03 June, 2017

Tagged Under:

නිනෝ ලයිව් මුහුරත් උළෙලට "උමාලි" විශ්ෂ ආරක්ෂකියින් සමඟ

By: Aththa Withthi On: 6/03/2017 01:23:00 PM
  • Let's Get Social

  • සාරංග - උමාලි විවාහය දෙදරා යාම පිළිබඳව පසුගියදා පුවත් වාර්තා වීමත් සමඟින් ඔවුන් දෙදෙනා පිළිබඳව බොහෝ පිරිසක් කතා කරන්න වුණා. එම පුවත වාර්තා වන විටත් උමාලි ජපානයේ සිටි අතර මේ වන විට ඇය නැවත ලංකාවට පැමිණ ඇති බව දැනගන්නට ලැබෙනවා. ඒ ඇයද රංගනයෙන් දායක වන ”නිනෝ ලයිව්” චිත්‍රපටයේ මුහුරත් උළෙල සඳහා වන අතර එය පෙරේදා (01) දිනයේදී පැවැත්වුනේ රංගන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන්.

    මේ සඳහා පැමිණි උමාලි හට විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබූ බව එම අවස්ථාවට සහභාගී වූ අයෙකු කියා ඇත්තේ ඇයගේ පියා විසින් මෙලෙස ආරක්ෂකයින් යොදවා තිබූ බවයි. උමාලි, ගායක සංඛ දිනෙත් සමඟින් එක්ව මෙහිදී පැමිණ සිටි පිරිස ගීතයකින්ද පිනවන්නට කටයුතු කළා.

    කෙසේ නමුත් සියළු දෙනා එක්ව චිත්‍රපටය නරඹන අතර උමාලි හදිසියේම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

    ඇයගේ ආරක්ෂකයින් සමඟ උමාලි මෙලෙස පිටව ගොස් ඇති අතර ඇය සමඟින් කතාබහ කරන්නට සිටි ක්ෂේත්‍රයේ මිතුරන්ට ඇය මඟ හැරී ගොස් තිබෙනවා.

    මේ Nino Live චිත්‍රපටයේ මංගල දර්ශනයේ ඡායාරූප එකතුවයි.

    Loading...
    Loading...

    0 comments:

    Post a Comment