03 February, 2017

Tagged Under:

6 දෙනෙක් ප්‍රසිද්ධියේ එකෙකුට ගහන ගැහිල්ලක් (Video)

By: Aththa Withthi On: 2/03/2017 05:02:00 PM
  • Let's Get Social


  • පානදුර මාදුපිටිය ප‍්‍රදේශයේදි තරුණයෙකුට පහර දිලා පැහැර ගෙන ගිහින්. ඔහුව පැහැරගෙන යන්න හයදෙනෙක් ඇවිත්. අන්තිමේදි ඔහුට ගහලා ගහලා මහ පාරේ දාලා ගිහිල්ලා. ඒ ළඟ හිටපු කෙනෙක් වීඩියෝ කරලා.

    පානදුර මාදුපිටිය අඹවත්ත ප‍්‍රදේශයේ දි මෙලෙස තරුණයෙකුට මේ අමානුෂික ප‍්‍රාහරය එල්ල වි තිබුනේ අද පස්වරු 3 ට පමණ. මෙහිදි පහරකෑමට ලක්වන්නේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලට අත්උදවුවට පැමිණි තරුණයෙක්. 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පොලූ මුගුරු හා ආයුධ වලින් තරුණයාට පහරදෙන්නේ අවට සිටි පිරිස් බලා සිටියදි.

    පසුව මෙම තරුණයා බලහත්කාරයෙන් මෝටර් රථයකින් පැහැරගෙන යනවා. පසුව ඔහු අරුක්ගොඩ තොටුපල පාරේ පාළු ස්ථානයක දමා ගොස් සිටියදි ප‍්‍රදේශවාසින් පානදුර රෝහලට ඇතුලත් කළා.

    හිසෙහි සහ අතක තිබු බරපතල තුවාල හේතුවෙන් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබනවා. 23 හැවිරිදි තරුණයෙක් මෙලෙස පහරකෑමට ලක්වු අතර ඊට හේතුව සොයාගැනීමට පානදුර පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කරලා.



    -gossipking
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment