22 February, 2017

Tagged Under:

MS ගේ ගී ගැයූ MG වන්දි ගෙවයි

By: Aththa Withthi On: 2/22/2017 09:23:00 PM
  • Let's Get Social
  • ප‍්‍රවීණ ගායක එම්.එස්. ප‍්‍රනාන්දුගේ ගීතයක් නිසි අවසරයකින් තොරව ගායනා කිරීමේ සිද්ධියට අදාළව එම්.එස්. ප‍්‍රනාන්දුගේ පවුලේ සාමාජිකයින්ට රුපියල් ලක්ෂ 3ක වන්දි මුදලක් ගෙවන ලෙසට නව පරපුරේ ගායක එම්.ජී. ධනුෂ්කට අද (22) නියෝග කෙරුණා.

    ඒ, සිද්ධියට අදාළ නඩුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීයි.

    එහිදී එම්.ජී. ධනුෂ්ක ප‍්‍රකාශ කර ඇත්තේ මෙම සිද්ධිය සමථයකට පත්කර ගැනීමට තමන් සූදානම් බවයි.

    ඒ අනුව රුපියල් ලක්ෂ 3ක වන්දි මුදල ගෙවීමේ ප‍්‍රගතිය පිළිබඳ සොයා බැලීම සඳහා අදාළ නඩුව මාර්තු 31 වෙනිදා යළි කැඳවීමට නියමිතයි. 



    _නෙත්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment