ගාල්ල කිතුලම්පිටිය ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට එම පාසලේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියකු හා ඔහුගේ සහෝදරයකු විසින් පෙරේදා (22දා) පස්වරුවේ පහරදී ඇති බව පෝද්දල පොලිසිය පවසයි.
එම සිසුවාට කොණ්ඩය කපාගෙන එන ලෙස අවවාද කිරීම නිසා විදුහල්පතිවරයාට සිසුවාගේ පියා හා ඔහුගේ සහෝදරයකු විසින් පහරදී තිබේ. විදුහල්පතිවරයා පෙරේදා පස්වරුවේ කහදුවත්ත හන්දියට පැමිණි අවස්ථාවේ මේ පහරදීම වී ඇති බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
විදුහල්පතිවරයාට පහරදීම සම්බන්ධව ඊයේ උදෑසන පාසල් දරුවන්ගේ මවුපියන් හා ගුරුවරුන් අතරද උණුසුම් තත්ත්වයක් නිර්මාණය වෙමින් පැවතුණි. පාසල අවට රැඳී සිටි මවුපියන් විදුහල්පතිවරයාට පහරදීම හෙළා දකිමින් පෝස්ටර්ද අලවා තිබිණි.
පහරදීමේ සිද්ධියට සම්බන්ධ බව කියන පියා සහ ඔහුගේ සහෝදරයා ඊයේ (23දා) පොද්දල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ උදෑසන ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් වස්තුහේවා මහතා පාසලට පැමිණ පහරදීමට සම්බන්ධ අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක වී ඇති බව මවුපියන්ට හා ගුරුවරුන්ට ප්‍රකාශ කළේය. එම නිසා පාසලේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යන ලෙස ඔහු ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පෝද්දල පොලිස් ස්ථානාධිපති රුවන් විජේසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පැවැත්වේ.

-ගාල්ල _ ලලිත් රුහුණගේ, කේ.ඒ. එස්. කුමාර සහ අක්මීමන - තේජා සිංහබාහු_මව්බිම
|
Loading...
|
|---|
0 comments:
Post a Comment