අසල නිවෙසකින් අහුලාගත් කැඩුණු ජංගම දුරකතනයක් පාසලට රැගෙන යෑම නිසා ගුරුවරුන් දෙදෙනකුගේ අමානුෂික පහර කෑමට ලක් වූවා යැයි කියන 11 හැවිරිදි සිසුවකු නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කොට ඇත.
එම ගුරුවරුන් දෙදෙනා සිසුවාට අතින් පයින් සහ හෝස් බටයකින් පහරදී ඇතැයි කියති.
පහර කෑමට ලක්වූ සිසුවාගේ පියා වන හාවාඑළිය පර්යේෂණ වත්ත පාරේ පදිංචි කේ. ඩී. වික්‍රම යන අය පවසා සිටියේ නුවරඑළිය වජිරඥාන විදුහලේ විදුහල්පතිවරයාවත්, නියෝජ්‍ය විදුහල්පතිවරයාවත්, පන්තිභාර ගුරුවරයාවත් නොවන පාසලේ වෙනත් ගුරුවරුන් දෙදෙනකු මෙසේ දරුවාට පහර දී ඇති බවයි.
වෙනදා මම වැඩ ඇරලා එනකොට පාඩම් කරමින් ඉන්න දරුවා එදා නිදි. ඇයි පාඩම් කරන්නේ නැද්ද ඇහුවාම දරුවා නැඟිට්ටත් එයාට පුටුවේ ඉඳගන්න බෑ. බත් කනකොට කට අරින්න බැරිව කනේ කැක්කුමයි කියලා අඬන්න ගත්තාම තමයි මොකද කියලා බැලුවේ. ඇගේ හැම තැනම තැළුම් පාරවල්. ඊට පස්සේ තමයි පහුවදාම ඉස්පිරිතාලෙට ගියේ.

- mawbima
|
Loading...
|
|---|
0 comments:
Post a Comment