02 February, 2017

Tagged Under:

FB බොරු මූණ පෙන්වූ සිසුවිය නිසා තරුණයා කළකිරිලා

By: Aththa Withthi On: 2/02/2017 09:36:00 PM
  • Let's Get Social
  • බදුල්ල නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක මුණගැසීමට තංගල්ල ප්‍රදේශයේ සිට බදුල්ල නගරයට පැමිණි තරුණයෙකු බදුල්ල, බතලවත්ත, ඇළපාරේ ගැවසෙමින් සිටියදී ඊයේ (01දා) අලුයම අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල, ඉදිපොකුණගොඩ පාරේ පදිංචි 19 හැවිරිදි තරුණයකි. අදාළ සිසුවිය මුහුණ පොත හරහා හඳුනාගෙන ඇය සමග සුහද වී ඇය හමුවීමට තමන් බදුල්ල නගරයට පැමිණි බවත්, නමුත් හමුවීමට පැමිණි තරුණිය මුහුණු පොතෙන් දුටු රූමත් තරුණිය නොව ඊට හාත්පසින්ම වෙනස් තරුණියක වූයෙන් කලකිරී නගරයේ ගැවසෙමින් සිටියදී අත්අඩංගුවට පත්වූ බවත් සැකකරුගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


    -ඇල්ල ප්‍රසාද් රැක්මාල් - ada.lk
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment