05 June, 2017

Tagged Under:

තරංගට පැනවූ දඬුවම සාධාරණද..? මෙන්න තරංග කියන කතාව

By: Aththa Withthi On: 6/05/2017 10:50:00 PM
  • Let's Get Social

  • දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර චැම්පියන්ස් කුසලාන තරඟාවලිය යටතේ පැවති පළමු තරඟය අවසන් වුවද එම තරඟයේ ශ්‍රී ලංකාවට හිමි වුයේ පරාජයක් පමණක් නොවේ තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පිතිකරුවා මෙන්ම මෑත කාලයේ හොදින් ලකුණු අතර සිටින උපුල් තරංගට ඉදිරි තරඟ දෙකක තහනමක් පැනවීමට තීරණය වීම නිසා දැඩි අවාසියක් සිදුවිය.

    තරංග දකුණු අප්‍රිකාව සමඟ තරඟය නායකයා ලෙස කටයුතු කල අතර අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ නීති රීති අනුව එක්දින ඉනිමක් නිමා කිරීමට ලැබී තිබෙන සම්මත කාලය වන්නේ විනාඩි 210කි.නමුත් දකුණු අප්‍රිකා ඉනිම නිමා වුයේ පැය 4කුත් විනාඩි 07 ගතවූ පසුවය. එනම් විනාඩි 247 ක කාලයක් තරංග තම පන්දු යවන්නන් දකුණු අප්‍රිකා පිතිකරුවන් පාලනයට යොදාගෙන තිබුණි.

    තරංගට මෙම දඬුවම පැනවීමෙන් පසුව ඇතැම් මත පළකර තිබුනේ මෙය ICC ය ඉන්දියාවට වාසි සහගත ලෙස ගත් තීරණයක් ලෙසිනි.

    නමුත් තරංගට පැනවූ දඬුවම ගැන අදහස් දක්වා තිබුනේ තමන්ගේ වරද ගැන විනිසුරුවන් විසින් දැනුවත් කිරීම් කලද තමන්ට එය නිවැරදි කර ගැනීමට නොහැකි වූ බවයි.

    “අපි පන්දු යවද්දී ඊයේ පන්දුවාර දෙකක් අතරේ ගත්ත කාලය වැඩියි. මට මේ ගැන විනිසුරුවෝ පන්දු වාර 10ක් ඉවර වෙද්දී කිව්වා අපි ඉන්නේ පන්දුවාර දෙකක් පස්සෙන් කියල, ඒ වෙලාවේ අපි ඒ ගැන ඒ තරම් හිතුවේ නෑ. ඊට පස්සේ නැවතත් විනිසුරුවන් මට අවවාද කළා පන්දු වාර 40 අවසන් වුනාට පස්සේ.

    ඒ වෙලාවේ කිව්වේ අපි ඒ වෙලාව වෙද්දී යවන්න ඕන පන්දු වාර ප්‍රමාණයට වැඩිය පන්දුවාර 3ක් අඩුවෙන් ඉන්නේ කියල. හැබැයි ඒ වෙලාව වෙද්දී අපි වරද හදා ගන්න ප්‍රමාද වැඩියි. මොකද සාමාන්‍යයෙන් අන්තිම පන්දුවාර 10 දාන්න කොහොමත් වැඩි වෙලාවක් යනවා. එකත් එක්ක ඉනිමේ මුලදී වුන වරද නිවැරදි කර ගන්න අපිට බැරි වුනා.”

    මීළඟ තරඟ සදහා ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙස කටයුතු කිරීමේ හැකියාවක් ඇති අතර ඔහු සහභාගී නොවන්නේ නම් නායකයා ලෙස කටයුතු කරන්නේ කවුරුන්ද යන්න තවමත් නිල වශයෙන් නිවේදනය කර නැත. (cricketlanka)
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment