්තා ලබා නොගෙන මූල්‍ය දීමනාවන් ලබාදීමට අපට කිසිඳු නෛතික හෝ සදාචාර හිමිකමක් නොමැත.

    තමන් යම් ආර්ථික අපහසුතාවක පසුවේ නම් සුසන්තිකා ජයසිංහ මහත්මිය විසින් කළ යුතුව ඇත්තේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව, රජය විසින් ඇය වෙත ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ඉන් ගෞරවාන්විත වැටුපක්ද ලබමින් ක‍්‍රීඩාවටත් මවුබිමටත් ලබාදිය යුතු සේවය නොපැකිළිව ලබාදීමයි. ඒ වෙනුවෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයේ දොරටුව තවදුරටත් විවෘතව පවතී. ඇය වැනි තවත් අතිදක්ෂ ක‍්‍රීඩා තරුවක් හෙට දිනයේ අප මවුබිමෙහි බිහිකර ගැන්මට, ක‍්‍රීඩා අමාත්‍යාංශය හා එක්ව තම මෙහෙවර ලබාදෙන මෙන් සුසන්තිකා ජයසිංහ මහත්මියගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටිමි.

    සෝමරත්න විදානපතිරණ
    වැඩබලන ලේකම්
    ක‍්‍රීඩා අමාත්‍යාංශය

    වෙනදේ හරියටම කියලා සනීපාරක්ෂක තුවා දිනා ගන්න - සැප දෙන්නම් ඕන තරම්.. උම්ම්මා - “වස්ති” වෙතින්ම පමණයි..!!

    By: Aththa Withthi On: 6/06/2017 06:20:00 PM
  • Let's Get Social


  • නව පරපුරේ නිශ්පාදන කණ්ඩායමක් වන “වස්ති” විසින් සිය නවතම වීඩියෝව මේ සතියේ සිකුරාදා දිනයේදී එළිදැක්වීමට නියමිතව තිබෙනවා.

    ඊට අදාළව පූර්ව ප්‍රචාරක නිවේදනයක් ඔවුන් සිය නිළ ෆේස්බුක් පිටුවේ සටහන්කර තිබුනේ මෙලෙසින්.

    ලෝකයේ ලොකුම ගුවන් යානයක් මත්තලට ගොඩබායි

    By: Aththa Withthi On: 6/06/2017 05:28:00 PM
  • Let's Get Social

  • සිංගප්පුරුව සිට අද උදෑසන මත්තල රාජපක්ෂ ගුවන්තොටුපලට යන් පැමිණ තිබෙනවා.

    ඉන්ධන ලබාගැනීම සහ කාර්ය මණ්ඩලය විවේකයක් ලබාගැනිම වෙනුවෙන් මත්තල ගුවන්තොටුපල වෙත යානය ගොඩබස්වා ඇති බවයි වාර්තාවන්නේ.

    Antonov 124 යනු ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා අතර විශාලතම ගුවන් යානයකින් එකකි.

    මට තියෙන එකම වස්තුව මගේ පදක්කම - ඒක වෙන්දේසි කරන දිනය තමයි මගේ ජයග්‍රාහී දිනය

    By: Aththa Withthi On: 6/06/2017 04:56:00 PM
  • Let's Get Social

  • ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ කියන්නේ මේ දිනවල වැඩිවශයෙන් කතාබහට ලක්වන චරිතයක්.

    ඒ ඇය සිය ඔලිම්පික් පදක්කම වෙන්දේසි කරන බව ප්‍රකාශ කිරීමත් සමගයි.

    අනුරාධපුරයේ පැවති උත්සවයකදී සුසන්තිකා ඒ ගැන අදහස් දක්වා තිබෙනවා.

    ” හිඟන්නෙක් වගේ මට ජීවත් වෙන්න බෑ. මම පෞද්ගලිකවම ක්‍රීඩා ඇමතිතුමාට කතාකරා. මට තියෙන එකම වස්තුව මගේ පදක්කම. ඒක වෙන්දේසි කරන දිනය තමයි මගේ ජයග්‍රාහී දිනය. මම ගත්තේ සාධාරණ තීරණයක්. මම විශේෂයෙන් කියන්න ඕන රන්ජන් රාමනායක ඇමතිතුමා ගැන. එතුමා මට කතාකලා. එතුමා මගේ සහෝදරය වගේ. මගේ නිවසට අනුග්‍රහය දෙන්න එතුමා කැමති වුණා. එතුමා මේ රටට හොද ආදර්ශයක්”

    යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

    ආනන්ද වෙඩිසිංහගේ අඩුව පුරවන්න කේන් තරඟ බිමට

    By: Aththa Withthi On: 6/06/2017 04:26:00 PM
  • Let's Get Social


  • ආනන්ද වෙඩිසිංහ ශ්‍රී ලංකාවේ මෝටර් ක්‍රොස් රජු වශයෙන් හැදින්වුවොත් නිවැරදියි.

    ආනන්දගේ පවුලේ තොරතුරු ගැන තරමක් කතා කරනවානම් ආනන්ද වෙඩිසිංහ ජපන් කාන්තාවක් සමඟ විවාහ වෙලා හිටියේ. එයාට පුතාල දෙන්නෙක් දූලා දෙන්නෙක් ඉන්නවා. ඔවුන් ඔක්කොම ජපානයේ පදිංචි.

    ඉතින් තාත්තගේ වියෝවෙන් පස්සේ ගොඩ දෙනෙක් කතා කල සංවේදී ප්‍රකාශයක් පුත් කේන් වෙඩිසිංහ කළා එනම් ” මගේ තාත්තා නැතිවෙලා ඉවරයි. මම තාත්තගේ නම ඉස්සරට ගෙනියනවා”’

    ඔහු ටික කාලයක් ලංකාවේ රේස් පැදලා තියෙනවා.ශුරතා දිනාගෙනත් තියෙනවා.

    බිරිඳ සහ දරුවා ඉදිරිපිට මහපාරේ වෙඩිතියන - මට්ටක්කුලිය පාතාල ගැටුමේ CCTV දර්ශණ (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

    By: Aththa Withthi On: 6/06/2017 11:49:00 AM
  • Let's Get Social


  • පසුගිය කාලය පුරා හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස “කුඩු රොෂාන්ගේ” සමීපතම ගෝලයකු වූ ගයාන් ජීවන්ත නොහොත් “ඉසුරු” නමැත්තා මට්ටක්කුලිය, ජුබිලි මාවතේදී ඊයේ (05දා) වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    ඔහු ත්‍රී රෝද රථයකින් සිය බිරිඳ හා දරුවා සමඟින් ගමන් කරන අතර නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මේ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබූ බවයි පොලිසිය පවසන්නේ.

    ඔවුන් ටී 56 වර්ගයේ ගිනි අවියක් ආධාරයෙන් වෙඩි ප්‍රහාරය එල්ල කොට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය අසල තිබූ CCTV කැමරාවකට සටහන් තිබෙනවා.

    වෙඩි ප්‍රහාරයට ලක්වූ “ඉසුරු” නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති අතර වෙඩි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි ඔහුගේ බිරිය සහ දරුවාට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවද පොලිසිය සඳහන් කරයි.

    මේ වෙඩි ප්‍රහාරය ඝාතනයට ලක්වූ පාතාල නායක “චූටි උක්කුං”ගේ කලිලියක් විසින් සිදුකර ඇති බවටද පොලිසියට තොරුතුරු ලැබී තිබේ.

    “චූටි උක්කුං” ඇතුළු පස්දෙනකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී “කුඩු රොෂාන්” නමැත්තාගේ කල්ලිය විසින් වෙඩි තබා ඝාතනය කළ අතර කුඩු රොෂාන් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

    මේ සිද්ධිය වූ අවස්ථාවේ CCTV වීඩියෝවයි. (සංවේදී අය නැරඹීමෙන් වළකින්න)

    කට නිසා රහල්ට වෙච්ච දෙයක් - පේජ් කරන කොල්ලෝ තමයි පන්න පන්න පහර ගැහුවේ - ඔවුන්ට ගරු කරනවා

    By: Aththa Withthi On: 6/06/2017 11:26:00 AM
  • Let's Get Social

  • එක්තරා රූපවාහිනි වැඩසටහනක් ඉදිරිපත් කරපු රහල් වැඩසටහනට ඇමතුමක් ලබා දීපු තරුණියකට දුන්න පිළිතුර කාගෙත් විවේචනයට ලක් වෙලා. තමන් කළ දේ ගැනත්, මේ විවේචන ගැනත් රහල්ටත් කියන්න දෙයක් තිබුණා.

    මොකක්ද රහල් මේ කරගත්තේ?

    ඇත්තටම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් තමයි සිද්ධ වුණේ.

    වැඩසටහනේදී රහල්ගේ කටින් පිටවුණු වචන නොහිතා පිට කරපු වචන කියලා අත පිහිදා ගන්න බැහැ නේද?

    මම එහෙම කියලා අත පිහිදා ගන්නවා නෙවෙයි. ඇත්තටම මම නිවේදකයෙක් නෙවෙයි. මම ගායන ශිල්පියෙක්. මම මේ වගේ දේකට කලින් මුහුණ දීලා තිබ්බේ නැහැ. ඇත්තටම මගේ අත්දැකීම් අඩුකම ඒ සිද්ධ වුණු දෙයට බලපාන්න ඇති.

    ඒ කියන්නේ රහල් පිළිගන්නවද වුණේ වැරැද්දක් කියලා?

    ඔව්. මම වැරැද්දක් කළොත් සමාව ගන්නවා. මම මගේ ෆේස්බුක් එකෙනුත් සමාව ගත්තා වුණු දෙයට. මං ගැන දන්න අය මම කොහොම පුද්ගලයෙක්ද කියලා දන්නවා. මින් ඉදිරියට මගෙන් ඒ වගේ දෙයක් සිද්ධ නොවන තැනට මම කටයුතු කරනවා.

    මාළුවා නහින්නෙත් කට නිසා කිව්වලු. කොහොමින් කොහොම හරි රහල් වැඩ වරද්ද ගත්තෙත් කට නිසා නේද?

    කට නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේම මම ඒ වෙලාවේ හිටපු මානසිකත්වය වෙන්නත් පුළුවන්.

    ඒ වෙලාවේ හිටපු මානසිකත්වය කියලා කිව්වේ?

    මම සජීවී වැඩසටහන ඉදිරිපත් කරන්න එන්න කලින් නිදිමරලා හිටියේ. මේ ඉන්ටවිව් එක ගන්න මොහොතෙත් මම ගංවතුරෙන් පීඩාවට පත් වෙච්ච අයට උදවු කරන්න යන ගමන් ඉන්නේ. ඉතින් එදා මගේ අතින් නොවිය යුතු දෙයක් සිද්ධ වුණා. පළපුරුදු නිවේදකයෙක් නම් ඒ අවස්ථාවේදී ලස්සනට වචන ගළපන්න තිබ්බා. පළපුරුද්දක් නැති නිසා වැරැදි ප්‍රකාශයක් මගෙන් පිට වුණා.

    බැරි දේවල් කරන්න ගිහින් අනාගත්තා කියලා දැන් හිතෙනවද?

    මෙහෙමයි. මම මාස හතක් ඒ වැඩසටහන ඉදිරිපත් කළා. සජීවී වැඩසටහනක් ඉදිරිපත් කරන්න ලැබුණු අභියෝගය මම ඉටු කළා. මම හැමෝම එක්ක මිත්‍රශීලීව තමයි ඒ වැඩසටහන කළේ. ඒත් එදා ඒ ප්‍රේක්ෂිකාවකගෙන් ආව දුරකතන ඇමතුමට මම පිට කළ වචන වැරැදියි. හැබැයි ඒ හිතාමතා ප්ලෑන් කරලා ගත්ත දුරකතන ඇමතුමක්ද කියලත් හිතෙනවා. නමුත් වෙච්ච දේ වෙලා ඉවරයි.

    රහල් සැබෑ ජීවිතෙත් ඔය වගේ පුංචි දෙයටත් තරහා අරගන්න නාහෙට අහන්නේ නැති චරිතයක්ද?

    එක එක පුද්ගලයා වෙනස්නේ. අසාධාරණයන් වෙද්දී මම ටිකක් හැඟීම්බරයි. ඒ වගේම මම සංවේදී. තරහා යන ගොඩක් අය සංවේදී. කොහොම වුණත් මේ වුණා වගේ වැරැද්දක් ඉදිරියේදී සිද්ධ නොවෙන්න මම වගබලා ගන්නවා. මම පොළාවේ පය ගහලා ජීවත් වෙන චරිතයක්. වැරැද්දක් වුණා නම් ඒක හදා ගන්නත් ඉඩ ලැබෙන්න ඕන.

    කට වරද්දගත්ත නිසා දැන් රහල්ට විවේචන ගොඩකට මුහුණ දෙන්නත් වෙලා නේද?

    ඔව්. එල්ල වුණු හැම විවේචනයක්ම මම තනියෙන් විඳදරා ගත්තා. මව්බිමෙන් කතා කරලා මේ වෙච්ච දේ අහද්දි තමයි මට කඳුළු ආවේ. මට දුකයි මේ වෙච්ච දේ ගැන. හැබැයි මම මේ සිද්ධ වුණු දේවල් ජීවිතයට හොඳ පාඩමක් කර ගන්නවා.

    රහල්ගේ පැත්තට කතා කරන්න හිත මිත්‍රයන්වත් හිටියේ නැද්ද?

    මං වෙනුවෙන් කතා කරපු පිරිසක් හිටියා. ඒ අය මං වෙනුවෙන් අදහස් ප්‍රකාශ කළා. හැබැයි ඒ අයටත් සමහරු අසභ්‍ය වචනයෙන් කතා කරන්න ගත්තා. ඊට පස්සේ මම ඒ මිත්‍රයන්ට කිව්වා මං වෙනුවෙන් පෝස්ට් එකක්වත් දාන්න එපා කියලා.

    මේ වෙච්ච සිද්ධියෙදි මාධ්‍ය ආයතනයෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද රහල්ට ලැබුණේ?

    මේ වෙනකල් මාධ්‍ය අයතනයෙන් මුකුත් කිව්වේ නැහැ.

    රහල් ඉදිරියේදී නිවේදන කටයුත්තෙන් ඉවත් වෙයිද?

    මම හිතාගෙන ඉන්නවා ඊළඟ වැඩසටහන ඉදිරිපත් කරන්න. ඒ වැඩසටහනේදී මම ආයෙත්, වුණු වැරැද්දට සමාව ගන්නවා. ඊට පස්සේ වැඩසටහනෙන් ඉවත් වෙන්න හිතාගෙන ඉන්නේ. මනස හදාගන්න ටික කාලයක් නිදහසේ ඉන්න ඕන.

    රහල්ට ඔය වැටුණු තැනින් ගොඩ එන්න පහසු වෙයිද?

    මම ගායන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් වෙනවා. මම අමාරුවෙන් මේ තැනට ආවේ. නමුත් මම වැටුණා. මාව වැට්ටුවා. මුළු සමාජයම මාව පෑගුවා. ඒ ගැන කිසිම තරහක් නෑ. ඉස්සරහට හොඳ වැඩ කරගෙන ජීවත් වෙනවා. අමාරුවෙන් හරි ආයෙත් නැඟිටිනවා.

    ඉදිරියේදී කරන කියන දේවල් ගැනත් මීට වඩා සැලකිලිමත් වුණොත් හොඳයි නේද?

    අනිවාර්යයෙන්ම. මම ඒ දේවල් හදාගන්නවා. එදා වුණු දේ ආයෙත් වෙන එකක් නැහැ. මම මේ වෙලාවේ දෙයක් කියන්න ඕන.

    ඒ මොකක්ද?

    සමාජ මාධ්‍යවල පේජ් කරන ඇඩ්මින්වරු ගැන දෙයක් කියන්න ඕන. ඒ අය ගොඩක් දක්ෂයි. ඔවුන්ට මේ රට ඉදිරියට ගෙනියන්න ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන්.

    රහල්ට පන්න පන්න ගැහුව පේජ් ඇඩ්මින්වරුන්ගේ ඔළුව අතගාන්නද ඔය ලෑස්ති වෙන්නේ?

    නෑ. නෑ. ඒ පේජ් කරන කොල්ලෝ තමයි මට පන්න පන්න පහර ගැහුවේ. ඒත් එයාලා කළ දේ හරි. පොඩි වයසක කොල්ලෝ වුණාට ඔවුන්ගේ අදහස් ගැඹුරුයි. මට ගැහුවට මම ඔවුන්ට ගරු කරනවා.

    ලැබුණු පබ්ලිසිට්යත් අරගෙන රහල් ගීත එකපිට එක ජනප්‍රිය කරගන්නත් උත්සාහ ගනියිද?

    ඉදිරියට මගේ හොඳ ගීත කිහිපයක් එන්න තිබ්බා. මම මල් ගායකයෙක්, ඵථඵ වලින් ආපු ගායකයෙක් කියලා ගොඩක් අය කිව්වා. ඒත් මම අහිංසක ගමනක් ආවේ. මේ වෙලාවේ ගීත එළියට ගේන්න උචිත නෑ. මට නිහඬව ටික කාලයක් ඉන්න ඕන.

    තිළිණි කෞශල්‍යා විජේසිංහ (MB WEB)

    බ්‍රිතාන්‍ය මුහුණ දුන් ත්‍රස්ත ප්‍රහාරවල ඉතිහාසය

    By: Aththa Withthi On: 6/06/2017 06:10:00 AM
  • Let's Get Social


  • සෙනසුරාදා (ජුනි 04) ලන්ඩනයට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් හත් දෙනෙකු මරණයට පත් විය.

    බරෝ මාකට් ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වෙත පිහි ප්‍රහාර එල්ල කිරීමට පෙර ප්‍රහාරකයන් තමන් පැමිණි වෑන් රථය ලන්ඩන් බ්‍රිජ් පාලමේ ගමන් ගත් පදිකයන් වෙත ධාවනය කර තිබිණි.

    මිනිත්තු කිහිපයකට පසු ප්‍රහාරකයන් පොලිස් වෙඩි පහරින් මරණයට පත් විය.

    පසුගිය දශක කිහිපය තුළ මහා බ්‍රිතාන්‍ය ත්‍රස්ත ප්‍රහාර ගණනාවකට මුහුණ දී තිබේ.
    එලෙස බ්‍රිතාන්‍යයට එල්ල වූ ප්‍රහාර සහ ප්‍රහාර එල්ල කිරීමට ගත් උත්සාහයන් පහත දැක්වේ.

    2017: මැයි 22

    මැන්චෙස්ටර් නගරයේ පැවති ඇමෙරිකානු ගායිකා අරියානා ග්‍රෑන්ඩ්ගේ සංගීත ප්‍රසංගයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 22 දෙනෙකු මරණයට පත් වූ අතර තවත් 59 දෙනෙක් තුවාල ලැබූහ.

    ප්‍රසංගයට සහභාගී වූ ළමුන් සහ තරුණ තරුණියන් ඉලක්ක කර ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබුණේ ලිබියානු සම්භවයකින් පැවත එන මැන්චෙස්ටර් නගරයේ උපත ලද විසි දෙහැවිරිදි සල්මන් අබේඩි නමැති පුද්ගලයෙකු විසිනි.

    2017: මාර්තු 22

    ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව ආසන්නයේ දී එල්ල කෙරුණු ප්‍රහාරයකින් ප්‍රහාරකයා ඇතුළු හය දෙනෙකු මරණයට පත් වී තවත් පනස් දෙනෙක් තුවාල ලැබූහ.

    ඛලීඩ් මසුඩ් නමැති පුද්ගලයා විසින් කුලියට ලබා ගත් මෝටර් රථයක් වෙස්ට්මිනිස්ටර් පාලම මත ගමන් ගනිමින් සිටි පදිකයන් වෙත පදවා තිබිණි.

    ඉන් අනතුරුව පාර්ලිමේන්තුව දෙසට දිව ගිය ඔහු පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්වීමට පෙර එහි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුට මරු කැඳවමින් පිහි ප්‍රහාරයක් එල්ල කළ කර තිබිණි.

    2016: ජුනි 16

    තෝමස් මයර් නමැති පුද්ගලයෙකු විසින් බ්‍රිස්ටල් නගරයේ දී ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ ජෝ කොක්ස්ට වෙඩි තබා පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබීය.

    අන්තවාදී අදහස් පළ කෙරෙන වෙබ් අඩවිවලට පිවිසෙන්නෙකු සහ අන්ත දක්ෂිණාංශික පොත් පත් පරිහරණය කරන්නෙකු වූ ඔහු ඝාතනය සිදු කරන අවස්ථාවේ "පළමුව බ්‍රිතාන්‍"" යනුවෙන් හඬ ගා තිබිණි.

    ඝාතනය සිදු කිරීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

    2015: දෙසැම්බර් 05

    නැගෙනහිර ලන්ඩනයේ ලේටන්ස්ටෝන් දුම්රියේ දී උමං දුම්රිය මගීන්ට පුද්ගලයෙකු විසින් පිහි ප්‍රහාර එල්ල කරනු ලැබීය.

    මුහිදීන් මයර් නමැති එම පුද්ගලයා "මේ මගේ සිරියානු සහෝදරයන් වෙනුවෙන්. මම උඹලගේ ලේ හොලවන්න යන්නේ" යනුවෙන් ඔහු යටත් කර ගනු ලැබීමට පෙර හඬ ගා තිබිණි. මානසික රෝගවලින් පෙළෙන්නෙකුව සිටි ඔහු ජීවිතාන්තය දක්වා සිර ගත කෙරිණි.

    2013: මැයි 22

    ඉස්ලාමීය අන්තවාදීන් දෙදෙනෙකු විසින් බ්‍රිතාන්‍ය හමුදා සෙබළෙකු වූ ලී රිග්බි ලන්ඩනයේ වූල්විච් නගරයේ දී පිහියෙන් ඇණ ඝාතනය කරනු ලැබීය.

    මයිකල් අඩෙබොලාජෝට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණු අතර මයිකල් අඩෙබොවාලේට වසර 45 ක සිර දඬුවමක් නියම කෙරිණි.

    2008: මැයි 22

    එක්සෙටර් හි අවන්හලක් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක විය. අවන්හලේ වැසිකිළිය තුළ පුපුරා ගිය බෝම්බයෙන් ඉස්ලාම් දහම වැළඳගත් නිකී රේලි නමැති පුද්ගලයා පමණක් තුවාල ලැබීය. 2016 වසරේ දී ඔහු මැන්චෙස්ටර් බන්ධනාගාරයේ දී මරණයට පත් විය.

    2007: ජුනි 30

    මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහ කරමින් ග්ලාස්ගව් ගුවන් තොටුපලේ ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල දෙසට ජීප් රථයක් ධාවනය කරනු ලැබීය. පස් දෙනෙකු තුවාල ලැබූ අතර රථය ගැටීමේ දී සිදු වූ බරපතළ පිළිස්සුම් තුවාල හේතුවෙන් අපරාධකරුවන් අතර සිටි කෆීල් අහමඩ් නැමැත්තා මසකට පසු මරණයට පත් විය.

    ඔහු සමග සිටි සෙසු පුද්ගලයා වන ඉරාකයේ උපත ලද වෛද්‍යවරයෙකු වූ බිලාල් අබ්දුල්ලාට වසර 32 ක සිර දඬුවමක් නියම විය.

    2007: ජුනි 29

    ලන්ඩනයේ වෙස්ට් එන්ඩ් ප්‍රදේශයේ දී කාර් බෝම්බ දෙකක් සොයා ගැනිණි.

    2005: ජුලි 21

    එම වසරේ ජුලි 07 වෙනිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් සති දෙකකට පසු පොදු මගී සේවය ඉලක්ක කර බෝම්බ ප්‍රහාර හතරක් එල්ල කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වූයේ එම බෝම්බ පුපුරා නොයාම හේතුවෙනි. 2007 ජුලි මාසයේදී ඊට වරදකරුවන් වූ පුද්ගලයන් සිව් දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.

    2005: ජුලි 07

    උදෑසන කාර්යබහුල වෙලාවේ දී ලන්ඩන් පොදු මගී සේවය ඉලක්ක කර සැලසුම් සහගත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. උමං දුම්රිය තුනක බෝම්බ තුනක් පුපුරා ගිය අතර තට්ටු බස් රථයක් සිව් වෙනි බෝම්බයේ ඉලක්කය විය. එම ප්‍රහාරවලට හසුව 52 දෙනෙකු මිය ගිය අතර හත්සිය දෙනෙක් තුවාල ලැබූහ.

    2001: අගෝස්තු 03

    ලන්ඩනයේ ඊලින් බ්‍රෝඩ්වේ ප්‍රදේශයේ දී Real IRA සංවිධානය විසින් මෝටර් රථයක අටවන ලද බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයන් හත් දෙනෙක් තුවාල ලැබූහ.

    2001: මාර්තු 04

    Real IRA සංවිධානය විසින් බටහිර ලන්ඩනයේ බීබීසී රූපවාහිනී මධ්‍යස්ථානයෙන් පිටතදී කාර් බෝම්බයක් පුපුරවා හරිනු ලැබීය. පිපිරීම සිදු වීමට කෙටි කාලයකට පෙර පොලිසියට ඒ පිළිබඳ අනතුරු ඇඟවීමේ පණිවුඩයක් ලැබී තිබිණි. එන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.

    1999: අප්‍රේල් 17-30

    ඩේවිඩ් කෝප්ලන්ඩ් විසින් දින දහතුනක් පුරා බෝම්බ ප්‍රහාර ගණනාවක් දියත් කරනු ලැබීය. ඉන් ලන්ඩනයේ තිදෙනෙකු මරණයට පත් වූ අතර 139 දෙනෙක් තුවාල ලැබූහ. කළු ජාතිකයන්, බංග්ලාදේශ ජාතිකයන් සහ සමලිංගික ප්‍රජාව වෛරී චේතනාවෙන් සිදු කළ එම ප්‍රහාරවල ඉලක්ක විය.

    1996: ජුනි 15

    පුපුරන ද්‍රව්‍ය කිලෝ 1,500 ක සහිත ලොරි රථයක් මැන්චෙස්ටර් නගර මධ්‍යයේ පුපුරා ගියේය. IRA සංවිධානය විසින් බ්‍රිතාන්‍ය තුළ පුපුරවා හරිනු ලැබූ විශාලතම බෝම්බය එයයි. සැතපුම් භාගයක වපසරියක පිහිටි ගොඩනැගිලිවලට ඉන් හානි විය. කිසිවෙකුත් මරණයට පත් නොවූ අතර 212 දෙනෙක් තුවාල ලැබූහ. (බීබීසී)

    සැක මතු වූ ලක් සතොසෙහි සහල් ගැන පරීක්ෂණ ඇරඹේ

    By: Aththa Withthi On: 6/06/2017 05:55:00 AM
  • Let's Get Social

  • ලංකා සතොස වෙළඳසැල්වල විකිණීමට තිබූ සහල් වර්ගය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ආරම්භ කළ බව කාර්මික තාක්ෂණ ආයතනය පවසනවා.

    ලංකා සතොස වෙළඳසැල්වල මේ දිනවල විකිණීමට ඇති සහල් වර්ගයක් සම්බන්ධයෙන් ජනතාව අතර දැඩි සැකයක් මතුව ඇති බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප ඊයේ අනාවරණ කළා.

    පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම බාස්මති සහල් වර්ගය ලංකා සතොස වෙළඳසැල්වල විකිණීමට තිබුණේ කිලෝග්‍රෑමයක් රුපියල් 140ක මුදලකටයි.

    කෙසේ වෙතත්, අදාල සහල් වර්ගය පිසීමෙන් පසු අසාමාන්‍ය ලෙස ඇලෙන සුඵ ස්වභාවයකින් යුක්ත බවට පාරිභෝගිකයන් චෝදනා කළා.

    ඒ අනුව අදාල සහල් වර්ගය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය සාමාන්‍ය ක්‍රමවේදයෙන් බැහැරව විශේෂ පරික්ෂණයක් සිදුකරන බවයි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද පන්නිල සඳහන් කළේ. (hirunews)

    “මාලිංග තවම පරණ මාලිංගම තමයි…”- ඩුප්ලේසි

    By: Aththa Withthi On: 6/06/2017 05:40:00 AM
  • Let's Get Social

  • ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ පැවති තරඟයේ දී ලසිත් මාලිංග කලකට පසුව ක්‍රිකට් පිටියට පිවිසෙමින් හොඳ පාලනයකින් පන්දු යවන ආකාරය දැකගත හැකි වුවත් ඔහුට කිසිම කඩුල්ලක් ලබා නොදීමට දකුණු අප්‍රිකා පිතිකරුවන් වග බලා ගත්තේය,

    තරඟයෙන් අනතුරුව දකුණු අප්‍රිකා පිතිකරුවෙකු වූ ෆැෆ් ඩු ප්ලේසි ප්‍රකාහ කර තිබුනේ මාලිංග කලකට පසුව පිටියට පැමිණියද ඔහුගේ පන්දුව පාලනය කිරීමේ හැකියාව අදහා ගත නොහැකි බවයි.

    “මාලිංගට තවම පරණ හැකියාවම තියනවා,ඒක වෙනස් වෙලා නෑ.කලින්ට වඩා පන්දුවේ වේගය අඩු වෙලා තියන එක පිතිකරුවන්ට පොඩි සහනයක්,ඔහු වේගය අඩු කරන පන්දුව අදුන ගන්න එක ලේසි වැඩක් නෙවෙයි.ඔහුගේ හෙමින් දාන පන්දුවයි වේගය වැඩි පන්දුවයි අතර තියන වේගයේ පරතරය වැඩි වෙන්න වෙන්න පිතිකරුවන්ට ලේසි නෑ.අනිත් එක ඔහුගේ තියන පන්දුව පාලනය කිරීමේ හැකියාව විශිෂ්ටයි.කොහොම හරි පහුගිය තරඟයේදී මාලිංගට එක කඩුල්ලක් වත් නොදී ඉන්න අපි සමත් වුන එක ලොකු ජයග්‍රහණයක්.’ (cricketlanka)

    පුංචි කාර් සමඟ යක්ෂ මිසයිල

    By: Aththa Withthi On: 6/06/2017 05:25:00 AM
  • Let's Get Social

  • ලෝකයේ පුංචිම වාහනය මෙන්ම භයානකම ආයුධය ගැනද පසුගිය සතියේ වාර්තා විණි. පුංචිම කාර් රථය ට්‍රයිඩන්ට් මයික්‍රෝ කාර් ලෙස නම්කර ඇති අතර යාන්තම් අඩි 3ක් පළල වූවකි. අඩි හයක් උසැති මෙය ඕනෑම කුඩා ඉඩක නැවතිය හැකි අතර රථයට දොරවල් නැත. පිටතට යා යුත්තේ වහල එසැවීමෙනි. ආසන දෙකක් සහිත මෙහි උපරිම වේගය පැයට සැතපුම් 38කි. මිල බ්‍රිතාන්‍ය පවුම් 80,000කි. 



    ලෝකයේ මෙතෙක් බිහිවූ දරුණුතම විනාශ කළ නොහැකි ආයුධය නිපදවා ඇත්තේ රුසියාවයි. එය අතිධ්වනි මිසයිලයකි. ලෝකයේ මෙතෙක් බිහිව ඇති ප්‍රතිමිසයිල කිසිවකටත් වඩා වේගවත් වූවකි. Zircon නමැති මෙම කෘෘස් මිසයිලය පැයට හැතැප්ම 4600ක් තරම්වූ ශබ්දය පරදවන වේගයකින් ගමන් ගන්නකි. එය ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයකි.

    2018 දී භාවිතයට ගැනීමට තීන්දු කර ඇති මේ මිසයිලය තමන් සතු වීමත් සමඟ රුසියාව ලෝකයේ ප්‍රබලතම රාජ්‍යය බවට පත්වීමට නියමිතය. 


    (deshaya)

    'ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්'

    By: Aththa Withthi On: 6/06/2017 05:10:00 AM
  • Let's Get Social


  • නිනෝ ලයිව් ගැන මට තියෙන්නෙ ඉමෝෂනල් කියවීමක්. ඒක ෆිල්ම් එකකට වඩා ලංකාවෙ එක පරම්පරාවක කතාවක්. ඒ අතින් කල්ට් මාස්ටර්පීස් එකක්. නිනෝ ලයිව් ස්ක‍්‍රීන් එකේ දැක්ක ගමන් මට ආපු ඇඟ කිළිපොලා යන හිතුවිල්ල, උද්දාමය වුනේ ලංකාවෙ මීට අවුරුදු දහයකට විතර කලින් පටන් ගත්ත සිනමා නව රැල්ලෙ ප‍්‍රතිඵල තිරය උඩට මුදාහැරීම ඇරඹුනා කියන එකයි.

    යථාර්තවාදය එක්ක එක දිගට හතිවැටෙන කල් පොරබැදපු, ජීවිතේ දුක්ඛ සත්‍යය පසක් කළ ආධ්‍යාත්මයකින් හෙබි, ගමේ සෞන්දර්යයෙන් සහ කර්කශත්වයෙන් මෝහනය වුණු එක සිනමා ධාරාවක අවසානය නිනෝ ලයිව් සටහන් කරනවා. ඇත්තටම මේ සිනමාව පටන් ගත්තෙ මීට දශකයකට විතර කලින්. ඒත් ඒ පරම්පරාවෙ සිනමාකරුවන් නොදැනුවත්වම වුනත් හරි කාලය එනකල් ඒ චිත‍්‍රපටි පුස්කන්න නියමිතව තිබුනා. ඒ දශකය බාර වුනේ රජකතා බණකතා සිනමාවට.

    ඒක ගැන මට අප‍්‍රසාදයක් නෑ. ඇත්තටම ඒ දශකයේ සිනමාව විසින් ලංකාවෙ මහා සිනමාව වෙනස් කළා. ආන්ඩුවේ දේශපාලන මතවාදී බලයේ සපෝර්ට් එකෙන් වුනත් වෙනත් ජනප‍්‍රිය සිනමාවක් නිර්මාණය වුනා. මහින්දගේ දේශපාලන ව්‍යාපෘතියේ මාධ්‍යයක් වීම ඇරුනත් ඒකෙ ලංකාවෙ ඇත්ත ජනප‍්‍රිය සිනමාවක යම් ලක්ෂණ තිබුනා කියල මං හිතනවා.

    ඒත් ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට් එක්ක ගතවෙන අලූත් තාරුණ්‍යයට ලංකාවෙ සිනමාවක් හැදුනෙ නෑ. නගරය සම්පූර්ණයෙන්ම අයින් කරලයි තේමාවන් නිර්මාණය කළේ. අපිට කොහේ හරි වැරදුනා කියන එක තමයි හැමෝම බාරගන්න ලෑස්ති හැඟීම වුනේ. නගරයේ වුනත් මිනිස්සුන්ට තිබුනෙ පොඩි ඇපොලොජටිකල් හිතීමේ සහ වින්දනයේ රටාවක්. ඒ හින්දම කලාව බර වුනෙත් වමට. අලූත් පරම්පරාව සිංහල චිත‍්‍රපටි නොබලා ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගෙන පිටරට චිත‍්‍රපටි බැලූවා. සිනමා ශාලාවලට යන සංස්කෘතිය ටික ටික ඩීවීඩී සංස්කෘතියකට පෙරලූනා.

    මේ වෙනස්වීම් අතරෙ, රට නතර වෙලා තියෙද්දි ඇත්තටම වැඩකළේ ටීවී එකයි. දැවැන්ත රියැලිටි ටීවී වැඩසටහන් මාලාවක් ඇතුලෙ ලංකාවෙ පොප් එක වැඩකරන්න පටන් ගත්තා. සිනමාවෙන් ගිලිහිච්ච හීන නඩත්තු කරන්න ටීවී එක ඇපකැප වුනා. ඒක ලොකු ලාබ ලබන ව්‍යාපෘතියක් වුනා. හරියටම බැලූවොත් රියැලිටි ටීවී ආර්ට් එක හරියට දැනගෙන හිටියෙ සිරස විතරයි. ආන්ඩුවේ සහ යුද්දයේ ව්‍යාපෘතියෙන් හිරකරපු පොප් ආසාවලට සිරස තරු හීන හදලා දුන්නා.

    ඒ කාලෙ සිනමාවෙ ප‍්‍රවීනයො විසින් ප‍්‍රතික්‍ෂේප කරපු පොඩි ඩිජිටල් කැමරා අරගෙන තරුණ උන් වැඩකළා. ඒ වැඩ කලින් තිබුනු සිනමාවට වඩා වෙනස් සිනමාවක් යෝජනා කළා. වෙනස් තේමාවන්, වෙනස් මිනිස්සු, කොටින්ම වෙනස් සිනමා ආකෘතියක් ඒ චිත‍්‍රපටිවල හැදුනා. හරියටම බැලූවොත් මොලිවුඞ් නව රැල්ල (මලයාලම් සිනමාවෙ) හැදෙන්නත් කලින් ලංකාවෙ මේ නව රැල්ල නිර්මාණය වුනා. ඒත් අපේ ප‍්‍රවීනයන්ගෙ කුහකකම, පසුගාමීත්වය සහ රටේ අතීතකාමය ඇතුලෙ මේ චිත‍්‍රපටි ධාරාව හිරවුනා. දැන් අවුරුදු 10ට විතර පස්සෙ අපි මේ නරඹමින් ඉන්නෙ අපිට පුරෝගාමී වෙන්න තිබුණු සිනමා රැල්ලක මගහැරුනු ඒ මොහොත. අලූත් නිර්මාණකාරයො තමන්ගෙ වැඩකොටස කළා. ඒත් රට ලෑස්ති වෙලා තිබුනෙ නෑ,

    නිනෝ ලයිව් වලින් පටන් ගන්න මේ සිනමාවෙ කසකාරයා වුනේ බූඩි. ඒ නිම්නයක හුදකලාවත් එක්ක. ඒ ෆිල්ම් එකත් අවුරුදු නවයක් විතර පදම් වුනා. බූඩි ඊට පස්සෙ කරපු මාතා පවා කලින් රිලීස් වුනා. ඒකයි මං කියන්නෙ කාලය එනකල් අපිට ඉන්න වුනා කියල. නිනෝගෙන් පස්සෙ මේ විදිහෙ චිත‍්‍රපටි රැල්ලක්ම එන්න තියෙනවා. පරක්කු වෙලා හරි ඒ රැල්ල විසින් වෙනස් සිනමාවක් ස්ථාපිත කරනවා. ඒක අඳුරගන්න නිනෝ ලයිව් හොඳ විවරයක් හදනවා.

    නිනෝ ලයිව් පටන් ගන්නෙ ලංකාවෙ ජනප‍්‍රිය හීනය නතර වුන තැනින්. ඒ කියන්නෙ ටීවී එකෙන්. අවුරුදු දහයකට කලින් සිනමාවෙන් ගැලවිලා ටීවී එකට ගිය පොප් එක නැවත සිනමාවට ගේන්න නිනෝ ලයිව් ට‍්‍රයි කරනවා. ටීවී එක ඉස්සරහ ඉන්න අයව හෝල් එකට ගේන්න අභියෝගයක් ඒ ගොල්ලො බාරගන්නවා.

    ඒක ලව් ස්ටෝරි එකක්. හරියටම කිව්වොත් මෙතෙක් ලංකාවෙ බිහිවුණු කියුට්ම ලව්ස්ටෝරි එකක්. මීට කලින් මෝටර් බයිසිකල් වලත් මේ මොඩර්න් කියුට් ආදරය ටච් කරලා තිබුන. නිනෝ ලයිව් ඊට වඩා ලේයර්ඞ් අත්දැකීමක්.

    ෆිල්ම් එකට පාදක කරගන්නෙ පීටර් වොයර්ගෙ ටෲමන් ෂෝ කියන ෆිල්ම් එක. ලංකාවෙ ගොඩක් අය වෙන ෆිල්ම්වලින් බඩුගන්න බයයි. ගත්තත් හොරෙන් ගන්නවා මිසක් කෙලින් කියල, ඒ දේට ගරුත්වය දීලා ගන්න විදිහ දන්නෙ නෑ. ඒ වෙනුවට තිසර සහ පිරිස ටෲමන් ෂෝ එකට හොමාජ් එකක් විදිහටම තමන්ගෙ කතාව නිර්මාණය කරනවා. ඒක විතරක් නෙමෙයි, ෂොන් පියර් ෂූනෙ ගෙ ‘අමෙලි’ ෆිල්ම් එකේ ආභාෂයත් තදටම දැනෙනවා. විශේෂයෙන්ම නැරේෂන් එකත් එක්ක කතාව බිල්ඞ් අප් වෙන විදිහ. ඒත් ඉන්ටවල් එකට කලින් ටෲමන් ෂෝ එකේ කලාපය ඉවර වෙනවා. රියැලිටි ෂෝ එක ඉවරයි. ඊට පස්සෙ ඒක බලපු උන්ගෙ රියැලිටි එක.

    අපේ ටීවී බලන ඕඩියන්ස් එක ජීවත් වෙන්නෙ ටීවී එකෙන් නිර්මාණය කරලා දීපු යතාර්ථයකයි. දැන් ඉන්ටර්නෙට් ඇවිත් තත්වෙ ටිකක් වෙනස් වුනත් මාස් එක පරණ විදිහමයි. ඒ ගොල්ලො හිතන්නෙ, පතන්නෙ විතරක් නෙමෙයි කතා කරන්නෙ, ආදරේ කරන්නෙ වුනත් ටීවී එකෙන් කියල දීපු විදිහට. තිසරගේ කතාව වෙන්නෙ රියැලිටි ෂෝ අස්සෙ එක කට්ටියක් කෙළවා ගනිද්දි තව කට්ටියක් කෙළවාගන්න ආසාවෙන් පොරකන එකයි. ඇත්තටම ගත්තොත් නොදැන කෙලවා ගැනීම කියන එක දැනගෙන කෙලවා ගැනීමේ ආතල් එකක්, උන්මාදයක් බවට පෙරලෙන එකයි. ‘කෙලවා ගැනීම’ කියන්නෙමත් සාපේක්ෂ අදහසක් විතරයි. මොකක්වත්ම නැති ජීවිතේක කෙලවාගැනීම කියන්නෙත් ලොකු දෙයක් වෙන්න පුළුවන්.

    මේ අලූත් රැල්ලෙ චිත‍්‍රපටි එක්ක අලූත් නළුනිළියො සෙට් එකකුත් සමාජගත වෙනවා. දස්සා ඒකෙ ප‍්‍රමුඛයෙක්. ලංකාවෙ කියුට් පෙම්වතා කියන අලූත් ආකෘතිය හැදෙන්නෙ දස්සා අතින්. මෙච්චර කල් චන්ඩි පෙම්වතා, සීරියස් පෙම්වතා, රොමැන්ටික් පෙම්වතා හිටියට මේ හුරතලේට හදාගන්න ආස හිතෙන කියුට් කොල්ලා අපේ සිනමාවෙ හිටියෙ නෑ. දස්සා එක්ක සමනලී, යුරේනි, උමාලි, නිනෝ, ජගා, කළණ වගේ වෙනම විදිහක නළු නිළි පරම්පරාවක් මේ සිනමාව අයිති කරගන්නවා. පරණ තරු ක්ලැසික්වලට සීමා වෙනවා.

    නිනෝ කියන්නෙත් සුවිශේෂ සොයාගැනීමක්. උගේ ර`ගපෑමෙ මොකක්ද රියල් එකට එහා ගතියක් ස්වභාවිකවම තියෙනවා. ඒක වෙනම ස්ටයිල් එකක් සහ ලස්සනක් ගේනවා. මේ දේවල් අපි නිතර දකින ස්ටීරියෝටිපිකල් ර`ගපෑම් සහ ර`ගපාන්න ට‍්‍රයිකිරීම් ඉක්මවා යනවා. උන් ඇත්තටම නළුවො කියන එක අපිට දැනෙනවා.

    තුසිත ඉන්නෙ හරිම පුංචි කෑල්ලකට වුනත් උගේ සල්ලාල නැටුම මේ ලියන වෙලාවෙත් මතක් වෙන තරම් ප‍්‍රබලයි. හම්බුවෙන පොඩි චරිතෙ වුනත් පුළුවන් උපරිමෙන් කරන්න හැමෝම ට‍්‍රයි කරලා තියෙනවා. යාලූකම්, මනුස්සකම් සහ ෆිල්ම් ගැන තියෙන නොනිමෙන ඇම්ම කියන එක චිත‍්‍රපටිය පුරාම දැනෙනවා.

    තිසර අතින් නිර්මාණය වෙන කතාවට වඩා මං දකින්නෙ ඒ කතාවෙ සිද්දි නිර්මාණය වෙන ලස්සන. යුරේනි ඉඹින්න කලින් පැලට් එක ගලවන්න හදන තැන වගේ මේකට හොඳ උදාහරණ. පුංචි පුංචි ඞීටේල් වලින් ලස්සන කරලා ඒ විදිහෙ සිද්දි හරහා හරිම සැහැල්ලූවෙන් ගැඹුරු කතාවක් කියාගෙන යන එකයි තිසරගෙ ටැලන්ට් එක. මේ සම්මාන හෝ කලාත්මක සිනමාව නෙමෙයි. නිනෝ ලයිව් කියන්නෙ අපේ වාණිජ සිනමාවට හොඳ බෙන්ච් මාර්ක් එකක්.

    රියැලිටි තරුවක් විදිහට එලියට ආපු සංක දිනෙත්ට නිනෝ ලයිව් ලොකු ඇඞ් එකක්. ඒකෙ ටීවී තරුවක් විදිහටම සංක පෙනී ඉන්න අතරෙම ෆිල්ම් එකේ මියුසිකුත් කරනවා. නිනෝ ලයිව් කියන්නෙ මියුසිකල් ෆිල්ම් එකක්. වෙන විදිහකට කිව්වොත් ෆිල්ම් එක පුරාම තියෙන්නෙ මියුසික්. ඕනකරන රොමැන්ටික් මූඞ් එක හදන්න සහ දිගටම පවත්වාගෙන යන්න සංක එතන ලොකු වැඩකොටසක් කරනවා. ඇත්තටම සංක කියන්නෙ රියැලිටි ෂෝ වලින් හැදිච්ච ඇත්ත එකෙක්. ජනප‍්‍රිය සංගීතයේ නාඩිය ගැන ඌට හොඳ වැටහීමක් තියෙනවා. කලින් මියුසික් කරපු කලර් ෆිල්ම් එකේදී වගේම නිනෝ ලයිව් වලත් සංක මතක හිටින සංගීතයක් නරඹන්නාගෙ ඔලූවෙ ඉතුරු කරනවා.

    මියැදෙන්නට පෙර මොහොතක් වත්... ජීවත් වෙන්න.... වගේ තැන් හිරිඟඩු පිපෙන තරම් ආතල්.
    නිනෝ ලයිව් ෆිල්ම් එක ඇතුලෙ ඒ කාලෙ ෆිල්ම් කරන්න, ආර්ට් කරන්න ද`ගලපු හැම කෙනෙක්ම වගේ ඉන්නවා. පස්සෙ මද්දුම බන්ඩාරට බැනපු කසුන්- ශ‍්‍රීනාත් ඩබල ලිෆ්ට් එකක් ඇතුලෙ ඉන්න එක එහෙම ෆන් එකට කළත් මරු වැඩ. ෆිල්ම් කියන්නෙ අපේ ලයිෆ්මයි කියන එක දැනෙන තැන්. ඒ කාලෙම මායි උදයයි කරපු ‘ආදරේ අංශු මාත‍්‍රයක්’ ෆිල්ම් එකෙන් කෑල්ලකුත් තියටර් එකක් ඇතුලෙ ප්ලේ වෙනවා. මේ එකලස් කිරීම් හරි අපූරුයි. ඒවා අපේ රටට අලූත්.

    ෆිල්ම් එකේ අඩුපාඩු කොතෙකුත් තියෙනවා. ඒත් ඒ කිසි දෙයක් මට අදාල වෙන්නෙ නෑ. ඒ අඩුපාඩු ගැන හිතන්නවත් බැරි තරම් දුරට නිනෝ ලයිව් මාව ඉමෝෂනලි අරන් ගිය දුර හින්ද. කතාව ඉවර වෙන විදිහ එහෙම පට්ට. ඒ විදිහෙ අවසානයන්ට අපේ සිනමාවෙ කලින් උදාහරණ නෑ. කවුරු හරි අහස් ගව්ව, හංස විලක්, බඹරු ඇවිත් වගේ ෆිල්ම් ලංකාවෙ සිනමාවෙ මාර තැන් කියල මාර්ක් කරනවා නම් මං කියන්නෙ නිනෝ ලයිව් කියන්නෙත් ඒ වගේ මාර තැනක්.

    මේ ෆිල්ම් එක පෙන්නන්න අවුරුදු හතක් පුරා එක එක ප‍්‍රදර්ශකයො පස්සෙ ගියා. ඒත් මේකෙ තියෙන පොටෙන්ෂලිටි එක දකින්න ඒ කිසි ප‍්‍රදර්ශකයෙකුට පුළුවන් වුනේ නෑ. මේ අභියෝගය බාරගන්න කිසි කෙනෙක් හිටියෙ නෑ. ඒකෙ තේරුම වෙන්නෙම කර්මාන්තයක් විදිහට ඉස්සරහ ඊළ`ග ස්ටෙප් එක අඳුරගන්න තරමෙ ප‍්‍රදර්ශකයො අපේ සිනමාවෙ නෑ කියන එක.

    මේ අලූත් සිනමාව හිරවෙලා තියෙන මැෂින් වලින් එලියට අරන් තිරයක් උඩ පෙන්නන්න අවස්ථාවක් හදන එකට සුනිල් ටී ට විශේෂයෙන් ප‍්‍රශංසාව හිමිවෙන්න ඕන. ඇත්තටම ගත්තොත් සිනමාවෙ අනාගතය වෙනුවෙන් අවශ්‍යම වැඩකොටසක් මේ වෙද්දි මේ චිත‍්‍රපටි වෙළෙන්දා අතින් ඉටුවෙමින් තියෙනවා.



    - චින්තන ධර්මදාස (mirrorarts)

    05 June, 2017

    තනියම හිටියත් ඉන්නෙ සතුටින්

    By: Aththa Withthi On: 6/05/2017 11:41:00 PM
  • Let's Get Social

  • ”නිනෝ ලයිව් චිත‍්‍රපටය හරහා මේ දිනවල පේ‍්‍රක්ෂකයන්ට සමීපවන නිනෝ අරලිය අප කවුරුත් දන්නා දක්ෂ රංගන ශිල්පියෙකි. මෙම චිත‍්‍රපටය පසුගිය 26 වැනි දා සිට සිනමාහල්වල තිරගත වීම ඇරඹුණි. කාලෙකින් පෙනී සිටින මොහු මෙම චිත‍්‍රපටයේ හා ඔහුගේ සැබෑ ජීවිතයේ තතු පිළිබඳ පැවසීමට සඳැල්ල අප හා එක්වූයේ මෙලෙසිනි.

    නිනෝ ලයිව් චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ ?

    මේ චිත‍්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ රියැලිටි වැඩසටහනක් මුල්කරගෙන. රියැලිටි වැඩසටහන් අපේ රටට හඳුන්වලා දෙන්නේ මීට වසර 10 කට විතර කලින්. මේ චිත‍්‍රපටය කරලත් දැන් අවුරැුදු 8 ක් විතර වෙනවා. ලංකාවේ ටෙලිවිෂන් මාධ්‍යයන්ට රියැලිටි තරග හඳුන්වලා දුන්න කාලේ දීම තමයි මේ චිත‍්‍රපටයත් නිර්මාණය වෙන්නේ. වසර 8 කට පස්සේ මේ චිත‍්‍රපටය දැන් තිරගත වෙනවා. මේ කාලේ වෙනකොට හැම කෙනෙක්ම වගේ රියැලිටි වැඩසටහනක් කියන්නේ මොකක්ද කියන එක හොඳට දන්නවා. මීට වසර 8 කට විතර කලින් පෙන්නුවානම් පේ‍්‍රක්ෂකයන්ට මේ චිත‍්‍රපටය තේරැුම් ගන්න අපහසු වෙන්නත් ඉඩ තිබුණා. වර්තමානය වන විට පේ‍්‍රක්ෂකයන් රියැලිටි තරග නරඹලා ඒ පිළිබඳ කරැුණු කාරණා හොඳට දන්නවා. ඒ නිසා පේ‍්‍රක්ෂකයන්ට මේ චිත‍්‍රපටය ආදරයෙන් වැලඳගනියි කියලා මම හිතනවා.

    චිත්‍රපටය තිරගත වෙන්න මෙච්චර කාලයක් ගතවුණේ ඇයි ?

    හේතු මොනවද කියලනම් මම දන්නේ නැහැ. චිත‍්‍රපටය කළාට පස්සේ මේ චිත‍්‍රපටය ඉක්මනට පෙන්නන්න තමයි අපි උත්සාහ කළේ. නමුත් යම් යම් කරැණු නිසා මේ චිත‍්‍රපටය තිරගත වෙන්න ප‍්‍රමාද වුණා.

    මේ චිත‍්‍රපටය සඳහා ඔබේ නම යොදාගත්තේ ඇයි ?

    ප‍්‍රවර්ධන කටයුතු සඳහා ඒක ගොඩක් වැදගත් වෙනවා කියලා තමයි, මේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ තිසර ඉඹුලාන මට කිව්වේ. මගේ නම යොදාගන්නවට කැමතිද කියලා මගෙන් ඇහුවා. ඉතින් මම ඒකට කැමති වුණා.

    ”නිනෝ ලයිව් චිත‍්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද ?

    මහේන්ද්ර අයියගේ නාට්‍ය වැඩමුළුවල දී තමයි අපි මුලින්ම මුණගැහුණේ. ඒ කියන්නේ 2004 දී. මේ චිත‍්‍රපටය කළේ 2008 දී විතර. සෑහෙන කාලයක් අපි ආශ්රපය කරලා එකට ඉඳලා තමයි මේ චිත‍්‍රපටය කළේ.

    මේ චිත‍්‍රපටයේ ඔබේ චරිතය මොනවගේද ?

    මේ චිත‍්‍රපටයේ මගේ තාත්තා වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. මේකේ ඉන්න හැමෝම නළුවෝ. මම විතරයි රඟපාන්නේ නැත්තේ.

    සමස්තයක් වශයෙන් ගත්තම මේ චිත‍්‍රපටය ගැන මොකද හිතෙන්නේ ?

    2008 වසරේ දී මේ චිත‍්‍රපටය නිර්මාණය වුණත් අදටත් මේ චිත‍්‍රපටය වලංගුයි. මට නම් හිතෙන විදියට මෙතෙක් කාලයකට මේ වගේ චිත‍්‍රපටයක් නිර්මාණය වෙලා නැහැ.

    ඇයි කාලයක් පෙනෙන්න හිටියේ නැත්තේ ?

    මට තවම කරගන්න බැරිවුණු වැඩ කටයුතු ගොඩක් තියෙනවා. ඒ දේවල් කරගන්නත් තියෙනවා. සමහර වෙලාවට මෙහේ ඉඳන් ඒ දේවල් කරන්න බැරි අවස්ථා තියෙනවා. ඒ නිසා සමහර අවස්ථාවල මට විදේශ ගතවෙන්න වෙනවා. ඒ හින්දා තමයි කාලයක් නිහඩව හිටියේ.

    රංගනය ඔබේ වෘත්තියද ?

    මම මේ ක්ෂේත‍්‍රයට ආවේ අහම්බෙන් නෙවෙයි. මම මේ ක්ෂේත‍්‍රයට ආවේ මගේ කැමැත්තෙන්මයි. වෘත්තීය රංගන ශිල්පියෙක්ට අවශ්‍ය හැම දෙයක්ම අපේ රටේ නැති නිසා මගේ වෘත්තිය ලෙස රංගනය හඳුන්වන්න මම අකැමතියි. නමුත් මම කලාවට හුඟක් ආදරෙයි. මගේ වෘත්තිය වශයෙන් රංගනය හඳුන්වන්න මම කැමති නැහැ.

    වස්සානේ හීනේ ගීතයේ ඔබේ රංගනයට ලැබෙන ප‍්‍රතිචාර කොහොමද ?

    ඒ ගීතය නරඹපු හැමෝගෙන්ම වගේ මට ඉතාමත් හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

    ටෙලිනාට්‍යවල රඟපානවට වඩා චිත‍්‍රපටවල රඟපෑමටද කැමති ?

    ටෙලිනාට්‍යයක වුණත්, චිත‍්‍රපටයක වුණත්, විෂුවල් එකක වුණත්, වෙළඳ දැන්වීමක වුණත් මට ලැබෙන ඕනෑම චරිතයකට මම මගේ උපරිම දායකත්වය ලබා දෙනවා. මගේ චරිතය කුමක්ද කියන එක හොඳින් වටහාගෙන මම ඒ සඳහා දායකත්වය ලබා දෙනවා. ටෙලිනාට්‍ය වලට ද චිත‍්‍රපටයට ද වැඩියෙන් කැමති කියලා මම කියන්නේ නැහැ.

    නිනෝ කියන්නේ ඉඳහිට දකින්න ලැබෙන රංගන ශිල්පියෙක් නේද ?

    මම කවදාවත් මේ ක්ෂේත‍්‍රයෙන් ඈත් වෙන්නේ නැහැ. මේ ක්ෂේත‍්‍රයට මම ආදරේ නිසා මට ලැබෙන චරිතත් එක්ක මම හැමදාම මේ ක්ෂේත‍්‍රය තුල රුඳිලා ඉන්නවා. හැබැයි නිතරම දකින්න නැහැ කියලා මම පිළිබඳ වෙනමම ප‍්‍රතිරූපයක් හදාගන්න ඕනේ නැහැ මට.

    කලාව ගැන කලකිරීමෙන්ද ඉන්නේ ?

    කිසිම කලකිරීමක් නැහැ. මම දන්න තරමින් අවුරැුදු ගාණක ඉඳන් මේ ක්ෂේත‍්‍රයේ ඉන්න ජ්‍යෙෂ්ඨ කලාකරැුවෝ ක්ෂේත‍්‍රය නගා සිටුවන්න ප‍්‍රයත්න දරපු අවස්ථා තිබුණා. හොඳ අධ්‍යක්ෂණයක් යටතේ හොඳ වැඩමුළුවක් කරගෙන ගියොත් හොඳ කලාකරැුවන් පිරිසක් අපේ රටට බිහිවෙයි කියලා මම හිතනවා.

    ක්ෂේත‍්‍රයේ ළඟින්ම ආශ‍්‍රය කරන්නේ කාවද ?

    මම නාට්‍ය පාඨමාලාව හදාරපු කාලේ හිටිය යාළුවන්ව මම ළඟින්ම ආශ්ර ය කරනවා. ඒ හැර හැමෝම එක්ක හොඳින් කතා කරලා, සුහදව ඉන්නවා.

    නිනෝ මේ දවස්වල එළවළු වගාවක් කරනව කියලත් ආරංචියි ?

    ඒක මම වැඩසටහනක් අතරතුර විහිළුවට කියපු දෙයක් විතරයි.

    මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා දැන් අවුරැුදු කීයක් වෙනවද ?

    දැනට අවුරැදු 13 ක් වෙනවා.

    මේ අවුරැදු 13 ක කාලය පිළිබඳ මොනවද හිතෙන්නේ ?

    මේ ක්ෂේත‍්‍රය තුල තනිවම ඉන්න අමාරැුයි. මම මේ ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරැුදු 13 ක් වුණාට තවම ලොකු දෙයක් මම මේ ක්ෂේත‍්‍රයට කරලා නැහැ. මේ ක්ෂේත‍්‍රයට ලොකු සේවයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

    රියැලිටි තරගයකට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද ?

    රියැලිටි වැඩසටහන් 3 කට මට ආරාධනා ලැබුණා. මම ඒ හැම රියැලිටි තරගයකටම සහභාගී වුණා.

    ඉදිරි කලා කටයුතු මොනවද ?

    දැනට නම් කිසිම නිර්මාණ කටයුත්තකට මට ආරාධනා ලැබිලැ නැහැ.

    දැන් පෙම්වතියක් එහෙම ඇති නේද ?

    මම තනිවම හිටියත් සතුටින් ඉන්නවා.

    හැමදාම තනියෙම ඉන්නද බලාපොරොත්තුව ?

    එහෙම නම් බලාපොරොත්තුවක් නැහැ. මේ දවස්වල නම් තනියෙන් ඉන්නවා.

    සඳුනි ඉමල්කා (saaravita)

    තරංගට පැනවූ දඬුවම සාධාරණද..? මෙන්න තරංග කියන කතාව

    By: Aththa Withthi On: 6/05/2017 10:50:00 PM
  • Let's Get Social

  • දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලිය යටතේ පැවති පළමු තරඟය අවසන් වුවද එම තරඟයේ ශ්‍රී ලංකාවට හිමි වුයේ පරාජයක් පමණක් නොවේ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පිතිකරුවා මෙන්ම මෑත කාලයේ හොදින් ලකුණු අතර සිටින උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක තහනමක් පැනවීමට තීරණය වීම නිසා දැඩි අවාසියක් සිදුවිය.

    තරංග දකුණු අප්‍රිකාව සමඟ තරඟය නායකයා ලෙස කටයුතු කල අතර අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ නීති රීති අනුව එක්දින ඉනිමක් නිමා කිරීමට ලැබී තිබෙන සම්මත කාලය වන්නේ විනාඩි 210කි.නමුත් දකුණු අප්‍රිකා ඉනිම නිමා වුයේ පැය 4කුත් විනාඩි 07 ගතවූ පසුවය. එනම් විනාඩි 247 ක කාලයක් තරංග තම පන්දු යවන්නන් දකුණු අප්‍රිකා පිතිකරුවන් පාලනයට යොදාගෙන තිබුණි.

    තරංගට මෙම දඬුවම පැනවීමෙන් පසුව ඇතැම් මත පළකර තිබුනේ මෙය ICC ය ඉන්දියාවට වාසි සහගත ලෙස ගත් තීරණයක් ලෙසිනි.

    නමුත් තරංගට පැනවූ දඬුවම ගැන අදහස් දක්වා තිබුනේ තමන්ගේ වරද ගැන විනිසුරුවන් විසින් දැනුවත් කිරීම් කලද තමන්ට එය නිවැරදි කර ගැනීමට නොහැකි වූ බවයි.

    “අපි පන්දු යවද්දී ඊයේ පන්දුවාර දෙකක් අතරේ ගත්ත කාලය වැඩියි. මට මේ ගැන විනිසුරුවෝ පන්දු වාර 10ක් ඉවර වෙද්දී කිව්වා අපි ඉන්නේ පන්දුවාර දෙකක් පස්සෙන් කියල, ඒ වෙලාවේ අපි ඒ ගැන ඒ තරම් හිතුවේ නෑ. ඊට පස්සේ නැවතත් විනිසුරුවන් මට අවවාද කළා පන්දු වාර 40 අවසන් වුනාට පස්සේ.

    ඒ වෙලාවේ කිව්වේ අපි ඒ වෙලාව වෙද්දී යවන්න ඕන පන්දු වාර ප්‍රමාණයට වැඩිය පන්දුවාර 3ක් අඩුවෙන් ඉන්නේ කියල. හැබැයි ඒ වෙලාව වෙද්දී අපි වරද හදා ගන්න ප්‍රමාද වැඩියි. මොකද සාමාන්‍යයෙන් අන්තිම පන්දුවාර 10 දාන්න කොහොමත් වැඩි වෙලාවක් යනවා. එකත් එක්ක ඉනිමේ මුලදී වුන වරද නිවැරදි කර ගන්න අපිට බැරි වුනා.”

    මීළඟ තරඟ සදහා ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති අතර ඔහු සහභාගී නොවන්නේ නම් නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් නිවේදනය කර නැත. (cricketlanka)

    ගල් විහාරයේ පිළිමයකට සිවුරු පොරවලා! ලෝක උරුමයත් නැතිවෙයි!

    By: Aththa Withthi On: 6/05/2017 10:14:00 PM
  • Let's Get Social

  • ඓතිහාසික පොළොන්නරුව ගල්විහාර පුදබිමේ පිරිනිවන් මංචකයේ බුද්ධ ප්‍රතිමාවේ පුරාණ විද්‍යාත්මක වටිනාකමට හානි පමුණුවමින් එය විකෘති වනසේ පුරාවිද්‍යා නීති රීති උල්ලංඝනය කරමින් යළිත් වරක් මල් සහිත සිවුරක් වැනි ඇතිරිල්ලක් කිසියම් අයකුගේ බාරයක් ඔප්පු කිරීම පිණිස ඉකුත්දා (02දා) අතුරා ඇතැයි වාර්තා වනවා.

    ගල් විහාර පුද බිම ලෝක උරුම ස්ථානයක් බවට ප්‍රකාශයට පත්කර තිබියදී එහි පුරාවස්තුවලට හානි කිරීමක් හෝ එහි පවතින ස්වරූපය වෙනස් කිරීමක් හෝ විකෘති කිරීමක් සිදු කිරීම බරපතළ වැරැද්දක් වන අතර පුරාවිද්‍යා ආරක්ෂකයන්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආරක්ෂකයන් හා පුරාවිද්‍යා පොලිසිය බලා සිටිද්දී මේ ඇතිරිල්ල බුද්ධ ප්‍රතිමාවට පොරවා ඇති බවයි පැවසෙන්නේ.

    මීට මසකට පමණ ඉහත දී ද මෙවැනි ඇතිරිල්ලක් බුද්ධ ප්‍රතිමාවට පොරවා තිබියදී ඇමැතිවරයාගේ අවධානය යොමුවී එය ඉවත් කර තිබේ. මුදල් උපයාගැනීමේ අරමුණ ඇතිව මේ ස්ථානය බාරහාර ඔප්පු කරන තැනක් බවට පත් කිරීම බරපතළ තත්ත්වයක් බවත් මෙයින් ඓතිහාසික ගල් විහාර පුදබිම ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමටද ඉඩ ඇතැයි විද්වත්හු පවසති.

    දරුණු සැඩ පහරකට හසුවී මඩ ගෙඩක් සමඟ ගසාගෙන යන කාන්තාවකගේ වීඩියෝවක්

    By: Aththa Withthi On: 6/05/2017 09:56:00 PM
  • Let's Get Social

  • පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ ජනතාව දරුණු ගංවතුරකින් පීඩාවිඳි අතර මේ වනවිට 200කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. පේරු රාජ්‍යයටද පසුගියදා එවැනිම හදිසි ගංවතුර තත්වයකට මුහුණදීමට සිදුවිය.

    හදිසියේ ගලා ආ මඩ මිශ්‍ර ජලකඳට හසුවූ කාන්තාවක් සහ හරක් පට්ටියක් ඉතා දරුණු ඉරණමකට මුහුන දුන් නමුත් එම කාන්තාවගේ වාසනාවට ඇයට දිවි ගලවා ගැනීමට හැකි වුනා.

    එම සිදුවීම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් වාර්තා කල ආකාරය පහතින් දැක්වේ.

    දවසේ කාටූන් - 2017.06.05

    By: Aththa Withthi On: 6/05/2017 09:30:00 PM
  • Let's Get Social
  • දවසේ කාටූන් බලන්න පිවිසෙන්න අපගේ කාටූන් පිටුවට.

    Watch to cartoons of the day, visit our Cartoons page.



















    ගයන්තගේ ලේබල් ගැසූ කෙසෙල් ගෙඩි 4 හතරවෙනි තට්ටුවට යයි

    By: Aththa Withthi On: 6/05/2017 03:41:00 PM
  • Let's Get Social

  • අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ගේ නම සහ තනතුර ඇතුලත් ස්ටීකරයක් ඇලවූ කෙසෙල් ගෙඩි 4ක අසුරණ අවතැන්වූ ජනතාවට බෙදා දුන් බව පවසමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ දිනවල දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. 

    ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන මෙන් අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයාට වාචිකව පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නෙ.

    අමාත්‍යවරයා මෙහිදී පවසා ඇත්තේ තමා එසේ ලේබල් ගසා කිසිවක් ජනතාව වෙත ලබා නොදුන් බවය. එම කෙසෙල්ගෙඩි තමාට මඩ ගැසීම සඳහා කිසිවකු විසින් හෝ කරන ලද ක්‍රියාවක් විය හැකි බවයි ඔහු පවසන්නෙ.

    ආනන්ද වෙඩිසිංහගේ මරණය ගැන පුත් කෙන් වෙඩිසිංහගෙන් සංවේදී කතාවක්! (Video)

    By: Aththa Withthi On: 6/05/2017 03:14:00 PM
  • Let's Get Social

  • ආනන්ද වෙඩිසිංහගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පුතා විසින් ඊයේ (4) සිරස නාළිකාවේ Sports 1st වැඩසටහනට සහභාගී වී සංවේදී කතාවක් කළා.

    තමන්ගේ පියා දැන් මොලොවින් සමුගෙන ඇති බවත් තරඟයේ සංවිධායකයින් විසින් තවත් ඥාතීන් ඇතුළු පිරිසට බොරු නොකියා මේ පිළිබඳව සොයා බැලිය යුතු බවත් ඔහු පවසා සිටිනවා.

    එමෙන්ම තමන් ලංකාවට පැමිණ පියා ලෙසින්ම තරඟයන් වලට සහභාගී වී ඔහුගේ නාමය ඉදිරියට ගෙනයන බවත් කෙන් වෙඩිසිංහ වැඩිදුරටත් පවසා සිටිනවා..

    මේ එම අවස්ථාවේ වීඩියෝවයි…..

    වසර 5ක් තිස්සේ මිතුරෙක් සමඟ එක්ව පියා සිය දියණිය බරපතල ලෙස දූෂණය කරලා

    By: Aththa Withthi On: 6/05/2017 02:32:00 PM
  • Let's Get Social

  • අවුරුදු 11 ක් වයසැති පාසල් දැරියක් වසර 5 ක් තිස්සේ අපයෝජනය කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

    දැරියගේ පියා සහ ඔහුගේ මිතුරෙකු විසින් ඇය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවටයි දැරියගේ මව විසින් ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණිල්ලක් කර ඇත්තේ.

    මෙලෙස ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ ගල්ගමුව කුඩාකත්නෝරුව ප්‍රදේශයේ පාසල් දැරියක්.

    ඇය වයස අවුරුදු 7 සිට මේ දක්වාම ඇගේ පියා හා තවත් පුද්ගලයෙකු විසින් අවස්ථා ගණනාවකදී දූෂණයට ලක් කර ඇති අතර දැරියගේ මව නිවසේ නොමැති අවස්ථාවලදී පියා හා මිතුරා විසින් දැරියට බරපතල ලෙස අතවර කර ඇති බවටයි මව පැමිණිලි කර ඇත්තේ.

    අදාල දැරියගේ මව එක් අවස්ථාවකදී විදේශ ගතව සිට ඇති අතර ඒ කාල වකවානුව තුළදී පියා විසින් මුලින්ම දැරිය අතවරයට කර ඇති අතර එතැන් පටන් මේ දක්වාම නොයෙක් අවස්ථාවලදී පියා විසින් දැරිය අතවරයට ලක් කොට ඇතැයි අනාවරණ වී තිබෙනවා.

    කෙසේ වෙතත් මීට වසර දෙකකට පෙර දැරියගේ මව ආපසු පැමිණ ඇති අතර ඇය නිවසේ නොමැති අවස්ථාවලදී දැරියගේ පියා හා මිතුරා විසින් දැරිය අතවරයට ලක් කොට ඇති බවයි පොලීසිය සදහන් කළේ.

    දැරිය පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ පියා හා මිතුරා අධික ලෙස මත්වතුර පානයට ඇබ්බැහි වූ පුද්ගලයින් බවත්, මත්වතුර පානය කර පැමිණි අවස්ථාවලදී තමා දූෂණය කළ බවයි.

    අදාල සිදුවීම සම්බන්ධයෙන් දැරිය පාසලේ ගුරුවරියකට පැවසීමෙන් අනතුරුව ඇය හරහා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරිය දැනුවත් කිරීමෙන් පසු ග්‍රාමනිලධාරීවරයා දැරියගේ මවට මේ පිළිබද පවසා තිබේ.

    ඒ අනුවයි පසුගිය ඉකුත් 30 වැනිදා ගල්ගමුව පොලිස්ථානයට පැමිණි දැරිය හා ඇයගේ මව අදාල සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් කර ඇත්තේ.

    ඒ අනුව අදාල සිදුවීමට සම්බන්ධයැයි සැකකරන පියාගේ මිතුරා එදිනම අත්අඩංගුවට ගෙන ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

    සැකකරු කදුරුවැව ප්‍රදේශයේ පදිංචි පැට්ටා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙක්. මෙම සිද්ධියට අදාලව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියුතු දැරියගේ පියා අත්අඩංගුවට ගැනීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවත් ගල්ගමුව පොලීසිය වැඩිදුරටත් සදහන් කර සිටියේය.

    අතවරයට ලක් වූ දැරිය වෛද්‍ය ප්‍රතිකාර හා පරීක්ෂණ කටයුතු සදහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මේවන විට ඇතුලත් කර තිබෙනවා.

    "කැලණි ගඟානෝ" කවියෙන් කියැවෙන්නේ ලිංගික සූරාකෑමක් ගැනද?

    By: Aththa Withthi On: 6/05/2017 01:44:00 PM
  • Let's Get Social


  • පසුගිය දිනවල ඇති වූ ගංවතුරින් කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණිය, බියගම, දොම්පේ, වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට බරපතල ආපදා තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත් සියනෑ සහ අලූත්කූරු කෝරල මායිමෙන් ගලා බසින කැලණි නදිය නිතර නිතර පිටාර ගැලීම නිසා ගංවතුර අවදානමක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. එනිසාම බියගම, මල්වාන, පහළ මාපිටිගම, උඩමාපිටිගම, පුගොඩ, තරාල, රන්වල, දංගල්ල ආදී ප‍්‍රදේශ මුල්කොට කැලණි ගඟේ ගංවතුර පිටාර කලාප කිහිපයක් ද ස්ථාපිත වී තිබේ. කැලණි නදියේ මෙම පිටාර ගැලීමේ ස්වභාවය මුල්කොට ප‍්‍රකට ජන කවියක් ද ඇත.

    පන්ස‍ලේ ඇබිත්තකමක් ලැබුණු හීන් බබා සීයා යුද හමුදා සෙබළෙක් - පුතා පරිගණක ඉංජිනේරුවරයෙක්

    By: Aththa Withthi On: 6/05/2017 01:19:00 PM
  • Let's Get Social

  • හීන් බබා සීයා වෙන්න සේන ගුණවර්ධන වන ඔබට අවස්ථාව ලැබුණේ කොහොමද?
    නිමල් රත්නායක කියන අධ්‍යක්ෂවරයා තමයි 'මලී' ටෙලිනාට්‍යය සඳහා මුලින්ම මට අවස්ථාවක් ලබාදුන්නේ. ඒ චරිතෙට මම උපරිම සාධාරණයක් ඉටුකළා. එහි ප්‍රතිඵලයක් විදියටයි 'සිඳු' ටෙලිනාට්‍යයට මාව තෝරාගත්තේ.

    මේ දවස්වල 'හීින් බබා' සීයාට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
    ඒ ගැන කියලා නිමකරන්න බෑ. මාව කවුරුහරි මගතොටේදී දැක්කත් හීන් බබා සීයේ කියලා තමයි කතා කරන්නේ. ‍පොඩි දරුවන්ගෙන් මට ලැබෙන ආදරයත් හිතාගන්න බැහැ. අපේ හීන් බබා සීයා කියලා දුවගෙන ඇවිත් පුංචි දරුවෝ මට කතා කරනකොට ආසාවේ බැහැ. ඒ විතරක් නමෛයි හීන්බබා සීයා නිසා මට විදෙස් ගතවෙන්නත් අවස්ථාවක් ලැබුණා. එතනදි තමයි මම දැක්කේ ලංකාවේ විතරක් නමෛයි එතෙර රටවලත් හීන් බබා සීයා ජනප්‍රියයි කියලා.

    හීන් බබා සීයා සැබෑ ජීවිතේ මොනවගේ කෙනෙක්ද?
    මම යුද හමුදා සේවා බළකා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. මේ වෙනකොට බොහොම සරල චාම් දිවි පවෛතක් ගතකරන්නේ.

    ඔබ හිතන විදියට 'සිඳු' ටෙලි නාට්‍යයේ ජනප්‍රියතම චරිතය කවුද?
    වෙන කවුරුත් නමෛයි, අපේ සෝරත ‍පොඩි හාමුදුරුවෝ.

    හීන් බබා සීයා විදියට සිඳු ටෙලි නාට්‍යයේ රඟපාද්දී සිද්ධවෙච්චි අමතක නොවන විශේෂ සිදුවීමක් එහෙම තියෙනවද?
    අ‍පොයි ඔව්, අපේ ‍පොඩි හාමුදුරුවෝ ඒ කියන්නේ සෝරත සාමණේර චරිතය කරන පුංචි දරුවට ටෙලි නාට්‍යයේ රූගතකිරීමකදී මම කිව්වා සරුංගලයක් හදලා දෙන්නම් කියලා. ඒක කිව්වේ ටෙලි නාට්‍යයේ දර්ශනයක විතරයි. ඒත් මේ පුංචි දරුවා හිතලා තියෙන්නේ මම ඇත්තටම සරුංගලයක් හදලා දෙන්නම් කිව්වා කියලා. ඒ නිසා මේ පුංචි දරුවා මාව දකින හැමවෙලාවෙම අහනවා 'කෝ හීන් බබා සීයා කිව්වට මට තාම සරුංගලයක් හදලා දුන්නේ නැහැනේ' කියලා.

    චරිත තෝරා ගැනීමේදී ඔබ කිසියම් තෝරා බේරා ගැනීමක් කරනවද?
    මම චරිතයක් තෝරා ගන්නකොට ඒකේ චරිතය ලොකුද, ‍පොඩිද කියලා බලන්නේ නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම උපරිම විදියට කරන්නයි මම උත්සාහ කරන්නේ.

    හොඳයි අපි ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතාකළොත්?
    මගේ පවු‍ලේ ඉන්නේ මමයි, බිරිඳයි, පුතයි. මගේ බිරිඳ සුජාතා නන්දනී. ඇය රාජ්‍ය සේවිකාවක්. පුතා දෙව්මිත් හසිත. පරිගණක ඉංජිනේරුවරයෙක්. මම පදිංචි වෙලා ඉන්නේ මත්තේගොඩට ආසන්න කිරිගම්පමුණුව කියන ප්‍රදේශයේ. අද වෙනකොට සේන ගුණවර්ධන කියන පුද්ගලයව ලෝකෙම හඳුනන තැනකට එන්න මගේ පුතාගෙන් වගේම බිරිඳගෙන් ලැබුණු සහයෝගයත් විශාල පිටිවහලක් වුණා.



    සමන්මලී නැලිගම (lakbima)

    වයාග්‍රා විස්මිත පෙත්තේ ඇත්ත නැත්ත

    By: Aththa Withthi On: 6/05/2017 12:40:00 PM
  • Let's Get Social


  • ලිංගික අප්‍රාණිකත්වය නැත්නම් නෂ්ඨකාමය ඇති අයට දැන් විස්මිත පෙත්තක් භාවිත කිරීමේ වරම ලැබී තිබේ. ඇත්තෙන්ම කිව්වොත් මේ නම් මැජික් පෙත්තකි. ඒ තමා වයාග්‍රා. නමුත් මේ මැජික් පෙත්ත ගත යුත්තේද තෝරා බේරා වෛද්‍ය උපදෙස් මත පමණයි. සමහරුන්ට මේ කියන වයාග්‍රා නිසාත් නොයෙකුත් අපහසුතාවන්ට ලක්වන්නට සිදුවූ අවස්ථා අපමණයි. වයාග්‍රා ගැනත් බොහෝ දෙනා තුළ මිත්‍යා මත ගණනාවක් තිබේ. විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ ඔය කියන මැජික් පෙත්තේ හාස්කම ගැන ඇත්ත නැත්ත අපිට පැහැදිලි කළේ මෙහෙමයි.

    මුලින්ම වයාග්‍රා සොයාගත්තේ ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙතක් හැටියට නොවෙයි. හදවතේ රුධිර නාල සිහින් වීමට බෙහෙතක් හැටියට සොයාගත් මෙය ලබා දුන් විට ලිංගික අප්‍රාණිකත්වයත් නැතිවෙන බව සොයාගන්න ලැබුණා. එදා ඉඳන් මේ පෙත්ත මහා මැජික් පෙත්තක් බවට පත්වුණා.

    වයාග්‍රා සොයාගැනීමත් සමඟ තමා ලිංගික අප්‍රාණිකත්වය මගින් පෙලෙන අය කාණ්ඩ දෙකකට වෙන් වුණේ. මානසික හේතු නිසා අප්‍රාණිකත්වය හටගන්නා අය පළමු කාණ්ඩයයි. කාන්සාව, මානසික අවපීඩනය, ස්වාමියා සහ බිරිය අතර ඇතිවන ගැටලු නිසා එකිනෙකා අතර ආකර්ෂණය නැතිව යාම මේ කාණ්ඩයට අයත්. මේ නිසා හටගත් අප්‍රාණිකත්වයට වයාග්‍රා හුඟක් ඵලදායී බෙහෙතක් වුණා. කොටින්ම වයාග්‍රා මගින් මේ කියන අයගෙන් 85%ක්ම ගොඩ ගියා.

    දෙවැනි කාණ්ඩය, කායික රෝග නිසා හටගන්නා අප්‍රාණිකත්වයට ගොදුරු වන අය. රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා හටගන්නා ඇතරෝස්ක්ලෙරෝසියාව, දියවැඩියාව සහ පුරස්ථි ග්‍රන්ථියේ සැත්කම් නිසා හටගන්නා ස්නායු දුබලතා ඒ සඳහා උදාහරණ ලෙස පෙන්වන්න පුළුවන්. මේ අයගෙනුත් සියයට 35කට පමණ වයාග්‍රා ප්‍රතිඵලදායක බව කිවයුතුයි.

    ඒ කියන්නේ අප්‍රාණිකත්වයට කියාපු බේත!

    හැබැයි ඉතින් මේ මැජික් පෙත්ත ගන්නට ඕනෑත් ටිකක් කල්පනාකාරීව අරපරෙස්සමින් තමා. මොකද මේ පෙත්ත ගන්න සුදුසු නැති අයත් ඉන්නවා. ඒ ගැන හරියටම දැනගන්න පුළුවන් වෛද්‍යවරයකු හමුවීමෙන් තමා. ඉන්පසුව වෛද්‍ය නිර්දේශය මත තමා මේ පෙත්තේ මැජික් බලය වැඩට ගන්නට ඕනෑ.

    අපි දැන් බලමු කාටද මේ පෙත්ත අගුණ කියලා.

    සිල්ඩෙනෆිල් සිට්‍රේට් නැත්නම් වයග්‍රා හෘදයාබාධවලින් පෙලෙන අයට අගුණයි. ඊළඟට ආමාශයේ තුවාල ඇති අයට, ඒ වගේම ලේ කැටි නොගැසීමේ රෝගාබාධ (හිමොෆීලියාව) ඇති අයටත් සුදුසු නැහැ.

    ඒ වගේම සමහර ඖෂධ වර්ග ගන්නා අයටත් වයාග්‍රා භාවිතය අගුණයි. එයින් එකක් තමා Nitroglycerine - TNT හෙවත් දිව යට තබාගන්නා හෘදරෝගීන්ට දෙන පෙත්ත. අනෙක් ඒවාත් හෘද රෝගීන්ට ලබාදෙන ISDN, Isodril, Sobitrate ඒ වගේම Pentaerythritol - Teranitrebe ඒ වගේම Erythrityl Tetranitrat - Cardilate කියන පෙති. ඉතින් මේ අපබ්‍රංස වගේ පෙනෙන බෙහෙත් ගැන හරියටම දන්නේ දොස්තර මහත්තුරු තමා. ඒ නිසයි වෛද්‍ය උපදෙස් මත වයාග්‍රා ගැනීම සුදුසුයි කියලා කියන්නේ ඒ වගේම Cimetidine, Erythromycin, Ketoconazole, Itraconazole ඖෂධ සමගත් වයාග්‍රා ගැනීම අවදානම්.

    තවත් වැදගත් කරුණක් තමා වයාග්‍රා නිසා සමහරුන්ට අතුරු ආබාධ හටගන්නත් පුළුවනි. ඒ වගේ ඇතිවන අතුරු ආබාධ තමා මේ. හැබැයි මේවා ඇතිවන්නේ ඉතාම සුළු ප්‍රතිශතයකටයි.

    වයාග්‍රා ගැන තියෙන මිත්‍යාවන් ගැන අපි ඊළඟට කතා කරමු.

    උපදෙස් විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ (deshaya)

    මව නැති අතරේ අට හැවිරිදි දියණිය කෙලෙසු හැට හැවිරිදි නීති පීඨ කතිකාචාර්ය පියා පොලිසියට කොටුවෙයි

    By: Aththa Withthi On: 6/05/2017 12:17:00 PM
  • Let's Get Social

  • තම අට හැවිරිදි දියණියට බරපතළ ලිංගික අතවරයන් කළ බවට සැක පිට නීතිපීඨ කථිකාචාර්යවරයකු වන පියා බොරැල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    මීට සති දෙකකට පමණ ඉහතදී සිට මේ කථිකාචාර්ය පියා ඔහුගේ දියණියට අතවර කර ඇති බවත් ඔහුගේ බිරිය නිවෙසේ නොසිටින අවස්ථාවන්හිදී ඔහු මෙම අපරාධය සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවත් පොලිසිය පවසනවා.

    සිය පියා විසින් සිදුකළ අපරාධය පිළිබඳව එකී දැරිය සිය මවට දැන්වීමෙන් පසු මව සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකාර කථිකාචාර්යවරයා අත්අඩංගුවට ගෙන තිබේග

    අත්අඩංගුවට ගත් කථිකාචාර්යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කළ බවද පොලිසිය පවසයි.

    බොරැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රගති ලක්මිණ මහතාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් වික්‍රමරත්නල උප පොලිස් පරීක්ෂක විජයරත්නල කාන්තා පොලිස් කොස්තාපල් සචිත්‍රා :7684* යන මහත්ම මහත්මීන් සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරයි.

    ලෝකයේ කණගාටුවෙන්ම සිටින සුනඛයා මෙන්න

    By: Aththa Withthi On: 6/05/2017 09:45:00 AM
  • Let's Get Social


  • කැනඩාවේ වෙසෙන ලැබ්ඩෝර් වර්ගයේ සුනඛයෙක් වන ලානාගේ පළමු ස්වාමියා 2015දී ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඉන් අනතුරුව දුකින් සිටින මෙම සුනඛයාගේ ඡායාරූපයක් සමාජ වෙබ් අඩවි ජාලා කළඹමින් පැතිර යෑමෙන් අනතුරුව භාරකාරයෙල් ලැබී තබෙනවා.

    කෙසේ වෙතත් ඉන් මාසයකට පසුව එම ස්වාමියාත් මෙම සුනඛයා අතහැර ගොස් ඇති බවයි අන්තර්ජාලයට අනුව වාර්තා වන්නේ. මේ හේතුවෙන් ලානා ඉතාමත් දුකින් සිටින බවයි වාර්තා වන්නේ.

    ඩේලි මේල් වෙබ් අඩවිය මෙම පුවත වාර්තා කර තිබුනේ "ලෝකයේ කණගාටුවෙන්ම සිටින සුනඛයා" ලෙසයි.

    දියණිය දූෂණය කළ පියා අත්අඩංගුවට

    By: Aththa Withthi On: 6/05/2017 09:07:00 AM
  • Let's Get Social

  • සිය වැඩිමහල් බාලවයස්කාර දියණියට කඩුවක් පෙන්වා බිය ගන්වා අවස්ථා කිහිපයකදී ලිංගික අපයෝජනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තිදරු පියකු මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තගේම වැඩබලන මහේස්ත්‍රාත් සංජීවනී රත්නායක මහත්මිය නියෝග කළාය.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ එප්පාවල අධිරාණිගම පදිංචි උපුල් දර්ශන (41) නම් ව්‍යාපාරිකයකි.

    සැකකරුට අයත් වෙලදසැලේ බිරිද ව්‍යාපාරික කටයුතු වල නිතරව සිටින අවස්ථාවේදී , නිවසේ සිටින වයස අවුරුදු 16 ½ ක් වන සිය වැඩිමහල් දියණියට ලිංගික අතවර සිදු කරන සැකකරු, ඒ පිළිබදව කිසිවකුට හෝ පැවසුවහොත් මරා දමන බවට කඩුවක් පෙන්වා බිය ගන්වා ඇතැයිද, ඒ අයුරින් අවස්ථා කිහිපයකදීම දියණිය අපහරණය කර ඇතැයිද, ඒ පිළිබදව දියණිය විසින් මවට පැවසීමෙන් අනතුරුව මව පොලීසියට පැමිණිලි කළ බවත්, ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් පොලීසිය මහේස්ත්‍රාත්වරියට කරුණු දක්වමින් පැවසීය.

    සැකකාර පියා කොන්ත්‍රාත්කරුවකු ලෙස කටයුතු කරන බවත්, තලාව ප්‍රදේශයේ ක්‍රොන්තාත්තුවක් සිදු කරමින් සිටියදී ඊයේ (03) පස්වරුවේ සැකකරු අත්අංඩංගුවට ගත් බවත් පොලීසිය අධිකරණයට දැන්වීය.

    සැකකාර පියා විසින් විසින් දියණිය දූෂණයට ලක්කර ඇත්ද යන්න අනාවරණය කර ගැනීම සදහා සැකකරු හා දියණිය වෛද්‍ය පරික්ෂණයකට යොමු කළ බවද පොලීසිය අධිකරණයට දැන්වී්ය.

    කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරය වෛද්‍යය පරීක්ෂණ වාර්ථා හා අපහරණයට ලක් වූ බව කියන දියණිය හා සැකකාර පියා මේ මස 14 වැනි දින නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත්, සැකකාර පියා මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්, අපහරණයට ලක් වූ බව කියන දියණිය මව භාරයට පත් කරන ලෙසත් නියෝග කරනු ලැබීය.

    එප්පාවල පොලිස් ස්ථානාධිපති රෝහණ අධිකාරී මහතාගේ උපදෙස් මත, එප්පාවල පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනී කාන්තා පොලිස් පරීක්ෂක චාන්දනී මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර, පො.සැ 35591 දිසානායක අධිකරණයට කරුණු වාර්ථා කරනු ලැබීය.

    වික්ටෝරියානු මාවතක අවසන් ගමන් ගිය නොමළ ගැහැණියකගේ හෘද සාක්ෂිය - 28 (ශ්‍රී)

    By: Aththa Withthi On: 6/05/2017 08:33:00 AM
  • Let's Get Social

  • ඇගේ නම සුද්දීය. එදා මෙදාතුර සෑම ගමකම සුද්දීලා සිටින්නීය. තරමක සංස්කෘතික විවෘත භාවයකින් යුතුව සමාජය තුළ හැසිරෙන සහ නිත්‍ය සම්ප්‍රදායකට අනුකූල නොවූ රූපසම්පත්තියෙන් යුක්ත වූ කාන්තාවන් ‘සුද්දියන් සේ හැසිරෙන්නී’ වැනි අරුතක් ආරෝපණය කරමින් සුද්දී නමින් හඳුන්වන ලද්දේ ඇය නියෝජනය කළ ගම තුළම විසූ අන්‍ය කාන්තාවන් හෝ ගැමියන් විසිනි. එවන් ගැහැනියක සෑම විටම පුරුෂයන්ගේ ලිංගික සූරා කෑමට මෙන්ම අන්‍ය ගැහැණුන්ගේ ද්වේශයටද ලක්විය. සයිමන් නවගත්තේගම ලිවුවේද එවන් සුද්දීලා පිළිබඳවය. නමුත් ප්‍රසන්න ජයකොඩිගේ 28 සිනමා පටය තුළින් නිරූපණය වන සුද්දී ගේ කතාව ඊට වෙනස් එකකි. එය අනන්‍යතාවක් සහිතව වෙනම කියවිය හැකි ගැහැණු චරිතයකට වඩා පොදුවේ කාන්තාවන්ට සමාජ පැවැත්ම තුළ මුහුණ දීමට සිදුවන අර්බුධ අරභයා ගොඩනැගුණු සමාජීය සංලාපයකි.

    කාන්තාවන්ගේ පෞද්ගලික සනීපාරක්ෂක දිනය ලෙස සෑම වර්ෂයකම මැයි 28 වන දින නම් කර ඇතත් සෑම මසකම දින 28 ක ජීවවිද්‍යාත්මක චක්‍රයකට යටත් වූ ශරීරයක හිමිකාරත්වය ඇති ඇයට සමාජ වටිනාකමක් සහිතව පැවතිය හැකි සංස්කෘතික පසුබිමක් ලංකාවේ සමාජය තුළ තවමත් නිර්මාණය වී තිබේද යන්න ගැටළුවකි. අනෙක් අතට ස්ත්‍රියගේ ලිංගිකත්වය සමාජීය ගැටළුවක් බවට පරිවර්තනය වන්නේ පුරුෂයාට තම ලිංගිකත්වය පිළිබඳව පවතින අපැහැදිලිතාවය ද නිසාය. 

    ස්ත්‍රියක විසින් පුරුෂයකු වසඟයට ගන්නා උපාය මාර්ග හෝ ලිංගික චර්යාවන් පිළිබඳ ලියවී ඇති ලේඛණ හොර රහසේ කියවා උගෙන ගන්නා පිරිමි භාවික ජීවිතය තුළ ප්‍රායෝගිකව මුණගැහෙන ස්ත්‍රියකගේ ශරීර බස මෙන්ම ආත්මීය බසද අවබෝධ කර නොගනිති. සුද්දී ගමේ සිට නගරයට එන්නේ ද නගරයේ සිට අවසානයේ ගමට යන්නේද තමන්ගේ ශරීර භාෂාව වරදවා වටහාගත් පිරිමින්ගේ හූ හඬ මධ්‍යයේය. ඇගේ ජීවිතයට ආරම්භයක් නැත. සිනමාපටය ආරම්භ වන්නේ ඇගේ අවසානයත් සමගය. එනම් කවරකු විසින් හෝ දුෂණය කර ඇයව මරා දැමූ තැන් සිටය.

    අතීතයෙහි ගම ඉතා නිදහස් සංස්කෘතික ඒකකයක් විය. ලිංගික ජීවිතය පවා දොර ජනෙල් ආවරණ වලින් තොර අතිශය නිදහස් වූවක් විය . එකල ගමෙහි ප්‍රධාන සංස්කෘතික මධ්‍යස්ථානය වූයේ තොටුපලයි. දියකෙළි, ඕපදූප , කෙළි කවටකම්, සංලාප ආදී සියල්ලට ම ගැමියා අවසරය ලද්දේ ස්නානය කිරීම සඳහා ලද කාලයයි. අතිශය වෙහෙසකාරී ජීවනෝපායන් නිමකර දාහය නිවාගන්නා ගැමියෝ ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව දියකෙළියෙහි නියුක්ත වූහ.රජවරු පවා සිය ජීවිතයේ සුවිශේෂ අවස්ථාවන් සැමරුවේ වැව සමඟ ඒකාත්මික වෙමිනි. 

    වැව, දාගැබ සහ කෙත යන අවස්ථා ත්‍රිත්වය හරහා ග්‍රාමීය ජීවනෝපාය, සංස්කෘතිය සහ අධ්‍යාත්මීය ව්‍යුහය ඉපැරණි ගැමි සමාජය තුළ මනාව කළමනාකරණය විය. සාහිත්‍ය භාවිතාවේදී කිසියම් කාව්‍යයක් මහා කාව්‍ය්‍යක් වීමට නම් දියකෙළි වැණුම අත්‍යවශ්‍යය අංගයක් වශයෙන් සැලකූයේද ගැමි ජන ජීවිතයෙහි ප්‍රධාන සංස්කෘතික හැඩතල ඒ ඔස්සේ නිර්මාණය වී තිබූ හෙයිනි. එනිසා සෑම සංදේශ කාව්‍ය්‍යක් තුළම දියකෙළි වැණුමක් ඇතුළත් වූ අතර ඒ අතරින් හංස සංදේශයෙහි එන දියකෙළි වර්ණනාව තුළ ස්ත්‍රී සහ පුරුෂ යන දෙකොට්ඨාශයෙහි කෙලිලෝලත්වය සඳහා ලිංගිකත්වය බාධාවක් නොව බවට නිදර්ශන පවතී. 

    අඩක් නිරුවත් සිරුරෙහි රත් පැහැ ලාක්ෂා තවරාගත් ස්ත්‍රීන් ද පුරුෂයන් ද වතුරේ ගිලෙමින්, පිහිනමින් හා උනුන් හා කවටකම් කරමින් රිසිසේ ප්‍රීති වූ අතර අන්‍ය ස්ත්‍රියක් කෙරෙහි හිත ගිය තරුණයකු දිය ක්‍රීඩාවෙහිදී එය පළකරන සියුම්තාවත් එය දකින ඉවුරෙහි වූ සැමියාගේ මානසිකත්වයත් යනාදිය එමොහොතට පමණක් වලංගු ක්ෂණිකව හසුරුවාගත හැකි සුන්දර සිතිවිලි ලෙස හංස සඳෙසෙහි නිරූපණය කෙරේ. පුරාණ ලංකාවෙහි ලිංගිකත්වය පිළිබඳව පැවති නිදහස් භාවය වික්ටෝරියානු සංස්කෘතිය වැළඳගැනීමත් සමග විනාශ වූ අතර ඉන් පසු ගම නමැති ඒකකය සුහදත්වය සහ සංස්කෘතික විවෘතභාවයකින් තොර වූ ගුප්ත සහ අසහනකාරී ඒකකයක් බවට පරිවර්තනය විය. 

    ස්වකීය සැමියා සමග ගංගාවේ ස්නානය කරන සුද්දීට ගමෙහි වුන් සෙසු පිරිමින්ගෙන් තොටුපලේදී විවිධ බලපෑම් එල්ලවන්නේ එවන් පසුබිමක් තුළදීය . ඉන් පසු ස්වකීය විවාහ ජීවිතය තුළ උද්ගත විය හැකි අභාග්‍ය සම්පන්න තත්වය වලක්වා ගැනීම සඳහා සුද්දීගේ ඉල්ලීම පරිදි ගමට ඇති එකම නානකාමරය ඔවුන්ගේ නිවසේ ඉදිවෙයි. නමුත් එහි ඇති කවුලුව තුළින් මාමණ්ඩියගේ බැල්ම සුද්දීගේ නිරාවරණ සිරුරට වැටෙන්නේ නොසිතූ ලෙසය. නමුත් අවසානයේ නානකාමරය තුළ නිරුවතින් නෑම වරදක් ලෙස නිහඩව බාර ගෙන කවුළුවෙන් එබුණු මාමණ්ඩියට සමාව පිරිනමා නිවසින් පිටව ගිය සුද්දීව නැවත සැමියාට මුණ ගැහෙන්නේ වසර පහළවකට පසුවය. ඒ ද මල මිනියක් ලෙසය. ඔහු සිය බිරිඳ පූර්ණ නිරුවතින් දකින්නේ මිනී පෙට්ටි සාප්පුව තුළ එම්බාම් කටයුතු සඳහා සූදානම් කර තිබෙන විටය. ජීවමාන මනුෂ්‍යයා සෑම විටම පරිපූර්ණ සත්‍යයෙන් බහිර්ජන්‍යය. සෑම කෙනාගේම සත්‍යය අවධිවන්නේ මරණයෙන් පසුවය.

    අභයපාල, මනී සහ ලෙනින් නම් වාමාංශික නමක් හිමි, දකුණට බරයයි තමා විසින්ම කියාගන්නා අයිස්ක්‍රීම් වෙළෙන්දා විසින් 28 ශ්‍රී අංක දරන වෑන් රථයෙන් අවසාන ගමන සදහා සුද්දීව ගමට රැගෙන යයි. 28 චිත්‍රපටයට පාදක වන්නේ ඒ අවමංගල චාරිකාවයි. නම ලෙනින් වුවත් රියදුරා මිනී වලට මෙන්ම සමාජයේ අර්බුධකාරී අවස්ථාවන්ට දායක වීමටද ප්‍රිය නොකරයි. හිස් මිනී පෙට්ටියකැයි පළමුකොට මුසාවක් පවසා මිනිය වාහනයේ වහලය මත රඳවාගෙන ගියද අතරමගදී එය බිම වැටීමෙන් මිනී පෙට්ටිය බිඳී යයි. එසේ අඩක් බිඳුනු මිනී පෙට්ටිය තුළින් සුද්දීගේ මුහුණ මදක් නිරාවරණය වෙයි. විටෙන් විට තමා වෙනුවෙන් හඬ නැගීමට ඇය ශක්තිය ලබන්නේ එතැන් සිටය. තවමත් සක්‍රීයව මනී අතේ පවතින තම දුරකථනයට පැමිණෙන ඇමතුම් වල පූර්වාපර සන්ධීගැලපීම සුද්දී විසින්ම සිදු කරනු ලබන අතර කුසුම්ගේ කතාව නිරාවරණය වන්නේ එලෙසය. 

    ගැහැණියට සිය විවාහය තුළ අර්බුධයකට ලක්වීමට සිදුව ඇත්තේ එකිනෙකට වෙනස් ජවනිකා දෙකක් එකවර නිරූපණය කිරීමට ඇයට විවාහය විසින් පවරන හෙයිනි. වඩාත් හොඳ ගැහැනිය වීමත්, වෙසඟනක සේ නිදියහන තුළ විවෘත වීමත් යන පරස්පර ජවනිකා දෙකෙහි එකවර පෙනී සිටීමට වඩා ගණිකාවක බවට පත්වීම හැම අතින්ම ලිබරල්ය. එතැනදී ඇයට හොඳ ගැහැණියක ලෙස රඟපෑම සඳහා වෙර දරන්නට අවශ්‍ය නැත. ඇය මේ මොහොතේ සිටින්නේ ස්වභාවික ජීවවිද්‍යාත්මක පැවරුම තුළ පූර්ණ ලෙස නිදහස්වය. අර්ථකතන වලින් තොර ජීවිතය සැබැවින්ම ඉතා සාමකාමී එකකි. එය මරණයටත් වඩා නිදහස්ය. ගණිකාවකගේ ප්‍රීතිය බිරිඳකගේ භුමිකාවේදී ගැහැණියකගෙන් විනිර්මුක්ත වන්නේ ස්ත්‍රිය මෙන්ම පුරුෂයාද උනුන් ඉදිරියෙහි රංගනයක නියුක්තවන හෙයිනි. එබැවින් ස්ත්‍රී පුරුෂ ලිංගික එක්වීම් යනු ව්‍යාජ හැසිරීම් සහිත නාටකයකි. සෑම විටම ඒ නාටක අවසන් වන්නේ ඛේදන්තයක් ලෙසිනි.

    සිනමාපටය ස්ත්‍රී පුරුෂ සමාජබාවය සම්බන්ධ අති සියුම් ප්‍රකාශනයක් වීම වළක්වාලන බාධාකාරී අවස්තා කිහිපයක්ද වේ. එනම් සිනමාපටය ආරම්භ වන්නේ මරා දැමූ සුද්දීගේ මිනිය සහ නඩු භාණ්ඩ වශයෙන් ගැනෙන අත් භෑගය , ජංගම දුරකථනය කිසිදු බාධාවකින් තොරව ලබාගත් ඇගේ සැමියා සහ ගෝලයා විසින් මිනී පෙට්ටියක දමාගෙන වාහනයක රැගෙන එන දර්ශනයකිනි.ඒ එන අතරමග මිනී පෙට්ටිය මග වැටී යළිත් ඒ ස්ථානයට ඔවුන් යන අවස්ථාවේ සෙනග රැස් වී හිඳිති. 

    ඒ සෙනග පලවා හැරීමට අබපාල ව්‍යාජ ගැටුමක් මණී සමග ඇති කර ගනී. එ සුනිල් සෝම පීරිස් ගේ චිත්‍රපටයක දැකිය හැකි අන්දමේ සීනිබෝල ප්‍රයෝගයකි. එමෙන්ම සෙනග පලවාහැරීමෙන් අනතුරුව ඒ අසලම පාලමක් යට මිනිය තබාගෙන එහි ඇඳුම් සෝදමින් බොහෝ විවේකයෙන් විනෝදයෙන් පසුවන දර්ශනයද අතිශය අභව්‍යය. එසේ නම් එය යථාර්තවාදී පසුතල, සාමාන්‍ය වැසියන්ගෙන් තොර මායාකාරී ක්‍රමවේදයක් තුළ ඉදිරිපත් කරන්නට තිබුණු අතර මෙම රූපරාමු නැරඹූ ඕනෑම අයකුට සිතෙන්නේ මලමිනියක් පාරේ නවත්තා විහිලු කරමින් සිටින්නට තරම් නිදහස් රටක මේවා ප්‍රශ්නද යන්නයි. 

    සුද්දී වරකෙ තම වයස අවුරුදු 37ක් බව පවසයි. නමුත් ලෙනින් නම් රියදුරු අත පත් වන ඇගේ ගුවන් ගමන් බලපත්‍රයේ සමීප රූපය අනුව ඇගේ උපන්දිනය 1974 ලෙස සටහන් වේ. සිනමාපටය නිෂ්පාදනය කළ වර්ෂය සහ එය තිරගත වන වර්ෂ අතර පරස්පරතාව මීට හේතු විය හැකි වුවත් ප්‍රෙක්ෂකයා එය ගණන් බලන්නේ තමා සිනමාපටය නරඹන වර්තමානය සමග සසඳමිනි. එබැවින් නිත්‍ය ලෙස සුද්දී තහවුරු කරන දෙය සර්වකාලීනව පවත්වාගැනීම සඳහා ඇගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධ සමීප රාමුව සංස්කරණයේදී ඉවතිවිය යුතුව තිබිණි. 

    සංස්කරණ ශිල්පියාට සහ කලා අධ්‍යක්ෂවරයාට මගහැරුණු අවස්ථා කිහිපයක් නිසා සිනමාපටයෙහි රිද්මයට මද වශයෙන් හානියක් සිදු වුවද තම මෙහෙය නියමාකාරයෙන් වටහා ගන්නා සංගීත අධ්‍යක්ෂවරයා නිසා සුද්දීගේ ආත්මයේ හඩ තීව්‍රවෙයි. ස්ත්‍රිය හදුකලා එක්කයක් ලෙස කියවීමත්, ඇය පිරිමියකු හා බද්ධ කොට සමාජීය ඒකකයක් ලෙස කියවීමත්, ඇය ස්ත්‍රී පුරුෂ සමාජ භාවය තුළ පොදු විග්‍රහයක් ලෙස අර්ථකතනය කිරීමත් යන අතිශය සංකීර්ණ ක්‍රියාවලිය තුළ දේශක බමුණුමුල්ල ගේ සංගීතය අති සියුම් සහ ප්‍රබල උපක්‍රමික උපකරණයක් බවට පත්වෙයි. අවසානයෙහි එය සේ සුද්දීගේ මෙන්ම සිනමාපටයෙහි ද ආත්මය බවට පත්වේ.

    සේමිණී ඉද්දමල්ගොඩ පළමු වරට තමා රංගන ශිල්පිණියක බව තහවුරු කරන්නේ 28 සිනමාපටය තුළිනි. ඇය විසින් ස්වකීය රංග පෞර්ෂ්‍යය ප්‍රතිභාන්විත රංගවේදියකු වූ මහේන්ද්‍රපෙ රේරා සමග සමස්ථානයක පවත්වාගැනීමට සමත් වන්නීය. එමෙන්ම සහය නළුවන් ලෙස සරත් කොතලාවල සහ රුක්මල් නිරෝෂ් ගේ දායකත්වයද සුවිහේෂය. ඔවුහු තම චරිත නිරූපණය උදෙසා සඳහා ලද අවසරය නිරායාසික ජීවන අවබෝධයක් තුළ සිනමාකෘතියට මුදාහරිති. එය අතිශය නිදහස් සහ සැහැල්ලු ඉදිරිපත් කිරීමකි. මේ සියළු දෙනාගේ අභිනයන් සියුම් ලෙස උකහාගන්නා චන්දන ජයසිංහගේ කැමරාව ද සුවිශිෂ්ටය. එය මනස සහ මසැස අතර රික්ත සොයමින් නව මානයන් සොයා ගිය කැමරාවකි.

    විවාහය සඳහා දෙපැරැන්දේ ඇති අවයවය පමණක් ප්‍රමාණවත්ය සිතන, කුප්පිලාම්පුව නිමාගෙන රති සුව විඳින, පුරුෂයා නිදහස අත්විඳින්නේ මුත්‍රා කිරීම තුළ පමණි. බහිස්‍රාවය මුදා හිරීමේදී ලබන සුවයවත් ඔවුහු රමණයෙන් නොලබති. ආදරය සහ ලිංගිකත්වයේ ඇති ආත්මීය බැඳීමත් ජීව විද්‍යාත්මක ප්‍රහර්ෂයත් මග හැරගන්නා පුරුෂයාට අනෙකාගේ හැඟීම් සහ ප්‍රතිචාර යනු අතිශය අර්බුධකාරී අවස්ථාවන් බවට පත්වේ. එබැවින් ඔවුහු සුවය ලබන්නේ ප්‍රතිචාරයක් නොමැති නිසල භෞතික වස්තුවක් සමග රමණය කිරීමෙනි. එබැවින් ඔවුහු රිසි ලෙස ස්ත්‍රියක විඳින්නේ ඇයගේ මරණයෙන් පසුවය. මල්ශාලාවේදී සුද්දීගේ නිරුවත දැක භාවාර්ද්‍ර වන අභයසිරිත්, සුද්දීව දූෂණය කොට මරා දැමූවන්ගේ සිතිවිලිත් යන දෙකම සමාන වේ. 

    සැබැවින්ම දූෂකයෝද අනුකම්පාවට පත්විය යුත්තෝය. ජීවිතය තුළ පවතින්නට බැරි මිනිසුන් මලවුන් සමග ගණුදෙණු කරති. විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිවීම, මිත්‍යා විශ්වාස, සංස්කෘතික කුහකභාවය , අතීතයෙහි ගිහි ජන ජීවිතයෙහි සැකැස්ම කෙරෙහි පන්සල තුළින් ලැබුණු අධ්‍යාත්මික පිටුබලය ද ගම තුළින් ගිලිහී ගියේය. ගෝත්‍රිකත්වයේදී ස්වබාවධර්මය සමග වූ ඒකාබද්ධතාව මුළුමණින්ම බිඳ දමා අවබෝධයක් තුළ වින්දනය කළ යුතු ජීව විද්‍යාත්මක සන්ධිස්ථාන සහ ක්‍රියාවලීන් හුදු සංස්කෘතික උත්සවයක් තුළ නිෂ්ප්‍රයෝජන චාරිත්‍රයක් බවට පත්කොට විකෘති කිරීම තුළ මළවුන්ගෙන් ජීවිතය සොයා යෑමට පුරුෂයන්ට සිදු වූ අතර ඒ උදෙසා ස්වකීය ජීවිතය පිරිනැමීමේ අවධානම ස්ත්‍රීන්ගේ නිත්‍ය ඉරණම බවට පත් විය.

    - උපේක්ෂා නුවන්ශ්‍රීනි -

    04 June, 2017

    වෙඩිසිංහගේ මරණය ඝාතනයක් බවට සැකයක් (Video)

    By: Aththa Withthi On: 6/04/2017 10:30:00 PM
  • Let's Get Social

  • යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහගේ මරණය සැක සහිත බවත්, හිතාමතාම ඔහු අනතුරට පත් කර ඇති බවත් වෙඩිසිංහගේ සහෝදරයෙකු වන නිරෝෂන් වෙඩිසිංහ ෆේස්බුක් සටහනක් සමඟ අනතුරේ වීඩියෝවක් එක් කරමින් පවසා ඇත.

    මේ අතර ඔහු එම සටහනෙන් යතුරැ පැදි ධාවකයන්ගෙන් හා නරඹන සියළු දෙනාගෙන්ම ඒ ගැන අදහස් දක්වන ලෙසද ඉල්ලා තිබේ.

    වීඩියෝව නැරඹූ බොහෝ දෙනෙකු අදහස් පලකර ඇත්තේ අනෙක් පුද්ගලයා විසින් ආනන්ද වෙඩිසිංහව අනතුරට පත් කර ඇති බවයි.

    ඔහු තබා ඇති ‍ෆේස්බුක් සටහන පහතින්

    මේ සුරාජ් පෙරේරා සහ ආනන්ද වෙඩිසිංහ අතර සිදු වූ අනතුරේ මන්ද චලන වීඩියෝවයි. මට සහ වෙඩිසිංහ පවුලේ සියළු දෙනාට මෙම අනතුර සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක් ඇත. මම මෙම වීඩියෝව දමන්නේ ශ්‍රී ලංකාවේ සියළු රේසින් ධාවකයන්ට සහ රේසිං ක්‍රීඩාවට ආදරය කරන සියළු දෙනාගේ දැනුවත් භාවයට සහ අදහස් විමසීමටයි.

    1. මට මෙම වීඩියෝව බලන කොට පෙනෙන්නේ සුරාජ් වංගුව ගන්නට උත්සාහ නොකරණ බවත් ඔහු හිතාමතාම ආනන්ද වෙඩිසිංහගේ ඇඟට එන බවත්, සුරාජ් පැවසුවේ ඔහුගේ යතුරු පැදිය ආනන්දගේ යතුරු පැදියේ හැන්ඩලයේ පැටලුන නිසා මෙම අනතුර වුනා කියලා, නමුත් බලන්න සුරාජ් ගේ යතුරු පැදිය ආනන්දගේ යතුරුපදියේ ගැටෙන්නේ වංගුවේ කෙලවරෙදිය. ඔහු ආපු වේගයත් එක්ක කෙලවරට ගොස් එම වංගුව ගත නොහැක.

    අනික ඔහුගේ යතුරු පැදිය වංගුවේදී නැමීමකට ලක්වෙන්නේ නැහැ. ඔහු පැමිණෙන්නේ කෙලින්ම ආනන්දගේ ඇගටය. ඔබ පැහැදිලිව නැරඹූවිට
    එය වැටහේවි.

    2. යතුරුපැදි ගැටෙන අවස්ථාව සුක්ෂමව බැලුවිට පෙනී යනවා සුරාජ් පෙරේරා ආනන්ද වෙඩිසිංහගේ යතුරු පැදියට පදයෙන් හිතාමතා පහරක් ගහන ආකාරය. එම පහරත් සමගමයි ආනන්දගේ යතුරු පැදියේ සමබරතාවය ගිලිහී යන්නේ.

    මම සුරාජ් පෙරේරාව පුද්ගලිකව හදුනන්නේ නැත. ඔහු සමග පුද්ගලික තරහක් තිබ්බේද නැත. නමුත් මෙයින් පෙනීයන්නේ සුරාජ් හිතාමතා මේ දේ කර අානන්දව පසුකර යන්න උත්සාහ කිරීමකි. නමුත් ඔහුටද වරදින්නේ ඔහුගේ වේගයද වැඩිවීම නිසාය.

    සුරාජ් ආනන්දගේ වියෝවට ශෝකය පලකරේද නැත. මම ඔහුගෙන් අනතුර වූ දින කිහිපයකට පසු facebook comment එකකින් විමසු විට කියා සිටියේ මගේ සහෝදරයාට රේස් පදින්න උගන්වන ලෙසයි.

    ආනන්ද වෙඩිසිංහට රේසිං ක්‍රීඩාව සම්බන්දයෙන් අමුතුවෙන් කියන්න දෙයක් නැත. අවු : 25 රේසිං ජිවිතයේ ඔහු විසින් දිනා ඇති කුසලාන සහ ඔහු විසින් දිනාගත් ප්‍රේක්ෂක ආදරය ඔහුගේ හැකියාවට හොඳම නිදසුනි.

    මම වැරදි වෙන්නට පුළුවන. මම පෙන්වාදෙන්නේ මට මෙම වීඩියෝව දුටුවම හැඟෙන දෙයයි. මම මෙම වීඩියෝව ඔබ නෙත් ඉදිරියේ දිගහරින්නේ ඔබ නොදුටු දේ පෙන්වීමටත් මෙය අනතුරක්ද හිතමතා කල දෙයක්ද යන්න ඔබගේ අදහස් දැනගැනීමටත්ය.

    This is the slow motion clip from the accident between Suraj Perera and Ananda Wedisinghe....I have questions from All Riders and All the people who love racing and know about racing.
    1. Does it look like suraj trying to take the bend at all?

    (the bikes collide its true but see where it collide? bikes collide in the far corner of that bend, now suraj or any one can take that bent coming at a speed like that, as far it seems Suraj is trying to cut of Ananda Wedisinghe from the bend)

    2. as the bikes collide surajs leg lifts up and seems he is kicking Ananda Wedisinghe's bike intentionally.

    I have no personal issue with suraj cz my brothers is dead, but this doesnt seems like and real accident it seems he wanted to this, but unfortunate for him as well since he fell off aswell.

    I don't know may be I am wrong, but I am leaving this video for your eyes to decide..



    (srilankamirror)

    දෙහි - දොඩම් අපනයනයට GSP+ සහනය යොදා ගමු

    By: Aththa Withthi On: 6/04/2017 04:32:00 PM
  • Let's Get Social

  • ඉකුත් 2016 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පලතුරු අපනයනය මෙට්‍රික් ටොන් 33300 කි. එමඟින් උපයාගත් ආදායම රුපියල් බිලියන 5 කි. එහෙත් අපනයනයට වඩා පලතුරු ආනයනය මෙට්‍රික් ටොන් 54107 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සඳහා රටින් එතෙරට ඇදී ගිය ධනස්කන්ධය ‍රුපියල් බිලියන 7.3 කි. ආනයනය සහ අපනයනය අතර වෙළෙඳ පරතරය හෙවත් වෙළෙඳ හිඟය රුපියල් බිලියන 2.3 කි.

    ශ්‍රී ලංකාව ‍පිටරටින් ආනයනය කර ඇත්තේ ඇපල්, දොඩම්, මැන්ඩරින් සහ මිදි යන පලතුරු වර්ගයෝය. මෙම පලතුරු වර්ග හතර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කර ගත හැකි ඒවාය. ඇපල් වගාව පිළිබඳ සාර්ථක වූ අත්හදා බැලීම් පිළිබඳ වාර්තා ඕනැතරම් තිබේ. ඇපල් වෙනුවට භාවිතා කළ හැකි පෙයාර්ස් වගාවේ නිරතවන්නෝ කඳුකරයේ සිටිති. විශේෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෘහාශ්‍රිත වගාවක් ලෙස පෙයාර්ස් වගාව දක්නට ලැබේ.

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විශ්‍රාමලත් කෘෂිකර්ම නිලධාරියකු වූ සරත්චන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ වසර 25 කට පෙර ඇතිවූ රෝගයක් නිසා දේශීය ඇපල් වගාව වැනසුණ බවයි. එසේ ම පෙයාර්ස් වගාව ද එම රෝගයට ගොදුරු වූ බව ඒ මහතා කියයි. එම වගාව සාර්ථකව ඇත්තේ රහංගල ප්‍රදේශයේය.

    දොඩම්- නාරං ආනයනය

    දොඩම් සහ නාරං පිටරටින් ගෙන්වා ගන්නේ දේශීය දොඩම් සහ නාරං වගාවක් රට තුළ තිබියදී යැයි ඒ මහතා කියයි. මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේගම, රණමුරේ ආදි ප්‍රදේශයන්හි පාරම්පරිකව දොඩම් වගාවේ නියුතු ගොවි ජනතාවක් සිටින බව පවසන ඔහු මාතලේ නාරන්දෙනිය ප්‍රදේශයේ ජමනාරන් වගාව ජනප්‍රියව පැවති බව ද, තවමත් ජමනාරන් වගාව සිදු කරන බවද කියයි.

    දඹුල්ල පොදු වෙළඳ පොළට මේ දිනවල නාරන් සහ දෙහි ලැබෙමින් පවතී. අප්‍රේල් මාසය නාරන් දොඩම් සහ දෙහි අස්වැන්න පටන්ගන්නා අවදියයි. මහනුවර සිට මහියංගනය දක්වා විහිදෙන මග දෙපස දෙහි, නාරන් සහ දොඩම් ගොඩ ගසා ඇති ස්ථාන දක්නට ලැබේ.

    මහියංගනය, පදියතලාව සහ බිබිල නගර වෙළෙඳ පොළවලට අවටින් අස්වනු ගලා එද්දී මිල ද පහත වැටී තිබේ. මහියංගනය සහ පදියතලාව අවට දොඩම්, නාරං සහ දෙහි මිල මේ දිනවල අඩුවෙමින් පවතී. මහියංගන වේවත්ත සහ කුකුලාපොළ යන ගම්වල දෙහි කිලෝව රුපියල් 20 කි. සාමාන්‍ය ප්‍රමාණයේ දොඩම් ගෙඩියක් රුපියල් 20 කි. මහියංගන නාගදීප ගොවි ජනපදයේ ගොවි මහතෙක් කීවේ මේ දිනවල සිය නිෂ්පාදන නාගදීප පුරාණ විහාරස්ථානය අවට රැඳී සිටිමින් බැතිමතුන්ට අලෙවි කරන බවයි.

    2016 වසරේ දී දොඩම්, දෙහි, අඹ, අලිගැටපේර සහ වැල් දොඩම් නිෂ්පාදනය ඉහළ ගිය බව මහබැංකු වාර්තාව කියයි. 2017 අද තිබෙන තත්ත්වය බලන කළ පෙනෙන්නේ ද මෙවර අස්වැන්න ඉහළ යන බවයි. ශ්‍රී ලංකාවේ දොඩම් සහ දොඩම් යුෂ අපනයන කළ හැකි නම් එමඟින් විදේශ ඉපයීම් වැඩිකර ගැනීමට පිළිවන.

    අන්තර් ජාතික වෙළෙඳපොළ

    ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ අලෙවි විධායක චන්දන විජේකෝන් මහතාගෙන් මේ පිළිබඳව විමසූවිට ඔහු කීවේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ඇතැම් පලතුරුවල වර්ණයට එතරම් කැමැත්තක් විදේශීය වෙළෙඳපොළ තුළ දක්නට නොලැබෙන බවයි. ඉන්දියාව උසස් තත්ත්වයේ ප්‍රමිතිය සහිත පලතුරු නිපදවමින් අන්තර් ජාතික වෙළෙඳ පොළ දිනා ගැනීමේ උත්සාහයක යෙදෙන බව ද ඒ මහතා කියයි. එසේ ම ඉන්දියානු නිෂ්පාදනයන්හි පිරිවැය වියදම් අඩු නිසා ඔවුන් තරගකාරි මිල ගණන්වලට පලතුරු සපයන බව ද ඒ මහතා කියයි.

    අපනයන කර්මාන්තය වටා තවත් කරුණු රාශියක් ගොඩනැඟී තිබේ. ඇසුරුම්කරණය, මුද්‍රණ කර්මාන්තය රටක පැළෑටි නිරෝධායන ප්‍රතිපත්ති යනාදිය ඉන් සමහරකි. අපනයනකරුවාට රුචි භාණ්ඩය මිස වෙ නත් භාණ්ඩයක් බලහත්කාරයෙන් අලෙවි කිරීමට අද හැකියාවක් නැත. පලතුරු කර්මාන්තයේ විශාල ලෙස කැපී පෙනෙන රටවල් නව මං ඔස්සේ යමින් වෙළෙඳ පොළට පලතුරු සපයකි.

    පලතුරු අපනයනයේ දී කෙසෙල් සඳහා දැවැන්ත වෙළෙඳ පොළක් පවතී, ඉක්ව‍දොර, පිලිපීනය, කොස්ටාරිකාව, ගෝතමාලාව, කොලොම්බියාව ජාත්‍යන්තරව කෙසෙල් අපනයනයේ යෙදෙන ප්‍රමුඛ රටවල් වෙති. ඩෝලේ වැනි බහුජාතික සමාගම් ද චීනයේ දැවැන්ත ආයෝජකයෝ ද කෙසෙල් අපනයනයේ නිරත වෙයි.

    කෙසෙල් වර්ග රාශියක් ඇතත්, ශ්‍රී ලංකවේ කෙසෙල් අපනයනයේ ප්‍රධානත්වය හිමිවන්නේ CAVEDISH නම් වර්ගයට යැයි ශ්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ සංගමයේ අලෙවි විධායක චන්දන විජේකෝන් මහතා කියයි.

    ඔහු පවසන අන්දමට සෙසු දේශීය කෙසෙල් වර්ග සඳහා අපනයන වෙළෙඳ පොළක් සපයා ගැනීම දුෂ්කර නිසා අපනයනකරුවන් එම කෙසෙල් වගාවට නැඹුරු වෙති.

    ශ්‍රී ලංකා අපනයනයන් සඳහා ඇමෙරිකා සහ යුරෝපා වෙළෙඳ පොළ වඩාත් විවෘත කර ගැනිමට අවස්ථාව ඇතත්, රට රටවල නිරෝධායන ප්‍රතිපත්ති වඩාත් ලිහිල් කර ගත යුතු යැයි පවසන චන්දන විජේකෝන් මහතා අපනයන වෙළෙඳ පොළ පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කළ යුතු බව ද කියයි.

    කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්ක දෙකෙන් තෝරා ගත් තරුණ ගොවි කණඩායම් දෙකකට පලතුරු අපනයනය පිළිබඳ අවශ්‍ය දැනුම ලබාදීමේ වැඩපිළිවෙළක් තම වාණිජ මණ්ඩලය විසින් අරඹා ඇතැයි ද ඒ සඳහා පලතුරු අපනයනකරුවන්ගේ සහයෝගය ද ලැබෙන්නේ යැයි ද විජේකෝන් මහතා කියයි.

    කෙසෙල්, ගස් ලබු, අන්නාසි, රඹුටන්, පේර සහ කොමඩු නිෂ්පාදනය පහළ යෑමත් 2016 දී දක්නට ලැබුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව සඳහන් කර තිබේ.

    අපනයනයට සම්බන්ධ පලතුරු සැපයුම්කරුවකු වන රවින්ද්‍රන් පලතුරු සපයාගන්නේ මහනුවරින් සහ හුන්නස්ගිරියෙනි. ඔහු පවසන අන්දමට අපනයනයට සුදුසු අලිගැට පේර සපයා ගැනීම අපහසුවන්නේ පලතුරු ගෙඩිවල තැලීම් හා සීරිම්තුවාල දක්නට ලැබීම නිසාය. අපනයන කරුවන් ඉල්ලා සිටින ප්‍රමාණයට සරිලන එමෙන්ම විශාලත්වයෙන් යුතු ගෙඩි සපයා ගැන්මට මහන්සි විය යුතු යැයි ඔහු කියයි. ගස්ලබු ග්‍රෑම් 500 ප්‍රමාණයේ ගෙඩි සඳහා දැඩි ඉල්ලුමක් තිබේ. මෙයට හේතුව ඇසුරුම්කරණය යැයි රවින්ද්‍රන් පවසයි. ඔහු පවසන අන්දමට පශ්චාත් අස්වනු හානිය ද ඉහළ මට්ටමක පවතී.

    පසු අස්වනු හානිය

    අපනයනයට සරිලන අන්නාසි සපයා ගැනීමේ දී පිටිමකුණු උවදුර දැඩි පීඩාවකැයි ඔහු කියයි. එසේම ගසෙන් කැපූ පසු තැනින් තැනට විසිකිරීම නිසා පලතුරු හානිය බහුල වන්නේ යැයි ද ඔහු කියයි. අස්වනු හානිය අවම කර ගැනීම ගොවි‍‍පොළෙන් ඇරැඹිය යුතු යැයි ඔහු කියයි.

    පලතුරු අපනයන රටවල් සිය නිෂ්පාදනයන් හි පශ්චාත් අස්වනු හානිය අවම කර ගන්නා අතර ශ්‍රී ලංකාව ද එම දියුණු ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු යැයි පලතුරු අපනයන අංශ අවධාරණය කරති.

    යුරෝපා සංගමය ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ මරණ ඉවත් කොට, ජී.එස්.පී. සහන ඉවත් කිරීම ශ්‍රී ලංකාවේ පලතුරු හා පලතුරු යුෂ කර්මාන්තය දියුණු කිරීමට හේතුවක් කර ගත හැකි දැයි සොයා බැලිය යුතු යැයි ද අපනයන අංශ යෝජනා කරයි.

    එළවළු හා පලතුරු අපනයන අංශයට සම්බන්ධ ව්‍යාපාරික අංශ සඳහන් කරන අන්දමට යුරෝපීය සංගමය කෙසෙල්, අන්නාසි, කොමඩු සහ අන්නාසි යුෂ දැනට සපයන එක් රටක් නම් කොස්ටාරිකාවයි. එසේ ම චීනය යුරෝපා සංගමයට ඇපල් යුෂ, ශීතකළ ස්ට්‍රොබෙරි, ශීතකල පලතුරු සහ ඇට, විජලනය කරන ලද පලතුරු, නාරන්, සුදු ලූනු, හාතාවාරිය අල හා ඉස්ම සහ විවිධ හතු මිශ්‍රිත සකස් කළ ආහාර ද්‍රව්‍ය අලෙවිය සඳහා මඟ පාදා ගෙන තිබේ. චීනය, ඉන්දියාව, රුසියාව සහ තුර්කිය පලතුරක් ලෙස අමු තත්කාලි නිෂ්පාදනයේ ප්‍රධාන රටවල් හතරයි. මේ රටවල් හතරම තක්කාලි අපනයනයේ යෙදෙන අතර තක්කාලි ඉස්ම හා පල්ප වශයෙන් අලෙවි කිරී‍ෙම් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ තුර්කියයි. තුර්කියේ අමුතක්කාලි යුෂ කර්මාන්තය වසරින් වසර ලෝක වෙළෙඳ පොළ ආක්‍රමණය කරයි. මේ ව්‍යාපාරික සංවර්ධනය සඳහා විවිධ වෙළෙඳ ගිවිසුම් උපයෝගී කර ගනිති. ශ්‍රී ලංකා තුර්කි වෙළෙඳ සබඳතා මෑතක සිට වර්ධනයව තිබේ.

    පලතුරු හා එළවළු සම්බන්ධ ජාත්‍යන්තර සඟරාවක් වූ FOOD BUSINESS NEWS සඟරාව පලතුරු යුෂ කර්මාන්තය පිළිබඳ ලිපියක් 2015 නොවැම්බර් කලාපයේ පළකර ඇත.

    GSP+ සහනය

    එම ලිපිය පවසන අන්දමට රසකාරක විරහිත ස්වභාවික පානවර්ග සහ පලතුරු යුෂ කෙරෙහි දිනෙන් දින වැඩිවෙන ඉල්ලුමක් පවතී. එම ඉල්ලුම සපුරා ලීමට කර්මාන්තකරුවන් විමසිලිමත් විය යුතුය. එසේම මිශ්‍ර යුෂ පාන ඉදිරිපත් කිරීම් ද දක්නට ලැබේ. ඝර්ම කලාපීය පලතුරු ඉස්ම සමඟ පොල්වතුර මිශ්‍රිත පානවර්ග රාශියක් දැන් යුරෝපීය වෙළෙඳ පොළේ ජනප්‍රියව තිබේ. ශ්‍රී ලංකාවේ පොල්වතුර සඳහා මෑතක සිට දැඩි ඉල්ලුමක් පවතින අතර තේ මිශ්‍රිත පාන වර්ග ද දැන් ලෝක වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

    ශ්‍රී ලංකාවේ මොනරාගල, රත්නපුර, කුරුණෑගල, බදුල්ල යන දිස්ත්‍රික්කවල දෙහි, නාරං සහ දොඩම් අස්වැන්නෙන් නිසි පල ලැබිය යුතුය. මේ අස්වැන්න වැඩිවීමට විවිධ බද්ධ පැළ ව්‍යාපාර ද හේතුවී ඇත. විශේෂයෙන් මධු වැනි නාරන් ප්‍රභේද හඳුන්වා දීම ද පැණි දොඩම් බද්ධ පැළ හඳුන්වා දීම ද පැසසිය යුතුවේ. එම නිෂ්පාදන ජාතික ආර්ථිකයට හවුල් කර ගැනීම රට ඉදිරි‍යේ ඇති මිළඟ ප්‍රයත්නයයි.

    කරු­ණා­රත්න අම­ර­තුංග (silumina)

    Wonder Womanට ලෙබනනය හරස් වෙයි

    By: Aththa Withthi On: 6/04/2017 06:10:00 AM
  • Let's Get Social

  • ඊයේ (02දා) දින සිට ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹි Wonder Woman චිත්‍රපටය ලේබනනයේ පමණක් තහනම් කිරීමට එරට ආරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ඉල්ලීමක් කර ඇත.

    ඊට හේතුව වී ඇත්තේ මෙහි සුපිරි කාන්තාවගේ චරිතයට පණ පොවන හොලිවුඩ් නිළි ගැර්ල් ගැඩොට් ඊශ්රායල් ජාතික කාන්තාවක වීම නිසාය.

    පැටි ජේකින්ස් (Patty Jenkins) ගේ නිර්මාණයක් වූ Wonder Woman හැලන් හේර්න්බග් (Allan Heinberg) ගේ තිර රචනයකි.

    බ්‍රිතාන්‍යයේ රූ ගත කර ඇති මෙම චිත්‍ර‍පටය විකාශන කාලය විනාඩි 141 කි. සුරූපි හොලිවුඩ් නිළි ගැර්ල් ගැඩොට් (Gal Gadot) ඩයනා කුමරිය හෙවත් සුපිරි වීරවරිය ලෙස ප්‍ර‍ධාන භූමිකාවට පණ දෙන අතර ක්‍රිස් පැනේ(Chris Pine) රොබින් රයිට්, ඩැනී හූස්ටන්,ඩේවිඩ් දෙවිල්ස්, එලීනා අන්‍යා වැනි සුපිරි හොලිවුඩ් නළු නළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙති.

    Wonder Woman හෙවත් ඇය විස්මිත ගැහැනියකි. නමුත් ඈ සතු සුපිරි බලය පිළිබඳ කිසිවක් කවුරුත් නොදනි. මේ විස්මිත ගැහැනිය හෙවත් ඩයනා අද සිට ඔබ හමුවන්නේ සුපිරි හොලිවුඩ් චිත්‍ර‍පට ලොවට එක් වන කාන්තාවගේ චරිතය මත පදනම් වූ ප්‍ර‍ථම සජිවි ක්‍රියාදාම සිත්තම වූ ‘Wonder Woman‘ චිත්‍ර‍පටයෙනි. (mirrorarts)

    සනත්ගේ වසර 19 කට පෙර දක්ෂ කමක් නැවතත් කරළියට

    By: Aththa Withthi On: 6/04/2017 05:55:00 AM
  • Let's Get Social

  • සනත් ජයසුරිය යනු ක්‍රිකට් ලෝකයේ සදා කාලිකව තම නම සටහන් කර ගත් සුපිරි තරුවකි.සනත් ගැන නැවතත් වැඩි වැඩියෙන් කතා කරන කාලයකදී සනත් ටෙස්ට් පිතිකරුවකු ලෙස ශ්‍රී ලංකාවට ඉතිහාස ගත ජයක් ලබාදුන් තරඟයක් පිළිබඳව අද වැඩි පුර කතා බහට ලක්වේ.

    සනත් ගේ දක්ෂතා මුරලිගේ සුපිරි පන්දු යැවීමෙන් යටපත්වූ එම තරඟය වාර්තා වන්නේ ශ්‍රී ලංකාව එංගලන්තයේදී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙසිනි.මෙම ජයග්‍රහණය ලබා දුන් ඕවල් පිටිය අද දිනයේ පැවැත්වෙන දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා තරඟය පැවත්වෙන ක්‍රීඩාංගනය වන නිසා එදා ක්‍රිකට් ක්‍රීඩාවේදී ශ්‍රී ලංකාව ලැබූ ගෞරවය අද ඕවල් පිටියේ රැක ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ වගකීමක් වී තිබේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය ලබා ගැනීමෙන් පසුවද එංගලන්තය අපට ලබා දුන්නේ එක ටෙස්ට් තරඟයක් පමණි.එංගලන්තයේ මෙම මහන්තත්වයට දක්ෂතා වලින් පිළිතුරුදීමට සිතාගත් අර්ජුන ප්‍රමුඛ කණ්ඩායම 1998 ඕවල් ටෙස්ට් තරඟයට මුහුණ දුන්නේ කෙසේ හෝ තරඟය ජයගැනීමේ අරමුණ සහිතවය.

    තරඟයට පෙර අර්ජුන අර්ජුන දැඩි තරහකින් සිටි බව අර්ජුන cricbuzz.com සමඟ පැවති සාකච්චාවකදී පවසා ඇත.

    “මම හිතුව ලෝක කුසලානය දිනුවට පස්සේ වත් එංගලන්තය අපිට එක ටෙස්ට් තරඟයක් දෙන එක වෙනස් කරයි කියල,හැබැයි 98 දීත් අපිට එයාල දුන්නේ එක ටෙස්ට් තරඟයක් විතරයි.මම ඒ ගැන ගොඩක් තරහෙන් හිටියේ ,අපි තරඟයට කලින් තිබුන කණ්ඩායම් හමුවේදී කතා කරගත්ත කොහොම හරි ටෙස්ට් තරඟය දිනන්න.මම දැනගෙන හිටිය කොහොම හරි පලවෙනි ඉනිමේ හොදට කලොත් ඒ තණතිල්ලේ මුරලිගෙන් ලොකු වැඩක් ගන්න පුළුවන් කියල.”

    තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කල එංගලන්තය ග්‍රැහැම් හික්ගේ ශතකය සහ ජෝන් ක්‍රව්ලි ගේ ශතක සමඟ ලකුනු445 ලබාගත් අතර මුරලි කඩුලු පහක්ම දවා ගැනීමට සමත් විය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව සනත් ජයසුරිය ලබාගත් ද්විත්ව ශතකය සහ අරවින්ද ලබාගත් ලකුණු 150 සමඟ ලකුණු 591 රැස් කිරීමට සමත් විය.

    ලකුණු 141 පිටුපසින් සිට තම දෙවන ඉනිම ඇරඹු එංගලන්තය දෙවන ඉනිමට ලබාගත්තේ ලකුණු 181 පමණි.එංගලන්තයේ දැවී ගිය කඩුලු 10 න් 9ක් ම මුරලි සතු වූ අතර ඉතිරි කඩුල්ල උපුල් චන්දන පන්දුව කෙලින්ම කඩුල්ලට එල්ල කර ලබාගත් දුවද්දී දැවී යමක් ලෙස සටහන් විය.

    ශ්‍රී ලංකාවට ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 36 සනත් කළු යුගලය ලබා ගත්තේ පන්දු වාර හතරක් පමණක් වැයකරමිනි.ඒ ඉනිමේ සනත් ජයසුරිය විසින් අන්ගුස් ෆ්රේසර් ට පොයින්ට් කලාපයට ඉහලින් ගුවනේ සිට එල්ල කල හයේ පහර තවමත් ක්‍රිකට් ලෝලීනට අමතක නැතුවාට සැකයක් නැත.

    තරඟයේ අවසානයේ පැවති මාද්‍ය හමුවකදී ශ්‍රී ලංකා නායක රණතුංග ගෙන් මාද්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රී ලංකාව මෙතරම් දක්ශතා දක්වද්දීත් එංගලන්තය එක ටෙස්ට් තරඟයක් පමණක් ලබාදීමේ හේතුව කුමක් විය හැකිද යන්නයි.ඒ ප්‍රශ්නයට අර්ජුනගේ පිළිතුර වුයේ,

    “අපිට තරඟ තුනක් දුන්නොත් තරඟ තුනම ජයගෙන එංගලන්තයට අවමානයක් ඇති කරනු ඇතැයි බියෙන් එක තරඟයක් පමණක් ලබා දී එම තරඟය පැරදීඅවමානය අඩු කර ගන්නා බවයි.”

    එදා ඒ අයුරින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ ගෞරවය වෙනුවෙන් කැපවී ඇති කරගත් ක්‍රිකට් ලෝකයේ ශ්‍රී ලංකාව යන නම රැක ගැනීමට අද දකුණු අප්‍රිකාව සමඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න අද අපට බලාගත හැකි වනු ඇත. (cricketlanka)

    අමෙරිකාව කැළඹූ රොබෝ කෙල්ල

    By: Aththa Withthi On: 6/04/2017 05:40:00 AM
  • Let's Get Social


  • සුරූපී ලාලිනියක් පසුගියදා රාත්‍රියක අමෙරිකා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට පැමිණියාය. ජිමි ෆැලන්ගේ රාත්‍රී සංදර්ශනයක් වූ මේ වැඩසටහන විහිළු තහළුවලින් පිරුණු එනිසාම ප්‍රේක්ෂකයන් වැඩි ගණනක් ආකර්ෂණය කරගත් එකකි.

    එදා රාත්‍රී මේ වැඩසටහනට ආ සොපියා නමැති රුවැත්තිය නොසිතූ විරූ තිගැස්මක් ප්‍රේක්ෂකයන් වැඩිදෙනා තුළ ඇති කළාය. සමහරු ඇගේ දස්කම් දැක ප්‍රමුදිත වූහ. තවත් අය මේ අමුතු රුවැත්තිය හා ඇගේ හැකියාව නිසා තක්කු මුක්කු වූහ.

    ජිමි ෆැලන් සමඟ හරි හරියට විහිළු තහළුවල යෙදෙමින් කැකිරි පැලෙන ටිකිරි සිනා පාමින්, ඇස් ඉඟිමරමින් වැඩසටහන ආලෝකවත් කළ ඇය සජීවී තැනැත්තියක් නම් නොවේ. ඇය රොබෝවකි. රොබෝ යුවතියක් හා හා පුරා කියා රූපවාහිනී ප්‍රේක්ෂකයන් අතරට ආවේ එදාය.

    සාමාන්‍ය තරුණියකටත් වඩා දක්ෂ වූ ඇය රූමත් බවින්ද අඩුවක් පෙන්වූයේ නැත. මේ නිසාම සොපියා අපේ කාලයේ අපූරු විද්‍යා තාක්ෂණ ඉදිරි පිම්මක කදිම නිදර්ශකයක් වූවාය.

    සොෆියා අමෙරිකානු රොබෝ තාක්ෂණඥයකු වන ඩේවිඩ් හැන්සන්ගේ නිර්මාණයකි. ඔහුට අනුව කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවන්ට සාමාන්‍ය මිනිස් ස්වරූපය ලබාදුන් විට ඔවුන් මිනිස් වර්ගයාට නොදෙවැනි දස්කම් දක්වන්නන් බවට පත්වනු ඇති බවය. එදා රෑ රූපවාහිනී වැඩසටහන මේ බව සනාථ කළේය.

    රබර්, පෝසිලේන්, යකඩ තහඩු මිශ්‍රිත සිරැරකින් යුතු වුවද ඇගේ රෑපය හැඩගන්වා තිබුණේ සුරෑපී නිළියක වන ඕඩ්‍රි හෙප්බර්න් සහ රොබෝ නිර්මාතෘ ආචාර්ය ඩේවිඩ් හැන්සන්ගේ බිරියගේ රූපකායන්වල එකතුවකට සමාන ලෙසිනි.

    අන් අය කියන දේ වටහාගන සුදුසු පිළිතුරු දෙන්නටත් ඔවුන්ගේ අංග චලන, මුහුණේ හැඟීම් තේරුම්ගෙන ඒවාට නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නටත් සමත් සොපියා ඇත්තෙන්ම ප්‍රබල තාක්ෂණික ජයග්‍රහණයකි. මෙය විද්‍යා ප්‍රබන්ධ කතාවල සහ හොලිවුඩ් චිත්‍රපටවල මෙතෙක් දුටු යකඩයන්ගේ ලෝකය සැබෑ ලෝකය වෙත ගෙන ඒමකි.

    නමුත් සොපියා බඳු යකඩයන්ගේ ආගමනය නිසා ඉදිරියේදී නිවේදක ක්ෂේත්‍ර යේ පමණක් නොව තවත් බොහෝ අංශවල රැකියා මිනිසුන්ට අහිමිව යන අනතුරද මේ සමග උදා වී තිබේ. සොපියා ඇතුළු මිනිසුන්ට සමාන සජීවී රොබෝවන් 20ක් දැනට ආචාර්ය හැන්සන් නිපදවා තිබේ. ඔහුට අනුව නම් සොපියා වැනි රොබෝවන් අපේ එදිනෙදා ජීවිතයේ සමීපතමයන් බවට පත්වන්නට තවත් වැඩි කාලයක් යන හැඩක් නැත.


    (deshaya)

    තේජව බලන්න මම දැන් යන්නෙ නැහැ

    By: Aththa Withthi On: 6/04/2017 05:25:00 AM
  • Let's Get Social

  • හැමදාමත් පෙම්වතාගේ චරිතය කරපු අමිල අබේසේකර ඒකෙන් මිදෙන්නේ කවදද?
    අලුත් ටෙලිනාට්‍යයේ මම පෙම්වතෙක් නෙමේ. ඒකෙ කොතැනකවත් මට පෙම්වතියක් නෑ. මම මගේ නංගිව බලාගන්න, නංගි වෙනුවෙන් ජීවිතේම කැපකරන අංගම්පොර ඉගෙන ගන්න චරිතයක්. ඒක වෙනස් චරිතයක් වෙයි.

    ඔය හැම වැඩක් එක්කම ටිකක් නිවාඩු පාඩුවක් ලැබුණාම අමිල මොකද කරන්නේ?
    නිදහසේ ඉන්නවනම් මම ඔය ගෙදර ඉන්න හරි ආසයි. ඒ වගේ වෙලාවට ටිකක් දවල් වෙනකන් නිදාගන්නවා. ගෙදර ඉන්නකොට තමයි ඉතින් මගේ වැඩ කරගන්න වෙන්නේ. බඩුවක් මුට්ටුවක් ගන්න ඕනෙනම් ඒක ගන්න, බැංකු වැඩවලට යන්න, බිල් ගෙවන ඒවාට යන්න, මේ දේවල් කරද්දි ඉතින් වෙලාව යනවා තේරෙන්නෙ නෑ.

    පහුගිය දවස්වල තේජාත් ලංකාවට ආවා නේද..?
    ඔව්... තේජා පහුගිය දවස්වල ලංකාවට ආවා. එයා අවුරුදු කාලේ ඉඳන්, ඒ කියන්නේ අප්‍රේල් මාසෙ ඉඳන් හතර පස් වතාවක් ළඟ ළඟ ලංකාවට ආවා ගියා.

    වෙනදාට තේජා බලන්න අමිල ලංකාවෙන් ගියා. දැන් අමිලව බලන්න තේජා ලංකාවට එනවා... මොකද මේ?
    ඔව්... ඔව්... ඒකනම් ඇත්ත. වෙනදාට මම තමයි තේජා බලන්න එහෙට ගියේ. ඒත්... මේ දවස්වල ෂූටිං වැඩ නිසා මේ දවස් ටිකේ මට යන්න විදිහක් නෑ. ඒ නිසා දැන් මේ දවස් ටිකේ මාව බලන්න තේජා මෙහාට එනවා.

    කොහොමද තේජාගෙන් ඔයාගේ කලා කටයුතුවලට ලැබෙන සහයෝගය?
    ඒකනම් ඉතින් හැමදාම කියනවා වගේම උපරිමයෙන් මට එයාගෙන් ලැබෙනවා. එයා තමයි මගේ ටෙලිනාට්‍ය බොහොමයක් බලන්නෙත්. එහෙම බලලා මගේ අඩුපාඩු කියන්නෙත් එයා. තිර පිටපතක් එයා ඉඳිද්දි මට ලැබුණොත් එයා ඒක ඉක්මනට කියවලා මට කතාව කියලා දෙනවා.

    අද වෙද්දි ඇතැම් කලාකරුවන්ගේ විවාහ බැඳීම් පවතින්නේ බොහොම ටික කාලයයි. එක වහලක් යට ඉඳගෙනත් වෙන්වෙන මොවුන්ගේ ජීවිත ගැන මොකද හිතෙන්නේ.. තේජායි අමිලයි රැකියා කටයුතු නිසා ඉන්නේ දෙතැනක..?
    ඕනෑම ප්‍රශ්නෙකට විසඳුම තියෙන්නෙත් තමන් ළඟයි. තේරුම් ගැනීම හා විශ්වාසය තියෙනවානම් කාටවත් ජීවිතේට ඇඟිලි ගහන්න බෑ. තේජා කියන කෙනාව මම වගේම එයත් එක්ක වැඩ කරන හැමෝම දන්නවා එයා කවුද කියලා. ඒ නිසා මට අමුතුවෙන් එයා ගැන හොයන්න බලන්න දෙයක් නෑ. එයා දන්නවා තමන් කොහොමද වැඩ කරගන්න ඕනෙ සහ තමන් කොහොමද ඉන්න ඕනෙ කියලා. ඒ නිසා මට එයා ගැන අමුතුවෙන් හොයන්න දෙයක් නෑ.

    එතකොට තේජාට ඔයා ගැන හොයන්න ඕනෙ නැද්ද..?
    ඒක ඇත්ත. තේජාට මගේ ගැන තමයි හොයන්න ඕනේ. මොකද මේ කලා ක්ෂේත්‍රය නිසා අපි ගැන කතා හැදෙනවා වැඩියි. ඒකත් මම පුළුවන් තරම් රැකගෙන තමයි ඉන්නේ. සමහරුනම් කතා හදනවා ඇති. මොකද අපි ඉන්න විදිහට. අද කාලේ හොඳ කියනවා හරි අඩුයිනේ. ඒත්... මට කියන කතාවලට මට ගාණක් නෑ. මම දන්නවා මම කවුද කියලා. ඒ නිසා තේජා මගේ ගැන හොඳට දන්නවා. අනික තේජා දුරස් කියලා අපිට දැනෙන්නේ නෑ. තේජායි මායි සතියකට සැරයක් සති දෙකකට සැරයක් මුණගැහෙනවා. ඒ නිසා ඒක ලොකු ඈත්වීමක් කියලා මට දැනෙන්නෙ නෑ.

    කාලයක් රියැලිටි ෂෝ නිවේදනය කරපු අමිල මේ දවස්වල රියැලිටි ෂෝවලට නිවේදනයෙන් දායක වෙන්නේ නෑ. මොකද ඒ ගැන ඉන්නේ කලකිරීමෙන්ද...?
    නෑ.. දැනටම මම රුපවාහිනියේ ප්‍රචාරය කරන රිදම් චැට් වැඩසටහන කරනවා. මීට අවුරුදු ගාණකට උඩදි එක රියැලිටි වැඩසටහනක් කළා. ඊටපස්සේ ඒ නාලිකාව වෙනස් කරන්න වෙන්න ඇති ඒක වෙනස් කළා. ඊටපස්සේ නම් මම රියැලිටි ෂෝ වැඩසටහන්වලට සහභාගි වුණේ නෑ.

    කවදා විතර තමන්ගේම නිවසක පදිංචිවේවිද..?
    ඉඩමක්නම් අපි දෙන්නා අරගෙන තියෙන්නේ. තාම ගේ හදන්න පටන් ගත්තේ නෑ. අලුත් පන්නයේ අපේ අතේ ඇති මුදලට සරිලන ගෙයක් තමයි හදන්න හිතාගෙන ඉන්නේ. තේජා ලෝකෙ රටවල්වලින් නොගිය රටක් නැති තරම්. මමත් රටවල්වල සංචාරය කරලා තියෙනවා. ඉතින් ඒ රටවල්වල ගෙවල්, හොටෙල් වලින් අපි දෙන්නගේ ඔළුවේ එක එක අයිඩියා තියෙනවා. ඒ නිසා ඒ අයිඩියාවලින් අපේ ගාණට ගැලපෙන හොඳ ගෙයක් අපි දවසක හදනවා.

    මොනවද තියෙන බලාපොරොත්තු..?
    මම එක ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කළා. ඒ මුලු වරුසා ටෙලිනාට්‍ය. ඉතින් තව ටෙලිනාට්‍යයක් අපි මේ අවුරුද්දේ අන්තිම කරන්න හිතාගෙන ඉන්නවා.

    ►Text - Dishani / Pic - Sumudu (deshaya)