25 February, 2017

Tagged Under:

ගැසට් කළ ප්‍රමිතියේ ‘හෙල්මට් ඇත්තේ ‘කොයි කඩේ ද

By: Aththa Withthi On: 2/25/2017 09:42:00 AM
  • Let's Get Social
  • යතුරුපැදි හිස්වැසුම් පැලඳීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග 10ක් ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතත් ආරක්ෂිත හිස්වැසුම්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලූ පවතිනවා.

    යතුරුපැදිකරුවන් පවසන්නේ ප්‍රමිතියෙන් යුක්ත හිස්වැසුමක් පැලඳිය යුතු බවට ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇතත් වෙළෙඳපොළේ ඇති හිස්වැසුම්වල ප්‍රමිතිය ගැටලූ සහගත බවයි.

    ඉකුත්දා නිකුත් කෙරුණු මෙම ගැසට් පත්‍රයට අනුව යතුරුපැදියක් පදවන තැනැත්තෙකු පළඳින හෝ භාවිත කරන සෑම ආරක්ෂක හිස්වැසුමක්ම ශ්‍රී ලංකා ප්‍රමීතීන්ට අනුකූල විය යුතු වනවා.

    එමෙන්ම හිස්වැසුමෙහි ගුණාත්මකභාවයට අදාළ කරුණු රැසක් ද ඊට ඇතුළත්.

    ආරක්ෂක හිස්වැසුමක වර්ණය පැහැදිලිව පෙනෙන බාහිර මතුපිටින් කිසිදු ආලෝක පරාවර්ථනයක් සිදුනොවන සියයට 90ක්ම තනි වර්ණයකින් යුක්ත විය යුතු බවයි ගැසට් නිවේදනයේ සඳහන්ව ඇත්තේ.

    මෙවැනි ප්‍රමිතියකින් යුත් ආරක්ෂිත යතුරුපැදි හිස්වැසුම් වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබේද යන්න නෙත් නිවුස් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී ධර්මවර්ධනගෙන් විමසා සිටියා.

    එහිදී ඔහු සඳහන් කළේ හෙල්මට් 5කට ප්‍රමිති සහතිකය දැනට ලබා දී ඇති අතර ආයතන 12ක් ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බවයි.



    _නෙත්ගොසිප්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment