උසස් පෙළ උපකාරක පන්තියකට ගොස් නිවෙසට යෑමට බස් නැවතුමේ සිටි සිසුවියක ඇගේ පරණ පෙම්වතා විසින් බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයක දමා ගෙන ගොස් පහර දී තුවාල සිදුකොට මහමඟ දමා ගොස් ඇතැයි වැලිගම පොලිසිය පවසයි.
පහර කෑමට ලක් වූ සිසුවියගේ වයස අවුරුදු 19කි. ඇය වැලිගම ප්‍රදේශයේ පිහිටි තම නිවෙසට යෑම සඳහා මාතර නූපේ ප්‍රදේශයේ බස් නැවතුමක සිටියදී ඉකුත්දා (30දා) සවස 2.30ට පමණ ඇගේ පරණ පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ පිහියක් පෙන්වා බිය කොට බලෙන් ත්‍රිරෝද රථයට දමාගෙන පැහැරගෙන ගොස් ඇත. පසුව ඇයට පහරදී තුවාල සිදුකොට වැලිගම පොලිස් වසමේ හේන්වල හන්දියේදී ත්‍රිරෝද රථයෙන් බිමට ඇද දමා පලාගොස් ඇත.
පහර කෑමට ලක්වූ සිසුවිය පෙරේදා රාත්‍රියේ තම මව සමඟ වැලිගම පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිලි කොට ඇත.
වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන් ලසන්ත බුද්ධික මහතාගේ උපදෙස් අනුව එම පැමිණිල්ල විභාග කළ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක යූ.ජී. සෝමසිරි මහතා සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට භාරදී ඇත.
මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ.

-කඹුරුගමුව - එස්.එම්. බන්දු-mawbima
|
Loading...
|
|---|
0 comments:
Post a Comment