03 February, 2017

Tagged Under:

සැමියෙක් සිය බිරිඳගේ කන් කපා දමයි

By: Aththa Withthi On: 2/03/2017 09:14:00 AM
  • Let's Get Social


  • ඇෆ්ගනිස්ථාන සැමියෙකු සිය බිරිඳගේ දෑත් බැඳ දමා ඇයගේ කන් දෙක කපා දැමීමේ සිදුවීමක් එරට උතුරුදිග ප්‍රදේශයෙන් වාර්තා වේ.

    විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, සරිනා නමැති 23 හැවිරිදි කාන්තාවක මෙම සිදුවීමට මුහුණ පා ඇති බව ය.

    රෝහල් බලධාරීන් පවසන්නේ, සිදුවීමෙන් පසු රෝහල්ගත කෙරුණු ඇයගේ තත්ත්වය සුව අතට හැරී ඇති බවයි.

    තමා කිසිදු වරදක් සිදු නොකළ බව ත් සැමියා තමාට මෙවැනි අපරාධයක් සිදු කළේ ඇයි දැයි තමා නොදන්නා බව ත් ඇය විදෙස් මාධ්‍යයට පවසා ඇත.

    සිද්ධියෙන් පසු අදාළ සැමියා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඇය පොලීසියෙන් ඉල්ලා ඇත්තේ සැමියා අත්අඩංගුවට ගන්නා ලෙස ය.

    13 වන වියේදි විවාහ දිවියට පත් තමා හා සැමියා අතර එතරම් හොඳ සබඳතාවක් නොපැවති බව ත් දෙමාපියන් බැලීමට යාමට හෝ තමාට ඔහුගෙන් අවසර හිමි නොවූ බව ත් ඇය පවසා ඇත.



    ඇෆ්ගිනිස්ථානය යනු කන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉතා ඉහළින් වාර්තා වන රටක් වන අතර පසුගිය සමයේ මිට සමාන සිදුවීම් කිහිපයක් වාර්තා වී තිබිණ.

    • 2016 ජනවාරි මාසයේදී ද සැමියෙකු සිය බිරිඳගේ නාසය කපා දැමීම.
    • 2014 වසරේදී ද ඇෆ්ගන් සැමියෙකු විසින් සිය බිරිඳගේ නාසය කපා දැමීම.
    • 2010 වසරේදී ද තවත් සැමියෙකු සිය බිරිඳගේ නාසය සහ කන් කපා දැමීම.



    ඇෆ්ගනිස්ථානය ගෘහස්ත ප්‍රචණ්ඩත්වයෙන් කාන්තවන් ආරක්ෂා කර ගැනීම සඳහා වන නීති දැඩි කිරීමට උත්සාහ කළ ද මේ වන තෙක් එම උත්සාහයන් සාර්ථක නොවී ය.

    _නිව්ස්ෆස්ට්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment