25 February, 2017

Tagged Under:

“මුහුණ ළං කරන්න කියද්දි රන්ජන් සිඹිනවා - විවාහයට කලින් හොඳ රියසල් එකක් - බඳින එකත් ලේසි නැහැ”

By: Aththa Withthi On: 2/25/2017 01:47:00 PM
  • Let's Get Social
  • රන්ජන් රාමනායකත් අනූෂා දමයන්තිත් මංගල පෝරුව මතදී මුදු මාරු කරන ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් පසුගියදා අන්තර්ජාලයේ විවිද අදහස් පළ වුණා.

    ඔවුන් මෙලෙස පෙනී සිටියේ මංගල වැඩසටහනක් සඳහායි.

    එම ඡායාරූප සම්බන්ධයෙන් අනූෂා දමයන්ති සඳහන් කර තිබුණේ ඇතැමුන් කිසිවෙකුට නොකියා විවාහ වීම ගැන තමන්ට චෝදනා කළ බවයි.

    “ඡායාරූප ටික අන්තර්ජාලයේ ගිහිං ටික වේලාවක් යන්න කලින් මට ඇමතුම් ගොඩාක් ආවා. වැඩිපුරම තිබුණේ චෝදනා.. කාටවත් නොකියා වෙඞ්න් එක ගත්තේ ඇයි කියලයි ඇහුවේ. නැදැයින් යාළුවෝ පවා කලබල වෙලා. හැමෝම අපිට සුබ පැතුවා.ගැළපෙනම ජෝඩුව කියලත් ගොඩක් අය කිව්වා.ඇත්තටම මගේ ජීවිතේ සුන්දරම දවසක් එ් විදිහට ගෙවුනා කියලයි මම හිතන්නේ.

    මොකද රංජන් අයියත් විනෝදයට බර කෙනෙක්. ෆොටොස් ගන්නකොට මුහුණට මුහුණ ළං කරන්න කියද්දි රන්ජන් අයියා මගේ මුහුණ සිඹිනවා. ඉතිං එ්වා තමයි අන්තිමේට ඡායාරූපගත වෙලා තියෙන්නේ. එ් වගේම විවාහයට කලින් හොඳ රියසල් එකක් ගත්තා. බඳින එකත් ලේසි නැහැ කියලයි හිතුණේ.” යනුවෙන් ඇය සඳහන් කර තිබුණා.

    මේ අතර එම ඡායාරූප සම්බන්ධයෙන් රන්ජන් දක්වා තිබුණේ මෙවන් අදහසක්.

    “ඕස්ට්‍රේලියාවෙ ඉන්න මගේ අක්කා පවා මේවා දැකලා කතා කළේ හරි දුකෙන්. ඇයි හදිසියෙ තනි තීරණ ගන්නේ කියලා අක්ක ඇඬුවා. ඔයා ක්‍රිස්තියානි ආගමේ අනුෂා බෞද්ධ. දැන් එ් ළමයා ඔයාගේ ආගමට ගන්නවද කියලා ඇහුවා. ඔයාගේ දේශපාලන ගමන වෙනස්. එයා ගිය ආණ්ඩුවට වැඩ කළ කෙනෙක්. දැන් එ්වත් වෙනස් කරනවද කියලා ඇහුවා. ප‍්‍රශ්න ගොඩයි.

    අනූෂා හොඳ කෙනෙක්. මගේ හිත කවදාවත් රිද්දන්නේ නැති කෙනෙක්.තවම මට තනිකම දැනිලා නැහැ. එ්ත් දැනෙන කාලයක් එයි. එදාට මම ජීවිතේ වෙනසක් කරලා තියෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. එ්ත් තවම මම මෙහෙමමයි.”






    _නෙත්ගොසිප්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment