මියගිය කෙනෙක්ගේ මළ සිරුරෙනුත් පළි ගන්නවානම් ඒ පලිගන්න කෙනාගේ හිතේ තියෙන්න ඕන මොනවගේ තරහක්ද ?
මේ කියන්න යන්නේ මළ සිරුරකට අමානුෂික විදිහට සලකල, හිතේ තරහ පිරිමහගත් නරුම තරුණියක් ගැන.
බල්ගේරියාවේ ජීවත් වන ශ්‍යනා සිම්ස් ගේ වයස අවුරුදු 27යි.
ඇගේ පෙම්වතාගේ හිටපු පෙම්වතිය වුණු ටැබතා ලින්ච් එක්ක ඇය හිටියේ ලොකු තරහකින්.
ටැබතා තමන්ට වඩා ලස්සනයි කියල හැඟීමක්ය ඇයට තිබ්බ.
කොහොමහරි ගිය අප්‍රේල් මාසයේ ටැබතා මියගියා.
ටැබතා මියගියාම ශ්‍යනා ඇගේ සිරුරට වද දීලා සතුටු වුණා.
ටැබතාගේ මළ සිරුර රෝහලේ තියෙද්දී එතනට ආ ශ්‍යනා, තමන් මේ මළ සිරුර ලස්සන කරන්න උදව් වෙන්න ආව බව කිව්වා.
ඉන් පස්සේ රුපලාවන්‍ය උපකරණ මල්ලක හංගන් ආ යුධ අරන්, හොරෙන් ම මළ සිරුරේ හිසකෙස් කපල, නියපොතු ගලවල, මළ සිරුරේ මුහුණ විනාශ කළා.
ඉන් පස්සේ තමන් කරපු දේ ගැන තැන තැන කියවන්නත් ගත්ත.
ටැබතාගේ ගෙදර අයගේ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැනුණු ශ්‍යනා ට මේ වෙද්දී අවුරුදු 16 ක සිර දඬුවමක් නියම වෙලා.
|
Loading...
|
|---|
0 comments:
Post a Comment