ඉරාකයේ කාබුල් නුවර පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයට එරෙහිව ආරම්භ කළ විරෝධතා පා ගමන මර්දනය කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
සියයකට අධික විරෝධතාකරුවන් පිරිසක් බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානය අසල සිට රාජ්‍ය විරෝධී සහ තලෙයිබාන් විරෝධී සටන් පාඨ ප්‍රකාශ කරමින් විරෝධතාවයේ නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
විරෝධතාකරුවන් පා ගමනින් ජනාධිපති මන්දිරය වෙත ගමන් කිරීමට උත්සාහ කිරිමේදී පොලීසිය, කැරලි මර්දන සහයද ගෙන ඔවුන් මර්දනය කිරීමට පියවර ගෙන තිබුණි.
පසුගිය බදාදා එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 90 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 300කට අධික පිරිසක් තුවාල ලැබීය.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් භාරගෙන නොමැති බව සඳහන් වෙයි. (adaderana)
|
Loading...
|
|---|
0 comments:
Post a Comment