01 June, 2017

Tagged Under:

කෝලි - කුම්බ්ලේ ගැටුමෙන් චැම්පියන්ස් කුසලානයේදී ඉන්දියාව අර්බුදයක

By: Aththa Withthi On: 6/01/2017 10:35:00 PM
  • Let's Get Social


  • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තම චැම්පියන්ස් කුසලාන ගමන ආරම්භ කලේ අර්බුද ගණනාවක් මැද අවසන් මොහොතේ තම කණ්ඩායමට ICC යේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුවය.

    කෙසේ නමුත් චැම්පියන්ස් කුසලානය ආරම්භ වන මොහොත වන විටත් ඉන්දීය කණ්ඩායමේ අභ්‍යන්තර ගැටුම් උපරිමයට පත්ව ඇති බව වාර්තා වේ.මීට ප්‍රදාන වශයෙන් බලපා ඇත්තේ ඉන්දීය ප්‍රධාන පුහුණු කරු අනිල් කුම්බ්ලේගේ ක්‍රියා කලාපය බවද සැලවේ.

    අනිල් කුම්බ්ලේ පනවන දැඩි නීති නිසා නායක කෝලි ඇතුළු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අසතුටෙන් සිටින බවට වාර්තා පලවන අතර කෝලි ,දෝනි වැනි ඉහල ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඇති ක්‍රීඩකයන් සහිත කණ්ඩායමක් පාසලක විදුහල් පති වරයෙකු සිසූන් පාලනය කරන ලෙසින් කුම්බ්ලේ පාලනය කිරීමට යාම නිසා මේ අර්බුදය ඇතිවී තිබෙන බව වාර්තා වේ.

    කෙසේ වෙතත් කුම්බ්ලේ පුහුණුකරු ලෙස පත්වූ දා සිට ඉන්දියාව ඉතා සාර්ථක ප්‍රතිපල පෙන්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් නායක කෝලි පවසන්නේ ඉන්දීය කණ්ඩායමේ සාර්ථකත්වයේ හේතුව එක පුද්ගලයකු නිසා සිදු නොවන බවත් එය සමස්ත කණ්ඩායමේම කැපවීම නිසා ලබාගත් දෙයක් බවත්ය.

    චැම්පියන්ස් කුසලානයේ ප්‍රබලම කණ්ඩායමක් ලෙස හැදින්විය හැකි ඉන්දියාව මෙම අර්බුද සමග චැම්පියන්ස් කුසලානය රැක ගැනීමට කෙසේ ක්‍රීඩා කරනු ඇත්දැයි ඉදිරියේදී දැකගත හැකි වනු ඇත. (cricketlanka)
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment