04 February, 2017

Tagged Under:

මසාජ් එකට කෙල්ලෙක් උස්සන්න ගිහින් වෙච්ච දෙයක්

By: Aththa Withthi On: 2/04/2017 06:24:00 PM
  • Let's Get Social
  • මොනරාගල බඩල්කුඹුර ප්‍රදේශයේ ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක් අවුරුදු 21ක කෙල්ලෙක් පැහැරගෙන යන්න හදලා තියනවා ඊයේ රෑ.

    වාහන දෙකකින් ආපු 7 දෙනෙක් තමයි ව්‍යාපාරිකයත් එක්ක මේකට සම්බන්ධ වුනේ. මේ ව්‍යාපාරිකයාට නුගේගොඩ මිරිහානේ සම්බාහන ආයතනයක් තියනවා. මේ පැහැරගෙන යන්න හදපු තරුණිය පැහැරගන්න හදලා තියෙන්නේ මිරිහානේ සම්බාහන ආයතනයට රැගෙන එන්න.

    කොහොමහරි බඩල්කුඹුර ප්‍රදේශයෙන් කට්ටියව අත්අඩංගුවට ගනිද්ද 5 දෙනෙක් පැනලා ගිහින් 3 දෙනෙක් අහුවෙලා.

    මේ ව්‍යාපාරිකයාට බඩල්කුඹුර තියන එයාගේ ව්‍යාපාරික ආයතනයට ඉහල වැටුප් සමඟ තරුණියන්ට රැකියාවල් දීලා හෙමින් සැරේ මිරිහානේ සම්බාහන ආයතනයට මේ සේවිකාවෝ අරන් එන කතන්දරයකුත් තියනවලු.


    _ගොසිප්කින්ග්
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment