03 February, 2017

Tagged Under:

කලලය දුබල නම් - වයස 16ට අඩු නම් ගබ්සාවක් කරගන්න අලුත් නීතියක්

By: Aththa Withthi On: 2/03/2017 01:38:00 PM
  • Let's Get Social
  • දූෂණයකට ලක්වීම හේතුවෙන් වින්දිතයකු වන වයස අවුරුදු 16ට අඩු ගැහැනු ළමයකුගේ ගර්භණී භාවය හා බරපතළ කලල දුබලතා පවතින අවස්ථාවලදී වෛද්‍ය හේතූන් මත ගබ්සාවක් කර ගැනීමට ඇයට අවසර හිමිවන පරිදි නීති සංශෝධනය කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

    ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් පත් කරන ලද ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු පී.බී. අලුවිහාරේ මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශයක් අනුව එම සංශෝධන සිදු කිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.

    මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයද දැනුවත් කර ඇති අතර එම සංශෝධන පිළිබඳව ලැබෙන අදහස් යෝජනා හා විරෝධතා පිළිබඳව සාකච්ඡා කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව අමාත්‍යවරයා විසින් සලසාදී ඇති බවද අධිකරණ අමාත්‍යාංශය සිය නිවේදනය මඟින් වැඩිදුරටත් දන්වා සිටියි.



    -කුමුදු උපුල් ශාන්ත-mawbima
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment