27 February, 2017

Tagged Under:

තලේබාන් නායකයාට හිටි හැටියේ පරිසරය සිහිවෙලා

By: Aththa Withthi On: 2/27/2017 10:27:00 AM
  • Let's Get Social
  • ඇෆ්ගනිස්තානයේ තලේබාන් නායක හිබතුල්ලාහ් අඛුන්ද්සාදා රුක් රෝපණය කරන ලෙසට එරට ජනතාවගෙන් බලවත් ඉල්ලීමක් සිදුකර තිබේ.

    ලොවපුරා අන්තවාදය හා ම්ලේච්ඡත්වය වපුරවමින් කටයුතු කරන විනාශකාරී ත්‍රස්තයෙකුගෙන් මෙවැනි වචනයක් පිටවීම පුදුමය දනවන්නක් බවද සැබෑවකි.

    පෘථිවියේ සුන්දරත්වය සඳහාත්, මැවුම්කරුවාගේ සියලු මැවීම් වෙත අවශ්‍ය ආහාරපාන ඇතුළු අවශ්‍යතා සපුරා ගැනීම සඳහාත් රුක්රෝපණය සිදුකරන ලෙස ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන්ට මෙන්ම, සිය සටන්කරුවන් වෙතද විශේෂ නිවේදනයකින් තලේබාන් නායකයා මෙසේ පවසා තිබේ.

    කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය මේ වනවිට දැවැන්ත වන විනාශයකට ලක්ව ඇති රටක් වන අතර, නීති විරෝධී දැව ජාවාරම්ද මීට හේතු වී තිබේ. එහිදී, මෙම දැව ජාවාරම් මෙන්ම, වන විනාශය සඳහා අඩු වැඩි වශයෙන් තලේබාන් සංවිධානයද වගකිව යුතු වීමද නොරහසකි.

    පසුගිය මැයි මාසයේදී තලේබාන් සංවිධානයේ නායකත්වයට පත්ව ඇති හිබතුල්ලාහ් සටන් නායකයෙකුට වඩා ආගමික නායකයෙකු ලෙස ප්‍රකට බැවින් ඔහුගෙන් මෙවැනි ප්‍රකාශයක් සිදුවීම පුදුමයට කරුණක් නොවන බවද සඳහන් වේ.



    ( නරේන් විශ්වජිත්_අද )
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment