24 February, 2017

Tagged Under:

ආබාධිත දැරියකට අතවර කරමින් සිටියදී ත්‍රීවීල් රියැදුරෙක් අත්අඩංගුවට

By: Aththa Withthi On: 2/24/2017 03:16:00 PM
  • Let's Get Social
  • කඹුරුපිටිය ප්‍රදේශයේ පාසල් ළමයින් ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථයක ගෙන යනු ලැබූ 13 හැවිරිදි ආබාධිත බාල වයස්කාර දැරියක් ත්‍රිරෝද රථය තුළදී එහි රියැදුරා විසින් අපයෝජනයට ලක්කරමින් සිටින අවස්ථාවේදී සැකකාර රියැදුරා අත්අඩංගුවට ගත් බව කඹුරුපිටිය පොලිසිය පවසයි.

    විශේෂ අවශ්‍යතා සහිත ආබාධිත දැරිය සිය පාසල් අධ්‍යාපන කටයුතු අවසන් වීමෙන් පසුව ත්‍රිරෝද රථයේ නංවාගෙන තවත් ළමයින් පිරිසක් ඉගෙනුම ලබන තවත් පාසලක් ආසන්නයට යන බවත්, අනෙක් සිසුන්ගේ පාසල අවසන් වනතුරු බාල වයස්කාර දැරිය ත්‍රිරෝද රථයේ රඳවාගෙන අවස්ථා කිහිපයකදීම අපයෝජනයට ලක්කර ඇති බවත් සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකරන ලද පරීක්ෂණවලදී හෙළිවූ බව කඹුරුපිටිය පොලිසිය පවසයි. සැකකරු 54 හැවිරිදි දෙදරු පියෙකි.

    දැරිය සිය මවුපියන් භාරයේ වෛද්‍ය පරීක්ෂණයන් සඳහා රෝහලට ඇතුළත් කර ඇත. කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. ඒ. යූ. ජයශාන්ත මහතාගේ උපදෙස් පරිදි කඹුරුපිටිය ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජේ. පී. සරත් ශාන්ත මහතා ඇතුළු පොලිස් නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇත.



    -මාතර - දර්ශන කොඩිතුවක්කු_මව්බිම
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment