22 February, 2017

Tagged Under:

බිරිඳට වසර 10ක් පුරා සැමියාගෙන් ලිංගික අතවර

By: Aththa Withthi On: 2/22/2017 08:55:00 PM
  • Let's Get Social
  • දස වසරක් පුරා තමන්ට සැමියාගෙන් සිදුවන ලිංගික අතවරයන් හා කායික හිංසා පීඩා දරාගත නොහැකි වූ දෙදරු මවක් පසුගිය ඉරිදා අලුයම සීගිරිය පොලිසිය වෙත ඇවිත් පැමිණිල්ලක් කර තිබේ.

    පැමිණිල්ල ලද වහාම ක්‍රියාත්මක වූ සීගිරිය පොලිසිය මෙම නරුම සැමියා අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණයේදී අනාවරනය වී ඇත්තේ මොහු රජයේ (සමෘද්ධි) සංවර්ධන නිලධාරියකු වන බවයි. මත්පැනට ඇබ්බැහිවූවකු වන මොහු විකෘති කාම ආශාවන් සහිත පුද්ගලයකු බවට හෙළි වී තිබේ.

    සැකකරු දඹුල්ල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරමින් සීගිරිය පොලිසිය කියා සිටියේ මොහු බොහෝ අවස්ථාවලදී විකෘති ආශාවන්ගෙන් යුත් අයකු ලෙස හැසිරෙන බවයි. එමෙන්ම සැකකරු දිගුකලක් තිස්සේ සිය බිරියට හිංසාපීඩා සිදුකර ඇති බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

    පොලිසිය ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අවධානය යොමු කළ දඹුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් නිලූකා විජේතිලක මහෙස්ත්‍රාත්වරිය රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් නියමකර විත්තිකරුට ඉතා තදින් අවවාදකරමින් පවුල් ජීවිතය හොඳින් ගත කොට දරුවන්ට බිරියට රටට වැඩදායී පුද්ගලයකු ලෙසින් කටයුතු කරන ලෙසද සිංහල සංස්කෘතිය හා ජන ජීවිතය පිළිබඳව අවධානය යොමු කොට නැවතත් මෙවැනි චෝදනාවලට හසුනොවන ලෙසද පැවැසුවාය. නඩුවේ මීළඟ විමසීම මාර්තු මාසයේ අවසන් සතියට කල් තබන ලදී.



    -සීගිරිය - දිනේෂ් ආරච්චිලාගේ_මව්බිම
    Loading...
    Loading...

    0 comments:

    Post a Comment